Friday , May 3 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

නොසැලෙන​ සෙනෙහස – 06 කොටස (NEW) – Wal Katha

නොසැලෙන​ සෙනෙහස – 06 කොටස (NEW)

සමාධි සුපිරි වෙළඳ සලේ තම රැකියාව ඉතා කැප වීමෙන් සහ උත්සාහවන්ත ලෙස ඉටු කල නිසා වෙළඳ සලේ ව්‍යාපාර කටයුතු වල දියුණුවක් දක්නට ලැබුනි. මේ නිසා ඇය තම ප්‍රධානියාගේ පැසසුමට ලක් වූවාය. ඉතා ප්‍රසන්න පෞරුෂත්වයක් ඇති සමාධි මේ පැසසුම් නිහතමානි ලෙස ඉවසුවා පමණක් නොව නිතරම වෙළඳ කටයුතු සහ පාරිභෝගික සේවය තවත් වැඩි දියුණු කිරීමට වෑයම් කළාය.
සුපිරි වෙළඳ සලෙන් ප්‍රදේශයේ ජනතාවට වඩාත් සේවයක් කිරීමේ අරමුණ ඇතිව සමාධි සැලස්මක් සම්පාදනය කොට තම අධීක්ෂණ නිලධාරියා සමග ඒ පිළිබඳව කතා කළාය.
“ සර්… අපේ සේල්ස් වැඩි කරන ගමන් මේ පැත්තේ ගම් වල මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් වැඩක් ගැන මම කල්පනා ໑….”
” ඒ මොකද්ද සමාධි ?….”
“ සර්…මේ පැත්තෙ ඇතුලෙ ගම් වල ඉන්න මිනිස්සුන්ට ඒ ගොල්ලන්ගේ වතු වල වවන එලවළු..පළතුරු වගේ දේවල් විකුණ ගන්න හරිම අමාරුයි… අනික ඒ ගොලො ගොඩක් අතර මැදියන්ගේ වංචා වලට අහුවෙනවා… ඉතින් මම හිතුවා මේ කට්ටියට ඉරිදා හරි සෙනසුරාද දවසක අපේ සුපමාකට් එක එළියේ පොඩි පොළක් වගේ දාන්න හදල දුන්නොත් හොඳයි කියලා..

එතකොට මිනිස්සු ඒ බඩු ගන්න ආවම ඒකෙන් අපේ සුපර් මාකට් එකේ සේල්ස් වල වැඩි වීමකුත් වෙන්න පුලුවන්….”
” ඔව් සමාධි.. ඔයා කියන එක මට තේරෙනව…. අපි ඔය වගේ දෙයක් කොළඹ අපේ සමහර අවුට්ලට් වල ඉස්සර කලා… ඒත් එව්වර සාර්ථක වුනේ නෑ… මිනිස්සු හිතනවා මේක නිකන් බොරු මවා පෑමක් කියල….”
” නෑ සර්.. එහෙම වෙන්නෙ නැති වෙන්න අපි මේක බොහොම සරල විදියට සාමාන්‍ය පොළක් වගේම කරමු.. අපිට එළියෙ ඉඩ තියෙනවනෙ… බඩු විකුණන අයට විශේෂ ඇඳුම් අන්දලා ෆැෂන් ෂෝ එකක් කරන්න ඕන නෑ….”
” හි.හි.හි.. ඔව් ඉතින් සමාධි… ඔයා කොහොමත් සිම්පල් ගල් කෙනෙක්නෙ…. කොහොමද?…” ඵතකොට මේ ගොල්ලන්ට ට්‍රාන්ස් ස්පෝට්
” ම්…… අපි බැරිද සර් මුල් කාලෙදි හරි ට්‍රාස්පෝට් දෙන්න?… මේක ඉතින් ඇඩ්වටයිසින් කරනව වගේනෙ.. ඒ බජට් එකෙන් ගන්න බැරිද?…”
” අම්මේ සමාධි… ඔයා නම් හැම පැත්තම හිතනව නේද?… මේ… ඔන්න නොකිව්වයි කියන්න එපා…. ඔයා කැම්පස් අවුට් වුන ගමන් අපිට ජොයින් වෙන්න ඕන හරිද ?…. එහෙනම් සමාධි… මම හෙඩ් ඔෆිස් එකට කියල අවසර ගන්න බලන්නම්… අන්තිම තීරණය ඒ ගොල්ලො අතේ තමයි….”
” ෂුවර් සර්… අපි කියල බලමු……”
සමාධිගේ මේ වැඩ පිළිවෙලට මූලස්ථානයෙන් තාවකාලික අනුමැතියක් ලැබුනි. මේ වැඩ සටහනින් වෙළඳ සලට සහ ප්‍රජාවට සැළකිය යුතු සේවයක් ඉටු වුවහොත් වැඩ සටහන ස්ථිර කරන බව දන්වා තිබුනි.

තාරක සහ ඇගේ මිතුරු කැල සමග සමාධි මේ සැලැස්ම ගැන සාකච්ඡා කළාය.
” ස්.. මට නම් පටන් ගත්තට ටිකක් බයයි අනේ… වැඩේ හරි ගියෙ නැත්නම් මොකද කරන්නෙ?….” සමාධි මදක් අවිනිශ්චිත භාවයකින් කීවාය.
” සමායි…. ඔයා හොඳ හිතින් කරන කිසිම දෙයක් වරදින්නේ නෑ…. ඒ හින්ද ඒ ගැන ඕනවට වැඩිය හිතන්න එපා…..” අනුත්තරා තුරුලු කරගෙන සිටි පසිඳු කීවේය.
” අම්මේ… මූට දැන් අනුත්තරාව තුරුලු කර ගන්නෙ නැතුවම ඉන්න බෑ නේද. හි.හි.හි…” උෂාන් පසිඳුට ඔව්ම් කළේය.
“අනේ නිකන් ඉඳපන්… උඹ ඉතින් ඩිලානිත් එක්ක කරපුව බැලුවම මේව මොනවද ?…… නේද ඩිලානි….. හි.හි.හි…” පසිඳු ප්‍රතිප්‍රහාරයක් දුන්නේය.
” ම්ම්.. ඔයා හරි නරකයි පසිඳු….” ඩිලානි ලැජ්ජාවෙන් කීවාය.
” ආ හරි හරි මේ… කට්ටියගෙ ලව් කතා පස්සෙ පුලුවන්….දැන් අපිත් සමාධිගෙ වැඩ පිළිවෙලට ෆුල් සපෝට් එක දෙන්න ඕන…” උෂාන් කීවේය.
” මේ…. අපි තාත්තට කියමු වැඩ වලට උදව් කරන්න මිනිස්සු ටිකක් දෙන්න කියලා…. තාත්තා ඉතින් සමාධිට නොකරන උදව්වක් නැහැ නේ…” ඩිලානි කීවාය.
” ආ ඔව්.. ඒක හොඳයි… මේ තාරක… උඹේ මස්සිනා පොඩ්ඩට කිව්ව නම් මාර හෙල්ප් එකක් ගන්න පුලුවන් වෙයි… ම්ම්.. ඊට වඩා හොඳයි එයාගෙ නංගිට කියපන්… කෙල්ල පැනල එයි.. හි.හි.හි..”. උෂාන් තාරක ඇවිස්සුවේය.

” අනේ මේ… උන්දැලගෙ හෙල්ප් මට ඕන නෑ… අරය ආවොත් එහෙම මෙතන එළියෙ ඉඳන්ම වල් කම් කරල මිනිස්සු අපිට ගල් ගහයි… වැඩක් ඇති දෙයක් ගැන කතා කරපන්……” තාරක නොමනාපයෙන් කීවේය.
” ම්ය…. උඹේ නෑනාට පොඩි ආසාවක් තියෙනව වගෙ නේද මවන්…ආ..” උෂාන් ඇසීය.
” අනේ පලයන් බන් යන්න… උඹට ඕන නම් උස්සගෙන පලයන්…..”
” මේ…. ඔය වැඩක් නැති කතා නවත්තන්න… මේ සමාධි… අපි මෙහෙම දෙයකුත් කරොත් නරකද ?……….අපි. එළියෙ ළමයින්ට පොඩි ෆන් දේවල් ටිකක් කරමු…. එතකොට මිනිස්සුත් ආසා වෙයි නෙ…” ඩිලානි යෝජනා කලාය.
” ම්ය.. අදහස නම් වරදක් නෑ ඩිලානි… ඒත් එහෙම දෙයක් කරොත් ඒක නිකන් ෂෝ එකක් වගෙ වෙනව නේද?…. එතකොට මිනිස්සු හැමදාම ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා… ඒ හින්ද අපි සිම්පල් විදියට කෙරුවොත් හොඳයි නේද?….” සමාධි කීවාය.
” ම්.. ඒකත් ඇත්ත සමාධි… කොහොම වුනත් අපි ප්‍රචාරයක් දෙන්න ඕන නේද වැඩේට?…’
” ඔව් ඩිලානි… ඒක නම් කරන්න ඕන…. සුපර් මාකට් එකේ ටීම් එකක් ගිහින් මිනිස්සුන්ට මේ ගැන කියල ඒ ගොල්ලන්ගෙ බඩු ගේන්න වැඩ පිළිවෙල කරාවී… අපි මේ වැඩේ ඇඩ්වටයිස් කරන්න ඕන… මම බොස්ට කිව්වා පත්තරෙයි.. රේඩියෝ එකයි පොඩි ඇඩ් එකක් දාන්න කියල…. ඒ එක්කම අපි ගෙවල් වලට ලීෆ්ලට්ස් බෙදමු…. ඒක අපි ටිකටයි… මර්වින් මා මගේ කට්ටියටයි කරන්න පුලුවන්… එහෙම හොඳද ඩිලානි ?…”
” ෂුර්ව ෂුර්ව සමාධි… තාත්ති ෆුල් සපෝට් එක දෙයි….”

” අම්මෝ… සමාධි දැන් නම් නියමෙට බිස්නස් එකට බැහැල වගේ… මෙහෙම ගියොත් ළඟදිම තාරකවත් විකුණනවා.. හි.හි.හි…” උෂාන් සිනාසෙමින් කීවේය.
” ම්මම්… මම කවදාවත් මගේ පැටියව විකුණන්නෙ නෑ…..” සමාධි තාරකට තුරුලු වී ඔහුට ආදර උණුසුම් හාදුවක් දුන්නාය.
නදීකා සහ සඳුන් ඔවුන්ගේ යුග දිවියේ මුල් කාලය ඉතාමත් සැහැල්ලුවෙන් හා කෙළි දෙලෙන් ගත කළෝය. සැප සම්පත් වලින් කිසි අඩුවක් නොමැති දෙදෙනාට බහුතර ජනතාවට මෙන් ජීවන බර දැනුනේ නැත. ක්‍රෙස්කැට් සංකීර්ණයේ ඇති සඳලු තල සුඛෝපභෝගී නිවස සඳුන්ගේ පියා විසින් නදීකා සහ සඳුන් වෙත සින්න කර පවරා දුන්නේය. මේ නිසා ඔවුන් දෙදෙනාම ක්ෂණයකින් කෝටිපතියන් බවට පත් විය.
දෙදෙනා තවමත් පරිගණක ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කොට නොමැත. සඳුන්ගේ පියා වූ වෝල්ටර්ගේ ඊළඟ ඉලක්කය පරිගණක ක්ෂේත්‍රයට පිවිසීම නිසා ඔහු සඳුන් මෙම පාඨමාලාවට යොමු කර විය. එහෙත් නදීකාට නම් මෙම පාඨමාලාවෙන් දැන් වැඩක් නොමැත. එයට හේතුව ඇය කොළඹට පැමිණි පරමාර්ථය දැන් මුදුන් පත් වී ඇති නිසාය.
ඇය මේ ගැන සඳුන් සමග පැවසුවාය.
” අනේ සඳුන්… මම දැන් මේ කෝස් එක නවත්තන්නම්… මට ඇති වෙලා තියෙන්නෙ අනේ… ඔයා විතරක් කරාම ඇතිනෙ…”
” ඒ මොකෝ නදී?… දැන් ඔයා පටන් ගත්ත එක ඉවරයක් කරල දාන්න….”
” අනේ මට හරි කම්මැලියි අනේ… මේ එසයින්මන්ට් අරව මේව කරන්නයි… පාඩම් කරන්නයි…කොහෙද ඉතින්… ඔයා මට

රෑට පාඩම් කරන්න දෙනවද?.. වෙන වෙන ඒවනේ මට කරන්න වෙන්නෙ. හි.හි.හි….”
” ආ හරි හරි … එහෙනම් ඔයා පාඩම් කරන්න.. අනිත් ඒව කරන්න මම වෙන කෙනෙක් හොයා ගන්නම්….”
” මේ.. දෙනව මම ඔයාට හොඳ පාරක්…ආස ඇති නේද?….” නදීකා සඳුන්ට තුරුලු වෙමින් කීවාය.
” මේ නදී… විහිලු නෙමෙයි කෙල්ලෙ… තාත්තට ඕන දැන්මම කම්පැණි එක පටන් ගන්න… තාත්ත ප්ලාස්කොම් එකෙනුත් විස්තර හොයාගෙන තියෙනවා…”
” මොකද්ද අනේ ස්..ස්ල…ප්ලාස්කොම් කියන්නෙ?….”
” ඒක ළමයො මේ ඉන්ඩස්ට්‍රි එක සම්බන් ධීකරණය කරන සංවිධානයක්… තාත්තට ඕන හෙල්ත් කෙයාර් පැත්තට යන්න… ඉස්සරහට ගොඩක් බිස්නස් තියෙනවලු ඒ පැත්තෙන්…’
” අනේ මේ සඳුන්… මට ඕව ඔච්චර තේරෙන්නෙ නෑ….. මම ඔයාට පුලුවන් සපෝට් එක ඔක්කොම දෙන්නම්….?”
” නදී.. එහෙම හරියන්නෙ නෑ… අපි දෙන්නම මේ කම්පැණි එකේ ඩිරෙක්ටර්ස්ලා වෙන්න ඕන.. ඉතින් අපිටත් I.T. දැනුම තියෙන්න ඕන…”
” ඉතින් අනේ අපි වැඩ කරන්න කට්ටිය ගන්නවනෙ… අපි කරන්න ඕන නැහැ නෙ…”
” ඒ වුනාට කට්ටිය හරියට සුපර්වයිස් කරේ නැත්නම් වැඩ කර ගන්න බෑ …… ඒ හින්ද අපිටත් දැනුමක් තියෙන්න ඕන… නැත්නම් නිකන් මෙලෝ දෙයක් දන්නෙ නැති දේශපාලකයො වගේ වෙයි අපිත්…”

” ඉතින් අනේ ඔයාට විතරක් දැනුම තිබුනම ඇතිනෙ….මම තාත්තිට කියනවා මට කෝස් එක කරන්න ඕන නෑ කියල….” නදීකා නහයෙන් අඬමින් කීවාය.
” ඔව් ඉතින්.. ඔයාට තාත්තගෙ සොෆ්ට් කෝනර් එකක් තියෙනවනේ… ඒ හින්ද ඔයාට මුකුත් කියන එකක් නෑ… මට තමයි බැණුම් අහන්න වෙන්නෙ….”
” මේ නිකන් පිස්සු කතා කියන්න එපා… තාත්තිගෙ කොහෙද මට සොෆ්ට් කෝනර් එකක්… තාත්ති මට ආදරෙයි.. එව්වරයි…… ඔයාට ජෙලස් නේද?.. හි.හි.හි…”
” වැඩේමයි ජෙලස් වෙන්න.. මේ….. ඔයා එහෙනම් ඕන එකක් කර ගන්න.. මට කමක් නෑ….”
කෙසේ හෝ නදීකා පාඨමාලාව අතර මග නවතා දැමුවාය. වෝල්ටර් මෙයට එතරම් කැමැත්තක් නොදැක්වූවත්, ඒ වෙනුවට ඔහු නදීකාට ව්‍යාපාර පුහුණුවක් ලබා දුන්නේය. මෙය අලුතින් පටන් ගන්නා සෞඛ්‍ය ආශ්‍රිත පරිගණක හා තොරතුරු දත්ත සේවා ව්‍යාපාරයට රුකුලක් විය.
” ඉතින් බලන්නකො සඳුන්… තාත්ති මට හොඳ බිස්නස් ට්‍රේනින් එකක් දෙනව දැන්…… ඒක කොච්චර අපේ අලුත් කම්පැණි එකට වැදගත් වෙනවද?… බලන්නකො….”
නදීකා සඳුන් සමග පැවසුවාය.
” ම්ම්.. හරි හරි.. අන්තිමේදි ඔයා කොහොම හරි දිනනව නේද?…. හොර කෙල්ල…….ම්මම්මා ආ ආ…..
නදීකා සමග සඳලු තලයේ සිට අවට සිරි නරඹමින් සිටි සඳුන් ඇගේ ගෙල සිප ගනිමින් කීය.

” මේ සඳුන්.. මේ බැල්කනියෙ බැහැ… පිස්සුද ?…”
” එහෙනම් යමු රූම් එකට…’
” මොකද්ද අනේ පොඩ්ඩක් ඉන්නකො… ඔයාට පැය විසි හතරම වැඩේ ඕන නෙ…’
” පැය විසි හතර කියන්නෙ මොකද්ද කෙල්ලෙ…. මම කැම්පස් ගිහිල්ල එන්නේ ඔයාට තුරුල් වෙන්න බලාගෙන නේ…”
” ඉතින් අනේ පොඩ්ඩක් තුරුල් වෙලා මෙහෙම ඉඳිමුකො.. බලන්න ඉර බහින කොට මුද කොච්චර ලස්සනද කියල…. ඔයාට ඉතින් වැඩේ කරන කන් සිහියක් නෑ…..නරක කොල්ලා…… රෑ නිදා ගන්න කොටයි.. මහ රෑ මැද්දෙයි… උදේ පාන්දරයි.. අම්මෝ…” නදීකා තොදොල් වෙමින් කීවාය.
” ඉතින් පැටියො.. ඔයා මගේ වයිෆ් නේ ඒ ඒ ඒ ඒ…”
“හරි ළමයො හරි.. මම ඉතින් ඔයාට බැහැයි කියල නෑනෙ කවදාවත්.. අපි අනිත් දේවලුත් එන්ජෝයි කරමුකො…. මම ඔයාට රස කෑමක් හැදුවා.. වොෂ් එකක් දාලා කාලා ඉඳිමු කොලු පැටියෝ…” නදීකා සඳුන්ගේ කම්මුල සිඹිමින් කීවාය.
” ම් .. හොඳයි එහෙනම් ඉස්සෙල්ල ඔයා උයපු රස කෑම කාලා… ඊට පස්සෙ ඔයාගේ අනිත් රස කෑම එක කන්නම්කො…. 3.3.8…”
” ඔයාට මම කිව්වයි කියල හිතා ගන්න…… අද බෑ ඒ රස කෑම එක කන්න… අද මාසෙ සර්විස් ඩේට් එක….”
“ අයියෝ ඕඕඕ ඕඕඕඕඕඕ…..”
” නෑ ළමයො නෑ….. පොඩි ජෝක් එකක් අනේ….”
” මේ නදී… මට කියන්න බැරි වුනා… අද අපේ අලුත් කම්පැණි එකේ ටෙක්නිකල් ඩිරෙක්ටර්ව පත් කරා…..’

‘ ආ ෂෝක්නෙ…. කවුද සඳුන් ඒ ……”
” එයාගෙ නම සුලාරි නිරංජලා….. සිංගපො’ වල ඉගෙන ගෙන එහේ අවුරුදු දෙකක් වැඩ කරලා තියෙනවා… හරිම ටැලන්ටඩ්… තාත්තා රෙෆරන්ස් ඔක්කොම චෙක් කරල බැලුවා… කිසිම වැරද්දක් නෑ…..”
“ම්ම්… හරි ෂෝක්… තාත්තයි පුතයි එකතු වෙලා ගෑණු ළමයෙක්ම අරගෙන තියෙනව නේද?… වෙක් කරේ මොනවද?.. කකුල් දෙක ද?.. නදීකා මුහුණ ඇඹුල් කරගෙන ඇසුවාය.
” පිස්සු කතා කියන්න එපා නදී… එතකොට ඔයා කියන්නෙ ඒ ළමයා පිරිමි කට්ටියට වඩා හොඳ වුනත් ගන්න එපා කියලද?… එයා වගේ ටැලන්ටඩ් කෙනෙක් හරි වැදගත් අලුතෙන් පටන් ගන්න කම්පැණි එකකට … අනික එයා මට වඩා අවුරුදු හතරක් වැඩිමල්.. එයා මැරීඩ්…..”
” අයියෝ… ඒකට මොකද කොල්ලො… පෙම්මල් වලට වැඩිමල් කියල ප්‍රශ්නයක් නැහැ නෙ.. හි.හි.හි…”
” නිකන් බහු බූත කියන්නෙ නැතුව ඉන්න නදී.. මෙන්න මෙහාට එන්න… පස්සෙ පුලුවන් වොෂ් එකක් දාලා ඔයාගේ රසට උයපු කෑම කන්න.. දැන් ප්‍රී වොෂ් සෙෂන් එකක් දාමු….”
මෙසේ කියූ සඳුන් නදීකා ඔසවා ගෙන නිදන කාමරයට ගියේය.
” අනේ මේ.. සඳූඌඌඌඌන්… බිමින් තියන්න මාව අඅඅඅ..
නෝටි කොල්ලා…..”
” බිමින් නෙමෙයි.. ඇඳ උඩින් තියන්නම්……හි.. හි.හි….”
නදීකා යහන මත තැබූ සඳුන්ගේ අත ඇගේ කොට කළිසමේ උඩ බොත්තම වෙත ගියේය.

” ස්සා.. එපා සඳුන්.. ඔහොම ඉන්න මම ගලවන්න… ඔයා දැන් මගේ පෑන්ටීස් කීයක් ඉරුවද?….
” අයියෝ.. එකට මම දහයක් අරන් දෙන්නම් පැටියෝ….. පෑන්ටීස් තියෙන්නේ ඉරන්න තමයීඊඊඊඊඊඊ….”
සඳුන්ගේ දෑත් සහ සිරුර ක්‍රියාත්මක වූයේ යන්ත්‍රයක් ලෙසින්ය.
” ආ..උ..ඌ.ස. සඳූඌඌඌඌඌඋන් දෙදෙනාගේ එක්වීම අධි සරාගී විය.
“໙໘….” කායික සම්භෝගයෙන් වෙහෙසට පත්ව සිටි නදීකා හෙමින් මිමිනුවාය.
“000…..”
” දැන් ඔයාට මේ එක පාරටම ඇවිස්සුනේ සුලාරිව මතක් වෙලා නේද?…..
” නිකන් පිස්සු විකාර කියවන්න එපා නදී….” යහනේ පැත්තකට හැරුන සඳුන් නදිකා තුරුලු කර ගත්තේය.
සුලාරි සම්බන්ධයෙන් නදීකා කියූ දේ හුදෙක් විහිළුවක් පමණක්ද? සාමාන්‍යයෙන් තම සැමියා වෙනත් ගැහැණියක සමග රාජකාරි මට්ටමෙන් හෝ කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වීම බිරිඳකට එතරම් රුස්සන දෙයක් නොවේ. කෙසේ වූවත් දෙදෙනා අතර අවබෝධයක් හා දැඩි ආදර බන්ධනයක් තිබේ නම් එය ගැටලුවක් වන්නේ නැත.
නදිකා සහ සඳුන් අතර මේ අවබෝධය සහ ආදර බැඳීම තිබේද? පිළිතුර කාලය විසින් ලබා දෙනු ඇත.

සමාධිගේ වැඩ පිළිවෙලට අනුව එක් ඉරිදා දිනයක උදය වරුවේ සුපිරි වෙළඳ සල එළිමහන් භූමියේ ගමේ ඉරිදා පොළ ‘ දොරට වැඩීම සිදු විය.
ප්‍රචාරක කටයුතු නියම ආකාරයට සිදු වූ නිසා සැළකිය යුතු පිරිසක් භුමිය වෙත පැමිණ සිටියහ. ග්‍රාමීය පෙදෙස් වල ගෙවතු වගාවන් වල යෙදෙන ගැමියන් සිය පවුලේ උදවියද කැටුව වෙළඳ පොලට පැමිණ සිටියහ. ඔවුන් ඉතාමත්ම උනන්දුවෙන් සහ එකිනෙකාට සහයෝගයෙන් තම එළවළු සහ පලතුරු වෙළඳාම සඳහා භුමිය සකස් කොට තිබිනි. සුපිරි වෙළඳ සලෙන් ඉතාමත්ම සහනදායී මිලට සිසිල් බීම කුටියක්ද විවෘත කොට තිබුනේය.
පිරිස සහ වෙළඳාමේ කටයුතු වල හසුරවීම සමාධි ඉතා කාර්යක්ෂම සහ කරුණාශීලි ලෙස සිදු කළේය. මේ නිසා පොළ ආරම්භ වී සවල්ප වේලාවකින් සියලු දෙනාම මනා කඩිසර භාවයකින් සහ උනන්දුවකින් වැඩ කටයුතු කරගෙන ගියෝය.
සමාධිගේ අධීක්ෂණ නිලාධාරියාට ඇතිවුයේ විශාල සතුටක් සහ ප්‍රබෝධයකි.
” ෂා සමාධි… මම නම් හිතුවෙ නෑ මේ වැඩේ මෙච්චර සාර්ථක වෙයි කියල… බලන්නකො.. ගොඩක් සෙනග ඇවිත් ඉන්නව පොළෙන් බඩු ගන්න.. ඒ හින්දා අපේ සුපර්මාකට් සේල්ස් හිටන් වැඩි වෙනවා…. ඒ එක්කම බලන්නකො බඩු විකුණන ගමේ කට්ටිය… පුදුම උනන්දුවක් තියෙන්නෙ… මූණු වල හරිම සන්තෝසයක් තියෙනව වගේ… You have a real talent Samadhi… and you are really valuable to us….’
“I appreciate your recognition Sir….. 3 ຊິດ ໑໒ ඕනම දෙයක් වරදින්නෙ නෑ… මම මේක කරේ මට ලාභ ප්‍රයෝජනයක් ගන්න නෙමෙයි… මේ මිනිස්සුන්ට ඒ ගොල්ලන්ගේ

බඩු සධාරණව විකුණ ගන්නත්… කස්ටර්මස්ලට හොඳ ඩීල් එකක් දෙන්නත් හිතාගෙන තමයි….”
” හැබැයි ඉතින් සමාධි… අතර මැදියො නම් වැඩේට එව්වර කැමති වෙන එකක් නෑ… උන් බලාගෙන ඉන්නෙ මේ අහිංසක මිනිස්සුන්ව හූරගෙන කන්න නෙ…”
” ඒකට අපිට කරන්න දෙයක් නෑනෙ සර්… අනික අපිට හැමෝම සන්තෝස කරන්න බෑ.. ඒ ගොල්ලන්ට වෙන ආදායම් මාර්ග ඇතිනෙ… ඒත් මේ අසරණ.. දුප්පත් මිනිස්සුන්ට වෙන විදියක් නැහැනෙ….”
” ඔව්.. ඒක හරි සමාධි….”
සමාධිගේ නවතම වැඩ සටහනට සහාය වීමට තාරක, උෂාන්, පසිඳු, අනුත්තරා සහ මධූෂා පැමිණ සිටියහ. බිළිඳිය රැගෙන ඒමට අපහසු හෙයින් ඩිලානි පැමිණියේ නැත. එහෙත් මර්වින් පැමිණ සිටියේය.
” අනේ සමාධි දු… ඔයාට නම් හොඳ හැකියාවක් තියෙනවා… මට හිතෙනව මගේ බිස්නස් ටික ඔයාට බාර දෙන්න. හි.හි.හි…” මර්වින් සමාධිට ආදරයෙන් කීවේය.
” ආපෝ මර්වින් මාමෙ.. මට එච්චර දේවල් කරන්න බෑ…’
” එහෙම කියන්න එපා දු… ඉස්සරහට ඔයා මීට වඩා ගොඩක් දේවල් කරනවා කියල මට විශ්වාසයි…. ඔයා ළඟින් ඉන්න එක උෂාන්ටත් ගොඩක් හොඳයි.. ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා…”
” මම පුලුවන් ඕන උදව්වක් කරන්නම් මාමේ….”
පොළෙන් බඩු මිල දී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් සමග සමාධි ඉතා කුලුපග ලෙස සාමීචියේ යෙදුනාය.

”ගුඩ් මෝනින් මැඩම්… මැඩම් කැමතිද මේ විදියට පොළක් තියන එකට?…..” සමාධි එක් ගෘහණියකගෙන් විමසුවාය.
” අනේ ඔව් මිස්… බලන්න. අපිට ඉතින් සාධාරණ ගාණකට අලුත් එළවළු.. පළතුරු ගන්න පුලුවන් නේ… අනික.. මෙතන කට්ටියත් එක්ක මෙහෙම ඉන්න කොට ලොකු සන්තෝසෙකුත් දැනෙනව නෙ.. ”
” අපිටත් ඕන ඒකම තමයි මැඩම්…. අපේ කස්ටර්මලා සන්තෝස නම් ඒක අපිටත් ලොකු තල්ලුවක්….”
” දැන් මිස් ද මේ වැඩේ පටන් ගත්තෙ?….”
‘මම තමයි මුලින්ම අදහස් දුන්නේ.. ඒත් මේක සාර්ථක කර ගන්න අපි ගොඩක් කට්ටිය මහන්සි වෙලා කැප වෙලා වැඩ කරා…. ඒ හින්ද තමයි වැඩේ මෙච්චර ලස්සන වුනේ….”
” හරි ෂෝක් මිස්.. අපි හැම සුමානෙම මෙතනට එනවා….”
” බොහොම ස්තුතියි මැඩම්… මහන්සි වුනාම ඇවිල්ලා ඩ්‍රින්ක් එකක් බොන්න. අද අපි අඩු ගාණට ඩ්‍රින්ක්ස් දෙනවා…..”
” හොඳයි මිස්…..”
සමාධි පමණක් නොව වෙළඳ සලේ අනිකුත් සේවකයන්ද, ඇගේ මිතුරු පිරිසද, පාරිභෝගිකයන් සහ වෙළඳ කට්ටිය සමග හිතවත් බවින් කතා කළෝය. සමහර ගැමි ළඳුන් වෙළඳාම සඳහා තම දරුවන්ද රැගෙන පැමිණ සිටියහ. ඔවුන් ඉතා දිළිඳු තත්ත්වයේ පසුවන පවුල් බව පෙනෙන්නට තිබුනි. මේ අහිංසක ළමා ළපටින් දුටු පසිඳුගේ හදවතට යම් වේදනාවක් දැනිනි.
ඔහු අනුත්තරා සමග මේ ගැන කතා කළේය.

” අනූ.. මේ දුප්පත් පොඩි ළමයි දැක්කම මට වාවන්නේ නෑ කෙල්ලෙ… බලන්න… මම ළමා නිවාසයක හැදුනේ අම්මයි තාත්තයි නැති හින්ද… ඒත් බලන්න මේ ළමයි.. අම්මලා ඉඳලත් කොච්චර අසරණද කියල……”
” අනේ ඔව් පසිඳු.. බලන්නකො අර පුංචි ගෑණු ළමයා.. අම්මට තුරුලු වෙලා ඉඳගෙන පාන් කෑල්ලක් කනවා…. දැක්කම දුක හිතෙනවා.. අපේ ඉන්න සමහර අයට රටේ මේ වගේ දුප්පත් අය ඉන්නවද කියල ගානක්වත් නෑ… අනේ පසිඳු…. ඔයා ගොඩක් සංවේදී කෙනෙක්.. ඔයාට මිනිස්සුන්ගෙ දුක තේරෙනවා….. අපි දෙන්නා කවද හරි මේ වගේ ළමයින්ට උදව් කරමු….. සුධීර සර් තරම් බැරි වුනත්.. අපිට පුලුවන් විදියට කරමු…… අනුත්තරා පසිඳුට තුරුලු වී කීවාය.
” ඔව් අනූ… අපි ඒක සුලුවෙන් හරි කොහොම හරි කරමු…. අපි දෙන්න එකතු වුනාම ඒක කරන්න අමාරු වෙන්නෙ නෑ….මේ අනූ.. මට හිතුන පුලුවන් විදියට දැම්මම පටන් ගන්න… අපි අද ඇවිල්ලා ඉන්න ගොඩක් සුදුසු කියල හිතෙන පවුලකට කතා කරලා පොඩියට හරි උදව්වක් කරන්න බලමු… මට හම්බ වෙන පඩියෙන් ඒක කරන්න පුලුවන්…..“
” මම ලෑස්තියි පසිඳු ඔයත් එක්ක එහෙම කරන්න…. මම නම් ජොබ් එකක් කරන්නෙ නෑ…. ඒත් මම ඔයාට පුලුවන් විදියට හෙල්ප් කරනවා.. මම විතරක් නෙමෙයි නංගිත් ඔයාට උදව් කරයි… එයා ඉතින් ඔයාටනේ ගොඩක්ම ආදරේ..හි.හි.හි…”
“ම්ම්.. ඔව් අනූ…..මාත් නංගිට ගොඩාක් ආදරෙයි…….ම කවදාවත් හිතුවෙ නෑ මට ඒ වගේ නංගියෙක් ලැබයි කියලා….”
” එයාගෙ ලෝකෙ දැන් ඉන්නෙ ඔයා විතරයි.. හි.හි.හි…”
” ආපෝ.. එයා කොල්ලෙක් හොයා ගත්ත දවසට ඒක නැති වෙයි…. එහෙනම් අනූ….අපි පවුලකට කතා කරල බලමු…..”

” ෂුවර් පසිඳු…. පොළ ඉවර වෙන්න ළං වුනාම එහෙම ໑໒໘…..”
එළිමහන් වෙළඳ පොළේ කටයුතු ඉතාමත් සාර්ථකව සිදුවිනි. වෙළඳ සහ පාරිභෝගික දෙපාර්ශයටම සැලකිය යුතු සේවයක් ඉන් සිදු විය.
දහවල් එකොළහට පමණ මෝටර් රථයක් වෙළඳ සල් භූමියට ඇතුලු විය. එහෙත්, වෙළඳ කටයුතු නිසා එහි ඉඩකඩ මදි වීම හේතුවෙන් රථයේ පැමිණි තැනැත්තා රථය ආපසු හරවා මහ පාරේ නැවැත්වීය.
” සමාධි.. ඔන්න අපේ මැනේජින් ඩිරෙක්ටර් කොළඹ ඉඳන්ම ආවා ඔයාගේ හපන් කම බලන්න….” සමාධිගේ අධීක්ෂණ නිලධාරියා සිනා සෙමින් පැවසීය.
“මො.. මො.මො..අ..මෙ. අ. අපේ ….මැ..මැනේජින්………ඩි.. ඩිරෙක්ටර්…. “ සමාධි ගොත ගැසුවාය.
” ඔව් සමාධි… මට කියල තිබුන එනවා කියල… ඒත් මම ඔයාට ස’ප්‍රයිස් එකක් දෙන්න කිව්වෙ නෑ…..”
“අනෙ..අනේ සර්…ම..මම… මම හරියට ඇඳලත් නෑ…“
” අයියෝ සමාධි… සර් එන්නෙ ෆැෂන් ෂෝ එකක් බලන්න නෙමෙයි… සර් එන්නෙ මේ වැඩේ බලන්න.. ඔයා ඇඳල ඉන්න ගවුම හොඳටම ඇති…..“
කළමනා කරණ අධ්‍යක්ෂක තුමා වාහනයෙන් බැස සමාධි සහ අධීක්ෂණ නිලධාරියා සිටිනා ස්ථානයට පැමිණියේය. සියලු දෙනාම ඔහුට ඇති ගෞරවය ප්‍රකාශ කිරීමට සිනහ මුසු මුහුණෙන් සිටියෝය.
” ම්ම්.. ඔයා ද සමාධි කියන්නෙ?….’ අධ්‍යක්ෂක තුමා ඇසීය.

” අ.. ඔ.. ඔ. අ.. ඔ.. ඔව්..ස්..සර්….” දුන්නාය. සමාධි යන්තම් පිළිතුරු
තාරක සහ සමාධිගේ මිතුරු කැලද ඔවුන් දෙස විමතියෙන් බලා සිටියහ.
” මේ මොකෝ සමාධි?.. නිකන් යකෙක් දැකල බය වෙලා වගේ…හි.හි.හි… මම ආවේ ඔයාගේ වැඩේ බලන්න මිසක්.. ඔයාව කන්න නෙමෙයි නෙ….”
ඔහු සමාධිගේ සලිත භාවය නැති කිරීමට උත්සාහ කළේය.
” අ…න්. නෑ සර්.. ම.. මම හිතුවෙ නෑ සර් එයි කියල…. ඉතින් මට එක පාරටම ෂොක් වුනා..” සමාධි තැන්පත් වෙමින් කීවාය.
” සමායි… වැඩේ නම් හරිම ලස්සනට යනවා වගේ.. මට දැක්ක ගමන් එහෙම හිතුනා.. අපි කොළඹත් මේ වගේ දෙයක් කරන්න හැදුවා… ඒත් එව්වර සක්ක්සෙස් එකක් වුනේ නෑ… ඒත් ඔයා මේ පටන් ගත්ත වැඩේ නම් හොඳට කෙරෙනව වගේ… ගොඩක් මිනිස්සුත් ඇවිත් ඉන්නවා…. ඉතින් මොකද්ද සමාධි ඔයාගෙ ඇගයීම මේ වැඩේ ගැන?…..”
“සර්… මම හිතන විදියට මේක මම හිතුවටත් වඩා හොඳට අද සිද්ධ වුනා.. ඒකට හේතුව කියල මම හිතන්නෙ අපේ සාමූහික කැපවීම.. හැම කෙනෙක්ම වැඩේට හිත යොමු කරල කණ්ඩායමක් විදියට වැඩ කරපු හින්ද තමයි අපේ වැඩේ ගොඩක් සාර්ථක
” ම්ම්.. සමාධි… ඔයා වැඩ වලට විතරක් නෙමෙයි… කතා කරන්නත් ගොඩක් දක්ෂයි වගේ නේද?.. හි.හි.හි… ඉන්නකො පොඩ්ඩක් මම වටේ ඇවිදල බලන්න….”
මෙසේ කියූ අධ්‍යක්ෂක තුමා බඩු විකුණන ස්ථාන වල කෙටි සංචාරයකට ගියේය.

තාරක උෂාන් පසිඳු සහ අනුත්තරා සමාධි ළඟට පැමිණියෝය.
” ස් තාරක.. මගේ කකුල් තාමත් වෙවුලනව වගේ අනේ… මම උඩ ගිහින් බිම වැටුනා සර්ව දැක්කම…..”
සමාධි තාරකගේ අත අල්ලාගෙන කීවාය.
” අයියෝ සමාධි.. ඔයා නිකන් බොරුවට බය වෙලානෙ…..” තාරක කීවේය.
” ඉතින් අනේ ලොකු සර් මෙහෙම එක පාරට ආවම බය නොවී ඉන්නෙ කවුද?…”
” කොහොම වුනත් සර්ට නම් මාර හැපී වගේ ඔයාගේ වැඩ වලට.. දැන් ඔයාට ලොකුඌඌ බෝනස් එකක් හම්බ වෙයි හි.හි.හි….¨ උෂාන් විහිළු කළේය.
” අනේ අනේ.. මට බෝනස් ඕන නෑ… සර් හැපී නම් එව්වරයි… එතකොට තමයි මටත් සන්තෝය.. “
” අර පේන්නෙ නැද්ද ?…… සර් බඩු විකුණන අය එක්කයි.. කස්ටර්මලා එක්කයි හොඳට කතා කරනවා….. මූණෙන් පේන විදියට හැමෝම සන්තෝසෙන් වගේ නේද?…” පසිඳු කීවේය.
” ඔව් ඔව්… ඒ වගේ තමයි… සමාධි.. මයි කග්‍රැජුලේෂන්ස්…’ අනුත්තරා සමාධිට හාදුවක් දෙන ගමන් කීවාය.
කටයුතු පිරික්සුමෙන් පසු අධ්‍යක්ෂක තුමා සමාධිට කතා කළේය.
” සමායි.. ඔයාගේ වැඩේ ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ.. සුපිරිම සුපිරි කියන්න පුලුවන්… මට හරිම සන්තෝසයි ඔයා වගේ තරුණ ළමයෙක් මේ වගේ දෙයක මූලිකත්වය අරගෙන කලා කිව්වම… ඔයාට හොඳ අනාගතයක් තියෙනව කියල මට පේනවා… ම්ම්.. මෙයාද. ම්ම්.. මෙයාද ඔයාගේ අනිත් බාගෙ?. හි හි.හි…”

අසල සිටි තාරක පෙන්වා අධ්‍යක්ෂක තුමා ඇසීය.
” ම්ම්.. ඔ.. ඔව් සර්…” සමාධි ලැජ්ජාවෙන් කීවාය.
“ම්ම්.. ඔයා නම් හරිම ලකී බෝයි කෙනෙක් සමාධි වගේ ගල් කෙනෙක් ලැබෙන්න…. මේ සමාධි… මට පොඩි අදහසක් ආවා… තව මාස දෙකකින් විතර අපේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රමෝෂන් එකක් තියෙනවා කොළඹ…. ඔයාට පුලුවන් ද ඒ කෙදි ඔයාගේ මේ වැඩ සටහන ගැන පොඩි ප්‍රසන්ටේෂන් එකක් කරන්න?.. අපි ඔක්කොම පහසුකම් වියදම් දෙන්නම්…. ඔයාට තියෙන්නේ කොළඹ ඇවිත් ප්‍රසන්ට් කරන්න විතරයි…..”
” හ. හරි සර්… පුලුවන් … මම කරන්නම්…”
කළ යුතු දේ ගැන සමාධිට හරි වැටහීමක් නොතිබුනත් ඇය වගකීම බාර ගත්තාය.
” වෙරි ගුඩ් සමාධි… මම පස්සෙ විස්තර කියල එවන්නම්… ບໍ່ທ໖ ໑໖ ໑໑… Best wishes for your work Samadhi…”
“Thank you very much Sir….” ຜ໑໖ ໑໒ ໑໖. අධ්‍යක්ෂක තුමා පිටත්ව ගිය පසු සමාධි මහත් ආතතියකට පත් වූවාය.
” අනේ තාරක… මම කටට ආවට පුලුවන් කිව්වට මට බයයි අනේ මේ වැඩේ කරන්න…. අම්මෝ… ඔක්කොම එනව ඇත්තෙ ලොකු බිස්නස් කාරයෝ… මම කොහොමද ඒ ගොල්ලො ඉස්සරහට ගිහින් කතා කරන්නෙ?….
” සමාධි… ඔයා කතා කරන්නෙ ඔයාගේ වැඩ සටහන ගැන නෙ.. ඉතින් ඔයා දන්න දේවල් කියන්න… කවුරු හිටියත් කමක් නෑ … ඔයා බය නැතුව කතා කරන්න…..’
තාරක ඇයව දිරිමත් කළේය.

” සුසුසුසු… ඒ වුනාට අනේ ඕක දැන් ඉංග්‍රීසියෙන් කරන්න වෙන්නෙ.. ඒ මදිවට පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් දාන්නත් වෙයි.. අනෙ අම්මෝ… මම ඔය ඔක්කොම කරන්නෙ කොහොමද?….”
” සමාධි…. ඔයාට ඉංග්ලිෂ් අපිට වඩා පුලුවන්නේ…. අනික ඔයා ඉංග්‍රීසි භාෂාව උගන්නන්න යන්නෙ නැහැනෙ… ඉතින් ඒකට බය වෙන්න එපා… පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක අපි කොහොම හරි කර ගනිමු….. සමාධි…… ඔයාට පුලුවන් කෙල්ලෙ…. ඔයාගේ උනන්දුවයි… උත්සාහ යයි එක්ක කරන්න බැරි දෙයක් නෑ…..” තාරක ඇගේ කර වටා අත දමාගෙන කීවේය.
” ඔව් සමාධි..අපි ඔක්කොම ඔයාට උදව් කරන්නම්.. අපි සේරම එකතු වෙලා මේ වැඩෙත් ලස්සනට කරමු……” උෂාන් තම සහයෝගය දැක්වීය.
මෙම කර්තව්‍යය සමාධිට වැදගත් වෘත්තීමය අත් දැකීමක් වනු නොඅනුමානය.
එදා ඉරිදා පොළ අවසානයේ පසිඳු සහ අනුත්තරා එක් ගැමි පවුලක් සමග කතා කළෝය. ඔවුන් ඉතාමත් දිළිඳු තත්ත්වයක සිටින පවුලක් බව දෙදෙනාට වැටහුන නිසා පසුව ඔවුන් හමු වීමට නිවසට පැමිණෙන බව කීවෝය.
මේ අනුව එක් සෙනසුරාදා දිනක පසිඳු සහ අනුත්තරා මේ පවුල වාසය කරන නිවසට ගියෝය. නිවසට ළඟා වීමට මහා මාර්ගයේ සිට කිලෝමීටරයක් පමණ අඩි පාරක් ඔස්සේ පයින් යා යුතු විය.
” ඉතින් බලන්න පසිඳු … මේ මිනිස්සු බඩු උස්සගෙන මේ අඩි පාරෙන් එන්න ඕනනෙ බස් එකකට නගින්න හරි… කොච්චර

අමාරුවෙන්ද මේ මිනිස්සු ජීවත් වෙන්නෙ නේද ?…’ අනුත්තරා පසිඳුගේ අත අල්ලාගෙන ඇසුවාය.
” අනේ ඒක තමයි අනූ… බලන්න… මම ඉස්සර හිතුව මේ ලෝකෙ දුකෙන්ම ඉන්නෙ මම කියල.. දැන් බලපුවම මිනිස්සුන්ට මොන තරම් ප්‍රශ්න.. අමාරු කම් තියෙනවද?….’
මෙම පවුල වාසය කරන නිවස පිහිටා තිබුනේ කුඩා කඳු බෑවුමකය. ගේ දොරකඩට පිවිසීම එතරම් පහසු කාර්යයක් නොවීය. නිවස ඉතා කුඩා හතරැස් ගොඩනැගිල්ලක් විය. බිත්ති ගඩොලින් බැඳ තිබුනද කපරාරුවක් නොවීය. වහලට සෙවිලි කළ තිබූ ටකරං සෑහෙන ප්‍රමාණයක් මල බැඳී දිරාපත් වී තිබුනි. නිවසේ ප්‍රධාන දොරටුව හරි හැටි වැසීමට පවා නොහැකි තත්ත්වයකට අබලන් වී ඇත. එහෙත් එය එතරම් ගැටලුවක් නොවේ. මෙවන් දිළිඳු භාවයෙන් පීඩිත පවුලක් වෙසෙන නිවසකට සොර සතුරන්ගේ පැමිණීමක් සිදු විය නොහැකිය.
අනුත්තරා සහ පසිඳු නිවසට පැමිණෙන විට වයස අවුරුදු තුනත් දහයත් අතර ළමුන් සිව් දෙනෙකු මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ. වයසින් වැඩිම ගැහැණු දරුවා පෙර දිනයේ මව සමග පොළට පැමිණි ළමයා විය. පසිඳු සහ අනුත්තරා දුටු ළමුන් වහා නිවස තුලට දිව ගියෝය. මද වෙලාවකින් ඔවුන්ගේ මව නිවසින් පිටතට පැමිණියාය.
” අනේ… මේ එදා හිටිය බේබි නෝනයි.. බේබි මහත්තයයි නේද.. මම නම් පොඩ්ඩක්වත් හිතුවේ නෑ මෙහෙම අපේ දිහා එයි කියල…අනේ නෝනා තරහ වෙන්න එපා…. ඉඳගන්න කියන්න හරි පුටුවක්වත් අපේ ගෙදර නෑ …” ඇය දුක්මුසු ලීලාවෙන් කීවාය.
“අයියෝ ඒකට කමක් නැහැ අම්මෙ.. අපි මෙහෙම එළියෙ වාඩි වෙලා කතා කරමු……මෙතන හරි සනීප හුළඟකුත් තියෙනව

මෙසේ පැවසූ අනුත්තරා, පසිඳු සමග අසල තිබූ කුඩා කණ්ඩියක් උඩ වාඩි වූවාය.
” අනේ බේබි නෝනා… මට හරිම දුකයි වාඩි වෙන්න හරි තැනක් නැති එකට ……”
” ඒකට කමක් නෑ අම්මෙ… ඉතින් අම්මේ.. මේ ඉන්න ගෙදර කාගෙද?…” අනුත්තරා ඇසුවාය.
” මේක අයිති පස් කොන්ත්‍රාත් කරන මුදලාලි කෙනෙක්ට… මම සුමානෙකට දවස් තුනක් එයාගේ වත්තක වැඩ කරනවා….. ඒකට හිලව් වෙන්න අපිට මේ ගෙදර ඉන්න දුන්නා…”
” ම්…. එතකොට ඒ වැඩ වලට පඩියක් දෙන්නෙ නැද්ද?….”
” නෑ නෝනා… ඒව ගෙවල් කුලියට කියල තියා ගන්නවා……”
” ඉතින් ආදායමක් එන්නෙ කොහොමද ?…..” පසිඳු ඇසීය.
¨ ගෙදර එක්කෙනා සමාගම් කඩේ මුර වඩියක් කරනවා… ඒත් හැමදාම නැහැ…. අපි මේ ගේ පිටිපස්සෙ පොඩි ඉඩම් කෑල්ලෙ එළවළු ටිකක් වවනවා.. ඒක පුලුවන් විදියට විකුණ ගන්නවා.. ඒව තමයි අපේ ආදයම බේබි මහත්තයො.. ඒත් අපිට ජීවත් වෙන්න ඒක
“….”
පසිඳුගේ දෑසින් කඳුළු වැටීම ඔහු නවත්වා ගත්තේ මහත් ආයාසයකිනි.
” මේ ළඟකදි ඉඳන් අපේ ගෙදර එක්කෙනාට තුනටියෙ අමාරුවක් හැදිල වැඩිය වැඩ කරන්න බැහැ බේබි නෝනා…. ඒ හින්ද මුර වැඩෙන් එව්වර ආදායමක් නෑ.. ඉතින් අපි කොහොම හරි මේ එළවළු ටික විකුණල කීයක් හරි හොයා ගන්නවා… ඒත් අතරමැදියො අපිව හූරගෙන කනව නෝනා.. උන් කිසි

තෙතමනයක් නැති ඒ වුන්.. ඒත් දුප්පත් අපි මොනව කරන්නද. උන් ඉල්ලන ගාණට දෙනව ඇරෙන්න.. ඒ මදිවට ගෙදරක ඇහැට කණට පේන ගෑණු ළමයෙක් හිටියොත් උන්ට වල් කමට දෙන්නත් ඕන… අපි හරිම අසරණයි නෝනා……”
” ම්ම්.. ඔව් අපිට තේරෙනව අම්මේ… රටේ හරි ක්‍රමයක්.. හරි නීතියක් නැති එකෙන් තමයි මෙහෙම වෙන්නෙ…” අනුත්තරා ඇඬුම්බර මුහුණෙන් කීවාය.
“අනේ නෝනා.. ඒ අතින් අර සුපර් මාර්කට් එකේ නෝනා කරන වැඩේ නම් හරිම උදව්වක්.. ඒකෙන් අපිට අපේ එළවළු වලට සාධාරණ ගාණක් හරි හොයා ගන්න පුලුවන්….”
‘ ඒ නෝනා තමයි මගේ හොඳම යාලුවා… අපිත් පුලුවන් හැම උදව්වක්ම කරනවා අම්මෙ….”
” අනේ ඇත්තද බේබි නෝනා.. අනේ ඒ නෝනට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන….” ඇය අහස දෙසට දෙනෙත් යොමා කීවාය.
” අම්මෙ.. මේ ළමයි ඉස්කෝලෙ යනවද?…..” පසිඳු ඇසුවේය.
” දෙන්නෙක් යනව බේබි මහත්තයා අනිත් දෙන්න තවම පොඩියි…. ඒත් අනේ අපිට කර ගන්න අමාරුයි මහත්තයා.. ආණ්ඩුවෙන් පොතුයි, ඇඳුම් රෙදියි දුන්නට තව කොච්චර දේවල් ඕනද ඉස්කෝලෙ යවන්න… සපත්තු කුට්ටමක්. පොඩි පොත් බෑග් එකක්වත් ගන්න අපිට හරි වත්කමක් නෑ මහත්තයා….’
මවගේ දෑසින් කඳුලු බේරෙන්නට විය. දරු සෙනෙහස නිසා වැගිරෙන මේ උණු කඳුලු දුටු පසිඳුටද ඇඬුම නවත්වා ගත නොහැකි විය. දෙමව්පියන් නොමැතිව ළමා නිවාසයේ හැදුනද සුධීර මහතාගේ පරිත්‍යාගශිලිත්වය නිසා ඔහුට මෙවැනි අමාරු කම් දැනුනේ නැත. අනුත්තරා ඔහුගේ කර වටා අත දමා ඔහු වත්තන් කර ගත්තාය.

” ස්. අ. ඉහ්…අම්මෙ.. අපි ලොකු ළමයට පුලුවන් විදියට ඉගෙන ගන්න උදව් කරන්නම්… අනිත් දවසෙ පොළට ආවම අපි ළමයට පොත් බෑග් එකකුයි.. සපත්තු දෙකකුයි අරගෙන දෙන්නම්… ඊට පස්සෙ වුනත් අපි ඒ විදියට පුලුවන් හැම උදව්වක්ම කරන්නම්. අපි සල්ලි තියෙන පෝසත් මිනිස්සු නෙමෙයි.. ඒත් මට හම්බ වෙන පඩියෙන් මට පුලුවන් දේ මමයි අනුත්තරායි කරනවා…..’
යන්තම් කඳුලු නවත්වා ගත් පසිඳු කීවේය.
” අනේ .. බේබි මහත්ත යයි නෝනයි බුදුන් දැක නිවන් දකින්න ඕන මේ කරන සත්කාරෙට…..”
මෙසේ කියූ මව දෑත් එක්කොට පසිඳු සහ අනුත්තරාට වැඳීමට සැරසුනාය. අනුත්තරා වහා නැගිට එය නැවැත්වූවාය.
” මෙ පිස්සුද අම්මෙ… අපි මේ කරන්නෙ පොඩි දෙයක්… අපි ඔක්කොම මිනිස්සු.. ඉතින් අපි පුලුවන් විදියට අනිත් අයට උදව් කරන එක තමයි මිනිස් කම….”
” අනේ .. මේ රටේ හැමෝම බේබි නෝනයි මහත්ත යයි වගේ හිතනව නම් අපි කොච්චර වාසනාවන්තද?…”
අනුත්තරා සහ පසිඳු ඒ නිවසෙන් පිට වූයේ විශාල සතුටක් සිතේ ඇතිවය.
” අනූ.. මට දැන් සුධීර සර්ගෙ වටිනාකම දහ ගුණයකින් වැඩි වෙලා පේනවා… බලන්න.. සර් හින්ද මම මොකක් හරි දෙයක් කර ගන්න පුලුවන් තැනකට ආවා… දැන් මටත් පොඩියට හරි දෙයක් කරන්න පුලුවන්… ඉතින් බලන්න. සුධීර සර්ගෙ ඒ සේවය දැන් පැතිරෙන විදිය…. සුදාරකත් මෙහෙම කරයි කියල මම දන්නවා….”
අඩි පාර ඔස්සේ මහා මාර්ගයට ගමන් කරන විට දී පසිඳු කීවේය.

” අනේ ඔව් පසිඳු… මටත් ඔය දේම හිතුනා… මේ පසිඳු……මම ඔයාට දෙයක් කියන්නද ?….’
” මොකද්ද අනූ …. කියන්න…….”
” ඔයා කිව්වා නේද මට පෙන්ඩන්ට් එකක් අරන් දෙනවා කියල….”
” ඔව් අනූ… ඇයි ඒක ගැන කිවෙ?….’
” පසිඳු … මට ඒ පෙන්ඩන්ට් එක ඕන නෑ… අපි ඒ සල්ලිත් මේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න පාවිච්චි කරමු……
“මගේ අනූ කෙල්ලේ ඒ ඒ ඒ ඒ ඒ…..”
ප්‍රීති උද්වේගයෙන් සහ අනුත්තරාට ඇති ආදරයෙන් ප්‍රමෝදයට පත් පසිඳු අඩි පාරේ නැවතී ඇය තදින් තුරුලු කර ගත්තේය. කිසිවකු අවට නොසිටි නිසා පසිඳු ඇගේ සුමුදු තොල් ආදරයෙන් සිප ගත්තේ ඇයට ඇති අසීමිත ආදරයෙන් උත්තේජනයට පත් වෙමින්ය. දෙදෙනා රිසිසේ ආදර තොල් චුම්බනයේ රසය වින්දනය කළෝය.
” ප්. පසිඳු .. කවුරුත් දැක්කෙ නැතුව ඇති නේද ?….”
” නෑ ළමයො.. මේ හරියෙ මිනිස්සු නැහැ ……”
” පසිඳු… මට ඔයා නැතුව බෑ…..” අනුත්තරා පසිඳුගේ තොල් ඇඟිල්ලෙන් පිරි මදිමින් කීවාය.
” මටත් එහෙමයි මැණික… ඔයා තමයි මගේ ජීවිතය….”
පසිඳු ඇගේ නිකට සෙමින් අත් ගෑවේය.
” පසිඳු.. මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි… අපි පුලුවන් විදියට දුප්පත් මිනිස්සුන්ට උදව් කරමු.. වැඩියෙන්ම ළමයින්ට ඉගෙන ගන්න…….”

” ඔව් අනූ… ඔයා මාත් එක්ක ඉන්න එක මට ලොකු හයියක්…..”
පරාර්ථකාමීත්වය සහ පරිත්‍යාගශිලිත්වය පසිඳුගේ සිතේ ඇතිවූයේ ඔහු මිනිස් කම් දන්නා තරුණයකු වූ නිසාය. ඔහුගේ ජීවිත සහකාරිය වූ අනුත්තරාගේ ආදරබර සහයෝගය ඔහුට මනා පිටිවහලකි. මෙවැනි ගුණදම් සිතෙහි ඇති වීමට ධනය සහ බලය අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ සමාජය දෙස උපේක්ෂාවෙන් බැලීමය. එය සංසාරගත පුරුද්දක් ද විය හැකිය.
සඳුන්ගේ පියා විසින් ඔහුගේ සමූහ ව්‍යාපාර වල නවතම ව්‍යාපාරය වන සෞඛ්‍ය ආශ්‍රිත පරිගණක හා තොරතුරු දත්ත සේවා සමාගම ‘Sadeeka Medware Solutions’ යනුවෙන් ලියාපදිංචි කළේය.
”ම්ම්.. දැක්කනෙ.. තාත්තා ඔයාගෙ නම තමයි දැම්මෙ අපේ අලුත් කම්පැණි එකට.. අම්මෝ තියෙන ලව් එක විතරක් ඔයාට… හි.හි. හි…” සඳුන් නදීකාට විහිළු කළේය.
” ම්ම්.. තාත්ති මට ලව් තමයි.. මොකෝ ජෙල ද ?… මම ඔයා වගේ පිස්සු කෙළින්නෙ නැහැනෙ… ඒකයි මට ආදරේ… ඒත් ඉතින් ‘සදීකා’ කියල දාල තියෙන්නෙ ඔයාගේ නමේ මුල අකුර එක්ක නෙ.. ඉතින් අපි දෙන්නගෙම නම් තියෙනවනෙ……
” හරි හරි නදී… නම මොක වුනත් හරියට වැඩ කරන්න ඕන
…….. ….. දැන් ළඟදිම අපේ ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න හින්ද අපි යමුද පොඩි බිස්නස් ට්‍රිප් එකක් සුලාරියි…. එයාගෙ හස්බන්ඩ් එක්කයි ?…. අපි ඉක්මනට ස්ටාෆ් අරගන්නත් ඕන…”
” ම්ම්.. හරි සඳුන් යමු… මම තාම ඔයාගේ සුලාරිව දැකල නැහැනෙ.. හි හි.හි…”

” මොකද මගේ සුලාරි කියන්නෙ ?.. ආ.. එයාට හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා…”
” හරි හරි… අපි ගියාම බලා ගනිමුකෝඕඕ…”
සුලාරි නිරංජලා පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ මනා දැනුමක් සහ පළපුරුද්දක් ඇති පරිගණක ඉංජිනේරුවරියකි. දැනට විසිනම වියේ පසුවන සුලාරි සිංගප්පූරුවේ බහු ජාතික සමාගමක සේවය කොට පළපුරුද්ද ලබා ඇත. ධනවත් දෙමව්පියන්ගේ කණිටු දියණිය වන සුලාරි තිස් අට හැවිරිදි ප්‍රදීප් හා විවාහ වූයේ දෙමාපියන්ගේ මංගල යෝජනාවකට අනුවය. ප්‍රදීප් පොහොසත් පවුලක වැඩිමහල් පුත්‍රයාය.
රාජකාරියේදී සුලාරි සංයමයකින් යුතු ආධිපත්‍යයක් ඇති බව ඇය සම්මුඛ පරීක්ෂණයේදී පෙන්නුම් කළාය. මේ නිසා සඳුන්ගේ පියා ඇය තාක්ෂණික අධ්‍යක්ෂකවරිය ලෙස කිසිදු පැකිලීමක් නොමැතිව පත් කළේය.
” දැනුම සහ ලාවණ්‍යය එකට නොයයි’ යන කියමන සුලාරිට අදාල නොවේ. ඇය උගත් කමින් මෙන්ම රූපශ්‍රියෙන්ද කැපී පෙනුනාය. අඩි පහමාරක් පමණ උසැති, මනා පෞරුෂත්වයකින් යුතු සුලාරිගේ දර්ශනයෙන් විස්මයට පත් නොවන පිරිමියෙකු වේනම් ඒ කලාතුරකිනි.
කෙසේ වෙතත් සුලාරි මනා සබැඳියාවකින් යුතු තරුණියක බව නදීකාට ඔවුන්ගේ පළමු හමු වීමෙන්ම පසක් විය.
ඔවුන්ගේ පළමු හමු වීම සිදු වුයේ කළින් කතිකා කරගත් පරිදි අහුන්ගල්ලේ හෙරිටන්ස් හෝටලයට රාජකාරි විනෝද ගමනක් යාමට සූදානම් වූ විටදීය.
” නදීකා…. ඔයා සඳුන්ගේ වයිෆ් නේද?… අඳුන ගන්න ලැබුනට සන්තෝසයි…..”

සුලාරි එදා උදෑසන හමුවීමේදි නදිකාට උණුසුම් හාදුවක් දෙමින් පැවසුවාය.
” ඔයත් මීට් වුන එකට සන්තෝසයි සුලාරි
නදිකා ප්‍රති ආචාර පැවැත් වූවාය.
රූප ලාවණ්‍යය අතින් නදිකා සහ සුලාරි බොහෝ දුරට එක සමාන විය. මේ නිසා දෙදෙනා තුලම දෙදෙනා කෙරෙහි යම් ආකාරයක ඊර්ෂ්‍යාවක් ඇති විය. කෙසේ වෙතත් සුලාරි නදීකාට වඩා දැනුමෙන් ඉහල තත්ත්වයක සිටින්නීය.
සිව් දෙනා අහුන්ගල්ල බලා ගමන් කලේ සඳුන්ගේ මෝටර් රථයෙනි. නදීකා සහ සුලාරි පසු පස අසුනේ ගමන් කළෝය. පැය දෙකක් පමණ වූ ඒ ගමනේදී දෙදෙනා මහත් සේ කුලුපග විය.
” නදීකා… ඔයා ඩවුන් සවුත් නේද?……” සුලාරි ඇසුවාය.
” ඔව් සුලාරි… ඔයා කොයි පැත්තෙද?……”
” අපි ඉතින් ගොඩක් කල් කොළඹ තමයි… ඒත් ඉතින් ඉස්සර කොහොමද දන්නෙ නෑ. හි.හි.හි…… මම නම් ස්ටඩී කරේ සිංගපෝ වල… ඩිග්‍රී එකට පස්සෙ මම ලංකාවට ඇවිල්ලා මැරී කරල ආපහු ගියා….. ඔයගොල්ලො මැරී කරල ගොඩක් කල්ද ?…..”
” එව්වර නෑ සුලාරි.. දැන් මාස හයක් විතර…..”
“ම්ම්… එහෙනම් තවම හනිමුන් නේද?…. ජොලියෙ ඉන්නව ඇති දෙන්නත් එක්ක….නේ…”
” ම්මේ ඔව් සුලාරි… ඔය දෙන්නත් ඉතින් එහෙම ඇතිනෙ……. කටහඬ අඩු කල නදීකා ඇසුවාය.
” අපි ඉතින් මැරී කරල දැන් ගොඩක් කල් නෙ….”
” ඒ වුනාට තවම ඉතින් තරුණ කපල් එකනෙ……. නේද?…..”

සුලාරි නදිකාගේ අත් අල්ලා යන්තම් සිනා සුනාය.
හෙරිටන්ස් හෝටලයේ ඔවුන් කාමර දෙකක් වෙන් කොට තිබිනි. තරු පහේ හෝටලයක් වූ හෙරිටන්ස් හෝටලය එදා විදේශීය සංචාරකයින්ගෙන් පිරී තිබුනි. පිහිණුම් තටාකය ඉතාමත්ම කලබල කාරි තත්ත්වයක් පෙන්නුම් කළේය.
” මේ.. පුල් එක හරිම බිසී වගේ… අපි වේන්ජ් එකක් දාලා බිව් එකට යමු….” සඳුන් යෝජනා කළේය.
” ඔව්.. ඒක හොඳයි….. ඔය ගොල්ලො මොකද කියන්නේ?….” නදීකා සහ සුලාරිගෙන් ප්‍රදීප් ඇසීය.
” ඔව් ප්‍රදීප්.. අපි බීච් එකට යමු…… එහෙම හොඳයි නේද ຫວ?….”
” හොඳයි සුලාරි.. දැට්ස් ගුඩ්….” නදීකා කීවාය.
” මේ.. එහෙනම් ඔය දෙන්න වෙන්ජ් කරල එන්න…… නදිකා… ඔයා බිකිනි එකනෙ අඳින්නෙ?…” සුලාරි ඇසුවාය.
” ඔව් සුලාරි… අපි ඩ්‍රින්ක්ස් ටිකත් අරගෙනම එන්නම්…..”
සිරුර තුන් කාලකටත් වඩා නිරාවරණය වූ නදිකා සහ සුලාරිගේ නාන ඇඳුම දෙදෙනාගේ සරාගී බව තවත් මතු කර පෙන්වීය. මුහුදු වෙරලේ සිටි දේශීය සහ විදේශීය පිරිමින් බොහෝ දෙනෙකුගේ බැල්ම නදීකා සහ සුලාරි වෙත එල්ල විය. දෙදෙනාම පුරුදුකාරියන් නිසා ඔවුන් මේ කාම පරවශ බැලුම් ගැන තැකීමක් කලේ නැත.
නදිකා සහ සුලාරි බොහෝ වේලාවක් දිය කෙළියේ යෙදුනෝය. මද වෙලාවක් මුහුදේ පිහිනමින් ස්නානය කල සඳුන් සහ ප්‍රදීප් වෙරළට පැමිණ බීර බෝතල් තොල ගාන්නට වූවෝය.

” ප්‍රදීප් … සිංගපෝ වලට වඩා ඔය ගොල්ලන්ට මෙහේ හොඳද ?……” සඳුන් ඇසීය.
” එහෙම කියන්නම බෑ සඳුන්.. මෙහේ වැඩ කරන්න ගියාම පිස්සු හැදෙනවනෙ…කොටින්ම පාරක වාහනයක් එළවන්න පුලුවන්ද ?… ඒත් ඉතින් සුලාරිට ලංකාවට එන්න ඕන කරල තිබුනා…. ඒ හින්ද තමයි ආවේ….
” සුලාරි අපේ කම්පැණි එකට හරි ඉම්පෝටන්ට්……. එයාගේ ටැලන්ට්ස් වලින් අපිට ගොඩක් ඉස්සරහට යන්න පුලුවන්….”
”සුලාරිගෙ හැටි එහෙම තමයි…. එයා හරිම හෙඩ් ස්ට්‍රෝන්ග්… නිතරම එයාගේ අයිඩියාස් වල හැටියට කොහොම හරි වැඩ කරනවා… හැබැයි ඉතින් වැඩේ හරියටම කරලම තමයි පස්ස බලන්නෙ….”
” ඔව් ප්‍රදීප් … මට ඒක තේරිලා තමයි තියෙන්නේ ………. කොහොමටත් අපි එයාට ටෙක්නිකල් සයිඩ් එක සම්පුර්ණයෙන්ම බාර දෙනවා….’
” මට හොඳටම ෂුවර් සුලාරි ඔයගොල්ලො හැපී වෙන විදියට වැඩ කරයි කියල…..”
” මේ…… ඒක නෙමෙයි… බීච් එකේ ඉන්න හැම එකාම මේ දෙන්න දිහානෙ බලන්නේ…. සුද්දො තමයි ඔක්කොමටම වඩා හපන්… පේන්නේ නැද්ද අර නාකි සුද්දා ……මේ දෙන්නා දිහාවෙන් ඇස් අහකට ගන්නෙ නෑ….”
” ම්… ඕවා ඔහොම තමයි සඳුන්… අනික මේ සුද්දො ගොඩ දෙනෙක් මෙහාට එන්නෙ අපේ කෙල්ලො එක්ක වල් කමටනෙ… අර පේන්නෙ නැද්ද ?… එක සුද්දෙක් අපේ කෙල්ලෙක් එක්ක ස්විම් කරනවා…. මම හිතන්නෙ කෙල්ලට දහ අටක් යන්තම් ඇති මම හිතන්නෙ…”

විදේශීය සංචාරකයින්ගේ පමණක් නොව හෝටලයට පැමිණ සිටි දේශීය සංචාරකයින්ගේ බැල්මටද නදීකා සහ සුලාරි ලක් විය.
” මේ.. බලපන්කො අර කඳන් දෙක….අම්මෝ… දැක්කම පිස්සු හැදෙනව බන්.. උන්ගෙ කොල්ලොත් එක්ක ඇවිත් තියෙන්නේ.. නැත්නම් අද උස්සන එක උස්සනව දෙන්නම…… බලපන්කො ගල් දෙකයි.. ගෙඩි දෙකයි… බාගයක්ම එළියෙ.. පිස්සු ඩබල් බන්…” වැල්ලේ සිටි එක සංචාරක තරුණයෙක් තම මිතුරාට පැවසීය.
” අනේ නිකන් ඉඳපන් බන්… ඔය ෆයිව් ස්ටාර් බඩු වලට අපිට කිට්ටු කරන්න බෑ … අපිට කොයින්ද බන් බූල් බල්ලෝ… වරෙන් තව දෙකක් දාල ගිහින් වැල්ලෙ ගෑණියෙක් සෙට් කර ගන්න.. මුන්ව දැක්කම අපි නිකන් ඇවිස්සෙනවා….“ මිතුරා පැවසීය.
මුහුදේ දිය කෙළියෙන් පසු සුලාරි සහ නදීකා පැමිණ තම සැමියන්ට එකතු විය.
” මේ… බීච් එකේ ඔක්කොම ඔය දෙන්න දිහා තමයි බලන්නෙ. හි.හි. හි …” සඳුන් කීය.
” ඉතින් බලා ගන්න කියනව ඕන තරම්.. අපිට මොකෝ?… නේද නදිකා….” මෙසේ කියූ සුලාරි බීර බෝතලයක් ගෙන වැල්ලෙ දිගා විය.
” මේ සුලාරි… ටවල් එකක් උඩින් දා ගන්න.. ඔහොම ඉන්න එපා….” ප්‍රදීප් පැවසීය.
” මොකෝ?.. කාට බයේද?.. මෙන්න මෙහෙ එන්න නදිකා… අපි සන් ටෑන් පාරක් දාමු……
සියලුම අර්ථ දැක්වීම් වලට අනුව සුලාරි සහ නදීකා ඇඳ සිටි ‘බිකිනි ‘ නාන ඇඳුමෙන් වැසී තිබුනේ සිරුරේ සීයට පහකටත් අඩු ප්‍රමාණයකි. ඔවුන් දෙදෙනා මුදු වෙරලේ සිටි පිරිමින් අනුරාගී

උද්දීපනයකට පත් කිරීමට සමත් විය. එහෙත් දෙදෙනාම ඒ ගැන තැකීමක් නොකොට වැල්ලේ දිගාවී බීර වලින් සප්පායම් විය.
” බුෆේ’ ක්‍රමයට සකසා තිබූ ප්‍රණීත දහවල් ආහාරය බුක්ති විඳීමෙන් පසු සිව් දෙනා විවේක සුවයෙන් පසු වීමට තම කාමර වලට ගියෝය. කාමරයට පැමිණ සුලු වේලාවකින් සඳුන් නදිකාව තදින් ආලිංගනය කොට ගත්තේය.
” ස්.. අනෙ සඳුන් දැන් මෙතන බෑ අනේ.. සුලාරිල එහා රූම් එකේ… සද්දෙත් ඇහෙයි…… ඔයාට නම් විසේ බහින්නෙම නෑනෙ අනේ…..”
” නදී… ෆයිව් ස්ටාර් හොටෙල් එකකට ඇවිල්ල මේව කරේ නැත්නම් .. බත් කඩේකට ගිහින් බත් කෑවෙ නෑ වගේ තියේවී….”
සඳුන් මෙසේ කියමින් නදීකාගේ තොල් තදින් සිපගත් අතර ඇගේ කොට කළිසම ගැලවීමට තැත් කළේය.
“ඊඊඊඊඊඊ සඳූඌඌඌඌඌඌඌන්. ඒක වහන්න…………” කර්ටන් එක ඇරල….
” ඉතින් මොකෝ?…..” සඳුන් ගණනකට නොගෙන පැවසීය. ” ඔයාට විකාරද?………
සඳුන්ගේ ග්‍රහණයෙන් මිදුනු නදිකා ජනෙල් තිරය ආවරණය කලාය. මොහොතකින් ඇය නැවතත් සඳුන්ගේ දැඩි ග්‍රහණයට අසු විය.
සඳුන්ගේ පෙළඹවීම ඉතා බලවත් විය. නදීකාගේ කොට කළිසම නතර වූයේ සිවිලමට මදක් පහතින් ඇති වායු සමන ඒකකය උඩය.

“ම්ම්.. සඳුන්… මට ඇඳෙන් නැගිට ගන්න බෑ අනේ….. ඔයාට නම් තියෙන්නෙ මොන වගේ විසයක් ද මම දන්නෙ නෑ….” නදීකා හති දමමින් කීවාය.
” මොකද්ද ළමයො මේක විසයක් කියල කියන්නේ ?… මේව නෝමල් දේවල්නේ…..ම්ම්.. හරියට ඔයාට විසේ නෑ වගේ න්නේ කතා කරන්නෙ. හි හි.හි… “ සඳුන් තුවායක් දවටා ගනිමින් කීය.
” මේ… මටත් ටවල් එකක් දෙන්න…. ඒ වුනාට මට ඔයාට වගේ නැහැනෙ ළමයෝ…. කර්ටන් එක අස්සෙන් කවුරු හරි දැක්කද දන්නෙත් නෑ…. අනෙ සඳුන්… මට නම් හොඳටම ෂුවර් මගේ සද්දෙ සුලාරිලට ඇහුනා කියල… ලැජ්ජාවෙ පණ යනව
” මොකද්ද නදී ලැජ්ජාව?….. ඔයා මගේ වයිෆ්ලු… හස්බන්ඩ්ල වයිෆ්ල මේව කරන්නෙ නැද්ද?… අයියෝඕඕඕ….”
” කරනවයි කියල ලෝකෙටම ඇහෙන්න කරන්න ඕනද?….”
” ඉතින් මම ද ලෝකෙට ඇහෙන්න කෑ ගැහුවෙ?.. ඔයානෙ.. 3.6.8..”
“කවුද දන්නෙ නෑ මාව කෑ ගැස්සුවෙ.. දෙනව මම ඔයාට හොඳ පාරක්… නරක ළමයා…”
නදීකා සඳුන්ගේ හිස අත ගාමින් පැත්තකට හැරී කකුලක් සඳුන්ගේ ඇඟ උඩින් දැමුවාය. ඇය ඇඳ සිටි තුවාය ගැලවී බිමට වැටුනි. ඇගේ උන්මාදනීය සිරුර සඳුන් නැවතත් දැඩි පෙළඹවීමකට පත් කළේය.
” ආයිත් පාරක් කෑ ගස්සන්නද?…ම්ම්..”
සඳුන් ඇය තදින් තුරුලු කර ගනිමින් ඇසීය.

” සඳුන් මේ පිස්සුද ?… දැන් කරල මිනිත්තු පහක් වත් ගියේ නෑ.. අද රෑටත් ඉතුරු කර ගන්නකෝඕඕ අනේ … ඔයාට නම් තියෙන්නෙ පුදුම ගායක් තමයි….
“….”
” මගේ ගායට දෙන්න ඕන කසාය තියෙන්නෙ ඔයා ළඟ විතරයි කෙල්ලෙ….”
නදිකාගේ හිස තදින් අල්ලා ගත් සඳුන් අනුරාගී දෙනෙත්
වලින් ඇය දෙස බලමින් කීය.
“ම්… මම ළඟ විතරමද පැටියො….”
” ඔව් මැණික ඔව්ව්………”
” වෙන කවුරුත්ම ළඟ නැහැ නෙ?….”
” නෑ කෙල්ලෙ නෑ…..”
“໙໘…..”
” මට ගොඩාක් ආදරෙයි නේද…….??
” ඔව් මගෙ නදී… මේ මුලු ලෝකෙටම වැඩිය……”
සඳුන් ගේ ගෙල වටා අත් යැවූ නදිකා ඔහු තදින් සිර කොට ගත්තේය.
දෙදෙනාගේ මේ සම්භෝගයද පළමු වර මෙන් අධි අනුරාගී වීය.

” අ. අනෙස්. සඳුන්. ආයිත් නම් බෑ හොඳේ…. අම්මෝ… මම හිතුව මම පිපුරුනා කියල….”
සඳුන්ගේ කම්මුලට කම්මුල තබාගත් නදීකා සෙමින් කීවාය.
” අයියෝ නදී… තවම පටන් ගත්ත විතරනෙ..හි.හි.හි……”
” පිස්සා…… බහින්න මගේ ඇඟ උඩින්…..”
ආදර තල්ලුවකින් සඳුන් පසෙකට දැමූ නදීකා යහන මත වාඩි වූවාය.
” ඔයා ඔහොම ඇඳේ වාඩි වෙලා ඉන්න කොට හරි ලස්සනයි….” සඳුන් නදිකාගේ පිට අත ගාමින් කීවේය.
” මේ… දැන් ඇති හුරතලේ…. නරි පැටියා.. හි.හි.හි….”
” එහෙනම් ඔයා තමයි කිකිළි පැටික්කි…..’
” පිස්සා… ඉක්මනට වොෂ් එකක් දලා ඇඳුමක් ඇඳගෙන සුලාරිලට කතා කරමු.. මට නම් මූණ බලන්නත් ලැජ්ජයි….. ස්සා… බලන්න ඔයාට තිබුන තදියම……මගේ ෂෝට්ස් ඒ සී යුනිට් එක උඩ… බ්‍රා එකයි පෑන්ටියයි කොහේ විසි කරාද මන්දා…. දඟයා……”
” එහෙනම් ඒව නැතුව යන්න….. හි.හි.හි…”
” අනේ මේ… හපන් කම් කරල තව පණ්ඩිත කතා කියන්නත් එනව… එන්න වොෂ් එකක් දා ගන්න.. බලන්න… මගේ ඇඟේ ගන්න දෙයක් නෑ…..”
මෙසේ කියූ නදීකා නාන කාමරයට ගියාය. ඇගේ උන්මාදනීය නග්න සිරුර සඳුන්ට නයන රසාංජනයක් විය.

සුලාරිගේ මුහුණේ තිබූ දඟකාර බැල්මෙන් ඇයට සියලු දෙයම ඇසී ඇති බව නදිකාට වැටහිනි. මේ නිසා ඇය මද ලැජ්ජාවකට පත් විය.
නදීකා පත්ව ඇති ලැජ්ජා සහගත තත්ත්වය සඳුන්ට වැටහිනි. මේ නිසා ඔහු ඒ තත්ත්වය සමනය කිරීමට ක්‍රමෝපායක් කල්පනා කළේය.
” මේ ප්‍රදීප්.. අපි දෙන්න පොඩ්ඩක් ඇවිදින්න යමු.. මේ දෙන්නට කතා කර කර ඉන්න කියල..” සඳුන් යෝජනා කළේය.
” ආ.. ඒක හොඳයි…. අපි යමු…..” ප්‍රදීප් එකඟ විය.
පිරිමින් දෙදෙනා පිටත්ව ගිය පසු නදීකා සුලාරි සමග තම කාමරයට ගියාය. නදියට වචන සොයා ගැනීමට අපහසු විය.
” ඇයි නදීකා අප්සට් එකක්ද ?…” සුලාරි නදිකාගේ අත අල්ලාගෙන ඇසීය.
” අ..න්.. නෑ එහෙම මුකුත් නෑ සුලාරි….”
” ම්ම් ළමයො… මට හිතා ගන්න පුලුවන්… හි හි.හි.. මට ඇහුනා ඔයාගේ සද්දෙ…. ගණන් ගන්න එපා අනේ… තරුණ කපල් එකක් වුනාම ඕව නැතුව පුලුවන්ද.. නේද?….” සුලාරි ඇසක් කුඩා කොට දඟකාර ලෙස කීවාය.
” ස්සා.. අනේ සුලාරි… ගොඩක් හයියෙන් ඇහුනද?… බලන්න මම මේ සඳුන්ට කිව්ව … කොහෙද… ඉවසිල්ලක් නැහැනෙ එයාට…”
” මේ කාමරවල බිත්ති එව්වර ගනකම නැතුව ඇති.. අනික ඉතින් ඔයා කෑ ගහපු විදියට කොන්ක්‍රීට් කාමරයක හිටියත් එළියට ඇහෙයි…………….”
” අයියෝ.. ලැජ්ජාවෙ බෑ අනේ.. අනිත් ගෙස්ට්ලටත් ඇහෙන්න ඇති…..’

” අයියෝ ගණන් ගන්න එපා… ඒ ගොල්ලො කවුරුත් ඔයාලව දන්නෙ නැහැනෙ…… ඔය විදියට එන්ජෝයි කරන්න ඔයා නම් හරිම ලකී නදීකා…..” සුලාරිගේ කටහඬේ යම් දුක්මුසු බවක් තිබුනි.
” අ. ඇ.. ඇයි.. ඔය දෙන්න. මේ.. මේ… වැඩිය නැද්ද?…..” නදීකා වික්ෂිප්ත වී ඇසුවාය.
” හ්ර්… නැහැ නදීකා… ඔය දෙන්න නම් ඉතින් ඩේලි එන්ජෝයි කරනව ඇති නේද?… මේ… සඳුන් ගොඩක් ඇක්ටිව්ද ?…
“න්.. නෑ…. එහෙම අමුතු විශේෂයක් නෑ සුලාරි…..”
සඳුන්ගේ අධි අනුරාගී බව සුලාරි සමග පැවසීමට නදීකා අකැමැති වූවාය. තම රහස් ජීවිතය ගැන සුලාරි දැන ගැනීමෙන් පසු කලක ප්‍රශ්න ඇති විය හැකි බව නදිකාට වැටහිනි.
” ම්.. අපි ඉතින් නෝමල් විදියටවත් නෑ නදීකා… ප්‍රදීෂ්ට එව්වර ඕන කමක් නෑ…. මම තමයි නිතරම වැඩේ පටන් ගන්න ඕන… එයා කියන්නෙ ළමයි හදන්න විතරක් ඕව තිබුනම ඇති කියල….”
” මොන පිස්සුද සුලාරි?… එහෙම නම් ඉතින් උපත් පාලන ඕන නැහැනෙ… කපල් එකක් වුනාම සෙක්ස් එන්ජෝයි කරන්නෙ ළමයි හදන්න විතරක් නෙමෙයි… ඒ කෙන් කොච්චර ලොකු බොන්ඩ් එකක් … ආදරයක් ඇති වෙනවද… තියෙන ආදරේ තව කොච්චර වැඩි වෙනවද………අනික ඔය දෙන්න තවම තරුණයි නෙ……”
” ම්ම්.. ඔව් නදීකා.. ඒත් ඉතින් ප්‍රදීප්ට ඕවා තේරෙන්නෙ
” ඉතින් ඔය දෙන්න මේ ගැන ඩිස්කස් කරේ නැද්ද ?……”
” එහෙම කතා කරන්න පටන් ගත්තම එයා කතාව වෙනස් කරනවා… මට වෙලාවකට හිතෙනව නදිකා… ප්‍රදීප් මට ආදරේ

නැද්ද කියල… අපි දෙන්න බැන්දෙ ප්‍රපෝසල් එකකින්… අපි දෙන්නට අඳුර ගන්න කාලයක් තිබුනෙ නෑ… මම ඩිග්‍රි එක ඉවර වෙලා ලංකාවට ඇවිල්ලා ටික කාලයකින් මැරී කලා…..”
” ඉතින් ඔය දෙන්න ළමයෙක් හදන්න හිතුවෙ නැද්ද?……”
” ඉස්සෙල්ල මට ඕන මගේ කැරිය’ එකේ උඩට එන්න… මට ඒක ඉක්මනටම කරන්න පුලුවන්… ඊට පස්සෙ තමයි මම ළමයි ගැන හිතන්නෙ… මට තවම විසි නමයයි… මට ළමයි හදන්න තව කල් තියෙනවා… නිකන් ළමයි බෝ කරාට වැඩක් නෑ.. ඒ පැටවුන්ට හොඳ අනාගතයක් දෙන්න අපිට පුලුවන් වෙන්න ඕන…. අපේ ෆැමිලිස් වලට සල්ලි තියෙනව තමයි.. ඒත් සල්ලි වලින් විතරක් ළමයින්ට හොඳ අනාගතයක් දෙන්න බෑ… සුලාරි ස්ථිර ८८ අධිෂ්ඨානයෙන් කීවාය.
” හ්මි.. ඔව් සුලාරි.. ඔයා කියන එකත් හරි තමයි….”
සුලාරිගේ අධිෂ්ඨාන ශක්තිය සහ වෘත්තීමය ජවය ගැන නදීකා මද සැලීමකට පත් වූවාය. මෙවැනි ජවයකින් යුතු තරුණියන්ගේ කාම රාගය සාමාන්‍යයෙන් ඉහල මට්ටමක පවතින බව නදිකා අසා ඇත. ප්‍රදීප්ගේ නෂ්ට කාමය නිසා සුලාරි ලිංගික ඉච්ඡාභංගත්වයකට පත්ව ඇති බව නදීකාට වැටහිනි. ඇයට ඉදිරියේදි සඳුන් සමග එකට වැඩ කිරීමට සිදුවනු ඇත. සඳුන්ගේ අධි කාම රාගය නදීකා හොඳ හැටි දන්නා දෙයකි. මේ වාතාවරණය යටතේ සුලාරි සඳුන් වෙත ආකර්ෂණය වේයැයි අනියත බියක් නදීකාට ඇති විය. නදීකා ව්‍යාකූල තත්වයකට පත් විය.
සහේතුකව ඇති වූවත් අහේතුකව ඇති වුවත් මාත්සර්යයේ ප්‍රතිඵල භයානක විය හැකිය.

ආයෝජක ප්‍රවර්ධන වැඩ මුලුව ළඟා වෙත්ම සමාධිගේ ආතතියද වැඩි විය.
” අනේ තාරක.. මට නම් පිස්සු වගේ අනේ.. මම ගිහිල්ල මොනව ප්‍රසන්ට් කරන්නද මන් දන්නෙ නෑ… ඒ මදිවට ගොඩක් බිස්නස් කට්ටිය එනව කියල ලොකු සර් මට කෝල් කරල කිව්වා.. අම්මෝ මට නම් බයේ බෑ අනේ….”
මුහුදු වෙරළේ ගල් බැම්ම මත වාඩි වී සිටි සමාධි තාරකගේ ළය මත හිස තබාගෙන කීවාය. ක්ෂිතිජයෙන් හිරු බැස යන ඒ සුන්දර සන්ධ්‍යා සමයේ තාරක සහ සමාධි තම ආදර ලෝකයේ රස විඳිමින් මෙසේ එකිනෙකාට තුරුලු වී සිටියහ.
” අයියෝ සමාධි.. ඔයාට ඕක කරන්න පුලුවන් කෙල්ලෙ.. ඔයා කරල තියෙන්නෙ මේ වගේ දේවල්ද ?… ඔයාට තියෙන හයිය ඇති ඕන කෙනෙක් ඉස්සරහට ගිහින් කතා කරන්න… දැන් ඔයා සාමාන්‍යයෙන් වැඩේට ලෑස්තිනෙ නේද?….”
තාරක ඇගේ හිස අත ගාමින් ඇසීය.
‘” කියන්න ඕන දේවල් නම් මම දන්නව තාරක…. මම
ඉන්ටනෙට් එකෙනුත් ගොඩක් විස්තර හොයා ගත්තා…අපේ පොළ
දවසේ ගත්ත ෆෝටෝස් එහෙමත් තියෙනව නෙ.. ඉතින් ඒ දේවල්
ඔක්කොම හරි… මට හිතා ගන්න බැරි අනේ මේ ප්‍රසෙන්ටේෂන් එක
කොහොම කරන්නද… කොහොම හදා ගන්නද කියල…. ඒක හරියට
තිබුනෙ නැත්නම් මාර සවුත්තුව වෙන්නෙ… අපි කොහොම හරි
අපේ ගමේ නම තියන්න ඕන…..
” සමාධියෝඕඕඕ… මම කියන්නම්… මේ.. අපි හිමේ ෂිට කියමුකෝ අනේ… හිමේ ෂිට කම්පියුටර් ග්‍රැෆික්ස් හොඳට පුලුවන් නෙ… අනික එයා දැන් කෝස් එකකුත් කරනවනෙ… හිමේෂි වැඩේ ලස්සනට කරල දෙයි..” තාරක අදහසක් පැවසීය.

“ආආආ… හරි…………මම හිමේ ෂිට කියන්නම්.. එයා කරල දෙයි… ම්ම්.. තාරක… ඔයාගේ ෂෝක් අදහස… මට ඔයා නැතුව බෑ තාරක….”
සමාධි ආදරය උතුරන දෑසින් තාරක දෙස බැලීය. තාරක ඇගේ ආදරයෙන් පොපියන තොල් උණුසුම් ලෙස සිප ගත්තේය.
” ම් තාරක…. ඔයාගෙ කිස් එක මට ලොකු පණක් දෙනව පැටියො…..” තොල් චුම්බනයෙන් ප්‍රමෝදයට පත් සමාධි කීවාය.
” ම්ම්… තවම ඉතින් කිස් එකෙන් විතරනෙ පණ දෙන්න පුලුවන් වුනේ කෙල්ලෙ… අනිත් ක්‍රම වලින් තවම මුකුත් බැරි වුනානේ නේද?… හි.. හි. හි…” තාරක ඇගේ නිකටින් අල්ලා පැවසීය.
“මේ… යනව යන්න අහකට… ගල් ඉබ්බා… ඒවයින් පණ දෙන්න තව කල් තියෙනව හරිද…….කවද ඉඳන්ද ඔයාගෙ නෑනා නැංවීගෙ ලෙඩේ බෝ වෙන්න ගත්තේ?…හි.හි.හි…” සමාධි සුරතල් වෙමින් ඇසුවාය.
“ආපෝ…. එයාගේ ලෙඩ මට බෝ වුනා නම් මෙලහට ඔයාගෙ මේ බඩ ලොකු වෙලා.. හි හි.. හි…” තාරක සමාධිගේ යටි බඩ අත ගාමීන් කීය.
” මේ.. අත ගන්න අහකට… දැන්නම් දඟම දඟ ළමයෙක් වෙලා ඔයා….. හොර කොල්ලා…..”. සමාධි තාරකගේ කණ මිරිකුවාය.
“මේ කෙල්ලෙ… ඔය අනම් මනම් නෙමෙයි…. අපි මේ වැඩේ ඉක්මනට කරන්න ඕන… එහෙනම් ඔයා ගිහින් හිමේෂිව මීට් වෙන්නකො…”
” ෂුවර් තාරක. අපි එහෙම කරමු….”
හිමේෂි සමාධිට උදව් කිරීමට එක පයින්ම කැමති වුනාය.

” අනේ සමාධි… ඔයාට උදව්වක් කරන්න හම්බ වෙන එකත් කොච්චර ලොකු දෙයක්ද ?…. ” හිමේෂි කර්තව්‍යය සතුටින් බාර ගෙන කීවාය.
” අනේ හිමේෂි… ඔයාට කෝස් එකේ වැඩත් එක්ක ?….”
” අයියෝ සමාධි..මේක මට අමාරු දෙයක් නෙමෙයි……මම ඔයාට ලස්සනට හදල දෙන්නම් පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක… බලන අය කැරකිලා යන්න..හි.හි.හි…”
“අනේ තෑන්ක් යූ සෝ මව් හිමේෂි… ඔයාට මම ඕන කරන දේවල් ඔක්කොම දෙන්නම්….”
” සමාධි… ඒක සුලු දෙයක් අනේ….. ඔයා මට කරපු හෙල්ප් එකේ හැටියට මුලු ජීවිත කාලයම ඔයාට උදව් කරත් මදි… මේ සමාධි… අපි ගිහිල්ල විඩියෝ ෆුටේජ් එකක් ගනිමු මේ බඩු විකුණන කට්ටියගෙ ගෙවල් වල.. ඒ එක්කම අපි ඒ අයව පොඩ්ඩක් ඉන්ටවිව් කරල ඒකත් දාමු… මම ළඟ විඩියෝ කැම රාස් තියෙනව… එතකොට තවත් හොඳට වදින්න ප්‍රසන්ට් කරන්න පුලුවන්….”
” ෂා…. ඔය තියෙන්නේ ඔයාගේ නියම අදහස් හිමේෂි…. අම්මේ ඔයා හිටිය එක මට ලොකු හයියක්.. නැත්නම් මම ලෝක අමාරුවක වැටෙනවා…” සමාධි හිමේ ෂිට හාදුවක් දෙමින් කීවාය.
” මේ මොනව නැති වුනත් ඔයා ප්‍රසන්ටේෂන් එක හොඳට කරනවා සමාධි… මම ඔයාට ලැප් ටොප් එකත් දෙන්නම්.. ඒක අරන් ගියාම ලේසියි… ඕන නම් මමත් එදාට ඔයා එක්ක එන්නම්….
“ම්.. ඔයාට පුලුවන් නම් එන්න හිමේෂි… එතකොට මට
ලොකු හයියක් ලැබේවී….”
” නෝ ප්‍රොබ්ලම් සමාධි.. මම එන්නම්… මම ටෙක්නිකල් වැඩේ කරන්නම්… එතකොට ඔයාට ලේසි නෙ….”

හිමේෂිගේ සහාය ඇතිව සමාධි ඇගේ ප්‍රදානය මනා ලෙස සකස් කළාය. සමාධි ප්‍රදානය හොඳින් පුහුණු වූ අතර වැඩමුලුවට පෙර දින ඇගේ මිතුරු මිතුරියන් ඉදිරියේ පෙර හුරුවක්ද කළාය.
” ෂුෂුෂු සමාධි… ඔයා නම් එළ කිරි… නියමෙට වැඩේ කරා…. මේ…. ඇත්තම කිව්වොත් මට සමහර වචන තේරුනේ නෑ… මට ඉතින් එව්වරම ඉංග්‍රීසි බැහැනෙ…. හි.හි.හි….” සමාධිගේ කතාවට පැහැදුනු උෂාන් කීවේය.
” හිමේෂි… ඔයාටනෙ ඉතින් ඉංග්‍රීසි හොඳටම පුලුවන්.. මොකද්ද ඔයාගෙ අයිඩියා එක ?…..” තාරක හිමේෂිගෙන් විමසීය.
” අයියෝ තාරක….. සමාධිට පුලුවන් සුද්දන්ට වුනත් ඉංග්‍රීසි උගන්නන්න… ටොප් එකට ප්‍රසන්ට් කරා.. ඉංග්ලිෂ් නම් පරිෆෙක්ට්… මට නම් බැහැ ඔව්වර හොඳට කරන්න…සමාධි.. ඔයාට පුලුවන් ඇට්ටි හැලෙන්න දෙන්න.. හි.හි.හි….. අපි ගමේ නම තියමු කොළඹ ගිහිල්ලා….” හිමේෂි මහත් ප්‍රමෝදයෙන් කීවාය.
වැඩ මුලුවට පෙර දින සන්ධ්‍යාවේ සමාධි තාරක සමග පන්සලට ගොස් ආගමික වතාවත් කළාය.
” සමායි…. බලන්න ඔයා ළමා සාරියට කොච්චර ලස්සනද කියලා….මට ඔයාව පෙන්නන්න හිතෙනව අපේ අක්කටයි… එයාගෙ නෑනන්ඩිටයි……”
චාම් සහ සංවර බවේ ප්‍රතිමූර්තියක් වූ සමාධි දෙස බලා තාරක පහන් සිතින් කීවේය.
” තාරක.. අපි ලෝකෙට පේන්න වැඩ කරන්න ඕන නැහැ පැටියො…. අපි හිතට එකඟව.. අවංකව වැඩ කරමු.. එතකොට අපිට වරදින්නෙ නැහැ…… එන්න අපි බෝධිය ළඟ වාඩි වෙලා හෙට තියෙන වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරමු….”

ශාන්ත බෝ මලුවේ වැලි තලාවේ ඉතා සංවර ලෙස වාඩි වී දෑස් පියාගෙන භාවනාවකට සමවැදි ඇති සමාධි දෙස තාරක බලා සිටියේ ඉතාමත් සැහැල්ලු සහ නිවුනු සිතකිනි. මෙවැනි විනීත ළඳක් ලැබීමට තමා කෙතරම් වාසනාවන්ත දැයි ඔහුට නැවතත් සිතිනි. ඇය සැබැවින්ම සමාධියක් වූවාය. ඔහුගේ සිත ආදරය, කරුණාව සහ දයාවෙන් පිරි ඉතිරී ගියේය. ඇය අසලින්ම වාඩි වී සිත එක අරමුණක තබාගත් තාරක පසුදා සියලු වැඩ කටයුතු සාර්ථක වන ලෙස එක සිතින් ප්‍රාර්ථනා කළේය.
ආයෝජක ප්‍රර්වර්ධන වැඩ මුලුව පැවැත්වූයේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකය. සෑහෙන ව්‍යාපාරික පිරිසක් සමුලුවට සහභාගී වීමට පැමිණ සිටියෝය. ජාතික මට්ටමේ වැඩ මුලුවක් නොවුනත් විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර වල පිරිස් එයට සහභාගී වූහ. ජර්මන් ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනෙක්ද සහභාගී වී සිටියහ.
සමාධිගේ ප්‍රදානය තිබුනේ ඇයගේ සුපිරි වෙළඳ සල් සමාගමේ ප්‍රචාරක වැඩ සටහනේ කොටසක් ලෙසින්ය.
සමාධි සැරසී සිටියේ ඉතාමත් සංවර ලෙස සකසා ඇති ලා රතු පාට සාරියකිනි. එම වර්ණය ඇගේ සමාගමේ ලාංඡනයේ ප්‍රධාන වර්ණය විය. නාභිය සහ යටිබඩ මුලුමනින්ම ප්‍රදර්ශනය කරන සංකර විලාසිතා වලින් බැහැරව ශෝභන ලෙස සාරියෙන් සැරසී සිටි සමාධි පැමිණ සිටි සෑම දෙනාගේම නිහඬ ප්‍රශංසාව ලැබුවාය.
තම ප්‍රදානය කිරීමට සමාධි වේදිකාවට පිවිසියේ සෑහෙන වකිතයක් සහ කම්පනයක් සහිතවය. ජීවිතයේ ප්‍රථම වතාවට ඇය පිරිසක් ඉදිරියේ කතා කිරීමට සැරසුනාය. ඒ ඇගේ මව් බසින් නොව ඉංග්‍රීසි භාෂාවෙනි. ශාලාවේ අසුන් ගෙන සිටි තාරකගේ මුහුණ ඇයට මහත් ධෛර්යයක් ගෙන දුන්නේය. ඇය අසලින්ම වේදිකාවට නුදුරින් ඇයට තාක්ෂණ සේවය සපයමින් සිටි හිමේෂි මිට මොලවා ඇයට ශක්තිය දුන්නේය.

ඇගේ ප්‍රදානයේ පළමු මිනිත්තු දෙක ඇයට ඉතාමත් අසීරු විය. එහෙත් මනා අධිෂ්ඨාන ශක්තියෙන් යුතු සමාධි ඇති වූ කම්පනය නැති කොට ඉතාමත් සාර්ථක ලෙස තම ප්‍රදානය සිදු කළාය. ඇගේ උත්සාහයේ ප්‍රතිඵලය ඇයට ලැබුන විශාල අත් පොලසන් නාදයෙන්ම තහවුරු විය.
වැඩ මුලුව අවසානයේ සහා තොමෝ සියලු දෙනාම ඇයට ප්‍රශංසා මුඛයෙන් සුබ පැතූහ. ඇගේ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක තුමාට ඇති වූ ප්‍රීතිය නිම් හිම් නැති විය.
” සමායි…. මට දැනටම දෙතුන් දෙනෙක් කතා කරා.. ඒ ඔක්කොම හරිම පැහැදිලා ඉන්නෙ ඔයාගේ ප්‍රසන්ටේෂන් එකට… ඔයාගේ කතාව හින්ද අපිට ඉස්සරහට ගොඩක් බිස්නස් කන්ටැක්ටස් ලැබෙනවා ෂුවර් එකට… සමාධි.. ඔන්න මම නොකිව්වයි කියන්න එපා…. ඔයා ඩිග්‍රි එක ඉවර වුන ගමන් අපිට ජොයින් වෙන්න ඕන.. වෙන කොහෙවත් එහෙම යන්නෙ නැහැ.. We will absorb you directly to a management trainee post….”
“Thank you very much Sir… I really appreciate your commitment….”
සමාධි ගෞරව පූර්වකව කීවාය.
වැඩ මුලුවේ කටයුතු අවසන් වූ පසු සමාධි, තාරක සහ හිමේෂි හෝටලයේ උද්‍යානයේ මදක් විවේක සුවයෙන් කල් ගත කළෝය.
“සමාධි.. ඔයා නම් ෆස්ට් ක්ලාස් කෙල්ලෙ… මට හරිම සන්තෝසයි….. ඔයාට ගොඩක් සුබ අනාගතයක් තියෙනවා….” හිමේෂි සතුටින් පැවසුවාය.
” තැන්ක්ස් හිමේෂි… ඔයා මට කොච්චර හෙල්ප් කරාද?.. නැත්නම් මට කීයටවත් මෙච්චර හොඳට ප්‍රසන්ට් කරන්න බැරි wenawa”

හිමේෂි වැළඳ ගත් සමාධි ඇයට කෘතඥතා පුවක උණුසුම් හාදුවක් දුන්නාය.
“ම්ම් සමාධි… මට ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා… මම කළින් ඔයාට මේක කිව්වෙ නෑ….”
තාරක මදක් සලිත වී කීවේය. ” ඒ මොකද්ද තාරක ?…..”
සමාධි සහ හිමේෂි එක විටම ඇසුවෝය.
” අපේ අක්කගේ මාමණ්ඩි ඇවිත් හිටියා… මම දැක්කෙ නෑ වගේ ටිකක් හැංගිලා හිටියා… ඒත් මිනිහා දකින්න ඇති… ෂුවර් එකට ඔයාවත් අඳුර ගන්න ඇති…..”
” ඉතින් මොකෝ තාරක?.. එයත් බිස්නස්මන් කෙනෙක්නෙ… ඉතින් එන්න ඇති.. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයිනෙ……”
” ම්…. ඒ කොහොම වුනත් සමාධි… මට නිකන් හිතට මොකද්ද වගේ දැනෙනවා…. ඔයා ප්‍රසන්ට් කරන කොට මිනිහගෙ මූණෙ තිබුන පෙනුම මට ඇල්ලුවෙ නෑ… කියන්න බෑනෙ ඔය බිස්නස් කාරයො…..”
“අනේ තාරක.. ඕක ගැන ඔච්චර හිතන්න එපා……”
සමාධි ඔහු අස්වසාලූවාය.

වැඩ මුලුවට දින හතරකට පසු සමාධිට ලියුමක් ලැබුනේය. එවූ ලිපිනයක් නොමැති ඒ ලියුමේ මෙසේ සඳහන් වී තිබුනි.
‘ සමාධි හංසමාලි වෙතටයි,
ඔබ විසින් ආරම්භ කොට ඇති ඉරිදා පොළ වහාම නවත්තන්න. එසේ නොකලහොත් ඉන් ඔබට බොහෝ කරදර ඇති විය හැකිය. ජීවිතයට ආදරයක් ඇත්නම් ඔය වැඩේ අදම නවත්තන්න.
මේ පළවෙනි සහ අන්තිම අවවාදයයි….

________________________________________________________________________________________________________________________

නිර්නාමික ලියුම දුටු සමාධිට කිසිම දෙයක් සිතා ගැනීමට නොහැකි වූවාය. ඇයට සිහින් දහඩිය දැමීමට පටන් ගත්තේය. ඇතිවූ චිත්ත කම්පනය නිසා ඇය අසල ඇති පුටුවක වාඩි වූවාය. ඇයට සිහි එළවා ගැනීමට මිනිත්තු දෙකක් පමණ ගත විය. මුලු ලෝකයම තමා වටේ භ්‍රමණය වන්නා සේ සමාධිට දැනුනි.
ප්‍රකෘති සිහිය ලැබූ සමාධි දිගු හුස්මක් ඉහලට ගත්තාය. දැන් කල යුතු දේ කුමක්දැයි ඇය කල්පනා කළාය. කෙසේ වෙතත් සිය මෑණියන්ට මේ තත්ත්වය එක එල්ලේ නොපැවසිය යුතු බව ඇය පසක් කර ගත්තාය.
නිවසින් එළියට ගිය සමාධි තාරකට දුරකථන ඇමතුමක් දුන්නාය.
” තාරක… ඔයාට දැන් අපේ ගෙදරට එන්න පුලුවන්ද ?….” සමාධි තැන්පත් වෙමින් ඇසුවාය.
” අනේ ඇයි සමාධි හදිස්සියක්ද?… එහෙම නැත්නම් ඔයාට කරදරයක්ද ?… කියන්නකෝඕඕඕඕ….”
තාරක නොඉවසිල්ලෙන් ඇසීය. තමා පණ මෙන් ආදරය කරන පෙම්වතියගේ මෙවැනි දුරකථන ඇමතුම් වලින් පෙම්වතෙකු නිතැනින්ම සලිත භාවයට පත් වේ.
“නෑ නෑ.. එහෙම ලොකු හදිස්සියක් නැහැ….. ඔයා කලබල නැතුව එන්නකො ළමයො….”
” හා සමාධි.. මම දැන්මම එනවා….”
තාරක සමාධිගේ නිවසට පැමිණියේ විදුලි වේගයෙනි.
” සමාධි… ඇයි කෙල්ලේ… ඇයි ඔයා මට හදිස්සියෙන්ම එන්න කියල කිව්වේ?……’ තාරක කලබල සිතකින් සමාධිගෙන් විමසීය.
” එන්න තාරක… අපි මිදුලට ගිහින් කතා කරමු…..”
ගෙමිදුලේ ඇති අඹ ගස අසළට තාරක සමග පැමිණි සමාධි
ලියමන ඔහුට පෙන්වූවාය.
ලියුම කියවූ තාරක කෝපයෙන් දැවෙන්නට විය.
” සමාධි. මේ මොන පොන්නයෙක්ද ?… ඔයාට මේ වගේ ලියුමක් එවන්න.. හඃ.. ඔයාගේ ජීවිතයට කරදරයක් කරන්න… ඌ හිතුව මදි මගේ මැණිකට එහෙම දෙයක් කරන්න…. මම ඕකව කීතු කීතු වලට ඉරල දානව මගෙ කෙල්ලෙ…. ඕකට ඔයාගේ එක නිය පොත්තකට රිද්දන්න මම ඉන්නකන් හම්බ වෙන්නෙ නැහැ….”
මෙසේ වේගයෙන් කියූ තාරක සමාධි තදින් තුරුලු කොට ඇගේ තොල් සිප ගත්තේ දැඩි ආදරය සහ තරඟ මුසු හැඟීමකින්ය.
“ හ්… ළමයො මේ.. පාරෙ මිනිස්සු යනව… පිස්සුද ඔයාට…” අතින් තොල් පිස දමමින් සමාධි කීවාය.
” ඔයාව කිස් කරන්න මට ඕන තැනක පුලුවන්…. ඔයා මගේ කෙල්ල…. “ සමාධිගේ මුහුණට මුහුණ තියා ගත් තාරක කීය.
” හරි ළමයො… අපේ ආදරය තියෙන්නෙ අපි දෙන්න ළඟනෙ.. ඒක ලෝකෙට පෙන්නන්න ඕන නෑ… මේ…. ඔහොම කලබලෙන් වැඩ කරන්න බෑ තාරක… අනික ඔයා දන්නවද කවුද මේ ලියුම එව්වේ කියල?… අපි මේ ගැන කල්පනාවෙන් වැඩ කරන්න ඕන….”
” ම්.. ඔව් සමාධි… මට මේ ලියුම දැක්කම ඉහ මොල රත් වුනා… එහෙම වුනේ ඔයාට තියෙන ආදරය හින්ද…. මට ඕන දෙයක් වුනාට කමක් නැහැ… ඒත් ඔයාට වචනයකින් හරි කරදරයක් වෙනව මට බලාගෙන ඉන්න බෑ….”
” ස්… කූල් ඩවුන් පැටියො… කූල් ඩවුන්… මේව හදිස්සි වෙලා තරහ අරගෙන විසඳන්න බෑ… අපි දැන් බලමු කාට හරි මෙහෙම ලියුමක් එවන්න තියෙන ඕන කම මොකද්ද කියල….”
” හරි… මම දන්නව ඕක එව්වෙ කවුද කියල….” තාරක මනා ස්ථිර භාවයකින් කීවේය.
“໑໘ ?….”
” වෙන කවුරුත් නෙමෙයි… අපේ අක්කගෙ මාමණ්ඩි…… එයා ආවනෙ සෙමිනා එකට… මිනිහට මාර ඉරිසියා හිතෙන්න ඇති ඔයාගේ ප්‍රසන්ටේෂන් එකට.. මොකද මිනිහ හිතාගෙන ඉන්නෙ එයාගෙ වලත්ත දුව මගේ ඇඟේ එල්ලන්න… ඉතින් මිනිහට දිරවගෙන ඉන්න බැරුව ඇති ඔයාගේ මේ දක්ෂ කම…. ඉන්නකො.. මම කෙළින්ම ගිහින් මෑන්ගෙන් අහන්න….”
” ඔයාට පිස්සුද තාරක ?……. ඔයාට හොඳටම ෂුර්වද මාමා මෙහෙම දෙයක් කරා කියල… මම නම් හිතන්නෙ නැහැ ඒ මාමා මේ වගේ පහත් දේවල් කරන කෙනෙක් කියල…. අපි හොයල බලන්නෙ නැතුව හැඟීම් වලට වහල් වෙලා තීරණ අරගෙන පසුතැවෙන්න ඕන නැහැ…..”
” ඔව් ඉතින්… ඔයාට හැම එක්කෙනෙක්ම හොඳ මිනිස්සුනේ… එයා දන්නවා එයාගේ කැඩිච්ච කෙල්ලව මගේ ඇඟේ ගහන්න තියෙන බාධකය ඔයා කියලා…. ඉතින් මිනිහ ඔයාට බාල්දි පෙරලන්න තමයි බලන්නෙ…”
තාරක තරහෙන් කීය.
” චීඊඊඊ… මොනවද ඔයා මේ කියන නරක කතා තාරක ?… එපා ඒ ළමයට ඔය විදියට ඉන්සල්ට් කරන්න… තාරක ප්ලීස්… ඔය මෙන්ටල් ස්ටේට් එකෙන් එළියට එන්න.. අපි මේ ලියුම ගැන බුද්ධියෙන් කල්පනා කරමු… මේක සිරියස් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්…”
සමාධිගේ පාලනය නිසා තාරක සංගමයකට පත් විය.
” අම්මේ….. ඔයාගෙ කතාවේ දැන් සෑහෙන්න ඉංග්ලිෂ් වචන තියෙනව නේද?.. ඉස්සරහට ඉතින් ලොකු නෝනා කෙනෙක් වෙන්නනෙ යන්නෙ.. හි.හි.හි… මෙහෙම ගියොත් ළඟදිම මම කඩුවට කැපෙනවා….”
තාරක නැවතත් සමාධිගේ තොල් සිප ගත්තේය. සමාධි ඔහුගේ මුහුණ ආදරයෙන් පිරිමැද්දාය.
” නිකන් ඉන්න… ඔයා නම් දැන් හරිම දඟයි…….”
” ඉතින් මම දඟ වෙන්නෙ ඔයා එක්කනෙ පැටියෝ ඕඕඕඕඕ…”
” ම්මා ආ ආ……………ගොඩක් දඟ වෙන්න තව කල් තියෙනව හරිද ?… සමාධි තොදොල් වෙමින් කීවාය.
” අයියෝ ඕඕඕ…. ඒ කියන්නෙ බඳිනකන්ම ඉන්න ඕනද ?…
८८ මේ…. අත අහකට ගන්න ළමයො… …. බලන්න මගෙ ගවුමත් ඉස්සිලා….. කවුරු හරි දැක්කොත් ලැජ්ජාවෙ බැහැ…… ඔව්…. බඳිනකන් ඉන්න ඕන තමයි… හි.හි.හි…”
” අනේ ඒ ඒ ඒ ඒ ඒ………. එච්චර කල් මට ඉන්න බෑ…..”
” හරි හරි… ඒවා පස්සෙ බලා ගනිමු.. දැන් ඔයා කූල් ඩවුන් නේ… මේ… අපි දැන් මොකද්ද මේ ලියුමට ගන්න පියවර ?…..” තාරකගේ තරහ නිවී ඇති බව තේරුම් ගත් සමාධි ඇසීය.
“මම්ම්… මේ… අපි ඉස්සෙල්ලම අපේ කට්ටිය එක්ක කතා …
” පොලිසියට කියන්න ඕන කියල මට හිතෙනවා….”
” ඔව් මටත් හිතෙනව… අපි ඊට ඉස්සෙල්ල කට්ටිය එක්ක කතා කරමු..”
“හොඳයි තාරක… අපි ඉස්සෙල්ල එහෙම කරමු….”
සමාධි සහ තාරක ඔවුන්ගේ මිතුරු මිතුරියන් හමු වී ර්තජනාත්මක ලියුම ගැන කතා කළෝය.
මේ සිද්ධියෙන් අනුත්තරා මහත් බියට පත් වූවාය.
” අනේ මට බයයි සමාධි..අනේ ඔයාට මොනව හරි වුනොත් අපිට ඒක දරා ගන්න බැහැ…”
ඇය කඳුළු සැලුවාය. පසිඳු ඇය තුරුලු කොට ගෙන ඇගේ හිස ළයෙහි හොවා ගත්තේය.
“බය වෙන්න එපා අනූ.. අපි ඉන්නකන් එහෙම දෙයක් වෙන්න දෙන්නෙ නෑ….” උෂාන් දැඩි අධිෂ්ඨානයෙන් කීය.
” හරි… මොකද්ද අපි දැන් මේකට ගන්න පියවර ?………මම කියන්නෙ අපි පොලීසියට කියමු කියල… ” තාරක යෝජනා කළේය.
” ඔව්… ඒක තමයි කරන්න ඕන……. අපි DIG අන්කල්ට කියමු… මම ඒක කරන්නම්… එතකොට පොලිසිය මේ ගැන ඇක්ෂන් එකක් අරගෙන මේ ලියුම එව්වෙ කවුද කියල හොයා ගනීවී…….. ඔයා බය වෙන්න එපා සමාධි අක්කි… අපි ඔක්කොම ඔයා එක්ක ඉන්නවා.. ඔය එක එකාට ඔයාට කරදර කරන්න හම්බ වෙන්නෙ නෑ…” මධුෂා කීවාය.
” අනේ තැන්ක්ස් මධු… ඔව්.. ඔය ගොල්ලො ඉන්නකන් මම බය නෑ ……” සමාධී පැවසුවාය.
” කොහොම වුනත් සමාධි… ඔයා මීට පස්සෙ තනියම කොහේවත් යන්නෙ නෑ.. හැමතිස්සෙම මාත් එක්කම ඉන්න ඕන … මොකෙක් හරි ඔයාට අත තියන්න ආවොත් මම ඌ නැති කරනවා….” තාරක සමාධි තුරුලු කරගෙන කීය.
” ඔයා බොස්ටත් මේ ගැන කියන්න.. එතකොට සුපර් මාකට් එකෙක් සිකියුරිටි වැඩි කරයි….. මෙහෙම වැඩ කරන්නෙ පොන්න නිවටයො….. උන්ට ආත්මයක් නෑ….” උෂාන් කීය.
” මේ.. අපි තාත්තටත් කියමුද ?… තාත්තා එයාගෙ මිනිස්සු දාල මේ ගැන පොඩ්ඩක් හොයල බලයි… ” ඩිලානි යෝජනාවක් කළාය.
” අනේ එපා ඩිලානි…. මර්වින් මාමගෙ මිනිස්සු මොන කලබලයක් කරයිද දන්නෙ නෑ….” සමාධි සලිත වී කීවාය.
” නෑ සමාධි… මේ වැඩේ පොලිසියටම බාර දීල විතරක් මදි… අපිත් උනන්දු වෙන්න ඕන… ඒක හින්ද එහෙම කරමු…. මට නම් හිතෙන්නෙ මේ වැඩේ කරේ මේ ගමේම කෙනෙක්… සමාධිගෙ පොළේ වැඩෙන් බිස්නස් වලට වැදුන කෙනෙක් වෙන්න ඕන… එහෙම කෙනෙක් කරා නම් තාත්තගෙ මිනිස්සුන්ට හොයා ගන්න පුලුවන්…¨ උෂාන් කීවේය.
පිරිස කතිකා කරගත් පරිදි මෙම සිද්ධිය පොලිසියට රපෝර්තු කළේය. පොලිසිය පරීක්ෂණ ආරම්භ කල අතර නියෝජ්‍ය පොලිස්පති තුමාගේ නියෝගයෙන් ප්‍රදේශයේ ආරක්ෂාවද වැඩි
කරන ලදී.
” සමාධි… ඔයා බය නැතුව ඔයාගේ වැඩ ටික කරගෙන යන්න… අපි අන්ඩකවර් ඒජන්ට්ස්ස්ලත් දාලා තියෙනවා… කවුරු මේ ලියුම එව්වත් අපි කොහොම හරි එයාව ට්‍රැක් කරනවා.. ඔයා බය වෙන්න එපා… නියෝජ්‍ය පොලිස්පති තුමා සමාධි අස්වසාලීය.
” අනේ තෑන්ක් යූ වෙරි මව් සර්…”
“ සමාධි…. ඔයා කිසිම බයක් නැතුව සාමාන්‍ය විදියට වැඩ කර ගෙන යන්න.. පොළේ වැඩේ නවත්තන්න එපා…. දිගටම කරගෙන ຜ….”
” ෂුවර් සර්… මම එහෙම කරන්නම්…”
පොලිසියේ නියෝජිතයන් පමණක් නොව මර්වින්ගේ මිනිසුන්ද මේ ගැන සෙවිල්ලෙන් සිටියෝය. විශේෂයෙන්ම පොළ පැවැත්වෙන ඉරිදා දිනවල විශේෂ රහස් මෙහෙයුම් පොලිසියෙන් ක්‍රියාත්මක විය.
දුෂානිගේ තාරකට ඇති ඇල්ම දිනෙන් දින වැඩි වීමට පටන් ගත්තේය. මෙම ඇල්ම ආදරයකට වඩා ආශාවක් විය. තාරකගේ මනා පෞරුෂත්වයත්, කඩවසම් පෙනුමත්, බුද්ධි මට්ටමත් නිසා දුෂානි ඔහු කෙරෙහි ඇති ආශාවෙන් මත් වූවාය. දුෂානි මල්වර වී ටික කලකින් පිරිමි ළමුන් සමග යහන් ගත වූ ගැහැණු ළමයෙකි. මේ නිසා ඇයට ආදරයත් ආශාවත් වෙන් කොට හඳුනා ගැනීමට නොහැකි විය. ආශාවල් සන්තර්පණය කර ගැනීම ආදරයෙන් බැඳීම ලෙස ඇය සිතුවාය. ඇයට නිසි මග පෙන්වීමට කිසිවෙකු නොවීය. ‘ ඉහල’ සමාජයේ ලෞකික සැප සම්පත් අබියස ඇය අතරමං වූවාය. ඇගේ බෝට්ටුවේම සිටිනා යෙහෙළියන්ගේ ලැබුන උපදෙස් ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් විය.
” මේ දුෂී… කොල්ලව කොහොම හරි දා ගනින් බන්… මාර හැන්ඩ්සම් පොර.. මම එදා වෙඩින් එකේදි දැක්කනේ…”
දුෂානිගේ යෙහෙළිය වූ විදුෂා පැවසීය.
” ස්.. මම දන්නව විදු… මට තාරක හින්ද පිස්සු වගේ බන්… එයා මට කැමති නැත්තෙ එයාට කෙල්ලෙක් ඉන්න හින්දා… ගමේ
ඉන්න කිසිම සෙක්සි ගතියක් නැති සමාධි කියල එකියෙක් තාරකව අල්ලගෙන… මට තාරක මතක් වෙන කොට ඉන්න බෑ බන්… වැඩියෙන්ම රෑට…”
“මොකෝ… උඹේ පෑන්ටිය ස්ටේන් වෙනවද ?…හි.හි.හි…”
” ඊට වඩා දේවල් වෙනව බන්… උඹ දන්නවනෙ ඉතින් මම
“මේ… අර ශිරාන් උඹ ගැන ඉන්ට්‍රස්ටඩ් නේද?… ඌත් එක්ක ගිහින් ජොලියක් දාපන්කො…. එතකොට උඹේ ඔය තදේ නැති
” බැහැ බන්… මට දැන් වෙන කිසිම කොල්ලෙක් ගැන හිතෙන්නෙ නෑ… තාරක හින්ද මම හිස්නටයිස් වෙලා වගේ ඉන්නෙ… මට ඔය සමාධි මරන්න තරම් තරහයි බන්… උන් දෙන්න කිස් කරන එක ගැන හිතන කොටත් මට මාර ජෙල බන්…. කියපන්කො මේකට මොකක් හරි…. නැත්නම් මට පිස්සු හැදෙයි…..” දුෂානි නොඉවසිලි ගතියෙන් කීවාය.
” උඹ සමාධිට මොනව හරි කරන්න ට්‍රයි කරල එහෙම නැහැ
” අ.මේ.. මේ.මො.. මොනවද උඹ?.. මේ.. මම එහෙම දෙයක් කරල නෑ….” දුෂානි කලබල හඬකින් කීවාය.
” මොකද බන් ඒක කිව්වම උඹ එක්සයිට් වුනේ?…..”
“න්.. නෑ.. එහෙම දෙයක් නෑ… මේ විදු… අනේ කියපන්කො බන් මට තාරකව සෙට් කර ගන්න විදියක්… එක පාරක් එයාව ඇඳට ගත්තම ඇති.. ඊට පස්සෙ සමාධි තියා කවුරු හිටියත් මගේ පස්සෙන් ei..
” ඔව් ඉතින්… මම දන්නවනෙ උඹේ හැටි…හි.හි.හි… අර ප්‍රසාද් එක පාරයි උඹ එක්ක සෙක්ස් කරේ…ඊට පස්සෙ ඌ උඹට වහ වැටුනා… උඹ ඌව ඩම්ප් කරාට පස්සෙ ඌට ඉන්න බැරුව දැන් ප්‍රොස්ටිටියුන්ස්ල එක්ක යනවා……”
” මේ විදු… ඌ මොකා එක්ක ගියත් මට කමක් නෑ… කියපන්කො මට තාරක සෙට් කර ගන්න ප්ලෑන් එකක් ….”
” හරි මම කියන්නම් මරු ප්ලෑන් එකක්….” විදූශා ජයග්‍රාහී ලෙස කීවාය.
” හරි ඉතින් කියපන්කො ඉක්මනට…..”
” අම්මො උඹේ තියෙන තදියම… මේ.. ළඟදි ස්කූල් හොලිඩේස් පටන් ගන්නවනෙ…..”
” ඉතින් ඒකෙන් කොහොමද තාරකව සෙට් කර ගන්නෙ ?…
” ඉඳපන්කො පනින්නෙ නැතුව කියනකන්… උඹ හරියට සෙක්ස් ස්ටාව්ඩ් නිම්හො කෙනෙක් වගේනෙ… උඹට තියෙන්නෙ හොලිඩේ එකේදි තාරකගෙ ගෙදර යන්න… උඹ එයාගෙ අම්ම එක්ක ෆි…. ගිහින් දවස් කීපයක් ඉන්න කොට ඌව ඇඳට ගන්න උඹට පුලුවන්.. කොච්චර ලව් කරන කෙල්ලෙක් හිටියත් බන් එක ගෙදර ඉන්න කොට උඹ වගේ සෙක්සි කෑල්ලකට ඌ වහ වැටෙන්නෙ නැතුව ඉන්න එකක් නෑ…අම්ම උඹට ෆිට් හින්ද වැඩේ ලේසියි… හැබැයි මේ… මතක ඇතුව මෝනින් ආෆ්ට පිල්ස් ඇති වෙන්න අරන් පලයන්…. නැත්නම් උඹට බඩක් එක්ක තමයි එන්න වෙන්නෙ… හි.හි.හි…”
” ෂාආආආ.. මරු ප්ලෑන් එක විදු… අම්මෝ උඹ නම් රියල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් බන්.. ඔව් මම හොලිඩේස් දුන්න ගමන් යනවා…. ම්මේ.. නියමයි කෙල්ලෙ… මේ.. අද හවසට යමුද ක්ලබ් එකට ඩ්‍රින්ක් එකක් දාන්න…..“
“හරි යමු….”
” ග්‍රේට්… ….. අද රෑට මාත් එක්ක අපේ ගෙදර ඉඳපන් හරිද..”
” ඒ මොකටද බන්?…”
” උඹ දන්නවනෙ මොකටද කියලා ආ ආ ආ ආ ආ ආ…..
” අනේ අනේ දුෂියො… උඹට එහෙනම් තාරක වගේම මාවත් ඕන නේද?.. හි.හි. හි.. උඹ නම් හැදෙන කෙල්ලෙක් නෙමෙයි 2….”
” ඉතින් බන් උඹ මගේ බෙස්ට් ෆ්‍රෙව්නේ ඒ ඒ ඒ ඒ…..”
” හරි හරි බන්… අපි දෙන්න ඉතින් පොඩි කාලෙ ඉඳන් එහෙම
දෙදෙනා දැඩි ආලිංගනයකින් එකට තුරුලු වුවෝය.
සමාධිට ලැබුන තර්ජනාත්මක ලියුමේ සුල මුල සොයා ගැනීමට පොලිසිය මෙන්ම සමාධිගේ මිතුරු මිතුරියන් සියලු දෙනාම දැඩි උත්සාහයක යෙදුන්නෝය. එහෙත් කිසිවෙකුට ඒ ගැන නිසි තොරතුරක් හෝ හෝඩුවාවක් ලැබුනේ නැත.
මේ අතර සියලු දෙනාම මවිතයට සහ පසුබෑමට පත් කරමින් සමාධිට දෙවැනි ලියුමක් ද ලැබිනි. එහි මෙසේ සඳහන් විය.
*… මීට පෙර කිසි දිනක මම අන්තිම අවවාදය දුන් පසු නැවත මෙසේ කියා නොමැත.
කරුණාකර ඉරිදා පොළ නවත්තපන්. නැත්නම් ළඟදිම උඹව උස්සනවා. අපේ කොල්ලන්ගෙන් කෑවට පස්සෙ උඹේ ගන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. ඒ හින්ද හොඳ හිතින් පොළ නවත්තපන්.
මේ අන්තිම දැනුම් දීමයි…’
මුල් ලියුමට වඩා රළු බසින් ලියා තිබුන මෙම ලිපිය දුටු තාරකගේ ඉවසීම සීමාව ඉක්මව ගියේය.
” මම ඉක්මනටම මූව හොයා ගෙන මරන එක මරනවා…..” තාරක මීට මොලවා බිත්තියට පහරක් දෙමින් කීය.
” ස්ය … මේ තාරක….කලබල නොවී ඉඳපන් බන් …. උඹ ඔහොම කලබල වුනොත් මොනවත් කරන්න හම්බ වෙන්නෙ නෑ….’ උෂාන් තාරක සමනය කිරීමට උත්සාහ කළේය.
“මගේ සමාධිට එක වචනයකින් හරි අපහාස කරන එකෙක් මම ඉතුරු කරන්නෙ නෑ ….” තාරක දත් මිටි කමින් කීය.
” හරි බන්.. ඒක හරි.. ඒත් පොඩ්ඩක් කලබල නොවී ඉඳපන්
” මේ… තාත්තගෙ මිනිස්සු මේ පැත්තෙම ඉන්න බ්‍රෝර්කස්ලයි.. තෝන් කාරයොයි ඔක්කොම ගැන හොයල බලල තියෙනව… ඒත් තාත්තා කියන විදියට ඒ කවුරුත් මෙහෙම දෙයක් කරල නැති පාටයි…” ඩිලානි කීවාය.
” හරි… එහෙනම් මම හිතුව හරි… මේ පැත්තෙ කෙනෙක් නෙමෙයි නම්… ඕක කරල තියෙන්නෙ අපේ අක්කගෙ මාමණ්ඩි…. මම ඕකගෙ හොම්බ සමතලා කරනවා….”
තාරක වේගයෙන් කීවේය.
” ෂූඌඌඌ.. තාරක.. නිකන් ඔහොම හේතුවක් නැතුව කෑ ගහන්න එපා…. කවදාවත් ඒ මාමා මේ වගේ ජරා විදියට ලියුම් එවන්නේ නෑ….”
සමාධි තාරකගේ හිස පිරිමදිමින් කීවාය.
” මාමා?…. මාමා නෙමෙයි ඌ මීමා… ඔයාට ඉතින් ඕනම කුපාඩියෙක් බෝධිසත්වයෙක් තමයි…” තාරක නුරුස්නා හඬින් කීය.
” ඔයගොල්ලො කලබල වෙන්න එපා.. මට පොඩි සැකයක් ඇති වෙලා තියෙනවා… ඒත් මේක සැකයක් විතරයි… ඒ හින්ද මට වැඩිය කියන්න බෑ….” සමාධි පැවසුවාය.
“ ඒ මොකද්ද සමාධි?…..” සියලු දෙනාම එකවිට මෙන් ඇසුවෝය.
“ම්ම්.. මම හිතන්නෙ මම ඒ ගැන දැන්ම කියන එක වැරදියි… මොකද මේක සැකයක් විතරයි … ඒ හින්දා මම පොඩි වැඩ පිළිවෙලක් කරල ඒ සැකය පොඩ්ඩක් සාධාරණ කර ගන්න ໖….”
සමාධිට ඇති වූ සැකය කුමදැයි වැඩි දුර විමසීමට අන් අය උත්සුක වූයේ නැත. තාරක පවා ඇගෙන් මේ ගැන නොවිමසා සිටීමට තීරණය කළේය.
” අනේ තාරක…. මගේ ඔයාට නොකියන දෙයක් නෑ… ඒත් මේ ගැන මම දැන්ම ඔයාට නොකියා ඉන්නද?…..”
“අයියෝ කමක් නෑ සමාධි… අපිටත් ඕන ඉක්මනටම මේක ලිහා ගන්න… ඔයාට අපෙන් මොනව හරි උදව්වක් ඕන නම් කියන්න…..’ තාරක පැවසීය.

යම් සැලැස්මක් සිතා ගත් සමාධි තම ප්‍රධානියාට කතා කළාය. “ සර්… මට පොඩි වැඩක් කරල දෙන්න පුලුවන්ද ?…..”
” කියන්න සමාධි… ඔයාට නොකරන දෙයක් අපි ළඟ නෑ……”
” සර්… අපි ස්ටාෆ් මීටින් එකක් තියල කියමුද අපේ ඉරිදා පොළ නවත්තනව කියල…..”
” මොනව සමාධි???.. ඔයා මේ එක එකාට බයේ ඒක නවත්තන්න ද යන්නෙ ?.. අනේ ප්ලීස්.. එහෙම කරන්න එපා…” ප්‍රධානියා කලබලයට පත් වී කීය.
” නෑ සර්… මේ වැඩේ හින්ද ස්ටාෆ් එකේ කට්ටියටත් කරදර ඇති වෙන්න පුලුවන්.. ඒ හින්ද අපි එහෙම කරමු… සර් මීටින් එක තියල ඒ විදියට කරන්නකො….”
” ම්ම්.. හොඳයි සමාධි.. ඔයා ඕනම දෙයක් කල්පනා කරල
කරනව කියල අපි දන්නවා… එහෙනම් මම ඔයා කියපු විදියට කරන්නම්…”
සමාධිගේ ඉල්ලීම පරිදි සේවක රැස්වීමක් කැඳවූ ප්‍රධානියා ඉරිදා පොළ පිළිබඳ සමාධිගේ තීරණය ඔවුන්ට දැන්වීය. පොළ නැවැත්වීමට ගත් තීරණය නිසා බොහෝ දෙනෙකු මහත් කණගාටුවට පත් විය.
කෙසේ වුවත් සමාධි බලාපොරොත්තු වූ දෙය සිදු වීම නිසා ඇයට ඇති වූ සැකය වඩාත් තහවුරු විය.
රැස්වීම අවසානයේ ඇය තම ප්‍රධානියාට කතා කළාය.
” සර්… මට හාෆ් ඩේ නිවාඩුවක් ගන්න පුලුවන්ද…. මට DIG. සර් මීට් වෙන්න ඕන….”
” ෂුවර් සමාධි…. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?…..”

” ආ.. නෑ සර්… මම සර්ට පස්සෙ ඔක්කොම විස්තරේ කියන්නම්කො….”
” ම්.. හොඳයි සමාධි… ඔයා ඩ්‍රයිවර් එක්ක කාර් එක අරගෙන යන්න…”
“තෑන්ක් යූ සර්…”
නියෝජ්‍ය පොලිස්පති තුමා කාර්ය බහුලව සිටි නිසා සමාධිට ඔහු හමු වීමට හැකි වුයේ සන්ධ්‍යා කාලයේදීය.
” ඇයි සමාධි… මොකක් හරි හදිස්සියක්ද?… ඔයාට S.P. මීට් වෙන්න තිබුනනෙ…” ඔහු ඇසීය.
” නැහැ.. මට සර් මීට් වෙන්නම ඕන වුනා…..”
” ඉතින් කියන්න සමාධි….”
” සර්…මට අර ලියුම් එවපු එක්කෙනා ගැන ලොකු සාධාරණ සැකයක් තියෙනවා……මම හිතනව ඒ සැකය දැන් සීයට අනූපහක් හරි කියල…..”
” කියන්න සමාධි.. කවුද ඒ?… මොන ලොක්කා වුනත් කමක් නෑ… අපි ඇක්ෂන් ගන්නවා…..’ නියෝජ්‍ය පොලිස්පති තුමා කුතුහලයෙන් විමසීය.
” අපේ සුපර් මාකට් එකේ වැඩ කරන සකුනි.. මේනකා කියන සේල්ස් ගන්ස්ල දෙන්නා…..”
” මොනවා ආ ආ ආ ආ ආ ආ? ”
” ඔව් සර්……”
” ඔයා කොහොමද මේ දෙන්නා ගැන මේ වගේ සැකයක් ඇති කර ගත්තෙ?….?
සමාධි තමන් සොයා ගත් කරුණු විස්තර සහිතව පැවසුවාය. ඉන් සෑහීමකට පත් නියෝජ්‍ය පොලිස්පති තුමා දුරකථනය අතට ගත්තේය.
“Organise the arrest squad… Take into custody immediately on suspicion.. the two girls Sakuni and Menaka working in the supermarket under the crime act of sending malicious threatening letters…..”
නියෝජ්‍ය පොලිස්පති තුමාගේ අණ පරිදි වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම සකුනි සහ මේනකා සැකපිට අත් අඩංගුවට ගත්තේය. මේ අනපේක්ෂිත සිදුවීමෙන් මහත් වූ කම්පනයට පත් සකුනි සහ මේනකා ගෙන් සත්‍යය එළිදරව් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.
සමාධි සමග ඇති දැඩි ඊර්ෂ්‍යාව නිසා ඇය ප්‍රධානීන්ගේ සිත් දිනා ගැනීමත් රැකියාවේ ඉහළට යාමත් වැලැක්වීම පිණිස මේ දෙය කල බව සකුනි සහ මේනකා දෙදෙනාම පිළි ගත්තෝය. ආයෝජක ප්‍රවර්ධන වැඩ මුලුවේ කැපී පෙනෙන ලෙස සමාධි ප්‍රදානයක් කිරීම ඔවුන්ගේ ඊර්ෂ්‍යාව ඔඩු දිවීමට හේතුවක් විය. මෙසේ හටගත් ආවේගය නිසා දෙදෙනා තර්ජනාත්මක ලිපියකින් සමාධිගේ ගමන නැවැත්වීමට උත්සාහයක් ගත්තේ ඉන් ඇති විය හැකි ප්‍රතිඵල ගැන කිසිදු තැකීමක් නොකරමින්ය.
තර්ජනාත්මක ලිපි යැවීම දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධයකි. මේ නිසා නීතියට අනුව සකුනි සහ මේනකාට නඩු පැවරීමට පොලීසිය කටයුතු කළේය. දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙමින් දෙදෙනාටම නීතිය අනුව දඬුවම් විඳීමට සිදු වූවා පමණක් නොව ඔවුනට සුපිරි වෙළඳ සලේ රැකියාවද අහිමි විය.
ර්තජනාත්මක ලිපියේ අභිරහස මෙසේ විසඳුන පසු සමාධි සහ තාරක ඔවුන්ගේ මිතුරු කැල සමග සුපුරුදු අවන් හලේදී හමු විය. මෙසේ හමුවන තුරු සමාධි තාරකට පවා විස්තරය සම්පූර්ණයෙන් කියා තිබුනේ නැත.
” මේ සමාධියො……. ඉතින් කියන්නකො ඔයා කොහොමද මේක පොලිසියට වඩා හොඳින් විසඳුවෙ කියල….” උෂාන් නොඉවසිල්ලෙන් ඇසීය.
” ඒක නම් ඇත්ත උෂාන්.. සමාධි දැන් බිස්නස් වලට විතරක් නෙමෙයි රහස් පරීක්ෂක වැඩ වලටත් මාර ටැලන්ටඩ් නෙ….” පසිඳු පැවසීය.
” අනේ ඉතින් කියන්නකො සමාධි… විස්තරේ මුල ඉඳන්….” අනුත්තරා කීවාය.
” අනේ මම එව්වර ලොකු වැඩක් කරේ නැහැ… ලොජිකලී හිතල වැඩ කරා විතරයි…” සමාධි කීවාය.
” අනේ මේ සමාධි… අපිට ඔයාගෙ බර ඉංග්‍රීසි වචන තේරෙන්නෙ නෑ… ඉතින් කියන්නකො….”
ඩිලානි නොඉවසිල්ලෙන් කීවාය.
” ඉස්සෙල්ලම මට හිතුන දෙයක් තමයි.. පළවෙනි ලියුමෙයි දෙවෙනි ලියුමෙයි තිබුන වෙනස…. පලවෙනි එකට වඩා දෙවෙනි එකේ තර්ජනය තිබුනෙ වෙන විදියකට….. දෙවෙනි ලියුම කෙලින්ම මටම ලියපු එකක්… පොළ හින්ද බිස්නස් අඩු වුන කෙනෙක් කවදාවත් ලියුම් ලියන විදිය මේ වගේ වෙනස් කරන්නේ නෑ… ඉතින් මම හිතුව මේක කරන්න ඇත්තෙ අපි අතරම ඉන්න කෙනෙක් කියල….”
සමාධි විස්තර කලාය.
” ඉතින් සමාධි… හරියටම මේ දෙන්න කියල දැන ගත්තෙ කොහොමද?.. අර මම මුලින් සැක කරා වගේ අපේ අක්කගෙ මාමා වෙන්නත් තිබුනනෙ….” තාරක පැවසීය.
” ඉන්නකො පැටියො කියනකන්… මම ලියුම ප්‍රින්ට් කරල තිබුන කොළේ හොඳට බැලුවා.. ඒක ලේසර් ප්‍රින්ට් එකක්… කොළේ පොඩි වෝටර් මාක් එකක් තිබුනා… ඒ වෝටර් මාක් එක තිබුන කොළ තමයි අපේ සුපර් මාකට් එකේ ප්‍රින්ටර් එකෙත් තියෙන්නෙ……
” මගෙ අම්මෝ… ඔයා හොයාගෙන තියෙන දේවල්… ඔයා නම් ෂර්ලොක් හෝම්ස් වත් පරද්දනවා…..’ මධූෂා පුදුම වෙමින් කීවාය.
” වැරදි වැඩක් කරන කෙනෙක්ට මේ වගේ පොඩි දේවල් අමතක වෙනවා… පොලිසිය කම්පියුටර් ෆයිල් එක හොයා ගත්තා සකුනිගෙ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ තිබිලා… දෙන්න ෆයිල් එක හොරෙන් තියා ගත්තට ප්‍රින්ට් කරපු කොලේ ගැන හිතල නැහැ…..”
” ඉතින් ඉතින් කියන්නකො….’ උෂාන් ඉවසුම් නැති හඬින් කීය.
“සට කියල ස්ටාෆ් මීටින් එක තිබ්බට පස්සෙ තමයි මම දැන ගත්තෙ හරියටම මේ දෙන්න කියලා…. සර් මීටින් එකේදි පොළ නවත්තනව කිව්වම අනිත් ඔක්කොම දුක් වුනා… ඒත් මේ දෙන්නගෙ හිනා මූණ මම හොඳට දැක්කා…. ඉතින් ඒ හින්ද මගේ සැකය ගොඩක් හරි කියල මට හිතුනා… සකුනියි මේනකායි දෙන්න කොහොමත් මාත් එක්ක යටින් තරහයි…. ඉතින් මම D.I.G. සට විස්තරේ කිව්වා……. ඊට පස්සෙ වුන දේවල් ඔය ගොල්ලො දන්නවනෙ……’
“හඃ… ඔය දෙන්න පොලිසියට යන්න කළින් මගෙන් මැරුම් කෑවේ නැත්තෙ කෙල්ලො දෙන්නෙක් හින්ද… මිනිහෙක් එහෙම නම් මම බාගෙට මරල තමයි උසාවි යවන්නෙ…”
ඇති වූ කෝපය මැඩ පවත්වා ගනිමින් තාරක කීවේය.
” මොකෝ?…. එහෙම කරල ඔයත් හිරේ යන්නද?….. මම දන්නවා පැටියො ඔයා මට කොච්චර ආදරේද කියල…. ඒත් අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕන… නීතිය අතට ගන්න අපිට එහෙම ລາ….”
තාරක තුරුලු කරගත් සමාධි කීවාය.
එදින සන්ධ්‍යාවේ සමාධි සහ තාරක මුහුදු වෙරළේ සුපුරුදු ස්ථානයේදී ආදර සුවයෙන් කල් ගත කළෝය.
” සමාධි…මේ වුන සිද්ධිය නම් හරිම අප්සට් දෙයක් නේද ?… බලන්න.. ඔයා කිසිම වරදක් නොකරත් අර කෙල්ලො දෙන්න ඔයාට ජෙලස් වුනානේ… තව පොඩ්ඩොන් ලොකු විනාසයක් වෙන්න තිබුනා……” තමාට තුරුලු වී සිටි සමාධිගේ කම්මුල සිඹිමින් තාරක කීවේය.
” තාරක… මේ තමයි ලෝක යථාර්තය…..අපිට ජීවිතේදි එක එක විදිය මිනිස්සු හම්බ වෙනවා.. කරදර වලට මූණ දෙන්න සිද්ධ වෙනවා… අපි ඒවට ලෑස්ති වෙලා ඉන්න ඕන ….’
” ඔයා මම ළඟ ඉන්නකන් මම කිසිම දේකට බය නෑ සමාධි… ඔයත් එක්ක මට ඕන කන්දක් නගින්න පුලුවන්… ඕන කුණාටුවකට මූණ දෙන්න පුලුවන්… හැබැයි මට තියෙන එකම එක බය ඔයාට කරදරයක් වෙයි කියල… මට දරා ගන්න බැරි එකම දේ ඒක thamai…”
” තාරක.. ඔයා බය වෙන්න එපා…. ඔයා මගේ ළඟ ඉන්නකන් මට කිසිම දෙයක් වෙන්නෙ නෑ… මම ඔයත් එක්ක මේ ජීවිතේ ඉස්සරහට යනවා….”
” සමාධි… මගේ ජීවිතය ඔයා… මම ජීවත් වෙන්නෙ ඔයා හින්ද… ඔයා නැති ජීවිතයක් ගැන මට හිතා ගන්න බෑ කෙල්ලෙ…..” තාරක සමාධිගේ හිස ආදරයෙන් සිඹිමින් කීවේය.
” තාරක.. මටත් එහෙමයි මගෙ රත්තරන්…. මගේ හදවත ගැහෙන්නෙ ඔයා හින්ද…. ඔයා නැත්නම් මගේ හදවත නවතිනවා….” සමාධි තාරකගේ කම්මුල සෙමින් පිරිමදිමින් කීවාය.
” ඔයා මගේ ජීවිතයට දෙන හයිය කියල නිම කරන්න බෑ……මම ඉමෝෂනල් වුනාම ඔයා තැන්පත් වෙලා මාව සනසනවා… දැන් බලන්න මේ වුන දේ හින්දා මම තරහ ගිහින් කරන්න හදපු දේවල් පාලනය කරේ ඔයා… මගේ ජීවිතයෙ එළිය ඔයා මගෙ සමාධි වස්තුවෙ… මට ඔයා නැතුව බැහැ… මගෙ කෙල්ල… මගේ මැණික… 00000… ”
අසීමිත ආදරයෙන් පිබිදුන තාරක සමාධිගේ ආදරයෙන් පොපියන තොල් තදින් සිප ගත්තේය. ඔහුගේ ආදර හැඟිම් තදින් උද්දීපනය විය. හිරු බැස ගිය නිසා ඇති වූ අඩ අඳුර ඔහුගේ හැඟිම් තවත් පුබුදුවා ලීමට සමත් විය.
‘ත්..තා. තාරක..ම්.. මගෙ දෙයියො….”
තාරකගේ තොල් චුම්බනයෙන් ප්‍රමෝදයට පත් සමාධි සෙමින් මිමිනුවාය. අනුරාගී බව යන්තමට මුසු වූ සමාධිගේ ආදර කට හඬ නිසා තාරකගේ හැඟීම් පිටාර ගැලීය. සමාධිගේ බඳ වටා අත් යැවූ තාරක ඇය තදින් තුරුලු කර ගත්තේය. සමාධි ඔහුගේ ගෙල වටා අත් දමා තවත් තුරුලු වූවාය.
මේ ආලිංගනයෙන් කුල්මත් වූ දෙදෙනා වාඩි වී සිටි ගල් බැම්මෙන් බිමට පෙරලුනි. ඇඟේ වැලි තැවරුන බව ආදරයෙන් මත් වී සිටි දෙදෙනාට දැනුනේ නැත. වැල්ලේ තිබූ බිම්මල් දෙදෙනාට යහනක් මෙන් විය. දෙදෙනාගේ තොල් අගුලු වැටුනාක් මෙන් එකට තද විය. දෑස් පියා ගත් දෙදෙනා ආදර ලෝකයේ රස වින්දනය කරමින් එකිනෙකාගේ තොල් මී රස උරා බිව්වෝය.
මල් වයසේ පසුවන දෙදෙනාගේ අනුරාගි හැඟිම් ආදරයෙන්
මුසු වී පිබිදීමට පටන් ගැනින. තාරකට තම් පෙම්බරියගේ පහසින්
දැනුනේ ඇට ලේ මස් ඇතුලට කා වැදුනු වින්දනයකි. ඔහුගේ දෑත්
ඇගේ පිරිපුන් සිරුර පුරා දිවීමට පටන් ගති. ඔහුගේ උණුසුමින්
පෙළඹ වීමට පත් සමාධි ආශාවෙන් දැවෙන්නට වූවාය. ඇඳ සිටි
ගවුම ඉන අසලට එසවුන බව සමාධිට දැනුනාය. තම වටොර
ප්‍රදේශය උණුසුම් ලෙස පිරිමදින තාරක නැවැත්වීමට ඇය කිසිදු
උත්සාහයක් නොගත්තාය. තාරකගේ පහසින් ඇය කුල්මත් වූවාය.
ඔහුගේ අතැඟිලි ඇගේ යට ඇඳුම උඩින් ඇය ස්පර්ශ කලත් එය
නැවැත්වීමට තරම් ශක්තියක් ඇයට නොවීය. නැවැත්වීමට ඇයට
ඕනෑ කමක් ද නොවීය. එම ස්පර්ශයෙන් ඇය සම්භෝගයට පත්
වූවාය. ඇගේ හැඟීම් පිටාර ගැලීය. ඇය තවත් ඔහුට තුරුලු වූවාය.
සමාධිගේ ඇඟ ආදරයෙන් වෙලාගෙන ඇය සමග ආදර ලෝකයකට පිවිස සිටි තාරක එක් වරම දුන්නක් ගැස්සුවාක් මෙන් ඇගේ ඇඟ උඩින් නැගිට්ටේය.
ඔහු අධික පෙළඹවීමකට පත්ව සිටියේය. තරමක් හති දමමින් සිටි ඔහුගේ තරුණ පුරුෂ ජවය දැඩි ලෙස මෝදු වී තිබුනි. පුපුරා යාමට ආසන්න ඔහුගේ පුරුෂ ශක්තිය දුටු සමාධිගේ පෙළඹවීම සියලු සීමාවන් ඉක්මවා ගියේය.
” ත්.. තාරක… අ.අ.අ…අ.. එ. එන්න පැටියො මම ළඟට… මම දැන් ඔයාගෙ… ඇවිත් මාව හිර කර ගන්න…..” හැඟිම් පාලනය කර ගත නොහැකි වූ සමාධි මිමිනුවාය.
” එ..එපා සමාධි එපා… මට බැහැ එහෙම කරන්න…’ තාරක අමාරුවෙන් කීය.
” ඔයාට හොඳටම ඇවිස්සිලා තියෙන්නෙ… මටත් එහෙමයි… එන්න මම ළඟට.. මම ඔයාගේ කෙල්ල.. අපි එකතු වෙමු…. එන්න මම ළඟට පැටියෝ ඕඕ.අ.අ… “
” මට බැහැ සමාධීඊඊඊඊඊඊඊඊ….”
කෑ ගසා මෙසේ කියූ තාරක මුහුද දෙසට ගමන් කලේය. වැලි මත වැතිරී සිටි සමාධි නැගිට වාඩි වූවාය. තම අනුරාගී පෙළඹ වීමේ සළකුණු යට ඇඳුමේ සටහන් වී ඇති බව ඇයට පෙනුනි. සමාධිට සියුම් ලැජ්ජාවක් ඇති විය. වහා ඇඳ සිටි ගවුම පහතට දමා තාරක වෙත ගිය සමාධි ඔහුගේ උරහිස මත හිස තබා ඔහුට තුරුලු වූවාය. මුහුදු රළ ඔවුන්ගේ දෙපාවල ගැටුනි.
” සොරි තාරක…. මමයි වැරදි කාරි….. මට කන්ට්‍රෝල් එක නැති
” නෑ කෙල්ලෙ.. අපි දෙන්නටම කන්ට්‍රෝල් එක නැති වුනා……. ඒත් මම කොහොම හරි අන්තිමේදි පාලනය කර ගත්තා…..”
” මට හරි අස්සෙට් තාරක.. මමයි පාලනය කර ගන්න ඕන… මම ඔයාව ඇවිස්සුවා… ඔයා හොඳටම එක්සයිට් වුනා… මම මීට වඩා මාව පාලනය කර ගන්න ඕන.. මට මොනව වුනාද දන්නෙ නෑ තාරක..අනේ සොරි…..” සමාධිගේ ඇසින් කඳුලු වැටුනි.
” නැහැ කෙල්ලෙ… එහෙම වුනේ ඔයාගෙ මට තියෙන ආදරේ හින්ද…. ආදරේ වැඩි වුනාම මේ වගේ දේවල් වෙනවා………..මෙහෙම වුනාම දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි පාලනයක් තියෙන්න ඕන… ඒක අද මට තිබුනා.. අපි දෙන්න දෙන්නෙක් නෙමෙයි සමාධි……
” තාරක.. මීට පස්සෙ මම මෙහෙම වෙන්න දෙන්නෙ නෑ……”
” සමායි….. මම ඔයාව කිළුටු කරන්නෙ පෝරුවෙන් බැස්සට පස්සෙ මගෙ කෙල්ලෙ… ඒක ඉර හඳ වගේ විශ්වාසයි…..”
“මගෙ තාරක……..”
” මගෙ සමායි….”
දෙදෙනා නැවතත් ලා තොල් චුම්බනයක යෙදුනෝය.
” අපි දැන් යමු තාරක.. හොඳටම රෑ වෙලා…”
දෙදෙනා ආදර ලෝකයෙන් පියවි ලොවට පිවිසුනි.
එදින රෑ මැදියම් කාලයේ තාරක ගේ දුරකථනය නාද විය.
” අනේ තාරක….. මට නින්ද යන්නෙ නෑ අනේ…..’ සමාධිගේ කට හඬෙ ශෝකී බවක් ගැබ්වී තිබුනි.
” ඒ මොකෝ පැටියෝ ?…..”
” තාරක… මට හරිම අප්සට් අනේ… අද හැන්දෑවෙ වුන දේට….අනේ සොරි තාරක… මට මේක හිතෙන් අයින් කරන්න බෑ… මට කියන්න ඉන්නෙ ඔයා විතරයි…..”
” අයියෝ කෙල්ලේ… ඔච්චර ඕක ගැන හිතන්න එපා… දැන් ඒක ඉවරයි.. අනික ඉතින්… කිසිම දෙයක් වුනේ නැහැනෙ…
” ඒ වුනාට අනේ… කවුරු හරි මේව දැන ගත්තොත් ලැජ්ජාවෙ බෑ තාරක…. අපි කොහොමද මිනිස්සුන්ට මූණ ඉන්න
” සමාධි…..ආදරෙන් ඉන්න කපල්වලට මේ වගේ දේවල් ඕන තරම් වෙනවා… අනික සමාධි… අපේ ප’සනල් දේවල් වෙන කවුරුත්ම දැන ගන්න ඕන නෑ… අපි දෙන්නගේ රහස් ජීවිතය ගැන
දැන ගන්න ඕන අපි දෙන්න විතරයි…… ඒ හින්ද ඔයා මේකට ඔච්චර අප්සට් ගහන්න එපා… අපි දෙන්නගෙ රහස් ජීවිතය අපිට ඕන විදියට හදා ගන්න ඕන…… ඒව අනිත් අයට වැඩක් නෑ … ඒ එක්කම අනිත් අය කරන දේවල් අපිට ඕනත් නෑ…. ඔයා පෝරුවට නගින්නෙ පිරිසිදු කෙල්ලෙක් හැටියට.. ඒක අපි දෙන්නගෙම විෂ් එක… ඒක ඒ විදියටම සිද්ධ වෙනවා……’
“ම්ම්… තෑන්ක්ස් තාරක… ඔයා එක්ක කතා කරාම මට ලොකු සතුටක්… සහනයක් දැනෙනවා……”
” අපි දෙන්නට දෙන්න ඉන්නෙ ඒකටනෙ ළමයෝ……….අපි දෙන්නට දෙන්න ඕන වෙලාවෙදි හෙල්ප් කර ගන්නවා…. එකට ජීවිතය අරන් යනව කියන්නෙ ඒකට තමයි කෙල්ලේ….”
” ඔව් මට තේරෙනව තාරක… අපි දෙන්න ගහයි පොත්තයි වගේ තමයි…. අපි දෙන්න එකට ඉන්නකන් අපිට ජීවත් වෙන්න පුලුවන්…… මගේ හයිය ඔයා තාරක……. ඔයා මගේ පණ….”
” ම්ම්ම් මගෙ සමාධි බබා…හි.හි.හි.. දැන් ඔක්කොම අප්සට් හරි ගියා නේ ඉතින්….”
” අනේ ඔව් පැටියො… දැන් තමයි මම නෝමල් වුනේ…..”
“වෙරි ගුඩ්… එහෙනම් හෙට හවසටත් බීච් එකේදි මොනව හරි කරමු හරිද…..හි.හි.හි……”
” මේ… දෙනව මම ඔයාට හොඳ පාරක්… නරියා… ඉන්නකො… මම ගවුම කකුල් දෙකට තියල බැඳගෙන එනව මුකුත් කරන්න බැරි වෙන්න……හි.හි.හි….”
” ලස්සනට තියේවි… ඊට වඩා හොඳයි ජින්ස් ඇඳල සිප් එකට ඉබ්බෙක් දාගෙන එන්න……හි.හි….”
” ආපෝ… ඉබ්බා කඩන එක ඔයාට මහ දෙයක් නෙමෙයිනේ.. ?….”
” ඔව්.. ඉබ්බත් එක්ක වෙන දේකුත් කැඩෙන්න පුලුවන්…
” මේ… දඟයා. ළඟ හිටිය නම් කට මිරිකනව.. දන්නවද…….”
“කට නෙමෙයි… එහෙනම් මම වෙන දෙයක් මිරිකන්න දෙනවා……….. හි..හි…”
” ඔයාට මම කිව්වයි කියල හිතා ගන්න….. නරි පැටියා…. 3.3.8….”
” මේ… ඒක නෙමෙයි සමාධි… ඔන්න තවත් බාල්දියක් ළඟදිම පෙරලෙන්නයි යන්නෙ…..”
” ඒ පාර මොකද්ද බබෝ…….”
” අපේ අක්කගෙ නෑනා පොඩ්ඩ ඉස්කෝලෙ නිවාඩු දුන්නම අපේ ගෙදර එනවලු සැප ගන්න.. එයාට සැප ගන්න ඕන නම් යන්න ඕන තැන මම ඉතින් කියන්නෙ නෑ…”
“කවුද ඔයාට කිව්වේ?…….”
” කවුරුවත් නෙමෙයි….. එයාම තමයි… මට දැන් ටිකකට ඉස්සෙල්ල ඉඳන් දිගට හරහට ටෙක්ස්ට් එවනවා ……හරියට නිකන් මහ රැජින එනව වගේ අපි ඉතින් ලෑස්ති වෙලා ඉන්න ඕන….”
” අනේ ඉතින් ඒ ළමයා නිවාඩුවකට ආවම මොකද… ඔයාගෙත් නෑනා වෙනවනෙ…..”
” ඔය කිව්වේ ඉතින්… ඔයාට මේවා මුකුත් තේරෙන්නෙ නෑ සමාධි……….මෙයා එන්නෙ නිවාඩුවකට නෙමෙයි… මගේ ඇඟේ එල්ලෙන්න…. මට ඕකුන් හැරෙන කොට කියන්න පුලුවන්….”
” ඔයා කොහොමද එහෙම කියන්නෙ අනේ ?…..”\

” කොහොමද ?… එයා එවන ටෙක්ස්ට් වලින්ම කියන්න පුලුවන්… හරියට බෝයි ෆ්‍රෙන්ඩ්ට් යවන ටෙක්ස්ට් වගේ තමයි…..”
” ඉතින් ඔයා රිප්ලයි කරේ නැද්ද? ”
” ඔයාට පිස්සුද ?… මම එහෙමම ඩිලීට් කරල දැම්මා….”
” අනේ තාරක එහෙම කරන්න එපා… පව්නේ ඒ ළමයට….”
“ආ.. එතකොට ඔයා කියන්නෙ මට එයා එක්ක ලව් කරන්න කියලද ?….. ඔයාට නම් මඤ්ඤං සමාධි….”
” ලව් කරන්න නෙමෙයි ළමයො….. එයාට නංගි කෙනෙක්ට වගේ සළකන්න….. එතකොට එයා තේරුම් ගනී…… ඔයා සැර වෙන කොට එයත් මුරණ්ඩු වෙනවා…..”
” මේ සමාධි… එයා එන පොට මොකද්ද කියල මම දන්නවා…. දැක්කනෙ එදා වෙඩින් එකේදි නටපු ජෝගිය…. ඉන්නකො… මම එයා ඉස්සරහ ඔයාව කිස් කරනවා.. එතකොට තේරුම් ගනී …..?”
“මේ.. නිකන් පිස්සු වැඩ කරන්න එපා තාරක……. ඔයාට
පුලුවන් වෙන්න ඕන ඒ ළමයව හරි විදියට ටැකල් කරන්න…”
” අනෙ මේ සමාධි… මට එයාව ටැකල් කර කර ඉන්න ඕන කමක් නෑ … ඕකි ආපු ගමන් මම යනව උෂාන්ලගෙ ගෙදර.. ආපහු එන්නෙ ඕකි චුත වුනාට පස්සෙ……
” අයියෝ තාරක… ඔයා නම් පුදුම ළමයෙක් අනේ… ඒ ළමය ඔයාගෙ නෑදෑයෙක්…. ඔයාගේ නෑනා…. අපි නෑදෑයන්ට හරියට සළකන්න ඕන.. හැම එක්කෙනාම අපි වගේ හිතන්නෙ නෑ… ඔයාට දුෂානි නංගි එක්ක සහෝදරියක් වගේ රිලේෂන්ෂිප් එකක් හදා ගන්න පුලුවන් වෙන්න ඕන… ඔයාට ගල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටිය කියලා අනිත් අය පැත්තකට දාන්න එපා… දුෂානි වැරදි පාරක යන්න හැදුවොත් අයියා කෙනෙක් හැටියට එයාට ඒක පෙන්නල
දෙන්න… ඔයා මේ විදියට මුරණ්ඩු වුනොත් ඒක ඔයාගේ ෆැමිලි එකට හොඳ නෑ……”
” අනේ මේ සමායි.. මට ඔයාගෙ බණ තේරෙන්නෙ නෑ…හරි.. මම බලන්නම් ම්කො… හැබැයි ඕකි වැඩිය දඟලන්න ආවොත් මගේ හැටි බලාගන්න පුලුවන්…..”
” හරි හරි පැට්ටෝ… කේන්ති ගන්න එපා… මේ දැන් රෑ එකත් පහු වෙලා… අපි නිදා ගනිමු… හෙට වැඩට යන්නත් ඕනනෙ…
‘ හොඳයි සමාධි… එහෙනම් ගුඩ් නයිට් ඇන්ඩ් ස්වීට් ඩ්‍රීම්ස්…..”
” ගුඩ් නයිට් මයි ලව්… ස්වීට් ඩ්‍රිම්ස් ෆො යූ ටු….”
පාසල් වාර නිවාඩුව ආරම්භ වී දින දෙකකින් දුෂානි නිවාඩුව ගත කිරීමට තාරකගේ නිවසට පැමිණියාය. ඇය පැමිණියේ තම පියාගේ සුඛෝපභොගී මෝටර් රථයෙන් නොව සාමාන්‍ය බස් රථයකිනි. සිය ගමන් බෑගය කරේ එල්ලා ගෙන නිවසට පැමිණි දුෂානි දුටු තාරකගේ මව මහත් පුදුමයට පත් වූවාය.
” ස්….අනේ දුව… ඇයි ඔයා බස් එකෙන් ආවේ?…
බස් එකෙන් බැහැල පයින්මද ආවෙ?. අයියෝ… කලින් කිව්ව නම්
මම ත්‍රී විල් එකක් ලෑස්ති කරනව බස් ස්ටෑන්ඩ් එකේ ඉඳල එන්න…..” මහත් සේ කම්පනයට පත් මව කීවාය.
“නෑ නැන්දේ…. මට හිතුන බස් එකේ එන්න ඕන කියල… අයියෝ… මේ ටික පයින් එන එක මහ දෙයක් නෙමෙයි… අපි කෑම්පින් ගියාම මීට වඩා ඇවිදිනවා….”
දුෂානි” නැන්දා’ කියා තමාට ආමන්ත්‍රණය කිරීම ගැන තාරකගේ මව ප්‍රීතියෙන් පිනා ගියාය. ඇය සිංහල ඇමතුම් වලට පුරුදු වී ඇතැයි ඕ සිතුවාය.
දුෂානි ඇයට වැඳ ආචාර කිරීම නිසා මව තවත් සතුටට පත් වූවාය. ඇය දුෂානිගේ හිස සිම්බාය.
” ෆූඌඌ… ඔයාගෙ ඔලුවට හොඳටම දාඩිය දාල දුව… අනේ ඇයි ඔයා අපිට කෝල් කරල කිව්වේ නැත්තෙ?… මම කොහොම හරි වාහනයක් එවනවනෙ.. බලන්නකො දු.. ඔයාගේ ටී ෂට් එකත් දාඩියෙන් තෙමිල…..”
” අනේ නැන්දෙ ඒකට කමක් නෑ … මම ගොඩක් එන්ජෝයි කරා මේ වෝක් එක…. කොළඹ වගේ නෙමෙයි… හරි ලස්සනයි මේ පැත්ත….”
” එන්න දු… ඔය ඇඳුම මාරු කරල වොෂ් එකක් අර ගන්න…. මම කෑම ලෑස්ති කරන්නම්…”
“අනේ හදිස්සියක් නෑ නැන්දේ.. මට එව්වර බඩගිනි නෑ… පස්සෙ පුලුවන්…”
” එහෙනම් ඉන්න මම තේ ටිකක් හදන්නම්… මම ඔයාටම කියල වැලි තලප ටිකක් හැදුවා…… ඔයා ආස වෙයි….”
” ම්ම්.. ෂෝක් නැන්දේ…. කෝ.. තාරක අයියා ඉන්නවද?…”
” නෑ වූ.. අයියයි මාමයි වැඩට ගිහිල්ල.. හැන්දෑවට ඒවී….. එන්න දු… මම ඔයාට අක්කගෙ කාමරේ ලෑස්ති කරා…අනේ දු.. බෙඩ් රූම් එකේ නාන කාමරයක් නම් නෑ… ඔයාට ගෙදර තරම් සැප පහසු කම් නම් නැහැ දු…..”
” අනේ නැන්දෙ.. ඒකට කමක් නෑ…. මම ආසයි මේ ගෙදරට.. හරිම සනීපයක් දැනෙනව… “
” ආපෝ දු… ඔයාට තව ටිකකින් එපාවෙයි.. ගෙදර වගේ මෙහෙ ඉතින් ඒසී නැහැනෙ.. ෆෑන් එක විතරයි තියෙන්නෙ…….”
” මට ෆෑන් එක ඇති නැන්දෙ… මම හරි ආසයි මේ වගේ ගමේ ලයිෆ් එකට….
” ම්ම්.. මගෙ ෂෝක් දු.. ඔයාට ඕන තරම් කල් මෙහෙ ඉන්න දු … අපි හරිම ආසයි ඔයා ඉන්නවට.. අක්කා ගියාට පස්සෙ අපිට හරි පාළුයි දූ.. කොහෙද ඉතින්.. මේ තාරක අයියා කොයි වෙලාවකවත් ගෙදර නැහැනෙ…… එහෙනම් වොෂ් එකක් අරගෙන පොඩ්ඩක් රෙස්ට් කරන්න… මම තුවායක් කාමරේ තිබ්බා…”
“තැන්ක්ස් නැන්දෙ…”
දුෂානිගේ හැසිරීම ගැන තාරකගේ මව අතිශයින්ම පැහැදීමට පත් වූවාය. ඇය යම් සංයමයකට පත් වී තිබීම ඇයට සතුටක් ගෙන දුන්නේය.
එදින සවස් යාමයේ තාරක නිවසට පැමිණියේ නුරුස්නා ස්වරූපයකිනි.
” මොකද පුතා…. නිකන් කේන්තියෙන් වගේ?…” මට ඇසුවාය.
” නෑ අම්මේ… මට දැන් මේ ෆාමසියේ වැඩ එපා වෙලා තියෙන්නෙ… බලන්න… මේ හදිස්සියෙ ස්ටොක්ස් වෙක් කරන්න කිව්වා.. දැන් ඉතින් ඔක්කොම තියෙද්දි අද රෑ වෙනකන් මේ පොත් වල ගණන් බැලන්ස් කරන්න ඕන… ෂික්… අද හැන්දෑවෙ මම සමාධි එක්ක ගමනක් යන්න හිටියෙ.. දැන් ඒක කරන්න බෑ… ෂික්.. මට ඇති වෙලා තියෙන්නෙ අම්මෙ….?”
” අනේ පුතා.. ඔයාට වැඩ කරන්න අමාරු නම් ඔය ෆාමසි එකෙන් අයින් වෙන්න… ඔයා දොස්තර කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්… ඉතින් මේ වගේ නැහෙන්න ඕන නෑනෙ.. අනික ඔයාට රස්සාවක් කරන්න උවමනාවකුත් නැහැනෙ….”
” නෑ අම්මෙ… මම එහෙම දාලා යන්නෙ නැහැ.. සමාධි මට කියල තියෙන්නෙ කිසිම දේකින් පස්සට යන්න එපා කියල… මම වැඩ කරන්නෙ ඒ විදියට තමයි…..
” හ්ම්…. ඔයාගෙ කැමැත්තක් පුතා… ඒත් ඔයා මේ වගේ නිකන් කරදර වෙන්න ඕන කෙනෙක් නෙමෙයි… මේ.. ඒක නෙමෙයි.. අන්න දුෂානි නංගි අද දවල් ආවා…….”
” ආ.. එයා ආවද ?… කෝ දැන් ?……” තාරක ගණන් පොත් මේසය උඩට විසි කරමින් ඇසීය.
” අන්න කාමරේට වෙලා ඉන්නව… වැඩිය එළියට ආවෙ නැහැ ගෙදර කවුරුත් නැති හින්දා….
” හඃ… කාමරේට වෙලා මොනව කරනවද දන්නෙ නෑ….” තාරක උපහාසයෙන් කීය.
” මේ පුතා…. ඒ ළමයගෙ හිත රිදෙන්න එහෙම අරවා මේවා කියන්නෙ නෑ… තේරුනාද? .” මව සෙමින් කීවාය.
“ආආ…. එයා හොඳට අම්මට බටර් එක ගාලා ෂේප් කරගෙන තියෙන පාටයි…… අම්මට එයාව ලේලි කර ගන්න ඕන නම් වෙන පුතෙක් හොයා ගන්න වෙයි… හරිද?….”
” නිකන් පිස්සු කතා නොකිය ඉන්න පුතා… ඒ ළමයට එහෙම ඕන කමක් නෑ… මාත් එක්ක හරිම ලස්සනට හරිම හුරතල් විදියට කතා කරා… කොහෙද ඉතින්.. ඔයාට ඒ ළමයව පේන්න බැහැනෙ.. මේ…. ..අඩු ගානෙ ඒ ළමයා ඔයාගෙ නෑනා කියලවත් ගාණක් ඇතුව ඉන්නකො…..”
“ම්… නෑනා තමයි…..” මෙසේ කියූ තාරක ඔහුගේ කාමරයට ගියේය.
තාරකගේ කට හඬ ඇසුන දුෂානි සිය කාමරයෙන් එළියට ආවාය.
” නැන්දෙ… තාරක අයියා ආවා නේද?… මට කතා කරනවා ທາ…”
” ඔව් දු ඔය ආවේ.. ආපු වෙලේ ඉඳන් තරහ ගිහිල්ලා….. මේ ෆාමසි එකේ මොකද්ද වැඩක් කරන්න තියෙනව කියල….”
” අනේ නැන්දෙ. අයියට පොඩ්ඩක් එන්න කියන්නකො… මම ගොඩ කාලෙකින් දැකලත් නැහැනෙ…..”
“අනේ මන් දන්නෙ නෑ මේ ළමයට මොනව වෙලාද කියල…. මම කතා කරන්නම්…. දු ගිහින් මේසෙට වාඩි වෙන්න.. දැන් තේ බොන වෙලාවනෙ…
” හා නැන්දෙ… තවම මාමා ඇවිත් නෑ නේද?…..”
“ආපෝ.. එයා එනකොට රෑ වෙයි…..”
දුෂානි තේ මේසයට ගියාය. ස්වල්ප වෙලාවකින් රවා ගත් මුහුණින් යුතුව තාරකද මේසයට වාඩි විය.
“හලෝ තාරක අයියා.. කොහොමද ?…”
‘ හ්මි.. වරදක් නෑ නංගි….. ඔයාට කොහොමද?….”
” හොඳින් ඉන්නව අයියෙ… අද දවල් තමයි ආවෙ….”
“….”
” අයියා හැමදාම වැඩ ඇරිල එන්නෙ මේ වෙලාවටද?……”
” අයියා හැමදාම වැඩට යනවද?……”
“….”
” අනේ මොකද්ද අයියෙ.. හැම එකටම බකමුණෙක් වගේ හුම් හුම් ගාන්නෙ…. ඔයා මාත් එක්ක තරහද ?…”
දුෂානි ඇඬුම් මුහුණින් ඇසුවාය.
” මේ පුතා… මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ ආ?. නංගි මෙව්වර ලෙන්ගතු විදියට ඔයා එක්ක කතා කරනවා.. ඔයා නිකන් නුහුරට ඉන්නවා……” උරණ වූ මව කීවාය.
” අයියට මහන්සි ඇති නැන්දේ…. ගොඩක් මහන්සි වෙලානෙ ඉන්නෙ… මම පස්සෙ කතා කරන්නම්….”
එවිටම තාරකගේ දුරකථනය නාද විය.
“හලෝ සමාධි… අනේ බලන්න කෙල්ලෙ… මේ කෙහෙම්මල් ෆාමසියෙ ස්ටොක් බුක්ස් ටික හෙට උදේට බැලන්ස් කරල දෙන්න ඕන.. අනේ පැටියො අද අර ගමන යන්න විදියක් නැහැ …ආ.. හරි.. ෂුවර් කෙල්ලෙ… අපි හෙට යමු.. අද ගියා නම් තමයි හොඳ… දැට්ස් ඕකේ… ටේක් කෙයා……. .බුදු සරණයි…..”
තාරක දුරකථනය මේසය උඩට විසි කළේය.
” ෂි ……“ කෝපයට පත් තාරකට කියවුනි.
” අයියා අද සමාධි අක්කි එක්ක ගමනක් යන්න ප්ලෑන් කරල ລູທ?…..”
” ඔව්….” තාරක කිසිම හැඟීමකින් තොරව කීය.
” ඉතින් මේ ස්ටොක් වැඩේ හින්දද යන්න බැරි?…..’
” ඒක හෙට උදේට දෙන්න ඕනද ?……”
” ඔව් ළමයො ඔව්… මොකද්ද මේක නිකන් උසාවියක් වගේනෙ…. ප්‍රශ්න වැලයි…….”
මේසයේ හිස තබාගත් තාරක කීවේය.
” අනේ අයියෙ.. ඔයාට තරහ ගන්න දෙයක් මම කිව්වේ නෑ…. මේ අයියෙ… ඕක කරන විදිය මට කියල දෙන්න.. මම කරල දෙන්නම්…. අයියා සමාධි අක්කි එක්ක ප්ලෑන් කරපු ගමන
“…. ¨ හිස එස වූ තාරක පුදුමයෙන් ඇසීය.
” ඔව් අයියෙ… මට පුලුවන්.. නම්බස් බැලන්ස් කරන්නනෙ තියෙන්නෙ… මම කරල තියන්නම් හෙට උදේට ගෙනියන්න පුලුවන් වෙන්න… මට ඉතින් වෙන වැඩක් නැහැනෙ…..”
තාරකට මෙය අදහා ගත නොහැකි සිදුවීමක් විය. දුෂානි පිලිබඳව ඔහුගේ සිතේ තැන්පත් වී තිබුනේ සෘණාත්මක ආකල්පයකි. එහෙත් දුෂානිගේ මේ ඉඟිය නිසා තාරක වික්ෂිප්ත භාවයකට පත් විය. දුෂානිගේ යම් වෙනසක් ඔහුට පෙනෙන්නට පටන් ගත්තේය. ඇගේ මුහුණේ ඇඳී තිබුන අහිංසක පෙනුම ඔහුගේ උරණ වූ සිතට සහනයක් ගෙන දීමට සමත් විය.
” නංගි…. ඔයාට මේක කරන්න අමාරුයි…. අනික මම කොහොමද නිවාඩුවට ආපු ඔයාගෙන් මේ වගේ වැඩ කර ගන්නේ…. ඒක හරි නැහැ …..”
” පිස්සු නැතුව ඉන්න අයියෙ.. නිවාඩුවට ආව කියල මට නිකන්ම ඉන්න පුලුවන්ද ?…. අනික දැන් රෑ වෙන්නත් ළඟයි.. ඉතින් මට වෙන කරන්න වැඩකුත් නැහැනෙ.. මම ඕක කරන්නම්.. අයියා අක්කිත් එක්ක ඒ ගමන යන්න… කරන විදිය මට කියල දෙන්නකො…”
” ඉතින් බලන්න පුතා.. නංගි කොච්චර හොඳද කියලා…. ඔයා නිකන් කිසිම හේතුවක් නැතුව ඒ ළමයට පුම්බනවා… ඔච්චර කුහක වෙන්න එපා පුතා….” මව කීවාය.
” අනේ නැන්දෙ. අයියට එහෙම කියන්න එපා.. අයියා මහන්සි වෙලානෙ ගෙදර ආවේ.. එහෙනම් අයියෙ මට කියල දෙන්නකො වැඩේ කරන විදිය….”
මේ පෙරළියේ ආශ්චයය තාරකට වටහා ගැනීමට අමාරු විය. දුෂානිගේ භාෂා විලාශයද වෙනස් වී ඇති බව ඔහුට තේරුම් ගියේය. මේ නිසා ඔහුට දුෂානි ගැන සහෝදර ලෙන්ගතු‍ කමක් ඇති වෙන්නට පටන් ගත්තේය.
තාරක දුෂානි දෙස ඒ සහෝදර ස්නේහය ඉස්මතු වී පෙනෙන බැල්මකින් ඇස පිය නොහෙලා බලා සිටියේය. දුෂානි දයාව මුසු දෑසින් තාරක සමග අහිංසක ලෙස සෙමින් සිනාසුනාය. නාදළු වන් ඇගේ ‍දෙතොලේ ඇඳුනු ඒ සිනාව තුලින් ආදර නැගෙණියකගේ ප්‍රතිබිම්බය තාරකට පෙනෙන්නට විනි. ඔහුට දැනුනේ විස්තර කල නොහැකි හැඟීමකි. තාරකගේ මේ ඉරියව්ව නිසා සහෝදර ආලයේ බීජය සිතට ඇතුලු වුන දුෂානිට ද එවැනිම හැඟීමක් ඇති විය.
” හොඳයි නංගි… මම ඔයාට කියල දෙන්නම්.. ඔයාට පුලුවන් නම් එක්සෙල් ප්‍රෙඩ්ෂීට් එකකට දාල කරන්න…”
” ෂුව ‘ අයියේ… මම එහෙම කරන්නම්…. මම එක්සෙල් වලින් ගොඩක් වැඩ කරල තියෙනව…….
දුෂානිට කාර්යය කරන ක්‍රමය කියා දුන් තාරක දුරකථන පණිවිඩයකින් දැනුම් දී කළින් සැලසුම් කල ගමන යෑමට සමාධි හමුවට ගියේය.
” සමායි.. මට නම් මේක අදහා ගන්නත් බෑ.. මේ කෙල්ල ඇත්තටම හැදිලද… එහෙම නැත්නම් මවා පෑමක් කරනවද කියල….”
සමාධි සමග ගමන යෑමට පිටත් වූ තාරක ඇයට විස්තරය කීවේය.
” තාරක.. ඔයා ඉතින් හැම දෙම නුහුරට බලන්නෙ…දුෂානි නංගි එහෙම හැදිල කියල අපි විශ්වාස කරමු…….අපි පොසිටිව් විදියට හිතමුකො…. එහෙම හිතාගෙන එන දේකට මූණ දෙමු…”
” මට තේරෙන්නෙ නෑ සමාධි.. මේකි අර ඉස්සර හිටිය කෙල්ල නෙමෙයි… ඔය කෙල්ලො මාර කට්ටයි.. මට නම් හිතා ගන්න බෑ… මේක ඇක්ටින් පාරක්ද දන්නෙ නෑ…
” තාරක… ඇක්ටින් හරි නැතුව හරි.. දුෂානි නංගි දැන් හොඳින් ඉන්නවනෙ. අපි ඒක අගය කරමු……මොනව වුනත් අක්කා ගමේ ගති තියෙන ගල් කෙනෙන්නෙ දැන් කොළඹ හිටියට.. ඉතින් සමහර විට අක්කගෙ ඒ ගති නංගිට පුරුදු වෙලා ඇති…. කොහොම වුනත් අපි වතමානයේ ජිවත් වෙමු තාරක.. ඉස්සරහට වෙනස් වුනොත් අපි ඒක ඒ වෙලාවට බලා ගනිමු…..
” අනේ මන් දන්නේ නෑ සමාධි.. මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නෙ මේ කෙල්ල හින්දා…”
” අයියෝ පැටියෝ… ඕක ඔලුව අවුල් වෙන්න දෙයක්ද?.. ඔයත් ආසාවෙන් හිටියනෙ නංගියෙක්ට… උෂාන්ටයි පසිඳුටයි දෙන්නටම ෂෝක් නංගියො ඉන්නව…. ඔන්න දැන් ඔයාටත් ඒ වගේ නංගියෙක් ඉන්නවා… ඉතින් ඒකට සන්තෝස වෙන්නකො…”
තාරකගේ හිස ආදරයෙන් පිරිමදිමින් සමාධි කීවාය. එදා රාත්‍රියේ සමාධි ඇගේ නිවසට ඇරලවා තාරක ගෙදර පැමිණෙන විට රාත්‍රී එකොළහත් පසු වී තිබුනි.
”නංගි නිදිද අම්මේ?…..’ නිවසට පැමිණි විගස තාරක මවගෙන් ඇසීය.
“ම්.. දැන් ටිකකට ඉස්සෙල්ල තමයි කාමරේට ගියේ.. බලන්න.. ඒ ළමයා රෑට කන එකත් පරක්කු කරල ඔයාගෙ වැඩේ කරා.. මට හරියට දුක හිතුනා… ඉතින් මම බලෙන්ම වගේ රෑ කෑම
දුන්නා…තාත්තත් හරිම සන්තෝස වුනා එයා ගැන…… තාත්තා එක්කත් හරිම හුරතල් විදියට කතා කරා…අන්න වැඩේ ඔක්කොම ඉවර කරලා පොත් ටික මේසෙ උඩ තිබ්බා… තව මොකද්ද ෂීට් එකක් හදල කම්පියුටර් එකේ තියෙනව කිව්වා… මට ඕවා තේරෙන්නෙ නෑ… උදේට ඔයාටම කියන්න කිව්වා……”
පරිගණකය විවෘත කොට බැලූ තාරකට දුෂානි කාර්යය මනා ලෙස සිදු කර ඇති බව වැටහුනි.
“ම්ම්… නංගි වැඩේ හරිම පිළිවෙලට කරල තියෙනව අම්මෙ.. මට නම් මේක විස්වාස කරන්නත් අමාරුයි…”
” ඔයා හරිම නරකයි පුතා.. ඒ ළමයට හැන්දෑවේ පුම්බපු විදිය..”
ම්… නංගි නිදිද දන්නෙ නෑ… ඉන්න මම පොඩ්ඩක් ගිහින් බලලා එන්න….”
“මේ… ඔයාට විකාර ද ගෑණු ළමයෙක්ගෙ කාමරේට එහෙම යන්න……. ඉන්න මාත් එනව…”
තාරක මවත් සමග දුෂානිගේ කාමරයට ගියේය. කාමරයේ දොර වසා තිබුනේ නැත. මේස විදුලි පහන දැල්වෙමින් තිබුනි. දොර තිරය මදක් පසෙකට කල තාරක සෙමින් කාමරය තුලට හිස පෙව්වේය.
කුඩා මල් වැටුන රෝස පැහැති දිග පිජාමා කළිසමකින් සහ එයට ගැලපෙන උඩ ඇඳුමකින් සැරසී කොට්ටයක් තුරුලු කරගෙන පැත්තකට හැරී නිදා සිටි දුෂානි දුටු විට තාරකට මහත් වූ පහන් සංවේගයක් ඇති විය. ඇගේ මුවගේ සිහින් සිනාවක් ඇඳී තිබෙනු තාරක දුටුවේය. කොණ්ඩය මදක් අවුල් වී තිබුන හෙයින් ඇගේ දඟකාර සුරතල් පෙනුම ඉස්මතු වී පෙනෙන්නට තිබුනි.
තාරක ධ්‍යානයකට සමවැදුනාක් මෙන් ටික වේලාවක් නිදි ලොවට පිවිසුන දුෂානි දෙස බලා සිටියේය. ඔහුගේ සිතේ ඇය ගැන මහත් වූ සහෝදර ලෙන්ගතුකමක් ලියලා වැඩෙන්නට විය. ඇය තමාගේම නැගෙණියක ලෙස ඔහුගේ චිත්ත සන්තානයට දැනෙන්නට විය. සුරතල් නැගෙණියක් නිසා හටගත් සහෝදර ආලයෙන් ඇයගේ කම්මුලට හාදුවක් දීමට ඇති වූ ආශාව ඔහු මැඩ ගත්තේ අමාරුවෙන්ය. ඔහුගේ දෑසට කඳුලු පිරුනි.
” අම්මෙ… මට නංගි ගැන ලොකු ආදරයක් හිතෙනව……” තාරක සිය මවට කොඳුරා කීවේය.
“ම්ම්.. ඔව්.. මට තේරුනා පුතා… දැන් නංගිට නිදා ගන්න දෙන්න…. හෙට උදේ කතා කරන්නකො….”
ඇඳ අසලට ගිය තාරක පොරෝණය දුෂානිගේ ඇඟ උඩින් ඵලුවේ උතුරා යන සහෝදර ප්‍රේමයකින්ය. ඉතා මෘදු ලෙස ඇගේ හිස පිරිමැදි තාරක විදුලි පහන නිවා දමා මව සමග කාමරයෙන් පිට විය.
පසුදින අවදි වූ තාරක මුව දෝවනය කොට කෑම කාමරය දෙසට ගියේය. දුෂානි මේසයට වාඩි වී සිටිනු දුටු ඔහු පුදුමයට පත් විය.
” ගුඩ් මෝනින් තාරක අයියා….. යූ හැඩ් අ ගුඩ් ස්ලීප් ?…..”
” ගුඩ් මෝනින් නංගි… ඉයස්.. අයි ස්ලෙප්ට් වෙල්….”
” අනේ සොරි තාරක අයියා.. මට ඊයෙ රෑ ඔයා එනකන් ඉන්න බැරි වුනා… මහන්සියට නින්ද ගියා අනේ… ඒත් මම වැඩේ කරල
” අනේ ඒකට කමක් නෑ නංගි… තෑන්ක් යූ සෝ මව්.. ඔයා ෂෝක් එකට කරල තිබුනා… ලොකු හෙල්ප් එකක් ඔයා කරේ….”
” යු ආ වෙල්කම් තාරක අයියා….
” නංගි… මට තාරක අයියා’ කියන්නෙ නැතුව නිකන් ‘අයියා’ කියන්නකො…. මම ඔයාගෙ අයියා වගේනෙ…”
” ම්.. ඔව් මම දන්නවා… ඒත් ඉතින් මට අයියා කෙනෙක් ඉන්නවනෙ.. ඔයාගේ මවං…හි.හි.හි… එයා මගේ අයියා…
ඔයා මගේ තාරක අයියා…නේද ?…”
” අම්මේ… ඔයත් එක්ක නම් කතා කරල දිනන්න බෑ නංගි….හරි හරි… ඔයාට ඕන විදියකට කියන්නකො….”
” ඕ…ඩෝන්ට් බී සෑඩ් අයියා… හරි මම ඔයාටත් අයියා කියල කියන්නම් කො… හි.හි.හි… මේ.. ඔයා බෙඩ් ටී එක ගත්තද ?…..”
” ඉන්න මම ගෙනත් දෙන්නම්… නැන්දා කිවන් එකේ
” මේ පිස්සුද නංගි…. ඔයා ඉන්න… මම ගිහින් ගන්නම්….”
” ඔහොම ඉන්නකො… පිස්සු නැතුව… දැන් ඔයාමනෙ කිව්වෙ ඔයා මගේ අයියා කියලා…. ඉතින් නංගි අයියට තේ එක ගෙනත් දුන්නම මොකද.. නේද?…”
“මේකි එක්ක නම් කතා කරල දිනන්න බෑ….” තාරක තමාටම කියා ගත්තේය.
” ඔයා පිජාමා එක ඇන්දම හරිම ලස්සනයි… හරිම හුරතල් විදියට පේනව නංගි…..” තේ පානය කරමින් තාරක කීවේය.
” මම ඉතින් හැමදාම පිජාමා තමයි ඇන්දේ…… සමාධි අක්කි පිජාමා අඳින්නෙ නැද්ද?…”
” නෑ… එයා නයිටීස් තමයි රෑට අඳින්නෙ….”
” ආ ආ ආ ආ… ඒ කියන්නෙ අක්කි නයිටීස් ඇඳගෙන ඉන්නව දැකල තියෙනව නේද… ඉන්නකෝඕඕඕ… මම නැන්දට කියනවාආආ…..”
දුෂානි තාරකගේ කම්මුලට තට්ටුවක් දමමින් කීවාය.
” අ..නෑ.. මෙ… මම.. මම එහෙම දැකල නෑ … අඳින එක දන්නව විතරයි….”
” ඉතින් මොකෝ අයියේ… අක්කි ඔයාගෙ ලව් එකනේ…. ඉතින් නයිටි වැඩ පොඩ්ඩක් කරාට මොකෝ වෙන්නෙ… ෂෝක්නෙ එතකොට නේද ?……හි.හි.හි…”
” ෂේෂ්.. මේ නංගි… හෙමින් කියන්න… අම්මටයි තාත්තටයි ඇහුනොත් මාර කෙළියක් තමයි වෙන්නෙ….”
” ආසයි බයයි නේද…. හොරා… හි.හි.හි….”
” දෙනව මම උඹට පාරක්… දඟ කෙල්ල…..”
පියා, මව, තාරක සහ දුෂානි එකට මේසයට වාඩි වී උදෑසන ආහාරය භුක්ති වින්දෝය. දුෂානිගේ හැසිරීම සහ කතා විලාශය තිදෙනාම මහත් පැහැදීමකට පත් කිරීමට සමත් විය. කලකට ඉහත සංකර ලෙස හැසිරුනු දුෂානි සංවර භාවයකින් මෙසේ කටයුතු කිරිම ඔවුන්ගේ පුදුමයට මෙන්ම සන්තෝසයටද හේතු විය. තාරකට ඇති වූ හැඟීම විස්තර කිරීමට අපහසු විය. ඔහු දුෂානිට මහත් සේ ඇලුම් කරන්නට විය.
” අයියා.. ඔයා දැන් වැඩට යනවා නේද ?…”
ආහාරය නිම වූ පසු දුෂානි ඇසීය.
” ඔව් නංගි…. ඔයාට මොනව හරි ඕනද ?……’
තාරක ඇසීය.
” අයියා ළඟ සිංහල MP3 සින්දු තියෙනවද?… තියෙනවනම් මට දෙන්නකො හොඳ සින්දු ටිකක්… මම අහන්න ආසයි… මම ළඟ තියෙන්නෙ ඉංග්ලිෂ් චාට් නම්බස් විතරයි………
“ ෂා.. හරිම ෂෝක් නෙ නංගි… ඔයා සිංහල සින්දු වලට ආසා කරන එක… මට මාර හැපී නංගි ඔයා ගැන… මගේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක ඔයාට දෙන්නම්.. ඒකෙ අලුත් ලව් සෝන්ග්ස් ටිකක් තියෙනව… ඔයා ආසාවෙයි……’
“ම්ම්.. තෑන්ක්ස් අයියා… ලව් සෝන්ග්ස් හොඳ ඉතින් ඔයාටනෙ.. හි.හි.හි…”
” මොකෝ?.. ඔයා දැන් නාකි ආච්චියෙක්ද..හි.හි.හි..”
” අයියෝ.. මම විහිළුවට කිව්වෙ අනේ…..මේ අයියෙ…. මම අද උදේ පොඩ්ඩක් යනව ටවුන් එකෙයි.. ෆෝට් එකෙයි පොඩ්ඩක් ඇවිදින්න… ෆෝට් එක උඩට ගියාම මූද ලස්සනට පේනවලු ທ…”
” මේ නංගි…. ඔයා තනියම කොහෙවත් යන්නෙ එහෙම නෑ හරිද?… ඔයා වගේ ලස්සන කෙල්ලෙක් තනියම ගියොත් හොඳට තියේවි… මම ඔයාව එක්ක යන්නම් අද හැන්දෑවට.. තනියම කොහෙවත් යන්නෙ නෑ හරිද …… තාරක තදින් කීය.
” ඒ මොකෝ අයියෙ?…කවුරු හරි මාව උස්සන් යාවිද..
” නංගි… විහිළු නෙමෙයි හරිද…… ඔයා වගේ ලස්සන කෙල්ලෙක් දැක්කොත් මේකෙ ඉන්න අසහන කාරයින්ට පිස්සු හැදෙයි…. ඒ හින්ද ඔයා යන තැනක යන්නෙ මාත් එක්ක තේරුනාද? … මුරණ්ඩු වෙන්න විතරක් එපා…….”
” අම්මෝ ඕඕඕ….. සැර විතරක්…. ඔයා නම් අයිය කෙනෙක්ම තමයි…….මගේ අයියවත් මට මෙච්චර ආදරේ නෑ අනේ… එයා මම යන එන තැන් මොනව ගැනවත් හොයන්නෙ නෑ…
” ඔයාට මොකෙක් හරි අත තියල තිබුනොත් මම ඌව මූදෙ ගිල්ලනවා…..
” ඔයා මට මෙච්චර ආදරෙයි කියල මම හිතුවෙ නෑ අයියෙ… අනේ අයියෙ… ඒ වුනාට අයියට මාත් එක්ක යන්න බැහැනෙ… ඔයාට සමාධි අක්කිව හවසට මීට් වෙන්න ඕන නෙ…” තාරකගේ අත අල්ලා ගත් දුෂානි සුරතල් බසින් කීවාය.
“ම්.. මම කියන්නම් නංගි…… එහෙනම් අද හවසට අපි තුන් දෙනාම මීට් වෙලා ඇවිදින්න යමු…. ඔයත් ආස ඇතිනෙ සමාධි අක්කිව මීට් වෙන්න…”
” ෂා.. හරි ෂෝක් අයියෙ.. මමත් හරිම ආසයි අක්කිව මීට් වෙන්න… අක්කි මාත් එක්ක තරහෙන් ඉන්නවද දන්නේ නෑ එදා වෙඩින් එකේ වුන දේවල් හින්ද…..
” අයියෝ පිස්සුද නංගි……. සමාධි අක්කි තරම් ලස්සන හිතක් තියෙන කෙනෙක් මම දැකල නෑ… එයා ඔයාට ගොඩාක් ආදරේ වෙයි….. එහෙනම් නංගි හවසට ලෑස්ති වෙලා ඉන්න…. මම ටිකක් කලින් ගෙදර එන්න බලන්නම්….
“ ෂුව ´ අයියා… එහෙනම් ඔයා පරිස්සමින් වැඩට යන්න… ටේක් කෙයා… “
“බායි නංගි… පරිස්සමින් ඉන්න… මොනව හරි ඕන නම් මට කෝල් එකක් දෙන්න…….”
දුෂානි මේ ආකාරයට තමාට සමීප වේයැයි තාරක කිසිම විටක සිතුවේ නැත.
තාරක ඖෂධාලයෙන් කෙටි නිවාඩුවක් ලබා ගත්තේය.
” මේ පසිඳු.. උඹට පුලුවන්නේ වැඩ ටික බලා ගන්න… ස්ටොක්ස් වැඩේ ඉවර හින්ද අද පොඩ්ඩක් වැඩ අඩුයි…”
” හරි මට පුලුවන්… මොකෝ අද උඹ කළින් යන්නෙ?… සමාධි එක්ක වල් ටුවර් එකක් යන්නද?.. හි.හි.හි…”
” කඩනව උඹේ හොම්බ…. මම කවදාවත් සමාධි එක්ක වල් ටුවර් ගිහින් තියෙනවද?…. උඹ තමයි අනුත්තරා එක්ක පඳුරු අස්සෙ රිංගන්නෙ…හි.හි.හි……”
” හරි හරි.. උඹ එහෙනම් බීච් එකේ සිල් අරගෙන ඉන්නව ඇති.. අනේ පලයන් බන් යන්න….. …..කොහෙද අද උඹ ຜ?….”
” දුෂානි නංගිට ෆෝට් එකට යන්න ඕනලු… ඉතින් එයාව එක්ක යන්න ඕන. ඊට පස්සෙ සමාධිත් එක්ක තුන් දෙනාම පොඩි
රවුමක් ගහනවා…”
” අප්පට සිරි… ඒ කියන්නෙ අද උඹ කෙල්ලො දෙන්නෙක් එක්ක වැඩක් කරන්න වගේ නේද…. අම්මෝ… නියම චාන්ස් එක
” මේ පසිඳුවො… නිකන් වල් කතා නොකියා ඉඳපන්… ගිහිල්ල මිරික ගනින් අනුත්තරාගෙ මම කියන්නෙ නෑ උඹට… මේ මම යනවා.. එහෙනම් උඹ හයට ෆාමසිය වහපන්..”
” හරි මවන්.. හෙට හම්බ වෙමු… බායි….”
තාරක නිවසට පැමිණෙන විට දුෂානි ගමනට ලෑස්ති වී සිටියාය. කුඩා ගමන් මල්ලක් පිටේ එල්ලාගෙන දණ හිස තෙක් දිග ඩෙනිම් කළිසමකින් සහ අත් කොට කමිසයකින් සැරසී සිටි දුෂානිගේ හුරු බුහුටි දඟකාර පෙනුම සහ ලාවණ්‍යය හොඳින් ඉස්මතු වී පෙනුනි. ඕනෑම පිරිමි ළමයෙකු ඇය දෙස දෙවරක්
බැලීමට පෙළඹීම පුදුමයක් නොවේ. ඇය පැළඳ සිටි සුදු පැහැති කැන්වස් පාවහන් යුගලය නිසා ඇගේ ක්‍රියාශීලි බව ද මතු වී තිබින.
” අම්මෝ නංගි…. ඔයාව කොල්ලන්ගේ පරිස්සම් කරගෙන ගෙනියන එක තමයි අමාරු… හි.හි.හි…”
” ඒ මොකෝ අයියෙ ?…..”
” ඇයි ළමයො…. ඔයාගෙ ලස්සනයි.. කියුට් ගතියයි.. ස්පෝටි ලුක් එකයි හින්දා හැරිල බලන්නෙ නැති කොල්ලෙක් ඉන්නව නම් ඌ පොන්නයෙක් වෙන්න ඕන….’
” අයියෝ.. මම එව්වර ලස්සන නෑ…” දුෂානි පැවසුවේ සිහින් සතුටක් ඇතිවය.
” බය වෙන්න එපා.. මම ඔයාව බලා ගන්නම්.. මේ… මම ඉක්මනට වොෂ් එකක් දාලා ඇඳුම මාරු කරගෙන එන්නම්.. ඉන්න පොඩ්ඩක්….8
දුෂානි සහ තාරක බස් රියෙන් නගරයට ගියෝය. බස් රියේදී සහ මග තොටදී දුෂානි බොහෝ පිරිමින්ගේ කාම පරවශ බැල්මට ලක් වූවාය. තාරක ළඟ සිටි නිසා කිසිවෙකු ඇගේ යෞවන සිරුර ස්පර්ශ කිරීමට තැත් කලේ නැත. දුෂානිට බැල්ම හෙලූ පිරිමින් දෙස රවා ගත් මුහුණින් බැලූ තාරක ඇගේ පෙම්වතා යයි ඔවුන් සිතුවා වීමට පුලුවන.
” ස්… බලන්න නංගි… හැම එකාම ඔයා දිහා කන්න වගේ බලනවා… හොඳයි ඔයා තනියම එහෙම ආවනම්… ෂුවර් එකට ඔයාව උස්සන්න ට්‍රයි කරනවා එහෙනම්…” බසයෙන් බැස නගරය දෙසට ගමන් කරන අතරේදී තාරක කීය.
“හඃ…මාත් නිකන් ඉන්නෙ නෑ අයියෙ… දෙනව බෑග් එකෙන් මූණට…”
” අම්මේ… චණ්ඩි කෙල්ලෙක් වගේ නේද ඔයා.. මේ.. අපි යමුද ෆෝට් එකට?…. ඔයා යන්න ඕන කිව්ව්වනෙ… “
” හා අයියෙ යමු ….”
කොටුවේ ඇති නාවුක කෞතුකාගාරය නැරඹීම දුෂානිට අවශ්‍ය වූ නිසා දෙදෙනා එම කෞතුකාගාරය නැරඹීමට ගියෝය. එහි ඇති පුරා වස්තු සහ කෞතුක භාණ්ඩ දුෂානි ඉතා ඕනෑ කමින් අධ්‍යයනය කරනු දුටු තාරක මහත් විමතියට පත් විය. පෙර කාලයේදි කෙළි ලොල් සංකර තරුණියක වූ දුෂානි මෙවන් සංයමයකින් කටයුතු කරනු දැකීම නිසා තාරකගේ ඇයට ඇති පැහැදීම සහ ලෙන්ගතු කම දෙගුණ තෙගුණ විය. ඇය වැනි නැගෙණියක ලැබීම ගැන ඔහු මහත් සතුටට පත් විය. දුෂානි ගැන ඇති වූ සහෝදර ආලයෙන් ඔහු මහත් සැහැල්ලුවට පත් විය.
කෞතුකාගාරය නැරඹීමෙන් පසු දෙදෙනා කොටුවේ ඉහලටම ගොස් එළිමහනේ බංකුවක වාඩි වූවෝය.
” ස්සා. හරි ලස්සනට මූද පේනව නේද අයියෙ…..”
” ඔව් නංගි… පෘතුගීසි කාරයොයි.. ඊට පස්සෙ ලන්දේසි කාරයොයි මේ කොටුව හදල තියෙන්නෙ මූදෙන් එන නැව් හොඳට පේන්න නෙනේ…“
” ඇත්තද අයියෙ?.. අයියා හොඳට හිස් ස්ට්‍රි දන්නව වගේ.. මම නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ අනේ… මම මැට්ටියෙක් …… 3.6.8…”
“අනේ නංගි.. එහෙම කියන්න එපා…. ඔයා මැට්ටියෙක් නෙමෙයි…. මම ඔයාට කියල දෙන්නම්කො.. ඔයා හොඳට ඉගෙන ගන්න නංගි…. ඉස්කෝලෙ වැඩ උනන්දුවෙන් කරන්න හරිද?.. පහු ගිය දේවල් ගැන හිතන්න එපා…. ඒව අමතක කරල දාන්න… ඔයා දැන් මගේම නංගි… ‘ තාරක දුෂානිගේ ඔලුව ආදරයෙන් අත ගාමීන් පැවසීය.
” ෂුව ‘ අයියෙ.. මම හොඳට ඉගෙන ගන්නම්.. අයියා මම ළඟ ඉන්නවනෙ….”
” ඔව් නංගි… මම විතරක් නෙමෙයි.. සමාධි අක්කිත් ඔයාට හෙල්ප් කරයි…
‘ ම්ම් හරි ෂෝක් අයියෙ… මේ.. සමාධි අක්කි කීයටද
” එයා වැඩ ඉවර වෙනකොට පහ විතර වෙනවා.. මම කිව්වා ෆෝට් එකට එන්න කියල… ඔයාට බඩගිනිද නංගි?….”
” නෑ අයියෙ… අපි අක්කිත් ආවම මොනව හරි බයිට් එකක් ගනිමු… මේ.. අයියා කවදද මෙඩ් ෆැකල්ටි යන්නෙ?….”
” තව ටික කාලයක් යයි නංගි… මේ එක එක ප්‍රශ්න හින්දා හරි දවසක් කියන්න බැහැ….”
“ම්.. අයියා ඩොක්ට කෙනෙක් වුනාම අපිව අමතක වෙයි නේද?
” අනේ නෑ නංගියො… මට ඔයාව කවදාවත් එහෙම අමතක වෙන්නෙ නෑ….”
දුෂානිගේ අත අල්ලාගත් තාරක කීය. තාරක දෙස අහිංසක සිනා මුහුණකින් බැලූ දුෂානි ඇගේ හිස ඔහුගේ උරහිසට තබා ගත්තාය. තාරක නැගෙණියකට ඇති උතුරා යන ස්නේහයෙකින් ඇගේ හිස පිරි මැද්දේය.
සමාධි පැමිණි විට දුෂානි ඇයට උණුසුම් හාදුවක් දී ඇය වැළඳ ගත්තාය.
“අනේ අක්කි… අක්කි මාත් එක්ක තරහ නෑ නේද…අනේ සොරි අක්කි…’
” මොනවද නංගි ඔයා මේ කියන්නෙ?.. මම ඔයත් එක්ක පොඩ්ඩක් වත් තරහ නෑ.. ඔයා අපේ නංගියනෙ.. කවුද.. මේ තාරක අයිය ද ඔයාට මේ ඕන නැති දේවල් කිව්වේ?…..”
” අනේ නෑ අක්කි.. අයියා මට ගොඩක් ආදරෙයි…. නෑ අක්කි.. එදා වෙඩින් එක දවසෙ මම හින්ද අක්කිට ගොඩක් කරදර වුනානේ….අර මලිත් කියන්නෙ මහ පිස්සු මිනිහෙක් අක්කි….”
” නංගි ප්ලීස්… ඔය පරණ දේවල් අමතක කරල දාන්න.. ඒව ඉවරයි… දැට්ස් හිස්ට්‍රි…… කොච්චර ෂෝක්ද ඔයා මෙහෙම ටික දවසක් ඉන්න ආපු එක….. ඔන්න…. අපේ ගෙදරත් දවස් දෙක තුනක් නවතින්න එන්න ඕන හරිද ….. බෑ කියන්න එහෙම බෑ…..”
” හරි අක්කි. ෂුව .. මම එන්නම් කො….”
” ඉතින් මොනවද දෙන්නත් එක්ක කරේ?… හරිම මහන්සි පාටයි ඔයාට නංගි…..” සමාධි ඇසුවාය.
” අපි ෆෝට් එකේ මියුසියම් එක බැලුවා අක්කි… ඊට පස්සෙ මුලු ෆෝට් එකේම ඇවිද්ද… හි.හි.හි…”
” අම්මේ…. අයියයි නංගියි හොඳ රෝන්දයක් ගහල තියෙන පාටයි… හි.හි.හි….. ….. ඔයාගෙ පස්සෙන් කොල්ලො කී දෙනෙක්
?…”
” අප්පා සමාධි.. ඔයා දන්නෙ නෑ… මට නිකන් මැස්සො එලවනව වගේ මෙයාගේ පස්සෙන් ආපු කොල්ලො එලවන්න වුනේ….. හි හි.හි…’ තාරක සිනාසෙමින් කීවේය.
“මේම්… නිකන් ඉන්න අයියෙ බොරු නොකිය….” දුෂානි ලැජ්ජාවෙන් කීවාය.
” මේ.. අපි දැන් මොකද කරන්නේ?….” තාරක ඇසීය.
” ම්ම්.. මම කියන්නද……අපි බීච් එකේ පොඩ්ඩක් ඇවිදල.. ඊට පස්සෙ අපේ පුරුදු කූල් ස්පොට් එකට යමු… එහෙම හොඳනෙ නංගි? ….” සමාධි යෝජනා කළාය.
‘ හොඳයි අක්කි…. අපි එහෙම කරමු….”
තිදෙනා ඉතාම ප්‍රීතියෙන් සහ සැහැල්ලුවෙන් එකිනෙකා සමග අත්වැල් බැඳ මුහුදු වෙරළ ඔස්සේ ගමන් කළෝය. සමාධි මැදින් ගමන් කල අතර තාරක සහ දුෂානි ඇගේ දෙපසින් ගමන් කළෝය. සමාධි දෙදෙනාගේම බඳ වටා අත් යවා තුරුලු කර ගත්තාය. දුෂානිත් තාරකත් ඇයට හැකි පමණ තුරුලු වුවෝය. කුඩා ළමුන් මෙන් සුරතල් බස් දොඩමින් මුහුදු සුළං රස විඳිමින් තිදෙනා සෑහෙන වේලාවක් ඉර බැස යන ඒ සුන්දර සන්ධ්‍යා සමය මුහුදු වෙරළේ ගත කළෝය.
මුහුදු වෙරළේ ඇවිදීමෙන් ගත සහ සිත පිනවා ගත් තිදෙනා සුපුරුදු අවන් හල වෙත පැමිණියෝය.
“නංගි.. ඔයාට බඩගිනි ඇති නෙ.. අපි මොනව හරි කාලා තේ ටිකක් බොමු….” සමාධි කීවාය.
” හා අක්කි.. ඔන්න මම තමයි ට්‍රීට් එක දෙන්නෙ හරිද…..”
” මේ… විකාර නැතුව ඉන්න නංගි…. ඔයා අපේ නංගියා… අද ට්‍රීට් එක මගෙ ගාණෙ හරිද….” සමාධි දුෂානිගේ කම්මුල මිරිකා කීවාය.
“නංගි ඔයා දන්නවද.. මේ කුල් ස්පොට් එක අක්කිටයි මටයි ගොඩක් ස්පෙෂල්….” තාරක සිහින් සිනාවක් නගමින් කීය.
” ඒ මොකද්ද අයියේ?……”
” අක්කියි මමයි ඉස්සෙල්ලම මීට් වුනේ මෙතනදී තමයි….
” මූඌඌඌඌඌ.. ඇත්තද අක්කි ?.. ආ.. ඉතින් කොහොමද ඒක වුනේ ?…..” දුෂානි නොඉවසිල්ලෙන් අසුවාය.
” මෙයා මාත් එක්ක කතා කරන්න ඕන හින්ද මගේ ඇඟට ඩ්‍රින්ක් හැලුවා…”
“මේ නිකන් ඉන්න බොරු නොකියා…. ඔය බොරු නංගි.. ඩ්‍රින්ක් එක වැරදිලා හැලුනෙ… එදා ඉඳන් දවස් ගාණක් ඔයාගෙ අයියා මම එනකන් මෙතන පැට්‍රෝල් පුච්චල තියෙනව.. හි හි……”
සමාධි තාරකට ආදර තට්ටුවක් දමමින් කීවාය. ” අම්මෝ… මාර ලව් ස්ටෝරි එකක්නෙ දෙන්නට තියෙන්නෙ..
පොතක් ලියන්න පුලුවන්….’ දුෂානි දඟකාර ලෙස කීවාය.
“ම්…. වැඩේමයි පැට්‍රෝල් පුච්චන්න මෙයා හින්ද.. උම්මා ආ ආ…… තාරක සමාධිගේ කම්මුලට හාදුවක් දුන්නේය.
” මේ අක්කි… දැන් ඔය දෙන්නට කතා කරන්නත් දේවල් ඇතිනෙ… ඒක හින්ද මම ගෙදර යන්නම්.. අක්කි අයියත් එක්ක
” මොනවා?…. ඔයාට පිස්සුද මේ කලුවර වැටිල තියෙන වෙලාවෙ තනියම යන්න.. කොහෙවත් යන්නෙ නෑ ඔයා…. මාත් එක්ක විතරයි යන්නෙ…..” තාරක සැරෙන් කීය.
” අනේ ඔව් නංගි.. ඔයා එහෙම තනියම යන්න එපා… මේ තාරක.. එහෙනම් ඔයා නංගි එක්ක ගෙදර යන්න.. අපිට ඉතින් ඕන වෙලාවෙක මීට් වෙන්න පුලුවන්නෙ නංගි… දැන් ඔය දෙන්න යන්න….අම්මත් බය වෙලා ඇති රෑ වුන හින්ද….”
“ම්ම්.. හා.. එහෙනම් අක්කි.. අපි පස්සෙ මීට් වෙමු….”
” ෂුවර් නංගි… ඔන්න අපේ ගෙදර එන්න ඕන හරිද ….“
” හරි අක්කි හරි.. මම එනවා.. එහෙනම් ගුඩ් නයිට්….”
” ගුඩ් නයිට් නංගි.
තාරක දුෂානි සමඟ නිවසට පැමිණෙන විට රෑබෝ වී තිබුනි. ඔහුගේ මව මග බලා සිටියාය.
” කොහෙද පුතා මේ ළමයත් අරගෙන රෑ වෙනකන් ගිහින් හිටියෙ?.. ආ.. මම හරිම බයෙන් හිටියේ…..” මව නෝක්කඩු කීවාය.
” මොකද්ද අම්මේ… නංගි මාත් එක්කනෙ ගියේ… මට පුලුවන් නංගිව බලා ගන්න… අපි සමාධි එක්ක කතා කර කර හිටියා..”
” ම්ම්.. ඒ වුනාට ඔය රෑ පානෙ ඔහොම ගමන් යන්න එපා… එන්න දුව… ඇඟ ටිකක් හෝදගෙන රෑ කෑමට එන්න… දැන් හොඳටම රෑ වෙලා… තාත්තත් ගෙදර ඇවිල්ලා… ඇහුවා ඔය දෙන්න කොහෙද ගියේ කියලා……පුතා…… ඔයා ටිකක් වග කීමෙන් වැඩ කරන්න… ඔයා පොඩි ළමයෙක් නෙමෙයි….. මේක කොළඹ නෙමෙයි.. මේක අපේ ගම…..”
” මේ අයියෙ… නැන්දට මල පැනල වගේ නේද?…. ඔය මටත් එක්කයි කිව්වේ….”
දුෂානි තාරකගේ කණට කොඳුරා කීවාය.
” වුක්… ගණන් ගන්න එපා නංගි…. යන්න.. ගිහින් වොෂ් එකක් දාලා ඩිනර් වලට එන්න… මේ අම්මල සමහර වෙලාවට මාර ඇණ තමයි නේද… හි.හි.හි…”
“ෂ්.. හෙමින් කියන්න අයියෙ.. ඇහුනොත් අපි දෙන්නටම ඩෝස් එක තමයි….”
” නංගි…. අම්මව තව ටිකක් අවුස්සමුද ?…..”
” ඒ කොහොමද ?
” අපි දෙන්නම එකට බාත් රූම් එකට යමුද……………..”
“ෂේෂ්.. ඔයාට පිස්සුද අයියේ ? … එහෙනම් මාව කෙළින්ම කොළඹට පටවයි අද රෑම……. නැන්දව තවත් තරහ ගස්සන්නෙ නැතුව ඉන්න…. හි.හි.හි….”
රාත්‍රී කෑම මේසයේදී සිව්දෙනා අතර වැඩි කතා බහක් සිදු වූයේ නැත. පියා කිසිවෙකු දෙස නොබලා ආහාර අනුභව කොට මේසයෙන් ඉවත්ව ගියේය. මව නුරුස්නා ස්වභාවකින් සිටි බව තාරක සහ දුෂානිට හොඳින් වැටහුනි.
රාත්‍රී ආහාරයෙන් පසු මව මුලුතැන් ගෙයි වැඩ අවසාන කොට නිදා ගැනීමට සැරසුනාය. ඇය තාරක හෝ දුෂානි සමග වැඩි කතා බහක් කලේ නැත. තාරකත් දුෂානිත් සාලයට වී රූපවාහිනිය නැරඹුවෝය.
” ෆූඌඌඌ…. නැන්ද නම් ඉන්නෙ ෆුල් අප්සට් එකේ වගේ නේද අයියෙ… මාත් එක්කත් ඔරොප්පු වෙලා වගේ…….”
තාරක අසලින් සැටියේ වාඩි වූ දුෂානි කීවාය.
” මොන එහෙකට අප්සට් වෙනවද නංගි…. මේක මාර වැඩක් නේ… අපි දෙන්න ගෙදර එන්න පොඩ්න් රෑ වුනා කියල ඔච්චර තරහ යන්නෙ මොකද කියල මට තේරෙන්න නෑ… මම සමාධි එක්ක කොච්චර රෑ වෙනකන් එහෙ මෙහෙ ගිහින් තියෙනවද?…..”
” ඉතින් අයියෙ.. අක්කි ඔයාගෙ ගල් ෆ්‍රෙන්නෙ… ඒක හින්ද නැන්දලට අප්සට් එකක් නැතුව ඇති…”
” ඉතින් ඔයා මගේ නංගි…..
” ඒ වුනාට අයියෙ… අනේ මම දන්නෙ නෑ…
” ඕක ගැන ඔච්චර හිතන්න එපා නංගි… අපේ අම්මලට හිටපු ගමන් මඤ්ඤං වෙනවා…………….. ඔයාට නිදි මතද?…..”

” නෑ අයියෙ… ඊයෙ නින්ද ගියේ ටය’ඩ් හින්ද… අද එහෙම …. ໕໖?….”
“අපි ෆිල්ම් එකක් බලමුද ?……”
” හා අයියෙ… ෂෝක්.. බලමු… ආ………”
” ඇයි නංගි?…….
” නැන්ද දැක්කොත් ආයිත් අස්සෙට් යයිද?……’ දුෂානි සෙමින් ඇසීය.
” මොන පිස්සුද නංගි… අපි දෙන්න බ්ලූ ෆිල්ම් එකක් නෙමෙයි නෙ බලන්නෙ…”
“ආආආ…අයියා ඒවත් බලනවද?..හි.හි.හි….”
” න්. නෑ..මෙ පිස්සුද…. මම ඒවා බලන්නෙ නෑ……??
“ම්ම්ම්ම්ම්……අනේ නිකන් ඉන්න… මම දන්නෙ නැද්ද කොල්ලන්ගෙ හැටි…… ඉතින් කියන්නකො… මොකද්ද බලන ෆිල්ම් එක අයියෙ….”
”’ ගඟ අද්දර” කියල ෆිල්ම් එකක්.. DVD එක තියෙනවා… ඔයා ආසද?… මම කළින් බලල තියෙනව…. ලස්සන කතාව
” ෂෝක් අයියෙ බලමු…..”
“හරි.. ඉන්න මම සාලෙ දොර වහන්න. ඩිස්ටබ් වුනොත් ආයිත් බැණුම් අහන්න වෙයි….” නැත්නම් අම්මල

‘ගඟ අද්දර ‘ සම්භාව්‍ය ගණයට අයත් චිත්‍රපටියකි. තම නෑනා වූ ‘නිර්මලා’ සමග ‘රන්ජිත්’ නොසැලෙන සෙනෙහසකින් බැඳෙයි. එහෙත් දෛවය ඔවුනට ඉතා කුරිරු ලෙස සරදම් කරයි. ‘නිර්මලා’ පොහොසත් තරුණියකි. ‘රන්ජිත් ‘ දුප්පත් වුවත් ඉගෙනීමට දක්ෂය.
ඔවුන්ගේ ආදර අන්දරය රූපවාහිණි තිරය මත දිග හැරෙන්නට විය. කතා වස්තුවේ ඇති බලවත් කමත් ඉන් ඇයට ඇති වූ චිත්ත වේගයත් නිසා දුෂානි යම් සලිත භාවයකට පත් විය. ‘නිර්මලා’ තමා ලෙසත් ‘රන්ජිත්´ තාරක ලෙසත් ඇගේ සිතේ මැවෙන්නට විය.
රන්ජිත් සහ නිර්මලාගේ ළමා කාලයේදි වාදනය වූ පසුබිම් ගීතය දුෂානිගේ පමණක් නොව තාරකගේ ද සිත තුලට තදින් කා වැදුනි.
‘රන් ටිකිරි සිනා මුව මුව පාලා…. ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා…..’
දුෂානි තාරකගේ අත යන්තම් අල්ලා ගත්තේ ඇයට නොදැනුවත්වමය. තාරක පිළිමයක් සේ නොසෙල්වී සිටියේය.
“රන්ජිත් අයියේ…අපි ගඟ අද්දරට යමුද?…”
නිර්මලා මෙසේ පවසන විට දුෂානි කම්පනයට පත් වූවාය. ඇය තමා අසල සිටි ‘ තාරක අයියාට’ තවත් ළං වූවාය.

ආදරය බිඳ වැටීමෙනුත්, දෙමාපියන්ගේ බලපෑම මත සිදුවූ අනිසි විවාහයක ප්‍රතිඵලයක් නිසාත් නිර්මලා මානසික රෝගී තත්ත්වයට පත් වනු දුටු දුෂානි මහත්වූ සංවේගයකට පත් වූවාය. කෙදිනක හෝ තමන්ටද ‘නිර්මලා’ ගේ ඉරණම අත් වීමට ඉඩ තිබෙන බව දුෂානිට සිතුනි. ඇයට ශෝකී හැඟීම් නිසා ඇති වූ කම්පනය පාලනය කර ගැනීමට නොහැකි වූවාය.
තාරකගේ ගෙල වටා දෑත් දමාගත් දුෂානි ඔහුගේ ළය මත හිස හොවා ඉකි ගසමින් අඬන්නට වූවාය.
සැලීමට පත්වී සිටි තාරක ඇය තදින් තුරුලු කර ගත්තේය. ” ඇයි මගේ සුදු නංගි….” තාරක දුෂානිගේ හිස සිඹිමින් ඇසීය.
‘දෑතේ බැදිලා ඈතට දුවලා… නොපෙනී යනවද සුදු නංගී… බාලේ ගෙවලා ආලේ දුරැලා….. නොපෙනී යනවද සුදු නංගී …..’
චිත්‍රපටයේ පසුබිම් ගීතය තාරකගේ සිතේ රැව් පිලිරැව් දෙන්නට
විය.
” අයියේ… අනේ ඔයා රන්ජිත් අයියා නම් වෙන්න එපා……මම නිර්මලා වෙන්නත් එපා…..”
නොසැලෙන සෙනෙහස
දුෂානි ඉකි ගසමින් අඬමින් තාරකට තවත් තුරුලු විය.
දුරස්ථ පාලකයෙන් රූපවාහිණිය නිවා දැමූ තාරක දුෂානි දැඩි ලෙස ආලිංගනය කොට ගත්තේය.

– මතුසම්බන්දයි.

 


මේවත් කියෙව්වද?

නොසැලෙන​ සෙනෙහස – 04 කොටස (NEW)

අනුත්තරා සහ පසිඳුගේ ආදරය, සමාධි සහ තාරකගේ ආදරය මෙන්ම හද පතුලින්ම ජනිත වී පෝෂණය වූ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *