Tuesday , April 23 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

ආදරයේ කතා ගොඩක් 1 – Wal katha

ආදරයේ කතා ගොඩක් 1 - Wal katha

උත්තරා

ආයෙත්, ඒ ඇස් මගේ පැත්තට හැරුනා. දැන් නම් ඒක අහම්බයක් නෙවෙයි කියලා මට ෂුවර්. මෙයා ඇණයක් වෙන්න වගේ එන්නේ..

ඒ..සුරේන්, අලුත් ප්‍රජෙක්ට් මැනේජර්. යූකේ ඔෆිස් එකේ ඉඳලා ටික කාලෙකට ඇවිල්ලා ඉන්නේ.

මීටින් රූම් එකේ ඉඳගත්ත වෙලාවේ ඉඳලා මිනිහගේ ඇස් මගේ ඇඟේ කැරකැවෙනවා. ටිකක් වයස උනත් මිනිහා හැන්ඩියා, කතාවට කෙල්ලො නිකම්ම වශී වෙනවා. මට ඇනයක් වගේ පෙනුනට මොකද අනිත් කෙල්ලො නම් ඇස්පිය නොහෙලා බලාගෙන හිටියේ. මම එක පාරටම අහක බලා ගත්ත. මිනිහට තේරෙන්නත් එක්ක. ඊට පස්සේ මීටින් එක ඉවර වෙනකම්ම මිනිහා ආයෙ මගේ මූනට එබෙන්න ආවේ නෑ.

සුරේන් ටැලන්ටඩ් වගේ. හැම දෙයක්ම ඉක්මනට, හරියටම ප්ලෑන් කරනවා. අපේ ප්‍රොජෙක්ට් මැනේජර්ලා වගේ, බොරු කයිවාරු නෑ. කොහොම උනත් මීටින් එක ඉවර වෙනකම් මම හිටියේ නොඉවසිල්ලෙන්, ඉවර වෙච්ච ගමන් මම නැගිට්ටේ යන්න..

“උත්තරා…වන් මිනිට් ප්ලීස්…” ඒ ශෙනුකි. සුරේන් ගේ කෝඩිනේටර්. කට්ටිය නම් කියන්නේ, කලින් සැරේ කොග්ගල ප්‍රොජෙක් එකේ, දෙන්නා හොඳ හොඳ නැටුම් නැටුවලු.

මම ආයේ වාඩි උනා. කට්ටිය යනකම් ඉඳලා සුරේන් කතාව පටන් ගත්තා…”මට ට්‍රින්කො ප්‍රොජෙක්ට් එක ස්ටඩි කරන්න ඕනේ. ශෙනුකි මට කිව්වා, ට්‍රින්කෝ ප්‍රොජෙක්ට් එකේ වැඩිම බරක් ඇද්දේ ඔයා කියලා…”

මේකනම් වෙන්න බැරි දෙයක්. ප්‍රොජෙක් එක ඉවර උනාට පස්සේ ලොක්කො ටික ඒකේ ක්‍රෙඩිට් එක අරගෙන අපිව හලලා දැම්මා..

“ඉට්ස් අ ටීම් වර්ක් මිස්ටර් සුරේන්…”

“ටීම් එක ගැන මම දන්නවා…මේ රිපෝට්ස් වල තියෙන්නේ බාගෙට බාගයක් බොරු කියලත් මම දන්නවා..මට ඕනේ ඇත්තටම ප්‍රොජෙක්ට් එක ගැන දන්න කෙනෙක්. මොකද මේ ප්‍රොජෙක්ට් එකත් ඒ වගේමයි කියලා ඔයාලට පේනවනේ..ඉතිං ඒ ටීම් එකේ කට්ටියම මට මේ ප්‍රොජෙක්ට් එකටත් ඉන්නවනම් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්”

මට තාම හිතා ගන්න බෑ..මේ එන්නේ මොකට ද කියලා…

“ඒ ටීම් එකෙන් දැනට ඉන්නේ ඔයයි, නිරේශුයි විතරයි. නේද උත්තරා ? ” ඒ ශෙනුකි.

“ඔව් මිස්ට සුරේන්..නිරේශ්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කන්ස්ට්‍රක්ශන් සයිඩ් එක ගැන. මම නම් ගොඩක්ම වැඩ කලේ ප්ලෑනින්ග් සයිඩ් එකේ….”

“ප්ලෑනින්ග් විතරක් නෙවෙයි, උත්තරා ඔය ප්‍රොජෙක්ට් එකේ නොදන්න දෙයක් නෑ..ඒත් ඒයාලට ඒ ක්‍රෙඩිට් එක ලැබුනේ නෑ…” ඒ ශෙනුකි..

ශෙනුකි කියපු කතාව ඇත්ත. ඊට පස්සේ තමයි මම ප්‍රොජෙක්ට්ස් වලින් අයින් වෙලා ඇඩ්මින් සයිඩ් එකේ වඩක් බලාගෙන පැත්තකට උනේ. මම හිතුවේ මාව මේ ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙන්නේ ඇඩ්මින් සයිඩ් එකෙන් විතරයි කියලා..

“අයිම් රියලි සොරි උත්තරා……ඒ වෙච්ච දේවල් දැන් හෙඩ් ඔෆිස් එක දන්නවා. මාව මෙහෙට එවන්නත් එක හේතුවක් ඒක. උත්තරා කැමතිද ආයෙ මේ ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙන්න ?”

“සර් මම කොහොමත් මේ ටීම් එකෙ ඉන්නවනේ..”

“මම සර් කෙනෙක් නෙවෙයි. මට සුරේන් කිව්වහම ඇති…” ඒක කලින් කියලා තිබ්බත් මට කියවුනේ පුරුද්දට.

“මම කියන්නේ ඇඩ්මින් සයිඩ් එකෙන් නෙවෙයි. ඇක්ටිව් රෝල් එකක්.”

“අනේ මිස්ට සුරේන්..මේ ඉන්න විදිහ හොඳයි…” මම හිතන්නත් කලින් උත්තරේ කටින් එලියට පැන්නා..

ශෙනුකි පටන් ගත්තා.. “ඔය බොරුනේ උත්තරා…මම දන්නවා ඔයා ඇඩ්මින් එකේ වැඩ කරන්නේ කැමැත්තෙන් නෙවෙයි කියලා. එතන ඔයාගේ ටැලන්ට් වේස්ට් වෙනවා විතරයි.”

“මම ඔයාට බල කරන්නේ නෑ…ඒත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න..ඔයා එනවනම් ඒක මට ලොකු හෙල්ප් එකක් ..”

ඒ කතාවනම් මට ඇල්ලුවේ නෑ…මගේ සැක හිත ආයෙ උඩට ආවා..

“නිරේශ්ව ගන්න පුලුවන් නේද ?…මම ඇහුවේ ශෙනුකිගෙන්.

“අයිම් ට්‍රයින්ග්. ඒත් ඔයත් ඉන්න ඕන උත්තරා.”

“ඩෝන්ට් ෆොර්ස් හර්..” සුරේන් හිනා උනා.. “ඔයා හිතලා බලලා කියන්නකෝ. ..”

මම ගෙදර ආවේ ඔලුව අවුල් කරගෙන. ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න තිබ්බ ආසව අඩුවෙලා තිබ්බේ නෑ. ඒත් මේකට හා කියන්න බැරි හේතු ගොඩක් මට තිබ්බා..

ඇත්තටම සුරේන්ට මාව ඕනේ ප්‍රොජෙක්ට් එකටද එහෙම නැත්නම් වෙන දේකටද ? ඒත් ඉතිං ශෙනුකි මේකට දඟලන්නේ ඇයි ?

අනික ඉස්සර වෙගේ නෙවෙයි..මට දැන් සුමාන ගනන් ගෙදරින් ගිහිල්ලා සයිට් වල ඉන්න බෑ..එරංග නම් එපා කියන එකක් නෑ..ඒත් හරි නෑනේ..එරංගගේ අම්මා උනත් මොනවා හිතයි ද..අනිත් එක මැරීගෙන වැඩ කරලා ගිය සැරේ වගේ උනොත් මට මේ රස්සාව එපාම වෙයි. ඔක්කොටොම වැඩිය මට බය හිතුනේ සුරේන් එක්ක සයිට් ගිහිල්ලා, කතාවක් අහගන්න වෙයි කියලා.

මේ ගැන කීප සැරයක්ම එරංග එක්ක කියනවා කියලා හිතුවත්, ආයේ මම පස්ස ගැහුවා..එයානම් කියයි ඔය වගේ චාන්ස් එකක් අත අරින්න එපා කියලා..

අන්තිමට මම තීරණය කරා බෑ කියනවා කියලා..

පහුවදා උදේ මම වීරයා වගේ ඔෆිස් ගියේ…මගේ තීරණෙත් අරගෙන

උදේ පාන්දරම සුරේන් හම්බවෙන්න ගියාට මොකද එයා මීටින් එකක. මට හම්බ උනේ ශෙනුකිව.

“මොකද කියන්නේ උත්තරා..ඔයා ජොයින් වෙනවා නේද ?”

“අනේ නෑ ශෙනූ…ඉස්සර වගේ මට දැන් සයිට්වල ගිහිල්ලා ඉන්නත් බෑනේ..”

“එරංග එපා කිව්වද…ඉන්න මම එයාට කතා කරන්න..”ශෙනූ, එරංගව කලින් ඉඳලා දන්නවා. එරංග කලින් වැඩ කලෙත් මෙතනමයි.

“අනේ නෑ කෙල්ලේ…මම එරංගට කිව්වේවත් නෑ…මේක මගේ ඩිසිශන් එකක්..”

“අපරාදේ උත්තරා..මේක ඔයාට හොඳ චාන්ස් එකක්….ඔයා දැන් ඕක සුරේන්ට කියන්නද යන්නේ ?”

මම ඔලුව වැනුවා..

“හොඳයි, කියලා බලන්න කෝ..” ශෙනුකි හිනා උනා…

“ඇයි..”

“නෑ ඔයා කියලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා…”

“ඇයි එයා මට මොනව කරන්නද…..” මම කිව්වේ නෑ…හිතුවා..

සුරේන්ගේ කාමරේ දොර ඇරුනා..මම ඇතුලට ගියා…

“මිස්ට සුරේන්..කැන් අයි හෑව මිනිට් ?..”

“ශුවර් උත්තරා…එන්න..”

මම ඉඳගත්ත…සුරේන් මූනේ හිනාවක් එක්ක බලාගෙන ඉන්නවා…

“මිස්ට සුරේන්..ඊයෙ කරපු ප්‍රොපෝසල් එක ගැන මම ගොඩක් කල්පනා කලා…” මම වචන අහුල අහුල ගැට ගැහුවා…”තෑන්ක්යූ සෝ මච් මිස්ට සුරේන්…ඒත් මේ වෙලාවේ මට ඒ වගේ රෙස්පොන්සිබිලිටි එකක් බාර ගන්න අමාරුයි…”

සුරේන්ගේ මූනට බලාපොරොත්තු කඩවෙච්ච මූනක් ආවා…ඇත්තටමද, රඟපානවද ?

“උත්තරා…මට දැනගන්න පුලුවන්ද මොකක්ද රීසන් එක කියලා..ඔයා මේ ප්‍රොජෙක්ට් එකට කැමති නැද්ද, නැත්නම් ටීම් එකට කැමති නැද්ද?..”

“අනේ නෑ මිස්ට සුරේන් එහෙම දෙයක් නෙවෙයි..මේක ඇත්තටම මගේ ඩ්‍රීම් ප්‍රොජෙක්ට් එකක්..” මගේ කටින් පැන්නා….දැන් ඉතින් ආහපු අදින්නයැ…සුරේන් මුකුත් කියන්න කලින් මම ඉස්සර උනා.

“පර්සනල් රීසන්ස් නිසා මට මේ රෙස්පොන්සිබිලිටීස් බාර ගන්න බෑ..මට සයිට් විසිට් කරන්න අමාරුයි… මගේ පුතාත් තාම පොඩියි. ඉතිං එයාව දාලා දුර ගිහිල්ලා ඉන්න අමාරුයි”

සුරේන්ගේ මූනට හිනාවක් ආවා..

“අහා..ඒකද ප්‍රශ්නේ..? ඔයාට සයිට් විසිට් නොකර මෙහේ ඉඳන් වැඩ කරන්න පුලුවන් නම් ප්‍රශ්නයක් නෑ නේ…”

මළා..මම හිතපු නැති පැත්තකටයි දැන් වැඩේ යන්නේ..

“එහෙම නේද ?” සුරේන් මගේ ඇස් වලට එබුනා…

ඔව් කියනවා ඇරෙන්න වෙන උත්තරයක් මගේ ඔලුවට ආවේ නෑ

“ඒක ප්‍රශ්ණයක් නෙවෙයි උත්තරා…ඔයාට මෙහේ ඉඳන් වැඩ කරන්න පුලුවන්..මට ඔයාව ඕනේ මැනේජ්මන්ට් ලෙවෙල් එකේ වැඩ කරන්න… ඈස් මයි ඇසිස්ටන්ට්”

මොකක් ? මට හිතා ගන්නත් බෑ..එච්චර ලොකු පෝස්ට් එකක්…

“මිස්ට සුරේන්..මට එච්චර ලොකු එක්ස්පීරියන්ස් එකක් නෑ……”

මට ඉවර කරන්න හම්බ උනේ නෑ..

“ඔයාට තියෙන එක්ස්පීරියන්ස් හොඳටම ඇති. ට්‍රින්කො ප්‍රොජෙක්ට් එකේ ඔයා ලියපු ඔරිජිනල් රිපෝර්ට්ස් මම කියෙව්වා…”

ඔයාට මේ ප්‍රමොශන් ලැබෙන්න තිබ්බේ ඒ දවස්වලමයි..”

මම හිතුවා මාව ෆේන්ට් වෙයි කියලා…කොහෙත්ම බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක ලැබිච්ච මේ ආරංචියෙන්.

“එහෙනම් හරි නේ….? “

“ඔව්..මිස්ට් සුරේන්…තැන්ක්යූ සෝමච් මිස්ට් සුරේන්…”මම ගොතගහන්න ගත්තා…

“ශෙනුකි ඔයාගේ..අපොයින්ට්මට් ලෙටර් එක ලෑස්ති කරයි…”

මම එන්න නැගිට්ටා…දොර ලඟට එනකොටම..

“උත්තරා….”

“මිස්ට සුරේන්..?”

“තෑන්ක්ස් මේක බාර ගත්තට…ඉට්ස් අ බිග් රිලීෆ් ෆො මී…”

මට අලි ප්‍රමෝෂන් එකකුත් දීලා..තෑන්ක්සුත් කරනවා…

“අයි ව්ල් ඩූ මයි බෙස්ට්…” මම අමාරුවෙන් වචන හොයා ගත්තා..

ශෙනුකි බලාගෙන ඉන්නවා…”මොකද උනේ..?”

මගේ මූණ බැලුවහම ශෙනුකිට උත්තර ඕනේ උනේ නෑ.

එයා නැගිටලා ඇවිල්ලා කම්මුලට කිස් එකක් දුන්නා..”කන්ග්‍රැජුලේශන්ස් ඩාලින්..”

“ඔයා මේක දන්නවද ?

ශෙනුකි හිනා උනා මිසක් උත්තර දුන්නේ නෑ…

“ඔයා ඇර වෙන කවුද අර පරණ රිපොර්ට්ස් මිස්ට සුරේන්ට දෙන්න ඉන්නේ…”

“ඒව වැඩක් නෑ..ඔයා හෙට ඉඳන් වැඩ…මම ලෙටර් එක පැයෙන් එවන්නම්…”

“තෑන්ක්ස් ශෙනූ…”

ගෙදර යනකම් මම හිටියේ කරකවලා අතැරලා වගේ..සංතෝසයක්, ආඩම්බරයක් වගේම බයකුත් හිතේ කැරකුනා..

එරංගනම් කිව්වේ…”මම දැනගෙන හිටියා කවදාහරි ඔයා ඔතෙන්ට එනවා කියලා….”

“ඒ උනාට මට බයයි අනේ…අවුරුදු දෙකක්ම මම ලොකු වැඩක් කලේ නෑ…අනික දන්නවනේ අපේ ඔෆිස් එක..එකපාරටම මෙහෙම ලොකු ප්‍රමෝශන් එකක් ලැබුනහම පැලෙන්න එවුන් ඕනෙතරම් ඉන්නවනේ..”

