Tuesday , April 23 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

නොසැලෙන​ සෙනෙහස – 05 කොටස (NEW)

නදීකා සමාධි ගැන කියූ කතාව තාරකට සිතින් ඉවත් කිරීමට අපහසු විය. ඇති වූ පීඩනය දරා ගත නොහැකි වූ තාරක සමාධි සමග කොටු බැම්මේ සුපුරුදු ස්ථානයේදී මුණ ගැසිනි. සමාධි තුරුලු කරගත් තාරක නදීකා සමග වූ කතාව ඇය සමග පැවසුවේය.
” අනේ තාරක… ඔයා ඕකට ඔව්වර කලබල වෙන්න එපා…. මට හිතෙන්නෙ අක්කගෙ ඔලුවට සල්ලිවලයි.. බලයෙයි රස්නෙ ගහල….. ඒකයි ඔය විදිය කතා කියන්නෙ… අක්කා ඔයාට ආදරෙයි තාරක.. මට ඒක විස්වාසයි…….”
සමාධි තාරකගේ හිස පිරිමදිමින් කීවාය.
” ආදරෙයි?…. ආදරේ නම් මගේ සන්තෝසෙ නැති කරන්න හදනවද මේ විදියට… මට මොනව කිව්වත් කමක් නෑ… ඒත් ඔයාට මෙහෙම කතා කියන එක මට ඉවසන්න බෑ….”
” ඔයා ඕක එච්චර හිතට ගන්න එපා තාරක… ඔයා නිකන් ස්ට්‍රෙස් වෙනව විතරයි…. කවුරු මොනව කිව්වත් අපි දෙන්නට දෙන්න ආදරේ නම් අනිත් අය කියන කරන දේවල් අපිට වැදගත් නෑ පැටියො……”
” මට ඔක්කොමටම වඩා කේන්ති ගියේ.. ඔයාට අරව මේව කියල…අර එයාගෙ මහ ලොකු නෑනව මට ජෝඩු කරපු එකට…. ඕකි ඉන්ටනැෂනල් ස්කූල් යන බඩ්ඩක්නෙ.. ඉතින් කරන්න පුලුවන් වල් කම් ඔක්කොම කරල දැන් එනව මෙතන කාගෙ හරි ඇඟේ එල්ලෙන්න…”

” තාරක ප්ලීස්….. ඉන්ටනැෂනල් ස්කූල් ගියා කියල ඒ ළමය නැහැදිච්ච ළමයෙක් කියල අපිට කියන්න බෑ හරියට විස්තර දන්නෙ නැතුව….. හොඳ ළමයින් ඒ ඉස්කෝල වල ඉන්නවා …….. ඒක හින්ද එහෙම කියන්න එපා තාරක… පව් ඒ ළමයා…. මොනව වුනත් එයා ඔයාගෙන් නෑනා වෙන්නනෙ යන්නෙ……”
” මගේ විතරක් නෙමෙයි ඔයාගෙත්…. ඔයා හොඳ වැඩියි සමාධි…… ඔයාට තියෙන්නෙ රත්තරන් හදවතක්….. මාව ඔයාගෙන් වෙන් කරන්න කිසි කෙනෙක්ට බෑ…….“
තාරක සමාධිගේ නාදළුවන් තොල් පෙති සෙමින් ඇඟිලි තුඩු වලින් පිරිමැද්දේය. සමාධිගේ දෑසින් ආදරය උතුරන්නට විය.
” තාරක….’ සමාධි සෙමින් මිමිනුවාය.
දැඩි සෙනෙහසින් මෙසේ කියූ තාරක ඇගේ තොල් පෙති ආදරයෙන් සිප ගත්තේය. දෑස් පියාගත් දෙදෙනා හිරු බැස යන ඒ සන්ධ්‍යා සමයේ ආදරයෙන් උණුසුම් වු තොල් මී රස උරා බිව්වෝය.
” සමාධි.. නිවන් දකිනකන් මම ඉඹින්නෙ මේ ලස්සන තොල් දෙක විතරමයි….. වෙන කිසිම ගෑණු ළමයෙක්ට මගේ තොල් වල රස්නෙ දෙන්නෙ නෑ නෑමයි මගේ සමාධි….” තොල් චුම්බනයෙන් මිදුන තාරක සමාධිගේ ආදරයෙන් දිළිසෙන දෑස් දෙස බලා කීවේය.
“මගෙ තාරක….. මමත් අයිති ඔයාට විතරමයි රත්තරන්. සංවේදී වූ සමාධි තාරකගේ ළැම මත හිස තබා ගත්තාය.

එක් දිනක් තාරක නිවසට පැමිණියේ අධික ලෙස උරණ භාවයට පත් වෙමින්ය.
” අම්මේ ඒ ඒ ඒ ඒ……… තාරක මහ හඬින් කෑ ගැසීය.
” ඇයි… ඇයි පුතා මේ කෑ ගහන්නේ ?….” කලබලයට පත් වූ මව ඇසුවාය.
” කෑ ගහන්නේ?… කෑ ගහන්න නෙමෙයි අම්මේ.. දැන් අපිට රට ගම ඇරල යන්න වෙන්නෙ මිනිස්සුන්ට මූණ දෙන්න බැරුව….”
” මේ පුතා… අනේ කියන්නකො මොකද්ද වෙලා තියෙන්නෙ කියල ඉක්මනට….”
” ඊයේ හවස මර්වින් මාමා.. ඩිලානියි.. උෂානුයි…. වූටි දුවයි එක්ක හික්කඩුවෙ බීව් එකට ගිහින් තියෙනවා… දන්නවද එහේදි දැක්කෙ කවුද කියල ?…’
” කවුද?…. ”
” අම්මගෙ මහ ලොකු දුව…. කිසිම විළි සංගයක් නැතුව හෙළුව බාගෙට පේන්න බිකිනියක් ඇඳගෙන මූදේ නනා හිටියලු එයාගේ නල්ල මලේ කොල්ලයි… තව කෙල්ලො කොල්ලො රෑනකුයි එක්ක…..”
” මොනවා ආ ආආආආආආ. මවට කෑ ගැසුනාය.
” ඔව්… තව ඕන තරම් ගෑණු ළමයි නනා හිටියලු සංවර නාන ඇඳුම් ඇඳගෙන…. මෙයයි… එයාගේ ගෲප් එකේ කෙල්ලො සෙට් එකයි අර වල් සුද්දියො අඳින හෙළුව බාගෙට පේන බිකිනි යයි තන් බාගෙට පේන බ්‍රා එකයි ඇඳගෙන කිසිම ගානක් නැතුව කොල්ලො එක්ක දිය ගැහුවලු… ගමේ කී දෙනෙක් දැක්කද දන්නේ නෑ.. ඉතින් බලන්න විලි ලැජ්ජාව…..”

“අනේ අයියෝ… මොකද්ද මේ ළමයට මේ වුනේ…අනේ… ම්…..”
මව හදවතින්ම දුක් වූවාය. නදීකා කන්‍යාභාවය නැති කරගත් බව දන්නේ ඇය පමණි. තාරක සහ තම සැමියා මෙය දැන ගතහොත් තත්ත්වය කුමක් වේදැයි ඇයට සිතා ගත නොහැකි විය.
” තවම වුනේ නෑ එයාට… බලන්න අම්මෙ… මර්වින් මා මත් දැක්කනෙ.. මොකද්ද අපේ ත වේ… ඒ මදිවට උෂාන්ව දැකල ළඟට ඇවිල්ල කිසි ගාණක් නැතුව කතා කරාලු…..උෂාන් කිව්ව ලැජ්ජාවෙ බෑ කියල හෙළුව පෙන්නගෙන ළඟට ආවම…. ඩිලානියි පැටියයි එක්ක ෆොටෝ ගන්නත් හදල.. ඩිලානි ඉඩ දීල නෑ.. ඕව අරන් ගිහිල්ල ඔය වල් කෙල්ලො එක්ක ඉන්ටනෙට් එකේ දැම්මොත් අර චූටි පැටියටත් අවනම්බුවක්…….අනේ මන් දන්නේ නෑ අම්මෙ… බියර් විස්කින් බෝතල් තිබුනලු….”
” අයියෝ… අනේ මන් දන්නෙ නෑ පුතා….” ක්ලාන්ත ගතියක් ඇති වූ නිසා මව පුටුවක වාඩි වූවාය.
” දැන් ඔය බියර් විස්කි බීල මත් වෙලා… කෙල්ලො කොල්ලො ටික හෝටල් කාමර වලට ගිහින් මොනව කරාද දන්නෙ නෑ…වික්… හඃ…කොහොමද?… මෙයා හදන්නෙ එයාගෙ වල් නෑනව මට ජෝඩු කරන්න … ඕකි දැනට කොල්ලො දහයක් විතර එක්ක වල් කමේ ගිහින් ඇති….. සමාධිගෙ කකුලෙ දූවිලි පිහිදාන්නවත් පුලුවන්ද ඔය වලත්තිට……. මම ඔතන හිටිය නම් අක්කා කියල බලන්නෙ නෑ.. අල්ලලා ඔබනව මුදේ…….”
මෙසේ කියූ තාරක සිය කාමරයට ගොස් දොර වසා ගත්තේය. මව ඇති වූ ශෝකය දරාගත නොහැකිව කඳුලු සැලුවාය.
නදීකා සඳුන් සහ ඔහුගේ මිතුරු මිතුරියන් සමග හික්කඩුව, බෙන්තර, තංගල්ල යන සංචාරක ස්ථානවල මුහුදු වෙරළට විනෝද වීමට නිතරම පැමිණියාය. සවස් වෙන තුරු නදීකා මේ පිරිස සමග
මුහුදු වෙරළේ විනෝදයෙන් කල් ගත කලාය. ” ඉහල ´ සමාජයේ පිළිවෙත් වලට අනුව නදීකා මත් පැන් තොල ගෑමටද ඇබ්බැහි වූවාය. පාලනයෙන් තොර මත් පැන් වලින් කෙනෙකුගේ සිහිය විකල් වීමට වැඩි වේලාවක් ගත වන්නේ නැත.
ආත්ම සංයමය සහ අධිෂ්ඨාන ශක්තිය නැති වී යෑම අද කාලයේ පහසුවෙන් සිදු විය හැකි දෙයකි. අද සමාජය දැඩි ලෙස මුදලට, පහත් ආශාවන්ට සහ භෞතික සම්පත් වලට වහල් වී ඇත. එහෙත් සාර ධර්ම නිසි ලෙස අවබෝධ කරගත් තැනැත්තාට කුමන බලපෑම් පැමිණියත් තම මානසික ඒකාග්‍රතාවය පවත්වා ගත හැකිය.
හිමේෂි උසස් පෙළ විභාගයෙන් වැඩ තුනම අසමත් වූවාය. මේ නිසා ඇය දෙමාපියන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක් වූ අතර බලවත් මානසික අවපාතයකටද පත් වූවාය.
හිමේෂි කෙතරම් හතුරු කම් කලත්, පරෝපකාරි සහ කරුණා ගුණය නිසා සමාධි ඇය හමු වීමට ගියාය. සමාධි දුටු විට ඇති වූ ලජ්ජාව නිසා හිමේෂි කිසිවක් නොකියා බිම බලාගත්තාය.
” හිමේෂි… මම ඔයා එක්ක පොඩ්ඩක්වත් තරහ නෑ….” සමාධි කරුණාවෙන් කීවාය.
” අනේ සමාධි මට සමාවෙන්න…
දෑසේ කඳුලු පුරවාගත් හිමේෂි දෑත් එක්කොට සමාධිට වැඳීමට සැරසුනාය. සමාධි ඇගේ දෑත් වහා පහතට දැමුවාය.
” මේ.. පිස්සු නැතුව ඉන්න හිමේෂි….. දැන් ඔය පරණ දේවල් අමතක කරන්න……… සමාධි හිමේෂිගේ අත අල්ලාගෙන කීවාය.
” මම ඔයාටයි.. තාරකටයි ගොඩාක් වැරදි කලා සමාධි.. මට හරියට පාඩම් කරන්න බැරි වුනා… මට හිත හදා ගන්න බැරි වුනා…

ඒ හින්ද මම විභාගෙ ෆේල් වුනා සමාධි… අම්මල මට හොඳටම බණිනවා.. මට ජීවත් වෙන එකත් එපා වෙලා තියෙන්නෙ……..”
” හිමේෂි… නිකන් පිස්සු කතා කියන්න එපා…….මම ඉස්සෙල්ලා කිව්ව වගේ පහු ගිය දේවල් අමතක කරල දාන්න… දැන් අපි බලමු ඉස්සරහට මොනවද කරන්නෙ කියල……….විභාගයක් ෆේල් වුනා කියල ජීවිතේ නවතින්නෙ නැහැනෙ… දැන් බලන්න මගේ යාලුවො දෙන්නෙක් ඉන්නව රුවනි… කුෂානි කියල… ඒ දෙන්නත් විභාගෙ හොඳට කරේ නෑ…. මම ඒ දෙන්නටත් කතා කරල හිත හැදුවා…. ජීවිතේ ප්‍රශ්න එන එක නවත්තන්න බෑ හිමේෂි….”
” අනේ සමාධි… ඔයා මගේ යාලුවෙක් වෙලා හිටිය නම් මට මෙහෙම වෙන්නෙ නෑ….” හිමේෂි අඬමින් කීවාය.
” ඉතින් දැන් මම ඔයාගේ යාලුවෙක්නෙ…දැන් අපි බලමු මොනවද කරන්න පුලුවන් කියල………හිමේෂි….. ඔයාට මොනව හරි ටැලන්ට් එකක් හරි.. කරන්න ආස කරන දෙයක් හරි තියෙනවද ?..
” ම්….. මට එහෙම දෙයක් හිතා ගන්න බෑ සමාධි…..’
” මට නම් පුලුවන් හිමේෂි…. ඔයාට ෆෝටෝ එඩිටින් හොඳ ටැලන්ට් එකක් තියෙනව නේද?. විශේෂයෙන් ෆෝටො ෂොප් .
” අනේ සමාධි… ඔය පරණ දේවල් මතක් කරල මට රිද්දන්න එපා.. අනේ ප්ලීස්…..”
” නෑ හිමේෂි…. මම එතනින් දැක්කෙ ඔයාගේ ටැලන්ට් එක විතරයි……. මට හිතෙනව ඔයා කම්පියුටර් ග්‍රැෆික් ඩිසයින් පැත්තට ගියොත් හොඳයි කියල……. ඔයාට ගොඩක් දියුණු වෙන්න පුලුවන්…”
” ආ… ස්. සමාධි…. මට ඒ.. ඒ ගැන හිතුනෙ නෑ……”
” ඒකනෙ ළමයෝ………හි.හි…… දැන් ඔයාට තියෙන්නෙ ඒ පැත්තෙන් ඉස්සරහට යන්න….. ඩිග්‍රි එකක් කරන්න ඕන නෑ…

ප්‍රයිවට් ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් තියෙනවනෙ……. එහෙම එකක් කරල තව හැකියාව වැඩි කර ගන්න….. ඒ ලෙවල්ස් ඕනම නෑ …. ඕ ලෙවල් වලින් කරන්න පුලුවන් කෝසස් තියෙනවා…. සමහර විට අවුරුද්දක් වැඩිපුර කරන්න වෙයි… එව්වරයි….”
” අනේ සමාධි… තෑන්ක් යූ සෝ මව්… තාත්ති මට කිව්ව ප්‍රයිවට් කෝස් එකක් කරන්න ඕන නම් සල්ලි දෙන්නම් කියල…ඒත් මට හිතා ගන්න බැරි වුනා මොනව කරන්නද කියලා…..අනේ සමාධි… ඔයාට මෙව්වර වැරදි කරපු මට මෙහෙම හෙල්ප් කරන්න ඔයා ඒන්ජල් කෙනෙක් වෙන්න ඕන….”
” ඔන්න ඉතින් ආයිත් පටන් ගත්තා පරණ දේවල් කියන්න.. දැන් ඒව ඉවරයි… ඔයා දැන් මගේ යාලුවෙක්… “
” සමාධි… තාරක වගේ කෙනෙක් ගැලපෙන්නෙ ඔයාට තමයි… ඔය දෙන්න හිතන්නෙ එකම විදියට.. මම වගේ නරක කෙල්ලෙක්ට කවදාවත් තාරක හරියන්නෙ නෑ…..”
” අනේ හිමේෂි එහෙම කියන්න එපා…. ඔයා නරක ළමයෙක් නෙමෙයි…. ඔයාගේ ආසාවල්….. ඕන එපාකම් අනිත් අයට වඩා වෙනස් වෙන්න පුලුවන්….ඒ කෙන් කියන්නෙ නෑ ඔයා නරක ළමයෙක් කියල… ඔයාට විතරක් නෙමෙයි.. තාරකටයි මටයි ආසාවල් තියෙනවා… අපි රහත් වෙලා නෑනෙ හිමේෂි… ඒත් අපේ රටේ හැදියාවක් කියල එකක් තියෙනව.. අන්න ඒකෙන් අපි හැඟීම් පාලනය කරගන්න උත්සාහ කරන්න ඕන…. දෙන්නෙක් ආදරය කරන්නෙ… කසාද බැඳල එකතු වෙන්නෙ ඒ ආසාවල් හැඟීම් හින්දනෙ හිමේෂි… එහෙම තිබුනෙ නැත්නම් අර ඔයා කිව්වා වගෙ ළමයි හදන්න වෙන්නේ ටෙස්ට් ටියුබ් ක්‍රමයට තමයි…හි.. හි…….”
” ම්ම්… අනේ නිකන් ඉන්න සමාධි…හරි නරකයි ඔයා…. ඔයා මට විහිළු කරනව නේද……” හිමේෂි සිනාසෙමින් කීවාය.

” අනේ නෑ ළමයෝ…. මම නිකමට කිව්…… ඔයාටත් ගැලපෙන කෙනෙක් හම්බ වෙයි ඔහොම යන කොට … … එන්න අපි ගිහින් ඩ්‍රින්ක් එකක් බොමු… උගුර කටත් වේලිලා කතා ໒.. 8.8.8….”
මිනිස් හැඟීම් විවිධා කර විය හැකිය. මේ හැඟීම් නිසා කෙනෙක් හොඳ හෝ නරක තැනැත්තෙකු වන්නේ ඉන් සමාජයට අයහපතක් වන දේ කළහොත්ය. කිසිවකු වැරදි මාර්ගයක යනු දුටු විට ඔහු හෝ ඇය දෙස සාවධානව විමර්ශනය කොට එම වැරදි මාර්ගයේ යෑම වලක්වා හරි මගට ගැනීම විශාල සමාජ මෙහෙවරක් වනු ඇත. ඉන් සමාජය තුල අයථා ක්‍රියා සිදුවීම බොහෝ දුරට අඩු කර ගත හැකිය.
වෛරයට වෛරයෙන් පිළිතුරු දීමට යාමෙන් කිසිවෙකුට
යහපතක් සිදු නොවේ. මෙය සියලු ආගම් වලින් කියැවෙන මූලික
ධර්මතාවයකි. රටේ පවතින නීතියට පටහැනි ක්‍රියාවක් කලහොත්
එයට නීතියෙන් දඬුවම් ලැබෙනු ඇත. සතුරුකම් කළ කෙනෙකුට
පළි ගැනීමක් නොකොට ඒ වෙනුවට මෛත්‍රී සිතින් උපකාරයක්
කල හැකි නම් එය දෙපාර්ශයටම සුගතිය ගෙන දෙන්නක් වනු ඇත.
සිතට සහ ගතට සැහැල්ලුවක් හා ශාන්තියක් ලබා දෙනු ඇත.
නදීකා සහ සඳුන්ගේ සම්බන්ධය ආදරයට වඩා ආශාව සහ භෞතික සම්පත් වලට නැඹුරු වූ සම්බන්ධතාවයක් විය. විවාහ වී නොතිබුනත් කාම භෝගී ක්‍රියාවල යෙදීම ඔවුන්ට සාමාන්‍ය දෙයක් විය. විනෝදය සහ පුහු අලංකාරය ඔවුන්ගේ සමාගමයේ ප්‍රධාන අංග විය.
කෙසේ වෙතත් දෙදෙනාගේ සිත් වල කිසියම් ආදර හැඟීමක්ද තිබිනි. එය සැබෑ ආදරයක් ද එසේ නැතහොත් එකෙනිකාට ඇති අවශ්‍යතාවය සහ පැවැත්ම නිසා ඇති වූ ඇඟැලුම් කමක්දැයි දෙදෙනාටම වටහා ගත නොහැකි විය.

නදීකාට දැන් පරිගණක පාඨමාලාව ඉදිරියට කරගෙන යෑමට එතරම් උනන්දුවක් නැත. ඇය කොළඹට පැමිණීමේ යටි අරමුණ වූයේ ඇගේ සිතුම් පැතුම් වලට සරිලන තරුණයෙකු හා මිත්‍ර වීමය. දැන් එම කර්තව්‍යය ඇගේ අදහසට අනුව ඉටු වී ඇත. එහෙයින් තව දුරටත් ඉගෙනීම ඇයට වැදගත් නැත.
” තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා… එසැඩ මහා වතුරින් වත් වල නොවෙනා… කෝප උවත් රජ මැතිඳුන් ගත නොහෙනා.. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා…”
මෙම අගනා වදන් වල වටිනාකම නදීකා පමණක් නොව බලයෙන් සහ ධනයෙන් හිස් උදුම්මා ගත් බොහෝ දෙනා මායිම් කරන්නෙ නැත. වස්තුව සහ බලය ක්ෂණයකින් නැති වී යා හැකි බවත් යම් හැකියාවක් හෝ උගත් කමක් තිබේ නම් එය ජීවත් වීමට අවශ්‍ය පරිදි ආයුධයක් කර ගත හැකි බවත් පසක් කර ගැනීම ඉතා වැදගත් වේ. මෙම පද්‍යයේ අවසාන පේලිය ‘මතු රැකෙනා ශිල්පයමයි උගත මනා’ යනුවෙන් සමහරුන් අර්ථ කතනය කොට තිබුනත් එය ඉතාමත් අදුරර්දර්ශී පරිශ්‍රමයකි.
සෑම සන්ධ්‍යාවකම ඉහල පෙලේ සමාජ ශාලා සහ හෝටල් වල කෙළි දෙලෙන් කාලය ගත කල නදීකා සහ සඳුන් රාත්‍රී කාලය ඔවුන්ගේ සුඛෝපභෝහී සඳලු තල නිවහනේ ගත කලේ එය මිහිපිට සුර පුරයක් යැයි සිතා ගෙනය.
මේ කුමන සැප සම්පත් තිබුනත් කිසියම් හිස් බවක් තමා තුල තිබෙන බව නදිකාට දැනුනාය.
” සඳුන්…. ඔයා මට ඇත්තටම ආදරෙයිද?……’ නිදි යහනේ සඳුන්ට තුරුලු වී සිටි නදීකා ඇසුවාය.

” ඔයා මේ මොනව අහනවද මන් දන්නෙ නෑ නදී….. මම ඔයාට කොච්චර ආදරෙයිද?.. එහෙම නැත්නම් මම ඔයාට මෙව්වර දේවල් කරන්නෙ කොහොමද?… මෙච්චර සැප දෙන්නෙ කොහොමද ?…..”
” ඔව් ළමයෝ … ඒව හරි… ඒත්…. මට ඔයා ඇත්තටම.. ඇත්තටම ආදරෙයිද සඳුන්…. මට සමහර වෙලාවට එක එක ඒව හිතෙනවා…..
” නිකන් විකාර හිතන්න එපා නදී…… .මම ඔයාට ඇත්තටම ආදරෙයි….. ඔයා නිකන් ඔලුව අප්සට් කර ගන්න එපා…..’
” ඔයා ආදරේ මගේ ඇඟට නේද ?…” නදීකා හිස ඔසවා ඇසුවාය.
” ඔයාට පිස්සුද නදී…… ඔයාගෙ ලස්සනට මම ආසා තමයි… ඒත් මම ආදරේ ඔයා……”
” සඳුන්… ඔයා මේ අපාට්මන්ට් එකට කෙල්ලො ගෙනැල්ලා තියෙනවද ?……” නදීකා එක එල්ලේ ඇසුවාය.
” ආ…………. ඇයි ඔයා මේ එක පාරටම එහෙම දෙයක් ඇහුවේ ?…….” සඳුන් කලබල හඬකින් ඇසීය.
” මම අහපු දේට උත්තර දෙන්න සඳුන්… ඔයා කෙල්ලො ගෙනල්ලා තියෙනව නේද?….ආ……”
” මට ඔයාට බොරුවක් කියන්න ඕන කමක් නෑ නදී…. ඔව් මම ගෙනත් තියෙනවා……”
සඳුන්ගේ මේ වචන ඇසුන නදීකාට විශාල හිස් බවක් දැනෙන්නට විය.
‘ව්හාහා…. කොහේ කෙල්ලොද ?….”
නදීකා කිසිම හැඟීමකින් තොරව ඇසුවාය.

” මම එහෙම එක එක කෙල්ලො ගෙනත් නෑ නදී……අපේ ගෙදර තාත්තගෙ බිස්නස් පාටි තියෙනවා….. ඒකට ගොඩක් යාලුවො.. බිස්නස් කට්ටිය එනවා…. ඉතින් සමහර දාට මම ඒ ගොල්ලන්ගේ දුවල මෙහාට එක්ක ගෙන ආවා…..”
” මොනවා ආ ආආ… ඒ කියන්නෙ ඉස්කෝලෙ යන පොඩි ළමයිද?……ආ..” නදීකා වේගයෙන් ඇසුවාය.
” සයිස් එකෙනුයි.. වයසෙනුයි පොඩි වුනාට ඒ ගොල්ලො වැඩ වලින් පොඩි නැහැ…”
” ෂික් සඳුන්… ඔයා නම් මහම පහත් මිනිහෙක්…. ෂික්… බාලාපරාධ කරන්න… ෂික්. ව්හාහාහා……
“අනේ නදී ප්ලීස්……මම ඔයා එක්ක යාලු වුනාට පස්සෙ එහෙම දේවල් කරල නෑ.. මම කියන එක අහන්නකො… ඉතින්….”
” මට අහන්න උවමනාවක් නෑ….”
මෙසේ කියූ නදීකා යහනෙන් නැගිට ජනේලය අසලට ගියාය.
” ෂේෂ්.. නදී මේ… ඩ්‍රෙසින් ගවුන් එක ඇඳගෙන යන්න….. ඔහොම ජනේලෙ ළඟ ඉන්න එපා එළියට පේනවා… ලැජ්ජා නැද්ද
” ලැජ්ජා නැත්තෙ මටද… ඔයාටද?.. ආ….. මේ වගේ පොඩි ගෑණු ළමයි එක්ක හැසිරෙන්න….” නදීකා රාත්‍රී ගවුම ඇඳ ගනිමින් කීවාය.
” නදී.. අනේ දැන් ඒවා නැහැනෙ….. මේව ඉස්සර වුන දේවල්…..”
” සඳුන්… ඒවයින් මට වැඩක් නෑ……ආයිත් එහෙම කරන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න….”
” අයියෝ නදී….. එක පාරට දහ පාරක් පොරොන්දු වෙන්නම්… අනික මම කිව්වේ දැන් එහෙම නෑ කියල….”

” සඳුන්. ” නදීකා තදින් කීවාය.
” ඇයි නදී?….”
” අපි දෙන්න ඉක්මනටම…. ඔව් ඉක්මනටම බඳින්න ඕන…..”
” මෙ.. මෙ.. න… නදී. මේ.. එක. එක පාරටම ඔයාට එහෙම හිතුනෙ ඇයි?…’ පුදුම වූ සඳුන් ඇසුවේය.
” ඇයි මොකෝ?… ලෑස්ති වෙන්නෙ බඳින්නෙ නැතුව මාව මග අරින්නද ?…… එහෙම හිතාගෙන ඉන්නව නම් ඒක ලෙසි වෙන්නෙ නෑ …. හිතුවද මාව හපයක් කරල දාලා පැනල යන්න ආ……
” අයියෝ නදී…. මම දැන් එහෙම දෙයක් කිව්වද ?………මම අහන්නේ ඇයි මේ එක පාරටම බඳින්න ඕන කියන්නෙ මොකද කියල.. අපේ ඩිප්ලෝමා එක තවම ඉවරත් නැහැ නෙ….”
” ඩිප්ලෝමා එක ඉවර නෑ කියල බඳින්න තහනමක් නෑ නෙ… දැන් අපි දෙන්න මෙහෙම හිටිය ඇති…. දැන් මාස ගානක ඉඳල අපි එකට නිදා ගන්නවා.. ඉතින් තවත් මොනවද… දැන් අපි දෙන්න බඳින්න ඕන…..
” අනේ නදී.. තව පොඩ්ඩක් ඉඳිමුද…..”
” මට බැහැ….. ඔයා මට ආදරේද… කියන්න…”
” ඔව් නදී.. මම ඔයාට ආදරෙයි….”
” හරි එහෙනම් බඳිමු……”
“ම්.. ඔයාගේ කැමැත්තක් නදී… අපි එහෙනම් අම්මලට
නදීකා සහ සඳුන් අතර තම විවාහය ගැන කතා බහ සහ එකඟත්වය මෙසේ ඇති වූයේ උසාවියක නඩු අසන්නාක් මෙන්ය. ‘විවාහය’ යනු දෙදෙනෙකු අතර ඇතිවන උත්තරීතර බන්ධනයකි.

විවාහ ජීවිතය යනු රෝස මල් මාවතක් ඔස්සේ යන සුන්දර ගමනක් නොවේ. කෙතරම් ආදරයකින් සහ අවබෝධයකින් බැඳුන දෙදෙනෙකු අතර වුවද විවාහ ජීවිතයේදී ප්‍රශ්න ඇති වීම ස්වාභාවිකය. මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට දෙදෙනාගේ කැප වීම වැදගත් වන අතර ඒ සඳහා දෙදෙනා අතර ආදරයක්, අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය දෙයකි.
අභාග්‍යයකට මෙන් අද සමාජයේ ආදරය හා අවබෝධය ඇතුව සිදුවන විවාහ වලට වඩා වෙනත් කරුණු පාදක කොට සිදුවන විවාහ වැඩිවෙමින් පවතී. දේපොල වස්තුව, බලය, පවුල් තරාතිරම සහ අනුරාගී පෙළඹවීම් වැනි දේ ආදරය වසා ගනිමින් විවාහයන් තුලට කා වැදීමට පටන් ගෙන ඇත. මෙවැනි වාතාවරණයක සිදුවන විවාහ දෙදරා යාම පහසුවෙන් සිදු විය හැකිය. අද සමාජයේ දික්කසාද සහ පවුල් සංස්ථා බිඳ වැටීමේ ප්‍රවණතාවය වැඩි වී ඇත. විවාහ දෙදරා යාමෙන් ඇතිවන ප්‍රතිඵල ඉතා අහිතකරය. මේ නිසා දරුවන් අයාලේ යා හැකිය. අපරාධ වැඩි වීමට හේතුවක් විය හැකිය. සාරධර්ම වල පල්ලට යා හැකිය. එය ජන සමාජය විෂම වීමට බොහෝ සෙයින් බල පානු ඇත.
විවාහ වීම ඉතා පහසුය. එහෙත් විවාහ ජීවිතය පවත්වා ගෙන යාම හිතන තරම් ලෙහෙසි නැත. නදීකා සහ සඳුන්ගේ විවාහ එකඟතාවය සිදු වූයේ ආදරයට වඩා භෞතික සම්පත්, ආවේගය, තෘෂ්ණාව සහ රාගය මුසු පෙළඹවීමක් නිසාය.
දෙදෙනාගේ විවාහ ජීවිතය කුමන දිශාවකට ගමන් කරයිද?

පසිඳුගේ සහ සුදාරකගේ උසස් පෙළ ජයග්‍රහණයෙන් මහත් ප්‍රීතියට පත් ළමා නිවාසයේ භාරකාර සුධීර මහතා ඒ වෙනුවෙන්ම ලංකාවට පැමිණියේය.
පසිඳු සහ සුදාරකට සුබ පැතීම සඳහා ඉතා චාම් උත්සවයක් පිරිමි සහ ගැහැණු නිවාස දෙකේම ළමුන්ගේ සහභාගිත්වයෙන් සුධීර විසින් සංවිධානය කරනු ලැබීය. මේ උත්සවයට සහභාගී වීමට අනුත්තරාත් ඇගේ දෙමාපියනුත් නැගෙනිය වූ පවිත්‍රාත් පැමිණියහ. සුධීර එහිදී ළමුන්ගේ උත්සාහය සහ උනන්දුව වැඩි කිරීම පිණිස කෙටි හරවත් කතාවක් කළේය.
” අපි ඔක්කොමටම අද හරිම සන්තෝසයි…. අපේ පුත්තු දෙන්නෙක් වෙන පසිඳුයි සුදාරකයි ඉතා ඉහලින් උසස් පෙළ සමත් වෙලා මෙඩිසින් සහ ඉන්ජිනියරින් කරන්න පාස් වුන එකට ….. මමත් එක්ක මෙතන ඉන්න ඔක්කොමල ඔය ගොල්ලන්ගෙ අම්මල තාත්තල වෙනවා ……..අපි ඔක්කොම එක ලොකු පවුලක්…… අපි හරිම සමගියෙන් ඉන්නේ.. ඒ හින්ද අපේ දුවෙක් හරි පුතෙක් හරි මේ වගේ දිනුමක් ගත්තම අපි ඔක්කොකොමටම සතුටුයි… පසිඳු.. සුදාරක… ඔය දෙන්න ඉගෙන ගෙන ඉවර වෙනකන්ම අපි ඔය ගොල්ලන්ගෙ වියදම් ඔක්කොම බලාගන්නව… මම ඔය ගොල්ලන්ගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි……… ඔය දෙන්න හොඳට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් ඉන්ජිනියර් කෙනෙක් වුනාට පස්සෙ මේ රටේ අහිංසක අසරණ මිනිස්සුන්ට උදව් කරන්න…… සල්ලි වලට වහල් වෙන්න එපා….. සල්ලි හම්බ කරන්න ඕන තමයි….. ඒත් මිනිස් කම සල්ලි වලට යට වෙන්න දෙන්න එපා.. හැම තිස්සෙම හිතට එකඟව වැඩ කරන්න…….. ඔය ගොල්ලන්ට කවදාවත් වරදින්නෙ නෑ….
සුධීර මහතාගේ කතාව අවසාන වන විට පසිඳුගෙත් සුදාරකගෙන් ඇස් කඳුලින් තෙත් වී තිබිනි.

” සර්…. අපි සර් කිව්ව වගේ අවංකව මිනිස්සුන්ට සේවය කරන්න පොරොන්දු වෙනව…” දෙදෙනාම එක විට පැවසුවෝය. අනුත්තරා සහ ඇගේ දෙමව්පියන් සමග සුධීර සුහදව කතා කළේය.
” දුවට දැන් ගොඩක් සන්තෝස ඇති නේද ?…….’ සුධීර ඇසුවේය.
” අනේ ඔව් සර්….. මට කියන්න බැරිතරම් සන්තෝසයි…..”
” මේ දුව…….මම සර් නෙමෙයි මාමා හරිද…….හි.හි….. ඉතින් ඔයත් කැම්පස් සිලෙක්ට් වුනාද ?……”
” ඔව් මා…… මම බයෝ වලට සිලෙක්ට් වුනා…….
“වෙරි ගුඩ්… මෙඩිසින් බයෝ එක්ක ගැලපෙනවනෙ නේද?… දෙන්නට පුලුවන් එකට වැඩ කරන්න……’
” …”
” දුව… පසිඳුව හොඳට බලාගන්න…… ඔයා හරිම තැන්පත්.. වාම් ළමයෙක්…. ඔය දෙන්න හොඳට ගැලපෙනව….”
” මම පසිඳුව පණ වගේ බලා ගන්නව මාමෙ…… ඒක මගේ පපුවෙන් එන හැඟීමක්……”
” මගේ හොඳ දුව …..” සුධීර අනුත්තරාගේ හිස පිරිමදිමින් කීවේය.
සුධීර මහතාට සහ සහනි මහත්මියට ඔවුන්ගේම කියා දරුවන් නොමැත. ඒ නිසා ඔවුන් දෙදෙනා නිවාසවල දරුවන්ට තමන්ගේ දරුවන්ට මෙන් ආදරය කළෝය.
උත්සවය අවසානයේ සියලු දෙනාම සතුටු සාමීචියේ යෙදුනෝය.

” මේ අයියේ… ගල්ස් හෝම් එකේ ලස්සන ගෑණු ළමයි ඉන්නවනෙ…. ඔයාට සෙට් වෙන්න ආවේ නැද්ද? පවිත්‍රා සිනාසෙමින් ඇසුවාය.
” මේ නංගි….. ඔයාට පිස්සු ද මේ බහු බූත දේවල් අහන්න?… ආ…..’ අනුත්තරා සැර වුනාය.
” අනේ නංගි… අපි ඔක්කොම සහෝදර සහෝදරියො වගේ ඉන්නෙ… අපිට ඒ වගේ දේවල් හිතෙන්නෙ නෑ….අපිට ඒ හැදියාව හෝම් එකෙන් දුන්නා….” පසිඳු කීවේය.
” අනේ අයියේ… මම විහිළුවට කීවේ… .මම දන්නව ඒ………. එහෙම වුනා නම් අක්කට හුලං තමයි නේද…. හි.හි.හි….”
” නංගි මේ? …. ඔයාගේ කට පරිස්සම් කර ගන්න.. සුධීර සට ඇහුනොත් ඔයාව එළවල දානව දැන්……’ අනුත්තරා සෙමින් වුවත් තදින් කීවාය.
” ආ හරි හරි …… අම්මෝ අක්කට යන කේන්තිය… මේ අයියෙ… මට බැරිද මෙතනින් කොල්ලෙක් සෙට් කර ගන්න ?….”
” උඹ ගිහින් සෙට් කර ගනින් මී හරකෙක් ………..” අනුත්තරා පවිත්‍රාගේ කණ මිරිකමින් කීවාය.
සෑම දෙනාම ඉතා සැහැල්ලුවෙන් සහ ප්‍රීතියෙන් සන්ධ්‍යාව ගත කළෝය.
පසිඳු දෙමාපිය රැකවරණය අහිමි වීමෙන් අනාථ වූ දරුවෙකු වුව ද සමාජයෙන් ලද උපකාරය සහ සාත්තුව නිසා රටට වැඩදායක කෙනෙකු වනු ඇත. අද සමාජයේ වන සිව්පාවුන් වැනි මිනිසුන් බහුල වුවද ඔවුන් අතර සුධීර මෙන් දෙවි දේවතාවුන් වැනි වූ මිනිසුන්ද ඇත. ඒ මිනිසුන් මුලු සමාජයටම ආශීර්වාදයකි.

උපන් ගමේ හැදී වැඩී යම් ආකාරයක සංයමයක් ලබා සිටි නදීකා කොළඹට පැමිණ සඳුන් හා සම්බන්ධතාවය පටන් ගත් පසු සංකර සමාජයට ඇබ්බැහි වූවාය. මේ පිළිබඳව ඇගේ යටි හිතේ යම් ශෝකයක් හා හිස් බවක් ඇති නොවූවා නොවේ. කෙසේ වෙතත් ඒ ගැන වැඩි දුර කල්පනා කිරීමෙන් පලක් නොවන බව ඇය වටහා ගත්තාය. නදීකා සඳුන් අතින් ගැහැණියක වී අවසානය. ඇය මත් පැන් වලට පුරුදු වී අවසානය. සිරුර අඩක් නිරාවරණය කෙරෙන ඇඳුම් ඇඳීමට සහ අයථා කාමභෝගී ක්‍රියා සිදුවන “උසස් සමාජයේ ‘ ප්‍රිය සම්භාෂණ වලට පත්තියන් වී හමාරය.
මෙවැනි තත්වයක ඇති විනාශකාරි භාවය වන්නේ නදීකා සිය පවුලේ සාමාජිකයන්ටද මෙම ගති ගුණ පුරුදු කිරීමට දරණ ප්‍රයත්නයයි. සඳුන්ගේ නැගෙනිය වූ දුෂානි ඇගේ හොඳම මිතුරිය බවට පත් වූවාය.
“මේ නංගි…. මගේ මල්ලි තාරක මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් වෙලා….. ඉතින් කොහොම හරි ඔයා මල්ලි එක්ක සෙට් කරන්න අපි ට්‍රයි කරනවා………..
දිනක් ඉහල සමාජයේ’ පිහිනුම් තටාකයක අඩ නිරුවත් නාන ඇඳුම් වලින් සැරසී දිය කෙළියේ යෙදී සිටි නදීකා කීවාය.
“ම්ම්… ඔව් අක්කේ….තාත්තිට ඕන මාව කොහොම හරි ඩොක්ට ‘ කෙනෙක්ට බන්දල දෙන්න……. එතකොට ප්‍රයිවට් හොස් පිටල් එකක් දා ගෙන නිකන්ම සල්ලි හම්බ කරන්න පුලුවන් ……….” භෞතික ලෝකයේ අතර මං වී සිටි දුෂානි නදීකාගේ කීම අනුමත කළාය.
” ඔව් නංගි බලන්නකො…….. අපේ මේ මෝඩයා කොහෙද යන අතේ සතේ නැති කෙල්ලෙක් අල්ලගෙන… කිසිම සෙක්සි ගතියක් නෑ ඒකිගෙ…. අපේ මල්ලි මොනවද මන් දන්නෙ නෑ ඕකිගෙ දැක්කෙ…….අපි කොහොම හරි ඕක කඩන්න ඕනෑ. ………”

” මේ අක්කෙ… අපි බාර් එකට ගිහින් ඩ්‍රින්ක් එකක් බොමුද ?… අර අතන ඉන්න සුද්දො දෙන්නා අපි දිහා කන්න වගේ බලාගෙන ඉන්නව.
“හා නංගි යමු…
අඩ නිරුවතින් සිටින තරුණියන් දෙස කාමුක පිරිමින් බැල්ම හෙලීම නැවැත්විය නොහැකිය. මේ තත්වයට එවැනි ඇඳුම් අඳින තරුණියන් ද වග කිව යුතුය.
දෙදෙනා උඩ ඇඳුම් ඇඳ බීම සලට ගියෝය.
” ඉතින් අක්කෙ කොහොමද ඕක කරන්නෙ?……” දුෂානි ඇසුවාය.
” දැන් අපේ වෙඩින් එකේ බෙස්ට්මන් වෙන්නෙ මල්ලි….. ඔයා බ්‍රයික්මේඩ් නෙ…. ඉතින් ඔයාට තියෙන්නෙ වෙඩින් එක දවසෙ මල්ලි එක්ක හොඳට කතා කරල අඳුර ගන්න… ඊට පස්සෙ ටික ටික සෙට් වෙන්න.. ඔයාට ඉතින් කොල්ලො සෙට් කර ගන්න හැටි කියන්න ඕන නැහැනෙ….හි.හි…… මේ දැන් අර ප්‍රසාද් පස්සෙන් එන්නෙ නැහැනේ……”
” ආපෝ නෑ අක්කෙ.. මම ඌව අත ඇරල ගොඩක් කල්…..ඌ දන්නේ නෑ කෙල්ලෙක්ව සැටිස්ෆයි කරන්න …. ෆිල්ම් එකක් බලන්න ගියත් ඌට මට වඩා ෆිල්ම් එක ලොකුයි… හි හි.හි… හරි අක්කෙ මම දෙන්නම් ෆුල් ට්‍රයි එක……….මම දන්නවා කොලො ටැකල් කරන්න…”
” හරියට හරි නංගි… මට ෂුවර් ඔයාට ඒ දේ කරන්න පුලුවන් කියල…… එතකොට දෙපැත්තකින්ම අපි දෙන්නා නෑනාල නේද?…
” ම්මම්ම්…. ඔව් අක්කේ…. එන්න අක්කේ… අපි වයින් ටිකක් bomu..

” හරි නංගි… ඒත් වැඩිය බෑ හරිද …..අද හැන්දෑවෙ පාටියෙත් ඉතින් ගන්න තියෙනවනෙ…
ඉහල සමාජ වල මිනිසුන් ජීවත් වන්නේ මහ පොළොවෙන් උඩ ඇති ඔවුන් විසින්ම තනාගත් සඳලු තල වලය. එහෙත් ඔවුනට මේ සුර සැප විඳීමට හැකිවන්නේ පොළවේ පය ගසා ජීවත් වෙන සාමාන්‍ය මිනිසුන් හෙලන දහඩිය මුගුරු නිසා බව තේරුම් ගැනීමට ඔවුනට ඕනෑ කමක් නැත.
නදීකාගේ විවාහ මංගල උත්සවය තමන්ට හැකි අයුරින් පැවැත්විය යුතු යැයි නදීකාගේ පියා ස්ථාවරයක සිටියේය. මේ නිසා උත්සවය දකුණු පළාතේ හෝටලයක පැවැත්වීමට ඔහු අදහස් කළේය. එහෙත් නදීකා මීට විරුද්ධ වූවාය.
” අයියෝ අම්මෙ…. තාත්තට පිස්සුද මේ දකුණෙ තුට්ටු දෙකේ හෝටල් වල වෙඩින් එක ගන්න ?… ආ… වෙඩින් එකට සඳුන් ගෙ තාත්තගෙ බිස්නස් පාට්නස්ලා ඔක්කොම එනවා… ඉස්සරහට සඳුන්ගෙ බිස්නස් කට්ටිය වෙන්න ඉන්න අයත් එනවා… එහෙම එකේ අපි මේක ග්‍රෑන්ඩ් එකට ගන්න ඕන……. නැත්නම් ඒක අපේ බිස්නස් වලට බල පානවා…… ඒ හින්දා කොළඹ තියෙන බෙස්ට් ෆයිව් ස්ටාර් හොටෙල් එකේ වෙඩින් එක ගන්න ඕන……. වියදම සඳුන්ගෙ තාත්තා බලා ගනියි…….”
” අනේ නදීකා…… එහෙම හරි නැහැනෙ… ඔයා අපේ දුව.. ඉතින් අපේ සිරිතෙ හැටියට අපි ඔයාව බන්දල දෙන්න ඕන……. ඒක හින්ද අපි තමයි වියදම් කරන්න ඕන…..” නදීකාගේ මව කීවාය.
” අනේ අම්මෙ මේ……. ඔය පිස්සු විකාර කියන්න එපා….. වියදම් කරන්නෙ කවුද කියල බෝඩ් එකක් ගහල නැහැනෙ…. ඕනම දේ තමයි වෙඩින් එක බෙස්ට්ම හොටෙල් එකේ ග්‍රෑන්ඩ් එකට තියන එක…. එතකොට තමයි අපේ බිස්නස් වලට හොඳ…..

පුහු ආටෝපය අද සමාජ තත්ත්වය මනින මිනුම් දණ්ඩක් වී ඇත. නීති විරෝධී ක්‍රියාවලින් මුදල් උපයන ඕනෑම ජඩයෙකු මුදල් බලය පාවිච්චි කර පෙන්වන සව පිත්තල සන්දර්ශණ නිසා ඔහු සමාජයේ උසස්’ පුද්ගලයෙකු ලෙස පිළි ගැනෙනු ඇත.
විවාහ මංගල්‍යයට ආරාධනා කළ යුතු අමුත්තන් තේරීමේදී නදීකා සහ ඇගේ දෙමව්පියන් අතර විශාල අවුලක් ඇති විය.
” අම්මේ මේ…… මේ ගමේ ඉන්න හැම බයියන්ටම කියන්න ඕන නෑ…. උන්ට බෑ සඳුන්ගේ කට්ටිය එක්ක පෑහෙන්න.. අනික උන් රෙදි බැනියම් ඇඳගෙන ආවම ලැජ්ජාවෙ පණ යනව………”
නදීකා මැසිවිලි නැගුවාය. ” නදීකා මේ අහන්න… අපිට ආරධනා කරන්නම ඕන නෑදෑ කට්ටියක් ඉන්නවා.. ඒ ගොල්ලන්ට කියන්නම ඕන….. මොකද අපි මේ ගමේ ජීවත් වෙන්න ඕන…… ඔයා නම් බැඳල කොළඹ යයි……
ඒත් අපි මෙහේ ඉන්න ඕන…….
” මන් දන්නෙ නෑ…… එහෙනම් උන්ට වෙනම වාඩි වෙන්න කියන්න…….. මට ලැජ්ජ කරන්නෙ නැතුව.. සමාධිට එහෙම ඉන්වයිට් කරන්න එපා….” අනික අම්මේ…… ඔය
මේ ආරංචිය ඇසූ තාරක තරහෙන් පිපුරුනේය.
” මොනව අම්මෙ? … සමාධිට ඉන්වයිට් කරන්නෙ නෑ කිව්වා.. හරි කමක් නැහැ……… එහෙනම් මමත් නෑ වෙඩින් එකට .. එච්චරයි….”
“අනේ මන් දන්නෙ නෑ පුතා මේ අක්කගෙ කෝලං……..මම නිකන් ගිරේට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ… හැම පැත්තෙන්ම තැලෙනවා….” මව දුක්මුසු හඬකින් කීවාය.
” අම්මේ… මම මගේ අක්කට තවමත් ඉස්සර වගේම ආදරෙයි.. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ …… හැබැයි මගේ සමාධිට
වෙනස් කම් කරන්න කාටවත් මම ඉඩ තියන්නෙ නෑ… සමාධි කියන්නෙ මගේ ජීවිතය…….මම යන ඕනම පවුලේ උත්සවයකට සමාධි ඉන්න ඕන…….. ඒ හින්ද අක්කට කියන්න…. එයාගෙ වෙඩින් එකට සමාධිට… ඒ කියන්නෙ එයාගෙ අනාගත නෑනාට එන්න දෙන්නෙ නැත්නම් එයාගෙ මල්ලිත් නෑ කියල හිතා ගන්න කියල කියන්න… “
තාරක තම තීරණයේ තදින්ම සිටියේය. මේ නිසා නදීකාට අවසානයේ සමාධිට ආරාධනා කිරීමට එකඟ වීමට සිදු විය.
තාරක නදීකාගේ මේ ක්‍රියා කලාපය සමාධි සමග කීවේය.
” අනේ තාරක… ඔයා අක්කත් එක්ක රණ්ඩු කරන්න එපා…. එයා කැමති නැත්නම් මම නෑවිල්ලා ඉන්නම්…..”
” ඔයාට පිස්සුද සමාධි ?… ඔයා නැතුව මම කීයටවත් යන්නෙ නෑ.. මේක අපේ පවුලෙ උත්සවයක්…….අපි දෙන්න තවම නීතියෙන් කසාද බැඳල නැති වුනත් දැන් ඔයා අපේ පවුලෙ කෙනෙක් වෙලා ඉවරයි….. ඒ හින්ද ඔයා එන්නම ඕන……. එච්චරයි….”
” අනික තාරක.. මට අඳින්න හරි සාරියක්වත් නෑ… ජුවෙලරිත් නෑ …. ඉතින් මම කොහොමද එන්නෙ තාරක ?……’ සමාධි තාරකට තුරුලු වී කීවාය.
” සමාධි… මම ඔයාට සාරියකුයි… ජුවෙලරියි අරන් දෙන්නම්….. ඒව ගැන හිතන්න එපා…….
” අනේ තාරක…… එච්චර වියදම් කරන්න එපා……… අපි අරපිරිමැස්මෙන් වැඩ කරමු…… ජුවෙලරි ගන්න ඕන නෑ……. මම අම්මිගෙ ජුවෙලරි අඳින්නම්.. ෆැෂන් එක වෙනස් වුනාට කමක් නෑ… අපි දෙන්නම එකතු වෙලා සාරියක් ගනිමු…. අපි දෙන්නම දැන් කීයක් හරි හම්බ කරනව නෙ…….”

“මගෙ සමාධි කෙල්ලෙ……. ඔයා කොච්චර හිතල වැඩ කරනවද ?…. ඔයා මම ළඟ ඉන්නකන් මම කිසිම දේකට බය නෑ…….. හැබැයි සමාධි… වෙඩින් එකේදි එක එකා ඔයාව පාච්චල් කරන්න ආවොත් මම වෙඩින් එක කියල බලන්නෙ නෑ…….
” අනේ තාරක ප්ලීස්… වෙඩින් එකේදි රණ්ඩු කරන්න විතරක් එපා… ඒක අපි කිසි කෙනෙක්ට හොඳ දෙයක් වෙන්නෙ නෑ…..”
සමාධිගේ සංයමය සහ පරිණත භාවය තාරකගේ ජීවිතයට මහඟු අත්වැලක් සහ විශාල ශක්තියක් වේ.
නදීකාගේ විවාහ මංගලෝත්සවය පැවැත්වූයේ කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්නයේ පිහිටි ඉහල ගණයේ තරු පහේ හෝටලයකය. බෝල් රූම්’ යනුවෙන් හැඳින්වෙන උත්සවය පැවැත් වූ ශාලාව දිව්‍ය මාලිගයක් පරදන අයුරින් ඉතාමත් මිල අධික සැරසිලි වලින් අලංකාර කොට තිබිනි. විවාහ මංගලයකට වඩා මෝස්තර නිරූපන ප්‍රදර්ශනයක් දැයි සිතෙන තරමට විවිධ මාදිලියේ අරුමෝසම් වැඩ වලින් ශාලාව සකස් කොට තිබිනි. කෙසේ වෙතත් මගුල් පෝරුවට දී තිබුනේ දෙවැනි ස්ථානයකි. පෝරුව ශාලාවේ මුල්ලක සුලුවෙන් ඉදි කර තිබුනේ නදීකාගේ හිතු මනාපයටය. නදීකාගේ පවුලේ නෑදෑ හිත මිතුරන්ට ශාලාවේ සැරසිලි සහ පෝරුව ගැන කිසිම පැහැදීමක් ඇති වූයේ නැත.
” ඈ අයියෙ… මොන විකාරයක්ද මේ මගුල් ගෙදර? බලන්නකො පෝරුවේ හැටි… ආ.. ලස්ස ගානක් වියදම් කරල හෝල් එක සරසල නම් තියෙනව……. ඒත් පෝරුව නිකන් ඇට සැකිල්ලක් වගේ නිකන් එහෙන් මෙහෙන් දාලා…..අපේ ගමේ බාසුන්නැහෙ මීට වඩා දහ ගුණයක් ලස්සන පෝරුවක් හදයි….”
නදීකාගේ මාමා කෙනෙකු ඔහුගේ මිත්‍රයෙකු අමතා කීය.

” ඔව් මලයො………මේවට තමයි නර ලොව හොල්මන් කියන්නෙ.. මගුල් ගෙදරකට වැදගත්ම දෙයක් තමයි පෝරුව… අනික බලපන්කො මේකෙ තියෙන දේවල්.. කෑම බීම නම් බටහිර පන්නෙට තිබුනට කමක් නෑ….. ඒත් බලපන් ක්කො මත් බීම ජාති උතුරන හැටි… දැන්මම කට්ටිය බොන්න පටන් අරන්… මහ ලොකුවට කෑ ගහන්නේ “මතට තිත’ කියල… අද හැන්දෑ වෙන කොට මුන්ට කෙලින් කටින් ඉන්න බැරි වෙයි…… නදීකා දුව කොහෙන් හොයා ගත්තද මන් දන්නෙ නෑ මේ විච්චුරණ පවුල…..”
“අනේද කියන්නෙ අයියෙ… ඒ මදිවට බලන්නකො මේ ළමිස්සියොයි.. ගෑණුයි ඇඳල ඉන්න හැටි…. බාගෙට හෙලුවෙන්….. වික් විතරක්…”
” අනේ මන් දන්නෙ නෑ බන්… මේ බවලත් උදවිය දැක්කම වයසක අපෙත් ඔලුව අවුල් වෙනවනේ මලයො….”
සඳුන්ගේ නෑදෑ මිතුරු මිතුරියන්ගේ ඇඳුම් විලාසිතා නදීකාගේ පාර්ශ්වයේ ස්ත්‍රීන්ගේද දැඩි දෝෂාරෝපණයට ලක් විය.
” මේ සාම…… බලපන්කො මේ කෙල්ලන්ගෙයි….. ගෑණුන්ගෙයි මෝස්තරේ විතරක්……..සාරිය ඇඳල තියෙන්නෙ ඉනට … හැට්ටෙ පපුව ගාවට.. බුරියයි.. බඩෙන් බාගෙකුයි එළියේ.. විළි ලැජ්ජාවෙ බෑ බන්…..” එක් මැදි වියේ ගැහැණියක් තවත් ගැහැණියකට කීවාය.
” අනේ ඔව් නිමල්කා… පොඩ්ඩක් හෙලවුනොත් සාරිය බිම… හි.හි……….අනික බලපන්කො කෙල්ලන්ගෙ ගවුම්.. යන්තම් කලවා වැහෙන්න විතරයි… පොඩ්ඩක් ඉස්සුනොත් යට කළිසම ඔක්කොම එළියේ.. මුන් රෙදි ඉතුරු කරල ඒ සල්ලි වලින් බොනව මම හිතන්නෙ…අනේ කාලේ වනේ වාසේ කිව්වලු බන්…..”
” හි. හි. හි.. මුන් යට කළිසම් ඇඳලද දන්නෙ නෑ බන්….රෙදි ඉතුරු කර ගන්න ඒකත් නැතුව ඉන්නව ඇති….”

” හි.හි. හි.. එහෙම නම් අපේ පිරිමින්ට අද නූල් බඳින්න වෙනවා…..”
සඳුන්ගේ පැත්තේ තරුණ තරුණියන්ට නදීකාගේ පවුලේ පිරිස පෙනුනේ ගල් යුගයේ සිට ආ පිරිසක් ලෙසටය. ඔවුන් එම නෑදෑ පිරිස පාච්චල් කොට කතා කළෝය.
“Hey Shanika… Look at those village idiots from Nadheeka’s side?…”
නවීන විලාසිතා ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටි තරුණියක්
තම යෙහෙළියට කීවාය.
“Yes.. I saw them Thishani…. They absolutely have no taste for fashion… I think they probably live in the nineteenth century.. he..he..he…”
“Also look at their dresses.. no character at all… like barrels covering their bodies…
“Thishani… let’s ignore these pre historic people and enjoy ourselves…. I want to dance tonight… Let’s have some wine…..”
මේ ආකාරයට එකම ශාලාවේ එකම උත්සවයට පැමිණි
දෙපිරිසක් අතර සීතල යුද්ධයක් ඇති විය. මේ නිසා සඳුන්ගේ
පාර්ශ්වයත් නදීකාගේ පවුලේ පාර්ශ්වයත් අතර කිසිදු කතා බහක්
සිදු වූයේ නැත. නදීකා මේ බව කල් තියා දැන ගත් නිසා දෙපිරිස
වෙන වෙනම අසුන් ගැන්වීමට කටයුතු සම්පාදනය කර තැබුවාය.

පන්ති පරතරය සහ ආකල්ප වල ඇති නොගැලපීම අද සමාජය විෂම භාවයට පත් වීමට බොහෝ සෙයින් බලපාන හේතුවක් වී ඇත. ඇති අයට ඊර්ෂ්‍යා කිරීමත් නැති අය පාගා දැමීමත් නිසා මේ තත්ත්වය උද්ගත වී තිබේ.
මේ දෙපාර්ශ්වයේම කුතුහලය මුසු බැලුම් වලට ලක් වූ තරුණියක මේ ශාලාවේ සිටියාය. ඇය සමාධිය. එතරම් මිල අධික නොවූවත් ඉතා වාම් කදිම පෙනුමකින් යුතු සාරියකින් සැරසී සිටි සමාධි ස්වා‍භාවික අලංකාරයේ ප්‍රතිමූර්තියක් වූවාය. අනිකුත් තරුණියන් සහ ගැහැණුන් මෙන් රූප ලාවණ්‍ය සංයෝග හත් තට්ටුවක් ආලේප කොට නොමැති නිසා ඇගේ මුහුණ සහ ඇහි බැම කිරි ගරුඬ පිළිමයක් මෙන් දිස් වූයේ නැත. ඇයව හැඩ ගැන්වූ මෝස්තර නිරූපිකාව ඉතා සුලු ප්‍රමාණයකට ඖෂධීය සංයෝග පමණක් භාවිතා කල නිසා සමාධිගේ ස්වාභාවික රූප ලාවණ්‍යය මතු වී ඇගේ පෙනුම අන් අයට වඩා කැපී පෙනුනි. ඇය පැළඳ සිටි ස්වර්ණාභරණ නව විලාසිතාවල මෝස්තර නොවූවත් ඉන් ඇගේ රූප සම්පත්තිය තවත් මතු වී පෙනුනි. මේ නිසා විශේෂයෙන්ම නාගරික තරුණියන්ගේ ඊර්ෂ්‍යාව මුසු කතා බහට සමාධි ලක් වූවාය.
“Who is that girl in a cheap sari?…. her jewellery is so old fashioned… her makeup is so bad.. done by a cheap beautician…”
“I think she is some poor girl who can’t afford to buy an elegant sari… may be she is from Nadheeka’s village….”
සමාධිගේ ස්වාභාවික රූප සම්පත්තියට ඊර්ෂ්‍යා කල තරුණියන් ඇය උපහාසයට ලක් කළේ මෙසේය.
තාරක සඳුන්ගේ දෙවන මනාලයා ලෙස පැමිණියේ එය යුතුකමක් වූ නිසාත් නදීකාගේ බල කිරීම නිසාත්ය. සඳුන් ගැන තාරකගේ කිසිම පැහැදීමක් තිබුනේ නැත. මනාලියගේ යෙහෙළිය
ලෙස සිටි සඳුන්ගේ නැගෙනිය දුෂානි නිසා තාරක මහත් අපහසුතාවයකට පත් විය.
දෙවන මනාලයා වශයෙන් තාරකට කටයුතු කිරීමට තිබූ හෙයින් ඔහුට සමාධි සමග එකට සිටීමට නොහැකි විය. මේ නිසා තාරක යම් චිත්ත පීඩාවකට පත් විය. සිය පෙම්වතිය වූ සමාධි තනිවම සිටීම ගැන ඔහුට ශෝකයක් ඇති විය. ඒ සියල්ලටම වඩා ඔහු අපහසුතාවයට පත් වූයේ දුෂානි නිතරම ඔහු ළඟින්ම සිටීම නිසාය. දෙවන මනාලයා සහ මනමාලියගේ යෙහෙළිය එකට සිටීම චාරිත්‍රයක් වූ බැවින් මේ ගැන වැඩි යමක් කිරීමට තාරකට නොහැකි විය.
” තාරක… මොකද අනේ ඔයා මම ළඟට එනකොට එහාට වෙන්නේ?… බෙස්ට්මන් එක්ක බ්‍රයිස්මේඩ් ළඟින් ඉන්න ඕන නෙ… එහෙම නැත්නම් ෆෝටෝස් වලට ලස්සනට එන්නෙ නැහැ…. හැමෝම හිතයි අපි දෙන්න තරහයි කියලා…..” දුෂානි තාරක සමග තොදොල් වී කීවාය.
” දුෂානි නංගි… අපි තරහ වෙන්න යාලු වෙලා හිටියෙ නැහැනේ… මේ ඉන්න විදියෙ කිසි අප්සට් එකක් මට පේන්නෙ නෑ…”
” අයියෝ… මොකද්ද අනේ මට නංගි කියන්නෙ ?….. මට දුෂී කියන්නකො… මගේ යාලුවො ඔක්කොම කියන්නෙ එහෙමයි… ඉතින් අනේ අපි දෙන්න දැන් යාලුයිනෙ… ඔයා හරි නරකයි…….අඩු ගානෙ ඔයාගේ නෑනා කියලවත් මාව ගණන් ගන්නෙ නෑ… යාලුවො මට පල් එක දානව දැන්…….”
මෙසේ කියූ දුෂානි තාරකගේ අතේ එල්ලුනාය.
” මේ දුෂානි නංගි… ප්ලීස්.. මෙතන කෝලම් නටන්න ලෑස්ති වෙන්න එපා… ඔයා දැන් මෙතන ජෝක් එකක් වෙනවා… හැසිරෙන්න දැන ගන්න……”

” මොකද්ද අනේ….. ඔයා හරියට නාකි මිනිහෙක් වගේනෙ කතා කරන්නෙ… කොල්ලො කෙල්ලො වුනාම ජොලියෙ ඉන්න ඕන නෙ….?
“නංගි ප්ලීස් මේ… ඔයා ජොලියෙ ඉන්න.. මට පාඩුවෙ ඉන්න දීලා….”
සමාධි දුෂානිගේ මේ හැසිරිමත් තාරක පත් වී ඇති අපහසු තාවයත් හොඳින් දුටුවාය. එහෙත් ඇයට කළ හැකි දෙයක් තිබුනේ නැත. පෝරුවේ කටයුතු ආරම්භ කල නිසා දුෂානිගේ කරදරයෙන් තාරක මද අස් වැසිල්ලක් ලැබුවේය.
නදීකාගේ මවගේ සහ පියාගේ ඇවිටිල්ල හේතුවෙන් පෝරුවේ චාරිත්‍ර නියම පිළිවෙලට සිදු කිරීමට සියලු කටයුතු සූදා නම් කොට තිබිනි. එහෙත් නදීකාටත් සඳුන්ගේ හිත මිතුරන්ටත් එය එතරම් වැදගත් වුයේ නැත. ඔවුනට අවශ්‍යව තිබුනේ බටහිර පන්නයට සිදු කරන කතා පැවැත්වීම්, සවුදිය පුරවීම් ආදියෙන් උත්සවය පැවැත් වීමටය. පෝරුවේදී සිංහල වාරිත්‍රානුකූලව නෑදෑයින්ට බුලත් නොදුන් නිසා නදීකාගේ පවුලේ නෑදෑ පිරිස යම් අමනාපයකට පත් විය.
කෙසේ වෙතත් මේ සියල්ලන්ටම වඩා ඇතුලතින් ගිනි ගෙන දැවුනේ නදීකාගේ මවය. ලාංකික හැදියාවක් ඇති ගැහැණු ළමයෙකු මඟුල් පෝරුවේදී තම ස්වාමියා සමග අත් පැන් වත් කරන්නේ කන්‍යාවියක ලෙසය. එහෙත් නදීකා කන්‍යාවියක නොවන බව ඇගේ මව දන්නා දෙයකි. මේ නිසා නදීකා සහ සඳුන්ගේ මහපටැඟිලි බැඳ අත් පැන් වත් කරන විට ඇගේ ඇස් වලින් පිටවන්නට ආ කඳුලු ඇය මහත් ආයාසයෙන් නවත්වා ගත්තාය.
සඳුන්ගේ පාර්ශ්වයෙන් සාක්ෂියට අත්සන් කිරීමට පැමිණියේ රජයේ බලගතු අමාත්‍ය වරයෙකි. මේ නිසා ශාලාව ඇතුලත සහ පිටත ආරක්ෂක නිලධාරීන්ගෙන් පිරී තිබුනි. සඳුන්ගේ පියාට මෙය
මහත් අභිමානයක් විය.
” ඇත්තටම මම ඉන්වයිට් කරේ ප්‍රසිඩන්ට්.ට.. ඒත් හදිසි වැඩ වගයක් තිබුන නිසා එන්න බැරි වුනා.. ඒ හින්දා සීනියර් මිනිස්ටර් කෙනෙක්ව එව්වා….. කපල් එකට විෂ් කරල කාඩ් එකකුත් එවල
සඳුන්ගේ පියා මෙසේ පුරසාරම් දෙඩුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමා ඔහුගේ සාක්කුවේ ඉන්නා ලෙසටය. මේ කතාව සත්‍යයක් නොවන බව වැටහුන නිසා ඔහු සමහර අමුත්තන්ගේ නිෂ්ශබ්ද උපහාසයට ලක් විය.
විවාහයට අදාල වැඩ කටයුතු අවසාන වූ පසු ප්‍රිය සම්භාෂණය පටන් ගැනීම සිදු විය. මෙහිදී සිදු වූයේ උත්සවයට පැමිණි අමුත්තන් ඇති පදමට මත් පැනින් සප්පායම් වීමත් නව යුවලට සවුදිය පුරමින් කතා පැවැත්වීමත්ය. නදීකාගේ පාර්ශ්වයේ සමහර පිරිමින් පවා ‘ නිකන් ලැබුන´ මත් පැන් අධික ලෙස පානය කිරීම නිසා ඔවුන්ගේ ඇඹෙනියන්ගේ උදහසට ලක් වූවෝය. මත් පැන් වල බලය ටිකෙන්
ටික ඉහල යාමත් සමග නැටුම් සහ ආලිංගන නැටුම්ද ආරම්භ විය. නැටුම් ආරම්භ වූයේ බටහිර පන්නයට අනුව සැකසුනු නව යුවලගේ ‘ බ්‍රයිඩ්ල් ඩාන්ස්’ යනුවෙන් හැඳින්වෙන ආලිංගන නැටුමකිනි. නදීකා සහ සඳුන් මේ සඳහා දින ගණනක් පුහුණු වී ඇති බවක් පෙනෙන්නට තිබිනි. මෙම නැටුම අවසාන වීමට ළං වූ
විට දුෂානි තාරකට කතා කලාය.
” තාරක.. බ්‍රයිඩ්ල් ඩාන්ස් එකට පස්සෙ අපි දෙන්න ඩාන්ස් කරන්න ඕන….”

” ඔයාට පිස්සුද දුෂානි නංගි?…. මට ඔය බෝල් රූම් ඩාන්ස් තේරෙන්නෙ නෑ….. තාරක නොරුස්නා ස්වරයෙන් කීවේය.
” අනේ තාරක අඅඅඅ…. ඕක ඔච්චර අමාරු දෙයක් නෙමෙයි.. ඩාන්ස් කරන කොට මම කියල දෙන්නම්… අනේ ළමයො එන්නකො… බෙස්ට්මන් ඇන්ඩ් බ්‍රයිඩ්බෝඩ් ඩාන්ස් කරේ නැත්නම් හරි සවුත්තුව…. මගේ යාලුවො ඔක්කොම මට විහිළු කරයි ඔයා ගැන එක එක ඒවා කියල….. දුෂානි ඇවිටිලි කළාය.
” මේ නංගි… ඒ මොකෝ ඒ ගොල්ලො ඔයාට මම ගැන කියල විහිළු කරන්නේ?.. මම මෙතන බෙස්ට්මන් මිසක් ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නෙමෙයිනෙ… මට බැහැ ඔය දන්නෙ නැති කෙහෙල්මල් කරන්න….’
” ෂීඊඊඊ තාරක.. මොනවද මේ කියන ඉන්ඩීසන්ට් වචන.. ඔයා ඩොක්ට කෙනෙක් වෙන්නනේ ඉන්නේ…. කෙහෙල්මල… ෂික්. ප්ලීස් ඔය ගොඩේ වචන කියන්න එපා….”
” ඔව් ඔව්.. දැන් මෙතන කෙරෙන වැඩ හරිම ඩීසන්නෙ… මේ.. මගේ ගොඩේ කම මම තියාගන්නම්… මට බැහැ ඩාන්ස් කරන්න….”
මෙසේ කියූ තාරක එතනින් ඉවත්ව ගොස් සමාධි අසලින් වාඩි විය.
” බලන්න සමාධි.. මේ කෙල්ලගෙන් බේරිල්ලක් නැහැ බෙස්ට්මන්.. බ්‍රයිස්මේඩ් ඩාන්ස් එක කරන්න කියල… මට බැහැ ඕව කරන්න.. අනික මේ කෙල්ලත් එක්ක කොහොමත් බෑ…”
” අනේ තාරක… ඒක ඉතින් ඒ ගොල්ලන්ගෙ සිරිතක් වෙන්න ඇතිනෙ…. ඔයා පුලුවන් විදියට කරන්න.. නැත්නම් ඔයාගේ අක්කට හොඳ නැහැ නෙ.. අන්තිමේදී එයානේ මේ ගොල්ලො එක්ක ජීවත් වෙන්න ඕන…. අපි ඒ ගැනත් හිතන්න ඕන නෙ.. ඒ හින්ද ගිහිල්ල 286

පුලුවන් විදියට කරන්න……….. සමාධි තාරකගේ කම්මුල අත ගාමින් කීවාය.
” සමාධි… ඔයාගෙ එක වැරද්දක් තියෙනවා…”
” ඒ මොකද්ද තාරක ?….” සමාධි පුදුමයෙන් ඇසුවාය.
” ඔයාගෙ හිත හොඳ වැඩියි සමාධි….”
” ම්… ඒකට කමක් නෑ ළමයෝ.. දැන් යන්න ගිහින් ඩාන්ස් එක කරන්න…..”
සමාධිගේ කීම නිසා තාරක දුෂානි සමග ආලිංගන නැටුමට එක් විය. නැටුම පටන් ගෙන ටික වේලාවකින් තාරක මහත් අපහසුතාවයකට පත් විය.
තාරකට ආලිංගන නැටුම් ගැන දැනීමක් තිබුනේ නැත. මේ නිසා දුෂානි ඔහුට පා තබන ආකාරය විස්තර කරන මුවාවෙන් තාරකට හැකි පමණ තුරුලු වූවාය. ශාලාවේ පැවති අඩ අඳුරු ගතිය ඇයට තවත් රුකුලක් විය. තාරකගේ බඳ වටා දෑත් යවා හිර කරගත් දුෂානි ලෙන්ගතු වීමට තැත් කළාය.
” තාරක.. ඔයා ආසද මාත් එක්ක මෙහෙම ඉන්න?….’ ඇය සෙමින් මිමිනුවාය.
” මේ නංගි.. අනේ මෙ.. අපි මේක ඉක්මනට නවත්තමු.. මට දැන් ඇති…” අපහසුවට පත් තාරක කීවේය.
” අනේ තව කරමු තාරක… අනේ ප්ලීස්… තව ටිකක් තද කරල මාව බදා ගන්නකො… ඔයා මට කැමතියි නේද?… ඔයා මගේ ඇඟට හිර වෙන කොට මට ඉන්න බෑ අනේ…. ඔයා හරිම සෙක්සි.. හරිම හැන්ඩ්සම් අනේ…..“
” නංගි.. දැන් ඇති.. මම නවත්තනවා…”

දුෂානිගේ කාමුක ස්පර්ශයන් සහ කතා නිසා තාරක මද පෙළඹ වීමකට පත් විය.
මේ වන විට නැටුම් වේදිකාවේ සෑහෙන පිරිසක් කාමුක ආලිංගන නැටුම් රඟමින් සිටියෝය. නදීකාගේ පවුලේ උදවිය මේ කාමුක ආලිංගන නැටුම් නිසා මහත් කනස්සල්ලට සහ භංගත්වයකට පත්ව සිටියෝය. එහෙත් සිරිතට අනුව මනාල යුවල පිටත් වන තුරු රැඳී සිටිය යුතු නිසා ඉතා අපහසුවෙන් වුවද ඔවුන්ට ශාලාවේ සිටීමට සිදු විය.
“ම්ම්… තාරක.. අපි හොටෙල් එකෙන් එළියෙ කවුරුත් නැති තැනකට යමු… කාටවත් පේන්නෙ නෑ…… අපිට තනියම ඉන්න පුලුවන්.. එන්න ඩාලින් අපි යමු… කීවාය. හැඟීම් උත්සන්න වූ දුෂානි
තාරකගේ ඉහ මොළ රත් විය. වහා දුෂානිගේ ආලිංගනයෙන් මිදුන තාරක සමාධි වෙත දිව ගියේය. ඔහු පෙළඹ වීමකට පත්ව ඇති බව පෙනෙන්නට තිබිනි.
” අනේ තාරක.. ඇයි මේ?….” සමාධි ඔහු වත්තන් කරගෙන ඇසුවාය.
“අපි යමු එළියට සමාධි… මේක මහ නරකාදි අපායක්…. මේක හෝටලයක් නෙමෙයි… එන්න කෙල්ලෙ.. අපි යමු එළියට.. මෙතනින් ගැලවිල යමු……”
සමාධිගේ අතින් අල්ලාගත් තාරක ඇය සමග හෝටලයෙන් එළියට පැමිණ උද්‍යානයක බංකුවක වාඩි වී ඇය තුරුලු කර ගත්තේය. සන්ධ්‍යා කාලයේ අඳුරු ගතිය දුෂානි නිසා උද්දීපනය වූ තාරකගේ පෙළඹවීම තවත් වැඩි කිරීමට සමත් විය. සමාධිගේ බඳ වටා අත දමා ඇය තද කොට ගත් තාරක ඇයගේ තොල් තදින් සිප ගත්තේය.

” ස්ය. අනේ තාරක……අනේ.. මොකද්ද ඔයාට මේ ?….”
දිගු තොල් චුම්බනයකට පසු සමාධි ඇසුවාය. තාරක තදින් හුස්ම ගන්නට විය.
” අනේ සමාධි… අර කෙල්ල මාව ඇවිස්සුවා…. ඔයා කියපු හින්දයි මම ඩාන්ස් කරන්න ගියේ… එයා මාව තද කරගෙන මාව ඇවිස්සුව සමාධි.. අනේ මට සමාවෙන්න…”
” ඔයාට පිස්සුද තාරක… සමාව ගන්න ඔයා වැරැද්දක් කරාද?.. මමත් දැක්ක වුන දේ.. අපිට ඕවට කරන්න දෙයක් නෑ තාරක… මේව සමාජය සංකර වුනාම වෙන විපර්‌යාස තමයි…. එන්න.. මගේ උකුල උඩ ඔලුව තියාගෙන පොඩ්ඩක් රෙස්ට් කරන්න… හොඳට හුස්ම ඉහලට පහළට ගන්න…”
සමාධිගේ දයාව පිරි වචන සහ ආදර උණුසුම නිසා තාරක සැහැල්ලුවට පත් විය. ඔහු සමාධිගේ උකුල මත හිස තබා දෑස් පියා ගත්තේය. ශාලාව ඇතුලෙන් ඇසෙන සංගීත නාදයත් ඝෝෂාවත් ඔහු ගණනකට ගත්තේ නැත.
සමාධි සහ තාරක මෙසේ සැහැල්ලුවෙන් ආදරය කරමින් සිටින විට දුෂානි එතැනට පැමිණියාය. සමාධි සහ තාරක ආදරය කරමින් සිටිනු දුටු දුෂානිට මහත් ඊර්ෂ්‍යාවක් ඇති විය.
“තාරක… බලන්න ඔයා කරපු දේ… ඔයා මට ලැජ්ජා කරා තාරක ස් ඉහිහ්…ස්… මගේ යාලුවො ඔක්කොම මට විහිලු කරා ඔයා මාව ගණන් ගන්නෙ නෑ කියල.. බලන්න මට වුන ඉන්සට් එක.. දැන් මම කොහොමද මගේ යාලුවන්ටයි අනිත් අයටයි මූණ දෙන්නෙ. ඉහීඊඊ..ස්….”
දුෂානි හඬමින් කීවාය.

“නංගි… මොකද්ද මම ඔයාට කරපු ලැජ්ජාව ?.. ආ…. ඔයානෙ වල් විදියට මාත් එක්ක හැසිරෙන්න හැදුවෙ… ප්ලීස් නංගි.. ඔයාට වල් කම් කරන්න ඕන නම් ඒකට ලෑස්ති කොල්ලෙක් හොයා ගන්න…” තාරක බංකුවෙන් නැගිට වේගයෙන් කීවේය.
“අනෙ තාරක… අනේ කෑ ගහන්න එපා.. ඒක හොඳ නැහැ නෙ…’” සමාධි අයැද සිටියාය.
” ඔයා පොඩ්ඩක් ඉන්න සමාධි… මේ දුෂානි නංගි… ඔයා කරපු ඒවට මාව ගාව ගන්න එපා හරිද?……”
” ඇයි?.. මතක නැද්ද ඔයත් මගේ පස්ස මිරිකුවා…… ඒ විතරක් නෙමෙයි. මගේ බ්‍රෙස්ට් තද කරා මතක නැද්ද?..ආ… හැඬුම නවත්වා කීවාය. දුෂානි
” මොනවා ආ ආ… මේ නංගිඊඊඊ…. ඔයාමයි මගේ අත අරන් තියා ගත්තේ… ඔයාමයි මගේ ඇඟට ඔය මහ ලොකු බ්‍රෙස්ට් දෙක තද කරේ.. කරුණා කරල මටයි මගේ සමාධිටයි පාඩුවේ ඉන්න දෙන්න….මම මේ හොඳින් කියන්නෙ…..”
” අනේ තාරක.. දැන් ඇති නවත්තන්න….” සමාධි නැවතත් ආයාචනා කලාය.
” ඉහිහ් ඉණ්හීඊඊඊඊ. ස්ය. අනේ ඇයි මට මෙහෙම කරන්නෙ තාරක…’
දුෂානි නැවතත් තදින් ඇඬුම පටන් ගත්තාය.
දුෂානිගේ ඇඬුම ඇසුනු ඇගේ මිතුරු තරුණයින් දෙදෙනෙක් එතැනට පැමිණියහ.
“Dushee.. What’s the problem darling?….”
එක තරුණයෙක් ඇසීය.

“See Malith… he tried to fondle me while dancing.. and now he is denying and trying to go away from me… he is a traitor….” දුෂානි කීවාය.
” මේ අයිසෙ… දුෂී අපේ කෙල්ලෙක් හරිද ?.. දුෂීට පල් පාට් දාල නිකන් ඇඟ තලා ගන්න එපා හරිද?… මේක අපේ ඒරියා එක… කෙල්ලව වුන් කරා නම් සැපකුත් දෙනවා…..“
තරුණයා තාරක දෙස බලා කීවේය. ඔවුන් හොඳ පදමට මත් පැන් පානය කර ඇති බව තාරකට වැටහුනේය.
” ආ… තමුසෙලගෙ කෙල්ලෙක්ද මෙයා?.. එහෙනම් අරගෙන යනව ඕන තැනකට.. අපිට කරදර නොකර… අනික මතක තියා ගන්නවා… අපිට මේ ලංකාවෙ කොහෙත් එකයි.. රටටම තියෙන්නෙ එකම නීතිය ….’ තාරක අඩියක් ඉදිරියට තබා සැරෙන් කීවේය.
” අනේ තාරක. අනේ එන්න අපි යමු.. ප්ලීස් යමු…” සමාධි තාරකගේ අතින් අදිමින් කීවාය.
” ඉන්න සමාධි… මේ අසාධාරණ කතා මට අල්ලන්නෙ නෑ…”
“හඃ.. එකම නීතිය?.. දැන ගන්නවා.. අපිට ඕන නම් මිනිස්ටර්ට කියලා තමුසෙට වැඩක් දෙන එක මහ දෙයක් නෙමෙයි…. ඒත් තමුසෙල වගේ ගමේ බයියන්ව ගණන් ගන්නෙ කවුද ඕයි…” තරුණයා තාරකට අවමන් කළේය.
” ආ එහෙමද?… එතකොට තමුසෙ මිනිස්ටර්ගෙ රස්ස්නෙ ඔලුවට අරගෙන ද… අයියෙ මේ… අපි ගමේ තමයි… ඒත් තමුසෙල වගේ කන මොදයො වගේ බීල කෑ ගහන හාල් පාරුවො අපිට කජ්ජක් නෙමෙයි…..”
තාරකගේ ඉවසීම රතු කට්ට අසලට පැමිණියේය.

” මේ ගොබිලෝ… වැඩිය කෑ ගැහුවොත් තමුසෙගේ මේ වේස කෙල්ලව හොටෙල් රූම් එකකට උස්සලා හපයක් කරල දානව හරිද…. ඇවිද ගන්න බැරි වෙන්න….”
තාරකගේ ලේ කකියන්නට විය. මුලු ඇඟම ගිනි ගෙන දැවෙන්නට විය. තම ජීවිතය වන් සමාධිට කල මේ අපහාසය ඔහුට ඉවසා සිටිය නොහැකි විය. එදා සාහිත්‍ය සම්මේලනයේදී ජාතික ගීය වාදනය වන විට ජනිත වූ තමාගේත් සමාධිගේත් නිර්මල ආදරයට අගෞරවයක් වන මේ නොපණත් කතාව නිසා එදා ජාතිකාභිමානයෙන් උදම් වුන ඔහුගේ සිංහල රුධිරය අද සමාධිගේ ගරුත්වය වෙනුවෙන් ලෝදිය මෙන් උණුසුම් විය. ඔහුගේ ගතට සහ සිතට යෝධ ශක්තියක් ආරූඪ විය.
” මොකද්ද පරයෝ තෝ කිව්වේ ඒ ඒ ඒ…..“
අඩියක් ඉදිරියට තැබූ තාරක වේගවත් පා පහරක් තරුණයාට එල්ල කළේය. අනපේක්ෂිත දැඩි පා පහරින් හෙම්බත් වූ තරුණයා අසල තිබූ මල් ගොමුවක් උඩට ඇද වැටුනේය. වෙඩි කෑ කොටියෙකු මෙන් රෞද්‍ර වූ තාරක එවැනිම පා පහරක් අනිත් තරුණයාටද එල්ල කළේය. ඔහුට ද එම ප්‍රතිඵලයම අත් විය.
” මන් තොපි දෙන්නව අද මරණව යකෝ… මගේ මැණිකට කරපු අපහාසෙට මන් තොපිව තියන්නෙ නෑ….”
” හරි.. අ..අපි පසු පස්සෙ බලා ගමු..” තරුණයෙක් අමාරුවෙන් නැගිටිමින් කීවේය. පහර කෑ එක්
” පස්ස?… බලන එකක් දැන් බලා ගන්න වරෙන් මී හරකෝ…”
තාරක නැවතත් ඔවුන්ට පහර දීමට සූදා නම් විය. එහෙත්
සමාධි ඔහු නවතා ලූවාය.
” අනේ තාරක. අනේ එපා..අනේ ඒ ඒ ඒ.. අනේ රණ්ඩු කරන්න එපා… මේ ඔයාගෙ අක්කගෙ වෙඩින් එක.. අනේ එයාට ලැජ්ජා

කරන්න එපා… අනේ අක්කට දුක හිතෙයි… එයාගෙ හොඳ දවස නරක් කරන්න එපා….අනේ අපි යමු ඇතුලට තාරක. ප්ලීඊඊඊස්. එන්න යමු……”
සමාධි තාරකගේ අතින් ඇදගෙන හෝටලය ඇතුලට ගියාය.
අවුල් වූ මනසකින් සිටි තාරක වේගයෙන් හුස්ම ඉහල පහල හෙලන්නට විය.
” සමාධි.. ඔයාගේ ජුවෙලරි ගලවල පර්ස් එකට දා ගන්න.. අපි දැන්මම පිටකොටුවට ගිහිල්ල බස් එකේ ගෙදර යමු… මේ මළ විකාර ලෝකෙ මට තවත් ඉන්න බෑ…”
” තාරක ඔයාට පිස්සුද ?….. ඔයා එහෙම ගිහිල්ල හරි යනවද?… කපල් එක පිටත් වෙලා යන කොට බෙස්ට්මන් හැටියට ඔයා ඉන්න ඕන.. අනේ ඉන්න තාරක… මම කියන හින්දා අමාරුවෙන් හරි ඉන්න…..”
” ම්ම්.. හොඳයි.. ඔයා කියන හින්ද මම ඉන්නම්… ඔයා මගේ ළඟින්ම ඉන්න සමාධි.. කොහෙවත් යන්න එපා.. ”
” හා තාරක.. මේ… අර ඔයා ගහපු කොල්ලො දෙන්නට තුවාලද දන්නෙ නෑ අනේ.. මට බයයි…”
” තුවාල නෙමෙයි.. ඕකුන්ගෙ අඬු කඩන්න ඕන ඔයාට කියපු 0 …”
” බල්ලො බිරුවට අපි කලබල වෙන්න ඕන නෑ තාරක.. අනේ මේ.. උන් පොලිසි යයිද?…” සමාධි බයෙන් ඇසුවාය.
” පිස්සුද සමාධි… ඕකුන්ට ලැජ්ජාවක් තියෙනව නම් ආයිත් මේ පැත්තෙ එන්නෙ නෑ… බීලා පිස්සු කෙළින කාළකණ්නි…”
ඇති වූ ලැජ්ජාව සහ සිත් තැවුල නිසා කම්පනයට පත් දුෂානි,
නදීකාගේ මව හමුවට ගියාය.

” අනේ ඇන්ටි බලන්නකො… තාරක අයියා හරි කලබලයක් කරානේ.. මගෙ යාලුවො දෙන්නෙක්ට හොඳටම ගැහුවා….” දුෂානි අඬමින් පැවසුවාය.
” ආ ආ ආ ආ.. මේ මේ.. අපේ තාරක ?…. අනේ මේ ළමයා මොනව කරගන්නවද මන් දන්නෙ නෑ… අප්පෝ….. නදිකාගේ මව කලබල වූවාය.
” ඔව් ඇන්ටි… නිකන් පොඩි කතාවක් ඇති වුනා… තාරක අයියට කේන්ති ගිහින් දෙන්නටම ගැහුවා… හොඳ වෙලාවට තුවාල වුනේ නෑ.. ඇඳුම් වල දූවිලි හැමතැනම….”
” ඔහොම පොඩ්ඩක් ඉන්න දුව.. මම ගිහිල්ල අහන්න…”
මෙසේ කියූ නදීකාගේ මව තාරක සහ සමාධි සිටින තැනට ගියාය.
” පුතා මොකද්ද මේ කර ගත්ත කලබලේ?.. අර දුෂානි දුව අඬ අඬ මාත් එක්ක කිව්වා… අනේ ඒ ළමයා කොච්චර හොඳ ළමයෙක් ද… පව් පුතා…”
” හඃ… හොඳ ළමයා?.. අම්මටත් පොත්ත රතු නම් හොඳ තමයි… එයාගෙන්ම අහගන්න වුන දේ….. එයාගේ නල්ල මලේ යාලුවො දෙන්නෙක් සමාධිට අපහාස කරල මටත් බැන්නා ඔය දුෂානිගේ වල් කම් වලට එකතු වුනේ නෑ කියල……..අම්මටත් පේන්නෙ මගේ වැරද්ද විතරයි…..”
” අනේ නෑ පුතේ…. ඔයා වැරදියි කියල මම කියනව නෙමෙයි.. ඒත් අනේ පුතේ කලබල කර ගන්න එපා… අක්කට නේද ලැජ්ජාව.. මේ මිනිස්සු කියයි අපි රණ්ඩු කරා කියල.. අනේ ඒක හින්ද රණ්ඩු
කරන්න එපා….”
” මම රණ්ඩු කරන්නෙ නෑ අම්මේ… ඒත් ඒ ගොල්ලන්ට කියන්න මටයි මගෙ සමාධිටයි පාඩුවෙ ඉන්න දෙන්න කියල…..”

“ම්…අනේ මන් දන්නෙ නෑ….”
කිසිවක් කර කියා ගත නොහැකි වූ මව මෙහිදී ඉතා අසරණ වූවාය. සිය දියණියගේ විවාහ මංගල දිනය ඇයට සතුටු දායක දවසක් වූයේ නැත.
තාරක ඉතා වෑයමකින් මනාල යුවල පිටත් වන මොහොත දක්වා ශාලාවේ රැඳී සිටියේය. යුවල පිටත්ව යන විට ඔහු සමාධි සමග ප්‍රධාන දොරටුව අසල සිටි අන් නෑදෑ හිත මිතුරන්ට එක් විය. තාරක ළඟට පැමිණි දුෂානි ඔහු සමග කතා කළාය.
” අනේ තාරක… අනේ ඉස්සෙල්ල වුන දේට සොරි තාරක… මට කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ.. මලිත් එයාගේ යාලුවත් එක්ක කියපු දේ ගැන මම ඔයාට සොරි කියනවා…”
” මගේ ඔයත් එක්ක කිසිම තරහක් නෑ නංගි… අද ඉඳන් ඔයා මගේ නෑනා කෙනෙක්.. ඒත් ප්ලීස් මේ විදියට හැසිරෙන්න එපා… මගේ සමාධිට රෙස්පෙක්ට් කරන්න ප්ලිස්… අනික සමාව ඉල්ලන්න ඕන ඔයා මගෙන් නෙමෙයි… අර දෙන්න සමාධිගෙන් සමාව ඉල්ලන්න ඕන.. එහෙම කරුණාවක් ඒ ගොල්ලො ළඟ නෑ වගේ. ඒකට අපිට කමක් නෑ නංගි…”
” අනේ තාරක…. ඔයා මාත් එක්ක තරහ නෑ නේද?අනේ කියන්න ප්ලීස්……”
“නෑ නංගි නෑ…. මම ඔයා එක්ක තරඟ නැහැ……”
දෙදෙනාගේ මේ කතා බහ සිදුවන විට දුෂානි නිකමටවත් සමාධි දෙස බැලුවේ හෝ ඇය ගැන කිසිම සඳහනක් කලේ හෝ නැත.
” තාරක… ඔයා අද රෑට අපේ ගෙදර නැවතිල හෙට උදේ ආපහු යන්න.. මම ගෙස්ට් රූම් එක ලෑස්ති කරල දෙන්නම්… හෙට ඩ්‍රයිවර්
එක්ක මාත් එන්නම් ඔයාව ගෙදර ගිහින් ඇරලන්න…” දුෂානි ඇරයුමක් කළාය.
” අනේ තැන්ක්ස් ඔයාගේ ඉන්විටේෂන් එකට.. ඒත් මට ඒක කරන්න බෑ…. මම හෙට උදේ වැඩට යන්න ඕන.. අපිට ඔය ගොල්ලන්ට වගේ සල්ලි නැහැ ගෙදරට වෙලා සැපෙන් ඉන්න… හැම සතේම අපි දාඩිය මාන්සියෙන් හම්බ කරන්න ඕන… අනික මට ඩ්‍රයිවර්ල එක්ක කාර් ඕන නෑ.. මම සමාධි එක්ක බස් එකේ ගෙදර යන්නම් …. අපි දෙන්නා ආවෙත් බස් එකේ… අම්මල ආපු කාර් එකේ ඉඩ තිබුනෙ නෑ…”
තාරක ඉතා සන්සුන් ලීලාවෙන් පැවසීය. මේ කතාව ඇසුන විට දුෂානිගේ මුහුණේ පෙනුම වෙනස් විය. එය තේරුම් ගැනීමට අපහසු බැල්මක් වුවත් ඇය සටන අත නොහරින බව තාරකට හොඳින් වැටහුනි.
සමාධි පැළඳ සිටි ස්වර්ණාභරණ සිය මවගේ බාරයට පත් කල තාරක ඇය සමග පිටකොටුවට පැමිණ නගරාන්තර බසයකින් නිවස බලා යෑමට පිටත් වුනි. වෙහෙසට පත්ව සිටි සමාධි තාරකට තුරුලු විය. තාරක ඇගේ කර වටා අත දමා ඔහුට තුරුලු කර ගත්තේය.
“ෂ් තාරක… කිස් කරන්න එපා… මේක බස් එක….” සමාධි සිනා සෙමින් කෙඳිරුවාය.
” නෑ ළමයො… මම ඔයාව තුරුලු කර ගත්තෙ ඔයාගේ රස්නෙ දැනෙන්න ඕන හින්දා……අද වුන දේවල් හින්ද මට හරිම අප්සට්… අපේ අක්කත් ඉඳල ඉඳල අල්ල ගත්තෙ හරිම සෙට් එකක් තමයි…”
” දැන් ඕව හිතන්න එපා තාරක… අපිට ගෙදර යන්න තව පැය දෙකහමාරක් වත් යයි.. අපි ටිකක් රෙස්ට් කරමු… අපි දෙන්නම හෙට වැඩට යන්න ඕන නෙ………

” ඔව් සමාධි.. ඒක හොඳයි….. මුලු ලෝකෙම අනිත් පැත්ත ගැහුවත් කෙල්ලෙ… අපි දෙන්නව වෙන් කරන්න පුලුවන් බලයක් මේ ලෝකෙ ඇති වෙන්නෙ නෑ..
“ම්ම් … මගෙ තාරක….”
සමාධි තාරකගේ උරහිසේ හිස තබා ගත්තාය. තෙහෙට්ටුව නිසා ඇගේ දෑස් පිය වුනි.
එක්වරම බස් රිය තිරිංග තද කොට නැවැත්වීම නිසා සමාධිට ඇහැ ඇරුනි.
” තාරක.. මොකෝ බස් එක එක පාරටම නැවැත්තුවේ මේ පාළු තැනක ?….” සමාධි පුදුමයෙන් ඇසුවේය.
” ඒක තමයි මමත් බැලුවෙ සමාධි…..’
බස් රථය නැවැත්වූයේ බසය ඉදිරියෙන් වාහන දෙකක් හරස් කිරීම නිසා බව බසයේ සිටි මගීන්ට වැටහුනි. එවිටම වාගේ බසයට මැර පෙනුමකින් යුතු දෙදෙනෙක් ගොඩ වූවෝය. එකෙකු අත පිස්තෝලයක් ද විය.
” කිසි කෙනෙක් නැගිටින්නෙ එහෙම නෑ.. කලබල කරන්නෙ එහෙම නෑ… අපිට කාගෙවත් සල්ලි.. රත්තරන් බඩු ඕන නෑ… අපිට ඕන කරන දෙන්නෙක් මෙතන ඉන්නවා.. අපි ඒ දෙන්නව අරන් යනව.. එව්වරයි…”
එක් මැරයෙක් මෙසේ පැවසුවේය. බස් රියේ සිටි මගීන් දෙස සැළකිල්ලෙන් බැලූ අනිත් මැරයාගේ දෑස් තාරක සහ සමාධි දෙසට එල්ල විය. තම සගයාට අතින් සඥා කල ඔහු සමාධි සහ තාරක දෙසට සෙමින් පැමිණියේය. මෙය දුටු සමාධිට ක්ලාන්ත ගතියක් ඇති විය. තාරක සමාධිව තවත් තුරුලු කර ගත්තේය.

” අ..අනෙ..ත්. තාරක…. සමාධි සිහින් හඬක් නැගුවාය.
බස් රියේ සිටි සියලුම මගීන් ගල් ගැසී, මහත් කම්පනයෙන් යුතුව සිදුවන්නට යන දෙය බලා සිටියහ.

___________________________________________________________________________________________________________

මැරයා තාරක සහ සමාධි වාඩිවී සිටි ආසනය වෙත පැමිණියේය.
“ම්… දැන් මේ නෝනයි මහත්තයයි අපිත් එක්ක යන්න ලෑස්ති වෙමු..”
ඔහු සෙමින් එහෙත් තදින් පැවසීය. තාරකත් සමාධිත් එය නෑසුනා සේ කිසිවක් නොකියා සිටියෝය.
” මේ.. දෙන්නට ඇහුනෙ නැද්ද?.. මේ බස් එකේ මිනිස්සුන්ට පරක්කු වෙනවා.. ඒක හින්ද වැඩිය කලබල නොකර අපිත් එක්ක යමු…” මැරයා නැවතත් කීය.
” අපි මොකටද ඔහෙලත් එක්ක එන්නෙ?… කරුණාකරල අපිට අපේ පාඩුවෙ ගමන යන්න දෙන්න……”
තාරක මැරයා දෙස බලා කීවේය. බියට පත් සමාධි තාරකගේ උරහිසේ මුහුණ සඟවා ගත්තාය.
“මේ මල්ලි… නිකන් බොරුවට කරදර ඇති කර ගන්න එපා හරිද?… මේ බස් එකේ මිනිස්සු ඉන්නවා.. ඒ අයට හිරිහැර වෙනවට අපි ආසා නෑ… ඒක හින්ද කලබල නොකර.. සාමෙන් යමු…
හරිද..හ්තු.. ඉක්මනට…..”
“මේ… මම එක පාරක් කිව්වා… කරුණා කරල යන අහක යන්න අපිට කරදර නොකර… මෙහෙම මිනිස්සුන්ව අරගෙන
යන්න බෑ පොලිසියෙන් වරෙන්තු නැතුව… මේ රටේ නීතියක් තියෙනවා….” තාරක මදක් සැරෙන් කීය.
” මේ අයිසෙ.. මම හොඳින් කතා කරාම තමුසෙ පල් පාට් එක දාන්න එනවද? ආ.. රටේ නීතියෙන් තමුසෙටවත් මටවත් වැඩක් නෑ… දැන් තියෙන්නෙ අපේ නීතිය… ඒ හින්ද දැන් තමුසෙගෙ කෙල්ලත් අතින් අල්ලගෙන එනව නිකන් ඇඟ තලා ගන්නෙ නැතුව…”
” නෑ. අපි එන්නෙ නෑ…“
තාරක වේගයෙන් කීවේය. කෝප වූ මැරයා පිස්තෝලයෙන් තාරකගේ ඔලුවට වේගවත් පහරක් එල්ල කළේය. ඒ පහරින් තාරක ක්ලාන්ත වූ අතර ඔහුගේ හිසින් ලේ ගලන්නට විය.
“අ.අ.අග්. අනෙ..අ..ග්..තාරක…” සමාධිට කෙඳිරි ගැවුනි.
” මේ.. වරෙන් මෙහාට… මුන් දෙන්නව ඇදල දා ගනින් ජිප් එකට ….” පිස්තෝලය ඉනේ ගසා ගනිමින් ඔහු අනිත් මැරයාට කීවේය.
බිරන්තට්ටු වූ මගීන්, කොන්දොස්තර සහ රියැදුරු කිසිවක් කර කියා ගත නොහැකිව අසරණ වූහ. මෙවැනි මැර කණ්ඩායම් වලට එරෙහි වීම වල කපා ගැනීමක් බව දන්නා ඔව්හු නිහඬව නොසෙල්වී මේ බියකරු නාටකය දෙස බලා සිටියහ.
සමාධිත් තාරකත් බසයෙන් එළියට ගත් මැර පිරිස පාර හරස් කොට නවතා තිබූ මොන්ටෙරෝ රථයකට දෙදෙනා දමා ගත්තෝය. අනතුරුව පවනට බඳු වේගයෙන් රථ දෙක කලින් සැලසුම් කරගත් ස්ථානයක් බලා පිටත් විය. ක්ලාන්ත ගතියෙන් පසු වූ තාරකට මේ කිසි දෙයක් දැනුනේ නැත. අතිශයින්ම කම්පනයට සහ බියට පත්වී සිටි සමාධිට කිසිවක් සිතා ගැනීමට තරම් මානසික තත්ත්වයක් තිබුනේ නැත.

වාහන දෙක කොළඹ නගරයට නුදුරු පාළු ප්‍රදේශයක පිහිටි රහස් ස්ථානයකට පැමිණියේය.
” වරෙන්.. මුන් දෙන්නව උඩ කාමරේට අරන් යමු…. බොස් එතන ඇති….”
මෙසේ කියූ මැර කණ්ඩායමේ ප්‍රධානියා තාරකත් සමාධිත් උඩු මහලේ කාමරයට රැගෙන ගියේය. එම කාමරයේ පුද්ගලයන් දෙදෙනෙක් සිටියහ.
” සර්… ඔන්න දෙන්නව ඉස්සුවා….” ප්‍රධාන මැරයා කීය.
” හරි… තමුසෙල දෙන්නෙක් විතරක් ඉඳල අනිත් අය යවනවා……”3
එක් පුද්ගලයෙක් කීවේය. මේ පුද්ගලයා හෝටලයේදී තාරක ගෙන් පහර කෑ ” මලිත්’ නම් තැනැත්තා බව අඩ සිහියෙන් සිටි සමාධිට වැටහිනි.
මැරයන් දෙදෙනෙකු කාමරයේ සිටියදී අන් අය පිටවී ගියෝය.
“හරි… දැන් ඕකව අර පුටුවට තියල බැඳල… කෙල්ලව ඇඳට දානවා ….’ ඔහු විධාන කළේය.
මැරයන් දෙදෙනා ඔහුගේ විධානයට අනුව ක්‍රියා කලෝය.
” සර්.. සල දෙන්නා ඉවර වුනාට පස්සෙ අපිටත් මේකිව ඕන…” එකෙක් කීය.
” හරි හරි.. උඹල ඔක්කොම මේකිට වැඩේ දීපන් ඇවිද ගන්න බැරි වෙනකන්. ආ කුමාරිහාමි… මතකද අද හවස උඹේ මහ ලොකු කොල්ලා අපි දෙන්නට ගැහුවා.. ආ… ඌ හිතා ගෙන ඇති මහ චණ්ඩියෙක් කියල නේද ?….”
ඇඳ අසලට පැමිණි ඔහු ඇසීය.

” අ. අ. අ.. ඔ.. ඔ. ඔය ගොල්ල. අනෙ අනේ ඇයි අ. අ. අපි. අපිට මෙහෙම කරන්නෙ.. ” සමාධි සිහින් හඬින් ඇසුවාය.
” කරන්නෙ මොකද?.. මේ කෙල්ලෙ… අපිට පල් පාට් දාපු කිසි කෙනෙක් බත් කන්න ඉතුරු වෙලා නැහැ.. අරූට පාඩමක් උගන්නන්න ඉස්සෙල්ලා උඹට වැඩක් දෙන්න ඕන… උඹ මරු සෙක්සි බඩ්ඩක්… හොටෙල් එකේ උඹ දැක්ක වෙලේ ඉඳන් මට ඉවසන්න බැරුව හිටියේ….”
” අනේ අනේ.. මට මුකුත් කරන්න එපා… මම අහිංසක කෙල්ලෙක්.. අනේ මගෙ තාරකට මුකුත් කරන්න එපා….අනේ අපිට යන්න දෙන්න……” සමාධි අඬන්නට පටන් ගත්තාය.
ඕනෑම හදවතක් උණු කරන සමාධිගේ කන්නලව්ව ගණනකට නොගත් ඔහු මැරයෙකු ඇමතීය.
“මෙහාට වරෙන්… උස්සපන් මේකිගේ සාරිය ඉන ගාවට….’ මැරයා ඇගේ සාරිය එසවීමට සැරසුනි.
” තාරක අ අ අ අ අ අ අ අ අඅඅඅආ ආ ආ ආ ආ ආ….. දෑස් පියාගත් සමාධි මහ හඬින් කෑ ගැසුවාය.
” සමාධි.. සමාධි.. අනේ මොකද්ද ඔයාට වුනේ?
සමාධි දෑස් විවර කලාය. ඇය තවමත් බස් රථයේ ගමන් කරන බව ඇයට පෙනුනි. තමා භයානක සිහිනයක් දුටු බව සමාධිට පසක් විය. බස් රිය වායු සමනය කර තිබුනද ඇගේ මුලු සිරුරම දහඩියෙන් තෙත් වී තිබුනි.
” අනේ සමාධි.. ඔයාට සනීප නැද්ද වස්තුවෙ?… ඇයි ඔයා මහ හයියෙන් මගේ නම කියල කෑ ගැහුවේ?……”
සමාධි වත්තන් කොට ගත් තාරක ඇසුවේය.

” අහ් අහ් අනෙ අනේ අනේ තාරක.. මම මහ නරක හීනයක් දැක්කා….” සමාධි වේගයෙන් හුස්ම ඉහල පහල හෙලමින් කීවාය.
සමාධිගේ කෑ ගැසීම නිසා කම්පනයට පත් රියැදුරු බස් රිය පාර අයිනේ නැවැත් වූයේය. අන් සියලු මගීන් ඇය දෙස පුදුමයෙන් බලා සිටියහ. කොන්දොස්තර මහතා ඔවුන් වෙත පැමිණියේය.
” මහත්තයා… මිස්ට සනීප නෑ වගේද?.. දැන් අපි අලුත්ගම පහු කරල තියෙන්නෙ.. ඕන නම් හරවගෙන අලුත්ගම හොස් පිටල් එකට ω…”
” බොහොම ස්තුතියි… ඕන නෑ මම හිතන්නෙ.. මිස්ට පොඩ්ඩක් තෙහෙට්ටු වගේ ඒකයි මේ විකාර හීන පෙනිල තියෙන්නෙ. වතුර පොඩ්ඩක් ගන්න පුලුවන්ද ?….. තාරක කීවේය.
” ෂුවර්. පොඩ්ඩක් ඉන්න. මම බොට්ල් එකක් දෙන්නම්…..’
තත්ත්වය සන්සුන් වූ පසු බස් රිය නැවත ගමන ආරම්භ කළේය.
සමාධි තාරකගේ කම්මුලට කම්මුල තබාගෙන ඔහුට තදින් තුරුලු වූවාය.
” අනේ තාරක… මම මහ නරකම නරක හීනයක් දැක්කා.. මගේ ඇඟ තවම නිකන් වෙවුලනවා වගේ…….”
” සමායි.. ඔය හීන ගණන් ගන්න එපා… ඕව පේන්නෙ හිත කලබල වුනාම… එකක්.. ඔයාට අද ගොඩක් මහන්සියි මේ වුන දේවල් හින්ද… අනික.. අරුන් කියපු දේවල් ඔයාගේ හිත පුරාම දුවල තියෙනවා.. ඒ හින්ද තමයි ඔය බහු බූත පේන්නෙ…. දැන් රිලැක්ස් කරන්න…. නිදා ගන්න එපා.. මට ඔහොම තුරුලු වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න…. ඔයාගේ හිත නිස්කලංක කර ගන්න……”

තාරක තමාට තුරුලු වී සිටි සමාධිගේ හිස සෙමින් අත ගෑවේය. තාරකගේ උණුසුමෙන් සැනසිල්ලක් ලැබූ සමාධිට බියකරු සිහිනය නිසා ඇති වූ කම්පනය අඩු කර ගැනීමට හැකි විය.
කෙතරම් චිත්ත ශක්තියෙන් සහ සංයමයෙන් යුතු තැනැත්තෙකුට වුවද සමහර බිය ජනක සිදු වීම් සිතට කා වැදීම වැළැක්විය නොහැකිය. මෙසේ යටි හිතේ තැන්පත් වූ සිතිවිලි වලින් ජනිත වූ ස්වප්න දර්ශනය වීම විටින් විට සිදු විය හැකිය. මෙය ස්වාභාවික සංසිද්ධියක් වූවත් ඉන් ජීවිතයට බලපෑමක් ඇතිවන්නේ නම් මනෝ චිකිත්සකයෙකුගේ සේවය ලබා ගැනීම සුදුසුය.
නදීකා සහ සඳුන් මධු සමය ගත කිරීමට සූදානම් කොට තිබුනේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් වූ හවායි දූපතේ පිහිටි හිල්ටන් වයි කොලෝවා ගම්මානය’ නම් අතිරමණීය සංචාරක නිකේතනයයි. ‘ ඉහල සමාජ මානසිකත්වයෙන් හිස උදුම්මා ගත් නදීකාට ලංකාවේ පිහිටි සුන්දර සංචාරක නිකේතන ඇගේ තත්ත්වයට’ මදි විය. මෙසේ පිටරට මධු සමය ගත කිරීමේ මූලික අරමුණක් වූයේ ඒ ගැන අන් අය සමග පුරසාරම් දෙඩවීමය.
හිල්ටන් වයි කොලෝවා ගම්මානය නදීකාට පෙනුනේ මිහිපිට පාරාදීසයක් ලෙසින්ය. ඝර්ම කලාපික දේශගුණයක් සහිත මේ නිකේතනයේ තිබෙන මුහුදු වෙරළ, වන ජීවී ප්‍රදේශ, ඩොල්ෆින් මත්ස්‍යයින් සහිත කලපු නිසා නදීකාට සුර ලොව පැමිණියා හා සමාන හැඟීමක් ඇති විය.
” හ්… අනේ සඳුන්….හනි මූන් එකට කියාපු තැන අනේ… තෑන්ක්ස් මාව මෙහාට එක්ක ආවට… මට හැමදාම මෙතන ඉන්න හිතෙනව අනේ… බලන්නකො.. බීව් එක හරිම ලස්සනයි.. වතුර දිළිසෙනවා… අනිත් පැත්තෙන් වයිල්ඩ් ලයිෆ් එකත් තියෙනවා….. ඒ එක්කම ඩොල්ෆින් කලපුවකුත් තියෙනවා.. ඔන්න මට නම්

ඩොල්ෆින්ලා බලන්න යන්නම ඕන හරිද… ඉපිලෙමින් කීවාය. නදිකා ප්‍රීතියෙන්
” හරි හරි ළමයො… අපි යමු.. ඒව ඔක්කොම හොලිඩේ පැකේජ් එකේ තියෙනවා… මේ.. ඔයා දැක්කෙ නැහැනෙ මේ රිසෝට් එකේ තියෙන තව ලස්සන දෙයක්…..”
” ඒ මොකද්ද සඳුන්?…..”
” ඇයි නදී… බලන්නකො… හවායි කෙලො කොව්වර ලස්සනද.. කොච්චර සෙක්සිද කියල….”
” මේ… මම ඔයාට කිව්වයි කියල හිතා ගන්න… ලස්සන කෙල්ලො…. හඃ. දැන් ඔයාගේ එකම කෙල්ල මම විතරයි හරි ද?…. මේ රිසෝට් එකට නම දාන්න ඕන ‘ වයි කොලෝවා’ කියල නෙමෙයි… ‘ වල් කොල්ලා’ කියල.. මොකද මෙතනට වැඩියෙන් එනව ඇත්තේ වල් කොල්ලොනේ…. ඇවිල්ලා බාගෙට හෙලුවෙන් ඉන්න හවායි කෙල්ලො දිහා බලන් ඉන්න…” නොමනාපයෙන් කීවාය. නදිකා
” හි.හි. හි.. ඔයාටත් මරු අයිඩියාස් තමයි එන්නෙ…හරි හරි ළමයො.. මම නිකන් කිව්වේ…. ඔයා තමයි දැන් මගේ එකම කෙල්ල….ම්මා ආ ආ. මේ… එන්න යමු රූම් එකට…..”
සඳුන් නදීකාට උණුසුම් චුම්බනයක් දී කීවේය.
” මොකද්ද අනේ… දැන් අද දවසට කී පාරක් කරාද ?… ඔයාට කොච්චර කරත් මදිනෙ……’
නදීකා තොදොල් වෙමින් කීවාය.
” ඉතින් ළමයො… හනි මූන් එන්නෙ ඒකටනෙ… අනික ඉතින්.. ඔයත් එක්ක නැතුව මම වෙන කාත් එක්ක කරන්නද ?…
“ම්ම්.. හරියට හනි මූන් එකට කලින් කරලම නෑ වගේ.. කියන ලස්සන විතරක්…”
සඳුන්ට ආදර තට්ටුවක් දැමු නදිකා ඔහුගේ අතේ එල්ලි උඩු මහලේ පිහිටි තම සුඛෝපභෝගී කාමරයට ගියාය.
නදීකා සඳුන් සමග හවායි දූපතේ මධු සමය ගත කලේ ඉතාමත්ම ප්‍රීතියෙන් හා සැහැල්ලුවෙන්ය. විවාහයෙන් පසු දෙදෙනා අතර යම් ආදර බැඳීමක් ඇති වී තිබේ. කෙසේ වෙතත් එය හද පතුලින්ම මතුවන ශක්තිමත්, නිර්මල ආදරයක්දැයි ඔවුන්ට වටහා ගත නොහැකි විය. ඒ ගැන දෙදෙනා වැඩි තැකීමක් කළේ ද නැත.
ගම්මානයේ ඇති ශාන්ත ශෘංගාරාත්මක පරිසරයෙන් ඔද
වැඩුනු නදිකා සහ සඳුන් අන් සියලුම දේ අමතක කොට අනුරාගී
ලොවක රසය වින්දනය කළෝය. ඉර බැස යන සන්ධ්‍යා සමයේ
මුහුදු වෙරළේ බොහෝ වේලාවක් පෙම් සුවයෙන් පසු වුන දෙදෙනා
ඉන් ඇති වූ ප්‍රමෝදයෙන් මුලු රාත්‍රියම අධි ශෘංගාර රසයෙන් කල්
ගත කළෝය. ආදරය හද පතුලෙන්ම ජනිත වූවත් නොවූවත්
අනූරාගී බවින් එකතු වන දෙදෙනෙකු අතර බැඳීමක් ඇති වීම
නිතැනින්ම සිදුවේ.
” සඳුන්.. ඔයා දැන් මගේ නේද?……’ යහනේ වැතිරී සිටි නදීකා සඳුන්ගේ ළැම පිරිමදිමින් ඇසුවාය.
” අනේ ඔව් නදී… මම දැන් ඔයාගෙ.. ඒ වගේම ඔයත් දැන් මගේ …….” සඳුන් ඇගේ හිසකෙස් අතරින් ඇඟිලි යවමින් පැවසීය.
” ඔයා වෙන කාගෙවත් වෙන්නෙ නැහැ නෙ?……”
” ඔයාට පිස්සුද නදී?… මම දැන් ඔයාගෙම විතරයි…..”
“Mmmm mage sandun….”

ලෙන්ගතු බවකින් මෙසේ කියූ නදීකා සඳුන්ව වැළඳ ගත්තාය. එකිනෙකාගේ ස්පර්ශයෙන් කුල්මත් වූ දෙදෙනාට කාම ලෝකයට අවතීර්ණ වීමට ගතවූයේ නිමේශයකි.
සති දෙකක් මධු සමය ගත කිරීමට පැමිණි නිසා නදීකා සහ සඳුන් නිකේතනයේ ඇති සෑම සංචාරක ස්ථානයක්ම නැරඹීමට ගියෝය. ඒ අතරින් ඩොල්ෆින් කලපුවට ගිය ගමන නදීකාට මෙන්ම සඳුන්ටද මහත් ප්‍රීතියක් ගෙන දුන්නේය.
කලපුව හරහා ඩොල්ෆින් මසුන් සිටින ස්ථානයට යාම සඳහා ඔවුන් ජලය මතුපිටින් යන ස්කූටරයක යාමට සිදු විය. නදිකා මේ ගමනට මහත් සේ ආශා කළාය.
” ස්… සඳුන්.. මේ වෝටර් ස්කූටර් එකේ යන කොට මාරයි නේද… නිකන් පාරේ යනව වගේ.. ඒත් යන්නෙ වතුරෙ…අමෝ පෙරෙලෙයිද දන්නෙ නෑ අනේ…”
” පෙරලුනොත් ඉතින් ප්‍රශ්නයක් නෑ… මෝරු ඇවිල්ලා කයි ඔයාව…..”
” ම්.. නිකන් ඉන්න… ඔයාට වැඩිය මෝරෙක් ඉන්නවද මාව කන්න. හි.හි.හි…”
දෙදෙනා ජල ස්කූටරයේ චාරිකාවට මහත් ආශා කල බව දුටු රියැදුරු සඳුන් ඇමතීය.
“Hey buddy.. Would you like to drive this?.. Give it a try…”
“Hmm.. Yea.. I will give it a go….”
සඳුන් ස්කූටරය පැද වීමට පටන් ගත්තේය. වතුරේ ස්කූටරය හසුරු වීමට පළපුරුද්දක් නොමැති නිසා කිහිප විටක් ස්කූටරය පෙරළෙන්නට මෙන් පැත්තකට ඇලවුනි.

” ස්… අයියෝ සඳුන් බලාගෙන.. පෙරෙළෙන්න වගේ…” නදිකා බිය වී කෑ ගැසුවාය.
” බය නැතුව ඉන්න නදී…. පෙරලුනොත් මම ඔයාව පිටේ තියාගෙන පීනන්නම්…”
කෙසේ හෝ සඳුන් ස්කූටරය පදවා ගෙන ඩොල්ෆින් මසුන් සිටින ස්ථානයට පැමිණියේය.
“You did a good job buddy…” 8ω ω 42 7 . ඩොල්ෆින් මසුන්ගේ සුරතල් රැඟුම් වලට නදීකා මහත් සේ ඇලුම් කලාය.
” අනේ සඳුන්…… මේ ඩොල්ෆින්ලා හරිම් ස්වීට් අනේ…. හරිම හුරතල් සත්තු නේද…..”
” ම්ම්.. ඔව්.. ඔයාට ඕන නම් ඩොල්ෆින්ව කිස් කරන්න වුනත් පුලුවන්… ඕන නම් වතුරට යමු….”
“අනෙ මට ඕන නෑ ඩොල්ෆින්ව කිස් කරන්න… මම කිස් කරන්නෙ ඔයාව විතරයි පැටියෝ…..” නදීකා සඳුන්ට තුරුලු වූවාය.
” ඔයාට බැරි නම් නිකන් ඉන්න… මම ගිහින් කිස් එකක් දීල එනව ගෑණු ඩොල්ෆින් කෙනෙක්ට…හි.හි.හි…”
“ම්ම්.. ඉතින් ගිහින් දීල එන්න… මගේ තොල් වලට වැඩිය රස ඇතිනෙ ඩොල්ෆින්ගෙ ඒවා…’ නදීකා බොරු තරහක් පෙන්වා කීවාය.
” අපෝ නෑ… ඔයාගෙ අනිත් තොල් දෙක තරම් නම් රස නෑ…
” වීඊඊයා ආ ආ.. මොන වල් කතා කියනවද මන් දන්නෙ නෑ… හොඳ වෙලාවට මෙතන මිනිස්සුන්ට සිංහල තේරෙන්නෙ නෑ… නරක ළමයා….” නදීකා සඳුන් ගේ කම්මුල මිරිකමින් කීවාය.

” දැන් ඔයානෙ ඒ විදියට හිතුවෙ.. මමද…..හි.හි.හි…” සඳුන් නදීකා තුරුලු කරගෙන උණුසුම් තොල් හාදුවක් දුන්නේය.
විවාපත් දෙදෙනෙකු අතර ඇතිවන මෙවැනි අව්‍යාජ සෘජු කතා බහ ඔවුන්ගේ බැඳීම වැඩි කිරීමට ඉවහල් වේ. දෙදෙනා අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා අවබෝධය වැඩි කිරීමට සමත් වේ. එහෙත් මේවා දෙදෙනාගේ අහිංසක විනෝදයට පමණක් සීමා විය යුතුය.
නිකේතනයේ තවත් ජනප්‍රිය සංචාරක ස්ථානයක් වූ වන ජීවී ප්‍රදේශය නදීකා සහ සඳුන්ගේ ශෘංගාර ලෝකය තවත් පුළුල් කිරීමට සමත් විය. තරමක ඝන කැළෑවකින් සමන්විත මේ භුමි ප්‍රදේශයේ නොයෙකුත් වර්ගයේ පක්ෂීන්, අලංකාර මල් සහ ශාක වර්ග මෙන්ම දූපතටම ආවේනික වූ සත්ව විශේෂ ද විය.
” අනේ සඳුන්… මේ කැළේ සිංහයෝ.. කොටි එහෙම නෑ නේද ?…..” සඳුන් සමග අත් වැල් බැඳගෙන කැළය තුලින් ඇති අඩි පාර දිගේ ගමන් කරමින් සිටි නදීකා ඇසුවාය.
” ඔයාට පිස්සුද නදී… මේ වගේ පොඩි කැළෑවක ඒ වගේ ලොකු සත්තු ඉන්නවද ?… පොඩි පොඩි සත්තු ඇත්තේ…. අපි ඔහොම ඉස්සරහට යමු…”
” අම්මෝ එහෙනම් කමක් නෑ… කොහොම වුනත් හරිම ලස්සන කුරුල්ලොයි… මල් ජාතියි තියෙනව නේද…..ම්…” නදීකා මල් වල සුවඳ හොඳින් දැනෙන්නට ලොකු හුස්මක් ඉහලට ගත්තාය.
” නදී.. අපි යමුකො ටිකක් කැළේ ඇතුලට…. තවත් ලස්සන මල්… ගස් ජාති ඇති….”
” අපි අතරමං වෙයිද?…..”

” පිස්සුද ළමයො… මේක පොඩි කැළෑවක්නෙ… අනික මොබයිල්ස් තියෙනව නෙ…”
” හා යමු එහෙනම්…”
දෙදෙනා කැළය ඇතුලට ටික දුරක් ගියෝය.
” සුසුසුසු…. මේ හරිය මාර ලස්සනයි නෙ සඳුන්.. බලන්නකො.. එක එක පාට ලස්සන කුරුල්ලො ඉන්නව.. අම්මෝ …” නදිකා පුදුමයෙන් කීවාය.
” ඒ විතරක්ද.. බලන්නකො.. ලස්සන දිය පාරවල් කීපයකුත් තියෙනවා.. මේ නදී… අපි මේ දිය පාරක නාමුද?….”
” ඔයාට පිස්සුද….. ලංකාවේ වගේ ඕන ඇලක නාන්න මෙහේ බැරුව ඇති….”
” අයියෝ.. ඔයා හරි බයයි නෙ… අපි එහෙනම් තව පොඩ්ඩක් එහාට යමු….”
දෙදෙනා තවත් කැළය තුලට ගියෝය.
” අම්මෝ සඳුන්… මේ හරිය නම් කියල වැඩක් නෑ… මාරම ලස්සනයි අනේ….ආසා හිතෙනවා දිගටම මෙතන ඉන්න…..’
සුළඟට යන්තම් සෙලවෙන තුරුලතා වලින් පිරි මේ පෙදෙසේ ඇති අලංකාර පුෂ්පයන්ගේ පෙනුමත් සුවඳත් නදීකා සහ සඳුන්ගේ සිත ගත සැහැල්ලු කිරීමට සමත් විය. විහඟුන්ගේ නාදය ඒ සිසිල තවත් වැඩි කලේය. දෙදෙනා අසලින්ම පියඹා ගිය කුරුලු ජෝඩුවක් අසල වූ ගසක අත්තක ලැගුම් ගෙන හොටට හොට තබා අහිංසක ලෙස පෙම් රැඟුමක් කළේය. සෙමින් පවනට මුසු වූ කිචි බිචි නාදයෙන් දෙදෙනා ආදරයෙන් පසුවන බවක් පෙන්නුම් කළේය. කුරුලු ජෝඩුව දෙස ආසාවෙන් බලා සිටි නදීකා සහ සඳුන් එකට තුරුලු විය.

” මොකද්ද දන්නවද මෙතන තියෙන ලස්සනම දේ ?….” සඳුන් නදීකාගේ හිස පිරිමදිමින් ඇසීය.
” මොකද්ද.. අර ලස්සනට සිංදු කිය කිය ආදරයෙන් ඉන්න කුරුල්ලො දෙන්නද ?…….”
” නෑ ළමයො… මෙතන තියෙන ලස්සනම දේ තමයි… ඔයා…..’
මෙසේ කියූ සඳුන් නදිකාගේ පිටුපසින් සිටගෙන ඇය වැළඳ ගත්තේය. නදීකා අත් පිටුපසට දමා ඔහුගේ හිස අල්ලා ගෙන පිටුපස බලා යන්තම් සිනා සුනාය. දෙදෙනාගේ සිත් හැඟීම් වලින් පිබිදෙන්නට පටන් ගත්තේය. නදීකාගේ කම්මුල යන්තමින් අත ගෑ සඳුන් පහත් වී ඇගේ තොල් සිප ගත්තේය.
දිගු තොල් චුම්බනයෙන් සඳුන්ගේ සරාගී හැඟීම් පිබිදී එන්නට පටන් ගැනුනි. ඔහු නිරායාසයෙන්ම නදීකාගේ ළැම පෙදෙස ස්පර්ශ කළේය.
” මෙ සඳුන්.. ඔයාට පිස්සුද……. මෙතන මුකුත් බෑ .. මෙ.. අනෙ.. පිස්සු.. පිස්සුද ඔ.. ඔයාට ළමයො.. මේ.. මෙතන බෑ. අපි යමු හොටෙල් එකට. සඳූඌඌන් අනේ ඒ ඒ ඒ ඒ…..”
ආසාවත් බයත් මුසු වූ නදීකාගේ වචන සඳුන්ට උත්තේජනයක් විය. ජීවිතයේ පළමු වරට එළිමහන් ස්ථානයක් ඔවුන්ගේ අනුරාගී ලෝකය විය.
” සඳුන්…. ඔයාට නම් පිස්සු අනේ…බලන්න කවුරු හරි ආවනම්?… පිස්සු කොල්ලා….”
සඳුන්ගේ උරහිසේ එල්ලී ආපසු නිකේතනයට එන විට නදීකා කීවාය.

” ඉතින් කවුරුත් දැක්කෙ නැහැ නෙ.. මරු එක්ස්පීරියන්ස් එක නේද… මේව හැමදාම නෑ ….. හැමතැනම නෑ…හි.හි.හි…”
” ඔයාට නම් විහිළු.. මට නම් හිතන කොටත් මොකද්ද වගේ……. ස්… බලන්නකො අනේ…මගේ ෂෝට්ස් වල හැමතැනම….. මගේ ෂෝට්ස් උඩටමයි විද්දෙ… වල් කොල්ලා….
” ෂෝට්ස් උඩට විදින එකෙත් මාර ගතියක් තියෙනව නේද කෙල්ලෙ?…ම්.. එළියෙදි කරන කොට එළියෙ විදින්න ඕන … හි.හි.හි.. හැම තිස්සෙම ඇතුලෙ ලීක් කරාම බෝරින්නෙ ළමයො… ?…”
” නේද තමයි……. දඟයා….. බලන්න අනේ…..මගේ ෂෝට්ස් වල වූ ගිහිල්ල වගේ.. කවුරු හරි දැක්කොත් ලැජ්ජාවෙ බෑ…..’
” හරි ළමයො… ඕක කාටවත් පේන්නෙ නෑ…… ඔයත් ඉතින් එන්ජෝයි කරානේ ඒ ඒ ඒ ඒ… මේ ඉක්මනට හොටෙල් එකට යමු… අද රෑට කැබරේ එක තියෙනව නෙ….”
එදින සන්ධ්‍යාවේ පැවැත්වුන ” කැබරේ ‘ නර්තනයට නිකේතනයේ සිටි සංචාරකයින් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. නර්තනය පැවැත් වූ ශාලාව වාතාවරණයට යෝග්‍ය වන පරිදි සැරසිලි සහ විදුලි බුබුළු වලින් ආලෝකමත් කර තිබුනි. පැමිණ සිටි සියලු දෙනාම සජීවී ජවයකින් ප්‍රමෝදයට පත් වී ඇති ආකාරයක් පෙනෙන්නට තිබුනේය. මත් පැන් පමණක් නොව මත් ද්‍රව්‍ය භාවිතයද අඩුවක් නැතුව සිදු වුනි.
” මේ සඳුන්… මේ කැබරේ එක අපි ලංකාවෙදි ගිය එක වගේ
” ඒ කිව්වේ නදී?….”

” නෑ අනේ…ඒකෙ ඩාන්සර් ඇඳුම් ඔක්කොම ගැලෙව්වනෙ.. මේකෙත් එහෙම වෙයිද?
” මන් දන්නෙ කොහොමද නදී……අපි බලමුකො….
” ඔව්. ඔයා නම් කැමැති ඇති එහෙම වෙනව නම් නේද….” නදිකා තරහ මුහුණක් පෙන්වා කීවාය.
” ඉතින් එයා එහෙම කරොත් ඒකට මම මොනව කරන්නද.. නිකන් පිස්සු කතා නොකිය ඉන්න නදී…”
නදීකා ඇඳ සිටි ගවුම යන්තම් ඇගේ කලවා ආවරණය කිරීමට සමත් විය. තල එළලු වර්ණයෙන් යුතු නදීකාගේ මනරම් රූ සපුව මේ නිසා වඩාත් රමණීය සහ ආකර්ෂණීය ලෙස කැපී පෙනුනි. මේ නිසා ශාලාවේ සිටි බොහෝ පිරිමින්ගේ දෙනෙතට ඇය රසඳුනක් විය.
” අනේ සඳුන්.. හැම මිනිහම මම දිහා කන්න වගේ බලනව….” නදීකා සෙමින් කෙඳිරුවාය.
” ඒ ඔයා සෙක්සි ලුකින් හින්ද නෙ කෙල්ලෙ… වැඩිය ගණන් ගන්න එපා….”
” ඒ වුනාට මට ටිකක් බයයි සඳුන්… බලන්නකො මේ සමහර කළු මිනිස්සු නිකන් යෝධයෝ වගේ….. දැක්කම බය හිතෙනවා……”
“ෂ්.. ගණන් ගන්න එපා නදී….. මේ වගේ තැන් වල ඔහොම තමයි……”
කැබරේ නර්තනය ආරම්භ වීමට පෙර පැමිණ සිටි බොහෝ දෙනෙක් ගැහැණු පිරිමි භේදයකින් තොරව හොඳ හැටි මත් පැනින් සප්පායම් වී සිටියහ. නදීකා සහ සඳුන් ද මේ පිරිසට අයත් විය. උත්තේජනයට පත් පිරිස අධි වේග සංගීත තාලයට අනුව වේග රිද්ම නැටුම් ආරම්භ කළෝය.

” ස්… සඳුන්.. මොකද්ද අනේ මේ ඩ්‍රින්ක් එක… හරි ෂෝක් හින්ද මම ටිකක් වැඩි වෙන්න බිව්ව අනේ.. දැන් ටිකක් කැරකිල්ල อ….”
” ළමයො.. ඕක රසයි කියල වැඩිය ගන්න එපා…. ඕකෙ නම ‘බ්ලූ හවායි ‘… හවායි වල ලෝකල් ඩ්‍රින්ක් එකක්…. ෆැට් ජුස් එක්ක රම්.. වොඩ්කා එකට දාලා තියෙන්නෙ.. වැඩිය බිව්වොත් ටිප්සි
” දැන් නම් ඒ වගේ තමයි අනේ.. එහෙනම් නටමු පොඩ්ඩක් ඒක බහින්න…”
” හා කෙල්ලේ…..”
දෙදෙනා අන් අය සමග වේග රිද්ම නැටුමට එක් විය. සඳුන්ගේ බඳ වටා දෑත් යවා ඔහු දැඩි ලෙස ආලිංගනය කොට ගත් නදීකා රතු පාට, නිල් පාට, දම් පාට ලෝකයකට අවතීර්ණ වෙමින් නැටුමේ යෙදුනාය. ඇගේ ස්පර්ශයෙන් පෙළඹ වීමට පත් සඳුන් නැටුම අතරේදි ඇගේ සිරුර සරාගී ලෙස පිරිමැද්දේය. මුලු නැටුම් වේදිකාවම එකම මී මැසි පොදියක් මෙන් විය. සීමා බන්ධන කිසිවක් නොමැති විය. සියලු දෙනාම තමන්ට රිසි සේ නැටීමත් සහ ආලිංගනයන් වල යෙදීමත් කළෝය. විවිධ වර්ණයෙන් යුත් විටින් විට දැල්වෙන විදුලි බුබුළු වලින් ශාලාවේ පරිසරය මේ වේග රිද්ම නැටුමට තවත් ජවය සහ පන්නරය දුන්නේය.
බොහෝ වේලාවක් එක දිගට නැටීම නිසා නදීකා වෙහෙසට පත් වූවාය. මේ නිසා ඇය සඳුන් සමග නැටුම් වේදිකාවෙන් ඉවතට ගොස් වාඩි වූවාය.
” ම්ම්.. සඳුන්.. දැන් නම් ටිප්සි ගතිය අඩු වුනා….” සඳුන්ගේ ළැම මත හිස තබා ගත් නදීකා කීවාය.
” අම්මෝ… ඔයාට හොඳටම දාඩිය දාලා……….අපි පොඩ්ඩක් මෙහෙම ඉඳිමු.. තව ටිකකින් කැබරේ කෙල්ලො ඒයි….”

ම්ම්…. බලාගෙන ඉන්නෙ හෙලු කෙල්ලො එනකන් නේද… වල් කොල්ලා….”
” මොකෝ?… ජෙලස් ද ?….”
” ඔව්…. ” නදීකා ඉවත බලාගෙන කීවාය.
රාත්‍රී එකොළහට පමණ කැබරේ ළඳුන් ඔවුන්ගේ නර්තනය ආරම්භ කළෝය. ප්‍රධාන නාටිකාංගනාවට අමතරව තව නාටිකාංගනාවන් විස්සක් පමණ එහි සිටියහ. ප්‍රධාන නාටිකාංගනාව වේදිකාව මත රඟ දැක් වීමේ යෙදුන අතර අන් අය අමුත්තන් පිරිස හා හැසිරෙන්නට පටන් ගත්තෝය. මෙය පිරිමින්ගේ මහත් වූ අමන්දානන්දයට හේතු වූ අතර ගැහැණුන්ගේ කනස්සල්ලට හේතු විය.
කැබරේ දර්ශනය ආරම්භ වී ටික වේලාවකින් ප්‍රධාන
නිරූපිකාව ඉතාමත් කාමුක ලෙස රඟ දක්වන්නට වූවාය. සංගීත
රිද්මයත්, විදුලි ආලෝකයේ ආටෝපයත් නිසා ඇගේ අනුරාගී බව
දෙගුණ තෙගුණ වී පෙනෙන්නට වුනි. සංගීත රිද්මය අනුව ඇඳුම්
එකිනෙක ඉවත් කල ඇයට අවසානයේදී ඉතිරි වූයේ යටකළිසමත්
අඩි උස සපත්තු දෙකත් පමණි.
ඇගේ මේ රංගනය නිසා ශාලාවේ සිටි පිරිමින් පෙළඹවීමකට පත් වු බව පැහැදිලිව පෙනෙන්නට විය. සම්පූර්ණයෙන් නග්න වන ලෙස සමහර පිරිමින් කෑ ගසා කීවත් ඇය එයට අවනත වූයේ නැත. පිරිස අතර හැසිරෙමින් සිටි නිරූපිකාවන් වෙත පිරිමින් ඇදී ගියේ නිරායාසයෙනි. කුල්මත් වී සිටි සඳුන් ද එක නිරූපිකාවක් ආලිංගනය කොට ගත්තේය.
” සඳුන්. මොනවද ඔයාට මේ වෙලා තියෙන්නේ?.ආ.. මෙහාට එන්න….”
නොමනාපයට පත් නදීකා ඔහු ඉවතට ගැනීමට සැරසුනාය. එහෙත් මත් පැනින් සහ නිරූපිකාවගේ පහසින් පෙළඹ වී සිටි සඳුන්

නදීකාට කන් දුන්නේ නැත. ඔහු නිරූපිකාව සමග නැටුම් වේදිකාවට ගොස් සිහිය විකල් වූවකු මෙන් නටන්නට විය. කිසිම වාරයක් හෝ සාරධර්ධමයක් නොමැති මේ නිරූපිකාව ඇගේ රහස් තැන් සඳුන්ගේ ඇඟේ අතුල්ලමින් ඔහු තවත් උත්තේජනයට පත් කළාය.
සඳුන්ගේ මේ අශෝහන නැටුම බලා සිටිය නොහැකි වූ නදීකා ශාලාවෙන් පිට වී උඩු මහලේ තම කාමරයට ගොස් ඇඳේ වැතිරුනාය. ඇගේ දෑසින් කඳුලු කඩා හැලෙන්නට පටන් ගත්තේය.
” සඳුන් මට ඇත්තටම ආදරෙයිද?… එහෙනම් ඇයි මම ඉන්නකොට මට පේන්නම මේ වල් ගෑණියෙක් බදාගෙන නටන්න ගියේ?….. කෙල්ලෙක්‌ට ඇත්තටම ආදරේ කොල්ලෙක් කවදාවත් එහෙම කරන්නෙ නෑ… අනික මම දැන් එයාගෙ වයිෆ්… එයා ආදරය කරන්න ඕන මට විතරයි… සඳුන් ආදරේ මටද.. මගේ ඇඟටද… අයියෝ මට මේ මුකුත් තේරුම් ගන්න බෑ… සඳුන් මම කියන ඕන දෙයක් කරනවා.. මට හරිම කීකරුයි.. ඒත් ඇයි මේ වෙන ගෑණු බදා ගන්න යන්නෙ?… අපි දෙන්නගේ සෙක්ස් ලයිෆ් එකේ කිසිම අඩුවක් නෑ.. එහෙනම් ඇයි මෙහෙම වෙන්නෙ… එයා මට ආදරේ නැද්ද?… මම මිරිඟුවක් පස්සෙද දිව්වේ.. නෑ නෑ.. එහෙම වෙන්න බෑ… සඳුන් මට ආදරෙයි..ඔව්.. මමත් එයාට ආදරෙයි… මට එයා නැතුව බෑ…. එයාටත් මම නැතුව බෑ කියල මම දන්නවා… එහෙනම් මොකද්ද මේ?….
මෙවැනි සිතුවිලි වලින් පීඩාවට පත් වූ නදීකා කොට්ටය බදා ගෙන අඬන්නට වූවාය.
නදීකාගේ නික්ම යෑමෙන් කලබලයට පත් සඳුන් ස්වල්ප වේලාවකට පසු කාමරයට ආවේය. නදීකා ඔහු නොදුටුවා සේ කොට්ටය බදා ගෙන සිටියාය.

” නදී. අ. අනේ සොරි නදී………. මම හිතු හිතුවෙ නෑ ඔයාට.. මෙ..මෙච්චර අප්සට් යයි කියල….’ ඇඳ මත වාඩි වූ සඳුන් කීවේය.
” එපා මාත් එක්ක කතා කරන්න… යන්න… ගිහින් අර වල් ගෑණි එක්ක බුදිය ගන්න…” නදීකා කොට්ටයේ මුහුණ සඟවා ගනිමින් කීවාය.
” අනේ නදී ප්ලීස්.. අනේ ඔව්වර අප්සට් ගහන්න එපා.. ඒ වෙලාවෙ ඒ දේ නිකන්ම වුනා.. මම හිතල කරේ නෑ නදී…අනේ… ප්ලීස්… කතා කරන්න කො…. ප්ලීස්…”
” හිතල කරේ නෑ?.. ආ….. එතකොට ඔක්කොම නිකන්ම වුනා.. සඳුන්.. ඔයා මට ආදරේ නෑ සඳුන්…. ආදරේ නම් මම ඉන්නකොට වෙන ගෑණියෙක් බදා ගන්නෙ නෑ…..” නදීකා නැවත හඬන්නට වූවාය.
” අනේ නදී. ප්ලීස්… අනේ සොරි කෙල්ලෙ… මම ආදරේ ඔයාට විතරමයි… අනේ මම කියන එක පොඩ්ඩක් අහන්නකො…”
සඳුන් නදීකාගේ උරහිස අත ගෑවේය. නදීක වහා ඔහුගේ අත ඉවත් කළාය.
” එපා මාව අල්ලන්න… අරකිගෙ ජංගිය අස්සේ අත දාලා.. ඒකිගෙ ජරාව අල්ලල්ල එපා මාව අල්ලන්න… ගිහින් ඒ කිටම… ඇයි සඳුන් මට මෙහෙම කරේ?… ඔයා අයිති මට විතරයි සඳුන්…….”
” ඉන්න එහෙනම් මම ගිහින් ඇඟ හෝද ගෙන එන්නම්….”
“සඳුන්… ඔයා හිතනවද ඇඟේ තියෙන ජරාව හෝද ගන්නව වගෙ හිතේ තියෙන ජරාව හෝදන්න පුලුවන් කියල…….කවදාවත් තමන්ගේ වයිෆ්ට ආදරය කරන මිනිහෙක් වෙන ගෑණු අල්ලනව තියා හිතන්නෙවත් නෑ… ඒත් බලන්න ඔයා කරපු දේ……… ඔයාට ගෑණියෙක් දැක්කම නළියනව… ඉන්න බෑ……’

” අනේ නදී… අනේ කෙල්ලෙ අහන්නකොඕඕඕ…. මම කියන එකත්… ඒකිට මගේ මොන විදියක ආසාවක්වත් නෑ….. ඒක වුනා… දැන් ඒක ඉවරයි…අනේ එන්නකො මම ළඟට…අනේ මාව රිද්දන්න එපා…”
“රිද්දන්න එපා?… එතකොට ඔයා මාව රිද්දපු එක හරිද?…. සඳුන්…. දෙයක් කරල දැන් ඒක ඉවරයි කියල කියන්න බෑ… ඒ කරපු දේ දිගටම තියෙනවා…. සඳුන්.. මම මෙව්වර කල් ඔයාට කිව්වේ නෑ… මටත් ඕන නම් ඔය වගේ දේවල් කරල දැන් ඒක ඉවරයි කියල කියන්න තිබුනා….”
” මොනව නදී? .. මොකද්ද ඔයා මේ කියන්නෙ?….”
” ඔයා දන්නෙ නැතුව ඇති සඳුන්…. ඔයාගෙ යාලුවො කී දෙනක් මාව ඇඳට ගන්න හැදුවද කියල……. දන්නෙ නෑ නේද ?…” නදිකා කොට්ටයෙන් හිස ඔසවා ඇසුවාය.
“මො.. මොනව ක්. කවුද උන්?.. කියන්න….. මන් උන්ව මකනවා…”
“උන් කවුද කියන එක මෙතන වැදගත් නෑ… දැන් මමත් ඔයා වගේ නම්.. උන් එක්ක බුදිය ගෙන කියන්න තිබුන දැන් ඒක ඉවරයි කියල…. ඔයත් දැන් කරේ ඒ වගේ වැඩක් ක්නෙ… සඳුන්…. මගේ ඇඟට තවම අත තියල තියෙන්නෙ ඔයා විතරයි… ඉස්සරහටත් එහෙමයි.. ඒත් සඳුන්… ඔයා මට මෙහෙම කරන්න ගියොත්… මම තවත් ඔයා එක්ක ඉන්නෙ නෑ… අන්න ඒක හොඳට මතක තියා ගන්න…..”
” අනේ නදී… මම පොරොන්දු වෙනව ආයිත් මේ වගේ දේවල් වැරදිලාවත් නොකරන්න….. 66
” සඳුන්.. වැරදිලා හරි මෙහෙම දේවල් වෙන්නෙ ඔයා මට හරියට ආදරේ නැත්නම් තමයි….”

” මම ඔයාට ආදරෙයි නදී… අනේ ඔව්… .මම පොරොන්දු වෙනව ආයිත් කිසිම දවසක මෙහෙම දේවල් නොකරන්න…” සඳුන් බැගෑපත් ආකාරයට කීවේය.
” ඔයා කියන්නෙ ඇත්තම ඇත්තද ?……”
නදීකා අනිත් පැත්තට හැරෙමින් ඇඳේ විට්ටමට හේත්තු වූවාය. ඇය මෙසේ හැරෙන විට ඇගේ ගවුම මදක් උඩට ඉස්සි යට කළිසම නිරාවරණය විය. මෙය දුටු සඳුන් පෙළඹවීමට පත් වී ඇය වැළඳ ගත්තේය.
” සඳුන්.. එපා.. එහාට වෙන්න… එපා එන්න මම ළඟට… ඔයා අරකි හින්ද නේද ඇවිස්සිලා ඉන්නේ…ආ.. එපා මාත් එක්ක එකතු වෙන්න….”
නදීකා ඔහු ඉවතට තල්ලු කිරීමට උත්සාහ කළාය.
” අනේ නෑ නදී…. නෑ.. නෑ.. මම ඔයාට ආදරෙයි කෙල්ලෙ…. අනේ ඔව්… මාව විශ්වාස කරන්න……. මගෙ නදී….” සඳුන් ඇය සිප ගන්නට තැත් කළේය.
“නෑ සඳුන්.. ඔයා ආස මගේ ඇඟට.. මට නෙමෙයි….. මට බෑ ඔයා එක්ක එකතු වෙන්න…. ඔයා මට ආදරේ නෑ…. එපා ආ ආ ආ…”
නදිකා මුලු වෙර යොදා ඔහු තල්ලු කිරීමට උත්සාහ කළාය. එහෙත් සඳුන්ගේ ස්පර්ශයෙන් ඇගේ විරෝධ ශක්තිය හීන විය.
” නෑ… මම ඔයාට ආදරෙයි කෙල්ලේ ඒ ඒ ඒ ඒ…..” සඳුන් ආශාව සහ ආදරය මුසු වූ හැඟීමෙන් කෑ ගැසීය.
” ඔය ඇත්තමද සඳුන්?……” සඳුන්ට අවනත නොවීමට ඇති ශක්තිය අඩු වී ගිය නදීකා ඇසුවාය.
” ඔව් මගේ නදී…. ඔව්විව්වි ….”

” ඇත්තටම ආදරෙයි?. ඇසුවාය. නදීකා වේගයෙන් හුස්ම ගනිමින්
” ඔව්.. ඇත්තටම… ඇත්තටම….”
φόβ?……”
” ඔව් වස්තුවෙ.. ඔව්.. හැමදාටම.
” ගොඩා ආ ආ ආ ආ ආ ආක්?.
‘ ඔව් ගොඩා ආආආ ආ ආක්.
” ය. සඳුන්. ආ.
නදීකාගේ සඳුන්ට ඇති ආදරය ඉස්මතු විය. තව දුරටත් ඔහු වැළැක්වීමට ඇයට නොහැකි විය. ඇය ඔහුට අවනත වූවාය.
දෙදෙනාගේ කායික එක්වීම ඉතා රළු විය.
නදීකා සඳුන් සමග යහළු වූයේ ඔහුගේ වත්කම මූලික කොටගෙන වුවත් දැන් ඇය ඔහුගේ බිරිඳය. අන් බොහෝ භාර්යාවන් මෙන් ඇය සඳුන්ට ආදරය කරන්නීය. එය නොසැලෙන සෙනෙහසක් වීමට හෝ නොවීමට පුලුවන. කෙසේ වෙතත් වර්තමානයේ ඇය ඔහුට දක්වන්නේ බිරිඳක විසින් සැමියාට දිය යුතු ආදරයයි. එහෙත් සඳුන්ගේ තත්ත්වය කුමක්ද? ඔහු නදිකාට නියම සැමියෙකු මෙන් ආදරය කරන්නේද? එය අවස්ථාවාදී බැඳීමක් පමණද? මේවා සංකීර්ණ ප්‍රශ්න වේ. එනමුත් නියත වශයෙන්ම කාලය විසින් මේවාට පිළිතුරු ලබා දෙනු ඇත.
අලුත විවාපත් යුවලක් මධු සමය ගත කිරීමට යන්නේ කලබලකාරී වාතාවරණයකින් තොරව දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධයත්, ආදර බැඳීමත් ශක්තිමත් කර ගනු පිණිසය. මේ සඳහා මධු සමයේදී දෙදෙනා අතර කායික සම්බන්ධතාවය ඉතා වැදගත් වේ. මේ කායික සම්බන්ධතාවය අනුරාගී බවට වඩා ආදර

ශෘංගාරයෙන් සිදු විය යුතුය. යුවලක් අතර බැඳීමක් ඇති විය කායික සම්බන්ධතාවයක් නැති නොහැකිය. කායික එක් වීමෙන් සම්භෝගයක් ලැබුව ද ඉන් ඇති විය යුතු වැදගත්ම ප්‍රතිඵලය වන්නේ දෙදෙනාගේ ආධ්‍යාත්මික බැඳීමට ඉන් රුකුලක් ලැබීමය. දෙදෙනා මධු සමයෙන් රැගෙන යන්නෙ මේ ආධ්‍යාත්මික බැඳීමයි. එය ඔවුන්ගේ ආදරය ශක්තිමත් කිරීමටත් ඉදිරි ජීවිතය අඹු සැමියන් සේ එකට ගෙනයාමටත් අත්‍යාවශ්‍ය දෙයකි. කායික සතුට පමණක් මධු සමයේදී ලැබීමෙන් මෙම කාරණය ඉෂ්ට සිද්ධ වන්නේ නැත.
නදීකාත් සඳුනුත් මේ ආධ්‍යාත්මික බැඳීම ඔවුන්ගේ මධු සමයෙන් ලැබුවාද? එය ඔවුන්ගේ ජීවිතය ඉදිරියට ගමන් කරන ආකාරයෙන් දැක බලා ගත හැකිය.
සඳුන්ගේ නැගෙනිය වූ දුෂානි, තාරක සමග මිතුරු දමක් ඇති කර ගැනීමට සෑම උත්සාහයක්ම දැරුවාය. එහෙත් තාරක ගෙන් ඇයට කිසිම අනුබලයක් ලැබුනේ නැත. කෙසේ වෙතත් දුෂානි ඉන් පසුබට නොවූවාය.
දුෂානි නදීකාගේ මව සමඟ ඉතා කුළුපග බවක් ඇති කර ගත්තාය. නිතරම දුරකථනයෙන් ඇයට කතා කලාය.
” අනේ ඇන්ටි.. බලන්නකො… තාරක අයියා මට එයා ගෙ මොබයිල් නම්බර් එක දෙන්නෙ නැහැනෙ… අක්කා කොච්චර කිව්වත් එයා දෙන්නෙ නෑ…අනේ ඇන්ටි.. මම එයාගේ නෑනා නෙ.. ඉතින් ඇයි අනේ දෙන්නෙ නැත්තෙ?…..” දුෂානි නාහෙන් අඬමින් නදීකාගේ මවට කීවාය.
” ඔයා කොහොමද ඉල්ලුවෙ දු ?….”
” මම අක්කට කිව්ව ඉල්ලලා දෙන්න කියල.. ඒත් එයා දෙන්නෙ නෑනෙ ඇන්ටි.. අනේ ඇයි මාත් එක්ක මෙව්වර තරහ ?…. අපි දෙන්න නේද වෙඩින් එකේ බෙස්ට්මන් ඇන්ඩ් බ්‍රයිස්මේඩ්..

වෙන වෙඩින් වල එහෙම දෙන්නෙක් කොච්චර යාලුද.. ඒත් තාරක අයියා මාත් එක්ක තරහයි….. එදා වෙඩින් එක දවසෙ වුන එකට මම මොනව කරන්නද ඇන් ටී ?…. අර මලිත්නෙ නිකන් රණ්ඩුවට අයියව පටලව ගත්තෙ….”
” එදා වුන දේට ඔයා මොනව කරන්නද දු.. ඒක හින්ද පුතා ඔයාට කතා නොකර ඉන්නව නම් ඒක වැරදියි….. ඉන්නකො දුව….. මමත් කතා කරල බලන්නම්කො… දුව… ඔයාට නිවාඩු වෙලාවක මෙහේ ඇවිල්ලා යන්න එන්න.. දවසක් දෙකක් නැවතිල යන්න පුලුවන් නේ….”
” හොඳයි ඇන්ටි.. තැන්ක් යූ… මම වෙලාවක එන්නම්කො….”
දුෂානිගේ හැඟුම් බර කතා නිසා නදීකාගේ මවට ඇය ගැන අනුකම්පාවක් ඇති විය. මේ නිසා ඇය තාරක සමග දුෂානි ගැන කතා කළාය.
” පුතේ.. ඇයි පුතේ ඔයා අර දුෂානි ළමයා එක්ක ඔව්වර තරහ?…… ඔය සිද්ද වෙච්ච පොඩි පොඩි දේවල් අමතක කරල දාන්න පුතා.. ඒ ළමයා ඔයාගේ නෑනා නෙ….”
“එයත් එක්ක මම තරහ නැහැ අම්මේ… ඒත් මම ආසා නැහැ එයා එක්ක වැඩි බජනයක් තියා ගන්න….”
” ඔයා ආස නැත්නම් එහෙම බජනයක් තියා ගන්න ඕන නෑ පුතා…. ඒත් අඩු ගානේ ඒ ළමයා එක්ක වචන දෙක තුනක්වත් කතා කරන්නකො… නැත්නම් ඒ මිනිස්සු හිතයි අපි මහ ආඩම්බර කාර මිනිස්සු කියල……”
” මේ අම්මේ… දුෂානි නංගි එක්ක මගේ කිසිම විදියක තරහක් නෑ…. මම එයාට මගේ නෑනා විදියට ආදරෙයි.. රෙස්පෙක්ට් කරනවා.. ඒක වෙනම දෙයක්… ඒත් අම්මෙ.. අපි දෙන්නට ඔච්චර කතා කරන්න කිසිම දෙයක් නැහැ …….අපි දෙන්නගේ අදහස් වෙනස්… එයා පෝසත් කෙල්ලෙක්.. එයා ඉන්නෙ ඒ පෝසත්

සමාජයේ.. මම දුප්පත් කොල්ලෙක්… ඉතින් අපිට මොනවද කතා කරන්න තියෙන්නෙ?…..
” අනේ එහෙම කියන්න එපා පුතා… ඒ මිනිස්සු ගොඩක් පෝසත් වුනත් දැන් අපේ නෑදෑයොනෙ…… ඒ හින්ද අනේ පුතා… ඔයාගේ ෆෝන් නම්බර් එක එයාට දෙන්න… ඒ ළමයා ඔයාට තුන් තිස් පැයේම කතා කරන එකක් නෑ.. අඩු ගානේ අපි නෑදෑ කමට වත් ගරු කරමුකො පුතා… හරි…. ඔයා එහෙනම් සමාධි දුවගෙන් අහල නම්බර් එක දෙන්න කො… ඉවරයි නෙ….”
” සමාධිගෙන් ඇහුවොත් ඉතින් කෙළින්ම කියයි දෙන්න කියලා…. සමාධිගෙ හිත හොඳ වැඩියිනෙ… සමාධි එයාට ගහන්න එන කෙනෙක්ට වුනත් මෛත්‍රී කරයි….”
” ඉතින් බලන්න ඒ ළමයා කොච්චර හොඳද කියලා….. ඔයා වගේ නපුරු නැහැ සමාධි දුව….”
” මොන කරදරයක් ද මන් දන්නෙ නෑ අම්මේ… ම්… හා හරි හරි… එහෙනම් අම්මම එයාට මගේ නම්බර් එක දෙන්න… හැබැයි ඕනවට වැඩිය ඒවට ආවොත් මගෙන් හොඳ එකක් අහ ගන්නව
මවගේ පෙරැත්තය සහ ඇවිටිල්ල නිසා තාරකට දුරකථන අංකය දුෂානිට දීමට සිදු විය. මෙයට සමාධිගෙන් පුර්ණ කැමැත්ත ද ලැබුනි. තාරකගේ දුරකථන අංකය ලැබීම ගැන දුෂානි මහත් උද්දාමයට පත් වූවාය. එය ඇගේ පරමාර්ථය සඵල වීමේ එක් පියවරක් ලෙස ඇය සැළකුවාය. අංකය ලැබුන මොහොතේම ඇය තාරකට කතා කළාය.
” අනේ තාරක… තෑන්ක් යූ සෝ මව් මට නම්බර් එක dhunnata..

” හ්ර්.. හැබැයි නංගි… මට හැමතිස්සෙම කතා කරන්න එපා… මට හරියට වැඩ තියෙනවා.. ඔයාට වගේ මට වෙලා නැහැ ෆෝන් එකේ ගොඩක් වෙලා එල්ලිලා ඉන්න….’ තාරක තදින් පැවසුවේය.
” හරි හරි තාරක… මම ඔයාට ඇණයක් වෙන්නෙ නෑ…. අයි ප්‍රොමිස් තාරක…..”
” ම්.. ඒක හොඳයි….”
” මේ තාරක… තව සුමාන තුනකින් සැට ඩේ බොලිවුඩ් මියුසිකල් ෂෝ එකක් තියෙනවා…. ඔයත් එන්නකො තාරක…….මගේ යාලුවෝ ඔක්කොම යනවා.. අනේ ඔයත් එන්නකො… ප්ලීස්… මම ටිකට් ගන්නම්.. ඔයා කරදර වෙන්න එපා….”
” අනේ සොරි නංගි… මට ඕවට එන්න වෙලාවක් නැහැ… මම දැන් දවස් හතම ෆාමසි එකේ වැඩ කරනවා…. අපිට නිකන් ඉන්න වෙලාවක් නැහැ නංගි…අනේ සොරි… තරඟ වෙන්න එපා……”
” අනේ මොකද්ද තාරක.. එක දවසනෙ.. අනික හැමදාම වැඩ කරන්න ඕනද.. රෙස්ට් එකකුත් තියෙන්න ඕනනෙ… අනේ ප්ලීඊඊඊඊඊඊස්.. එන්නකෝඕඕඕඕ…..”
” අනේ නංගි සොරි… මම එක සැරයක් කිව්වනෙ.. පුලුවන් කමක් තිබුන නම් මම එනව…..” තාරක හැකි තරම් දුරට සන්සුන් ස්වරයකින් කීවේය.
“හ් හේ… ඔයා හරි නරකයි තාරක…හ්… ඔයාට මම ගැන කිසිම ෆීලින් එකක් නෑ…හ්. හේත් …හ්….”
උරණ වූ දුෂානි දුරකථනය විසන්ධි කළාය.
“හඃ.. වැඩේමයි එයත් එක්ක බොලිවුඩ් බලන්න යන්න.. අන්තිමේදි මට නිල්වුඩ් වෙලා තමයි එන්න වෙන්නේ…..” තාරක තමාටම කියා ගත්තේය.

තාරක සමග කිට්‌ටු මිතු දමක් ඇති කර ගැනීමට දුෂානි දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත. ඇගේ කෙටි ජංගම දුරකථන පණිවිඩ වලට පවා තාරක කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. මහත් සිත් තැවුලට පත් දුෂානි, නදීකා සමග මේ ගැන කතා කළාය.
” අනේ අක්කෙ බලන්නකො… තාරක අයියා මාත් එක්ක එච්චර කතා කරන්න ආස නැහැ ….. මාත් එක්ක ෂෝ එකක් බලන්න එන්න කිව්වත් එන්නෙ නෑ….” දුෂානි නදීකා සමග සංවේගයෙන් පැවසුවාය.
“නංගි.. අපේ මල්ලි අර සමාධිත් එක්ක ෆුල් ලව්…. ඒ හින්ද එයාව අල්ල ගන්න එක එච්චර ලේසි නැහැ… සමාධිගෙන් එයාව වෙන් කරන එක සෑහෙන්න අමාරු වැඩක් නංගි…..”
” ඉතින් අක්කේ… මම ඔය සමාධිට වඩා කොච්චර සෙක්සිද.. කොච්චර පෝසත්ද.. ඉතින් ඇයි තාරක අයියා එයාව අත ඇරල මාත් එක්කේ එන්නෙ නැත්තේ?….”
” ම්…. නංගි මේ… මල්ලිව වෙනස් කරන්න ට්‍රයි කරනවට වැඩිය අපි මගේ අම්මයි තාත්තයි අපිට ෆුල් සපෝට් එක දෙන විදියට වැඩක් කරමු…… එතකොට අම්මයි තාත්තයි ප්‍රෙෂර් එක
දැම්මම මල්ලිට කර ගන්න දෙයක් නැති වෙනවා.. එතකොට එයා
ටික ටික ඔයාට කැමැති වෙයි….
” අක්කේ.. මට එක වාන්ස් එකක් හම්බ වුනොත් තාරක අයියා මගේ තමයි… කොහොම හරි එයාව එක පාරක් ඇඳට ගත්තොත් එයා මගේ පස්සෙන්ම එයි….”
” හි හි.හි.. ඔව් ඉතින් ඔයා එක්ක ඇඳේ හිටිය කොල්ලො පිස්සුවෙන් වගේනෙ ඔයා පස්සෙ එන්නෙ. නේද ?….. මේ එහෙනම් අපි මේ විදියට ප්ලෑන් එකක් ගහමු…. ඔයාගේ තාත්තිගෙ හෙල්ප් එක ඕනේ වැඩේට….”

” අම්මෝ ඔව් අ……….තාත්ති මම කියන ඕන දෙයක් කරයි… තාත්තිටත් කොහොම හරි ඕන තාරක අයියා මට බන්දල දෙන්න. හරි ඉතින් මොකද්ද ප්ලෑන් එක ?…..”
“හරි නංගි…. දැන් මේකයි මම හිතා ගෙන ඉන්න ප්ලෑන් එක… මේ දවස් වල අපේ තාත්තගෙ බිස්නස් හරිම සවුත්තුයි….. ඒක හින්දා ඔයාගේ තාත්තාට කියල අපි සපෝට් එකක් අරන් දෙමු…….”
” හරි අක්කේ… මම තාත්තිව කැමති කර ගන්නම්…. ඉතින් අපි මොනවද තාත්තිට කියන්න ඕන ?……”
” තාත්තිගෙ එක්ස්පෝට් කන්ටැක්ට්ස් තියෙනවනෙ… ඉතින් අපි තාත්තිට කියල එක්ස්පෝට් ඕර්ඩස් ටිකක් අරන් දෙමු මගේ තාත්තාට…..ඒ කෙන් පුලුවන් තාත්තව අපේ පැත්තට නම්මා ගන්න…… එතකොට අම්මත් නිකන්ම අපේ පැත්තෙ.. තාත්තා තදින් හිටියොත් මල්ලිට සමාධි එක්ක ලේසි වෙන්නෙ නැහැ….. එතකොට අපිට පුලුවන් අපේ වැඩේ කර ගන්න…”
” ෂා… අක්කගෙ මොලේ තමයි මොලේ….ම්ම්ම්.. නියමයි අක්කි….
” හැබැයි නංගියෝ…..අපේ මල්ලි කිව්වොත් කිව්වා… මිනිහ හරිම හිතුවක්කාරයි…. ඒ හින්ද ඔයත් මල්ලිට ෆුල් ට්‍රයි එක දෙන්න ඕන හරිද?…”
” හරි අක්කියො හරි… මම දෙන්නම් ට්‍රයි එක… අනේ අක්කෙ… තාරක අයියා හින්ද මම පිස්සු වැටිලා ඉන්නෙ…එයා කොච්චර හැන්ඩ්සම්ද…… ඩොක්ට කෙනෙක් වෙන්නත් යනවා…. තාරක අයියා මොකට මේ සමාධි වගේ දුප්පත් කෙල්ලෙක් අල්ල ගත්ත ද මන්ද….. මාව බැන්දම එයාට ඔක්කොම හම්බ වෙනවනෙ.. තාත්ති එයාටම හොස් පිට්ල් එකකුත් හදල දෙයි……”

” ඔය ඉස්කෝලෙ යන කාලේ මෝඩ කමට කර ගත්ත දේවල්වෙ නංගි…….මොලේ පෑදුනාම මල්ලි ඔය සමාධි කෙල්ලව අත ඇරල දාවි….. අපිට කරන්න තියෙන්නෙ ඒක වෙන විදියට වැඩ කරන එක……..?
” ෂුර්ව අක්කි.. අපි දැන්ම ගිහින් තාත්තිට කතා කරමු….”
“ෂ් නංගි.. කලබල වෙන්න එපා… තාත්තිට හොඳ වෙලාවක් බලලා කතා කරන්න ඕන….’
” හා හා… එහෙනම් අක්කිම වැඩේ ලීඩ් කරන්නකො….. ඉතින් අක්කි… කියන්නකො….කොහොමද අක්කිගෙයි අයියගෙයි ?….”
” ම්… හොඳයි නංගි…..”
” අම්මේ ඒ ඒ ඒ.. ඒක කියන කොට මූණෙ තියෙන ලව් පාට…. මේ.. ඔය දෙන්න හැමදාම කරනවද?… හි.හි.හි…”
” ඔයා මොනව අහනවද මන්ද…. නරක ළමයා….” නදීකා දුෂානිට ආදර තට්ටුවක් දමමින් කීවාය.
” අයියෝ මම නිකං ඇහුවෙ අක්කි……මම දන්නවනෙ ඉතින් ඔය දෙන්න ගැන… මේ අක්කි.. තාරකයි මමයි හනි මූන් යන්නෙ ඩිස්නිලන්ඩ් වලට…..”
” ම් ෂෝක්නෙ නංගි… එහෙනම් දැන්මම ප්ලෑන් කරල 2… 8.8.8….”
” හි.හි.හි…. ඔව් අක්කි… මේ අක්කි… අපි යමුද ජාවා ලවුන් ජ් එකට?… මට ස්ටාර්බක්ස් කොෆී එකක් බොන්න ආසාවක් ආවා…..”
” යමු නංගි……මම අයියට අපිව පික් කරන්න කියන්නම්….”

දුෂානි සමඟ කතිකා කර ගත් සැලැස්මට අනුව නදීකා සුදුසු අවස්ථාවක් බලා සඳුන්ගේ පියා වූ වෝල්ටර් හමු වූවාය. වෝල්ටර් තම ලේලිය වූ නදීකාට ඉමහත් ඇඟැලුම් කමක් සහ හිතවත් බවක් දැක් වූයේය. මදක් ගැඹුරට විමර්ශනය කල කෙනෙකුට මෙම ඇහැලුම් කම ඇතිවූයේ කුමක් නිසාදැයි සිතා ගත හැකිය. මේ නිසා ඔහු නදීකාගේ ඕනෑම ඉල්ලීමක් ඉටු කිරීමටත් ඇගේ සිත සතුටින් තැබීමටත් උනන්දුවක් දැක්වීය.
” තාත්ති… මට තාත්තිගෙන් පොඩි හෙල්ප් එකක් ගන්න පුලුවන්ද…. පොඩි කිව්වට මේක ටිකක් ලොකු එකක් …..”
” කියන්න දුව…. ඔයාට නොකරන උදව්වක් මම නැහැනේ….”
” අනේ තාත්ති…. මේ දවස් වල අපේ තාත්තගෙ බිස්නස් හරිම ඩවුන්….. ඒ හින්ද තාත්තිට පුලුවන් ද එස්පෝට් ඕර්ඩස් දෙක තුනක් අපේ තාත්තට අරන් දෙන්න?… තාත්තිගෙ ෆොරින් කන්ටැකට්ස් තියෙනවනෙ…….”
” අයියෝ සිම්පල් වැඩක් නෙ දුව.. මම ඒක කරල දෙන්නම්…..”
”අනික තාත්ති… මෙහෙම කරාම මගේ තාත්තයි අම්මයි ගොඩක් හැපී වෙයි…. ඉතින් එහෙම වුනාම නංගිව අපේ මල්ලිට බන්දල දෙන්න ඒ ගොල්ලො වැඩ කරයි….”
” ආ ඔව් දුව…… ඒකත් හරි… ම්.. ඔයා නම් හොඳට කල්පනා කරල වැඩ කරනව නේද?… සඳුන්ට හරියන්නෙ ඔයා වගේ ගල් කෙනෙක් තමයි…. අනික ඉතින්…. ඔයා ළඟ ඉන්න එක මටත් හොඳයිනේ…”
” තාත්තිටත් හොඳයි?… ඒ කොහොමද ?……”

” නෑ දුව….. ඔයා ඉන්න කොට ලොකු එළියක් තියෙනවනෙ අපේ ෆැමිලි එකට… ඉතින් ඒක අපේ බිස්නස් වලටත් හොඳයිනෙ…..”
වෝල්ටර්ගේ මේ කියමන නදීකාට හරි හැටි වැටහුනේ නැත. එහෙත් ඒ ගැන ඇය වැඩි තැකීමක් කරේ නැත.
සමාධිත් තාරකත් ඔවුන්ගේ රැකියා ඉතා හොඳින් කර ගෙන ගියෝය. අර පිරිමැස්මෙන් කටයුතු කල දෙදෙනා ලැබෙන ආදායමට සරිලන පරිදි වියදම මනා ලෙස පාලනය කළෝය. බොරු පුහු ආටෝපයන් ඔවුන් ළඟ නොවීය.
” තාරක.. මම කැම්පස් අවුට් වෙලා ජොබ් එකකට ගිය ගමන් මම අම්මිට රිටාය වෙන්න කියනව…… දැන් අම්මි මම හින්ද දුක් විඳපු තරම ඇති……”
දිනක් සුපිරි වෙළඳ සලට ඇය හමු වීමට ආ විටෙක සමාධි තාරකට කීවාය.
” ඔව් සමාධි… අපි අම්මිව හොඳට බලා ගමු…… ඔයාට මෙතන ජොබ් එක කොහොමත් හම්බ වෙයිනෙ… මමත් ඩොක්ට ‘ කෙනෙක් වුනාට පස්සෙ අපි දෙන්නටම අම්මිව බලා ගන්න පුලුවන්……”
” අනේ ඔව් තාරක… අපි බැන්දට පස්සෙ අපි දෙන්න අපේ ගෙදර පදිංචි වෙමු…. අම්මි ඒකට උඩින් කැමති වෙයි…… අම්මි ඔයාට මට වඩා ආදරෙයිනෙ….’
” අපි බලමු සමාධි… මොකද මට පත්වීම කොහෙ හම්බ වෙයිද දන්නෙ නැහැනෙ… දොස්තර කෙනෙක් වුනාම අපි මේ රටේ ඕන තැනක සේවය කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕනනෙ…”

” ආ ඔව් ඒකත් ඇත්ත තාරක….. එහෙනම් ඔයාට තියෙන්නෙ දුෂානිව බඳින්න….. එතකොට නිකන්ම ප්‍රයිවට් හොස්පිට්ල් එකක් ලැබෙයිනෙ…හි.හි.හි… ” සමාධි විහිලු කළාය.
” අනේ එයාගේ ප්‍රයිවට් හොස්පිට්ල් එක……….. මේ ඔයා දන්නවද සමාධි ?…… අපේ අක්කගෙ මාමණ්ඩි අපේ තාත්තට ලොකු බිස්නස් ඕර්ඩස් අල්ලලා දීල තියෙනව……. දැන් අපේ තාත්තට හරි සරු වගේ ඒ හින්දා…”
” අනේ ඉතින් ෂෝක්නෙ.. ඒක ඔයාගේ පවුලට ලොකු දියුණුවක් ක්නේ….”
” සමායි….. ඔයාට ඉතින් පේන්නෙ හැමදේම තියෙන හොඳ විතරනෙ….. හොඳ පැත්ත අපි අගේ කරන්න ඕන තමයි… ඒත් මෙතන බලන්න ඕන මේ ගොල්ලන්ගෙ යටි අරමුණ මොකද්ද කියල…. ඔය මිනිහා තාත්තට උදව් කරන්නෙ අපේ පවුලට තියෙන ආදරේ හින්ද නෙමෙයි……. එයාගෙ ප්ලෑන් එක එයාගෙ දූ ටික්ක මගේ ඇඟේ එල්ලන්න… මේ ඔක්කොම කරන්නෙ ඒ ටික කර ගන්න තමයි…..”
” හරි ළමයො… මට ඒක තේරෙනවා….. ඒත් මිනිස්සු එක්ක නිකන් ආරවුල් කර ගන්න හොඳ නැහැනෙ…… අපි එන විදියකට මුහුණ දෙමු……
” මගෙ සමාධි… සක්කරය එයාගෙ දුව මට දෙන්න හැදුවත් ඒක නිකන් එයාගෙ දවල් හීනයක් විතරයි…..අපි දෙන්න එක හිතක්… එක හදවතක් වෙලා ඉවරයි….. ඒ හින්ද අපි දෙන්නා වෙන් කරන එක මේ ලෝකෙ තියෙන කරන්න බැරි දේවල් වලින් එකක් තමයි..”
මෙසේ කියූ තාරක සමාධිගේ හිස අල්ලා ඇයට තොල් හාදුවක් දුන්නේය.

” මේ ළමයො.. මේක සුපර් මාකට් එක.. බීච් එක නෙමෙයි… එහා කාමරේ බොස් ඉන්නව….. සමාධි තොල් අහකට ගනිමින් කීවාය.
සමාධි සහ තාරකගේ ආදරය දෙදෙනාගේ සිත් තුලින් ඉවත් කළ නොහැකිය. කෙසේ වෙතත් ලෝකයේ ඇති අවිනිශ්චිත රුදුරු බලවේග වල බලපෑම කෙබඳු වේදැයි සිතා ගැනීම අපහසුය.
සඳුන්ගේ පියා වූ වෝල්ටර් ගෙන් ලද සහාය නිසා තාරකගේ පියාගේ ව්‍යාපාර කටයුතු වල ශීඝ්‍ර දියුණුවක් ඇති විය. මේ නිසා ඔහුගේ වෝල්ටර්ට ඇති ගරුත්වය සහ පක්ෂපාතීභාවය ඉතා ඉහල ගියේය. තාරකගේ මවද මේ නිසා වෝල්ටගේ පවුල ගැන මනා පැහැදීමකට පත් වූවාය. තම දෙමාපියන් තුල මේ මානසිකත්වය ඇති වී ඇති බව වටහාගත් නදීකා නිතරම දුෂානි ගැන තම මව සමග කතා කළාය. එපමණක් ද නොව ඇය දුෂානි සමග ඇගේ නිවසට නිතර පැමිණීමට පටන් ගත්තාය. නදීකාගේ උපදෙස් අනුව දුෂානි මේ ගමන් වලදී බොරු මවා පෑම් කල නිසා මවට දුෂානි ගැන ධනාත්මක ආකල්පයක් ඇති විය. ඇයට පමණක් නොව තාරකගේ පියාට පවා දුෂානි ගැන පැහැදීමක් ඇති විය.
නදීකා තම මව සමග කතා කල සෑම අවස්ථාවකදීම දුෂානිගේ වර්ණනාව කිරීමට අමතක කලේ නැත.
” අම්මේ බලන්න… දුෂානි නංගි කොව්වර මල්ලිට ආදරෙයිද?.. කොව්වර මල්ලි ගැන උනන්දු වෙනවද?… ඒත් බලන්නකො අපේ මල්ලිගෙ කිසිම සැළකිල්ලක් නැහැනෙ…අඩුම ගානෙ නංගි එක්ක කතා කරන්නෙත් ඕනවට එපාවට වගෙ…..
නදීකා නිතරම තම දුක් ගැනවිල්ල මව සමග පැවසුවාය. ” ම්… අනේ මන් දන්නෙ නෑ නදීකා… දන්නවනෙ මල්ලිගෙ හැටි …… හරිම මුරණ්ඩුයි නේ….”

” එහෙම කියල හරි යන්නෙ නැහැනෙ අම්මේ…. අද කාලේ තත්වයක් ඇතුව ජීවත් වෙන්න ඕන නම් ඒ වගේ පවුලක් එක්ක සම්බන්ධ වෙන්න ඕන… නැතුව හිඟන පවුල් එක්ක නෙමෙයි… මල්ලිට අපි මේක තේරුම් කරල දෙන්න ඕන…”
” මේකනෙ නදීකා ප්‍රන්නෙ.. මල්ලි සමාධිට පණ වගේ ආදරෙයි…. සමාධිත් ඒ වගේ…. අනික සමාධි ගෙන් කියන්න කිසිම වරදක් නෑ.. හොඳ ගුණ යහපත් කෙල්ල… ඉතින් ඒ දෙන්න වෙන් කරන එක ලේසි නැහැ…..”
” අනේ අම්මෙ මේ… ඔය ගුණ යහපත් කම් කන්නද ?… අද කාලේ ඔලුව උස්සල ජීවත් වෙන්න ඕන කරන්නෙ සල්ලි විතරයි… සල්ලිත් එක්ක බලයත් ගන්න පුලුවන්… ඒකට මල්ලි බඳින්න ඕන දුෂානි වගේ කෙල්ලෙක්… අනික දුෂානි කොච්චර ලස්සනද?… ඕන කොල්ලෙක් දෙපාරක් හැරිල බලනව දුෂානි නංගි දිහා……”
” ඔව් නදීකා…. ඔයා කියන එක මට තේරෙනවා… ඒත් කොහොමද ඕක මල්ලිට තේරුම් කරල දෙන්නෙ ?…..”
” අනික අම්මෙ… මල්ලි වගේ ඩොක්ටර් කෙනෙක් ගැලපෙන්නෙ දුෂානි නංගිට තමයි…….මොකද මල්ලි පාස් වුනාට පස්සෙ කොළඹ හොඳ ප්‍රයිවට් හොස්පිට්ල් එකක වැඩ කරාම අවුරුදු තුනකින් කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න පුලුවන්…. දැන් සඳුන්ගෙ තාත්තා එයාටම හොස්පිට්ල් එකක් හදල දෙනව කීවනෙ… එහෙම නැතුව ඔය ගම්වල ආණ්ඩුවේ හොස්පිට්ල් වල වැඩ කරල ඔච්චර ඉක්මනට කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න බෑ……”
” ආ . අනේ ඇත්ත ද නදීකා… මම ඕවා දන්නෙ නැහැනෙ…..”
විශේෂඥ වෛද්‍යවරයෙකු වීමට නම් පශ්චාත් වෛද්‍ය උපාධියක් සමග රෝගී ප්‍රතිකාර ගැන මනා පළපුරුද්දක් ලැබිය යුතුය. කිසිම කණිෂ්ඨ වෛද්‍යවරයෙකුට අවුරුදු තුනක් වැනි කෙටි කාලයකින් විශේෂඥ වෛද්‍යවරයෙකු විය නොහැකිය. උසස් පෙළ

විභාගයවත් නියමාකාරයට සමත් වී නැති නදීකාට වෛද්‍ය වෘත්තිය ගැන අංශු මාත්‍රයක අවබෝධයක් නොමැත. ඇය මෙවැනි හරයක් නැති බස් දොඩවන්නේ මේ දේවල් ගැන කිසි දැනුමක් නැති සිය මවගේ සිත දුෂානි වෙත නම්මා ගැනීමටය.
“ඒකනෙ අම්මෙ මම කියන්නෙ… අපි මල්ලිගෙ දියුණුව ගැන හිතන්න ඕනනෙ… ඒ හින්දා කොහොම හරි මල්ලිව දුෂානි නංගිට බන්දල දෙන්න ඕන… ආ..මේ… අම්ම දන්නවද ?…. දුෂානි නංගි දැම්මම ප්ලෑන් කරල ඉන්නෙ හනි මූන් එක ඇමෙරිකාවෙ ඩිස්නිලන්ඩ් වලට යන්න… ඔය සමාධිව බැන්දොත් අඩු ගානෙ නුවර එළියටවත් හනි මූන් යන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ…..”
” ෂේෂ්… ඇත්තද දුව……..හරි මම එහෙනම් මල්ලිට ටික ටික මේ ගැන කියන්නම්කො….”
” අන්න හරි අම්මෙ… එක පාරටම කියන්න එපා… ටික ටික ඔලුවට දාන්න…. නංගිගෙ වර්ණනාව හැමතිස්සෙම කරන්න…… ඔහොම නිතරම කියන කොට මල්ලි ටික ටික වෙනස් වෙයි…….”
නදීකා තම එකම සොහොයුරු තාරකට සැබවින්ම ආදරය කරනවාද? එසේ කරන්නේ නම් කිසිම විටක තම සතුට සහ වාසිය සඳහා ඔහුගේ සතුට නැති කිරීමට යත්න දරන්නේ නැත. නොඑසේ නම් ඇගේ අරමුණ වන්නේ ඇය සිටින සමාජයට තාරකද ඇද දමා ඉන් සෑහීමකට පත් වීමද? කෙතරම් මුදල් සහ අනිකුත් සැප සම්පත් තිබුනද නදීකාගේ අභ්‍යන්තරයේ ලොකු හිස් බවක් ඇත. ඇය උත්සාහ කරන්නේ තාරකද එම තත්ත්වයට ඇද දමා ඊර්ෂ්‍යා පරවශ ක්‍රියාවක් කිරීමටද?

සමාධි සහ තාරක අතර පවතින ආකාරයේ නොසැලෙන සෙනෙහසක් තමාට නොමැති නිසා ඇය එම ආදරයට ඊර්ෂ්‍යා කරන්නියක්ද?
එසේ නැතහොත් ඇය සැබැවින්ම තාරකගේ දියුණුව අවංකව ප්‍රාර්ථනා කරන්නියක්ද?

ඊලඟ කොටසින් හමුවෙමු

 


මේවත් කියෙව්වද?

නොසැලෙන​ සෙනෙහස – 04 කොටස (NEW)

අනුත්තරා සහ පසිඳුගේ ආදරය, සමාධි සහ තාරකගේ ආදරය මෙන්ම හද පතුලින්ම ජනිත වී පෝෂණය වූ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *