Thursday , April 11 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

නොසැලෙන​ සෙනෙහස – 03 කොටස (NEW)

නොසැලෙන​ සෙනෙහස – 03 කොටස (NEW)

සමාධි සහ ඇගේ මව, ඩිලානි සිය නිවසේ නවත්වා ගත්තේ මුලු හදවතම මිතුරු දමින් සහ සෙනෙහසින් පුරවා ගෙනය. සමාධි ඇයට සොහොයුරියක් විය. සමාධිගේ මව ඇයට මවක් විය. ඩිලානි සමාජ විෂමතාවය සහ ඇගේ බොළඳ හැඟිම් නිසා නොමග ගොස් කරදරයට පත් වූ තරුණියකි. එහෙත් ඩිලානිට සමාජයේ සාමාන්‍ය කෙනෙකු ලෙස ජීවත් වීමට අයිතියක් ඇත. කෙසේ වුවත් අද බොහෝ දෙනා ඩිලානි වැනි තරුණියන්ට ගල් ගැසීමට සහ අවමානයට ලක් කිරීමට සූදානමින් සිටිති.
සමාධි පාසල් යන වියේ තරුණියක් වූවත් ඇය සහ ඇගේ මව ජීවිත සටන අමාරුවෙන් ගෙන යන නිසා මනා පරිණත භාවයක් ලබා ඇත. බොහෝ විටදී මිනිස් කම නියමාකාරයෙන් හඳුනා ගන්නේ ජීවිත සටනේදී ප්‍රශ්න සහ අමාරුකම් වලට මුහුණ දුන් අයවලුන් විසින්ය.
ඩිලානිගේ පියාවූ මර්වින්ට සමාධිගේ කැපවීම සහ මිතුරු කම අදහා ගැනීමට බැරි දෙයක් විය. ඔහු මේ ගැන තම බිරිඳ වූ විමලා සමග නිතරම කතා කලාය.
” අනේ විමලා… මට නම් සමාධි දූ ගැන හිතාගන්න වත් බෑ… මේ වගේ ළමයි අද කාලේ ඉන්නව කියල මම නම් හිතුවෙ නෑ… බලන්නකො ඩිලානිට කරන උදව්වයි සාත්තුවයි… ඒ ළමයගෙ අම්මත් ඒ වගේ…..”
නොසැලෙන සෙනෙහස
” අනේ ඒක ඇත්ත මර්වින් …. අපිට වෙච්ච අවනම්බුව පොඩ්ඩක් හරි සමාධි හින්ද නැති වුනා… ඩිලානිත් දැන් සන්තෝසෙන් ඉන්නව කියල මට හිතෙනවා….”
” ඔව් විමලා… සමාධි වගේ දුවෙක් අපිටත් හිටිය නම් අපි කොච්චර වාසනාවන්තද…..අනේ බලන්න ඒ ළමයගෙ තාත්තට ඒ වාසනාව නැති වුනානේ….. එයා හිටිය නම් අද කොච්චර සන්තෝස වෙයිද සමාධි හින්ද….”
” ම්… ඒක ඇත්ත ම වින්…. ඒත් මොනව වුනත් ඩිලානි අපේ දුව … අපි එයාට හොඳක් වෙන විදියට හැම දේම කරමු……”
‘ ම්… අපේ පොඩි එකීටත් සමාධිව ආශ්‍රය කරන්න කියන්න ඕන… අඩු ගානේ ඒකිවත් හරි පාරෙ යයි…….”
උෂාන්ගේ පියා සමාධිගේ උදාරත්වය ගැන උදාසීන පිළිවෙතක් අනුගමනය කලේය. එයට හේතූන් වූයේ ඔහුගේ උද්දච්ඡභාවය සහ උෂාන්ගේ ක්‍රියාව නිසා ඇති වූ කෝපයයි. කෙසේ වුවත් ඔහු මේ ක්‍රියා පිළිවෙත නිහඬව අනුමත කලේය.
දාහත් වියැති ගැබිනි තරුණියකගේ භාරකාරත්වය ගෙන කටයුතු කිරීම ලෙහෙසි කාර්යයක් නොවේ. ඩිලානිගේ පියා වියදමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් අතින් උපකාර කලත් මෙහිදී වඩාත්ම අවශ්‍ය වන්නේ ඩිලානිට ලැබිය යුතු සාත්තුව, රැකවරණය සහ මානසික සුවයයි. මේ කාර්යය ඉතා වගකීමෙන් සහ කැපවීමෙන් යුතුව සමාධිත් ඇගේ මවත් සතුටින් ඉටු කරනු ලැබුවෝය.
සමාධිගේ මග පෙන්වීම නිසා උෂාන් වගකීමකින් කටයුතු කිරීමට පටන් ගත්තේය. ඔහු නිතරම සමාධිගේ නිවසට ගොස් ඩිලානිට ආදරය සහ උපකාරය ලබා දුන්නේය. උෂාන් සමාධිට සොහොයුරියකට මෙන් ඇලුම් කලේය.
‘ අනේ සමාධි… මම ඉස්සර තාරකත් එක්ක ඔයාට කොච්චර අරව මේව කියල තියෙනවද…….මට දැන් මම ගැනම ලැජ්ජයි… අපි එක වයසෙ වුනාට මට ඔයා මගේම අක්කා කෙනෙක් වගෙයි…….” දිනක් උෂාන් සමාධි සමග පැවසුවේය.
” උෂාන්… දැන් ඔය පරණ දේවල් අමතක කරල දාන්න ළමයො…. මම දන්නව ඔයා කියපු දේවල්… හි.හි.හි… ඔයා කියල තියෙනව මම සෙක්සි මදිලු…. මම ටයිට් ජින්ස් අඳින්නෙ නැහැලු… නේද… හොර කොල්ලා….” සමාධි උෂාන්ට ඔව්වම් කලාය.
” අනේ සොරි සමාධි……මම ආයිත් කවදාවත් ඒ වගේ ගොන් කතා කියන්නෙ නෑ..” උෂාන් හැඬුම් මුහුණින් කීය.
” අයියෝ ඔව්වර හිතන්න එපා උෂාන්… මට ඔයයි ඩිලානියි මගේ මල්ලියි නංගියි වගේ නෙ…….”
සමාධි උෂාන්ගේ හිසට ආදර තට්ටුවක් දමා කීවාය. උෂාන්ට සමාධි ගැන ඇතිවූයේ තම වැඩිමහල් සොහොයුරියට බඳු ලොකු ලෙන්ගතු හැඟීමක්ය.
ඩිලානිද සමාධිට තමාගේම සොහොයුරියක මෙන් ආදරය කලාය.
” අනේ සමාධි… මට ඔයා වගේ අක්ක කෙනෙක් හිටිය නම් මට මෙහෙම වෙන්නෙ නැහැ …….”
ඩිලානි පසුතැවිල්ලෙන් කීවාය.
” ඩිලානි… දැන් ඔය වෙච්ච දේවල් ගැන හිතන්න එපා… ඒව ඉවරයි… ඉස්සරහට අපිට ගොඩක් වගකීමෙන්… ඉවසිල්ලෙන් වැඩ කරන්න ඕන… ඔයාගෙ බඩත් දැන් ලොකු වේගන එනවනෙ…. අපි ඉස්සෙල්ල පැටිය උපදිනකන් එයාව හොඳට බලා ගනිමුකෝ…. මේ…. ඔයා ආස දුවෙක්ටද පුතෙක්ටද?… හි.හි…….”
” මම ආසා දුවෙක්ට සමාධි…උෂානුත් කෙලි පොඩ්ඩොක්ට ආසයි… .මම කවදාවත් මගේ කෙල්ලට මට වගේ කරදරයක් වෙන්න දෙන්නෙ නෑ නෑ නෑ මයි…….” ඩිලානි වේගයෙන් කීවාය.
” හරි විදියට හදා ගත්තම එහෙම වෙන්නෙ නෑ ඩිලානි….”
” ඔයා ළඟ ඉන්නකන් මට කිසිම බයක් නෑ සමාධි..”
ඩිලානිගේ දරු ගැබ මෝරා වැඩෙත්ම ඇය රැක බලා ගැනීමත් සායනයට රැගෙන යාමත් සමාධිගේ මව විසින් තම දියණියකට සළකන ආකරයෙන්ම සිදු කලාය. ගුරුවරියක වූ ඇය කෙතරම් කාර්ය බහුල වුවත් ඩිලානිගේ කටයුතු ඇය ඉතා සතුටින් කලාය. ඉඩ ලැබූ විට සමාධි ඇය සායනයට කැටුව ගියාය. උෂාන්, තාරක සහ අනුත්තරා පුළුවන් සෑම අයුරකින්ම ඩිලානිට උදව් උපකාර කලෝය. ඩිලානිගේ මවත්, උෂාන්ගේ මවත් හැකි පමණින් ඇයට උපකාරයත්, මානසික සුවයත් ලබා දුන්නෝය. පියවරු දෙදෙනා කෙලින්ම ඩිලානිට උපකාර නොකලත්, නිතරම තම ඇඹෙණියන්ගෙන් ඇගේ සුව දුක් විමසුවෝය. ඩිලානිගේ පියා මුදලින් කළ යුතු කාර්යය නොපිරිහෙලා ඉටු කලේය.
දරුවෙකු මෙලොව එළිය දැකීමට ආසන්න වූ විට පවුලට සම්බන්ධ සියළු දෙනාගේම සිත් තුල සතුටක්, සොම්නසක් ඇති වේ. එයට දරු ගැබ ඇති වූ ආකාරය බලපාන්නේ නැත. උපදින සෑම දරුවෙක්ම මිනිස් සම්පතේ කොටසක් වනු ඇත. එම දරුවා රටට සමාජයට වැඩදායක වන අන්දමින් හදා වඩා ගැනීම දෙමාපිය, නෑදෑ හිතවතුන්ගේ මෙන්ම මුලු මහත් සමාජයේම වග කීමක් වේ.
තාරකගේ වැඩිමහල් සොහොයුරිය වන නදීකාට ඉගෙනීම එතරම් සාර්ථක ලෙස කර ගැනිමට නොහැකි වූවාය. ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටියත්, විශ්ව විද්‍යාල වරම් ගැනීමට හැකියාවක් ලැබුනේ නැත. එතැන් පටන් ඇගේ සිහිනය වූයේ තම
කුලයට සහ පරම්පරාවට ගැලපෙන පොහොසත් තරුණයකු හා විවාහ වීමටය.
මනා රූ සපුවකින් යුත් නදීකා දෙස බැල්ම හෙලූ තරුණයින්ගේ සංඛ්‍යාව විශාල විය. ඔවුන් බොහෝ දෙනෙක් ඇගේ රූ සපුවට වසඟ වූ තරුණයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් නදීකා ඔවුන් කිසිවකු ගැන තැකීමක් නොකලේ ඒ කිසිවෙකු ඇගේ අවශ්‍යතා වලට නොගැලපුන නිසාය. කෙසේ වෙතත් පෙම්වතෙකු නොමැති වීම නිසා නදීකා යම් ආකාරයක ඉච්ඡාභංගත්වයකට පත් වූවාය. යෞවනියකට ඇතිවන ආශාවන් නිසා ඇය ආතතියකට පත් වූවාය. තාරක සමාධි සමග ආදරයෙන් බැඳුන පසු මේ තත්ත්වය තවත් වැඩි විය. මේ නිසා නදීකා නිතරම නොරුස්නා ස්වභාවයක් පෙන්නුම් කලාය.
” නදීකා……..මොකද්ද ඔයාට මේ වෙලා තියෙන්නෙ ?… ආ… ඔයා හැම තිස්සෙම අරෝවට වගේ කතා කරන්නේ ?….” ඇගේ මව නදීකාගෙන් ඇසුවාය.
” මගේ එහෙම කිසිම අරෝවක් නැහැ.. ඔව් ඉතින්… ඔක්කොමටම පේන්නෙ මගේ තියෙන වැරදි තමයි… මල්ලි මොනව කරත් එයාට කවුරුත් මුකුත් කියන්නෙ නෑ… ඔව් ඉතින්.. එයා අනාගත දොස්තර මහත්තයෙක් න්නෙ මම නිකන්ම නිකන් නදීකා වීතරයිනෙ….” නදීකා නුරුස්නා අයුරින් කීවාය.
” මොකද්ද මල්ලිට මුකුත් කියන්නෙ නෑ කියන්නෙ… මොකද්ද මල්ලි කරපු වැරැද්ද?..ආ…”
” ඇයි… එයා කෙලි පොඩ්ඩත් එක්ක ෆෝට් එකේ පෙම් කෙළින ඒවා…… ඒවා කාටවත් පෙන්නේ නෑ නේද?… ආ….”
නදීකා තරහෙන් ඇසුවාය.
” ඉතින් ඒ ළමයි දෙන්නා ආදරෙන් හිටියට තියෙන වැරැද්ද මොකද්ද ?…. අනික සමාධි එක්ක යාලු වුනාට පස්සෙ තාරක ටිකක් හැදිලා තියෙනවා… දැන් ඉස්කෝල වැඩත් හොඳට කරනවා.. මම මුලින් සමාධිට කැමති වුනේ නෑ.. ඒත් ඒ ළමයගෙ වැඩ දැක්කම මට හිතෙනව සමාධි මල්ලිට හොඳ සහකාරියෙක් වෙයි කියල… ඔයා තමයි පරම්පරාවයි….පෝසත් කමයි කියල විරුද්ධ වෙන්නේ…..”
” අපොයි ඔව්… ඒකි හොඳම සහාකාරියෙක් වෙයි… අර ඒකිගෙ ගෙදර නවත්ත ගෙන ඉන්න සක්‌කර වට්ට්ටම වගේ මල්ලිව රවට්ටගෙන බඩක් දා ගනී… ඊට පස්සෙ ඉතින් මල්ලිට කරේ එල්ල ගන්න වෙයි… අර එයාගෙ උෂාන් යාලුවට වුනා වගේ……’ නදීකා වේගයෙන් කීවාය.
” නදීකා… නිකන් පිස්සු කතා කියන්න එපා… සමාධි එහෙම ළමයෙක් නෙමෙයි… එයා හිත හොඳ කෙල්ලෙක්… ඉතින් අපි එපා කියල තියෙනවද ඔයාට ඕන නම් කොල්ලෙක් හොයා ගන්න…. කොහෙද ඉතින්… ඔයාගෙ තත්වෙට හරියන කොල්ලො ඉතින් හඳෙන් ගේන්න ඕන… “ මව නෝක්කඩුවට කිව්වාය.
“මෙහේ ඉන්න උන් කොල්ලොද ?… උන්ට ඕන කෙල්ලො එක්ක බීච් ගිහින්.. රූම්ස් වලට ගිහින් සැප ගන්න විතරයි…. මගේ පස්සෙන් කී දෙනෙක් ආවද… උන්ට ඕන මම නෙමෙයි.. මගේ ඇඟ… මේ… මම තීරණය කලා කොළඹ යන්න… කොළඹ ඉන්නව හොඳ සල්ලි තියෙන වැදගත් කොල්ලො…..”
” ඇති ඇති… හොඳ වැදගත් පෝසත් කොල්ලො කොළඹ පිරිලා ඉන්නව ඇති උඹ එනකන් බලා ගෙන… අනේ මේ නදීකා… නිකන් ඔල්මාද කතා කියන්න එපා…. හරි.. මොනවද දැන් කොළඹ ගිහින් කරන්නේ?…..”
” මට ඒ ලෙවල් රිසල්ට්ස් වලින් පුලුවන් කම්පියුටර් ඩිප්ලෝමා එකක් කරන්න… එහෙම කරන කොට මට කොල්ලො හම්බ වෙයි ທ…”
” දැන් යන්නෙ ඩිප්ලෝමා එකක් කරන්නද… කොල්ලො හොයා ගන්නද ?….” මව තරහෙන් ඇසුවාය.
” දෙකටම……” නදීකා ඇඟට නොදැනී කීවාය.
” එහෙනම් උඹට ඕන මගුලක් කර ගනින්… හැබැයි බඩවල් දාගෙන ආපහු ගෙදර එන්න විතරක් එපා…..’
කේන්තියෙන් මෙසේ කියූ මව එතැනින් යන්නට ගියාය.
ගැලපෙන ආදරයක් නොලැබුන නිසා ආතතියකින් සහ ඉච්ඡාභංගත්වයකින් පිඩා විඳින නදීකා පරිගණක ඩිප්ලෝමාවක් හැදැරීම සඳහා කොළඹ ප්‍රසිද්ධ ආයතනයකට ඇතුලත් වූවාය. එහිදී මිතුරු වූ යෙහෙළියක් සමග නදීකා කාමරයක් කුලියට ගෙන නවාතැන් ගත්තාය.
කොළඹ ජීවිතයේ වියදම් අධිකය. මේ නිසා නදීකාට වියදම් පිරිමසා ගැනීම සඳහා අවන් හලක අඩ කාල රැකියාවක් කිරීමට සිදු විය. මෙය ඇයගේ ආත්ම අභිමානයට පහරක් වුවත් වෙන කල යුතු දෙයක් නොමැති නිසා අප්‍රසිද්ධියේ මෙම රැකියාව සවස් කාලයේදී කරගෙන ගියාය.
රුවනි සහ ඇගේ උපකාරක පන්තියේ ගුරුතුමා වූ සුමිත් අතර සම්බන්ධතාවය ඇය නොකඩවා පවත්වා ගෙන ගියාය. රුවනි ඉන් ලැබුන ක්ෂණික සන්තර්පණය හා ලාභ ප්‍රයෝජන ගැන සිතුවා මිස ඉන් ඇතිවිය හැකි අනිසි ප්‍රතිඵල හෝ විනාශය ගැන ඇය සිතුවේ නැත.
ඩිලානි පත් වූ කරදරය නිසා සමාධි රුවනිගේ මෙම සම්බන්ධය ගැන සාධාරණ බියක් ඇති කර ගත්තාය. මේ ගැන සමාධි රුවනි සමග කතා කලාය.
“අනේ රුවනි….. ඔයා මේ සම්බන්ධය ගැන ආයිත් හිතුවොත් නරකද ?… බලන්න තාරකගෙ යාලුවා උෂාන්ගෙ ඩිලානිට වුන කරදරේ…..
සමාධි නියම සහෝදරියකගේ විලසින් රුවනිට කිව්වාය. එහෙත් රුවනි මෙය තේරුම් ගත්තේ වෙනත් ආකාරයකටය. ඇය සිතුවේ සමාධි තමා සමග ඇති ඊඊර්ෂ්‍යාව නිසා මෙසේ පවසන බවය.
” මේ සමාධි… මම ඔය ඩිලානි වගේ අමාරුවෙ වැටෙන්නෙ නැහැ…… ඩිලානිට හරියට වැඩේ කර ගන්න තේරෙන්නෙ නැති හින්දා තමයි ඔහොම වුනේ……. මම දන්නවා බඩවල් එන්නෙ නැති විදියට ජොලිය දාන්න…..’ රුවනි ලොකු කම සිතට ගෙන කීවාය.
“රුවනි.. මම කියන්නෙ ඒ වගේ දෙයක් වෙනව කියල නෙමෙයි… ඔයාගේ සර් බැඳපු කෙනෙක්… ඉතින් ඔයාට පුලුවන්ද එහෙම කෙනෙක් එක්ක ආදර සම්බන්ධයක් තියාගන්න?.. කවද හරි ඕක සර්ගෙ වයිෆ් දැන ගන්නවා…… එදාට මොකද්ද වෙන්නෙ කියල පොඩ්ඩක් හිතල බලන්න රුවනි…. ඔය දෙන්නම අමාරුවේ වැටෙනව නේද?….”
” මේ සමායි… මම ඔයාවගේ නිකන් මහ ලොකුවට ආදරයක් පෙන්න ගෙන ඉන්නෙ නෑ… මේ කාලේ මොන ආදරයක්ද ?… ජොලි කරනව ඇරෙන්න……. ඔයා කොහොමද කියන්නෙ ඔයාටයි තාරකටයි බඳින්න පුලුවන් වෙයිද කියල….ආ…. එහෙම වුනොත් හිත් අමාරු වෙන්නේ ඔය දෙන්නටයි.. ඔයාට කිසිම ජොලියක් තියෙනවද සමාධි… නිකන් කිස් කර කර ඉන්නවා විතරයි… මම එහෙමද.. හොඳට සැප ගන්නව… හි. හි.හි….” රුවනි මහා වීර ක්‍රියාවක් කල ආකාරයෙන් කීවාය.
” හොඳයි රුවනි.. ඔයාගෙ කැමැත්තක්….මම යාලුවෙක් හැටියට ඔයාට කිව්වා විතරයි…….”
සමාධිගේ මේ යථාර්තවාදී දැනමුතු කම් රුවනි කුෂානි සමග එක් වී සමව් චලයට ලක් කලාය.
” ඔයා දන්නවද කුෂානි….. සමාධි එනව මට බණ කියන්න.. හි.හි……….මම හිතන්නෙ ගෑණිට මාර ඉරිසියයි අපි දාන ජොලිය ගැන….. එයා නිකන් වේලි වේලි ලව් කරනවා විතරනෙ…..” රුවනි සිනා සෙමින් කිව්වාය.
” හි.හි.හි… ඔව්… ඒක ඇත්ත රුවනි…. එයාට ඕන අපිත් එයා වගේ සිල් අරගෙන ඉන්නව බලන්න….” කුෂානි උපහාසයෙන් කීවාය.
ගින්දරත් සමග කරනා සෙල්ලම් වලින් සැමදා ප්‍රමෝදයක් ලැබෙන්නේ නැත. ‘සැමදා නියං එකදා වැහි වලාවේ’ කීවා සේ ගිනි ජාලවෙන් පිළිස්සුන විට එය අති භයානක වේ.
රුවනි සහ සුමිත් අතර ඇති රහස් රාගික සම්බන්ධතාවය ඔහුගේ බිරිඳට අසු වීමට වැඩි කාලයක් ගත වූයේ නැත.
රුවනි සුමිත් සමග අයථා ක්‍රියා වල යෙදුනේ පාසල් කාලයෙන් පසුවය. මෙය දෙදෙනාටම පහසු වේලාවක් වූයේ සුමිත්ගේ බිරිඳ රැකියාවේ නියැලී සිටින වේලාව නිසාය. කෙසේ වෙතත් රහසක් සැමදා රැක ගැනීම ඉතා අපහසු කාර්යයකි. දිනක් රුවනි සුමිත් සමග අනඟ රැඟුම් පාමින් සිටින අවස්ථාවකදී අනපේක්ෂිත ලෙස ඔහුගේ බිරිඳ නිවසට පැමිණියාය.
සුමිත් රුවනි සමග තම නිදි යහනේ පෙම් කෙළිමින් සිටිනු දුටු ඔහුගේ බිරිඳ ශානිකාට ඇති වූ කම්පනය නිසා මිනිත්තුවක් පමණ යන තුරු ඇයට කතා කර ගැනීමට නොහැකි විය. යහනේ නිරුවතින් සුමිත් සමග රමණයේ යෙදිමින් සිටි රුවනිට ඇති වූ
ක්ලාන්ත භාවය නිසා ඇය යහන මත පෙරලුනාය. සුමිත් කිසිම හැඟීමක් නැති පුද්ගලයෙකු සේ බලා සිටියේය.
යන්තම් සිහි එලවා ගත් පසු ශානිකාට ඇති වූ කෝපය පාලනය කර ගැනීමට ඇයට නොහැකි විය. යහන ළඟ බිම වැටී තිබූ පාසල් නිල ඇඳුම නිසා රුවනි පාසල් ශිෂ්‍යාවක බව ශානිකා තේරුම් ගත්තාය. ශානිකා ඉදිරියට පැන රුවනිගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තාය.
” තෝ..තෝ.. පට්ට වේසි.. තෝ තාම ඉස්කෝලෙ යන එකියක් නේද බන්… තොට ලැජ්ජා නැද්ද මේ විදියට වේස කමේ යන්න…. තොට ගාය තියෙනවනම් තොගේ වයසෙ කොල්ලෙක් එක්ක වල් කමේ පලයන්.. තෝ මගේ මිනිහව අල්ලගෙන මගේ පවුල කඩන්නද යකෝ හදන්නේ..ආ…. පට්ට වේසි… “
ශානිකා රුවනිට වේගයෙන් පහර දෙන්නට පටන් ගත්තාය. වික්ෂිප්ත වී සිටි රුවනිට කිසි දෙයක් කර ගැනීමට නොහැකි විය.
“ශානිකා… ඕක නවත්තන්න……. රුවනිට ගහන්න එපා……” සුමිත් කෑ ගැසුවේය.
“හඃ.. නවත්තන්න.. මොකෝ තමුසෙට අමාරු ඇති නේද තමුසෙගෙ මේ වේස බඩුවට රිදෙන කොට නේද?.. ආ….තමුසෙට ගරුත්වයක් කියල එකක් නැද්ද මේ ඉස්කෝල යන කෙල්ලොත් එක්ක පෙම් කෙළින්න?…ආ.. තමුසෙට මොන මදන විසයක් ගහලද?….ආ… ඇයි තමුසෙට මාත් එක්ක රෑට කරන දේවල් මදිද?…. මොකෝ… මේම්කි මට වැඩිය හොඳද?… ආ.. හරි එහෙනම් තමුසෙ මේකිත් එක්කම ඉන්නවා… මම යනව යන්න…”
ඉතා තදින් මෙසේ කියූ ශානිකා කාමරයෙන් එළියට ගියාය. කර කියා ගැනීමට දෙයක් නැති වූ සුමිත් හිස් බැල්මකින් බලා සිටියේය. ශානිකාගේ පහර වලින් හෙම්බත් වූ රුවනි ඇඳ මත වැටි සිටියාය.
ශානිකා සුමිත් ගෙන් වෙන්වීමට දික්කසාද නඩුවක් ගොනු කලාය. එපමණකින් නොනැවතුන ශානිකා මේ පිළිබඳව රුවනිගේ පාසලේ විදුහල්පතිනියට පැමිණිලි කලාය. මේ ගැන විනය පරීක්ෂණයක් පැවැත් වූ විදුහල්පතිනිය කමිටුවේ තීරණයට අනුව රුවනි පාසලෙන් අස් කිරීමට කටයුතු කලාය. මේ නිසා රුවනිගේ ඉගෙනිම කඩා කප්පල් වීමෙන් ඇගේ අනාගත දියුණුවට මරු පහරක් වැදුනි. එපමණක්ද නොව රුවනි පවුලේ සහ හිතවතුන්ගේ අවමානයට ලක් වූවාය. ඇතිවූ පීඩනය සහ ආතතිය දරා ගත නොහැකි වූ රුවනි තදබල මානසික අසහනයකට පත් වීමෙන් මානසික රෝගී තත්වයකට පත් වූවාය.
සුමිත්ට තම පවුල් ජීවිතය පමණක් නොව රැකියාව ඇතුලු උපකාරක පන්තිද අහිමි විය. දෙමව්පියෝ තම දියණියන් ඔහුගේ පන්ති වලට යැවීමට බිය වූවෝය.
රුවනිට සිදු වූ මේ කරදරය නිසා සමාධි අවංකවම කණගාටුවට පත් වූවාය.
“අනේ බලන්න තාරක.. මේ රුවනිට වුන දේ.. මම කොව්වර කිව්වද ඔහොම දෙයක් වෙන්න පුලුවන් කියල… ඒත් රුවනි හිතුවෙ මම එයත් එක්ක ඉරිසියාවට කියනව කියල…. දැන් බලන්න. එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අඳුරු වුනා ………” සමාධි තාරක සමග පැවසුවාය.
” ඒක ඇත්ත සමාධි.. ඒත් ඉතින් අපිට කරන්න දෙයක් තිබුනෙ නැහැනෙ එයාට කියනව ඇරෙන්න.. ඔයා ඒ දේ කරා… මම හිතන්නෙ රුවනි මෙහෙම දෙයක් කරේ ඔයා එක්ක තරඟෙට වැඩ කරන්න ඕන නිසා… කුෂානිත් එහෙම තමයි.. මෙහෙම ගියොත් කුෂානිටත් ඔය ටිකම තමයි වෙන්නෙ….”
” ම්ම්ම්…..අනේ මන් දන්නෙ නෑ තාරක.. අපි රුවනිට පුලුවන් උදව්වක් කරමු… අපි වෙන මොනවා කරන්නද……..අඩු ගානෙ කුෂානි හරි මේකෙන් පාඩමක් ඉගෙන ගත්තොත් ඒකත් ලොකු දෙයක්…’
සමාධි වැනි සංයමයකින් සහ පරිණත බුද්ධියකින් කටයුතු කරන ගැහැණු ළමයින් මුලු ජන සමාජයටම සම්පතකි. එහෙත් අවාසනාවකට මෙන් එවැනි තරුණියන් අද සමාජයේ විරල වේ.
තාරක තමාට කැමති නොවීම ගැන හිමේෂි පසුවුයේ දැඩි සිත් තැවුලකින් මෙන්ම දැඩි කෝපයකින්ය. තාරක සමාධි සමඟ ආදරයෙන් සිටිනු දැකීම ඇගේ ඇස් වල කටු අනින්නාක් මෙන් විය. රාගය මුල් කොට ගෙන හිමේෂි තාරක සමග සම්බන්ධ වීමට සිතූ නිසා ඇගේ මානසික ආතතිය තවත් වැඩි විය. තාරක සහ සමාධිගේ ආදරය ඇයට දිරවා ගැනීමට නොහැකි දෙයක් විය.
ඩිලානිට සිදු වූ අකරතැබ්බය නිසාවත් හිමේෂිගේ මේ ද්වේෂ සහගත හැඟීම් වල අඩුවක් ඇති වූයේ නැත. උපකාරක පන්තියේදී තාරක ඇයව සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම නිසා හිමේෂිගේ ආශාව මුසු වූ වෛරය තවත් වැඩි විය.
” තාරක… ඇයි ඔයා දැන් මාත් එක්ක කතා කරන්නෙ නැත්තෙ?
දිනක් ඉවසා සිටීමට නොහැකි වූ තැන හිමේෂි ඇසුවාය.
” හිමේෂි… මට ඔයා එක්ක කතා කරන්න කිසිම දෙයක් නෑ.. අඩු ගානෙ ඩිලානිට වුන දෙයින්වත් පාඩමක් ඉගෙන ගන්න… නියම ආදරය කියන්නේ රාගයයි ආශාවයි නෙමෙයි කියන එකවත් ඉගෙන ගන්න…….”
තාරක නොමනාපයෙන් කීවේය.
” ඩිලානිට ඔය කරදරය කරේ කවුද?… ඔයාගෙ යාලුවා උෂාන්නෙ.. පිරිමින්ගෙ හැටි ඔහොම තමයි… උන් අපිව පාවිච්චි කරල හිමින් සැරේ ෂේප් වෙන්නයි බලන්නෙ…” හිමේෂි එකට එක කීවාය.
” ආ…. ඒ කියන්නෙ උෂාන් තනියමද ඔය දේවල් කරේ?.. ඩිලානි නිකන් බලාගෙන හිටියද ?…ආ…. අනික උෂාන් එහෙම ෂේප් වුනේ නෑ…. උෂාන් ඩිලානිව කසාද බඳිනවා.. ඒ දෙන්නා ළමයව හදා ගන්නවා…. මගේ සමාධි ඒ දෙන්නට අක්කා කෙනෙක් වුනා… මේ හිමේෂි.. නිකන් බහු බූත කියවන්නෙ නැතුව ඉන්න..” තාරක තරහෙන් කීවේය.
“ම්… ඒකෙන් කමක් නෑ.. ඔයා මාත් එක්ක අවුට් යන්න එන්නෙ නැද්ද?….”
“නිකන් හොල්මන් කතා කියන්න එපා… සමාධි කියන්නෙ මගේ ජීවිතය… අන්න ඒක හොඳින් මතක තියා ගන්න……ප්ලීස් හිමේෂි… මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න…”
තාරක මෙසේ පවසා එතැනින් යන්නට ගියේය. හිමේෂිගේ කේන්තිය තවත් වැඩි විය.
“ල්ම්.. හරි බලමුකො…. මම උඹටයි ඔය සමාධි හැතිරිටයි දිගටම ලව් කරන්න ඉඩ තියන්නෙ නෑ.. උඹ දන්නෙ නෑ මේ
හිමේෂිගෙ හැටි… “
හිමේෂිගේ වෛරය පළි ගැනීමේ චේතනාවකට අඩි තාලම දැම්මේය.
උසස් පෙළ විභාගය සඳහා සමාධිත් තාරකත් හදාරන විෂයන් එකිනෙකට වෙනස් ය. තාරක ජීව විද්‍යා විෂයන් හදාරන අතර සමාධි වාණිජ විෂයන් හදාරන්නීය. කෙසේ වුවත් දෙදෙනා හැකි පමණින් එකිනෙකාට උදව් කර ගත්තෝය.
” අම්මෝ තාරක…. ඔයාගෙ මේ ජීව විද්‍යාව සබ්ජෙක්ට් එකේ තියෙන දේවල් දැක්කම ඔලුව පිස්සු වැටෙනවනෙ අනේ…. මොනවද මේ සෛලයි.. ඇමීබායි… අම්මෝ… හි.හි.හි….” සමාධි තාරකට ඔව්වම් කලාය.
” එහෙම තමයි සමාධි.. මිනිස්සුන්ගෙ ලෙඩ වලට බෙහෙත් කරන්න ඉගෙන ගන්න එක ලේසි නෑ… ඔය ගොල්ලන්ගෙ ධන
සෘණ සෙල්ලම වගේ නෙමෙයි දන්නවද…. හි.හි.හි….’ තාරකද විහිළු කලේය.
” නිකන් ඉන්න.. හරි නරකයි ඔයා… අපේ ධන ඍණ හින්දා තමයි අද රට දුවන්නේ… දන්නවද…” සමාධි තොදොල් වෙමින් කීවාය.
තාරක සමාධිව ආදරයෙන් තුරුලු කර ගත්තේය.
” මේ සමාධි… මට මේ හිමේෂි ගෙන් හරිම කරදරේ අනේ… තාරක සමාධිට සිහින් තොල් හාදුවක් දෙමින් කීවේය.
” ඒ මොකෝ තාරක ?….” සමාධි තාරකගේ කම්මුල සෙමින් පිරිමදිමින් ඇසුවාය.
” නෑ සමාධි…. එයා තවමත් හදන්නෙ අපි දෙන්නව වෙන් කරල මාව එයා ළඟට ගන්න…. දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ල
මට එයත් එක්ක අවුට් යන්න එන්න කිව්වා….”
” ම්…. ඒක නම් එච්චර හොඳ සෙල්ලමක් නෙමෙයි තාරක…’ සමාධි මද කම්පාවට පත් වෙමින් කීවාය.
“ සමාධි…. ඔයා කිසි දේකට බය වෙන්න එපා.. සක්කරය ට්‍රයි කරත් අපි දෙන්නව වෙන් කරන්න බෑ කෙල්ලේ….”
” මම දන්නවා තාරක….. ඒ කොහොම වුනත් අපි ටිකක් සෙවිල්ලෙන් ඉන්න ඕන… හිමේ ෂිට තරහක් වගේම ඉරිසියාවකුත් තියෙනව… ඉතින් එයා මොන වගේ දෙයක් කරයිද කියල අපිට කියන්න බෑ තාරක…”
” ඔව්.. ඒක හරි සමාධි… අපි බලමුකො….”
සමාධිගේත් තාරකගේත් පිටුපසින් හිමේෂි ඔවුන්ගේ ආදරය පළුදු කිරීමට කූට උපක්‍රමයක් සැලසුම් කරන බව දෙදෙනාම දැන සිටියේ නැත.
සුමිත් සමග ඇති කරගත් අයථා සම්බන්ධය එළිවීමෙන් පසු රුවනි අති විශාල මානසික ආතතියකට පත් වූවාය. ඇයට සෑම දෙසින්ම ගැරහුම් වලට මුහුණ දීමට සිදු වූ අතර මහත් වූ අවමානයක් විඳීමටද සිදු වූවාය. පාසලේ පංති තහනම නිසා ඇගේ අධ්‍යාපන කටයුතු වලට විශාල පහරක් එල්ල විය.
රුවනිගේ මිතුරියන් බොහෝ දෙනෙක් මේ හේතුව නිසා ඇය සමග ආශ්‍රය ටිකෙන් ටික අත හැරියෝය. කුෂානිද ඇගෙන් ටිකෙන් ටික ඈත් වූවාය. එහෙත් සමාධිත් අනුත්තරාත් මේ අවස්ථාවේදි රුවනිට උදව් කලෝය.
“රුවනි….. ඔයා කිසි දේකට හිත කලබල කර ගන්න එපා…. අපි ඔයා ළඟින්ම ඉන්නවා… දැන් වුන දේ වුනා… අපි බලමු ඉස්සරහට මොනවද කරන්න ඕන කියල…..”
දිනක් සමාධි රුවනිට කිව්වාය.
” අනේ සමාධි… මම මෝඩ වුනා සමාධි… අපිට ඕන වුනේ ඔයාට වඩා උඩින් ඉන්න… ඒත් මට වැරදුනා…. දැන් කුෂානිත් මාත් එක්ක වැඩිය නෑ…..” රුවනි ඇඬුම් මුහුණෙන් කීවාය.
” දැන් ඔය පහුගිය දේවල් කතා කරල වැඩක් නැහැ රුවනි.. අපි ඉස්සරහට කරන්නෙ මොනවද කියල බලමු…. ඔයාට ක්ලාස් සස්පෙන්ෂන් එක හින්ද ඉස්කෝලෙ යන්න බැහැ නෙ.. ඒක හින්ද ටියුෂන් ක්ලාස් වලට ගිහිල්ල ඉගෙන ගන්න.. කෙමිස්ට්‍රි වලට වෙන ක්ලාස් එකකට යන්න… ඔය එක එක්කෙනා කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා.. ඔයාට ඕන දේකට… ඕන වෙලාවක අනුත්තරායි මමයි ඉන්නවා… ඔයා තනි වෙලා නැහැ රුවනි….” සමාධි දැඩි මිතුරු ප්‍රේමයෙන් කීවාය.
” අනේ සමාධි.. ඔයාට තෑන්ක් කරන්න මම ළඟ වචන නැහැ… මගේ අනිත් යාලුවො මාව දාලා ගියාට ඔයා එහෙම කරේ නැහැ….. අනේ මට සමාවෙන්න සමාධි….” රුවනි කඳුලු සලමින් කීවාය.
“රුවනි… සැපේදි නොහිටියත් දුකේදි මම යාලුවො එක්ක ඉන්නවා.. ඒක හින්දා ඔයා වෙච්ච දේවල් අමතක කරල ඉස්සරහට ජිවිතය ගැන හිතන්න…..’
සමාධිගේ අවංක මිතුරු දමේ ශක්තිය රුවනිට මහඟු අත්වැලක් විය. මෙයින් පන්නරයක් ලැබූ රුවනි තම ජීවිතය ගොඩ නගා ගැනීමට හැකි සෑම උත්සාහයම ගැනීමට පටන් ගත්තාය.
රුවනි පත් වූ අසරණ තත්ත්වයට අද බොහෝ ගැහැණු ළමයින් පත් වන්නේ දුර දිග නොබලා හැඟීම් වලට වහල් වී කටයුතු කිරීම නිසාය. නුදුරු අනාගතයේදි කුෂානිටද මෙවැනි ඉරණමක් අත් වනු ඇත.
හැඟීම් වලට වහල් නොවී, කරන්නන් වාලේ වැඩ නොකර බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් මෙවන් ආපදා වලට පත් වීම
වළක්වා ගත හැකිය. කළ්‍යාණ මිත්‍ර සේවනය මේ සඳහා ලොකු රුකුලක් ගෙන දෙනු ඇත.
තාරකගේ පාසලේ රතු කුරුස ස්වේච්ඡා සංවිධානයේ පාසල්
ශාඛාවෙන් ග්‍රාමීය සංවර්ධන උපකාරක සේවය’ නමින් වැඩ
සටහනක් සකස් කොට තිබුනි. මේ වැඩ සටහනින් කරනු ලබන්නේ
ග්‍රාමීය දිළිඳු ගම්මාන වල වෙසෙන පාසල් ළමුන්ට ඉගෙනීමේ
කටයුතු වලට උදව් උපකාර කිරීමය. එම උපකාරය පාසල් වලට
අවශ්‍ය උපකරණ වලින් පමණක් නොව දැනුම ලබා දීමෙන් ද සිදු
කරනු ලැබේ.
තාරක මේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. ඔහුගේ ඉහල බුද්ධි මට්ටම නිසා තාරකට පාසල් ළමුන්ට දැනුම බෙදා දීමේ කර්තව්‍යය හොඳින් කිරීමට පුලුවන් විය. පරාර්ථකාමි අදහස් ඇති තාරක ඉතා ආශාවෙන් මේ සේවය ඉටු කලේය.
දෙසැම්බර් මස යොදාගෙන තිබූ වැඩ සටහනට අනුව නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම් බොක්කේ ඉදි කොට ඇති සිංහ පුර සිංහල පාසලට මේ උපකාරය ලබා දීමට සැළසුම් කොට තිබුනි. මේ වැඩ සටහනේ විශේෂත්වය වූයේ උපකරණ බෙදා දීමට වඩා දැනුම ලබා දීමෙන් එම ළමුන්ට සේවයක් කිරීමය. මේ නිසා තාරකගේ සහභාගිත්වය එයට වැදගත් විය.
සමාධි මේ ගමනට එතරම් කැමැත්තක් දැක් වූයේ නැත.
” අනේ තාරක… ඔයා මේ දුප්පත් ළමයින්ට මේ වගේ සේවයක් කරන එක ගැන මම ගොඩක් සන්තෝසයි…. ඒත් තාරක එන අගෝස්තු වල ඒ ලෙවල්ස් තියෙන හින්දා ඔයාට මේ කාලය ගොඩක් වැදගත් නේද පැටියෝ ?.. අනික තාරක ආරුගම් බේ පැත්තට මේ කාලේ හරියට වහිනවා.. ඉතින් ගංවතුර ගැලුවොත්
ඔයාට ආපහු එන්න කරදර වෙන්න පුලුවන්.. මේ වැඩ සටහන ඒ ලෙවල්ස් වලින් පස්සෙ දාගන්න බැරිද?…..”
” ඔයා කියන දේ මට තේරෙනව සමාධි…. ඒත් මේ වැඩ සටහන මට විතරක් හරියන්න හදන්න බැහැ නෙ… කමක් නෑ සමාධි දවස් හතරයි නෙ… අනික සමාධි… ඔයා දන්නවනෙ මම හරිම ආසයි කියල මේ වගේ දුප්පත් ළමයින්ට හෙල්ප් කරන්න….”
” අනේ ඔව් මම දන්නව තාරක… මමත් හරි ආසයි ඔයා මේ අහිංසක ළමයින්ට උදව් කරන එකට.. ඔයත් එක්ක මටත් එන්න තිබුන නම් මම එක පයින්ම කැමතියි… ඒත් මම කිව්වේ මේ කාලය ගැන තියෙන පොඩි අවුලක් තාරක…”
” ඔව් මට තේරෙනව සමාධි…. ඒත් මම ආසයිනෙ මේ සේවය කරන්න…. ඒ හින්ද මම ගිහින් එන්නම්… මම ඔයාට හැමදාම කෝල් කරන්නම්.. මට ඔයා නැතුව දවස් හතරක් ඉන්න එකත් ලේසි නෑ
සමාධි…” තාරක සමාධි තුරුලු කර ගනිමින් කීය.
” අයියෝ තාරක.. මම කොහොම හරි මේ දවස් හතර ගෙවා ගන්නම්…. මටත් ඔයා නැතුව ඉන්න එක ලේසි නැහැ… එහෙනම් තාරක පරිස්සමින් ගිහින් එන්නකො..” සමාධි තාරකට පොඩි තොත්තුවක් දී කිව්වාය.
තාරක ආරුගම් බොක්ක බලා යන වේලාවේදී සමාධි බස් රථය අසලට පැමිණියාය. බස් රථය පිටත් වීමට සැළසුම් කර තිබුනේ නගර ශාලා භූමියේ සිටය. පළාතේ විවිධ පාසල් වලට අයත් ළමුන් විස්සක් පමණ ගමනට සුදානම් වී සිටියෝය. ඊට අමතරව මේ පිරිසට වග කිවයුතු නිලධාරීන් සහ නිලධාරිනියන් පස් දෙනෙකුත් ඇතුලත් විය.
” තාරක… අනේ පරිස්සමින් ගිහින් එන්න….” බස් රථය පිටත් වන මොහොතේ සමාධි හැඬුම් බර හඬකින් කිව්වාය.
බස් රථය නොපෙනී යන තුරු සමාධි ඒ දෙස බලා සිටියාය. ඇයට නොදැනීම දෑසින් කඳුලු කඩා වැටුනේය. කෙතරම් චිත්ත ශක්තියක් තිබුනත් තමා පණ මෙන් ආදරය කරන තාරකගෙන් වෙන්වී සිටීම ඇයට දරා ගැනීමට අමාරු විය.
මේ හදවත රිදුම තාරකටත් ඒ විදියටම දැනුනි. මේ නිසා ඔහු බස් රථයේ ජනේලයෙන් එළිය බලා කල්පනා ලෝකයක නිමග්න වී ගමන් කලේය. ඔහුගේ මතකයට ආවේ සමාධිගේ ආදර බර අහිංසක මුහුණ පමණකි. බස් රථයේ සිටි අන් කිසිවකු සමග ඔහු කිසිම කතා බහක් කලේ නැත.
බස් රථය තංගල්ල පසු කරන තුරුම තාරක ධ්‍යානයකට සම වැදුනාක් මෙන් බස් රියෙන් එළිය බලා සිටියේය. එක් වරම කිසිවෙකු ඔහුට කතා කල නිසා තාරකගේ දැහැන බිඳ වැටුනි.
” මේ.. අනේ සොරි ඩිස්ටබ් කරාට…. ඔයා දිගටම කල්පනා කර කර නේද ආවේ?…….”
හිස හරවා බැලූ තාරකට සීන් සිරුරක් සහ අහිංසක සිනාවකින් මුහුණ සරසා ගත් ගැහැණු ළමයෙකු දකින්නට ලැබුනේය.
” ආ.. මේ.. නෑ.. කමක් නෑ… මම නිකන් එළිය බලාගෙන හිටියා….” මදක් වික්ෂිප්ත වූ තාරක කීය.
” මම මධූෂා…. ඔයාගේ නම මොකද්ද ?…….”
“මම තාරක….”
“අඳුන ගන්න ලැබීම ගැන සන්තෝසයි… මේ අර බස් එක ළඟට ආපු ගල් ඔයාගේ ගල් ෆ්‍රෙන්ඩ් ද ?….”
” ආ..ම්ම්.. ඔව්.. ඒ මගේ ගල් ෆ්‍රෙන්ඩ් තමයි…. එයාගේ නම සමාධි.. ඔයත් සමාධිගෙ ඉස්කෝලෙටද යන්නෙ?….”
” නෑ තාරක.. මම යන්නෙ ප්‍රයිවට් ස්කූල් එකට… මම එකොළහ වසරෙ.. ඉතින් ඔයා ගොඩක් කල්ද රෙඩ් ක්‍රොස් එකට ro?…”
” ඔව් මධූෂා.. මම දැන් අවුරුදු තුනක් විතර ඉඳල තියෙනව….. ඔයත් ගොඩක් කල් ද ?….”
” මට මධු කියන්න තාරක… යාලුවො මට කියන්නෙ එහෙම තමයි… නැහැ අනේ.. මම ජොයින් වුනේ ළඟදි….?
මධූෂා මෙසේ පවසා තාරක අසළ අසුනේ වාඩි වූවාය. තාරක මදක් සලිත වුවත් ඔහු ඒ බව නොපෙන්වා මධූෂා සමග කතා කලේය.
” තාරක.. ඔයා මොනවද ඒ ලෙවල්ස් වලින් පස්සෙ කරන්න හිතා ගෙන ඉන්නෙ?…”
” මම මෙඩිසින් කරන්න තමයි හිතා ගෙන ඉන්නෙ මධූ… ඒත් ඉතින් සිලෙක්ට් වෙයිද දන්නෙ නෑ….”
” අයියෝ… ඔයා සිලෙක්ට් වෙයි තාරක… මාත් බයෝ සබ්ජෙක්ට්ස් තමයි කරන්නෙ… මම නම් සිලෙක්ට් වෙන එකක් නෑ අනේ.. මම ගෙදරින් කියන හින්ද තමයි මෙඩිසින් කරන්නේ… මම ආසා සාහිත්‍යයටයි මියුසික් වලටයි..”
” ආ ඇත්තද මධූ…. මමත් සාහිත්‍යයට හරිම ආසයි… ..මම ගොඩක් පොත් කියවනවා……”
” ෂෝක්නෙ තාරක… මමත් ගොඩක් සිංහල ඉංග්‍රීසි පොත් කියවනවා… මම මාටින් වික්‍රමසිංහ මහත්මයාගෙ පොත් ඔක්කොම කියවලා තියෙනවා….”
” අනේ ඇත්තද මධූ… ඔයා එහෙනම් මටත් වඩා දුර ගිහිල්ලනෙ… මම ඒ මහත්මයාගේ ඔක්කොම පොත් කියවල නෑ…” තාරක පුදුමයෙන් කීවේය.
A2 මාර්ගයේ ගමන් ගත් බස් රිය නෝනගම හංදියෙන් ඇඹිලිපිටිය දෙසට හැරවූයේ උඩ වලව ඇත් අතුරු සෙවනේ දහවල් ආහාරය සඳහා නැවැත්වීමටය. මේ වනවිට තාරක සහ මධූෂා ඉතා කුලුපග වී සිටියෝය. මධූෂා පරිණත බුද්ධියකින් සහ මනා සංයමයකින් කටයුතු කරන ළමයෙකු බව තාරකට පෙනුනි. ඇගේ කතා විලාශය නිසා තාරක මහත් පැහැදීමකට පත් විය. සමාධිගේත් මධූෂාගේත් එක සමාන ගති පැවතුම් තිබෙන බව ඔහුට වැටහුනේය. මධූෂා මිතුරියක ලෙස ඇසුරු කිරීමට උචිත ගැහැණු ළමයෙකු බව තාරකට වැටහුනි. කෙසේ වෙතත් සමාධි සමග නොසැලෙන ආදරයකින් බැඳී සිටින තාරකට මධූෂා ගැන ඉන් ඔබ්බට කිසිදු හැඟීමක් ඇති වූයේ නැත.
ඇත් අතුරු සෙවනේ දහවල් අහාරය සඳහා බස් රිය නැවැත්වූ විට තාරක සමාධි විසින් පිළියෙල කර දුන් ආහාරය අනුභව කිරීමට සැරසුනේය. මධූෂාත් ඔහු අසලින් වාඩි වී සුලු ආහාරයක් ගැනීමට සැරසුනාය.
” ම්ම්… කවුද තාරක ඔයාට කෑම ලෑස්ති කරල දුන්නේ?… අම්මද?….” මධූෂා ඇසුවාය.
” නෑ මධු…. සමාධි තමයි මට කෑම හදල දුන්නෙ…’
” ම් තාරක… ඔයා නම් හරිම ලකි සමාධි වගේ ගර්ල් කෙනෙක් ලැබෙන්න… මට නම් මෙලෝ දෙයක් උයන්න බැහැ…
‘ ඔයත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයා ගත්තම පුරුදු වෙයි. හි.හි.හි… ඉන්න මම ඔයාට මේකෙන් බාගයක් දෙන්න…”
“අනේ එපා තාරක.. පිස්සුද.. දැන් සමාධි දැන ගත්තොත් ඔයා ගෑණු ළමයින්ට එයා හදපු කෑම දුන්නා කියල හොඳටම තරඟ යයි….
” අනේ සමාධි එහෙම හිතන්නෙ නෑ.. කළින් කිව්ව නම් ඔයාටත් බත් එකක් බැඳල දෙයි…….”
තාරක තම ආහාර පාර්සලය මධූෂා සමග බෙදා ගෙන අනුභව කලේය.
දිවා ආහාරයෙන් පසු බස් රිය නැවතත් ගමන් ඇරඹූ පසු තාරක මධූෂා සමග එක අසුනේ වාඩි වී කතා කරමින් ගමන් කලෝය. තණමල්විල, වැල්ලවාය, මොණරාගල, සියඹලන්ඩුව හරහා බස් රථය ආරුගම් බොක්කට පැමිණෙන විට තාරක සහ මධූෂා අතර මිත්‍රත්වය දැඩි ලෙස වර්ධනය වී තිබුනි.
පිරිසට නවාතැන් පහසු කම් සලසා තිබුනේ විශේෂ කාර්ය බලකා මූලස්ථාන නවාතැනේය. එහි ගැහැණු සහ පිරිමි දෙපාර්ශයට වෙනම නවාතැන් පහසු කම් සලසා තිබුනේය.
පසුදා උදෑසනම පිරිස සිංහපුර විද්‍යාලයයේ කටයුතු ආරම්භ කලෝය. පහසුකම් ඉතා සීමිත වූ මෙම විද්‍යාලයේ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය රතු කුරුස සංගමයේ මෙම සේවාව ඉතාමත් ඉහලින් ගෞරවනීය ලෙස අගය කලෝය. විශේෂයෙන්ම තාරක සහ අනිකුත් ළමයින් විසින් දැනුමෙන් ලබා දුන් සේවය සිංහ පුර සිසුන්ට විශාල අත් වැලක් විය.
මධූෂා තම දැනුම සහ අත්දැකිම් ඇසුරින් කල සේවය පිළිබඳව තාරක යම් ආකාරයක පුදුමයකට පත් වූයේය. සෑම දෙයක්ම නිසි පිළිවෙලට සහ විධිමත්ව කිරීමේ අපූරු හැකියාවක් මධූෂාට ඇති බව තාරකට පැහැදිලි ලෙස පෙනුනේය. මේ නිසා ඇය කෙරෙහි තාරක තුල ඇති ගෞරව සම්ප්‍රයුක්ත බැඳීම තවත් වැඩි වූයේය.
එදින සන්ධ්‍යාවේ වැඩ නිම වූ පසු පිරිස විවේක සුවයෙන් නවාතැනේ කල් ගත කලෝය.
” තාරක… අපි පාළම ක්‍රොස් කරල එහා පැත්තට පොඩ්ඩක් ඇවිදින්න යමුද ?… මූද හරිම ලස්සනයි මේ වෙලාවට…” මධූෂා තාරකට කීවාය.
මේ ආරාධනය නොපිළිගෙන සිටීමට හේතුවක් තාරකට තිබුනේ නැත.
” හා මධූ…. යමු….”
ඒ නිසංසල සුන්දර සවස් යාමයේ මධූෂා සමග ආරුගම් කලපුව හරහා ඇති පාලම ඔස්සේ මුහුදු සුළං සුවය විඳිමින් ගමන් කරන විට තාරකට අමුතු හැඟීමක් ඇති විය. ඔහු ගැඹුරු කල්පනා ලෝකයකට පිවිසියේය.
” මොකෝ තාරක…. ඔයා නිකන් අහස පොළොව ගැටලන්න වගේ කල්පනාව… මම දන්නවා හොරේ ඒ ඒ ඒ ඒ……සමාධි මතක් වුනා නේද?… හි.හි.හි….” මධූෂා තාරකට විහිළු කලාය.
” අ අනේ නෑ මධූ…….මම කිසිම දෙයක් කල්පනා කරේ නැහැ…” තාරක සලිත වී කීවේය.
” මම දන්නව තාරක.. ඔයා සමාධි ගැන තමයි කල්පනා කරේ… ඔයා මාත් එක්ක මෙහෙම ඇවිදිනව සමාධි දැක්කොත් අප්සට් යාවේ
” අයියෝ නෑ මධූ….. සමාධිගෙයි මගෙයි ආදරේ අවංකයි….. ඒක
කවදාවත් වෙනස් වෙන්නෙ නෑ… අපි දෙන්නගෙ හොඳ අවබෝධයක් තියෙනවා…….. තාරක ස්ථිර හඬකින් කීවේය.
” කොච්චර ෂෝක්ද තාරක… මේ…. ඔය දෙන්නා යාළු වෙලා ගොඩක් කල්ද ?…”
” දැන් ටිකක් කල් මධු…… අපි දෙන්නා යාළු වුනේ දෙන්නට දෙන්නා හොඳට අඳුර ගත්තට පස්සෙ… ඒ හින්ද අපි කවදාවත් වෙන් වෙන්නෙ නෑ..
” මට හරිම සන්තෝසයි තාරක……”
මධූෂා මෙසේ කියා තාරකගේ මුහුණ දෙස යන්තම් බලා සිනාසුනාය. මධූෂාගේ දෑසේ තිබූ සතුට මිශ්‍රිත අහිංසක හිනාව නිසා ඇය සමාධිගේ ප්‍රතිමූර්තියක් ලෙස තාරකට පෙනුනේය. තමා සහ මධූෂා අතර විශාල බැඳීමක් ඇති වී තිබෙන බව තාරකට වැටහිනි.
” මධූ….’ තාරකට නිතැනින්ම කිය වුනේය.
“ඇයි තාරක?…”
” අ.. න් නෑ… මුකුත් නෑ මධූ….”
” ෂ්… තාරක.. අපි පාලම උඩ මෙහෙම හිටගෙන ඉන්න එක රිස්කි.. යමු එහාට….”
” හා සමාධි…” තාරකට ඉබේම කියැවුනි.
” සමාධි?????… ළමයෝ මම මධූෂා. හි.හි.හි.. අනේ අනේ… ඔය බළල මල්ලෙන් එළියට පැන්නේ….’ මධූෂා සිනාසෙමින් කීවාය.
තාරක ලැජ්ජාවෙන් සිනහ වී නැවතත් මධූෂා සමග ඉදිරියට ගියේය. මදක් පිටුපස හැරී බැලූ තාරක ඔවුන්ගේ කණ්ඩායමේ ගැහැණු ළමයෙකු දුටුවේය.
” මේ මධු… අර ගල් අපේ ගෲප් එකේ නේද ?….” තාරක ඇසීය.
” ආ.. කෝ බලන්න… ම්… ඔව් තාරක… බලන්න මේ ළමයා තනියම කොහේ යනවද මන්ද…..”
” දන්නෙ නැති පැත්තක ඔහොම තනියම යන එක හොඳ දෙයක් නෙමෙයි මධූ…..”
” ඒක ඇත්ත… ඔහොම ඉන්න පොඩ්ඩක් තාරක….. මම එයාට කතා කරන්න..”
මධූෂා සහ තාරක එම ගැහැණු ළමයා ළඟට එන තුරු මදක් නැවතී සිටියෝය.
“මේ… ඔයා අපේ ගෲප් එකේ නේද?….”
මධූෂා ගැහැණු ළමයාගෙන් ඇසුවාය.
” ඔව් ඇයි මොකෝ?…”
ඇය කිසිම ගරු සරුවක් නොමැතිව පිළිතුරු දුන්නාය.
“අනේ සොරි… ඔයා මෙහෙම තනියම යන එක ටිකක් සේෆ් මදි නේද?…” මධූෂා කරුණාවෙන් කීවාය.
” ඇයි මොකෝ… මම බබෙක් කියල හිතුවද?……මම ඕන තරම් තනියම ගිහින් තියෙනවා… අනික මට ඉතින් ජෝඩු දාල යන්න කෙනෙක් නැහැනෙ….”
මෙසේ තරහෙන් කියූ ඇය එතැනින් යන්නට ගියාය.
” බලන්නකො තාරක… අපි හොඳක් කරන්න ගිහින් අහගත්ත එක….” මධූෂා පුදුම වෙමින් කීවාය.
” හ්ර්.. ඕව ගණන් ගන්න එපා මධු… අපි අපේ පාඩුවෙ යමු..”
” ඔව් තාරක…..”
මධූෂා තාරකත් සමග ආරුගම් බොක්කේ කෙළවරටම ඇවිද ගියාය. මේ ගමනින් දෙදෙනාටම විශාල මානසික සහ ශාරීරික ශිථිලත්වයක් ලැබුනේය.
නොසැලෙන සෙනෙහස
” අපි ආපහු හැරෙමු නේද තාරක ?…”
” ඔව් මධු.. දැන් කළුවර වැටෙන්නත් ළඟයි නෙ……?”
දෙන්නා ආපසු හැරී නවාතැන දෙසට ගමන් කලෝය.
” තාරක.. හෙට උදේ පාන්දරම බීච් එකේ ඇවිදින්න යමුද?….. අපිට ඉර පායනවා බලන්නත් පුලුවන්…” නවාතැන අසලට පැමිණි පසු මධූෂා ඇසුවාය.
” හා මධූ… මට කෝල් එකක් දෙන්නකො…”
“එහෙනම් මම යනවා තාරක. ගුඩ් නයිට්….”
” මේ මධු… ඔයාට පිස්සුද ?……මම ඔයාව ඩෝමෙට්‍රි එක ළඟට ඇරලවනවා.. ඔයාට තනියම යන්න දෙන්න බෑ…”
“ම්ම්… ඔයා හරිම ලෙන්ගතු කෙනෙක් තාරක….. හා යමු එහෙනම්…..”
තාරක මධූෂා ගැහැණු නේවාසිකාගරය අසලටම ඇරලා ඔහුගේ නවාතැනට ගියේය.
නවාතැනට පැමිණි තාරකට ලොකු තනි කමක් දැනෙන්නට වූයේය. මේ තනිකම සමාධි නොදැක සිටීම නිසා ඇතිවූවක්ද, එසේ නොමැතිනම් මධූෂාගේ සමාගමෙන් වෙන්වීම නිසා ඇතිවූවක්ද කියා සිතා ගත නොහැකි වූ තාරක මදක් වික්ෂිප්ත භාවයකට පත් විය. මෙසේ ස්වල්ප වේලාවක් දෙලොවක් අතර සිර වී සිටි තාරක සමාධිට දුරකථන ඇමතුමක් ගත්තේය.
”සමාධි…..’ තාරක සෙමින් කීය.
“ෂ් තාරක…. අනේ ඔයා හොඳින්ද ?…. ඔයාට වැඩ ඇති කියල මම කතා කරේ නෑ… අනේ පැටියො ඔයා නැතුව මට හරිම පාළුයි…. කිසිම වැඩක් කරන්න හිත දෙන්නෙ නෑ…” සමාධි ඇඬුම් බර හඬකින් කිව්වාය.
” අනේ මටත් එහෙම තමයි මගෙ සමාධි මැණික… දැන් මම ඩෝම් එකේ තනියම ඉන්නෙ… හරිම පාළුයි අනේ.. දැන් ඔයා මගේ ළඟ හිටිය නම් ෂෝක් කෙල්ලෙ….” තාරක හැඟීම් බරව කීවේය.
” ඔයාට පිස්සුද තාරක… අපි දෙන්නා විතරක් තනියම ඩෝම් එකේ ඉන්න… ඊඊ..” සමාධි ලැජ්ජාවෙන් කීවාය.
” අ.. න් නෑ මම එහෙම දෙයක් හිතල කිව්වෙ නෑ…….. ඔයා නැතුව පාළුයි කියන එක කිව්වේ….”
” අනේ මම විහිළුවට කිව්වෙ තාරක… මම දන්නව ඒක…”
” මට ඔයාව තුරුලු කර ගන්න ඕන සමාධි…. මට ඔයාගේ රස්නෙ ඕන කෙල්ලෙ….’ තාරක ආදරයෙන් කීවේය.
“ම්ම්.. මටත් එහෙම තමයි තාරක… මේ… ඒත් ෆීලින්ස් වැඩි කර ගන්න එපා… අපි දෙන්නා ළඟ නැහැනෙ… මටත් දැන්…ම්…..” සමාධිට වචන හිර විය.
” කියන්න සමාධි… මොකද්ද?…..”
“ම..මට ඔයාගෙන් කිස් එකක් ඕන තාරක….’ සමාධි සෙමින් කීවාය.
” සමාධි.. අනේ එන්න කෙල්ලෙ මම ළඟට….” තාරක උද්දීපනය වූ හැඟීමෙන් කීවේය.
සමාධිගේත් තාරකගේත් මේ ප්‍රේමාන්විත කතාව සෑහෙන වේලාවක් සිදු විය. ආදරයෙන් බැඳුන පෙම්වතුන් දෙදෙනෙකුට නිතැනින්ම ඇතිවන අනුරාගී හැඟීම් දෙදෙනාටම ඇති වුවත් ඔවුන් ආදරයට මුල් තැන දෙමින් එහි සුවය වින්දනය කලෝය.
පසුදා උදෑසන පහට පමණ තාරකගේ ජංගම දුරකථනය නාද විය.
” තාරක.. මම මධූෂා… දැන් යමුද බීච් එකට සන් රයිස් එක බලන්න… පහමාරට විතර ඉර නගිනවලු…..”
” හා මධූ… ඉන්න මම ඉක්මනට ඇඳුමක් දාගෙන එන්නම්…”
” හි.හි……. මොකෝ තාරක…. ඔයා ඇඳුම් නැතුවද ඉන්නේ…..’ මධූෂා උපහාසාත්මක ලෙස අසමින් සිනාසුනාය.
” නෑ මධූ… මම කිව්වේ රෑ ඇඳුම මාරු කරල එන්නම් කියල….”
” ආ හරි හරි ළමයෝ… මම හිතුවා ඊයෙ රෑ සමාධි එක්ක ෆෝන් එකෙන් මොනව හරි කරා කියලා…..” මධූෂා විහිලු කලාය.
“වීයා…. ඔයා මොනව කියනවද මන්ද මධු….” තාරක ලැජ්ජාවෙන් කීය.
” ඉතින් මොකෝ?… ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙ… මේ… ඉක්මනට යමු.. නැත්නම් අපි ලෑස්ති වෙනකොට ඉර පායලත් තියේවී…..”
තාරක මධූෂාත් සමග ආරුගම් බොක්කේ වෙරළට පැමිණෙන විට ඉර එළිය වැටී තිබුනේ නැත. වෙරලේ කිසිම කෙනෙකු පෙනෙන්නට සිටියේද නැත. අඳුර තුලින් මුහුදු රැළ බිඳෙන හඬ ලතාවකට ඔවුනට ඇසුනි.
‘ ම්මේ තාරක… හරිම ෂෝක් නේන්ද අනේ.. රැල්ල ගහන සද්දෙ විතරයි ඇහෙන්නේ.. ඉර පායන්න හරිම කිට්ටුයි… ඇඟටයි හිතටයි හරිම සනීපයක් දැනෙනව නේද?…”
” අනේ ඔව් මධූ… මම හිතුවෙ නැහැ මේ තරම් ලස්සන.. නිස්කලංක පරිසරයක් තියේවී කියල… අර බලන්නකො මූදේ ඈත
බෝට්ටු තියෙනව……මම හිතන්නෙ රෑ මූදු ගිය මාළු බෝට්ටු ආපහු එනව වගේ.. 66
” එන්න තාරක. අපි රැල්ල පාගමු…….
මධූෂා මෙසේ කියා තාරකගේ අතින් ඇද ගෙන මුහුද දෙසට ගියාය. මධූෂාගේ අත තදින් අල්ලා ගත් තාරක ඇය සමග මුහුදු රළ දෙපාවල දැවටී ආපසු මුහුදට යන ආකාරය මද අඳුර තුළින් බලා ගෙන සිටියේය. උදෑසන හිරු ක්‍රමයෙන් ක්ෂිතිජයෙන් ආරෝහණය වීමට පටන් ගත්තේය. තවත් දවසක උදාව මෙසේ ආරම්භ විය.
“ම්ම්. හරිම ලස්සනයි නේද තාරක ඉර පායන කොට…..”
” ඔව් මධූ… හරිම ප්‍රබෝධයක් දැනෙනව නේද…. අපිට ඉතින් ගමේදි බලන්න පුලුවන් ඉර බහිනව විතරනෙ…”
තාරකගේ අත තදින් අල්ලා ගත් මධූෂා ඔහුගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට ළං වූවාය.
” තාරක… ඔයා සමාධි එක්ක බීව් එකේ මෙහෙම ඉඳල තියෙනවද ?….” මධූෂා සෙමින් ඇසුවාය.
” ඔව් මධු… අපි සමහර දාට ඉර බහින වෙලාවට බීච් එකට යනවා.. ඒත් ඉර පායන කොට මේ වගේ ඉඳල නෑ…”
මධූෂා තාරකගේ අත අල්ලාගෙන සිටින ඉරියව්වෙන්ම ඔහුගේ ඇඟිලි තදින් මිරිකුවාය. තාරකට මෙයින් දැනුනේ ඔහුගේ සොහොයුරියකගේ අත අල්ලාගෙන සිටින විට දැනෙන හැඟීමකි. එහෙත් තවමත් පෙම්වතෙකු නොසිටින සහ පිරිමි ළමයකුගේ ස්පර්ශයක් නොලැබූ මධූෂාගේ හැඟීම් ඇවිස්සෙන්නට පටන් ගත්තේය. කෙසේ වුවත් මනා ආත්ම සංයමයකින් සහ බුද්ධියකින් යුතු මධූෂා තම හැඟීම් පාලනය කර ගත්තාය.
සුර්යයා ක්ෂිතිජයෙන් ඉහළට මෝදු වී මුලු ලොවම ඒකාලෝක කරන ආකාරය මධූෂා සහ තාරක මෙසේ අත් අල්ලා ආසාවෙන් බලා සිටියෝය. මුහුදු රළ ඔවුන්ගේ දෙපාවල දැවටී වැල්ලේ කිසිම සටහනක නොතබා ආපසු මුහුදට ඇදී ගියේය. මුලු ආරුගම් බොක්ක ප්‍රදේශයම අඳුරෙන් එළියට පත් විය.
එළිය වැටී ඇති බව දෙදෙනාටම තේරුනේ වැල්ලේ සිටින ධිවරයින් ඔවුන් දෙස සිනා මුසු මුහුනින් බලා සිටින විටය. මේ නිසා මධූෂා මදක් ලජ්ජාවට පත් වූවාය.
” තාරක.. එහෙනම් අපි යමු… උදේන්ම වැඩ පටන් ගන්න තියෙනවනෙ…..”
මධූෂා මෙසේ පවසා තාරක සමග ආපසු නවාතැනට ගියාය.
” මේ මධූ… අර ඊයෙ අපිත් එක්ක ආපු ගල් නේද අර ?.. එයත් සන් රයිස් එක බලන්න ආවද දන්නෙ නෑ…”
” ම්.. වෙන්න ඇති තාරක.. හැබැයි ඔහොම තනියම යන එකනම් මම අනුමත කරන්නෙ නෑ… කවුරු හරි උස්සල රේප් කරාම තමයි තේරෙන්නේ.. ගෑණුත් දැන ගන්න ඕන පරිස්සම් වෙන්න අද කාලේ..” මධූෂා තරහෙන් කිව්වාය.
” අපිට ඕව හදන්න බෑ මධු… යමු ගිහිල්ලා ලෑස්ති වෙලා අපේ වැඩට යමු…”
දින හතරක් පැවැත්වුන එම උපකාරක වැඩ සටහනින් සිංහ පුර විද්‍යාලයේ සිසුන්ට විස්තර කල නොහැකි තරම් සේවයක් සිදු විය. මේ සේවය අගය කිරීම පිණිස අවසාන දින රාත්‍රියේ සුළු ප්‍රිය සම්භාෂණයක් විද්‍යාල සිසුන් විසින් සංවිධානය කොට තිබුනි. සම්භාෂණයේදි කණ්ඩායමේ සමාගමයෙන් ඇති වූ ප්‍රීතිය භුක්ති විඳීමෙන් පසු පිරිස ආපසු නවාතැනට ආවෝය.
” තාරක… අද අන්තිම දවස නෙ.. අපි දෙන්න ඉතින් ආයිත් මීට් වෙන එකක් නෑ… ඔයාට නම් ඉතින් සමාධි ඉන්නවා… මට තමයි ගියාට පස්සෙ පාලු වෙන්නෙ..” මධූෂා ශෝකය මුසු හඬකින් පැවසුවාය.
” ඉතින් අපි ආයිත් මීට් වෙමුකො මධු…. අපි එක ගමේනෙ ඉන්නෙ….”
” ඒ වුනාට එහෙම බෑ නෙ තාරක… මේ තාරක… අනේ ප්ලීස්
එන්නකො මගේ ඩෝම් එකට ….. අපි ටිකක් කතා කර කර ඉඳිමු…..”
” මධූ ඔයාට පිස්සුද ?…..මම කොහොමද ගල්ස් ඩෝම් එකට එන්නෙ.. ඒක හරි නැහැ….”
” ඒකට කමක් නෑ අනේ… මම ඉන්න තැන වෙන කවුරුත් නැහැ….අනේ එන්නකෝඕඕඕඕ…..”
මධුෂා මෙසේ කියා තාරකගේ අතින් ඇදගෙන ඇගේ නවාතැනට ගියාය.
තාරක සහභාගී වූ ආරුගම් බොක්කේ වැඩ සටහනින් සතියකට පමණ පසු සමාධිට නොදන්නා පුද්ගලයෙකුගෙන් විද්‍යුත් ලිපියක් ලැබුනේය. ඡායාරූප කිහිපයක් අමුනා තිබූ මේ විද්‍යුත් ලිපිය දුටු සැණින් සමාධි මහත් වූ කැළඹීමකට පත් වූවාය. අමුනා තිබූ ඡායාරූප දෙස සෑහෙන වේලාවක් බලා සිටි සමාධි තාරකට ඇමතුමක් ගත්තාය.
” තාරක.. මට ඔයාව මීට් වෙන්න ඕන….”
” සමාධි ඇයි මේ ?… හදිස්සියක්ද?….”
“ම්ම්.. ඔව් ටිකක් හදිස්සියක් තමයි… ගෙදරට එන්න එපා… අපි සාමාන්‍යයෙන් මීට් වෙන බීච් එකේ තැනට එන්න…….”
සමාධිගේ මේ හදිසි ඇමතුමෙන් තාරක වික්ෂිප්තභාවයට පත් වූවත්, සමාධි කියූ පරිදි ඔවුන්ගේ සුපුරුදු හමුවීමේ ස්ථානයට පැමිණියේය.
” ඇයි සමාධි… මොකද්ද හදිස්සිය?…..’ තාරක සමාධි ආලිංගනය කර ගනිමින් ඇසුවේය.
” මට අද ඊමේල් එකක් ආවා ෆෝටෝස් වගයක් එක්ක… මේ බලන්න….”
ජංගම දුරකථනයෙන් අන්තර් ජාලයට සම්බන්ධ වූ සමාධි ඇයට ලැබුන විද්‍යුත් ලිපිය ඡායාරූප සමග තාරකට පෙන්නුවාය.
ලිපියේ අමුනා ඇති ඡායාරූප දුටු තාරක මහත් වූ කෝපයකට පත් විය. ඔහුට උන්හිටි තැන් අමතක විය.
” සමාධි… මේ පාහර වැඩේ කරපු එකාව මම මකනවා…….. තාරක මහ හඬින් කෑ ගැසීය.
“ෂේෂ්… තාරක… කලබල වෙන්න එපා….” සමාධි සන්සුන් ලෙස කිව්වාය.
ඡායාරූප වල තිබුනේ තාරක සහ මධූෂා එකට සිටින දර්ශනය. ඔවුන් දෙදෙනා බස් රියේ එකට ගමන් කල ආකාරය, ආරුගම් බොක්කේ එකට ගමන් කල දර්ශන, සූර්ය උදාව නැරඹූ දිනයේ අත් අල්ලා වැල්ලේ සිටි ආකාරය, අවසාන ප්‍රිය සම්භාෂණයේ එකට ආහාර ගත් සැටි එම ඡායාරූප වල තිබුනේය.
මධූෂා ගැන තාරක සමාධිට පවසා තිබූ නිසා මේ ඡායාරූප වලින් තාරකට එතරම් කැළඹීමක් ඇති වූයේ නැත. එහෙත් තාරකගේ කෝපය සීමාව ඉක්මවා ගියේ අවසාන ඡායාරූපය දුටු විටදීය. එහි තිබුනේ සයනයක් මත තාරක සහ මධූෂා නිරුවතින් ඉතාමත් අසංවර ලිංගික ක්‍රියාවක යෙදී සිටින දර්ශනයක්ය.
තාරක කෝපයෙන් වෙව්ලන්නට ගත්තේය.
” සමාධිඊඊඊඊඊ… අනේ මගෙ රත්තරන් සමාධි…… ඔයාට පණ වගේ ආදරය කරන මම කවදාවත් මේ වගේ වැරැද්දක් කරනව තියා හිතන්නෙවත් නෑ මගේ වස්තුවේ ඒ ඒ ඒ ඒ…..”
සමාධි තුරුලු කොට ගත් තාරක හඬන්නට විය.
” මම ඒක දන්නවා තාරක….”
සමාධි තාරකගේ හිස සෙමින් පිරිමදිමින් කීවාය.
” අනේ සමාධි…. මම මධූෂා එක්ක කිට්ටුවෙන් හිටිය තමයි…. මම ඔයාට ඒ ගැන කිව්වනෙ… ඒත් මේ වගේ අසික්කිත වන වර කම් කරන්න මම හීනෙකින්වත් හිතුවෙ නෑ….”
තාරක සමාධිගේ උකුලෙ හිස තබාගෙන කීවේය.
” ම්.. අපි මේක විසඳ ගනිමු තාරක…. ඔයා මධූෂාට කෝල් එකක් ගන්න.. අපි දෙන්නම ගිහින් එයාව හම්බ වෙන්න ඕන….” සමාධි කිව්වාය.
” අපි දෙන්නම එකට ගිහින්?….’ තාරක කලබල වී ඇසුවේය.
” ඔව්… අපි දෙන්නම එකට..”
සමාධි සෙමින්, එහෙත් තදින් කීවාය.
සමාධිගේ විධානයට අනුව ඔවුන් දෙදෙනා මධූෂා මුණ ගැසී මේ ඡායාරූප ඇයට පෙන්වීය. ඡායාරූප දුටු මධූෂාට ඇති වූ සංවේගය පාලනය කර ගැනීමට නොහැකි විය.
” අනේ අයියෝ… මේ මොකද්ද තාරක ?…. මම කවම කවදාවත් මෙහෙම දෙයක් ඔයා එක්ක කරාද ?… අනේ කියන්නකෝ …..අනේ සමාධි……… මේ මොකද්ද මේ ෆෝටො එක.. අනේ මම තාරකත් එක්ක කිට්ටුවෙන් හිටිය තමයි.. ඒත් සමාධි මම දිවුරල කියන්නම් නොසැලෙන සෙනෙහස
මම මෙහෙම වල් වැඩ තාරක එක්ක කරේ නෑ සමාධි. ඉකි ගසා හඬමින් කීවාය. මධූෂා
“මම ඔයා කියන එක විශ්වාස කරනවා මධූ….” සමාධි මධූෂාගේ හිස පිරිමදිමින් ඇය සන්සුන් කලාය.
” අයියෝ.. දැන් මේ ෆෝටොස් ඉන්ටනෙට් එකෙත් දාවි…. යාලුවො දැක්කොත් ලැජ්ජාවෙ බෑ… අම්මල දැන ගත්තොත් මාව මරනවා…අනේ.. අයියෝඕඕඕඕ…… මධූෂා ලතෝනි දුන්නාය.
” මධු බය වෙන්න එපා… ඉන්ටනෙට් එකට යන්නෙ නැති වෙන්න මම වග බලා ගන්නම්…’ සමාධි කිව්වාය.
” ආ… ඒ කොහොමද සමාධි ?…….’ මධූෂා විස්මයට පත්වී ඇසුවාය.
” මොනව වුනත් මේ වැඩෙන් තාරකටයි මටයි ඔයා වගේ හොඳ යාලුවෙක් හම්බ වුනා මධූ…….
” සමාධි?…. ඒ කියන්නෙ ඔයා දන්නවද මේ ඊමේල් එක එවපු එක්කෙනා?…..’ තාරක ඇසීය.
” ඔව්.. දැන් මධූ එක්ක කතා කරාට පස්සෙ මට හොඳට තේරුනා කවුද කියලා…”
” ඉතින් කවුද ?…….. තාරක නොඉවසිල්ලෙන් ඇසුවේය.
” හිමේෂි….. ” සමාධි ශාන්ත ඉරියව්වෙන් කීවාය.
සමාධිගේ වචනය ඇසූ තාරක සහ මධූෂාට කතා කර ගැනීමට නොහැකි විය.
තාරක සහ සමාධිගේ ආදර සම්බන්ධතාවය කඩා දැමීමට මාන බලමින් සිටි හිමේ ෂිට තාරකගේ ආරුගම් බොක්ක ගමන ඇගේ අභිප්‍රාය ඉටු කර ගැනීමට හොඳ අවස්ථාවක් විය. ඒ ගමනට සරාගී බවට නැඹුරු ඇගේ යෙහෙළියක් වූ දිනූෂි සම්බන්ධ වීම නිසා ඇය උපායක් සම්පාදනය කලාය.
” මේ දිනූ… උඹට පොඩි වැඩක් කරන්න පුලුවන්ද ?… ” හිමේෂි ගමනට පෙර දිනූෂිගෙන් ඇසුවාය.
” කියපන් මොකද්ද?….”
” උඹ ඉතින් කොල්ලො එක්ක නටන්න ආසයිනෙ…හි.හි.හි… මේ… ඔය ගමනට එක කොල්ලෙක් යනවා… අන්න ඌව පුලුවන් නම් සෙට් කර ගනින්… ඊට පස්සෙ තියෙන්නෙ ඌත් එක්ක ඉන්නව ෆෝටො ටිකක් ගන්න එක විතරයි…. ඌව ඇඳට ගන්න පුලුවන් නම් තවත් නියමයි….”
” හරි බන් … මම කොල්ලො දෙතුන් දෙනෙක් ඇඳට අරන් තියෙනවනෙ….. මම ට්‍රයි එකක් දෙන්නම්… ඉතින් උඹට මොකටද මුගේ ෆෝටෝස්?…..”
” මම ඌට ට්‍රයි කරා.. ඒත් ඌ වෙන කොහෙද යන කෙල්ලෙක් දා ගත්තා… මට ඕන මුන් දෙන්නව බ්‍රේක් කරන්න….. ඉතින් ෆෝටෝස් ටිකක් අරන් කෙල්ලට යැව්වම නිකන්ම ඒකි මූව දාල යනවා…..”
” හරි බන් … ඒත් ඌත් එක්ක සෙක්ස් කරන්න බැරි වුනොත් ?….”
” උඹ නිකන් ෆොටෝස් ටිකක් ගනින්කො… ඊට පස්සෙ ෆෝටොෂොප් පාරක් දාලා වැඩේ සෙට් කරමු… හි.හි.හි….”
මධූෂාගේ මැදිහත් වීම නිසා දිනූෂිට සිතා ගත් පරිදි සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මේ බව ඇය බස් රථය තුලදීම හිමේෂිට පැවසුවාය.
” මේ හිමේෂි… මට ඉස්සෙල්ල වෙන කෙල්ලෙක් මූට පැනල දුන්න බන්… දැන් ඌ ඒකිට සෙට් වෙලා…..”
” හරි කමක් නෑ බන්… උඹ එහෙනම් උන්ගෙ ෆෝටෝස් ටිකක් ගනින්..” හිමේෂි උපදෙස් දුන්නාය.
මෙසේ කතිකා කරගත් පරිදි තාරක සහ මධූෂා එකට සිටිනා ඡායරූප ගැනීම සඳහා දිනුෂි නිතරම ඔවුන් පසු පස ගමන් කලාය. ආරුගම් බොක්කේදී තාරක සහ මධූෂා පිටුපසින් ආ ගැහැණු ළමයා දිනූෂිය. මේ දෙදෙනාගේ ඡායාරූප හිමේ පිට ලබා දුන්නේ දිනූෂිය. මේ ඡායාරූප වලට අමතරව අසභ්‍ය කාමුක ඡායා රූපයකට තාරක සහ මධූෂාගේ මුහුණු ෆෝස්ටොෂොප් මෘදුකාංගයෙන් අනුබද්ධ කොට හිමේෂි විසින් ඡාය රූපයක් සකස් කලාය.
මෙම ඡායාරූප සමාධිට පෙන්වීමෙන් ඇය හා තාරක බිඳවීම හිමේෂිගේ අරමුණ විය.
ඩිලානිගෙන් හිමේෂිගේ ජංගම දුරකථන අංකය ලබාගත් සමාධි ඇයට කතා කලාය.
“හලෝ හිමේෂි… මම සමාධි… තාරකගෙ ගල් ෆ්‍රෙන්ඩ්… ඔයා එවපු ෆෝටෝස් වලට ගොඩාක් ස්තූතියි….. සමාධි කිව්වාය.
” අ..ම්.. මේ.. ෆො… ෆෝටෝස්. ආ.. ඔ.. ඔව්… ” හිමේෂි ගොත ගැසුවාය.
” හිමේෂි… ඔයා බොරු ඊමේල් ඇඩ්‍රස් වලින් එවන්නේ නැතුව කෙළින්ම එව්වනම් ඉවරයිනෙ……”
” නෑ.. මේ මම…ඉතින්.. මේ හිතුවා… ඇනොනිමස් එවන එක හොඳයි කියලා…… හිමේෂි යන්තම් කියා ගත්තාය.
” කරන දෙයක් කෙළින් කරන්න පුරුදු වෙන්න හිමේෂි… කොහොම වුනත් ඔයා මට කරේ ලොකු උදව්වක් ……මම හිතුවෙ නෑ තාරක මේ වගේ කෙනෙක් කියලා….”
” ඔව් අනේ… මම හිතුවෙත් නෑ..” හිමේෂි හිත යටින් සන්තෝස වෙමින් කීවාය.
” මම තීරණය කලා තාරකගෙන් වෙන් වෙන්න….” සමාධි තදින් පැවසුවාය.
” ඒක හොඳයි සමාධි….. ඔයා තාරකට හොඳ වැඩියි…. මේ මම ඔයාට දෙයක් කියන්නම්.. තාරක මාත් එක්ක කළින් යාලු වෙලා හිටියා.. එයා මාව රූම්ස් වලටත් එක්ක ගියා…. එහෙම ගිහින් මම එපා කියද්දිම මාත් එක්ක සෙක්ස් කරා දැන් මම වර්ජින් කෙනෙක් නෙමෙයි… මට එහෙම කරලා පස්සෙ මාව අත ඇරල ඔයා එක්ක යාලු වුනා…… එයා දකින දකින කෙල්ල ඇඳට ගන්නව සමාධි…. දැක්කනෙ ෆෝටෝස් වලින්……” හිමේෂි ඇඟට නොදැනී බොරු වැලක් කියා ගෙන ගියාය.
” ම්… එහෙමද ?….” සමාධි ඇසුවාය.
” ඔව් සමාධි….. මේ.. ඔයාවත් රූම්ස් වලට එක්ක ගියාද?…..”
“ම්ම්… තවම නම් එහෙම නෑ හිමේෂි…..” සමාධි ශාන්ත ලෙස කීවාය.
” බලාගෙන ළඟදිම ඔයාටත් වැඩේ දෙයි… ඊට කළින් බූට් පාර දෙන්න…..” හිමේෂි උපදෙස් දුන්නාය.
” හිමේෂි… සමහර විට ඔයා දන්නවත් ඇති.. මම දුප්පත්
කෙල්ලෙක්… මට ඔයගොල්ලන්ට වගේ සල්ලි නෑ… ඒ වුනත් මගේ
අම්මා මට නිතරම දුර බලන්නත් දෙපැත්ත බලන්නත් හොඳට පුරුදු කරල තියෙනවා… අන්න ඒ හින්ද මම ලේසියෙන් රැවටෙන්නෙ නෑ….’ සමාධි තදින් මෙසේ පැවසුවාය.
” මොනවද සමාධි ඔයා මේ කියන්නේ? ” හිමේෂි පුදුමයෙන් ඇසුවාය.
” ඔයා ෆෝටෝස් විකෘති කරන්න හොඳට දන්නව නේද හිමේෂි?…. ” සමාධි ඉතා සන්සුන් ලෙස ඇසුවාය.
“ම්..මො… මොනවද….මම දන්නෙ නෑ…..” හිමේෂිගෙ කටහඬ සැලෙන්නට විය.
” හිමේෂි… හොඳට අහ ගන්න… ඔයා දන්නෙ නැතුව ඇති තාරකගෙ දකුණු අතේ උරහිසට පහලින් පොඩි කාලේදි වුන තුවාලයක කැළලක් තියෙන බව… මම ඒක දැක්කෙ ඔයා හිතේ මවාගෙන ඉන්න විදිය වල් කමක් තාරක එක්ක කරන්න ගිහින් නෙමෙයි…. දවසක් තාරකගෙ උරහිසේ වේදනාවකට මම තෙල් සාත්තුවක් කරා….අන්න ඒ වෙලාවේ තමයි මම දැක්කේ.. ඔයා එවපු වල් ෆොටෝ එකේ ඉන්න මිනිහගෙ අතේ ඒ කැළල නැති බව ඔයා ෆොටෝ එක එඩිට් කරන කොට දැක්කෙ නැතුව ඇති නේද හිමේෂි?…..” සමාධි ඔච්චම් අයුරින් ඇසුවාය.
” අග්..ග්.ග්.ග්…” හිමේෂිට වචන හිර විය.
” හිමේෂි… හොඳට අහගන්න…. තාරකවයි මාවයි වෙන් කරන්න කිසිම බලවේගයකට බෑ… ඒ හින්දා මේ වගේ බොරු වැඩ කරන්න එපා.. ඔයා අර අහිංසක කෙල්ලෙකුත් මේකට ගාව ගත්තා…. අපි දෙන්නව මේ ජීවිතයේදි වෙන් කරන්න පුලුවන් එකම විදිය තමයි අපි දෙන්නව මරල දාන එක…. ඔයාට ඕන නම් අන්න ඒක කරන්න.. ඒ වුනත් අපි එන ආත්මෙ ආයිත් එකතු වෙනවා… නිවන් දකින කන්ම අපි දෙන්නා එකට ඉන්නවා……” වේගයෙන් කීවාය. සමාධි

හිමේ පිට කිසිම දෙයක් කියා ගැනීමට නොහැකි විය. සමාධි දිගටම කතා කලාය.
” මතක තියා ගන්න හිමේෂි… තාරකයි මමයි අතර තියෙන්නෙ කවදාවත් වෙනස් නොවෙන ආදරයක්…. ඒක රාගයක් නෙමෙයි. ඔයා කියල තිබුන අපි දෙන්නට ළමයි හදන්න වෙන්නේ ටෙස්ට් ටියුබ් ක්‍රමයට කියලා… හොඳට අහගන්න හිමේෂි… තාරකයි මමයි කසාද බැන්දට පස්සෙ අපි දෙන්න ලිංගිකව එකතු වෙනවා… ඒක වල් කමක් නෙමෙයි… ආදරයත් එක්ක එන ශෘංගාරයක්… ඔයා හිතන විදිය වල් කමක් අපි දෙන්න ළඟ එදා තිබුනෙත් නෑ… අද ඇත්තෙත් නෑ… ඉස්සරහට ඇති වෙන්නෙත් නෑ………….සමාධි හදවතින්ම මතු වී එන හැඟීමෙන් කීවාය.
සිහින් දාඩියෙන් ඇඟ තෙත්වී ගිය හිමේ ෂිට කතා කර ගැනීමට නොහැකි විය.
”තව එකක් හිමේෂි… ඔයා මේ ෆෝටෝස් ඉන්ටනෙට් එකේ දාල හරි…… වෙන කාටවත් ඊමේල් කරල හරි තිබුනොත් මම කෙළින්ම පොලීසියට පැමිණිලි කරනවා.. මගේ තාරකටයි අර අහිංසක මධූෂාටයි අවනම්බු කරන්න ඔයාට බෑ… ඒක හින්ද කරුණා කරල ඔය ෆෝටෝස් ඩිලීට් කරල දාන්න…….
මෙසේ පැවසූ සමාධි දුරකථනය විසංධි කලාය.
නොසැලෙන ආදරයකින් බැඳී සිටින බොහෝ පෙම්වතුන්ට මෙවැනි ඊර්ෂ්‍යා සහ ක්‍රෝධ පරවශ කෙනහිලි කම් වලට මුහුණ දීමට සිදු වීම අසාමාන්‍ය දෙයක් නොවේ. අද සමාජය ඒ තරමට විෂම වී ඇත. මෙවැනි අවස්ථා වලදී කල යුත්තේ ඇති වී තිබෙන තත්ත්වය සාවධානව විමර්ශනය කොට දෙදෙනාගේ සාකච්ඡාවෙන් පිළියමක් යෙදීමය. එසේ නොකලහොත් මාත්සර්යය ඉස්මතු වී ආදර සම්බන්ධතා කැඩී යාම පමණක් නොව ජීවිත විනාශ වීම් පවා සිදු විය හැකිය.

සමාධි මේ අවස්ථාවේදී තැනට සුදුසු නුවණින්, ඉවසිල්ලෙන් නියම ආකාරයට කටයුතු කල නිසා තාරක සහ ඇගේ ආදරයට කිසිම බලපෑමක් ඇති කිරීමට හිමේෂිට නොහැකි විය. තාරක සහ සමාධිගේ අන්‍යෝන්‍ය අවබෝධය සහ ආදරය කිසිම සැඩ පහරකින් සෙලවීමට නොහැකි දෙයකි.
හිමේෂිගේ වෛරය මෙතැනින් කෙළවර වෙයිද?……
________________________________________________________________________________________

උසස් පෙළ විභාගය අත ළඟටම පැමිණ ඇති නිසා සමාධිත් තාරකත් සියලුම අවධානය විභාගයට යොමු කලෝය. මේ විභාගය ඔවුන්ගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් බැවින් එය ඉහලින්ම සමත් වීම අත්‍යාවශ්‍ය බව ඔවුන් දැන සිටියෝය.
පාඩම් කටයුතු ඉතා හොඳින් සිදු කලත් දෙදෙනා ජීවිතයේ සමබර භාවය පවත්වා ගත්තෝය. පාඩම් කටයුතු වලින් විඩාවට පත්වූ ගතට සහ සිතට සුවයක් ලබා ගැනීමට ඔවුන්ට එකිනෙකාගේ ප්‍රිය සමාගමයත් ආදර තුරුලු වීම් සහ සිප ගැනීමුත් පිටිවහලක් විය. ඉඩ ලැබුන සෑම අවස්ථාවකදීම දෙදෙනා කොටු බැම්මේ සුපුරුදු ස්ථානයේදී මුණ ගැසු නෝය.
“ම්ම් තාරක… මට ඔයාගේ රස්නෙ දැනුනම පාඩම් කරල ආපු මහන්සිය ඔක්කොම යනවා පැටියෝ…..”
දිනක් උණුසුම් සිප ගැනීමකින් පසු තාරකට තුරුලු වී සිටි සමාධි කිවාය.
” ම්…. මටත් එහෙමමයි මගෙ සමාධි මැණික….. ඔයාව තුරුලු කරගෙන ඔයාගේ ලස්සන තොල් දෙකේ රස්නෙ දැනෙන කොට ඇඟටයි හිතටයි හරිම සැහැල්ලුවක් දැනෙනවා පැටියෝ…”
තාරක සමාධිගේ කම්මුල් සිඹිමින් කීවේය. සමාධි තාරකගේ ඉන වටා අත් දමා තවත් තුරුලු වූවාය. මුහුදෙන් එන සීතල සුළඟ දෙදෙනාගේ සොම්නස තවත් වැඩි කලේය.
“ඔයා නැති ජීවිතයක් මට නෑ තාරක…..අපි කොහොම හරි ඒ ලෙවල්ස් හොඳට කරලා කැම්පස් යන්න බලමු…. ඔයා නම් ෂුර්ව එකට මෙඩිසින් සිලෙක්ට් වෙනවා… මට ඒක ඉර හඳ වගේ විස්වාසයි… මමත් කොහොම හරි කොමස් කරන්න ට්‍රයි කරනවා……”
”සමාධි… ඔයත් සිලෙක්ට් වෙන එක වෙනවමයි… බලන්න ඔයා කොව්වර උනන්දුවෙන් පිළිවෙලට වැඩ කරනවද කියල….. ඉතින් ඔයා පාස් වෙන්නම ඕන….”
” අනේ ඒ වුනත් මට බයයි තාරක… මගේ එකම බලාපොරොත්තුව කැම්පස් සිලෙක්ට් වෙන එක… එහෙම නැත්නම් මට අනාගතයක් නෑ තාරක…” සමාධි දුකෙන් පැවසුවාය.
“සමාධි… ඔයා කිසි දේකට බය වෙන්න එපා… ඔයා සිලෙක්ට් වෙන ඒක ෂුවර්… එහෙම වුනේ නැති වුනත් ඔයාට ඕන දේකට මම ඉන්නවා… අපි එන විදියට ජීවිතේට මූණ දෙමු……??
” තාරක… ඔයාගේ ශක්තිය මට ලොකු ධෛයයක්. ඒක හින්ද මට මම ගැන විශ්වාසයක් තියෙනවා…..”
සමාධිටත් තාරකටත් එකිනෙකාගෙන් ලැබෙන සහයෝගය සහ පිටිවහල මහඟු අත්වැලක් සහ ශක්තියක් විය. ජීවිත යථාර්තයට මුහුණ දීමට ඒ මගින් දෙදෙනාම විශාල පන්නරයක් ලැබුවෝය.
අගෝස්තු මාසයේ පැවැත්වුන අ.පො.ස. උසස් පෙළ විභාගයට තාරකත් සමාධිත් තමන්ට හැකි උපරිම ශක්තියෙන් පෙනී සිටියෝය. මේ පරිශ්‍රමය ගැන දෙදෙනාම ආත්ම තෘප්තියකට පත් වූවෝය. ඔවුන් දෙදෙනා සමග උෂාන් සහ අනුත්තරාද විභාගයට පෙනී සිටියාය. හිමේෂි, රුවනි සහ කුෂානිද විභාගයට වාඩි වූවත් සමත් වීමේ සම්භාවිතාව අඩු බව ඔවුන් දැන ගෙන සිටියෝය.
දරු ගැබක් ඇති ඩිලානිට විභාගයට පෙනී සිටීමට හැකියාවක් තිබුනේ නැත. මේ නිසා ඩිලානි එක්තරා විදියක අසහනකාරි තත්වයකට පත් වූවාය.
” අනේ සමාධි බලන්නකො… මට ඔය ගොල්ලන්ට වගේ ඒ ලෙවල්ස් කරන්න බැරි වුනා නේ…” ඩිලානි දුකෙන් කීවාය.
” ඩිලානි… වුන දේවල් ගැන හිත හිතා දුක් වෙන්න එපා… ඔයාට ඉස්සරහට ඉගෙන ගන්න පුලුවන්… ළමයෙක් හිටිය කියල ඒකට බාධාවක් නැහැ… බබා හම්බ වුනාට පස්සෙ අපි බලමු මොනවද කරන්න පුලුවන් කියල… අපි ඔක්කොම ඔයා එක්ක ඉන්නවා… ඒ හින්ද ඒ ගැන දුක් වෙන්න එපා….” සමාධි නියම සොහොයුරියකගේ ප්‍රේමයෙන් පැවසුවාය.
” ඔව් සමාධි… ඔයා මාත් එක්ක ඉන්න එක මට ලොකුම හයියක්…උෂාන් හොඳට විභාගෙ පාස් වෙයි… අපි දෙන්න ජීවිතේ ගොඩ නගා ගන්න හැම උත්සාහයක්ම කරනවා… බබා හම්බ වුනාට පස්සෙ මමත් පුලුවන් විදියට මොනව හරි කරනවා…..”
” අන්න හරි ඩිලානි… ඒ විදියට ධනාත්මකව හිතල හැම උත්සාහයක්ම ගන්න… එතකොට වරදින්නෙ නෑ….”
සමාධිගේ අනුබලය සහ උදව්ව ඩිලානිටත් උෂාන්ටත් ලොකු ශක්තියක් විය.
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමට මාස හයක් පමණ කල් ගත වන නිසාත්, රටේ පවතින වාතාවරණය තුල විශ්ව විද්‍යාල ප්‍රවේශය සෑහෙන කාලයක් ප්‍රමාද විය හැකි නිසාත්, විභාගයෙන් පසු ජීවිතයට ප්‍රයෝජනවත් දෙයක් කිරීමට සමාධි සිතා ගත්තාය. ඇය තාරක සමග මේ ගැන කතා කලාය.
” තාරක.. රිසල්ස් එන්න අඩු ගානෙ එන ජනවාරි වත් වෙයි… අනික දැන් මේ යුනිව සිටි අරින වහන විදියට කවදා කැම්පස් යන්න වේද මන් දන්නේ නෑ සිලෙක්ට් වුනත්… ඒ හින්ද මම හිතුව මේ කාලෙ පොඩි රස්සාවක් කරන්න.. ඒක පොඩි ආදායමක් වගේම හොඳ පළපුරුද්දකුත් වෙයි…….”
” ම්ම්.. ඔව් සමාධි.. ඔයාගෙ කල්පනාව හරියට හරි ….අනේ සමාධි…… ඔයා හැම දේ ගැනම හරි විදියට හිතනවා… මම කොච්චර වාසනාවන්තද ඔයා වගේ ගර්ල් කෙනෙක් ලැබෙන්න……” තාරක සංවේදී හඬකින් කීවේය.
” ඔයාට වඩා ලකී මම තාරක.. ඔයා වගේ කෙනෙක් ලැබෙන්න… මම දුප්පත් කෙල්ලෙක් තාරක.. ඉතින් අපි වගේ අය හැම දේම හොඳට කල්පනා කරලා අරපිරිමැස්මෙන් කරන්න ඕන… නැත්නම් අපිට ඉහ ගහල ඉන්න බෑ…”
” ඔයා දුප්පත් කියල හිතන්න එපා සමාධි… සල්ලි දේපල නැති
වුනාට ඔයා ගති ගුණ අතින් හැමෝටම වඩා පෝසත්…. ඉතින් ඔයා
මොන වගේ රස්සාවක් කරන්නද බලාපොරොත්තුව?….?”
” මම කොමස් කරන්න හිතා ගෙන ඉන්න හින්ද මම හිතුවා ෂොප් එකක පොඩි රස්සාවක් හොයා ගන්න.. බඩු රාක්ක වලට දාන එකක් වුනත් කමක් නැහැ… මට ඕන සේල්ස් පළපුරුද්දක් අර ගන්න… ටවුන් එකේ සුප`මා කට්ස් වලට අපේ වයසෙ කට්ටිය ගන්නව කියල මට ආරංචියක් ආවා………මම ට්‍රයි කරල බලනවා…..”
” ආ.. ඒක හොඳයි සමාධි.. ඔයාට ස්ටොකින් වගේම කවුන්ටර් එක්ස්පීරියන්ස් ගන්නත් පුලුවන්.. ම්… ඔයා කවද හරි සුප´ මාකට් කම්පැණියක මැනේජර් කෙනෙක් වෙයි.. එතකොට ඉතින් මාව අමතක වෙයි නේද….හි.හි……”
“මේ… නිකන් ඔල්මාද කතා නොකිය ඉන්න තාරක… රජකම හම්බ වුනත් මම අයිති ඔයාට විතරයි… මේ ඒක නෙමෙයි… ඔයත් ට්‍රයි කරන්නකො ෆාමසියක හරි ඩිස්පැන් සරියක හරි පොඩි රස්සාවක් හොයා ගන්න… ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉන්න ඔයාට ඒක වැදගත් වෙයි…. අඩු ගානෙ පැනඩෝල් පෙත්තක්වත් දෙන්න ඉගෙන ගන්න පුලුවන් නේ… හි.හි.හි…”
” නිකන් ඉන්න.. නරක කෙල්ල ඔයා… හි.හි.හි…’ තාරක සමාධිව තුරුලු කොට තොල් හාදුවක් දුන්නේය.
” ස්ය… ළමයො මේ ගෙදර… අම්මයි ඩිලානියි ඉන්නවා…“ සමාධි මුහුණ අනිත් පැත්තට හරවා කීවාය.
” ඉතින් මොකෝ?….. මට මගේ කෙල්ලව ඉඹින්න බැරිද ?……’ තාරක නැවතත් හාදුවක් දීමට තැත් කලේය.
“ළමයො මේ… මෙතන බෑ අනේ…පොඩ්ඩක් ඉවසල ඉන්නකො හැන්දැ වෙනකන්.. අම්මෝ තියෙන අමාරුව විතරක්… හි.හි.. හි… මේ හරිනෙ එහෙනම්… අපි දෙන්න කොහොම හරි ජොබ් දෙකක් හොයා ගනිමු……..
සමාධිගේ දැඩි වීර්යයෙන් උත්තේජනය ලැබූ තාරක සමාධිත් සමග රැකියාවක් සෙවීම ආරම්භ කලේය. ඉතා කෙටි කලකින් ඔවුන්ගේ උත්සාහය සාර්ථක විය. සමාධිට නගරයේ ප්‍රධාන සුපිරි වෙළඳ සලේ ආධුනික සේවිකාවක ලෙස රැකියාවක් ලැබුන අතර
තාරකට සුළු පරිමාණයේ ඖෂධ ශාලාවක භාණ්ඩ අලෙවි කරන්නකු ලෙස රැකියාවක් ලැබුනි.
සම්මුඛ පරීක්ෂණයේදී සමාධි පරිපාලන නිලධාරීන් ඉතා පැහැදීමකට පත් වන ආකාරයට පරීක්ෂණයට මුහුණ දුන්නාය. මේ නිසා ඇයට භාණ්ඩ විකිණීමට අමතරව ගබඩා පාලනයට සම්බන්ධ වීමටද අවස්ථාව ලැබුනි.
” සමාධි… ඔයා හැම දේම හොඳ පිළිවෙලට කරන නිසා වෙකවුට් කවුන්ටර් වල වගෙම ස්ටොක්ස් වලත් වැඩ කරන්න…. ඒක අපි ඔක්කොමටම ප්‍රයෝජනවත් වෙයි…” අධීක්ෂණ නිලධාරියා සමාධිට කීවේය.
“තැන්ක්යූ සර්… මම පුලුවන් තරම් හොඳින් වැඩ දෙකම කරන්නම්…..”
” ඔයාට හොඳ අනාගතයක් තියෙනව සමාධි.. මට ඒක පේනව… අපි ඔයාට කරන්න පුලුවන් හැම උදව්වම කරන්නම්…’
“තැන්ක් යූ වෙරි මව් සර්…”
ඉතා කෙටි කලකින් සමාධි තම ප්‍රධානීන්ගේ මෙන්ම පාරිභෝගිකයින්ගේද සිත් දිනාගෙන වැඩ කිරීමට සමත් වූවාය.
ජන සමාජයේ විවිධ තරාතිරමේ මෙන්ම විවිධ අදහස් ඇති පුද්ගලයින් ජීවත් වේ. කෙනෙකු කෙතරම් හොඳින් සහ අවංකව වැඩ කලද අන් අයගේ ඊර්ෂ්‍යාවට සහ කෙනෙහිලි කම් වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. මෙම ඊර්ෂ්‍යා පරවශ සිතිවිලි නොයෙකුත් හේතූන් නිසා ජනිත විය හැකිය. කෙසේ වෙතත් අධිෂ්ඨානය සහ ධෛර්යය ඇති කෙනෙකුට මෙම බලපෑම් වලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඇත. සමාධි තමා ලැබූ ජිවිත අත්දැකීම් නිසා මේ
සමාධි සමග තවත් සම වයසේ ගැහැණු ළමයින් දෙදෙනෙකු වෙළඳ සලේ රැකියාවට පැමිණියෝය. ඉතා කෙටි කාලයකින් මේ දෙදෙනා සමාධිට එදිරිව කල්ලි ගැසීමට පෙළඹුනෝය. එයට හේතූන් වූයේ සමාධි ප්‍රධානීන්ගේ සිත් දිනා ගෙන වැඩ කිරීමත් ඇය ඔවුන් දෙදෙනාට වඩා පියකරු ගැහැණු ළමයෙකු වීමත්ය. ගැහැණු ළමුන් අතර ඊර්ෂ්‍යා සිතුවිලි පහළ වීමට මූලික හේතුවක් වන්නේ රූප සම්පත්තියයි.
‘මේ මේනකා….. මේ සමාධි හින්ද අපිට කිසිම තැනක් ගන්න හම්බ වෙන්නෙ නෑ බන්… බලපන් ඒකි බොසාගේ මීටර් එකට වැටිලා ඉන්නෙ.. අපිට නෝ වාන්ස් තමයි…..”
” ඔව් බන් සකුනි …. අනික මේකි පැනල දෙනව මම හිතන්නෙ… ඒකි ලස්සන හින්ද බොසාටත් ඉතින් නළියනව ඇති….” මේනකා ඊර්ෂ්‍යා සිතින් කිව්වාය.
“ම්.. ඒ කියන්නෙ බොසා මේකිව උස්සනව කියලද ?……”
” කව්ද බන් දන්නේ…… අපි දන්නෙ නැති වුනාට හවසට වැඩ ඇරුනම උස්සනව ඇති… අනික ඒකි යුනිෆෝම් එකට තවත් ලස්සනට පේනව.. කළිසම හොඳට පස්සට තද වෙලා තියෙනවනෙ.. ඉතින් බොසාට ඉන්න බැරුව ඇති……”
” ඕකිට කොල්ලෙක් ඉන්නවද?……”
” මන් දන්නෙ නෑ බන්…. ඉන්නව ඇති… කොල්ලො හිටියට උන්ට ගානක් නෑ බන්… ලස්සන කෙල්ලො වැඩි හරියක් තමන්ගෙ වැඩ කරගන්න ඕන වුනාම බොසාල එක්ක යනවා… ඉතින් අපි වගේ අයට කිසිම තැනක් නෑ…”
කිසිම පදනමක් හෝ හේතුවක් නොමැතිව හුදෙක් ඊර්ෂ්‍යාව පාදක කොට මේනකාත් සකුනිත් සමාධිට මෙවැනි අමූලික කතා ගෙතීමට පෙළඹුනෝය. සමාධි මේවා නොදැන සිටියා නොවේ.
එහෙත් ඇය සිය තැන්පත් භාවය රැක ගත්තාය. ඔවුන් ළඟ ඇති උඩින් මිතුරු යටින් හතුරු සංකල්පය ගැන සමාධි අවබෝධයෙන් සිටි අතර රාජකාරි මට්ටමෙන් දෙදෙනා සමග ඇසුර නියම ආකාරයට පවත්වා ගෙන ගියාය.
තාරකට රැකියාව ලැබුන ඖෂධාලයේ සිටියේ ශාලාව
අයිතිකරු සහ වරලත් ඖෂධ වේදියකු පමණය. තාරක සමග උසස්
පෙල විභාගයට පෙනී සිටි තවත් පිරිමි ළමයෙකු ද රැකියාවට
පැමිණියේය. පසිඳු නම් වූ ඔහු සමග තාරක ඉක්මනින්ම මිත්‍ර විය. මේ
නිසා තාරකට සමාධිට මෙන් කෙනෙහිලි කම් වලට ලක් වීමට සිදු
වූයේ නැත. තාරක සහ පසිඳු ගේ හැකියාව ගැන පැහැදුනු ශාලා
අයිතිකරු ඔවුන් දෙදෙනාට අවශ්‍ය සියලු පහසුකම් සපයා
දුන්නේය.
පසිඳු කුඩා කාලයේදීම දෙමාපිය රැකවරණය අහිමිව ගොස් අනාථ නිවාසයක හැදුන වැඩුන දරුවෙකි. මේ නිසා ඔහුගේ පෞරුෂත්වය අනිකුත් සම වයසේ ළමුන්ට වඩා වෙනස් විය. එනමුත් ඔහු ළඟ උතුම් ගුණාංග සහ හැදියාවක් ඇති බව තාරකට වැටහුනි. පසිඳු ළමා කාලය ගත කල ඒ නිවාසයේ ඇති මනා පාලනය සහ විනය නිසා පසිඳුට මේ සංයමය ඇති වී තිබේ.
” තාරක… මම ඔය ගොල්ලො තරම් වාසනාවන්ත නැහැ… මට කවදාවත් අම්ම කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ ආදරය ලැබිලා නැහැ…. අපේ මේට්‍රන් අපිට ගොඩක් කරුණාවන්ත තමයි… ඒත්……”
” පසිඳු… එහෙම හිතන්න එපා…. ඔයාට යම් යම් දේවල් ලැබුනෙ නැහැ හැ තමයි… ඒත් ඔයා වාසනාවන්ත නෑ කියල හිතන්න එපා… හෝම් එකේදී ඔයාට රැකවරණය ලැබුනා.. ඒ එක්කම
ඉගෙන ගන්න ලැබුනා.. ඒවවත් නැති ළමයි අද රටේ කොච්චර ඉන්නවද….”
” ම්… ඒකත් ඇත්ත තමයි තාරක… අපි හැම තිස්සෙම හිතන්නෙ අපිට නොලැබුන.. නැති දේවල් ගැන විතරයි… තියෙන දේවල් අගය කරන්නෙ නෑ… ඔයා කියන එක මට තේරෙනවා.. අනේ ඔයා වගේ යාලුවෙක් හම්බ වුන එක ගැන මම ගොඩක් සන්තෝසයි…..”
” පසිඳු…. ඔයාට ඕන උදව්වක් කරන්න මම ඉන්නවා…. ඔයා ඒ ලෙවල් පාස් වෙයි.. ඊට පස්සෙ ඉගෙන ගෙන තැනකට එන්න බලන්න… මමයි සමාධියි ඔයාට පුලුවන් හැම හෙල්ප් එකක්ම දෙන්නම්……”
” කවුද සමාධි කියන්නෙ තාරක ?… ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්
” ඔව් පසිඳු ….. මගේ ජීවිතය එයා තමයි…….මම වෙලාවක ඔයාට අඳුන්නල දෙන්නම් කො…..”
” සමාධි හරිම ලකී ගර්ල් කෙනෙක් වෙන්න ඕන ඔයා වගේ කෙනෙක් ලැබෙන්න…..”
තාරකගෙත් පසිඳුගෙත් අවංක මිතුරු දම මේ ආකාරයට දිනෙන් දින වර්ධනය වූයේය. මේ නිසා රැකියා ස්ථානය තාරකට ප්‍රීතිමත් තැනක් විය.
තාරක සමාධි සමග පසිඳුගේ විස්තර කීවේය.
” අනේ බලන්න සමාධි.. මාත් එක්ක වැඩ කරන පසිඳු අනාථ ළමයෙක්….. එයා හැදිල වැඩිල තියෙන්නෙ හෝම් එකක…. ඒත් අනේ හරිම හොඳ ළමයෙක්….”
” අයියෝ අනේ ඇත්ත ද තාරක……. බලන්න…… මට නැත්තෙ තාත්ති විතරයි…. එයාට අම්මයි තාත්තයි දෙන්නම නෑ… අනේ මට හරියට දුක හිතෙනවා.. අපි එයාට දෙන්න පුලුවන් හැම උදව්වම දෙමු තාරක….”
සමාධිගේ දෑසට කඳුලු ගැලුවේය.
” අනේ සමාධි….. ඔයාගෙ ඇස් වල කඳුලු ……මම දන්නව ඔයාගේ හිත ඉක්මනට උණු වෙනවා කියලා….. ඔව් අපි එහෙම කරමු……මම දවසක පසිඳුව ඔයාට අඳුන්නල දෙන්නම්…….”
” අනේ ඔව් තාරක……මම ආසයි පසිඳුව හම්බ වෙන්න……”
සෙනසුරාදා දිනයක සමාධි සහ තාරක පසිඳු හමු වූවෝය. ඔවුන් සමග අනුත්තරාද පැමිණියාය. කුඩා අවන් හලක කලබල නැති තැනක සිව් දෙනා අසුන් ගත්තෝය.
පසිඳුගේ අහිංසක කම සමාධිට එක් වරම තේරුම් ගැනීමට පුලුවන් විය. මේ නිසා සමාධිට පසිඳු ගැන ලොකු ලෙන්ගතු කමක් ඇති විය. අනුත්තරාටද මෙවැනිම හැඟීමක් ඇති විය.
” පසිඳු… මේ සමාධි… ඔයා දන්නවනෙ කවුද කියල.. හි.හි.හි… මේ සමාධිගෙ හොඳම යාලුවා අනුත්තරා.. අපි කියන්නෙ අනු කියල…… තාරක සමාධි සහ අනුත්තරා හඳුන්වා දුන්නේය.
” අඳුන ගන්න ලැබීම ගැන සන්තෝසයි…..”
පසිඳු මදක් ලැජ්ජාවෙන් කීවේය. අනුත්තරා නිසා තමන් කිසියම් කැළඹීමකට පත්ව ඇති බව පසිඳුට දැනුනේය. මේ බව නොපෙන්වා සිටීමට ඔහු සෑම උත්සාහයක්ම ගත්තේය.
” ඔයාව අඳුන ගත්ත එක අපිට හරිම සන්තෝසයි පසිඳු …. ඉතින් කොහොමද ඔයා විභාගෙ කරේ?… හොඳින් කරන්න ඇති නේද?…” සමාධි ඇසුවාය.
” අනේ මන් දන්නෙ නැහැ සමාධි… පුලුවන් තරම් හොඳට කරා.. ඒත් ඉතින් රිසල්ස් මොනව වෙයිද දන්නෙ නෑ……”
” නෑ පසිඳු… ඔයා පාස් වෙයි… ඔයා මොනවද කරන්න හිතා ගෙන ඉන්නෙ ?…..”
” මම මෙඩිසින් තමයි කරන්න හිතා ගෙන ඉන්නෙ… ඒත් ඉතින් කොහොම වේද දන්නෙ නෑ සමාධි….”
” අනේ හරි ෂෝක් පසිඳු ….. තාරකත් මෙඩිසින් කරන්න නෙ ඉන්නෙ… දෙන්නටම පුලුවන් දොස්තර මහත්තුරු වෙන්න.. හැබැයි සිලෙක්ට් වෙන්න බැරි වුනොත් පහු බහින්න එපා… අපි වෙන දෙයක් කරමු… අද රටේ කරන්න ඕන තරම් දේවල් තියෙනවා…. ගොඩක් කට්ටිය ඒව ගැන සැළකීමක් කරන්නෙ නෑ….”
” ඔව් සමාධි… මමත් එහෙම තමයි හිතා ගෙන ඉන්නේ…. ඔයත් හරියට අපේ ලොකු සර් වගේ. හි.හි.හි… මට ඔයා වගේ සහෝදරියෙක් හිටිය නම් කොච්චර ෂෝක්ද ?…..”
” ඉතින් පසිඳු… මම දැන් මේ ඉන්නෙ… මම ඔයාගේ සිස්ටර් කෙනෙක් තමයි දැන්… මේ… කව්ද ඔයාගෙ ලොකු සර් කියන්නෙ?…..”
“අපේ ළමා නිවාසය පටන් අරගෙන ඒකට ඕන කරන ඔක්කොම වියදම් කරන්නෙ සර් තමයි… සර් දැන් පදිංචි වෙලා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ… බැඳල ඉන්නෙ සර් වගේම මහජන සුබ සිද්ධියට කැමති ඉන්දියන් ලේඩි කෙනෙක්. මැඩමුත් හරිම හොඳයි.. ඒ වගේම හින්දි නිළියක් වගේ ලස්සනයි…. සර්ගෙ හෝම් දෙකක් තියෙනවා… පිරිමි ළමයින්ට එකයි.. ගැහැණු
ළමයින්ට එකයි…සර් මැඩම් එක්ක හැම අවුරුද්දෙම ලංකාවට එනවා… අපි ඔක් කොමට හරිම ආදරෙයි… සත් හැමතිස්සෙම කියන්නෙ අපිට පුලුවන් විදියට ඉගෙන ගෙන රටට සේවයක් කරන්න කියලා… අනිත් අය කරන්නන් වාලේ කරන්න එපා කියලා…. හරියට ඔයා කියනව වගේ තමයි සමාධි…..”
මෙසේ පවසන විට පසිඳු සංවේදී විය. පසිඳුගේ ඇස් දෙකේ කඳුලු දුටු සමාධිගේ දෑසට ද කඳුලු පිරුනේය. අනුත්තරාට ද කඳුලු නවත්වා ගැනීමට නොහැකි වූවාය.
මද විරාමයකට පසු තාරක කතා කලේය.
” පසිඳු… ඒ කියන්නෙ එයා ලොකු දානපතියෙක් වෙන්න ඇති… අපි මේ හෝම් එක ගැන වැඩිය අහල නැහැ නේ….”
” ඔව් තාරක… සර් ප්‍රසිද්ධියට කැමති නැහැ.. සේවය විතරයි… ඒ හින්ද වැඩිය කවුරුත් අපේ හෝම් එක ගැන දන්නෙ නැහැ…අපේ ළමයිනුයි වැඩ කරන කට්ටියයි සර්ටයි මැඩම්ටයි පුදුම විදියට ආදරෙයි…සර් අපිට කිසිම දේකින් අඩුවක් කරේ නෑ.. ඒත් ඉතින් ….” පසිඳු මෙසේ කියමින් බිම බලා ගත්තේය.
” ඇයි පසිඳු ?…..” සමාධි ඇසුවාය.
” නෑ සමාධි… මොනව තිබුනත් අපිට දෙමව්පියන්ගේ ආදරය කරුණාව ලැබුනෙ නැහැනෙ……ග්…….” පසිඳුට වචන හිර විය.
” පසිඳු… ඔයාට දැනෙන වේදනාව අපිට තේරෙනවා.. දැන් ඔයාට අපි ඉන්නවනෙ.. අපි ඔයාගෙ ඒ අඩුව පුරවන්න පුලුවන් හැම දේම කරන්නම්…..”
අනුත්තරා මෙතැනදී කිසිම කතාවක් නොකෙරුවත් ඇයට පසිඳු ගැන ලොකු අනුකම්පාවක් ඇති විය. එය අනුකම්පාවක්ද එසේ නැතහොත් ලෙන්ගතු හැඟීමක් ද කියා සිතා ගත නොහැකිව අනුත්තරා මද වික්ෂිප්ත භාවයකට පත්
ඇති වූ කරුණාබර හැඟිම නිසා හඬා වැටුනි. කඳුලු නවත්වා ගැනීමට ඇය මහත් ආයාසයක් යෙදුවාය.
අනුත්තරාට ඇති වූ මේ වෙනස පසිඳුට පෙනුනා පමණක් නොව ඔහු තුල අසාමාන්‍ය, විස්තර කල නොහැකි හැඟීමක් ද ඇති විය. හෘද සප්න්දන වේගය වැඩි වූ බව ද පසිඳුට දැනුනි. මේ නිසා සංවේදී භාවයට පත්ව සිටින පසිඳු සබකෝල තත්ත්වයකටද පත් වීය.
තාරක දෙදෙනාගේ මේ වෙනස් ඉරියව් දුටුවේය.
” අයියෝ අනේ මේ… අපි මෙතනට ආවේ අඳුනගෙන කතා කරලා සන්තෝස වෙන්න මිසක් අඬන්න නෙමෙයිනෙ… පසිඳු… අපි එන විදියකට මූණ දෙමු… මේ… අපි යමුද කොටුව පැත්තට පොඩ්ඩක් මූදු හුලං වැදි වැදි ඇවිදින්න?… අපිට කතා කර කර යන්න පුලුවන්…..” තාරක යෝජනාවක් කලේය.
” අන්න ඒක හොඳයි තාරක… අපි යමු ටිකක් සැහැල්ලුවෙන් ඉන්න… පසිඳු… දැන් ඔයා අපේම කෙනෙක්….”
සමාධි පසිඳුගේ හිසට සෙමින් තට්ටුවක් දමා කීවාය. පසිඳු අහිංසක ලෙස සිනාසුනේය. සමාධිගේ මේ වචන වල මතු පිටින්
පෙනෙනවාට වඩා ගැඹුරු අරුතක් තිබෙන බව පසිඳුට වැටහුනි.
උසස් පෙළ විභාගය අවසන් වූ පසු උෂාන් සිය උපරිම අවධානය ඩිලානිට දුන්නේය. දරු ගැබ මෝරා තිබෙන නිසා ඩිලානි සමග හැකි පමණ කල් ගත කිරීමට උෂාන් සිතට ගත්තේය. ඇය සායනයට කැටුව යාම උෂාන් ඉතා ආසාවෙන් කිරීමට පටන් ගත්තේය.
” අනේ උෂාන්… ඔයාට අප්සට් නැද්ද මම වගේ බඩ දරු කෙල්ලෙක් එක්ක මේ විදියට එකට යන්න?…..”
දිනක් සායනයට යන විටදී ඩිලානි ඇසුවාය.
” මොනවද ඩිලී ඔයා මේ කියන්නෙ ?…. ඔයාගේ බඩේ ඉන්නෙ මගේ පැටියෙක්…… අනික වයස දහඅට වුන ගමන් අපි දෙන්න බඳිනවා.. ඒකට තව වැඩි කාලයක් නෑ… ඊට පස්සෙ ඔයා මගේ වයිෆ්… ඉතින් මම ඔයා එක්ක යන්න අප්සට් ගහන්නෙ
” ඒ වුනාට උෂාන්.. මිනිස්සුන්ට පේනව අපි දෙන්න තවම ඉස්කෝලෙ යන වයසෙ වගේ කියල…. ඉතින් ටිකක් අප්සට් නැද්ද
” මිනිස්සුන්ට ඕන දෙයක් හිතා ගන්න කියන්න… අපිට මොකද 8 …”
” ඔව්.. ඒකත් ඇත්ත උෂාන්… අපි දෙන්නට දෙන්නා ආදරේ නම් එව්වරයි…. මේ… දැන් ඔයාට මාව කැතට පේනව ඇති නේද… බඩක් තියෙන හින්ද…..” ඩිලානි මද ශෝකයකින් පැවසුවාය.
” ඔයා මේ මොන විකාර කියවනවද ඩිලී?… ඔය විදියට කතා කියන්න එපා… දැන් තමයි ඔයා මට නියම විදියට ලස්සනට පේන්නෙ… ඉස්සර මට තිබුනේ ඔයාගේ ඇඟට තියෙන ආසාවක්… ඒත් දැන් මම ඔයාට ආදරෙයි….. ඔව් ගොඩක් ආදරෙයි…. මම ආදරේ ඔයාට මිසක් ඔයාගේ ඇඟට නෙමෙයි…… සමාධි තමයි මට නියම ආදරේ මොකද්ද කියල පෙන්නල දුන්නෙ…”
” මම නම් ඔයාට එදා ඉඳලම ආදරය කලා උෂාන්… අනේ ඔව්… සමාධි අපි දෙන්නටම අක්කා කෙනෙක් වගේ ඉන්න හින්ද තමයි අපිට ජීවිතේ අරන් යන්න පුලුවන් වුනේ…නැත්නම් තාත්තා අපිට මොනව කරයිද දන්නෙ නෑ…”
“මේ… ඔයාගේ තාත්තා දැන් කොහොමද…. තවමත් තරහෙන් ඉන්නවද ?……”
” නෑ උෂාන්… දැන් ඉස්සර වගේ නෙමෙයි… සමාධිගෙ ගෙදරට ආවේ නැති වුනාට මට නිතරම කෝල් කරනවා…… මට පේන්නෙ තාත්තා බලන් ඉන්නෙ පැටියා හම්බ වෙනකන් මම හිතන්නෙ දැන් තරහක් ඇත්තෙම නෑ……”
” එහෙම නම් ෂෝක් ඩිලී… අපේ තාත්තාත් දැන් එව්වරම තරහ නෑ වගේ… ඒත් පෙන්නන්නෙ නෑ….”
” උෂාන්… තාත්තා කෙළින්ම මට කියල නැහැ.. ඒත් තාත්තා කැමතියි අපි දෙන්න ඇවිල්ල එයාව හම්බ වෙනව නම්.. අපි දවසක යමුද?…..”
“ම්ම්… අනේ මට බයයි ඩිලී… බැරි වෙලාවත් මට බැන්නොත්.. ගැහුවොත් එහෙම?…….”
” නෑ උෂාන්… එහෙම කරන එකක් නැහැ… එහෙම දෙයක් වෙන්න ආවත් මම එහෙම වෙන්න දෙන්නෙ නැහැ… අපි වෙලාවක ගිහින් තාත්තට කතා කරමු…..’
ඩිලානි සමග යහළු වූ මුල් දිනවල උෂාන්ට තිබුනේ හුදෙක් රාගික ආශාවක් පමණි. ඔහු ඩිලානි ලිංගික ක්‍රියා වලට පොළඹවා ගත්තේ මේ නිසාය. මේ යෞවන පෙම්වතුන්ගේ නොදන්නා කම සහ නොසැලකිල්ල නිසා ඩිලානි ගැබිනියක් විය. එහෙත් දැන් උෂාන් ඩිලානිට සැබැවින්ම ආදරය කරයි. මේ නිසා අනාගතයේදී දෙදෙනාට තම ජීවිතය සාර්ථක ලෙස ගොඩ නගා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මේ වාතාවරණය ඇතිවූයේ සමාධිගේ ආදරය, කරුණාව සහ මග පෙන්වීම නිසාය.
කතිකා කරගත් පරිදි ඩිලානි සහ උෂාන් ඩිලානිගේ පියා වූ මර්වින් හමු වීමට පැමිණියෝය. උෂාන් ඩිලානිගේ නිවසට නොසැලෙන සෙනෙහස
පැමිණියේ සියුම් බියක් සිතේ ඇතිවය. එහෙත් මර්වින් හමු වූ විට ඔහුගේ එම අනියත බිය පහව ගියේය.
” ආ… කොහොමද…. එන්න පුතාල ඇතුලට…”
ගෙදර ආලින්දයේ සිටි මර්වින් ඩිලානිගේ අතින් අල්ලාගෙන ඵන උෂාන් දුටු විට කීවේය. උෂාන් දියෙන් ගොඩ දැමූ මාළුවෙකු මෙන් ගැහෙමින් නිවසට ඇතුලු විය.
” ඉතින් කොහොමද පුතා…..”
මර්වින් උෂාන්ගේ උරහිසට අත තබා ඇසුවේය. උෂාන් මර්වින්ගේ දෙපා මුල වැඳ වැටුනේය.
“අනේ.. ම්.ම..මා… මාමෙ… අ..අනෙ මට සමාවෙන්න….”
උෂාන් මර්වින්ගේ කකුල් අල්ලා වඳිමින් කීවේය. මර්වින් උෂාන් ඔසවා නැගිට්ටුවේය.
” පුතා.. දැන් ඒ ගිය දේවල් ගියා.. ඒව ගැන දැන් කතා කරන්න ඕන නෑ… අපි ඉස්සරහ ගැන බලමු….පුතා දැන් අපේ කෙනෙක්… අනික… .මම දැන් පුතාගෙ මාමා නෙමෙයි….. ඔය දෙන්න ළඟදීම නීතියෙන් කසාද බඳිනව….. ඉතින් මම දැන් ඔයාගේ තාත්තා…”
උෂාන්ගේත් මර්වින්ගේත් කතාව අසා සිටි ඩිලානිට හොඳටම ඇඬුනි. මේ වේලාවේ එතැනට පැමිණි ඩිලානිගේ මව වන විමලා ඩිලානි තුරුලු කර ගත්තාය.
” දුවයි පුතයි එන්න වාඩි වෙලා කතා කරන්න… අද දවල්ට කෑම ටිකක් කාලම යන්න හොදේ…” විමලා කිව්වාය.
අත් වැරදි සිදු වීම අද සමාජයේ යෞවන යෞවනියන් ගෙන් පමණක් නොව ඕනෑම කෙනෙකු අතින් සිදු විය හැකිය. මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ කල වරද අවබෝධ කර දී එම වරද
නිවැරදි කොට ඔවුන් යහ මගට ගැනීමය. එය සියලු දෙනාගේම සුබ සිද්ධියට ඉවහල් වේ.
” පුතා ඉතින් ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නෙ?……”
මර්වින් දවල් කෑම මේසයේදි උෂාන් ගෙන් ඇසීය.
” මම මැනේජ්මන්ට් ඩිග්‍රි එක කරන්න තමයි හිතාගෙන ඉන්නෙ තාත්තේ… මම සිලෙක්ට් වෙයි කියල හිතනවා…. එහෙම වුනොත් මාතර කැම්පස් එකට යන්න පුලුවන්… එතකොට සමාධි එක්කම ඉගෙන ගන්න පුලුවන්….”
” ආ ඒක හොඳයි… සමාධි දුව ළඟින් ඉන්නව නම් ලොකු සහනයක් වෙනවා…”
” ඔව් තාත්තෙ… කොහොම වුනත් කැම්පස් යන්න කල් තියෙන හින්ද මම පොඩි රස්සාවක් හොයා ගන්නවා… එතකොට මට පොඩියට හරි ඩිලානිට වියදම් කරන්න පුලුවන් නෙ.. බබා හම්බ වුනාම කොහොමත් වියදම් වැඩි වෙනව නෙ..”
” අන්න හොඳයි.. ඒක බොහොම හොඳ පටන් ගැනීමක්. හැම දෙයම අරමුණක් ඇතුව පොඩියට තමයි පටන් ගන්න ඕන… මේ පුතා…. ඔයා රස්සා හොය හොය මහන්සි වෙන්න ඕන නැහැ…..මගේ කොග්ගල ඔෆිස් එකට ඇවිත් වැඩ කරන්න….. අනික ඉතින්.. ඉස්සරහට ඔයාට තමයි මේවා පාලනය කරන්න වෙන්නේ… අපේ මේ ගෑණු ළමයින්ට ඕවා කරන්න තේරෙන එකක් ……….නේද
” ඔව් මර්වින් … පුතාට තමයි ඕව බලා ගන්න වෙන්නේ….” විමලා කිව්වාය.
” දැන් ඉතින් මම තරුණ සීයා කෙනෙක් වෙන්න බොහොම ළඟයිනෙ..හි.හි.හි….” මර්වින් විමලා දෙස බලා ඉඟි මැරුවේය.
” අනේ ඔයාගේ තරුණ කම……” විමලා ලැජ්ජාවෙන් කීවාය.
” ආපෝ…. බලන්නකො අක්කෙ අයියෙ….. අම්මිගෙයි තාත්තිගෙයි ලව් එක විතරක්… හි.හි.හි…”
ඩිලානිගේ කුඩා සොහොයුරිය වූ තනූජා කිව්වාය.
“අනේ නිකන් ඉඳපන්… පොඩි කමට මේකි පැහිලා නෙමෙයි ඉදිලා…” විමලා තනුජාට ආදර තට්ටුවක් දමමින් කීවාය.
” ඉතින් මොකෝ නංගි…. අම්මියි තාත්තියි තවම තරුණයි ……..හි.හි…….” උෂාන් කීය.
එකට මේසයට වාඩි වී ආහාර ගන්නා මේ පවුලේ දැන් තිබෙන්නේ සාමය පිරි සතුටකි. මෙවැනි ආදර බැඳීමකින් ජීවත් වන පවුල් මුලු මහත් ජන සමාජයටම ශාන්තියක් ගෙන දෙයි.
දහවල් ආහාරයෙන් පසු උෂාන්, ඩිලානි සහ තනූජා සතුටු සාමීචියේ යෙදුනෝය. ස්වභාවයෙන්ම ප්‍රිය මනාප සහ සබැඳි භාවයකින් යුතු තනූජා උෂාන් සමග ඉතා ඉක්මනින් කුලුපග වූවාය.
” බලන්නකො අයියෙ….. ඔයයි අක්කයි එකතු වෙලා මාව අවුරුදු පහළොවෙදිම පුංචි අම්මා කෙනෙක් කරන්න යනව නේද?…..” තනූජා දඟකාර ලෙස කීවාය.
” අනේ සොරි නංගි…. ඔයාට ඒකට අස්සෙව්ද ?…” උෂාන් මදක් සලිත වී ඇසුවේය.
” අයියෝ පිස්සුද අයියෙ… මම විහිළුවටනෙ කිව්වෙ.. ඔයා සීරියස් ගන්න එපා.. මම ඇත්තටම ආසයි පොඩි පැටියෙක්ට පුංචි අම්ම කෙනෙක් වෙන්න…….මම පොඩි කාලෙ බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන කොට නිතරම එහෙම හිතුනා.. හි හි……… ඔන්න පැටියව බලා ගන්නෙ මම තමයි හරිද…….”
” ඔයාට පිස්සුද නංගි…… ඔයා ඉගෙන ගන්න එක ගැන හිතන්න.. දැන් මේ අවුරුද්දෙ අන්තිමට ඕ ලෙවල්ස් කරන්න තියෙනවනෙ… ඒක හොඳට කරන්න…”
“ම්…. ඉතින් අයියා කියන්නෙ මට පැටියව බලන්න එපා කියලද ?……” තනූජා බොරු තරහක් පෙන්වමින් කීවාය.
” අපෝ නෑ නංගියෝ… ඔයා ඇති වෙනකන් හුරතල් කරන්න .. මම කිව්වේ නංගි… අපිට වුන දෙයින් පාඩමක් ඉගෙන ගෙන මේ කාලේ ඉගෙන ගන්න එකට මුල් තැන දෙන්න කියල…..”
” ඔව් අයියෙ.. මම ඒක හොඳට තේරුම් ගත්තා… මම නම් ඉගෙන ගෙන ඉවර වෙනකන් කොල්ලෙක්ට ඇඟට අතවත් තියන්න දෙන්නෙ නැහැ…” තනූජා තදින් කීවාය.
” නෑ නංගි… එහෙම කරන්න ඕන නෑ… දැන් බලන්න සමාධි අක්කියි තාරක අයි යයි යාළුවෙලා කොව්වර සන්තෝසෙන් ඉන්නවද… දෙන්නට දෙන්න උදව් කර ගන්නවා. ඒකෙන් ඒ දෙන්නගෙ ජීවිත වලට සතුට වගේම හයියකුත් ලැබෙනවනෙ… කොල්ලෙක් එක්ක යාළු වෙන එක ඇත්තටම හොඳයි නංගි… ඒත් ආදරය මුල් කර ගෙන…. ආසාව මුල් වුනොත් තමයි ඔක්කොම අවුල් වෙන්නෙ… මටයි අක්කිටයි වුනා වගේ…”
” ඔව් මට තේරෙනව අයියේ….. තාරක අයියා හරිම ලකී කොල්ලෙක් සමාධි අක්කිව ලැබෙන්න.. සමාධි අක්කි මටත් ගොඩක් දේවල් කිව්වා… අක්කි මගේම අක්ක කෙනෙක් වගෙයි.. මම සමාධි අක්කිට ගොඩාක් ආදරෙයි….”
” ඔයා සමාධිව මීට් වෙනවද ?….”
” ඔව් අයියෙ… අම්මා අක්කව බලන්න යනකොට මාත් යනවා.. ඉතින් එහෙම ගියාම මම සමාධි අක්කි එක්ක ගොඩක්
දේවල් කතා කරනවා…… අනික තාත්තත් හරිම කැමතියි මම එහේ යනවට.. ……. තාත්තත් සමාධි අක්කිට ගොඩක් ආදරෙයි…”
” සමාධිට ආදරය කරන්නෙ නැති කෙනෙක් නෑ නංගි…. සමාධි ඕන කෙනෙක්ගෙ දුකේදී පිහිට වෙනවා…. සමාධි නැත්නම් අද අපි දෙන්නත් ඉවරයි…”
” ම්.. ඔව් අයියෙ… මේ හැම දේවල්ම ජීවිතයෙ අත්දැකිම් නේද… ..මගේ පොඩි වයසටත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ඒක මට ගොඩක් හෙල්ප් වෙනව ජීවිතේට….”
” ඔව් නංගි.. වුන දේවල් වලින් පාඩමක් ඉගෙන ගෙන අපි ඉස්සරහට යමු…”
” ඔව් ඒක හරි… ම්… දැන් ඉතින් ඉස්සරහට අයියට තමයි තාත්තාගෙ බිස්නස් පාලනය කරන්න වෙන්නෙ… මැනේජ්මන්ට් ඩි ශ්‍රී එක කරාට පස්සෙ.. හි.හි…… අම්මෝ මේ.. තාත්තා වගේ සැර වෙන්න නම් එපා හරිද…”
” ඉන්නකො… මම ඉස්සෙලම සැර වෙන්නෙ ඔයාට තමයි…..”
” ම්ම්… දෙනව මම එකක් එහෙම කරන්න ආවොත්…..” තනූජා උෂාන්ගේ කම්මුල මිරිකා කීවාය.
ජීවිතයේ කුමන ප්‍රශ්නයක් පැමිණියත් එය. සාවධානව විමර්ශනය කොට විසඳුමක් සොයා සතුටින් සහ සාමයෙන් ජීවිතය ඉදිරියට ගෙන යාමට ශක්තියක්, හැකියාවක් තිබේ නම් එවැනි පවුලක් හා සමාජයක් ඉතා වාසනාවන්ත වනු ඇත.
තාරක සහ පසිඳු අතර මිත්‍රත්වය දිනෙන් දින වර්ධනය වූයේ දැඩි සොහොයුරු බැඳීමක් ඇතිවය. මේ නිසා ඖෂධාලයේ දෙදෙනාගේ වැඩ රාජකාරි ද ඉතා හොඳින් සිදු විය. හැකි සෑම අවස්ථවකදීම ඔවුන් දෙදෙනා එකතු වී ප්‍රිය සමාගමයෙන් කාලය
ගත කල අතර විවේකයක් ලැබුන විටදී සමාධි, අනුත්තරා, උෂාන් සහ ඩිලානි සමග කල් ගත කලෝය. මධූෂාද සමහර අවස්ථාවලදී
ඔවුන්ට එකතු වූවාය.
” තාරක…. ඔයාට ඉන්න යාළුවො ටික නම් හරිම ෂෝක්.. “ දිනක් අවන් හලකදී පසිඳු තාරකට කීවේය.
” දැන් ඉතින් ඒ ගොල්ලො ඔයාගෙත් යාලුවො තමයි..
” ම්ම්.. ඔව්… ඩිලානිට බබා හම්බ වෙන්නත් ළඟයිනෙ.. එතකොට තවත් කට්ටිය වැඩි වෙනවා…..”
” ඔව් ඉතින්… එතකොට අපි මාමල තමයි… හි.හි.හි….”
” මම අපේ යාළුවො ඔක්කොමටම හරිම කැමතියි…….” පසිඳු මහත් සතුටින් කීය.
” වැඩියෙන්ම කැමති කෙනෙක් එහෙම ඉන්නවද?…” තාරක යැටසින් බලා ඇසීය.
” ආ..න්..නෑ එහෙම කෙනෙක් නැහැ ….” පසිඳු මදක් කලබල වී කීවේය.
” අනේ නිකන් ඉඳපන් මවෝ බොරු කියන්නෙ නැතුව…. එහෙම කෙනෙක් ඉන්නව නේද.. ආ…”
“න්…අනේ නෑ තාරක….එ.. එහෙම කවුරුත් නැහැ…”
”ම්ම්..මේ… මට බොරු කරන්න බැහැ හරිද මවන්… උඹේ අනුත්තරාට මොකද්ද තියෙනව නේද ?.. ආ…හි.හි.හි….” තාරක පසිඳුගේ කණ මිරිකා ඇසීය.
” අ..ම්..මේ.. අ. අ… න් නැහැ. නෑ.. මන් දන්නෙ නෑ….”
” එහෙනම් මමද දන්නේ?…. මේ මචෝ… මම හොඳට නෝට් කෙරුවා… ළඟ ඉන්න කොට උඹ විතරක් නෙමෙයි අනුත්තරාත් ඉන්නෙ වෙනින් ලෝකෙක කියල…”
” මවන් තාරක.. අනේ මේ… සමාධිටත් එහෙම දැනිල තියෙනවද?….” පසිඳු බයෙන් ඇසීය.
” මොකෝ නැත්තෙ?… සමාධි යන්තමට මට ඒ ගැන කිව්වා…. ඉතින් කියපන්කෝ උඹේ එහෙම දෙයක් තියෙනව නේද…..”
” ඔ..ඔව්…. තාර….” පසිඳු යන්තම් කියා ගත්තේය.
” ආආ…. ඒකනෙ මම කිව්වේ ඒ ඒ ඒ ඒ… මේ.. ඉතින් උඹ
අනුත්තරාට තවම මේ බව අඟවල නැද්ද?….”
” තාරක… මම අනුත්තරාට කැමතියි… ගොඩාක් කැමතියි…. අනුත්තරා සමාධි වගේම හොඳ ගල් කෙනෙක් කියන එක මට සීයට සීයක් විස්වාසයි.. ඒත් තාරක.. මම අනුත්තරාට ආදරය කරන්න බයයි…..”
” ඒ මොකද ඒ ?….. අනුත්තරා සමාධිගෙ හොඳම යාළුවා… ඒ දෙන්නා ගොඩක් එක වගේ….”
” ඒක මම දන්නවා තාරක… අනුත්තරා මට ලැබෙනව නම් මමත් උඹ වගේම වාසනාවන්තයි.. ඒත් තාරක මම අනාථ ළමයෙක්… අනුත්තරාගේ ගෙදරින් මට කීයටවත් කැමති වෙන්නෙ නෑ…” පසිඳු දෑසේ කඳුලු පුරවාගෙන කීවේය.
” අනාථ ළමයෙක්??.. මේ පසිඳු… ආයිත් එහෙම මට ඇහෙන්න ඔය වචනෙ කියන්නෙ එහෙම නෑ… උඹ අනාථ කෙනෙක් නෙමෙයි… ළමා නිවාසෙක හැදුන වැඩුනා කියල උඹ එහෙම අනාථ නැහැ … කවද හරි උඹ මේ රටට වැඩ දායක සම්පතක් වෙනව.. මේ රට කාබාසිනියා කරන දේශපාලුවන්ට වඩා උඹ රටට වැදගත් කෙනෙක්…” තාරක තරහෙන් කීය.
” ඒ වුනාට තාරක…. අනුත්තරාගේ අම්මයි තාත්තයි මොනව කියයිද දන්නෙ නැහැනෙ… අපි ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ ඒ ගොල්ලො කැමති වුනේ නැත්නම් අනුත්තරාට ලොකු දුකක් ඇති වෙයි… මම ඒකට ආස නෑ … මට නම් මොනව වුනත් කමක් නැහැ…
” මම හොඳටම දන්නව අනුත්තරාගෙ අම්මයි තාත්තයි පටු විදියට හිතන උදවිය නෙමෙයි… අනුත්තරා මොලේ කල්පනා කරල වැඩ කරන ළමයෙක්…. ඒක හින්ද ඒ ගොල්ලො අනුත්තරා ගන්න තීරණයකට එහෙම විරුද්ධ වෙන්නෙ නැහැ….”
” ඒ වුනත් මගේ හිතට හරි නෑ තාරක…”
” පසිඳු… ඉස්සෙල්ලෙම උඹ අනුත්තරාව හොඳට අඳුන ගෙන දෙන්නගෙ අවබෝධයක් ඇති කර ගනින්… අනිත් ඒවා ගැන කරදර වෙන්න එපා… අපි ඔක්කොම උඹල දෙන්නත් එක්ක ඉන්නවා…”
” තාරක… මම අවංකවම අනුත්තරාට කැමතියි…”
” එහෙනම් මවන්… උඹ කෙල්ල එක්ක තනියම කතා කරපන්… කට්ටිය ඔක්කොම ඉන්න කොට ඔය දේවල් කතා කරන්න බැහැ නේ…..”
” ම්.. හොඳයි තාරක….”
එකිනෙකා හමු වූ මුල්ම දිනයේම අනුත්තරා සහ පසිඳු අතර යම්කිසි ලෙන්ගතු කමක් ඇති විය. එහෙත් එය කුමක්දැයි දෙදෙනාටම වටහා ගත නොහැකි විය. ඉන් අනතුරුව හමු වූ සෑම අවස්ථාවකදීම මේ ලෙන්ගතු කම ටිකෙන් ටික බැඳීමකට හැරෙන බව දෙදෙනාටම තේරුම් යන්නට වූයේය. කෙසේ වෙතත් මේ ගැන එක වචනයක් හෝ දෙදෙනා කතා නොකලෝය. අන් අය ඉදිරියේ ඇති වූ සබකෝල ගතිය මෙයට හේතු විය. එනමුත් “ආදරය සහ
කැස්ස සැඟවිය නොහැකිය’ කීවාක් මෙන් දෙදෙනාගේ ශරීර භාෂාව සහ ඉරියව් අනිත් අයට වැටහුනි.
පසිඳුට ඇති වූ හැඟීමට සමාන හැඟීමක් අනුත්තරාට ද ඇති විය. මෙය පළමු කොට පසිඳු නිසා ඇති වූ අනුකම්පාව නිසා ඇති වුවත් පසුව එය තද ලෙන්ගතු කමකට පෙරලුනි. මේ නිසා ඇය මේ ගැන සමාධි සමග කතා කලාය.
” සමායි… මට ඔයා එක්ක පොඩි දෙයක් කතා කරන්න
පුලුවන්ද ?…..’
” මොකද්ද ළමයො… ඕක අහන්නත් දෙයක්ද?… කියන්න…” සමාධි කීවාය.
” සමාධි.. මට පසිඳු ගැන මොකද්ද හැඟීමක් තියෙනව අනේ…”
” හි. හි. හි… ළමයෝ… මට ඕක තේරිල ටිකක් කල්…මම තාරකට පොඩ්ඩක් මේ ගැන කිව්ව්වා …… ඒත් අපි හොරාට කළින් කෙහෙල් කැන වැට පනින්න දුන්නෙ නෑ…. ඔය දෙන්නම අදහසකට එනකන් අපි බලාගෙන හිටියා….”
”ස්ය….. ඒ කියන්නෙ උෂාන් ඩිලානි මධූ ඔක්කොටම තේරිල ඇද්ද ?……’ අනුත්තරා සලිත වී ඇසුවාය.
“නැති වෙන්න බෑනෙ කෙල්ලේ ඒ ඒ ඒ… ඒ ගොල්ලත් යමක් කමක් තේරෙන අයනෙ… මේ… ඔය දෙන්න තවම තනියම කතා කරල නැහැනෙ… දෙන්නට දෙන්නගෙ අදහස් ගැලපෙනව නම්… හොඳ අවබෝධයක් තියෙනව නම්… පසිඳු ඔයාට ගැලපෙනව කියල මට හිතෙනවා.. ළමා නිවාසයක හැදුනත් පසිඳු උත්සාහවන්ත සංවර ළමයෙක්… ඔය දෙන්නට එකට හොඳ ජීවිතයක් ගත කරන්න පුලුවන්….”
කුඩා කල සිටම සමාධිගේ හොඳම මිතුරිය වූ අනුත්තරා ඇය ආවට ගියාට කිසිවක් නොකියන බව හොඳ හැටි දැන සිටියාය. මේ
නිසා සමාධිගේ වචන සහ අදහස් අනුත්තරා තදින් විශ්වාස කලාය. මෙයින් උද්දාමයට පත් අනුත්තරා පපුව තුල මෙතෙක් සිර කරගෙන සිටි පසිඳුට ඇති ලෙන්ගතු කම ආදරයකට හැරෙන්නට ඉඩ හැරියාය. දෝරෙ ගැලීමට පටන් ගත් ආදර හැඟීම් නැවැත්වීමට ඇය කිසිම වෙහෙසක් ගත්තේ නැත.
ඇති වූ කෝල ගතිය නිසා දෙදෙනා මුලින් හමු වී කතා කිරීමට අදි මදි කමක් දැක් වූවෝය. මේ නිසා සමාධි හා තාරක පළමුව දුරකථනයෙන් කතා කරන ලෙස දෙදෙනාට උපදෙස් දුන්නෝය. ළමා නිවාසයේ සිටින පසිඳුට ජංගම දුරකථනයක් නොතිබූ නිසා ඔහුගේ පළමු වැටුපෙන් ජංගම දුරකථනයක් මිලදී ගත්තේය.
අනුත්තරා සහ පසිඳුගේ දුරකථන කතා බහ දිනපතාම වාගේ සිදු වීමට පටන් ගත්තේය. සෑම රාත්‍රියකම දෙදෙනා පැය තුන හතරක් පමණ කතා කලෝය. රැකියාවෙන් වෙහෙසට පත් වී සිටින පසිඳුට රාත්‍රී කාලයේ අනුත්තරා සමග කතා කිරීම අමා සිසිලක් විය.
“මේ මවන් පසිඳු… දැන් උඹේ මුලු පඬියම මොබයිල් එක රීලෝඩ් කරලම ඉවර වෙයි…හි.හි.හි…” තාරක පසිඳුට විහිළු කලේය.
මේ දුරකථන කතා වලින් දෙදෙනාගේ බැඳීම දැඩි ලෙස මුහුකුරා ගියේය. අනුත්තරා තමාට විශාල ශක්තියක් බව පසිඳුට වැටහුනි. පසිඳුගේ ළයාන්විත දයා ගුණය නිසා අනුත්තරා මහත් ප්‍රමෝදයකට පත් වූවාය.
කෙසේ වෙතත් දෙදෙනා කිසිම විටක ආදරය ගැන කතා නොකලෝය. දෙදෙනාගේම හදවත්වල ආදර හැඟීම් පිබිදී තිබුනද දෙදෙනාම හොර ගල් ඇහිලුවා මිස ඒ ගැන කතා කිරීමට මුල පිරුවේ නැත.
අවසානයේ දෙදෙනා හමුවී කතා කිරීමට තීරණය කලෝය.
එක සෙනසුරාදා දිනයක ඉර බැස යන සුන්දර සන්ධ්‍යා කාලයේ දෙදෙනා මුහුදු වෙරලේ නිසල ස්ථානයකදී හමු වූවෝය. ජීවිතයේ පළමු වරට මෙසේ තනිව හමු වූ විට දෙදෙනාටම විස්තර කල නොහැකි අමුතුම හැඟීමක් ඇති විය.
” අනූ….. ” පසිඳු හෙමින් මිමිනුනුවේය.
” ප්. පසිඳු..” අනුත්තරා බිම බලාගෙන කීවාය.
” එන්න අනූ… අපි අර වැටකෙයියා පඳුර ළඟින් වාඩි වෙමු…..”
දෙදෙනා වැටකෙයියා පඳුර අසල වාඩි වී සිසිල් මුහුදු සුළගේ සුවය විඳිමින් බැස යන හිරු දෙස ටික වේලාවක් බලා සිටියෝය.
” ඉර බහින වෙලාවට මුද හරිම ලස්සනයි… හරිම ශාන්තයි නේද අනු…”
” ම්ම්.. ඔව් පසිඳු… ඔයා ආසද මේ වගේ නිස්කලංක පරිසරයකට…
” ඔව් අනු….”
එක වරම දෙදෙනා නිශ්ශබ්ද වුවෝය. කිසිම කතාවක් නොමැතිව ධ්‍යානයකට සම වැදුනාක් මෙන් දෙදෙනා මුහුද දෙස බලා සිටියෝය. දෙදෙනා ගෑවෙන නොගෑවෙන තරමට ළං වූවෝය. මද වේලාවකට පසු නිරායාසයෙන්ම පසිඳු අනුත්තරාගේ අත අල්ලා ගත්තේය. අනුත්තරා තම හිස පසිඳු ගේ උරහිස මත තබා ගත්තාය.
” අ.. අනූ..ම..ම.. මම.. මම ඔ. ඔයාට ආදරෙයි……..
පසිඳු සෙමින් පවසා අනුත්තරා දෙස බැලුවේය. අනුත්තරාගේ දෑස් ආදරයෙන් දීප්තිමත් විය. ඒ දෑසින් විහිදුනු ආදරයේ උණුසුම පසිඳුගේ හදවතට විකිරණයක් සේ ඇතුලු විය. ඒ විකිරණය කිසි
දිනක නොමැකෙන, නොසැලෙන ආදරයක් ඔහුගේ හදවතේ සනිටුහන් කලේය.
” පසිඳු….මම ඒ ආදරය හැමදාම පණ වගේ රකිනවා මගෙ රත්තරන්…. දරා ගන්න බැරි තරම් ආදරයක් මගේ පපුවෙ ඔයාට තියෙනව.. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ….”
අනුත්තරා හද උතුරා යන ආදරයෙන් පවසා පසිඳුගේ ළය මත හිස තබා ගත්තාය.
” අනේ අනූ… මම අනාථ කොල්ලෙක්… ඔයාගේ අම්මල මට කැමති වෙයිද අනූ..අනේ මට බයයි කෙල්ලෙ… දැන් ඔයා නැති වුනොත් මට ජීවිතයක් තියෙන එකක් නෑ…” පසිඳු දෑසින් ගලන කඳුලු පිස දමමින් කීවේය.
අනුත්තරා හිස ඔසවා නළලට නළල තබා පසිඳුගේ හිස සෙමින් පිරිමැද්දාය. දෙදෙනාගේම දෑස් පියවුනි.
” මගෙ පසිඳු… ඔයා අනාථ නැහැ මගෙ පැටියො… ඔයා මට
මහ මෙරක් වගේ වටිනවා…. ඔයා වගේ අහිංසක.. අවංක..
උත්සාහවන්ත කෙනෙක් ලැබෙන්න මම ගොඩක් වාසනාවන්ත
ගල් කෙනෙක් පසිඳු… කවදාවත් මගේ අම්මල ඔයාට අකැමති
වෙන්නෙ නැහැ… මගේ අම්මල මහ පොළොවෙ පය ගහල ජීවත්
වෙන අය.. ඒ ගොල්ලො කවදාවත් පටු විදියට හිතන්නෙ නැහැ…
ඔයා අපේ පවුලට උඩින්ම පිළිගන්නව.. ඒ ගැන පොඩ්ඩක්වත් සැක
හිතන්න එපා රත්තරන්… 35
” අනූ මගේ මැණික.. ඔයාට කවදාවත්ම කිසිම දුකක් දෙන්නෙ නැතුව මුළු ජීවිතය පුරාම මගේ පණ වගේ ආදරයෙන් බලා ගන්න මම පොරොන්දු වෙනව කෙල්………..”
පිවිතුරු ආදරයෙන් බැඳුන දෙදෙනාගේ දෙතොල් එක්වූයේ
නිරායාසයෙනි. දෙදෙනාගේ කුළුඳුල් තොල් චුම්බනයේ රසය ඔවුන්
සෑහෙන වේලාවක් සන්ධ්‍යා කාලයේ මද සීතල මුහුදු සුළඟේ සුවය ලබමින් වින්දනය කලෝය.
තවත් දෙහදක් නොසැලෙන සෙනෙහසකින් බැඳීමෙන් ප්‍රමෝදයට පත් වූ සැඳෑ අහස රත් පැහැයෙන් බැබලුනේය.

ඊලඟ කොටසින් හමුවෙමු

 


මේවත් කියෙව්වද?

සර්පයා – 02 කොටස (NEW)

සර්පයා – 02 කොටස (NEW)

මෙය මවක් පුනක් අතර සිදුවන ෆෙම්ඩම් කතාවක් වේ.එවැනි කතාවකට අකමැති අය කියවීමෙන් වලකින්න.මෙය අතීශයෙන් වැඩිහිටියන් …

One comment

  1. අනෙ මටත් ආසයි සැපක් ගන්න මම කැමති කියන ඔනෙම තැනකට එන්න මට කතා කරන්න. 0759455014

Leave a Reply

Your email address will not be published. Required fields are marked *