“අනේ උන්ට පැලෙන්න කියන්න…කොහොම උනත් ඔයාගේ අලුත් බොස් මොලේ තියෙන මිනිහෙක් වගේ…ඕකෙ ඉන්න එවුන්ට මිනහව තම්බන්න බැරි උනොත් හොඳයි..”

“එකනම් ඇත්ත..නිලේශ්වත් ටීම් එකට ජොයින් කරගන්නවා කිව්වා..”

“ශෙනුකි මට කරලා තියෙන්නේ ලොකු උදව්වක් බලාගෙන යනකොට…මට හිතාගන්න බෑ ඇයි එයා එහෙම කලේ කියලා..අපි දෙන්නා අතරේ එහෙම ලොකු යාලුකමකුත් නෑනේ…”

“ඒ ගෑනිගේ ඔය යටිකූට්ටු වැඩ නෑ..ඒ දවස්වලත් ශෙනුකි කෙලින්ම කිව්වා, නිශාන්තලා ඔයාට කරපු වැඩේ වැරදියි කියලා…”

“අනේ මංදා..ශෙනුකියි, සුරේනුයි ගැනත් පොඩි කසුකුසුවක් යනවා…”

“ඒවා වැඩක් නෑ..මෙන්න මෙහේ එනවා..අපි මේක සෙලිබ්‍රේට්කරන්න ඕනේ…..” එරංග මගේ නයිටියෙන් ඇද්දා….මම ඇදිලා ගිහිල්ලා එරංගගේ ඇඟ උඩ පෙරලුනා….

“මෙන්න වැඩක්…ශෙනුකි ගැන මතක් කලා විතරයි මෙයා ඇවිස්සිල්ලා..”

“ශෙනුකි ඉතින් ඉස්සර ඉඳලම මගේ ක්‍රශ් එකනේ….” එරංග මගේ තොල් අල්ල ගන්න දැඟලුවා..

“ආ එහෙමද..එහෙනම් එයාටම කියලා අනිත් ඒවත් කර ගන්න…..” මම එරාගේ යකඩ අත්වලින් ගැලවෙන්න දැඟලුවා….

“ඒකට නම් ඉතින් මගේ සුදූට වැඩිය කෙනෙක් නෑ..නේ….”එරා…මාව පෙරලගෙන ඇඟ උඩට ආවා..

හිතා ගන්න බැරි ඉක්මනට වැඩටික කෙරුනා. පහුවදාම මට සුරේන්ගේ කියුබිකල් එකට අනිත් පැත්තේ කියුබිකල් එක හම්බ උනා..ඔෆිස් එකේ ගෑනු කටවල් ඇරගෙන බලාගෙන ඉන්දෙද්දි මම එතන වැඩ පටන්ගත්තා..

මට පුදුම වෙවී ඉන්න කාලයක් ලැබුනේ නෑ..සුරේන් එක්ක වැඩකරනවා කියන්නේ යකා බැඳගත්තා වගේ. හැබැයි සුරේන් එක්ක වැඩ කරන එක අමාරු නෑ. එයාට නියමටම ටීම් එකක් රන් කරන්න පුලුවන්. කාටවත් බැන්නේ, ඇඟිල්ල දික්කලේ නෑ. ටීම් එකේ හැමොම හරිම කැමැත්තෙන් වැඩකලේ. සුරේන් හැම කෙනෙක් ගැනම හොයලා බැලුවා.

මට සුරේන් එක්ක ගොඩක් ලඟින් වැඩකරන්න උනා. මම බය වෙච්ච ජාතියේ මුකුත් උනේ නෑ. එදා මීටින් එකේදී උනාවගේ බැල්මක්වත් මම ඊට පස්සේ දැක්කේ නෑ. සුරේන් වැඩකරන වෙලාවට හරිම ප්‍රොෆෙෂනල්. අනිත් වෙලාවට හරිම ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි කා එක්කවත් ඕනවට වැඩිය ගියේ නෑ. ටීම් එකේ හිටපු පොඩිම කෙල්ලො දෙන්නනම් සුරේන්ට වහ වැටිලා හිටියේ…උන් දෙන්නගේ අඟර දඟර බල බල ශෙනුයි මායි හිනා උනා..හැබ්යි සුරේන් උන්ට සැලකුවේ තාත්තා කෙනෙක් වගේ.

මට හිතෙන්න ගත්තා එදා ෆස්ට් මීටින් එක දවසේ මට වැරදීමක් උනා කියලා..නිතරම එකට වැඩකරපු නිසා සුරේනුයි, ශෙනුකියි, මායි අතර යාලුකමක් බිල්ඩප් වෙන්න ගත්තා..ගොඩක් දවස්වල අපි දවල්ට ලන්ච් ගත්තේ එකට…ශෙනූයි, සුරේනුයි අතරේ මොකක් හරි තියෙනවා කියලා මට ෆීල් වෙන්න ගත්තා..ඒත් ඒ මොකක්ද කියලා හරියටම කියන්න පුලුවන් කිසිම දෙයක් මම දැක්කෙවත්, ඇහුවෙවත් නෑ.

ඉක්මනටම ප්ලෑනිග් ෆේස් එක ඉවර උනා. සුරේනුයි, ශෙනුකියි සයිට් එකට ගියා. මට පාලු දැනෙන්න ගත්තේ ඊට පස්සේ..අපරාදෙ කියලා මට හිතිච්ච වාර අනන්තයි. හැබයි ඉතිං හැම වීක් එකේම වගේ අන්තිම දවස් දෙක එයාලා හෙඩ් ඔෆිස් ආව. එන හැම සැරේකම මට මොනව හරි ලටපට උස්සගෙන එන්නත් අමතක කලේ නෑ.

දවසක් අපිට හවස් වෙනකම්ම වැඩ කරන්න උනා. ශෙනුකි ඉක්මනට ගෙදර ගියා, සුරේනුයි මායි වැඩ ඉවර වෙනකොට 6ට විතර ඇති.

“උත්තරා ඩිනර් ඇරගෙනම යමුද ? මම ඔයාව ගෙදරට ඩ්‍රොප් කරන්නම්…”

මමත් හිටියේ බඩගින්නේ..එරංගට මැසේජ් කරලා අපි ඩිනර් වලට ගියා.

අපි දෙන්නා කතා කර කර කෑව. කතාව ඔහේ ඇදිලා ගියා..සුරේන් කිය කිය හිටියේ එයා යූ.කේ ගිය අලුත වෙච්ච දෙවල් ගැන.

“සුරේන් මැරි කලේ නැද්ද…”මම හිතුවෙවත් නැති දෙයක් මගේ කටින් එලියට පැන්නා..සුරේ පුදුම වෙලා වගේ මගේ දිහා බැලුවා…මීට කලින් අපි කවදාවත් පර්සනල් දේවල් කතාකරලා තිබ්බේ නෑ

“අනේ සොරි සුරේන්..ඒක මම හිතලා කියපු දෙයක් නෙවෙයි…ඔයා ඒකට උත්තර දෙන්න ඕනේ නෑ..”

සුරේන් හිනා උනා…”ඉට්ස් ඕකේ උත්තරා.එක රහසක් නෙවෙයි…යස්, අයි වොස් මැරීඩ්…”

ඊට පස්සේ එයා ෆෝන් එක අරගෙන එහෙට මෙහෙට පෙරලලා මට දුන්නා…”මේ මගේ දුව..දැන් 16…”

ලංකාවේ පෙනුමක් නැති උනත් සුරේන්ගේ ඇස් දෙකනම් කෙල්ලට පිහිටලා තිබ්බා…

“ස්වීට්…එයා අම්මා එක්කද ඉන්නේ..?” මගේ කටේබ්‍රේක්වලට මොනවා වෙලාද මංදා….

“නෑ…..එයා නැතිවෙලා දැන් අවුරුදු 10 විතර වෙනවා….ඇක්සිඩන්ට් එකක්…දුව ඉන්නේ මගේ නංගිලගේ ගෙදර….”

මම වගේ ගොං ගහක්…මම මටම සාප කර ගත්තා..

“අනේ සොරී සුරේන්…මම වැරදි කතාවක් පටන්ගත්තේ..අයිම් සෝ සොරී..”

“ඒකට කමක් නෑ උත්තරා…දුක් වෙන්න තරම් ලස්සන මැරේජ් ලයිෆ් එකක් මට තිබ්බේ නෑ…වැඩිහරියක් අපි දෙන්නා කලේ ෆයිට් වෙන එක..එයා නැති උනේ…අපි ඩිවෝස් වෙන්න ඇප්ලයි කරලා තියෙනකොට…”

සුරේන්ගේ කටහඬ අමුතුයි..ඒක දුකක්වත්, කලකිරීමක්වත් නෙවෙයි…මට හරියටම තේරුම් ගන්න බැරි උනා…එතනින් එහාට කතාව ඇදගෙන යන්න මට ඕනේ උනේ නෑ….කාල ඉවර වෙලා හිටපු නිසා අපි නැගිට්ටා..

සුරේන් මාව ගෙදරටම ගෙනල්ලා බැස්සුවා….”සුරේන් එනවද කොෆි එකක් බොන්න…”

“තෑන්ක්ස් උත්තරා..දැන් බෑ..අනික ඔයත් මහන්සි වෙලානේ ඉන්නේ…” කියනකොටම එරංග එලියට ආවා…මගෙන් වගේ නෙවෙයි..එයාගෙන් කාටවත් ගැලවිලා යන්න බෑ..සුරේන්ට කෝපි බොන්නම උනා..ඊට පස්සෙනම් සුරේන්ට යන්න හදිස්සියක් තිබ්බේ නෑ…පය දෙකකට වැඩිය කෝපි බිව්වා.

එරංගට නම් සුරේන්ව හොඳටම අල්ලල ගියා..ගියාට පස්සෙත් වරුණේ ඉවරයක් නෑ. ?මම අස්පස් කරලා දාලා බාතෲම් එකට වැදුනා..හවස වෙච්ච කතාව ආයේ හිතේ හොල්මං කලා..මම ෆෝන් එක අරගෙන සුරේන්ට මැසේජ් කලා..හවස වෙච්ච කතාවට සොරි කියලා..

හැරෙන තැපෑලෙන් උත්තර ආවා..”නො නීඩ් ටු අපොලජයිස්. ඇක්චුවලි ඉට් ඉස් ගුඩ් ටු ටෝක් විත් සම්වන්. කයින්ඩ් ඔෆ් අ රිලීෆ්…”

“මගේ හිත හදන්නේ ඔහොම කියන්නේ….”

“නෑ ඇත්ත…ඒක හිතට රිලීෆ් එකක්…”

“එහෙනම් කමක් නෑ…මම හරි අප්සෙට් එකේ හිටියේ..”

“ඩෝන්ට් බී…”

තෑන්ක්ස් සුරේන්…ගුඩ් නයිට් දෙන්..”

“ගුඩ් නයිට් උත්තරා….බයි ද වේ..හෙට උදේම එන්න ඕනෙ නෑ…අපි ආෆ්ටර් ලන්ච් පටන්ගමු.”

මගේ හිතට සනීපයක් දැනුනා…ඔහොම දෙයක් උනාම මට නිදාගන්න ලේසි නෑ…ඒත් එදානම් මට ඇඳට වැටිච්ච ගමන් නින්ද ගියා..

උදේ මම එරාට වැඩට යන්න දුන්නේ නෑ..අම්මත් ගෙදර හිටපු නැති නිසා අපි දෙන්නා නිදහසේ ඇති වෙනකම් ලව් කලා..හතර පස් පාරක් හිතේ හැටියට කර ගත්තට පස්සෙයි මම නැගිටලා ඔෆිස් යන්න ලෑස්ති උනේ. මම යනකොටත් සුරේන් ඇවිල්ලා..

“මම ඊයේ උත්තරාලට ඇණයක් උනා නේද ? කතාවෙන් කතාවෙන් දන්නෙම නැතුව රෑ උනා නේ..”

“මම එන්න කිව්වම තමයි බැරි…එරා කතාකරපු ගමන් ආවා..” මම නෝක්කාඩුව පටන් ගත්තා..

“එරන්දව මීට් වෙච්ච ෆස්ට් ටයිම් නේ…හිත රිද්දන්න හොඳ නෑනේ..”

“ආ එතකොට මගේ හිත රිදුනට කමක් නෑ….”

“දැන් මම ආවේ නැත්නම් උත්තරාගේ හිත රිදෙනවද..?”

“අපෝ නෑ..අපි හඳුන්කූරු, ඉටිපන්දම් නේ…”

සුරේන්ගේ අර බැල්ම එකපාරටම අකුණු කෙටුවා..එක තප්පරේකට..

කතාව දුර ගියා වැඩී කියලා තේරෙනකොට මම ටූ ලේට්..

“හරි හරි ඕකට තරහා වෙන්න එපා..මම දවසක එන්නම් කෝ කෑම කන්නම..”

මම හිනා උනා මිසක් මුකුත් කිව්වේ නෑ..කතාව මොන පැත්තට පෙරලෙයිද කියලා බයෙන් මම හිටියේ.

ඊට පස්සේ දවස් කීපයක්ම සුරේන් හිටියේ නෑ..ප්‍රජෙක්ට් එකේ වැඩ වගේකට මැලේසියා ගියා. ශෙනුකි නම් දිගටම ඔෆිස් එකේ හිටියා. ඒත් සුරේන් නැති පාලුව සැරෙන් සැරේ මටත් හොරෙන් හිතේ හොල්මන් කලා.

ඒ වීකෙන්ඩ් එක අන්තිමට ඔෆිස් එක ඇනුවල් ගෙට්ටුගෙදර් එක තිබුනා. හැමෝම ආසාවෙන් බලං ඉන්න පාර්ටි එක. අපේ ටීම් එකේ කෙල්ලො ඔක්කොම ඇන්දේ එකම කලර් එකේ සාරී. අපරාදෙ කියන්න බෑ..කටිටියම ලස්සනට හිටියා. ශෙනුකි සාරිය ඇඳලා හිටියේ හොඳටම පාතට වෙන්න..කොල්ලොන්ගේ ඇස් පිස්සු වැටිලා තිබ්බේ..

“හෙමීට වම් පැත්ත බලපන්.” ශෙනූ මට රහසින් වගේ කිව්වා..අපි දෙන්නා දොරක් ලඟ හිටගෙන වයින් එකක් තොල ගගා හිටියේ…

ඔෆිස් එකට අලුතෙන් ආපු පොඩි එකෙක් ඇස් ගලවගන්න බැරුව අපි දෙන්න දිහා බලාගෙන ඉන්නවා.

“බලන්නැතුව තියෙයි ද..උඹ සාරිය ඇඳලා ඉන්න විදිහට..පෑන්ටියත් පේනවද කොහෙද..”

“හා මේ බලහං මට කියන කෙනා.. උඹ කොහෙටද සාරිය ඇඳලා තියෙන්නේ…” ශෙනුකි මගේ ඉනට ඇඟිල්ලෙන් ඇන්නා..ශෙනූට කිව්වට මොකද මමත් සාරිය ඇඳලා හිටියේ සෑහෙන්න පහලට වෙන්න..

“අන්න සුරේන්…”සුරේන් හෝල් එකෙ එහා කෙලවරේ. කට්ටියක් එක්ක කතාව. අපිව දැකලා ඔලුව වැනුවා. තනි කලු කිට් එකක් ගහලා…අත් නවලා..කොල්ලා වගේ. ඇස් අහකට ගන්න බැරි තරම් සුරේන් අද ලස්සනයි.

“සුරේන් අද ෆුල් සෙක්සි නේහ්…” ශෙනුකි මට ඇහක් ගහුවා..

“අනේ මංදා…එවා ඉතින් ඔයානේ දන්නේ…” මම ශෙනූට විරිත්තුවා..

“ඒවා පරණ කතන්දර..දැන් එහෙම මුකුත් නෑ…..”

“ආ…ඒ කියන්නේ එහෙම එකක් තිබිලා තියෙනවා…”

“අනේ පලයං බබා වෙන්නේ නැතුව..ඔෆිස් එකේ හැම එකාම කතාවෙන ගොසිප් උඹ දන්නේ නැද්ද..”

“ඔයා දන්නවනේ ශෙනූ මම ඔය ගොසිප් ගැන්ග් එකේ නෑ කියලා..ඔය කතාව මට ඇහිලා තියෙනවා..ඒත් අයි ඩෝන්ට් බලීව් දෝස්..”

ශෙනූ වටපිට බලලා කතාව පටන් ගත්තා…”එහෙම එකක් තිබ්බා..අවුරුදු 3කට කලින්..සුරේන් කලින් සැරේ ලංකාවට ආපු වෙලාවේ..ඒත් සුරේන් ගියාට පස්සේ ඒක එහෙම්ම නැතුව ගියා…”

“ඉතිං දැන් ආයේ කන්ටින්යු කරන එකනේ තියෙන්නේ…” මම හිනා උනා..

“ඒක ටිකක් කම්ප්ලිකේටඩ් සීන් එකක් උත්තරා…”

“අ.ආ…කියපු විදිහෙන්නම් පේන්නේ..ලොකු ප්‍රේමකතාවක් තිබිලා තියෙනවා වගේ…”

“මම ඔය සිරා ප්‍රේම සීන් වලට නෑනේ..ජීවිතේ එකපාරක් හොඳටම ලව් කලා..ඒ ඇති…”

“මට නං හිතා ගන්න බෑ..උඹල දෙන්නා.. උඹත් තාම තනිකඩයි…සුරේනුත් එහෙමයි….. ඉතිං මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ…?”

කතාව ඉවර කරන්න හම්බ උනේ නෑ..කට්ටියක් අපි හිටපු තැනට කඩාගෙන වැදුනා..

එක එක කතා අස්සේ මට වටපිට බැලුනා…සුරේන්ගේ විදුලි කොටන ඇස් දෙකට මාව අහු උනා. අපිට ටිකක් එහයින් ගෲප් එකක එයා. ආයෙත් අර බැල්මද…මම යන්තමට හිනා වෙලා අහක බලා ගත්තා..

කට්ටිය මොනව කතා උනාද මම දන්නේ නෑ..සුරේන් මේ පැත්ත බලනවද කියලා දැන ගන්නයි මට ඕනේ කලේ. මම හෙමීට ආයෙත් ඒ පැත්තට හැරුනා…මලා..අයේත් සුරේන්ගේ ඇස් වලට මාව අහු උනා..ඒ කියන්නේ එයා මේ පැත්ත බලනවා…සමහර විට ශෙනුකි ඉන්න නිසා වෙන්න ඇති..

කට්ටිය එහෙට මෙහෙට වෙලා ආයෙත් ශෙනුකියි, මමයි විතරක් ඉතුරු උනා…ඇස් කොනින් මම දැක්කා සුරේන් අපේ පැත්තට එනවා..

“ශා..හරි ලස්සනයි නේ…ජෝඩුව..” සුරේන් අපි දෙන්නවා හග් කලා…”මේ වෙලාවට තමයි අපරාදේ වයසට යන්නේ කියලා හිතෙන්නේ…”

“ඔයාට නං ඉතිං වයසට ගියා කියලා අඩුපාඩුවක් නෑ..අර ඉන්නේ කෙල හලන නංගිලා..” ශෙනූ කිව්වා…

සුරේන් හිනා උනා මිසක් මුකුත් කිව්වේ නෑ.

එක එක කතා අස්සේ..සුරේන්ගේ ඇස් මගේ ඇඟේ දැවටෙනවා කියලා මට හොඳටම දැනුනා..මම ටිකක් බය වෙලා හිටියත්…ටිකකින් ඒ ගතිය මග ඇරුනා.

වයින් ග්ලාසස් තුනකට පස්සේ මගේ ඔලුව පාවි පාවි තිබ්බේ..ඩිනර් වලින් පස්සේ අපි සෙට් එකම හොඳට ඩාන්ස් කලා…කොල්ලොන්ගේන් බේරුමක් නැති උනත් අපි හොඳට එන්ජොයි කලා. හොඳටම මහන්සි උනාට පස්සේ..මම ශෙනූවත් ඇදගෙන එලියට ආවා..

එලියේ සීතල හුලඟ සනීපයි…ලොබි එකේ ස්ලෝ මියුසික් එකක් ප්ලේ උනා…කපල්ස් දෙක තුනක් එතන ඩාන්ස් කලා…

කොහෙන්ද මන් දන්නේ නෑ..සුරේන් කොක්ටේල් දෙකකුත් අරගෙන අපි දෙන්නා ලගට ආවා..

“අම්මෝ..ඔයාට නං දිවැස් තියෙනවා….මම මේ ඩ්‍රින්ක් එකක් ගැන හිතුවා විතරයි…” ශෙනුකි එකක් උදුර ගත්තා..

සුරේන් අනිත් එක මට දික් කලා. “අම්මෝ සුරේන්..මට ඕක බොන්න බැරිවෙයි..මම වයින් බීලා ඉන්නේ..” එහෙම කිව්වත් මම ඒක අතට ගත්තා…”බය වෙන්න එපා වෙරි උනොත් අපි එරංගට කෝල් එකක් දෙන්නම් ….”

“උත්තරාට හොඳට ඩාන්ස් කරන්න පුළුවන්නේ..” සුරේන් අපි හිටපු තැනින්ම ඉඳගත්තා..

“අපෝ මෙයාට දහ අට වන්නමම නටන්න පුලුවං..” ශෙනුකි පටන් ගත්තා..

“අනේ මේ..යනවා යන්න….”

“බොරු නෙවෙයි සුරේන්..උත්තරා ඩාන්සිං කරලා තියෙනවා..”

“උත්තරා එනවද ඩාන්ස් කරන්න..” සුරේන් නැගිටලා මට අත දික්කලා..මම බලපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි…මුකුත් හිතා ගන්නත් කලින් මාව සුරේන්ගේ අතේ පැටලිලා ඩාන්සින්ග් ෆ්ලෝ එකට ඇදිලා ගියා. සුරේන්ගේ අත මගේ ඉනවටේ එතෙනකොට මාව හිරිවැටිලා ගියා..ඩාන්ස් කරන්න පටන් ගන්නකොටම මට තේරුනා සුරේන් හොඳ එක්ස්පීරියන්ස් ඩාන්සර් කෙනෙක් කියලා..මම ඩාන්ස් කරනවට වැඩිය ට්‍රයි කලේ මගේ ඇඟ සුරේන්ගේ ඇඟට හේත්තු වෙන එක නවත්ත ගන්න…සුරේන්ට ඒක තෙරුනාද මන්දා…එයා හෙමීට “රිලැක්ස් උත්තරා…” කියලා කෙඳිරුවා..මට කල්පනා වෙන්න ගත්තා..මම එහෙම කරන එක ඉන්සල්ට් එකක් කියලා..මම ටික ටික රිලැක්ස් වෙන්න ට්‍රයි කලා..

දෙවනි සිංදුව වෙනකොට මට නොර්මල් විදිහට ඩාන්ස් කරන්න පුලුවන් උනා..ඇත්තටම මම ඒ ඩාන්ස් එක එන්ජෝයි කරන්න පටන් අරගෙන.. අපි දෙන්නම එක රිදම් එකට ඩාන්ස් කලා…මගේ ඔලුව චුට්ට චුට්ට බර වෙන්න පටන් අරගෙන තිබ්බේ..මම ඔලුව උස්සන හැම සැරේකම සුරේන්ගේ ඇස්, මගේ ඇස් වලට එබුනා…ඩාන්ස් එක ඉවර වෙනකොට මට මං ගැනම බයක් ඇතිවෙලා තිබ්බේ…

ඒ සිංදුවෙන් පස්සේ මම ශෙනුකිව සුරේන්ට බාර දීලා ඉඳ ගත්තා.. එක හුස්මට කෝක්ටේල් එක ඉතුරු ටික බීලා දැම්මා.. මගේ ඔලුව කැරකෙන්න පටන් අරගෙන තිබ්බේ….ශෙනුකියි සුරේනුයි ලස්සනට ඩාන්ස් කලා.

පාර්ටි එක ඉවර වෙලා අපිට යන්න ටැක්සි කීපයක් ලෑස්ති කරලා තිබ්බා. මම, ශෙනුකි, සුරේන් ඔක්කොමලා එක පැත්තකට යන නිසා, අපි එක කාර් එකක් ගත්තා. මම මැද, ශෙනුකියි සුරේනුයි දෙපැත්තේ..ශෙනුකි කියව කියව ගියා…සුරේන් හූමිටි තිබ්බා..මම හිටියේ බාගෙට නින්දේ..කකුල උඩ තියාගෙන හිටපු මගේ අතේ සුරේන්ගේ අත දෙතුන් පාරක් ගෑවුනා..මම අත චුට්ටක් මෙහාට කරගත්තා..සුරේන් එක පාරටම මගේ අත අල්ල ගත්තා..මට කර කියා ගන්න දෙයක් නැති උනා..කා එක පිටිපස්සේ කරුවල නිසා කාටවත් පේන්නේ නෑ..ඒත් මම දඟලන්න ගත්තොත් ශෙනුකිට නෝට් වෙනව…මම හමීට අත ඇදල ගන්න ට්‍රයි කලා..ඒත් සුරේන් මගේ අත තදින් අල්ලගෙන හිටියේ.. මට බයයි.. කේන්තියි.. ඉස්සරහ සීට් එකේ, අපේ එකව්න්ටන්ට්. ශෙනුකි වෙරිමගාතේ මේක දැකල මොනව හරි කිවොත් එහෙම මට මැරෙන්නයි වෙන්නේ..

ටික වෙලාවකට පස්සේ මම ආයෙත් අත ඇදලා ගන්න ට්‍රයි කලා. මොන..සුරේන් ඒක අල්ලගෙනම ඉන්නවා.. මම හෙමීට සුරේන් දිහා බැලුවා…මිනිහා කිසි ගානක් නැතුව ශෙනුකි එක්ක කතාව..

මට කරන්නම දෙයක් නෑ..මම අත ඔහේ තියෙන්න ඇරියා…මේන්න ටික වෙලාවකින් සුරේන්ගේ ඇඟිලි මගේ ඇඟිලි අස්සෙන් රිංගනවා….මම කිසිම රෙස්පොන්ස් එකක් පෙන්නුවේ නෑ.. මට අනිත් අතින් සුරේන්ගේ අත අයින් කරන්නත් හිතුනා…ඒත් එහෙම කරන්න ගියානම් ඒක ශෙනුකිට පේනවා.

සුරේන්ගේ ඇඟිලිවලින් මගේ ඇඟිලි පිරිමැදෙන්න ගත්තා..මම ඇස් පියාගෙන මට නෙවෙයි වගේ ඉන්න ට්‍රයි කලා. මට ඕනේ උනේ නෑ කිසිම අනුබලයක් දෙන්න..

මේවත් කියෙව්වද?

සර්පයා – 03 කොටස (NEW)

ඉරිදා උදණේ අම්මගේ කිසි කතාවක් නෑ. මාත් කතා කළේ නෑ මම පුතාව දහම් පාසල් යන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *