Thursday , April 11 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

නොසැලෙන​ සෙනෙහස – 04 කොටස (NEW)

අනුත්තරා සහ පසිඳුගේ ආදරය, සමාධි සහ තාරකගේ ආදරය මෙන්ම හද පතුලින්ම ජනිත වී පෝෂණය වූ නිර්මල ශක්තිමත් ආදරයක් වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. දවසකට හෝ එකිනෙකා නොදැක සිටිය නොහැකි තරම් ඔවුන්ගේ ආදරය බලවත් විය. උසස් පෙළ විභාගය අවසන් වී තිබුන බැවින් ඔවුනට එකිනෙකා හමු වීමට වේලාව සොයා ගැනීම අපහසු වූයේ නැත. පසිඳුගේ රැකියාව නිමවූ පසු සෑම දිනකම සවස් යාමයේ දෙදෙනා මුණ ගැසුනේ කල්පයක් නොදැක සිටි පෙම්වතුන් යුවලක් හමුවන ආකාරයෙන්ය.
දෙදෙනාගේ මේ දෛනික ක්‍රියාව නිසා පසිඳු තාරකගේ උසුළු විසුළු වලට ලක් විය.
” අනේ අනේ පසිඳුවෝ… දැන් උඹට අනුත්තරා නැතුව එක පැයක් ඉන්න බෑ වගේ නේද?… දවස තිස්සෙම කෝල් දෙනවයි.. ටෙක්ස්ට් යවනවයි… හැන්දෑ වෙන කොට කොයි වෙලේ යන්නද කියල තමයි බලන් ඉන්නේ…. අම්මෝ.. මාර ලව් එකක් නෙ බන්…
“ම්ම්.. මොකෝ?.. උඹ සමාධි එක්ක ලව් කරන්නෙ එහෙම නෙමෙයිද.. හි.. හි..හි… උඹටත් ඉතින් සමාධිව කිස් කරේ නැත්නම් නින්ද යන්නෙ නැහැ නෙ……..
” ආ ආ ආ ආ… ඒ කියන්නෙ උඹටත් නින්ද යන්නෙ නෑ අනුත්තරාව කිස් කරේ නැත්නම් කියන එක…… බලාගෙන..
ඔච්චර කිස් කරොත් කෙල්ලගෙ තොල් දෙකේ ගන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ මචෝ.. හි.හි……”
“අනේ නිකන් ඉඳපන් බන්.. එහෙනම් මෙලහට සමාධිගෙ තොල් දෙක දිය වෙලා තියෙන්න ඕනෙ නේ… හි.හි.හි…. ආදරෙන් කිස් කරාම තොල් තව ලස්සන වෙනව බන්……”
” හරි හරි… කන්න ඕන වුනාම ඉතින් ගොරකත් දඩමස් කර ගනින්.. හි.හි.හි… මේ.. ඒක නෙමෙයි… අද මොකෝ මේ කලින්ම යන්න ලෑස්ති වෙලා?… උඹල ලව් කරනවා… මට තමයි තනියම ෆාමසි එකේ ඉන්න වෙන්නෙ…..”
” අනේ තාරක.. මට අද අනුත්තරාව ෂොපින් පොඩ්ඩක් එක්ක යන්න ඕන… මට එයාට පොඩි දෙයක් අරන් දෙන්න තියෙනවා…..”
“ම්ම්.. හා.. හා… පලයන් එහෙනම්… අම්මේ ඒ ඒ ඒ ඒ.. තියෙන ලව් එක විතරක්….’
පසිඳු සහ තාරක අතර ඇත්තේ සහෝදර බැඳීමකින් යුත් දැඩි මිතුරු බවක්ය.
අනුත්තරාගේ ආදරය පසිඳුට විවිධ පැතිකඩ වලින් දැනෙන්නට විය. කිසිම දිනක මවකගේ සෙනෙහස නොලැබුන පසිඳුට අනුත්තරාගේ ආදරය මවකගේ ආදරය මෙන් බොහෝ අවස්ථා වලදී දැනින. එපමණක් නොව පෙම්වතියකට අමතරව අනුත්තරා ඔහුට කිට්‌ටු මිතුරියක් හා සහෝදරියක් ද විය. අනුත්තරාගෙන් තොර ජීවිතයක් ගැන පසිඳුට දැන් සිතීමට පවා නොහැකිය.
දෙදෙනා ආදර ලෝකයේ තනි වූ විට පසිඳු අනුත්තරා සමග මේ සෑම ආකාරයකින්ම සංවේදී වේ. විටෙක ඔහු ඇයට තුරුලු වන්නේ පුතෙකු මවකට තුරුලු වෙන්නා සේය. විටෙක ඔහු ඇය තුරුලු කර ගන්නේ තම ආදරබර පෙම්වතිය මෙන්ය. මෙවිට ඇගේ 186
මනෝ ෆොන්සේකා
ආදරය උතුරන අභිනය සහ තොල් චුම්බනය නිසා පසිඳුට ඇතිවන සැහැල්ලුව සහ ප්‍රමෝදය වචන වලින් විස්තර කිරීම අපහසුය. තවත් විටෙක ඔහු ඇය සමග කතා බහ කරන්නේ තම සහෝදරියක සමග කතා කරන ලෙසය. තවත් විටෙක ඇය ඔහුගේ හොඳම මිතුරිය මෙන් ඔහුට දැනෙයි.
” අනූ…..” දිනක් දෙදෙනා ආදර ලෝකයේ රස විඳිමින් සිටින විට පසිඳු හෙමින් මිමිනුවේය.
” ම්ම්.. ඇයි පසිඳු පැටියො…..” කටහඬෙ ගැබී තිබුනේ දැඩි සෙනෙහසක්ය. අනුත්තරාගෙ සිහින්
” අනේ අනූ… මට කවදාවත් අම්ම කෙනෙක්ගෙ ආදරය හම්බ වෙලා නෑ…. මට ඔයා අම්ම කෙනෙක් වගේ මට හිතෙනව අනු… මට ඒ වගේ ආදරයක් දැනෙනව මගෙ මැණික……”
” පසිඳු… මගේ ජීවිතය මම ඔයාට කැප කරල තියෙන්නෙ රත්තරන්… ඒ හින්දා මට පුලුවන් හැම විදියටම මම ඔයාව බලා ගන්නවා… මම ඔයාගෙ ගල් ෆ්‍රෙන්ඩ් විතරක් නෙමෙයි කොල්ලො….”
අනුත්තරා පසිඳුගෙ කම්මුලට ආදර හාදුවක් දෙමින් කීවාය.
” අනූ.. මම කවදාවත් හිතුවෙ නෑ ඔයා වගේ ගෑණු ළමයෙක්
ලැබෙන්න තරම් මට වාසනාවක් තියේවී කියල……අනේ….මම හිතන්නෙ මගේ නැතිවුන අම්මයි තාත්තයි කොහෙ හරි ඉඳන් අපි දෙන්නටම ආශිර්වාද කරනව ඇති අනු…..”
තම නොදුටු දෙමව්පියන් මතක් වූ පසිඳුගේ දෑසින් කඳුලු කඩා හැලුනි. අනුත්තරාටද කඳුලු නවත්වා ගැනීමට නොහැකි විය.
” අනේ මගෙ පසිඳු…. ඔයා දුක් වෙන්න එපා.. මම ඔයා එක්ක හැමතිස්සෙම ඉන්නවා… අපි හැම පසළොස්වක පෝයටම පන්සලට ගිහිල්ලා ඔයාගෙ අම්මටයි තාත්තටයි පින් දෙමු පසිඳු…..”
හද උතුරා යන ආදරය දරා ගත නොහැකි වූ පසිඳු අනුත්තරාට උණුසුම් තොල් හාදුවක් දී ඇය තම ළැමට තුරුලු කර ගත්තේය.
නගරයේ සුපිරි වෙලඳ සැලේ රැකියාව සමාධි ඉතාමත් සාර්ථක ලෙස කරගෙන ගියාය. ඇගේ දක්ෂතාවයත්, කැප වීමත්, වේලාවට වැඩ කටයුතු කිරීමත්, ප්‍රසන්න භාවයත් නිසා ඇය පරිපාලනයේ සිත් දිනාගත් අතර පාරිභෝගිකයන් අතර ඉතා ජනප්‍රිය විය. මේ නිසා ඇය වැටුප් වැඩි වීමකුත් සමග සහකාර පරිපාලන මට්ටමට උසස් වීමක් ලැබුවාය. කුමන උසස් වීමක් ලැබුනත් සමාධිගේ පෞරුෂත්වය නිසා ඇය ඉතාමත් නිරහංකාරී, සුගම තරුණියක් වූවාය.
“සමාධි.. ඔයා නම් හොඳ අනාගතයක් තියෙන ළමයෙක් කියල මට පේනවා… අපි හරි ආසයි ඔයා දිගටම මෙහේ වැඩ කරනව නම්.. ඒත් ඉතින් එහෙම වෙන්නෙ නැහැනෙ.. ඔයා කැම්පස් යන්න ඕනෙ .. ?….”
සමාධිගේ වැඩ ගැන මනා පැහැදීමකට පත් ඇගේ අධීක්ෂණ නිලධාරියා පැවසුවේය.
” තෑන්ක් යූ වෙරි මව් සර්……..මම පුලුවන් තරම් හොඳට වැඩ කරන්න තමයි හැම තිස්සෙම උත්සාහ කරන්නෙ… මමත් හරිම කැමතියි මෙතන වැඩ කරන්න.. ඒත් ඉතින් මම කැම්පස් යන්නත් ඕන නේ…. සල මට මේ කරන උදව් වලට මට ස්තූති කරන්න වචන නෑ සර්….”
” අයියෝ සමාධි.. ඒක සුළු දෙයක්… ඔයා ඩිග් එක කරාට පස්සෙ අපිට ජොයින් වෙන්නකො.. අපි ඔයාව මැනේජ්ජ්මන්ට් ට්‍රේන් කරන්න අර ගන්නවා..”
“Thank you so much sir…. I really appreciate it….”
“You’re very welcome Samadhi…..”
සමාධි සහ අධීක්ෂණ නිලධාරියා අතර ඇති වූ මෙම දෙබස මේනකා සහ සකුනිගේ කණට ඇසුනි.
” මේ මේනකා….. බලපන්කො මේකි සට දෙන විදිය….. ඉන්නෙ නම් පත්තිනි අම්ම වගේ………”
ඊර්ෂ්‍යා පරවශ ක්‍රෝධයෙන් තැවෙමින් සකුනි සෙමින් මේනකාට කොඳුරා කීවාය.
” ම්……… ඒක තමයි සකුනි… බලපන්කො… හිරට හිරේ කළිසමක් ඇඳගෙන…….තියෙන ඔක්කොම උලුප්පගෙන සර්ට පෙන්න ගෙන ඉන්න විදිය….. සර්ටත් ඉතින් ඇහැට කණට පේන කෙල්ලෙක් දැක්කම ඉන්න බෑ…”
” ෂුවර් එකට ඕකි සට අල්ලනවා… හවසට සර් ඕකිව රෙස්ට් හවුස් ගානේ උස්සල හොඳට දෙනවා ඇති…… ඕකිත් අල්ලනව ඇති සට දිව්‍ය ලෝකෙ පේන්න… ඉතින් ඔක්කොම සපෝට් එක ඒකිට තමයි.. අපිට මුකුත් නෑ….”
සමාධි ගැන ඇති වූ ඊර්ෂ්‍යාව නිසා සකුනි සහ මේනකා මෙසේ අසත්‍ය කතා මවා ගනිමින් විශාල ආතතියකට පත් වූවෝය. සමාධි සිය ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට පත් වූයේ ඇගේ දක්ෂ කම සහ කැප වීම නිසා මිස වෙන යම් දෙයක් නිසා නොවේ. මෙය දිරවා ගත නොහැකි වූ සකුනිත් මේනකාත් ක්‍රෝධයෙන් සහ මෝහයෙන් අන්ධ වී ඇගේ දියුණුව නැති කිරීමට සැරසුනි.
” මේනකා.. අපි කොහොම හරි ඕකිව පහළට ඇදල දාන්න
” ඔව් සකුනි… මටත් ඕකිව පේන්න බෑ…. කොහොම හරි අපි ඒක කරන්න ඕන….”
” ඉතින් කොහොමද බන් කරන්නෙ ?.. මේකිගෙ වැඩවල කිසිම අප්සට් එකක් නෑ… සත් මේකිගෙ පැත්තෙ…….”
” හරි.. අපි බලා ගෙන ඉඳිමුකො….. ඔහොම යන කොට අපිට පොටක් පෑදෙයි…. හැබැයි අපි ඒකිට හොඳ මූණ පෙන්න ගෙන ඉන්න ඕන…..’
ඇතුලතින් ඊෂ්‍යා ක්‍රෝධයෙන් වෛර කලද, මතුපිටින් මිතුරු කම් පෙන්වීම නිසා නියම මිතුරු මිතුරියන් තෝරා බේරා ගැනීම ඉතා අපහසු කාර්යයකි.
සමාධි කිසිම විටක සහකාර පරිපාලන නිලධාරිනී තනතුර
නිසා හිස උදුම්මවා නොගත්තාය. සහජයෙන්ම නිහතමානී
තරුණියක වූ ඇය සියළුම සුලු සේවකයන්ට ඉතා කරුණාවෙන්
කටයුතු කළාය. මේ නිසා ඔවුන් සියළු දෙනාම ඇයට මහත් සේ
ඇලුම් කිරීම නිතැනින්ම සිදු විය. සමාධි බඩු විකුණන කවුන්ටර වල
සේවය කිරීමට මහත් ආශාවක් දැක්වූ අතර පාරිභෝගිකයන් සමග
ඉතා කුලුපගව කතා කළාය. ඇගේ මෙම ප්‍රියමනාප භාවය නිසා
වෙළඳ සලට එන පාරිභෝගිකයන් ඉතා පැහැදීමකට පත් විය.
දිනක් සමාධි සේවය කරන මේ සුපිරි වෙළඳ සලට සුඛෝපභෝගී අධිධාවන මෝටර් රථයකින් තරුණයෝ දෙදෙනෙක් පැමිණියහ. දුවිලි රොටු නංවමින් වාහනයේ තිරිංග තද කොට රථ ගාලේ රථය නැවැත් වූ දෙදෙනා වෙළඳ සලට පැමිණියේ එහි අයිති කරුවන් මෙන්ය.
අනිකුත් පාරිභෝගිකයන්ට සහ සේවකයන්ට කිසිදු ගරු සරුවක් නොදැක් වූ දෙදෙනා අවශ්‍ය භාණ්ඩ රැගෙන ආවේ කිසිම චාරයක් නොමැතිව සිවුරුහන් බාමින්ය. ඒ අවස්ථාවේ කවුන්ටරයේ සිටියේ සමාධිය.
” ගුඩ් මෝනින් සර්… “ සමාධි ආචාර කළාය.
“ම්ම්.. ගුඩ් මෝනින් නංගි……” එක තරුණයෙක් ඇය දෙස කාමුක බැල්මක් හෙලමින් කීවේය.
සමාධි කිසිවක් නොකියා මදහස පිරි මුහුණින් බඩු විකිණීම කළාය. මුදල් දෙන අතර තුරදී තරුණයා ඇගේ අත තදින් මිරිකමින් ඇයට අනුරාගී සිනාවකින් සංග්‍රහ කළේය. සමාධි තම සංයමය පවත්වා ගත්තාය.
” නංගි……අපි කොළඹ ඉඳන් ආවේ හික්කා කානිවල් එකට.. අද රෑට මරු එකට තියෙනව… ඔයා එන්න අපිත් එක්ක කානිවල් එකට යන්න…. හොඳ සැපක් අරන් මරු ජොලියක් දාන්න පුලුවන්……….අද රෑ හික්කඩුවෙ අපිත් එක්ක හොටෙල් එකේ ඉන්න පුලුවන්. නියම ෆයිව් ස්ටාර් නංගි…. යමු හරිද…….”
ඔහු පැවසුවේ සමාධි ද වෙළඳ සලේ භාණ්ඩයක් යැයි සිතා ගෙනය.
හික්කා සැණකෙළිය ගැන සමාධි අසා තිබේ. දේශීය සහ විදේශීය සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන අතර සමහර පිරිස් මේ සැණකෙළියේදී නිරුවතින් සහ අඬ නිරුවතින් රඟන රැඟුම් ගැන සමාධිට යම් අවබෝධයක් ඇත.
” සොරි සර්… මට එන්න විදියක් නෑ… මට අද ගොඩක් වැඩ තියෙනවා….” සමාධි කාරුණිකව පැවසුවාය.
” මේ නංගිඊඊඊ.. අපිට කිසිම කෙල්ලෙක් බැහැයි කියල නෑ හරිද ………ආවේ නැත්තම් උස්සනවා… හැබැයි එහෙම ඉස්සුවොත් හොටෙල් එකේ තියාගෙන පෝළිම් ගහනව හරිද… මේ.. යමු නංගි… අපි මරු ෆිල්ම් එකක් කරනව අද රෑ හොටෙල් එකේ… ඔයාව ගන්නව මේන් ඇක්ට්‍රස්ට…. ඔයාට මරු ෆිගර් එකක් තියෙනව නෙ……
ඇති වූ ශෝකය සහ ලජ්ජාව ඉවසා ගත නොහැකි වූ සමාධි හඬන්නට පටන් ගත්තාය. වෙළඳ සලේ සිටි අනිකුත් පිරිස
තුෂ්ණිම්භූත වී බලා සිටියා මිස සමාධිගේ උදව්වට පැමිණීමට නොහැකි විය. මේ කලබලය ඇසුනු සමාධිගේ අධීක්ෂණ නිලධාරී තුමා එතැනට පැමිණියේය.
“ සර්.. කරුණා කරල මෙතන වැඩ කරන අයට කරදර කරන්න එපා.. ප්ලීස්… ” ඔහු කාරුණිකව ඉල්ලා සිටියේය.
” ආ..තමුසෙද මෙතන මැනේජර්?.. මේක අහගන්නවා…. වැඩිය කතා කරොත් තමුසෙව හෙටම අස් කරනව හරිද….. මේ සුප´ මා කට් කම්පැණි බෝඩ් එකේ ඉන්නෙ අපේ කට්ටිය.. ඒ හින්දා තමුසෙගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙනව.. මේ කෙල්ල අපි අද උස්සන එක උස්සනවා…….”
මෙසේ කියූ එක් තරුණයෙක් ඉදිරියට පැන කළමනාකාර වරයා පසෙකට තල්ලු කර දැම්මේය.
” අපි දැන් යනවා…. එහෙනම් නංගි… හවසට ලෑස්ති වෙලා ඉන්න.. අපි එනව… ටයිට් ෂෝටයි ටී ෂර්ට් එකයි ගහල එන්න ඔයාගේ ලස්සන කකුල් දෙකයි ගෙඩි දෙකයි හොඳට පේන්න…. හරිද… අපි හංදිය ගාව ඉන්නව… හැබැයි පොලිසි ගිහින් නිකන් සවුත්තු වෙන්න එපා..තේරුණා නෙ….”
මෙසේ කියූ තරුණයින් දෙදෙනා අධිවේගි රථයට නැගී විදුලි වේගයෙන් ඉගිලී ගියේ මුලු පළාතම දූවිලි වලින් නහවමින්ය.
මේසයට ඔලුව තබාගත් සමාධි ඉකි ගසමින් හඬන්නට වූවාය. කළමණාකාර තුමා පැමිණ ඇය වත්තන් කොට ගත්තේය.
” ඔය ගොල්ලො වැඩ කරගෙන යන්න….. මේ එක එක අය ඇවිල්ල කරන ඒවට බය වෙන්න එපා… මම දැන් පොලිසියට කියනවා… කිසි කෙනෙක් බය වෙන්න එපා….”
මෙසේ කියූ ඔහු සමාධිට තම කාමරයේ විවේක ගැනීමට සැලැස් විය. අනතුරුව ඔහු වහාම පොලිසියට සිද්ධිය රපෝර්තු කළේය.
වෙළඳ සලේ සියළු දෙනාම මේ සිද්ධිය නිසා කම්පනයටත්, ශෝකයටත් පත් වූවත් මේනකා සහ සකුනි ඉන් තිරශ්චීන තෘප්තියක් ලැබුවෝය. ඔවුන් දෙදෙනා කිසිවෙකුට නොඇසෙන සේ සෙමින් කතාවේ යෙදිනි.
” සකුනියො.. නියමයි වැඩේ නේද…. සමාධිට මාර නෝන්ඩිය.. හි. හි. හි…. මේකා සතුටින් කීවාය.
“ම්ම් ඔව් බන්…. අරුන් දෙන්න අද ඕකිව උස්සන එක උස්සනවා… හික්කා එකට ඉස්සුව කියන්නෙ ඕකිව අද හපයක් කරනවා… ඕකි බඩකුත් එක්ක තමයි එන්නෙ… මාරයි.. හොඳ වැඩේ ඕකිට… සර්ටත් මාර අප්සට් ඇති… එයාගෙ බඩුවට පෝළිම් වදින්න යන එකට. හි.හි.හි…”
” ඔව් බන්… අපි හිතා ගෙන හිටිය විදියට වැඩ වෙන්නයි යන්නෙ… ඕකි ආයිත් මෙහේ වැඩට එන එකක් නෑ…නිකන්ම අපේ වැඩේ වුනා.. ඕකට තමයි කියන්නෙ දෙන දෙයියෝ ගෙටම ගෙනැල්ලා දෙනව කියල… හි.. හි.හි….”
අනුන්ගේ විපතකදී මෙසේ සතුටු විය හැක්කේ තිරිසනෙකුටත් අන්ත මානසිකත්වයක් ඇති කෙනෙකුට පමණි. අවාසනාවකට එවැනි පුද්ගලයන් අද සමාජයේ දැකිය හැකිය.
සමාධිට ඇති වූ චිත්ත කම්පනය අති මහත්ය. ඇය කිසිම දිනක මෙවැනි අවමානයකට ලක් වී නොමැත. ඇයට යථා තත්ත්වයට පත් වීමට සෑහෙන වේලාවක් ගත විය. කළමනාකාරී තුමාගේ සහ අනිකුත් සේවකයන්ගේ මෘදු භාෂිතය නිසා ඇය අස්වැසිල්ලක් ලැබුවාය.
” සමාධි… ඔයා කිසි දේකට බය වෙන්න එපා…. මම පොලිසියට ඔක්කොම කියල තියෙන්නෙ… ඔයා දවස් දෙකක් විතර නිවාඩු අරන් රෙස්ට් කරන්න… ඔයාව කම්පැණි කාර් එකෙන් ගෙදර ගිහිල්ලා ඇරලන්නම්… අරුන් කියපුව ගණන් ගන්න එපා…. හරියට උන්ට ගිය රට වගේ මේක… පොලිසිය ඔයාගේ ගෙදරට ඇවිල්ලා කට උත්තරයක් ගන්න පුලුවන් ඕන වුනොත්… ඔයාගේ ආරක්ෂාවට ඕන කරන හැම දේම අපි කරනවා………”
” අනේ සර්… සර්ට මොකක් හරි කරදරයක් වෙයිද….. උන් කිව්ව සර්ව අස් කරනවයි කියලා… අනේ එහෙම දෙයක් වුනොත් මට ඒක දරා ගන්න බෑ සර්… මම හින්දනෙ මේ ඔක්කොම වුනේ… ඉහීඊඊඊඊ…..” සමාධි නැවතත් හඬන්නට වූවාය.
” ඔයා දුක් වෙන්න එපා සමාධි… ඔයා වගේ අවංක.. දක්ෂ කෙනෙක්ට උදව් කරල ගෙදර යන්න වුනත් මම ලෑස්තියි.. උන් ඔය කියන්නෙ බොරු කියල මම හිතන්නෙ..අපේ බෝඩ් එකේ ඉන්නේ ඔලුව තියෙන කට්ටිය.. මේ රස්තියාදු කාරයින්ගෙ ඒවුන් අපේ බෝඩ් වල නෑ… කුඩු විකුණ ලද කොහෙද රේසින් කාර් අරගෙන මුන් හිතාගෙන ඉන්නෙ මේ රට අයිති උන්ට කිය……….අපි බලමු මුන් මොකද්ද කරන්නෙ කියල.. මමත් ලේසියෙන් අරින්නෙ
” මට සර් ගැන ගොඩක් ආඩම්බරයි සර්….”
තම සේවකයන්ගේ සුබ සාධනය සඳහා උනන්දුවක් දක්වන, කැප වීමෙන් ක්‍රියා කරන ප්‍රධානීන් සමාජයට මහඟු සම්පතකි.
සමාධිට සිදු වූ කරදරය ආරංවී වූ විගස තාරක ඇතුලු ඇගේ මිතුරු මිතුරියන් සෑම දෙනාම ඇගේ නිවසට පැමිණියෝය. ඖෂධාලයේ වෙනත් කිසිවකු නොමැති නිසා පසිඳුට පැමිණිය නොහැකි විය. උෂාන්, අනුත්තරා සහ මධූෂා හැකි ඉක්මනින්
පැමිණියහ. මහත් සංවේගයට පත් සමාධි තාරකට සහ අනුත්තරාට තුරුලු වී හඬන්නට වූවාය.
” සමාධි…. ඔයාගේ ඇඟට ඇඟිල්ලක් හරි තියල තිබුනොත් මම ඕකුන් දෙන්නව මරල හිරේ යනවා……’ කෝපයට හා සංවේගයට පත් තාරක කීවේය.
” ස්ය.. තාරක….කලබල වෙන්න එපා… අපි බලමු දැන් මොකද්ද වෙන්නෙ කියලා….’ උෂාන් තාරක අස්වසාලීය.
සමාධිගේ මව මහත් බියට සහ ශෝකයට පත් වූවාය.
” අනේ මගෙ සමාධිට මොනව හරි වුනොත් මම ජීවත් වෙන්නෙ නැහැ… ඉහීඊඊඊ….. ඉහිඊඊඊ… අනේ මගේ අහිංසක කෙල්ල බේරල දෙන්න……”
සමාධිගේ මව ඉකි ගසමින් හඬන්නට වූවාය.
” බය වෙන්න එපා නැන්දෙ… අපි ඉන්නකන් එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ…’ උෂාන් විශ්වාසයකින් පැවසුවේය.
” මේ.. මම කියන්නම්.. අපි තාත්තට කියමු…..එයා මිනිස්සු දාල
ඕකුන් දෙන්නව මට්ටු කරයි….” ඩිලානි අදහසක් ඉදිරිපත් කළාය.
” හ්…අනේ එපා ඩිලානි… මර්වින් මාමාගෙ මිනිස්සු ලොකු රණ්ඩුවක් කෙරුවොත් මේක තවත් අවුල් වෙනවා… අනේ මම ඒකට ආසා නෑ ඩිලා නීඊඊඊ…” සංවේගයට පත් සමාධිට නැවත වරක් ඇඬුම් ආවේය.
” මේ… ඒ වගේ දේවල් කරන්න ඕන නෑ… මගේ තාත්ති මේ රේන්ජ් එකේ D.I.G. ගෙ යාලුවෙක්… මම D.I.G. අන්කට කියල ඕකුන්ව නීතියෙන්ම අල්ල ගන්න වැඩේ සෙට් කරන්නම්…. ඔයා බය වෙන්න එපා සමාධි අක්කි… ඕකුන් හිරේ යවල තමයි අපි පස්ස බලන්න ඕන….’ මධූෂා කිව්වා.
” මධු.. D.I.G. ඔයාගේ තාත්තගෙ යාලුවෙක්ද ?……’ උෂාන් පුදුමයෙන් ඇසීය.
” ඔව් උෂාන් අයියා.. ඉන්නකො මම වැඩේ කරන්න……”
මධූෂා ජංගම දුරකථනයෙන් තම පියාට කතා කොට සිදුවූ සියල්ල ඔහුට පැවසුවාය.
” හරි… තාත්තා කිව්වා ඉක්මනටම D.I.G. අන්කලට කතා කරල කියන්නම් කියල…..ඕකුන්ට නීතියෙන්ම දඬුවම් කරන්න ඕන… ඔයා බය වෙන්න එපා සමාධි අක්කි.. අපි ඔක්කොම ඔයා එක්ක ඉන්නවා….. මධූෂා සමාධිගේ ඔලුව අතගාමින් පැවසුවාය.
“අනේ.. ඔය ගොල්ලො මාත් එක්ක මෙහෙම ඉන්න එක කොව්වර හයියක්ද……. සමාධි කඳුලු සලමින් පැවසුවාය.
ස්වල්ප වෙලාවකින් මධූෂාගේ දුරකථනය නාද විය. ඇගේ පියා විසින් සිද්ධිය දැනුම් දීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පති තුමා වහාම ක්‍රියාත්මක වන බවට පොරොන්දු විය.
” ඔක්කොම හරි සමාධි අක්කි…. D.I.G. අන්කල් වැඩේ කරයි…… මධූෂා කීවාය.
නියෝජ්‍ය පොලිස්පති තුමාගේ අධීක්ෂණය යටතේ වෙස් වලාගත් විශේෂ පොලිස් කණ්ඩායමක් සමාධිට තර්ජනය කල තරුණයන් දෙදෙනා එන තුරු මංසන්ධිය අසල සෝදිසියෙන් සිටියේය. කණ්ඩායමට වෙස්වලාගත් ආයුධ සන්නද්ධ පොලිස් භටයන් සිව්දෙනෙක් සහ පොලිස් කාන්තා බළ ඇණියේ සෙබලියක් ඇතුලත් විය.
” මුන් ටික කොහොම හරි අල්ල ගෙන කුදල ගන්න ඕන…. කවුරු මොකා වුනත් කමක් නෑ…” එක් නිලධාරියෙක් කීවේය.
” ඔව්.. D.I.G. සර් කෙළින් හින්ද අපි කාටවත් බය වෙන්න ඕන නෑ …. නීතියට වැඩේ කරමු…” සෙබළිය පැවසුවාය.
මද වේලාවකින් තරුණයින් දෙදෙනා අධි වේගී මෝටර් රථයෙන් පැමිණියෝය. සමාධි පෙනෙන්නට නොසිටි නිසා ඔවුන් වික්ෂිප්ත භාවයකට පත් විය. ඒ සමගම වෙස් වලාගත් පොලිස් සෙබළිය ඔවුන් සිටින තැනට පැමිණියාය.
” මේ මවන්.. අර සුපර් මාකට් එකේ කෙල්ල ඇවිත් නෑ වගේ… ඒකට කමක් නෑ… බලල්නකො මේ බඩුව… අම්මෝ….. ටයිට් ඩෙනිමක් ගහල ඉන්නව දැක්කම පිස්සු හැදෙනව…. වරෙන් ඕකිව කාර් එකට ඇදල දාගෙන උස්සමු….”
පොලිස් සෙබළිය දුටු එක් තරුණයෙක් කීවේය.
” හරි මවන්… උස්සමු ඕකිව… නියම කඳක් මේකි…”
තරුණයන් දෙදෙනා සෙබළිය ඩැහැ ගැනීමට සැරසෙන විටම ඇය එල්ල කල පා පහරින් දෙදෙනාම කැරකී බිමට වැටුනි. සැඟවී සිටි අනිත් නිලධාරීන් වහා ඉදිරියට විත් ඔවුන් අත් අඩංගුවට ගත්හ. අන්ද මන්ද වූ දෙදෙනාට කිසි දෙයක් කර කියා ගැනීමට නොහැකි විය.
” හඃ තොපි අහිංසක ගෑණු ළමයින්ට කරදර කරන්න නේද?.. හිටපියව් තොපිට හොඳ සාත්තුවක් දෙන්න…” තරුණයෙකුගේ බෙල්ලෙන් අල්ලා ගත් නිලධාරියෙක් කීවේය.
” අත් ඇරපල්ල අපිව.. උඹල කවුද අපිට එහෙම කරන්න.. දැන ගනින් මගේ තාත්තා ඇමති තුමාගෙ හොඳ යාලුවෙක්… උඹල වහ කෑවයි කියල හිතා ගනින්….” තරුණයා කීය.
” ආ ඇත්තද.. උඹේ තාත්තගෙ යාලුවෙක්ද ?……හිටපන් එහෙනම් උඹේ තාත්තත් අද පොලිසියට අල්ලගෙන එන්න…..ම්… අල්ලපන් අත් දෙක….”
නිලධාරියා මාංචු කුට්ටමක් එළියට ගත්තේය.
” පො.. පො.. පොලි පොලිසියට……” තරුණයා ගොත ගැසීය.
” ඔව් පොලිසියට තමයි….යමන්….උඹලට හොඳ සැළකිල්ලක් දෙන්නම් අද… අහිංසක ගෑණු ළමයින්ට හිරිහැර කරන බල්ලෝ.. යමන්…..”
තරුණයන් දෙදෙනාට මාංචු දැමූ පොලිස් නිලධරයෝ ඔවුන් පොලිස් ස්ථානයට රැගෙන ගියෝය. ඔවුන්ගේ අධි වේගී මෝටර් රථය පොලිස් අත් අඩංගුවට ගැනින.
සිය මිතුරු මිතුරියන්ගේ සමාගමයේ සිටින විට සමාධිගේ සිතට මහත් සැනසුමක් සහ අස්වැසිල්ලක් දැනුනි. ඇගේ කම්පන තත්වය ද බොහෝ දුරට අඩු විය. තාරක සහ අනුත්තරාට තුරුලු වී සිටි ඇයට සිද්ධිය නිසා ඇති වූ සිත් තැවුල මුලුමනින්ම අමතක කිරීමට හැකි විය.
මධූෂාගේ ජංගම දුරකථනය නාද විය.
“හලෝ…ආ.. කවුද… ආ.. හලෝ අන්කල් මොකද්ද වුනේ…. ආ… ඉන්න පොඩ්ඩක් මම සමාධි අක්කිට දෙන්න…..”
මධූෂා දුරකථනය සමාධිට දුන්නාය.
” සමාධි අක්කි.. D.I.G. අන්කල් ලයින් එකේ ඉන්නෙ.. ඔයාට කතා කරන්න ඕනලු…”
සමාධි සලිත වූ සිතින් දුරකථනය අතට ගත්තාය.
” සර්… මම සමාධි….” ඇය සෙමින් කතා කළාය.
” සමාධි දුව… මේ D.I.G. කතා කරන්නේ… දැන් කිසි දේකට බය වෙන්න එපා… ඔයාට කරදර කරන්න ආපු දෙන්න අපි අල්ලගෙන පොලිසියට ගෙනාවා…. උන්ට මගෙනුත් නීතියෙනුත්
කිසිම සමාවක් හම්බ වෙන්නෙ නෑ…….මොන බලපෑමක් ආවත් අපි නීතිය ක්‍රියාත්මක කරනවා…. අපි මුන් ගැන ඔක්කොම හොයා ගත්තා… මුන් දෙන්න නිකන් රස්තියාදු කාරයො දෙන්නෙක්… දෙමව්පියන්ට සල්ලි වැඩි වෙලා හින්ද මුන් රේසින් කාර් අරගෙන තියෙන දහදුරා වැඩ ඔක්කොම කරනවා…. අපි හික්කඩුවෙ මුන් ඉන්න හොටෙල් එක රේඩ් කරා.. හික්කා කානිවල් එක අස්සෙ මුන් ජර්මන් ටුවරිස්ට්ල කට්ටියක් එක්ක එකතු වෙලා හොටෙල් එකේ බ්ලූ ෆිල්ම් හදන්න ප්ලෑන් කරල තියෙනවා ලංකාවෙ කෙල්ලොයි කොල්ලොයි දාලා.. අපි ඒ කීප දෙනෙකුත් හොයා ගත්තා… මුන්ට ලේසියෙන් බේරෙන්න දෙන්නෙ නෑ…. හිරේ යවල තමයි අපි පස්ස බලන්නෙ….”
“අනේ සර්… සර්ලට කොහොම ස්තූති කරන්න ද කියල මම දන්නෙ නෑ…..”
” සමාධි දූ.. අපි ඔය ගොල්ලන්ගෙ සේවකයෝ… ඔයගොල්ලො ආරක්ෂා කරන එක අපේ යුතුකම… ඒ හින්දා ඔයා කිසිම දේකට බය වෙන්න එපා…. මීට පස්සෙ හරි වෙන මොකක් හරි කරදරයක් වුනත් අපේ නම්බර් එකට හරි 119 වලට හරි කෝල් කරල කියන්න.. ඉතුරු හරිය අපි බලාගන්නම්…. කොහොම වුනත් අපි පොලිස් පැට්‍රෝල් ටිකක් වැඩි කරනව ඔය පැත්තේ……. එහෙනම් සමාධි.. මම නවතිනව.. ඔයා බය නැතුව ඉන්න…..”
” බොහොම ස්තූතියි සර්.. මට සල ගැන ගොඩක් ආඩම්බරයි.. ඒ වගේම සන්තෝසයි….
නියෝජ්‍ය පොලිස්පති තුමාගේ විස්තරය සමාධි අනිත් අයට විස්තර කොට කීවාය.
” අනේ බලන්නකො ඉතින්. ඒ වගේ පොලිසියේ හොඳ මහත්තුරුත් ඉන්නව නේ… මිනිස්සු කොච්චර බැන්නත් පොලිසියෙ හොඳ අයත් ඉන්නවා….”. සමාධිගේ මව පැවසුවාය.
” ඔව් ඇන්ටි.. ඒක හරි… D.I.G. අන්කල් මගේ තාත්තිගෙ හොඳ යාලුවෙක්…. ඒත් එහෙම වුනේ නැති වුනත් අන්කල් මේ විදියටම මේ කේස් එක හැන්ඩ්ස් කරනවා.. අන්කල් නීතියට තමයි වැඩ…. මම ඒක හොඳට දන්නවා…”
” අනේ මධු… ඔයා මේ කරපු උදව්වට තෑන්ක් කරන්න මම ළඟ වචන නෑ…” සමාධි කඳුලු සලමින් කීවාය.
” සමාධි අක්කි… ඔයාට උදව්වක් කරන්න පුලුවන් වුනා කියන එක මට ලොකු සතුටක් අක්කි…. ඔයා කොව්වර හොඳ කෙනෙක්ද…..”
” අනේ මධු… ඔයා මට ආරුගම් බේ වලදි මීට් වුන එක කොච්චර දෙයක්ද… නැත්නම් අපි අද කොව්වර අසරණ වෙනවද….” තාරක සංවේදී වෙමින් පැවසීය.
” හි.හි.හි.. හැබැයි ඉතින් තව පොඩ්ඩන් අර එක්කෙනෙක්ගෙ ෆෝටො ෂොප් සෙල්ලම හින්ද ඔක්කොම අප් සයිඩ් ඩවුන් යනව නේද තාරක…..” මධූෂා සිනාසෙමින් කීවාය.
” ආ….. මොකෝ ඔයා තාරකට ‘තාරක අයියා’ කියන්නෙ නැත්තෙ?….. අපිට වගේ…” උෂාන් විහිලුවක් කළේය.
” එයා ඉතින් මට ස්පෙෂල්නේ ඒ ඒ ඒ… මගේ ෆෝටොෂොප් පාට්නර් නෙ…..”
මධූෂා සියල්ලන්ම සිනා සයුරේ ගිල්වමින් පැවසුවාය.
මේ පිරිස තුල දැන් තිබෙන්නේ ඉමහත් සතුටක් සහ ප්‍රබෝධයකි. සමාධිගේ මනා සංයමයත්, අවංක භාවයත්, ප්‍රියමනාප බවත්, පරාර්ථකාමීත්වයත් නිසා ඇයට හදවතින්ම ආදරය කරන මිතුරු කැලක් ඇති වී තිබේ. ඇගේ හොඳ ගතිගුණ වලින්ම ඇය ආරක්ෂා කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ පොලීසිය අද බොහෝ දෙනාගේ ගැරහුමට ලක්ව ඇති ආයතනයකි. එහෙත්, නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට හා යුක්තිය පසිඳලීමට කැප වුන පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙක් සේවයේ යෙදී සිටිති. ඔවුනට සේවය හරි හැටි ඉටු කිරීමට නොහැකි වන්නේ දේශපාලන සහ අනිකුත් බල පෑම් හේතුවෙන්ය.
සමාධිට ඇති වූ කම්පන තත්ත්වය දින දෙකක විවේකයකින් පසු සම්පූර්ණයෙන්ම සුව අතට හැරිනි. ඇයගේ සුබ සාධනය ගැන උනන්දුවක් දැක් වූ වෙළඳ සලේ කළමණාකාර තුමා රැකියාවට යාම සහ ඒම සඳහා ඇයට වාහන පහසුකම් සකස් කොට දුන්නේය. මේ නිසා ඇයට තම සේවය වඩාත් හොඳින් කිරීමට හැකි විය.
සමාධි දැන් පෙරටත් වඩා හොඳින් සේවය කිරීම නිසා ඇයට කෙනෙහිලි කම් කිරීමට මාන බලමින් සිටි සකුනි සහ මේනකා තවත් දැඩි ආතතියකට පත් වූවෝය. කිසිත් කර කියා ගත නොහැකි වූ දෙදෙනාට මනසින් පීඩා විඳිමින් වැඩ කිරීමට සිදු විය.
සමාධිට වූ කරදරය දැනගත් විට ඩිලානිගේ පියා වූ මර්වින්ට ඇතිවූයේ අධික කෝපයකි.
” සමාධි දුව…. ඇයි දුව මට කිව්වෙ නැත්තෙ?….. මම දන්නව නම් ඕකුන් දෙන්නව බත් කන්න ඉතුරු කරන්නෙ නෑ……”
” අනේ මර්වින් මාමෙ…අපිත් රණ්ඩු කරන්න ඕන නැහැනෙ….. අපි හරි දේ කරන එකනෙ හොඳ…..”
” ඔයා හොඳ වැඩියි දුව …. කමක් නෑ … ඔයාට ඕන දෙයක් තියෙනව නම් මට කියන්න….”
” මාමා අපිට ගොඩක් උදව් කරනවනෙ මා……..”
” අනේ දු…. ඔයා ඩිලානිට කරන උදව් එක්ක බැලුවම අපි කරන දේවල් මොනවද දු……”
” මම ඒක හරිම සන්තෝසෙන් කරන දෙයක් මාමේ…..”
” හැම ගෑණු ළමයම ඔයා වගේ නම් මේක දිව්‍ය ලෝකයක් සමාධි දු…….
තාරක තම ජීවිතය වන් සමාධි ආරක්ෂා කිරීමට සෑම උත්සාහයක්ම ගත්තේය. මේ නිසා ඇයට තනිව ගමන් බිමන් යෑමට ඔහු ඉඩ දුන්නේ නැත.
” සමාධි. ඔයා කොහේවත් තනියම යන්න එපා…. මම ඔයාව එක්ක යන්නම්……. තාරක සමාධිව තුරුලු කරගන කීවේය.
” අයියෝ තාරක….. ඔයා බය වෙන්න එපා….. මට වැඩට යන්න ට්‍රාස්පෝට් කොහොමත් දැන් තියෙනවනේ……සුපර් මාකට් එකේ දැන් සිකියුරිටි වැඩි කරල….. ඒ එක්කම පොලිස් පැට්‍රෝල්ස් දැන් තියෙනව… තාරක…… කිසිම කෙනෙක්ට මගේ ඇඟට අතවත් තියන්න හම්බ වෙන්නෙ නෑ…එහෙම කරන්න පුලුවන් මගේ මිනියට විතරයි…….මම අයිති ඔයාට විතරයි තාරක…..”
සමාධි තාරකගේ පපුවට හිස තබා සංවේගයෙන් කීවාය.
” මගෙ සමාධි මැණික……”
සමාධි තුරුලු කරගත් තාරක ඇගේ දෙතොල් ආදරයෙන් සිප ගත්තේය.
පසිඳු කුඩා කල හැදී වැඩුන ළමා නිවාසය පවත්වා ගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා දී අධීක්ෂණ කටයුතු සිදු කලේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික දානපතියෙකු විසින්ය. අතිශයින්ම රූමත් ඔහුගේ බිරිඳ ඉන්දියානු ජාතික කෝටිපති සමාජ සේවකයකු සහ සිංහල කාන්තාවකගේ එකම දියණිය යි. ඇයද සිය පියා සහ සැමියා මෙන් සමාජ සේවයට ලැදි තරුණියකි. සිය සැමියා සමග අඩු වශයෙන් වසරකට වරක්වත් ඇය ලංකාවට පැමිණ ළමා
නිවාස වල ළමුන්ගේ සුව දුක් සොයා බැලීම නොකඩවා සිදු කළාය. ඇගේ දානපති සැමියා සුධීරය. ඇගේ නම සහනි ය.
“අනූ… අපේ ලොකු සර් මැඩම් එක්ක ලබන සුමානෙ ලංකාවට එනවා…. “ දිනක් පසිඳු අනුත්තරා සමග පැවසීය.
” අනේ ඇත්තද පසිඳු……..හරි ෂෝක් නේ……. ඔය ගොල්ලො ඔක්කොම ආසාවෙන් බලාගෙන ඉන්නව ඇති නේද…..”
” ඔව් අනු…. අපි ඔක්කොමයි….. අපිව බලාගන්න කට්ටියයි හැමෝම සර්ටයි මැඩම්ටයි හරිම ආදරෙයි… ඉතින් අපි බලාගෙන ඉන්නව දෙන්නා එනකන්…..”
” ඇවිල්ලා ගොඩක් දවස් ඉන්නවද?……….”
” ටික දවසක් ඉන්නවා………මේ අනූ… සර් ගොඩක් අපි ගැන හොයල බලනවා….. ඒක හින්දා මට ඔයා ගැන කියන්න ඕන
” ස්… ඇත්ත ද පසිඳු…. ඔව්.. මමත් හිතනව ඒක හොඳයි කියලා……….. මමත් ඔයා ගැන අපේ අම්මලට කියන්න ඕන.. දැන් කාලේ හරි…..”
” අනේ අනූ… මට හරි බයයි….. ඔයාගෙ අම්මල මට කැමති වෙන එකක් නෑ…….” පසිඳුගේ කට හඬ ඉතා දුක්මුසු විය.
” පිස්සු නැතුව ඉන්න ළමයො……කීයටවත් එහෙම වෙන්නෙ නෑ………..මේ පසිඳු… මට හොඳ අදහසක් ආවා…. ඔයාගෙ සර් එන දවසට මම හෝම් එකට අම්මියි තාත්තියි එක්ක එන්නම්…..”
” ඒ ගොල්ලො එයිද ?…..’
” මම කොහොම හරි එක්ක එන්නම්කො…… එතකොට අම්මිලටත් පෙනෙයි එතනින් වෙන සේවය… ඇයි ඉතින්.. ඔයාගෙ
ගෙදර ඒකනෙ… නේද පැටියෝ. හාදුවක් දුන්නාය. අනුත්තරා පසිඳුට උණුසුම්
“ඔව් වස්තුවේ… මම හිතනව ඒක ගොඩක් හොඳයි කියල……” පසිඳු අනුත්තරාගේ සුමුදු තොල් පෙති සිප ගනිමින් කීය.
අනුත්තරා තමාට පෙම්වතෙකු සිටින බව දෙමව්පියන්ට අඟවා තිබුනත් පසිඳු ගැන වැඩි විස්තර පවසා තිබුනේ නැත. ඔහු ගැන පැවසීමට මහඟු අවස්ථාව ළමා නිවාසයට සුධීරගේ පැමිණීම සිදුවන දිනය බව ඇය පසක් කොට ගත්තාය.
” අම්මි… මගේ යාලුවෙක් දන්න හෝම් එකක පොඩි උත්සවයක් තියෙනවා.. මටත් එන්න කිව්වා… අම්මියි තාත්තියි එන්නකො මාත් එක්ක….” අනුත්තරා සිය මවට ආරාධනාවක් කළාය.
“මොකෝ දුව …. අපිත් එන්න මොකද්ද ඔච්චර තියෙන විශේෂය……
” ආ..න්.. නෑ…. මම හිතුව අම්මිලත් ආස වෙයි කියල…”
” හරි හරි…..හෝම් එකක්නේ… අපි එන්නම්….. ඉතින් කවුද ඔයාගේ ඔය යාලුවා.?….”
“ආ.. මේ…එයා පසිඳු……..”..අනුත්තරා යන්තම් කියා ගත්තාය.
” පසිඳු ?…… ඒ කවුද ඒ යාලුවා?….”
” එදාට ආවම බලා ගන්නකො අම්මි…..”
” ම්… හා හොඳයි…….”
සියුම් බුද්ධියක් ඇති අනුත්තරාගේ මවට පසිඳු කවුරුන්දැයි අනුමාන කර ගැනීම අපහසු වූයේ නැත.
සුධීර ද සිල්වා මහතා සහ ඔහුගේ රූමත් බිරිඳ සහනි මටායි මහත්මිය නිවාසයේ ගත කරන දින කිහිපය ළමුන්ට මෙන්ම නිවාස පරිපාලනය සහ සාත්තුව ලබා දෙන පිරිසටද මහත් ප්‍රීතියක් ගෙන දෙන්නක් විය. සුධීර සෑම ළමයෙකුගේම ප්‍රගතිය පෞද්ගලිකවම සොයා බැලුවේය. මේ නිසා ළමුන් ඔහුට ඉතාමත් ලෙන්ගතු විය.
අනුත්තරා සහ ඇගේ දෙමව්පියන් නිවාසයට පැමිණි දිනයේදී පසිඳු මහත් වූ චිත්ත විප්ලවයකට පත් විය. අනුත්තරා දෙමව්පියන් සමග පැමිණ ඔහුට කතා කලාය.
” අම්මි… මේ තමයි පසිඳු……” අනුත්තරා පසිඳු දෙමව්පියන්ට අඳුන්වා දුන්නාය.
” න් නැන්දෙ… අ..අ.. ” පසිඳු වචන පැටලෙමින් ආචාර කළේය.
” පසිඳු…… දුව ඔයා ගැන කියල තියෙනවා…… ඔයත් මේ හෝම් එකේද ඉන්නෙ ?……” මව ඇසුවාය.
” ඔ..ඔ.. ඔව් නැන්දේ….”
අනුත්තරාගේ මවට කාරණය අවබෝධ විය. ඇය විමතියකට පත් වූ නමුත් සලිත නොවූවාය.
අනුත්තරාගේ දෙමව්පියන් දුටු සුධීර ඔවුන් සමග කතා කළේය.
” ඔය ගොල්ලො අපේ හෝම් එක බලන්න ආපු එක ගැන මම
ගොඩක් සන්තෝසයි………. සුධීර කීවේය.
” අපිත් සන්තෝසයි මේ හෝම් එක දැක්ක එක… හරිම ලස්සනට තියෙනවා.. අපේ මේ දුව අනුත්තරා තමයි එක්ක ආවෙ…” මව පැවසුවාය.
“හලෝ අනුත්තරා…..”
“හලෝ සර්….” අනුත්තරා මදක් සලිත වී කිව්වාය.
” අනුත්තරා.. මම සර් නෙමෙයි… මම සුධීර මාමා….. හි.හි…….. සිනා සෙමින් මෙසේ පැවසූ සුධීර නිවාසයේ ළමුන් ගැන විස්තරයක් කළේය.
” අපේ හෝම් එකේ ඉන්න හැම ළමයෙක් ගැනම අපි වෙන වෙනම හොයල බලනවා.. එහෙම කරල එක එක්කෙනාගේ දක්ෂ කම… හැකියාවෙ හැටියට ඒ ගොල්ලන්ගේ අනාගතය සකස් කරන්න ඕන කරන දේවල් කරනවා… මුදල් වල ප්‍රශ්නයක් නෑ….. මේ ළමයින්ගේ අම්මල තාත්තල නෑ කියල ඒ ගොල්ලො පොඩ්ඩක්වත් අසරණ නෑ… අපි තමයි ඒ ගොල්ලන්ගෙ දෙමව්පියො… අපේ දක්ෂ ළමයි ඉන්නවා…. මේ පසිඳුයි සුදාරකයි මේ පාර උසස් පෙළ කරා…… දෙන්නම කැම්පස් සිලෙක්ට් වෙනවා… ඒක විශ්වාසයි….. ඒ දෙන්නා ඉගෙන ගෙන ඉවර වෙනකන්ම අපි ඔක්කොම පහසු කම් දෙනවා…… විශේෂයෙන් පසිඳු ගොඩක් උත්සාහවන්ත ළමයෙක්… එයා දැන් පොඩි රස්සාවක් කරල එයාගෙ වියදම හොයා ගන්නවා …….. ඒක වග කීමේ හොඳ ලකුණක්……..”
සුධීර මෙසේ පවසන විට අනුත්තරාට ඇතිවූයේ විස්තර කිරීමට නොහැකි තරම් ප්‍රීතියකි. පසිඳුගේ මුහුණ දීප්තියෙන් බබලන්නට විය. අනුත්තරා සහ පසිඳු අතර දෙනෙතේ කතාවක් ඇති වූ බව අනුත්තරාගේ මව දුටුවාය. ඇගේ මුවගට මද සිනාවක් නැගුනි.
සුධීර සමග කතාබහ අවසාන වූ පසු අනුත්තරාගේ මව සහ පියා ඇය සමග කතා කළෝය.
“go…. ඔයා කොහොමද පසිඳුව ඔච්චර කිට්ටුවෙන් අඳුරන්නෙ?….” මව ඇසුවාය.
” අම්…න්…. මම.. මට.. …………” වූයේ නැත. අනුත්තරාට වචන පිට
” දුව …….අපිට හිතා ගන්න පුලුවන්……’ පියා අනුත්තරාගේ හිස අතගාමින් පැවසීය.
” තාත්ති. අ. අ. අනේ ..ම..මට ස්. සමා….”
” දුව… පසිඳු උත්සාහවන්ත හොඳ ළමයෙක් කියල අපිට පේනවා… අනික ඔයා හොඳට හිතල බලලා තීරණ ගන්න ළමයෙක් කියලත් අපි දන්නවා…… ඒ හින්දා අපි පසිඳුට අකැමැති වෙන්න හේතුවක් නෑ ……”
” තාත්තීඊඊඊ….’ සිය පියාගේ ළමැද හිස තබාගත් අනුත්තරා සංවේගයෙන් කීවාය.
” එන්න දුව…. අපි පසිඳුට කතා කරමු……’ මව පැවසුවාය. තිදෙන පසිඳු සිටිනා තැනට ගොස් ඔහුට කතා කළෝය.
” පසිඳු…… දුව අපිට සේරම කිව්වා… අපේ අකැමැත්තක් නෑ පුතා ….” මව කරුණාවෙන් පැවසුවාය.
” නැන්..අ.. අම්මෙ….අ…” පසිඳු මව සහ පියාගේ දෙපතුල අල්ලා වැන්දේය. අනුත්තරාගේ දෑසින් කඳුලු කඩා හැලුනි.
” නැගිටින්න පුතා… දැන් අපි දෙන්න ඔයාගෙත් අම්මයි තාත්තයි තමයි…” පියා ආදරයෙන් කීවේය.
පසිඳු මහත් ගෞරවයෙන් සහ භක්තියෙන් කීය.
අනුත්තරාගේ දෙමව්පියන් මෙහිදී මධ්‍යස්ථව සහ සාවධානව කටයුතු කිරීම ඉතා වැදගත් විය. එය වගකීමෙන් යුතු දෙමව්පියන්ගේ යුතුකමකි.
” දැන් ඔය දෙන්නම ගිහින් සුධීර ර්සට කතා කරොත් හොඳයි
අනුත්තරාගේ පියා යෝජනාවක් කළේය. ඒ අනුව පසිඳු
අනුත්තරා සමග සුධීර හමු විය.
” සර්……. ” පසිඳු යටහත් පහත් ලෙස ඇමතීය.
” ඇයි පසිඳු…. මේ.. මම කියල තියෙනව නේද මට සර් කියන්න එපා කියල….. මම ඔයගොල්ලන්ගෙ වැඩිහිටියෙක් වගේනෙ ළමයො…. ඉතින් මට මාමා කියල කතා කරන්න….. සුධීර සිනා සෙමින් පැවසීය.
”හ්..හා…… ….මාමේ… මේ.. මේ.. අනුත්තරා…. අනුත්තරා…… ආ..ම්..මේ…..” පසිඳුට වචන පැටලිනි.
” හි.හි.හි… මට තේරෙනව පසිඳු ඌඌඌ…. ..මම දෙන්න දිහා බලාගෙන හිටියේ.
සුධීර මෙසේ කියූ විට අනුත්තරා ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය.
” අනුත්තරා… පසිඳු පොඩි කාලෙ ඉඳන් ගොඩක් වගකීමෙන් වැඩ කරපු ළමයෙක්.. මම ඒ ගැන සහතික වෙනවා… ඒ එක්කම පසිඳු දක්ෂ ළමයෙක්… එයා මෙඩිසින් වලට සිලෙක්ට් වෙනව කියල මට විශ්වාසයි. අපි පසිඳුට ජිවිතය ගොඩ නගා ගන්න දිගටම උදව් කරනවා…. මම ඔය දෙන්නට සුබ පතනවා…”
සුධීර මෙසේ කියා උණුසුම් හාදුවකින් දෙදෙනාට ආශිර්වාද කළේය. ඒ ආශිර්වාදය දෙදෙනාට ලොකු ශක්තියක් වූ බව අමුතුවෙන් කිව යුතු නැත.
අනුත්තරාගේ දෙමව්පියන්ගේ සහ සුධීරගේ ආශිර්වාදය ඇතිව පසිඳු අනුත්තරාගේ නිවසට ඉතාමත් ආදරයෙන් පිළිගනු ලැබීය. විශේෂයෙන්ම ඔහුට ඉමහත් ඇල්මක් දැක්වූයේ අනුත්තරාගේ පහළොස් හැවිරිදි නැගෙනිය වූ පවිත්‍රාය. ඇය ඉතා කෙටි කාලයක් තුලදී පසිඳු සමග ඉතා කුලුපග වූවාය.
” ම්මම්ම්… මම පුංචි කාලේ ඉඳන් අයියා කෙනෙක් ගැන හැමතිස්සෙම හිතුවා… දැන් මට ෂෝක් අයියා කෙනෙක් ඉන්නවා… මේ අක්කල නම් මාර ඇණ තමයි….?”
පවිත්‍රා පසිඳුගේ ගෙල වටා අත් දමා අනුත්තරා දෙස බලා දඟකාර ලෙස කිව්වාය.
” ම්මා ආ ආ… කවුද දන්නෙ නෑ අම්මලටයි මටයි දැන් ඇණයක් වෙලා තියෙන්නෙ..නේද……”
අනුත්තරා සිය නැගෙනියට ඇති අසීමිත ආදරයෙන් ඇගේ කණ මිරිකමින් කීවාය.
” ඌඌයියා ආආ… මගේ කණ.. හරි නරකයි මගෙ අක්කියා….”
පවිත්‍රා අනුත්තරා සහ පසිඳු දෙදෙනාම තුරුලු කොට සුපුරුදු දඟකාර මදහස පෑවාය. පසිඳුගේ හදවතද සහෝදර ප්‍රේමයන් උතුරා ගියේය.
” මට කියන්න බැරි තරම් සන්තෝසයි…… මටත් දැන් ෂෝක් නංගියෙක් ඉන්නවා…..” පසිඳු සංවේදී වෙමින් පැවසීය.
” මමත් විෂ් කරන්නෙ මටත් කවද හරි අයියා වගේ
කොල්ලෙක් ලැබෙන්න කියලා……”
” අනේ නංගි ඒ මොකෝ…. මම අනාථ කොල්ලෙක් නේ.. ඔයාට මට වැඩිය හොඳ කොල්ලෙක් හම්බ වෙයි නංගි…..”
” අයියේ ප්ලීස්… ආයිත් මට ඇහෙන්න ඔහොම කියන්න එපා… කිව්වොත් මම තරහම තරහයි….. අයියා පොඩ්ඩක්වත් එහෙම නෑ… අයියට ආදරෙන් පිරුන ගර්ල් කෙනෙක් ඉන්නවා… අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා… ඔයාට ගොඩා ආ ආ ආ ආක් ආදරේ නංගියෙකුත් ඉන්නවා… තව යාලුවොත් ගොඩක් ඉන්නවා………අනේ ඔයා එහෙම නෑ අයියා ආ ආආ….”
පවිත්‍රා පසිඳුගේ ගෙල වටා අත් දමා තුරුලු වී ආදරයෙන් කම්මුලට හාදුවක් දෙමින් කිව්වාය.
පසිඳුගේ දෑසින් වැටුනු කඳුලු බිංදු පවිත්‍රාගේ මුහුණ මත පතිත විය. අනුත්තරා පසිඳු සහ තම නැගෙනිය ආදරයෙන් තුරුලු කර ගත්තාය.
ධනයෙන්, කුල භේද සහ සමාජ තරාතිරම් වලින් අන්ධ නොවූ, මිනිස්කම සහ දයාවෙන් පිරි සිතුම් පැතුම් වලින් යුතු මිනිසුන් සිටිනා සමාජයක ජීවත් වීමට ලැබෙන්නේ නම් දිව්‍ය ලෝකයකට අමුතුවෙන් යා යුතු නැත.
සියලු දෙනාගේම සිත් සතන් ආදරයෙන් පුරවමින් සෑම දෙනාම බලාපොරොත්තුවෙන් සිටි ඒ දිනය උදා විය. ඒ ඩිලානි මලක් වන් කිරි කැටි බිළිඳියක මෙලොවට බිහි කල දිනයයි.
ඩිලානිට දරුවා බිහි කිරීම එතරම් අමාරු වූයේ නැත. සමාධි සහ ඇගේ මවගේ නිසි සාත්තුවත්, දරු ප්‍රසූතියට නිසි පරිදි හැඩ ගැස්වීමත් නිසා ඩිලානි නිසි කාලයේදී සුරතල් දියණියක බිහි කළාය.
සූතිකාගාරයේ සිටි බිළිඳිය රැගෙන එළියට පැමිණි හෙදිය මුහුණ පමණක් පෙනෙන සේ හොඳින් ආවරණය කර තිබූ දරුවා මුලින්ම පෙන්වූයේ සමාධිටය. බිළිඳියගේ මුහුණ දුටු සමාධිගේ හදවත මව් සෙනහස හා සමාන ආදරයෙන් පිරි ඉතිරී ගියේය. ඇයට කිරි එරෙන්නට එන්නා සේ දැනිනි.
” අනේ අම්මේ ඒ ඒ ඒ… මට ආදරේ දරා ගන්න බෑ….. අනේ….. මට කිරි එරෙන්න වගේ දැනෙනවා අම්මිඊඊඊ…”
සමාධි කඳුලු සලමින් අසල සිටි තම මව සහ ඩිලානිගේ මව වන විමලා දෙස බලා කීවාය.
” අනේ සමාධි දු… මේ දරුවගෙ අම්ම ඔයා තමයි…..”
විමලා ප්‍රීති සංවේගයෙන් පැවසුවාය.
දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබමින් තම සිඟිති දියණිය තුරුලු කොට සිටින ඩිලානිගේ ඇඳ වටා සියලු දෙනාම එක්වී සිටියෝය. ඔවුන් සැමගේ හදවත් ආදරයෙන් පිරී ඉතිරී ගොස් තිබිනි.
” අනේ සමාධි… මේ පැටියගේ අම්මා ඔයා තමයි…. ඔයා නැත්නම් අද මේ පැටියා නෑ සමාධි……”
ඩිලානි සමාධිගේ අත තද කොට අල්ලා ගනිමින් කිව්වාය.
“හරි ඩිලානි.. හිතා ගන්නකො පැටියට අම්මල දෙන්නෙක් ඉන්නව කියල……”
” ආ… එතකොට කෙලි පැටියට පුංචි අම්ම කෙනෙක් නැද්ද?..” ඩිලානිගේ නැගෙනිය වූ තනූජා බොරු තරහක් පෙන්වා කීවාය.
” අයියෝ.. මොකෝ නැත්තෙ නංගි?…”
සමාධි තනූජා තුරුලු කොට ඇගේ හිස අත ගෑවාය. “අනේ අම්මෙ.. අපි පැටියව අපේ ගෙදර අරගෙන යමු….. මම බලාගන්නම්……’
තනූජා ඇවිටිලි කළාය.
” ආපෝ… හරි ෂෝක් එකට බලාගනීවි ඔයා. හි.හි.හි… අනික චූටි දු… අක්කව බලාගත්තෙ සමාධි අක්කියි ඒ නැන්දයි නෙ… ඒ හින්ද ඉස්සෙල්ලම බබාව ගෙනියන්න ඕන ඒ ගෙදරට …… පස්සේ අපේ ගෙදරට එක්ක එමුකො……??
විමලා තනූජාගේ ඔලුව අත ගාමින් කීවාය.
උෂාන් ඇඳ අසලට වී ඩිලානිගේ ඔලුව අත ගාමින් සිය සුරතල් දියණිය දෙස උතුරා යන පිය සෙනෙහසින් බලා සිටියේය. ඩිලානි සහ උෂාන්ගේ මුහුණුවල තිබෙන ප්‍රීති සහගත උදාර බව සියලු දෙනාටම සතුටක් ගෙන දුනි.
“මේ දෙන්නා දෙමහල්ලෝ… අද මෑණි පියා වීලා…… වස ආඩම්බර පාටයි…. මට බලා ඉන්න ආසයි. دو
සමාධි සහ තාරකත්, අනුත්තරා සහ පසිඳුත් එකිනෙකාට තුරුලු වී මේ අලුත් මව සහ පියා දෙස බලා සිටියේ එක්තරා විදියක දරු සෙනෙහසකින්ය. ඉදිරි අනාගතයේදී මෙලෙස දරු සුරතල් බැලීම ඔවුන්ගේ සිත් තුල ඇඳී පෙනුනා විය හැකිය.
මේ පිරිස අතරට ඩිලානිගේ පියා වූ මර්වින්ගේත්, උෂාන්ගේ දෙමව්පියන්ගේත් පැමිණීම සිදු විය. මර්වින් සිය සිඟිති මිණිබිරියගේ හිස ඉතා සෙමින් අත ගෑවේය. ඔහුගේ ඇස කඳුලින් තෙත් වූ බව සෑම දෙනාටම පෙනිනි.
” මගේ චූටි පැටියෝ… ඔයා තමයි අපිට සන්තෝසෙ අරගෙන රෝස කැලේ ඉඳල ආපු මල් කුමාරි…..”
මෙසේ කියන විට සාමාන්‍යයෙන් තද සිතක් ඇති මර්වින්ගේ දෑසින් කඳුලු කඩා වැටුනි. දරදඬු පුද්ගලයෙක් වූ උෂාන්ගේ පියාද සංවේදී භාවයට පත්විය.

දරුවෙකු මෙලොව එළිය දැකීම ඕනෑම කෙනෙකුගේ සිත් සතන් පහන් කරන, හදවත සෙනෙහසින් පුරවන සිදුවීමක් වේ. ඒ උපදින දරුවා රටට දැයට ඉතා උතුම් සම්පතකි. ඒ සම්පත රටට වැඩදායක සම්පතක් සහ ආශිර්වාදයක් කිරීම දෙමාපියන්, නෑදෑ හිතමිතුරන් ඇතුලු මුලු මහත් සමාජයේම පරම යුතුකම වේ.

_______________________________________________________________________________________________

ඩිලානි සහ උෂාන් තම සුරතල් දියණියට පියුමි යනුවෙන් නම තැබුවේ ඇය මලක් මෙන් පියකරු දූ කුමරියක් වූ නිසාය. පියුමි ඔවුන් දෙදෙනාගේ ජීවිතයට විශාල ශක්තියක්, සමගියක්, අරමුණක් ගෙන දුන් අතර නෑදෑ හිත මිතුරන් සියලු දෙනාටම සෙනෙහස ගෙන දෙන කිරි කැටියෙකු වූවාය. අත් වැරදීමකින් සිදු වූවත් පියුමි ඩිලානිගේ කුසේ පිළිසඳ ගත්තේ ඇය උෂාන් සමග යම් විදියක බැඳීමකින් එක්වූ අවස්ථාවකදීය. මේ නිසා පියුමි ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ මුදුන් මල් කඩ බවට පත් වූවාය.
පියුමි මෙලොව එළිය දැක නොබෝ දිනකින් ඩිලානි සහ උෂාන් දෙමාපිය කැමැත්ත අනුව නීති ප්‍රකාර විවාහ වුයේ දෙදෙනාටම අවුරුදු දහ අට සම්පූර්ණවූ නිසාය. ඔවුන්ගේ විවාහය සියලු දෙනාටම මිශ්‍ර හැඟීම් ඇතිවූ අවස්ථාවක් වූවත් පියුමිගේ ආගමනය නිසා ඒ සියලු හැඟීම් යටපත් වී ප්‍රීතිය ඉස්මතු විය.
ඩිලානි සහ උෂාන්ගේ විවාහ වීම වෙනුවෙන් කිසිදු ප්‍රිය සම්භාෂණයක් පැවැත්වූයේ නැත. මෙය ඩිලානිගේ පියා වූ මර්වින්ට මහත් සංවේගයක් ගෙන දෙන්නක් විය. සිය දෙටු දියණියගේ විවාහ මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සිතා ගෙන සිටි මවින් මෙදින එතරම් සතුටකින් සිටියේ නැත. ඔහු වචනයෙන් කිසිවක් නොකීවත් ඔහුගේ මුහුණේ ඇඳි තිබූ ශෝකී ස්වාභාවය සමාධිට දැක ගත හැකි වූවාය.
” මාමේ… මට හිතා ගන්න පුලුවන් මා මගේ හිතේ තියෙන චූටි දුක මොකද්ද කියලා… දුක් වෙන්න එපා මාමෙ.. අපි හිතන පතන විදියට හැම දේම වෙන්නෙ නැහැනෙ.. අපි එන විදියට මුහුණ දෙමු… මාමට දැන් ලස්සන වූටී මිණිබිරියෙක් ඉන්නවනෙ.. ඉතින් ඒකම කොච්චර ලොකු දෙයක්ද.. ලොකුවට උත්සව තියල කසාද බැඳල දරුවො නැතුව දුක් වෙන අය අද රටේ ඉන්නවනෙ මාමෙ.. ඉතින් ඒ අතින් මාමා කොච්චර වාසනාවන්තද…..”
සමාධි උපේක්ෂාවෙන් කීවාය.
” ඔව් සමාධි දූ… මට තේරෙනව… ඒත් අනේ තාත්ත කෙනෙක් හැටියට මට ඒ ආසාව තිබුනා දූ….”
” මට තේරෙනව මාමෙ.. අපි තනූජාගෙ වෙඩින් එක ඒ විදියට ගනිමු….. ඒ හින්ද දුක් වෙන්න එපා… අපි අද හවසට කට්ටියම පන්සල් ගිහිල්ලා ඩිලානිටයි… උෂාන්ටයි… චූටි පැටියටයි සෙත් පතමු……..”
” හොඳයි සමාධි දූ… මට ඔයා මගේම දුවෙක් වගේ…. මම අද කියනව දු… ඔයාගෙයි තාරකගෙයි වෙඩින් එකට ඔක්කොම වියදම් කරන්නෙ මම තමයි…”
මර්වින් දයාව පිරි හදවතින් පැවසීය.
” බොහොම ස්තූතියි මාමෙ.. ඒත් ඔච්චර බලාපොරොත්තු තියා ගන්න එපා… ජීවිතය ඉස්සරහට කොයි පැත්තට යයිද කියල අපිට කියන්න බැහැනෙ… අපි එන විදියට වැඩ කරමු….”
සමාධිගේ වචන වල ගැබ්වී තිබුනේ මනා පරිණත සහ යථාර්තවාදී බවකි.
තම සුරතල් දියණියගේ උපතත් සමග උෂාන් විශාල පරිණත
භාවයක් ලැබීය. මීට වසරකට පමණ පෙර යෞවන මල් වයසේ
ආශා වලින් උද්දීපනය වී හැඟීම් වලට වහල් වී තම පෙම්වතිය වූ
ඩිලානි සමග කාම භෝගී ක්‍රියාවල යෙදුන උෂාන්, අද සැමියෙකු සහ
පියෙකු ගේ වගකීම් තේරුම් ගන්නට දැඩි උත්සාහයක යෙදුනේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මෙලෙස වගකීමක් ඇති කෙනෙකු
වූයේය. සමාධිගෙන් ලැබුන උපදෙස් සහ අනුබලය ඔහුට බෙහෙවින්
උපකාරී විය.
අපරිමිත දරු සෙනෙහසින් සහ ඩිලානිට ඇති ආදරයෙන් ඔහුගේ හදවත පිරී ඉතිරී ගියේය. විශ්ව විද්‍යාලයට ගොස් උපාධිය ලබා ගැනීමට ඉගෙන ගන්නා අතරතුර මර්වින්ගේ ව්‍යාපාර වලට නොකඩවා සම්බන්ධ වී කටයුතු කිරීමට ඔහු සිතා ගත්තේය. වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ අත්‍යාවශ්‍ය භාවය උෂාන්ට හොඳ හැටි තේරුම් ගියේය. උෂාන්ගේ මේ අදහස ගැන මර්වින් ඉතා සතුටට පත් විය.
” මට හරිම සන්තෝසයි පුතා.. ඔයා මේ විදියට වැඩ කරන්න හිතා ගත්ත එකට.. මමත් දැන් වයසට යනවා…. මට දැන් ඉස්සර වගෙ දුවල පැනල මේව කරන්න අමාරුයි…. ඒ හින්දා පුතා ටිකෙන් ටික මේව අතට ගන්න ඕන… අපේ මේ කෙල්ලන්ට මේව කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ නෙ ඉතින්….”
” අයියෝ තාත්තේ.. මොනවද මේ කියන්නෙ?.. තාත්තා තවම කොල්ල වගේ නෙ..හි.හි.හී.. ඔව් තාත්තෙ.. මම තාත්තාට හෙල්ප් කරන්නම්… මට කැම්පස් යන ගමන් මේවත් බලා ගන්න පුලුවන්… ඩිලානිත් මට උදව් කරයිනෙ… සමාධිත් මට ගොඩක් වටින උපදෙස් දෙනවා……”
” සමාධි කියන දේවල් හරිම වැදගත් පුතා.. ඒ ළමය නම් අපේ වාසනාවට අපි අතරට ආපු ළමයෙක්… ඔව් පුතා.. ඔයාට කැම්පස්
යන ගමන් මේවත් කරන්න පුලුවන්.. දැනටමත් ඔයා අපේ ෆැක්ටරි වල වැඩ බලා ගන්නව නෙ….
” මම දිගටම එහෙම කරන්නම් තාත්තේ…..”
” හොඳයි පුතා… මම පුතාට ප්‍රඩක්ෂන් කෑල්ල පාලනය කරන්න දෙන්නම්…. ඔයාට ඒක හොඳට කරන්න පුලුවන්….”
” හොඳයි තාත්තේ…..”
උෂාන් මෙම වගකීම බාර ගත්තේ දැඩි අධිෂ්ඨානයකින්ය. උෂාන් මේ වැඩ පිළිවෙල සමාධි සහ තාරක සමග පැවසුවේය.
“අනේ උෂාන්……හරි ෂෝක් අනේ… මට හරිම සන්තෝසයි ඔයා මේ වගේ වගකීමෙන් වැඩ කරන එකට ….” සමාධි උතුරා යන සතුටෙන් කීවාය.
” මේ ඔක්කොම ඔයා මාව හරි මගට ගත්ත හින්ද සමාධි… ඒ එක්කම තාත්තගේ හිත වෙනස් කරපු හින්දා… බලන්න.. එදා තාත්තා මාවයි ඩිලානිවයි බියගම කුලී වැඩ කරන්න යැව්ව නම් අද ඩිලානිත් නෑ…. මමත් නෑ…. අපේ පැටියත් නෑ… අනේ සමාධි ඔයා නම් දෙව් දුවක්…….”
” අනේ ළමයො… මම කරපු දෙයක් නෑ….. මම කරේ මට පුලුවන් විදියට උදව් කරන එක.. මේ ඔක්කොම ඔයාගෙයි ඩිලානිගෙයි උනන්දුවයි.. කැප වීමයි හින්ද ලැබුන දේවල්…. මේ ඒක නෙමෙයි… නරකද බබා ටිකක් ලොකු වුනාම ඩිලානිත් බිස්නස් පැත්තෙන් පොඩි කෝස් එකක් කරොත් එහෙම?… කැම්පස් යන්න ඕන නෑ… අද ට්‍රේඩ් ලෙවල් කෝස් ඕන තරම් තියෙනව නෙ…… එතකොට ඩිලානිට පුලුවන් ඔයාට හෙල්ප් කරන්න…. නේද…..”
” ම්ම්… ඔව් සමාධි.. ඒක නම් හරි ෂෝක් අයිඩියා එක… ඉතින් බලන්න කො.. ඔයා කොච්චර හොඳ ඇඩ්වයිස් දෙනවද කියල….. ඩිලානිත් ඔයා කියන දේකට කැමති නොවී ඉන්නෙ නෑ…”
” හි.හි. හි.. එහෙනම් මම මීට පස්සෙ මුදලට උපදෙස් දෙන සේවයක් පටන් ගන්න ඕන…” සමාධි සිනාසෙමින් කීවාය.
” ඔයාට නම් සල්ලි දීල උපදෙස් ගත්තත් ගොඩක් වටිනවා සමායි…..”
” අනේ මේ පිස්සු නැතුව ඉන්න… යාලුවන්ට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට උදව්වක් කරාම මට එන සන්තෝසෙ සල්ලි වලින් මනින්න බෑ උෂාන්…… ඒක මගේ හදවත ඇතුලටම දැනෙන ලොකු සතුටක්…”
ලාභ ප්‍රයෝජන අපේක්ෂා නොකර හදවතින්ම පැන නැගෙන හැඟීමෙන් අනුනට උදව් කරන තැනැත්තා සමාජයට ආශිර්වාදයකි. සමාජයට පහන් එළිය ගෙන එන්නෙකි.
විවාහයෙන් පසු ඩිලානි සහ උෂාන් බිළිඳිය සමඟ ඩිලානිගේ නිවසේ පදිංචියට ගියෝය. මර්වින්ගේ සහ ඩිලානිගේ නැගෙනිය වූ තනුජාගේ බලවත් ඇවිටිල්ල මීට මූලික හේතුව විය.
බිළිඳිය ඩිලානි සමග තම නිවසින් පිටවීම සමාධිට මහත් ශෝකයක් විය. ඩිලානි ගැබ් ගත් දිනයේ සිට සිය මව සමග ඇය රැක බලාගනිමින් දරු උපත දක්වා සියලුම කටයුතු ඉතා සොම්නසින් සිදු කල ඇයට ඔවුන්ගේ හැර යාම දරා ගත නොහැකි විය.
” අනේ ඩිලානිඊඊ.. පැටියා ගියාම.. ඉහි ඉහිහ්. ඉහි ඉ..අනේ මේ චූටි පැටියා ගියාම මුලු ගේම පාළු වෙනවා ඩිලානි… ඉහිහීඊඊ. ස්. ස්.සු…….
ඩිලානි සහ පියුමි ගෙයින් පිටවන මොහොතේ සමාධි ඉකි ගසමින් අඬන්නට වූවාය. තාරක ඇය තුරුලු කර ගත්තේය. බිළිඳිය දෑතින් ඔසවා ගෙන සිටි උෂාන්ගේ දෑස තෙත් විය.

” අනේ සමාධි… අනේ ඔයා දුක් වෙන්න එපා කෙල්ලේ………අපි රට ඇරල යන්නෙ නැහැ නෙ.. අපි මේ ගමේමනේ ඉන්නෙ… ඉතින් ඔයාට ඕන වෙලාවක ඇවිල්ලා පැටියව බලන්න පුලුවන්නෙ සමාධි.. අපිත් පුලුවන් වෙලාවට පැටියව මෙහේ එක්ක එන්නම්….” ඩිලානි කඳුලු පිරි දෙනෙතින් යුතුව කීවාය.
” ඉහිහ්.. හ..හා ඩිලානි.. එහෙනම් ඔය ගොල්ලො පරිස්සමින් පැටියව එක්ක යන්න…. මම හෙට එන්නම් බලන්න…….”
” සමාධි… ඔයත් පැටියගෙ අම්ම කෙනෙක්…. ඔයයි නැන්දයි මේ කරපු උදව් වල පිනෙන් ඔයයි නැන්දයි බුදුන් දැක නිවන් දකින්න ඕන සමාධීඊඊඊඊඊ…..”
ඩිලානි සමාධිව වැළඳ ගත්තේ දෝරේ ගලන ස්නේහවන්ත ප්‍රේමයෙන්ය.
තම කුසින් වැදූ දරුවෙකු නොවුනද දරුවන්ට මව් සෙනෙහසින් ආදරය කරන, ඔවුන් රැක බලා ගන්නා කාන්තාවන් සමාජයට ආලෝකයක් ගෙන දෙන මිණි පහන් වේ. ඒ උදාර කාන්තාවෝ, බිළිඳුන් මහ මග දමා යන්නා මව් වරුන්ට මහඟු ආර්දර්ශයක් ලබා දෙති.
පරිගණක පාඨමාලාව හැදැරීම සඳහා කොළඹට පැමිණි තාරකගේ සොහොයුරිය වූ නදීකා වැඩිපුර කාලය ගත කරේ කොළඹය. ඇය දෙමව්පියන් බැලීමට ගමට ආවේ ඉතාමත් කලාතුරකින්ය. එයට පාදක වූ හේතු දෙකක් ඇත. පලමුවෙනි හේතුව වූයේ වියදම් පිරිමසා ගැනීම සඳහා අවන් හලේ අඩ කාල රැකියාව කිරීමට කාලය යෙදීමය. ආර්ථික වශයෙන් ඇයට අපහසුතාවයක් තිබෙන බව ගෙදරට පෙන්වීමට ඇගේ ආත්ම අභිමානය ඉඩ දුන්නේ නැත. දෙවන හේතුව වූයේ පෙම්වතෙකුගේ ආදරය සහ පහස නොලැබීමෙන් ආතතියකට පත් වීම නිසා
ගැලපෙන කෙනෙකු සොයා ගැනීමට ඇය දරණ උත්සාහයට කාලය යෙදවීමය.
පෙම්වතෙකු නැති කම නදිකාට ඉතා තදින් දැනෙන්නට පටන් ගත්තේය. කොළඹ නගරයේ තැන් තැන්වල එකට තුරුලු වී සිටින පෙම්වතුන් දැකීම නිසා ඇගේ මේ තනිකම වඩාත් උද්දීපනය වී දැනෙන්නට පටන් ගැනින. නදීකා මේ ගැන ඇය සමග කාමරයේ නවාතැන් ගෙන සිටින චේතිකා සමග කතා කළාය.
” වෙති…මේ… ඔයාට කොල්ලෙක් නැතුව ඉන්න පුලුවන්ද ?….’ දිනක් අවන් හලේ රැකියාවෙන් පසු කාමරය පැමිණි නදීකා ඇසුවාය.
“ම්… ඉන්න නම් අමාරු තමයි නදී… ඒත් ඉතින් එක අතකට ඕකුන් නැති එකත් හොඳයි…. හිටියම අපිට කිසිම නිදහසක් නැහැ නෙ….’ යහනේ හේත්තු වී විවේක සුවයෙන් සිටි වේතිකා කීවාය.
” ඔයාට ඉස්සර කොල්ලො ඉඳල තියෙනවද?……”
” ඔව් නදී… ඉස්කෝලෙ යන කාලෙ දෙන්නෙක් හිටියා.. ඒ කාලේ ඉතින් ඔච්චර ලව් එකක් තිබුනෙ නැහැ.. දන්නෙ නැද්ද ඉතින්… පාක් වලයි… ෆිල්ම් හෝල් වලයි… රූම් වලයි තමයි ໑.. 3.3.5…”
” මොනවා?… ඔයා රූම් වලටත් ගියා.. ඒ කියන්නෙ ඔයා දැන්……
” අපෝ නෑ නදී… එව්වර දුර යන්න තරම් මම මෝඩ නැහැ… දන්නෙ නැද්ද ඉතින්… රූම් එකකට ගියත් එහෙන් මෙහෙන් උඩින් Ôm໒…… 8.8.8….”
” ඉතින් ඊට පස්සෙ කවුරුත් හිටියෙ නැද්ද?…”
” ඊට පස්සෙ මම වැඩ කරන්න කොළඹට ආව නේ…….මෙහෙදි මට කොල්ලෙක් සෙට් වුනා.. ඌ හොඳට සල්ලි තියෙන බිස්නස්
කාරයෙක්ගෙ පුතෙක්… ඌත් බිස්නස් කරල හොඳට හම්බ කරනවා… අපි ඇත්තටම ලව් කරන්න පටන් ගත්තා… අර ඉස්කෝලෙ යන කාලේ වගේ ජොලියට විතරක් නෙමෙයි….”
” ඉතින් ඇයි ඒක බ්‍රේක් වුනේ ?….”
“ඌට ඕන වුනා බඳින්න කලින් ලොකු වැඩේ කරන්න…..මම කිව්වා.. ඒ වැඩේ කරන්නෙ බැන්දට පස්සෙ කියල… මූට ඒක ඕනමයි කිව්වා… දවසක් මාව රේප් කරන්න වගෙන් සෙට් වුනා.. ඒත් මම ඉඩ දුන්නෙ නෑ… ඊට පස්සෙ මූ මාව මග ඇරියා.. මාත් අත ඇරල දැම්මා… ඕකුන් අපිත් එක්ක බුදිය ගෙන ෂේප් වෙලා යයි යන්න.. අපිට ඉතින් බඩකුත් එක්ක තමයි නවතින්න වෙන්නෙ…”
” ඒ වුනාට වේති…ඌට සල්ලි තියෙන හින්දා ඔයාට තිබුන කොහොම හරි ඌත් එක්ක ඉන්න….”
” සල්ලි තිබුන පලියට ගෑණු අපි උන්ගෙ සෙල්ලම් බඩු නෙමෙයිනෙ නදී….”
” ඒත් වෙති… ඔය ඕන තරම් කපල්ස් ඉන්නෙ බඳින්න කලින් වැඩේ කරල ඊට පස්සෙ බැඳල සන්තෝසෙන් පවුල් කන…..”
” ඔව් එහෙම කපල්ස් ඇති.. ඒත් බොහොම පොඩ්ඩයි… අද
කාලේ හරියට ලව් කරන ඒ වුන් කීයෙන් කීයද ඉන්නෙ නදී…… ඒ හින්ද අද කාලෙ කිසි කෙනෙක් විශ්වාස කරන්න අමාරුයි…’
” ම්… අනේ මන් දන්නෙ නෑ වේති… ‘ මග හිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී..’ වගේ දෙයක් තමයි මේක……”
” එහෙම තමයි ලෝකෙ හැටි නදී… මේ.. ඉතින් ඔයාට කවුරුත් නැද්ද තවම?….”
” ම්… නෑ අනේ…..දැන් නම් ඉතින් ටිකක් ඉන්න අමාරු … …”

” කලින් ඉඳලත් නැද්ද?…”
” අම්මෝ… එහෙනම් ඉතින් මෝල් අමාරුව ඇති නේද?… හි.හි.හි.. මම නම් ඉතින් එහෙන් මෙහෙන් ජොලියක් දාලා තියෙනවනෙ…. මේ… ඔයාට කවුරුත් තවම ලයින් පාරක් දාල නැද්ද?
“ම්ම්.. රෙස්ටොරන්ට් එකට එන කොල්ලො එහෙන් මෙහෙන් කතා කියනවා.. උන් වැඩක් නෑ වේති… හරියට රස්සාවකුත් නැති ඒවුන්… ඒ විතරක් නෙමෙයි… සමහර කපල්ස් ආවම කොල්ලගෙ වැඩේ මම දිහා බලන එක… ඉතින් කෙල්ලට මාර අප්සට් මම හිතන්නෙ…….”
” හි.හි.හි.. ඔව් ඉතින් ඔයා ඇහැට කණට පේන්න ඉන්නව ๒…”
” මේ තව එකක් වෙති.. රෙස්ටොරන්ට් එකේ අයිතිකාරයා මට එහෙන් මෙහෙන් බැල්ම දානවා.. කීප දවසක්… ම්ම්.. යන්තම් මගේ පස්ස අත ගාලත් තියෙනවා… හැබැයි තවම මුකුත් කියල නම් නෑ…..”
“ඌ සින්ගල් ද ?…”
” නෑ බැඳල…”
” අම්මෝ මේ නදී…. මම එකක් කියන්නම්.. ඔය බැඳපු උන් එක්ක විතරක් පැටලෙන්න එපා කෝටිපතියො වුනත්……. අන්තිමේදි මිනී මැරෙන තැනට වැඩ සිද්ද වෙලා තමයි නවතින්නේ….” චේතිකා තදින් කීවාය.
” ඔව්.. මම ඒක දන්නවා.. ඒ හින්ද තමයි මම ඌට උල් පන්දම් දෙන්නෙ නැත්තෙ… හැබැයි ඉතින් රස්සාවත් ඕන හින්ද කෙලින්ම මුකුත් කියන්නත් බෑ….අනේ මන් දන්නෙ නෑ චේති…”

” මට තේරෙනවා නදී.. ඔයාට ආසාව තියෙනව.. ඒත් බයයි…..”
නදීකාට ඇති වී තිබෙන ඉච්ඡාභංගත්වය යෞවන වයසේ සිටින බොහෝ තරුණියන්ට ඇතිවන දෙයකි. පිරිමි ළමයෙකුගේ ආදරය සහ පහස නොමැතිව ඇය මහත් වූ මානසික පීඩනයකට ලක් වූවාය. නදිකාට අවශ්‍ය වන්නේ මුදල් හදල් යහමින් ඇති, ඇගේ ‘තත්ත්වයට ගැලපෙන, ඇයට හදවතින්ම ආදරය කරන තරුණයෙක්ය. එවැනි තරුණයන් සොයා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ නිසා නදීකාගේ අසහනය තවත් වැඩි විය.
කොළඹ රටේදී නදීකා වැනි රූමත් තරුණියකට පිරිමින්ගේ බැල්ම නොවැටුනේ නම් එය පුදුමයකි. අවන් හලට එන පිරිමින්ගෙන් පමණක් නොව මග තොටේදී ඇය බොහෝ පිරිමින්ගේ අවධානයට ලක් විය. එහෙත් ඔවුන්ගේ “නංගි.. ඔයා හරිම ලස්සනයි…”, “නංගි…. මට ෆෝන් නම්බර් එක ගන්න පුලුවන්ද…”, ” ඔයාට කොල්ලෙක් ඉන්නවද….” වැනි නිතරම ඇසීමට ලැබෙන සාමාන්‍ය කතා වලින් නදීකා සෑහීමකට පත් වූයේ නැත.
නදීකා මෙසේ දෙලොවක් අතර අතරමං වී සිටින කාලයේදී ඇය සමග පරිගණක ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සඳුන්ගේ සැලකිල්ල ඇය වෙත යොමුවී තිබෙන බව නදීකාට වැටහුනි. සඳුන් ආයතනයට පැමිණියේ ලෙක්සස් හැරියර් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයකින්ය. ඔහුගේ පාවිච්චිය සඳහා ipad ජංගම පරිගණකයක් සහ iphone ජංගම දුරකථනයක් තිබෙන බව නදීකා දුටුවාය. මේ නිසා ඔහු ධනවත් පවුලක තරුණයෙකු බව නදීකාට වැටහිනි. පොහොසත් තරුණයෙකු හා මිත්‍ර වීමට සිහින මවමින් සිටි නදීකා ඔහු වෙත ආකර්ෂණය වූයේ මේ කරුණු පදනම් කර ගෙනය.
සඳුන්ට තමා ගැන යම් හැඟීමක් ඇති වී තිබෙන බව වටහා ගත් දින පටන් නදීකා ඔහු නම්මා ගැනීමට හැකි සියලුම දේ කළාය. තම රූපය සහ තරුණ ලාවණ්‍යය මතු වී පෙනෙන සේ ඇඳුම් ඇඳීමට ඇය පෙළඹුනාය. ඕනෑම පිරිමියෙකුගේ සිත ඇදගන්නා සිරුරකින් සහ රූපයකින් යුත් නදීකා, එසේ පිරිමි සිතක උද්දීපනයක් ඇති කිරීමෙන් ඔහු තමාට වඩා තම සිරුරුට ආසා කිරීමට පෙළඹෙන බව තේරුම් නොගත්තාය. ඇයට තේරුම් ගැනීමට අවශ්‍ය වුයේද නැත.
නදීකාගේ මේ කාමුක ඉරියව් නිසා සඳුන් පෙළඹ වීමකට පත් විය. එහෙත්, එය හුදෙක් රාගික හැඟීමක් පමණක් නොවීය. ඔහුට නදීකා ගැන හදවතේ යම් ආදර හැඟීමක් ඇති වූයේය. කෙසේ වෙතත්, නදීකාගේ ඉඟි බිඟි නිසා එම ආදර හැඟීම අභිබවා ආශාව ඉස්මතු විය.
ටික කලක් යන තුරු දෙදෙනා අතර ඇතිවුයේ දෙනෙතේ කතාව පමණි.
“සයුරු තෙරේදී… අවන් හලේදී… දෙනෙතේ කතාවෙන් සිත් යා වුනේ…..”
නදීකා සහ සඳුන් අතර දෙනෙතේ කතාව ඇතිවූයේ සයුරු
තෙරේවත් අවන් හලේවත් නොවේ. එය ඇති වූයේ ආයතනයේ දේශනාගාරයේදී සහ ආයතනයේ එළිමහනේදීය.
නදීකා නිසා ඇති වූ උද්දීපනය දරා ගත නොහැකි වූ සඳුන් මේ නිහැඬියාව බිඳීමට තීරණය කළේය. දිනක් දේශන අවසානයේ ඔහු සියලු විරිය හිතට සහ ගතට ගෙන නදීකා සමග කතා කළේය.
“මේ.. එක්ස්කියුස් මී……… ඔයා ඔයා නදීකා නේද?…..”
සඳුන් යන්තම් කියා ගත්තේය. නදිකා සිටියේ මේ මොහොත එනතුරු ඇඟිලි ගනිමින්ය.
224
මනෝ ෆොන්සේකා
නදීකා වචන
” ආ.. ඔ.. ඔව්….. ඔ.. ඔයා සඳුන් නේද….” අමාරුවෙන් ගලපා ගත්තාය.
” ඔව් නදීකා… මම ගොඩක් දවස් ඔයා එක්ක කතා කරන්න හිතා ගෙන හිටියෙ.. ඒත් වෙලාවක් නැති වුනා….”
” ම්..මේ. මමත්.. මමත් එහෙම තමයි….’ නදීකා මද සිනාවක් පාමින් කීවාය.
” ආ….ම්.. මේ.. නදීකා… ඔයා අද හවස බිසී නැත්නම් අපි පොඩ්ඩක් කතා කරමුද ?…..”
” නෑ සඳුන්… මට හැන්දෑවෙ විශේෂ මුකුත් නෑ.. අපි කතා කරමු..”
” අපි එහෙනම් කොහාටද යන්නෙ?..”
” කොහේ හරි….”
නදීකාගේ මේ පිළිතුරෙන් සඳුන් වික්ෂිප්ත භාවයකට පත්වුවත් ඒ බව නොපෙන්වා ඇය සමග කොළඹ ජාවත්ත පාරේ පිහිටි ජාවා ලවුන් ජ් ‘ නම් සුඛෝපභෝගී කෝපි සලට ගියේය. ඔහුගේ ලෙක්සස් රථයේ ඉදිරි පස අසුනේ ගමන් කිරීම නදීකාට මහත් අභිමානයක් විය.
” ෂේෂ්.. සඳුන්… මේක ගොඩක් එක්ක්ස් ස්පෙන්සිව් තැනක් වගේනෙ….”
” ඒ වුනාට නදීකා… මෙතන හරිම නිස්කලංක තැනක්… අපිට නිවී සැනසිල්ලෙ කතා කරන්න පුලුවන්….”
මෙවැනි අවන් හලකට නදීකා කිසිම දිනයක ගොස් නොමැත. අලංකාර සැප පහසු ස්ථානයක් වූ මෙය ඉහල පන්තියට අයත් යැයි සැලකෙන පුද්ගලයන්ගේ කෝපි සලක් බව නදීකාට වැටහුනි.
මද විදුලි ආලෝකය සහිත මෙම අවන් හල පෙම්වතුන්ට ආදර බස් දෙඩීමට තෝ තැන්නක් විය. සඳුන් සමග සැප පහසු ස්ථානයක අසුන් ගත් නදීකාට කෝපි කෝප්පයක මිල ගණන් දුටු විට සිහින් කලන්ත ගතියක් ඇති විය. එහෙත් ඇය ඒ බව නොපෙන්වා සිටීමට සෑම උත්සාහයක්ම ගත්තාය.
කෙසේ හෝ සඳුන්ගේ පෙම්වතිය වීමට නදීකා අදිටන් කර ගත්තාය. තමන් රන් ආකරයකට අත ගසා ඇති බව නදීකාට දැනුනි. එම රන් ආකරය කිසිම දිනක අත නොහැරීමට ඇය එක සිතින් තීරණය කළාය.
සඳුන් නදීකා සමඟ සිහින් හඬින් කතා කිරීමට පටන් ගත්තේය. ටිකෙන් ටික ඔවුන් එකිනෙකාට ආකර්‌ෂණය වන බව දෙදෙනාටම දැනින. දෙදෙනාගේම ආදර සහ ශෘංගාර හැඟීම් පිබිදෙන්නට විනි. අවන් හලේ මද අලෝක පරිසරය ඔවුන්ගේ හැඟීම් තවත් උද්දීපනය කළේය. ආදරයට වඩා ශෘංගාරයෙන් දෙදෙනාම මන්මත් විය.
” නදී ……” සඳුන් සෙමින් මිමිනුවේය.
“8000…”
” නදී… ඔයාට. ම්.. ඔයාට.. බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ නේද….”
“නෑ සඳුන් නෑ…?
සඳුන් විශාල සැනසුම් සුසුමක් හෙලුවේය.
” සඳුන්.. ඔයාටත් ගල් කෙනෙක් නෑ නේද?……”
” ….”
නදීකාද එවැනිම සැනසුම් සුසුමක් හෙලුවාය.
” සඳුන්…. ඔයාගේ ෆැමිලි එකේ විස්තර මොනවද?……”
“මමයි නංගියි….. නංගි තවම ඉස්කෝලෙ යනවා… එයා ඉන්ටනැෂනල් ස්කූල් එකකට යන්නෙ… දැන් එකොළහ වසරෙ…
” ඔය ගොල්ලන්ගෙ බිස්නස් මොනවද සඳුන්?…..” නදීකා තමාට අවශ්‍යම ප්‍රශ්නයක් ඇසුවාය.
” තාත්තට එපෝට් ඉම්පෝට් කම්පැනි එකක් තියෙනවා… අපි ගොඩක් ඉම්පෝට් කරන්නෙ ලොකු ඉන්ඩස්ට්‍රියල් මැෂින්ස් තමයි… අපිට කුළුබඩු එස්පෝට් කරන බිස්නස් එකකුත් තියෙනවා… තාත්තට ඕන I.T. පැත්තටත් යන්න.. ඒකයි මට කම්පියුටර් ඩිප්ලෝමා එක කරන්න කිවුවෙ….”
මේ විතර ඇසූ නදීකා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියාය.
” ඔය ගොල්ලන්ගෙ මුල් පදිංවිය කොළඹද ?….” නදීකා ඇසුවාය.
” නැහැ නදී… මගෙ තාත්තා හැදුනේ වැඩුනේ දික්වැල්ලෙ…. අපි දකුණෙ කට්ටිය…. මගේ සීය ඉස්සර දේශපාලනය කරා….. එත් දැන් කවුරුත් ඒව කරන්නෙ නෑ… තාත්තාට නම් දේශපාලනය එපා වෙලා තියෙන්නේ දැන් මේ වෙන වැඩ හින්ද… නංගියි මමයි ඉපදුනේ කොළඹ….”
‘ ම්ම්.. ෂෝක් නේ සඳුන්… ඉතින් මේ.. ඔයාට ගල් කෙනෙක් ඉඳලම නැද්ද ?….
” ඉස්කෝලෙ යන කාලේ එක්කෙනෙක් හිටියා… ඒත් ඒ ගොල්ලො පිටරට පදිංචියට ගියා නදී….. ඉතින්.. ඔයාට බෝයි කෙනෙක් ඉඳල තියෙනවද?…”
” නෑ සඳුන්… කවදාවත් නෑ..ම්ම්.. ඔයා .. ඔයා තමයි ෆර්ස්ට් ඇන්ඩ්…ම්… ලාස්ට් සඳුන්…..” නදීකා තම හැඟීම එළියට දැම්මාය.
” නදී …..” සඳුන් ආදරය මුසු හඬින් කීය.
” සඳුන්…..” නදීකා මිමිනුවාය.
අත් තද කොට අල්ලා ගත් නදීකා සහ සඳුන් එකිනෙකාට තුරුලු විය. මද ආලෝකයෙන් යුතු ශෘංගාරාත්මක පරිසරය ඔවුන්ගේ හැඟීම් තවත් පුබුදු කලේය. දිවට දිව තබා ගත් දෙදෙනා සිහින් චුම්බනයක රසය වින්දනය කළෝය. අනතුරුව සඳුන්ගේ උරහිස මත හිස තබාගත් නදීකා දෑස් පියාගෙන නුරා ලෝකයකට සැපත් වුවාය. ඇගේ ගෙල වටා අත දැමූ සඳුන් ඇය තවත් ඔහුට තුරුලු කොට සෙමින් ඇගේ හිස පිරිමැද්දේය.
දෙදෙනා සෑහෙන වේලාවක් මෙම ආලිංගනයෙන් ඔවුන්ගේ ආදර නුරා ලෝකයේ රසය වින්දනය කළෝය.
” නදී….” ශෘංගාර ලෝකයෙන් ඉවතට පැමිණි සඳුන් නදීකා ඇමතීය.
” අපි යමුද?…”
” හා සඳුන්…..
වේලාව රාත්‍රී නමයත් පසු වී තිබුනි. සඳුන් කිසි කතා බහක් නොමැතිව මෝටර් රථය පදවා ගෙන ගියේය.
” සඳුන්.. අපි මේ කොහෙද යන්නෙ?…..”
” නදී.. මම ඉන්නෙ අම්මල එක්ක නෙමෙයි.. මට ක්‍රෙස්කැට් අපාට්මන්ට් එකක් තියෙනවා… අපි එතනට යමුද?.. මුළු කොළඹම ලස්සනට පේනවා මගේ අපාට්මන්ට් එකට… අද රෑ මාත් එක්ක ඉන්න නදී… ප්ලීස්…”
සඳුන් ඉල්ලීමක් කලේය.
කොළඹ ගාලු මුවදොර ක්‍රෙස්කැට් සංකීර්ණයේ නිවසක් තිබිය හැක්කේ කෝටිපතියෙකුට බව නදීකා දන්නා දෙයකි. එහෙයින් සඳුන්ගෙන් වෙන්වී යාමට නදීකාගේ දැන් කිසිදු අදහසක් නොමැත. එහෙත් මෙහිදී ඇය තමාගේ සංයමය පවත්වා ගත්තාය.
” අනේ සඳුන් ප්ලීස්…අනේ අද මට බෑ බබෝ… අපි වෙනින් දවසක බලමුකො…. අනේ ඔයා තරහ නැහැ නේද?…..” නදීකා සඳුන්ගේ උරහිසේ අත තබා කීවාය.
“අයියෝ නෑ නදී… ඒකට කමක් නෑ… සොරි මම එහෙම එන්න කිව්වට… මට අද රෑ ඔයා නැතුව පාලු වෙයි… ඒකයි මම එහෙම කිවේ…..”
” අනේ සඳුන්… මම ඔයාට කෝල් කරන්නම්කො…. එතකොට ඔයාට පාලු දැනෙන එකක් නෑ… අනේ ඔයා මාත් එක්ක තරහ නැහැ
නේද?… මට හරි අප්සට් සඳුන්….” නදීකා දුක්මුසු හඬකින් කීවාය.
” අනේ ඕකට ඔව්වර අප්සට් ගහන්න එපා කෙල්ලෙ.. අපිට තව කොච්චර කල් තියෙනවද……. එක අතකින් මමත් වැරදියි අපි යාලු වුන දවසෙම ඔයාට මෙහෙම එන්න කිව්වට…” සඳුන් වාහනය පදවමින් නදීකාගේ හිස අත ගෑවේය.
“තැන්ක් යූ සඳුන්…”
” ඉන්න මම ඔයාව ගෙදරින් බස්සන්නම්.. එහෙනම් මට රෑට කෝල් කරන්නෙ කෙල්ලෙ…”
” ෂුවර් සඳුන්….”
නදීකාගේ මේ සංයමය ඇයට කොපමණ කාලයක් පවත්වා ගත හැකිද? කාලය විසින් එයට පිළිතුරක් දෙනු ඇත.
නදිකා සහ සඳුන් අතර සම්බන්ධය දිනෙන් දින විකාශණය
වූයේය. දවසක් හෝ එකිනෙකා නොදැක සිටිය නොහැකි තරම් එය
බලවත් විය. කෙසේ වෙතත් දෙදෙනාගේ මේ බැඳීම හදවතින්ම
මතුවන ආදරයක් දැයි දෙදෙනාටම වටහා ගත නොහැකි විය. ඔවුන්
එය තේරුම් ගැනීමට උත්සාහයක් ගත්තේද නැත.
සඳුන් නදීකාගේ මනස්කාන්ත ශෝහන සිරුරට වශී වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ඇගේ සරාගී සිරුර දැකීම ඔහුට නයන රසාංජනයක් විය. මේ ආකර්ෂණය නිසා ඇයට ඔහුගේ හදවතේ ආදරයක් ඇති වී තිබුනත් ඉස්මතු වූයේ අනුරාගී හැඟීමය. මේ නිසා වෙන කිසිම පිරිමියෙකු නදීකා දෙස බැලීමත් ඔහුට නුරුස්නා දෙයක් විය.
” නදී…..මම ආස නෑ ඔයා දිහා වෙන පිරිමි බලනවට… ” ඔහු නදීකා සමග පැවසීය.
“ස්.. ඔයාට පිස්සුද සඳුන්…. ඔය එක එකා මම දිහා බැලුවයි කියල මම උන්ව ගණන් ගන්නවද ?.. ඕන එකෙක්ට බලා ගන්න කියන්න……”
” ඒ වුනාට මම ආස නෑ නදී… එතකොට මට ජෙලස් හිතෙනවා.. ඔයා මගේ කෙල්ල…. ෂොපින් සෙන්ටර් එකකට ගියොත් හැම එකාම ඔයා දිහාමයි බලන්නෙ….”
” අයියෝ සඳුන්……. ඒ ඔයාට පේන හැටි මම හිතන්නෙ… අනික අපිට ඒව නවත්තන්න බැහැ නෙ…. ඔයා ගනන් ගන්න එපා ඕව…”
” ඔයා ටයිට් ජින්ස් අඳින්න එපා…. එතකොට ඔයා ගොඩක් සෙක්සි විදියට පේනව….”
” ඉතින් අනේ ඔයාමනෙ කිව්වේ මට ලස්සනට අඳින්න කියල….”
” මන් දන්නෙ නෑ…. මම ආස නෑ ඔයා දිහා මිනිස්සු බලනවට…”
” ඉතින් ළමයො…. එහෙම බැලුවට මට මොනවත් කරන්නෙ එන්නෙ නැහැනෙ….”
” එහෙම බලන එකටත් මම ආස නෑ…”
පෙම්වතෙකු මෙවැනි දෙයකින් සැලීමකට පත් වන්නේ සිය පෙම්වතිය තමන්ට හදවතින්ම ආදරය කරන බවට විශ්වසයක් නැති වූ විටය. එම විශ්වාසය පෙම්වතුන් දෙපලක් තුල තිබේ නම් ලෝකය පෙරලුනද ඔවුන් සැලීමකට පත් වන්නේ නැත.
නදීකා තුල සඳුන්ට ඇති බැඳීමට මුල් වූයේ ඔහුගේ වත් පොහොසත් කමය. සඳුන් එතරම් කඩවසම් තරුණයෙකු නොවේ. සිය කණිටු සොහොයුරු තාරක හා සසඳන විට කඩවසම් බව අතින් සඳුන් අහලකින්වත් තැබීමට නුපුලුවන. ඔහුගේ ධනවත්කම නිසා ජනිත වූ ඇල්ම හේතුවෙන් සහ ඔහුගේ ආශ්‍රය නිසා ඇය තුල සඳුන් කෙරෙහි ආදර හැඟීමක් ඇති වී තිබුනත් එය නිර්මල ආදරයක්දැයි ඇයට වටහා ගත නොහැකි විය.
” සඳුන් මට ආදරේ මගේ ලස්සන හින්ද… ඒක හින්ද මම හැමදාම ලස්සනට ඉන්න ඕන..”
මේ සඳුන්ගේ තමාට ඇති ආදරය ගැන නදීකාගේ ආකල්පයයි.
සැබෑ පිවිතුරු ආදරයක් උපදින්නෙ බාහිර ඔපය නිසාවත්, ධනවත් කම නිසාවත්, බල පුලුවන්කාරකම් නිසාවත් නොවේ. පිවිතුරු ආදරය ඇති වන්නේ දෙදෙනෙකු තුල ඇතිවන අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය සහ හදවත පතුලෙන්ම උපදින බන්ධනය හා ආකර්ෂණය නිසාය. නිර්මල ආදරයට ශක්තිමත් මුදුන් මුලක් ඇත. එය කිසිම බලවේගයකින් සැලීමට පත් නොවේ. බාහිර දේවල් නිසා ඇතිවන ආදරයකට ශක්තිමත් මුලක් නැත. එය ඉතා සුලු ගැස්සීමකින් පවා සෙලවී, ඉදිරි, විනාශ වී යා හැකිය.
” නදී… ඔයා කැමතිද මගේ අම්මයි තාත්තයි මීට් වෙන්න…. මම ඒ ගොල්ලන්ට එහෙන් මෙහෙන් ඔයා ගැන කිව්ව්වා….”
දිනක් සඳුන් නදිකා සමග පැවසීය. නදීකාට එක්වරම තිගැස්මක් ඇති විය.
” ආ.. ම්.. අ.. හ.. හා සඳුන්.. මම එන්නම්…”
” අයියෝ කෙල්ලෙ… බය වෙන්න එපා.. ඒ ගොල්ලො ඔයාව කන්නෙ නැහැ..හි.හි.හි…”
සඳුන්ගේ දෙමාපියන්ගේ නිවසට ඇතුලු වූ විට නදීකාට දැනුනේ රජ මාලිගයකට පැමිණියා සේය. නිවස තරු තුනේ හෝටලයක් මෙන් විය.
” එන්න දුව වාඩිවෙන්න… සඳුන් ඔයා ගැන කියල තිබුනා.. ඉතින් ඔයාගේ නම මොකද්ද ?….” සඳුන්ගේ පියා ඇසීය.
” න්න නදීකා…… නදීකා ගැහෙමින් කීවාය.
“Oh.. Come on Nadheeka.. don’t be shy….” පියා ඇගේ කුලෑටි ගතිය නැති කිරීමට කීය.
සඳුන්ගේ දෙමාපියන් ඇය සමඟ කුලුපග ලෙස කතා කලද ඔවුන් ආධිපත්‍යයකින් යුතු පුද්ගලයන් බව නදීකාට වැටහිනි. මේ නිසා ඇය යටහත් තත්ත්වයකට පත් වූවත්, ධනය සහ සම්පත් වලට ඇති ආශාව නිසා එයින් අධෛර්‌යමත් නොවූවාය.
” නදීකාගෙ තාත්තා මොනවද කරන්නේ?.. ” සඳුන්ගේ පියා විමසීය.
” තාත්තා ටෙක්ස්ටයිල් බිස්නස් එකක් කරනව… ටවුන් එකේ ෂොප් එකකුත් තියෙනව…..”
” ඒක හොඳයි… අද කාලෙ බිස්නස් තමයි කරන්න ඕන…. එතකොට ඔයගොල්ලොන්ගෙ මුල් පදිංචියත් දකුණෙද ?……”
” ඔව්… මගේ සීයාට ගොඩක් පොල් ඉඩම් තිබුනා… ෆාම්ස් කීපයකුත් තිබුනා.. ඒත් දැන් ඒවා නෑ…”
” ආආආ.. හරි හරි… ලබුදුව පැත්තෙද තිබුනේ?…”
” ඔව්.. ඔව්… කොහොමද දන්නෙ……. නදීකා මදක් පුදුමයෙන් ඇහුවා.
” නදීකා.. අපිත් දික්වැල්ල පැත්තෙ… එහෙනම් ඉතින් ඔය
ගොල්ලොත් අපේ මිනිස්සු තමයි නේද…..”
මේ කතාව ඇසූ නදීකා මහත් සතුටට පත් වූවාය. සඳුන්ගේ දෙමාපියන්ගේ කැමැත්ත තමාට ලැබෙන බව ඇය විශ්වාස කලාය.
නදීකා බලාපොරොත්තු වූ පරිදි සඳුන්ගේ දෙමව්පියන්ගෙන් ඇයට විරුද්ධත්වයක් නොමැති විය.
” නදී… ඔයාට දැන් සන්තෝසද ?… අම්මයි තාත්තයි අප්සට් එකක් නැති හින්ද….’ දිනක් දේශන අවසාන වූ පසු නදීකා සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටි සඳුන් ඇසීය.
“ම්ම්.. ඔව් සඳුන්.. අනේ මේ… ඒ ගොල්ලො වෙනස් වෙන එකක් නෑ නේද ?…”
” ඔයාට පිස්සුද නදී… තාත්තා කිව්වොත් කිව්ව තමයි… ඔයා බය වෙන්න එපා…..”
” නෑ අනේ…. මම නිකමට එහෙම කිව්වේ….”
” ඇයි සඳුන්?…..
“නදී…ම්..මේ..ම්ම්..මේ….අද..ආ… අද ඔයා මගේ අපාට්මන්ට් එකට එනවද කෙල්ලෙ ?…..”
නදීකා දෙලොවක අතරමං වූවාය. සඳුන් සමග සෑහෙන කාලයක් ආශ්‍රය කිරීම නිසා ඇගේ තරුණ හැඟීම් උද්දීපනය වී තිබුන අතර සඳුන් සතුටින් තැබීමද ඇයට වැදගත් විය. ඒ සමගම ඇගේ ආත්ම ගරුත්වය හා චාරිත්‍ර ගැන ඇයට සිතෙන්නට විය. මේ පැති කඩවල් දෙක තරාදියකට දමා බැලූ විට බර කුමන පැත්තදැයි ඇයට නිශ්චය කර ගැනීමට නොහැකි විය.
” ඇයි කෙල්ලෙ ?….. ඔයාට අප්සට් නම් කමක් නෑ… නදීකාගේ වික්ෂිප්තභාවය දුටු සඳුන් පැවසීය.
” නෑ සඳුන්… එහෙම එකක් නෑ…. මම නිකන් කල්පනා කරේ…..”
” ඒ වුනාට මට හිතෙනව ඔයාගේ මොකද්ද තියෙනව කියල…… නදී…. .මම ඔයාට ආදරෙයි….. මට ඒක දිවුරල කියන්න පුලුවන්… අනික නදී… ම්..මම ඔයා හින්දා ඇවිස්සිලා තියෙන්නෙ පැටියො… මට වෙන කිසිම කෙල්ලෙක් ගැන හිතන්න බෑ…. හිතෙන්නෙත් නෑ… ඒත් කමක් නෑ… ඔයා කැමති නැත්නම් මම ඔයාව ගෙදරට බස්සන්නම්……”
“…”
“78 ?……”
“48 …..”
” කොහාටද?….”
” අපාට්මන්ට් එකට …..”

ක්‍රෙස්කැට් සංකීර්ණයේ ඉහල මාලයක පිහිටි සඳුන්ගේ නිවහන නදීකාට පෙනුනේ දිව්‍ය ලෝකයක් ලෙසින්ය. නිවසේ සඳලු තලයට ගාලු මුවදොර පිටිය සහ ඈත මුහුදු තීරය ඉතා අලංකාර ලෙස දර්ශනය වේ. කොළඹ වරායත්, මහ බැංකු ගොඩනැගිල්ලත්, ලෝක වෙළඳ මධ්‍යස්ථානයත් සන්ධ්‍යා කාලයේදී මනස්කාන්ත ලෙස දිස් විය.
“ ස්ය. අනේ සඳුන්……..හරියට දිව්‍ය ලෝකෙට ගියා වගේ
සඳලු තලයට වී අවට සිරි නරඹමින් සිටි නදීකා කීවාය.
“ම්ම්.. මෙච්චර කල් දිව්‍ය ලෝකෙ ලස්සන වුනේ නෑ…. අද දිව්‍ය කුමාරි ආපු හින්ද හරිම ලස්සනයි….ම්….” නදීකාගේ පිටිපසින් පැමිණ ඇය ආලිංගනය කොට ගත් සඳුන් කීවේය.
” අනේ සඳුන්.. එපා අනේ….” සඳුන්ගේ ස්පර්ශයෙන් සහ සිප ගැනීමෙන් සිහින් කිතියක් දැනුන නදීකා සෙමින් කීවාය.
” අද තමයි මගේ මුලු අපාට්මන්ට් එකම එළිය වුනෙ කෙල්ලෙඒ ඒ ඒ ඒ….”
නදීකා දැඩි ලෙස තුරුලු කරගත් සඳුන් ඇගේ කම්මුල සහ ළැම ප්‍රදේශය කිහිප විටක් සිප ගත්තේය. දෙදෙනාගේ සරාගී හැඟිම් පිබිදීමට වැඩි වේලාවක් ගියේ නැත.
” නදී… අපි බෙඩ් රූම් එකට යමුද…”
”හා….” නදීකා මිමිනුවාය.
නිදන කාමරයේ පරිසරයත්, මද ආලෝකයත්, වායු සමනය නිසා දැනෙන සැහැල්ලුවත් දෙදෙනා තවත් කුල්මත් කලේය. නිදි යහනේ වැතිරුන දෙදෙනා උණුසුම් තොල් චුම්බනයකින් සහ දැඩි ආලිංගනයකින් එකතු විය. දෙදෙනාගේ සරාගි හැඟීම් සියලු සීමාවල් ඉක්මවා ගියේය.
සිය පාරිශුද්ධත්වයේ පුෂ්පය නදීකා සඳුන් වෙත පුද කලේ අනුරාගී හැඟීමේ උච්ච අවස්ථාවකදීය. එම හැඟීමේ ආදරයක් මුසු වී තිබුනාද නැද්ද යන්න ඇයට එතරම් වැදගත් වූයේ නැත.
තම ළැම මත හිස තබා දෑස් පියාගෙන සිටින නදීකාගේ හිසකෙස් ඇඟිලි වලින් පිරිමදිමින් සඳුන් ඇසීය.
” ම්…..” නදීකා කෙඳිරුවාය.
” ඔයාට…. ඔයාට අප්සට්ට නදී?….”
“ම්ම්.. නෑ සඳුන්… ඒත් මම දැන් ඔයාගේ… දැන් ඔයා මාව දාල ගියොත් මට මැරෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ….”
” නදී.. ඔයා මොනවද මේ කියන්නේ?.. දැන් මාත් ඔයා ගෙනෙ.. දැන් තමයි මගෙත් තිබුන බය නැති වුනේනේ…”
” ආ… මොකද්ද අනේ ඔයාට තිබුනු බය?….. නදීකා හිස ඔසවා ඇසුවාය.
” නදී.. මට ලොකු බයක් තිබුනා..ම්.. මේ. ඔයාට වෙන කවුරු හරි මේක කරයි කියල…”
” ඔයාට පිස්සුද සඳුන්… මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඔයා… ඉතින් මම වෙන අය එක්ක එහෙම යනවද?…….’
” ඒ වුනාට මට බයක් තිබුනා…. ඒත් දැන් මට සන්තෝසයි…. දැන් ඔයා මගේමයි…ම්ම්…”
සඳුන් නදීකාගේ තොල යන්තම් සපමින් කීවේය.
” ස්. ඌයි රිදෙනවා ළමයො… ඔයා නම් පිස්සුම කොල්ලෙක් තමයි… ඊඊඊඊ….මේ සඳුන්… බෙඩ් ෂීට් එක හැම තැනම ලේ ගෑවිලා අනේ….කොහෙද… ඔයාට පුදුම විසයක් නෙ තිබුනෙ…….”
“ම්ම්ම්ම්… හරියට ඔයාට තිබුනෙ නෑ වගේ… ඒකට කමක් නෑ ළමයො… හෙට උදේ මම ඒක ලොන්ඩ්‍රියට දාන්නම්…ම්.. එන්න කෙල්ලේ… අද මුලු රෑම අපේ…..”
නදීකා තදින් තුරුලු කරගත් සඳුන් ඇය සමග නැවතත් සරාගී ලෝකයට පිවිසියේය.
සිය කුමරි බඹසර සඳුන් වෙත පුද කිරීමෙන් පසු ඔහු තම ග්‍රහණයේ තබා ගැනීමට නදීකා සෑම උත්සාහයක්ම යෙදුවාය. ධනවත් කමෙන් ඉතා ඉහල තලයක සිටින සඳුන්ගෙන් පිට ලෝකයක් ඇයට සිතීමට පවා නොහැකිය. කෙසේ වුවත් නදීකාට මේ සඳහා වැඩි වෙහෙසක් ගැනීමට අවශ්‍ය වූයේ නැත. එයට හේතුව වූයේ ඇගේ සරාගී සිරුරේ පහසින් ඔද වැඩී සිටින සඳුන් තව තවත් ඇයට ආකර්ෂණය වීමය. නදීකාගේ පහස නොමැතිව ඔහුට එක රැයක් පවා ගත කිරීමට නොහැකි විය.
” නදී.. අනේ ප්ලීස්.. ඔයා එන්නකො මාත් එක්ක අපාට්මන්ට් එකේ ඉන්න… නිකන් ඔය කාමරේකට රෙන්ට් ගෙවන්න ඕන නැහැ ທ…”
“ම්.. ඔයාගේ අම්මල කැමති වෙයිද… අනික මගේ අම්මලත් කීයටවත් කැමති වෙන එකක් නෑ….”
” අයියෝ නදී.. මගේ අම්මල නම් කිසි දෙයක් කියන එකක් නෑ… හෙමින් සැරේ ඔයත් ඔයාගෙ අම්මලට කියන්න………අනික ඉතින් අපි මැරී කරන්න නෙ ඉන්නෙ…”
” එහෙම කියන එක ලේසි නෑ… මම දන්නවනේ අපේ අම්මලගෙ හැටි…. හොඳයි මම ට්‍රයි එකක් දෙන්නම්..”
” අනික නදී. මම ආස නෑ ඔයා අර රෙස්ටොරන්ට් එකේ ජොබ් එක කරනවට.. ඔයාට ඕන කරන හැම දේම මම දෙන්නම්.. අනේ ප්ලීස් ඒකෙන් අස් වෙන්න.. අනික ඒකෙ අයිති කාරයා ඔයාට බැල්ම දානවට මම ආස නෑ…’
” හි.හි…….ආපෝ…. ඔයා හරිම ජෙලස් අනේ… ආ හරි හරි.. මම අස්වෙන්නම්….
නදීකා සඳුන් සමග ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ නිවසට පදිංචියට පැමිණියාය. ඇගේ මිතුරිය වූ චේතිකා හැරයාම ඇයට ශෝකයක් වූවත්, සඳුන්ගේ සම්බන්ධය එයට වඩා වැදගත් විය. බටහිරට ගැති මෙවැනි ක්‍රියා ලංකාවේ සංස්කෘතියට සහ සමාජයේ ඒකාබද්ධතාවයට සුදුසු නොවේ. ” ඉහල ” පන්ති වල මෙවැනි දේ සිදු වූවත් ඒවා කිසිවිටක අනුමත කල යුතු ක්‍රියාවන් නොවේ.
සඳුන් තමාට ඇද බැඳ තබා ගැනීමේ තවත් පියවරක් ලෙස ඔහු තම දෙමාපියන්ට අඳුන්වා දීමට ඇය සිතා ගත්තාය.
” සඳුන්.. අපි දවසක යමු මගේ අම්මයි තාත්තයි මල්ලියි මීට් වෙන්න හොඳද?…..මම අම්මට ඔයා ගැන කියල තියෙන්නෙ…”
” හා නදී.. අපි යමු.. හම්බන්තොට පෝට් එක ළඟ තාත්ති වෙයාහවුස් එකක් ඕපන් කරනවා.. අපි ඒක බලන්නත් එක්කම
” මේ සඳුන්… අපි ලෙක්සස් එකේ නැතුව තාත්තගේ බෙන්ස් කන්ව ටිබල් එක අරගෙන යමු….”
” ඒ මොකෝ නදී?…”
” නෑ අනේ…අපේ ගම්වල අයට ලෙක්සස් කාර් තේරෙන්නෙ නෑ.. බෙන්ස් කාර් තමයි දන්නෙ.. ඉතින් ඔක්කොමට පේන්නත් එක්ක අපි බෙන්ස් එකේ යමුකො.3″
” ආ.. හරි හරි නදී.. ඔයාගේ කැමැත්තක්….” නදීකාගේ මන දොල ඕනෑම අයුරකින් සපුරාලීමට ලක ලෑස්ති වී සිටින සඳුන් පැවසීය.
එක් දිනක උදය වරුවේ නදීකා සහ සඳුන් ඇයගේ නිවසට පැමිණියෝය. වහල විවෘත කල අධි සුඛෝපභෝගී බෙන්ස් රථයෙන් නිවසට පැමිණීම ඇයට මහත් අභිමානයක් විය.
” ස්.. අම්මෝ නදීකා ඔයා දැක්ක කල්.. එන්න පුතා ගෙට…” නදීකාගේ මව ඔවුන් දෙදෙනා පිළිගත්තාය.
සිය දෙමව්පියන්ට සඳුන් අඳුන්වා දීමෙන් පසු සිව් දෙනා සතුටු සාමීචියේ යෙදුනෝය. නදීකාගේ මව තම පවුලේ පරම්පරාවේ පැටිකිරිය විස්තර සහිතව කීවද සඳුන්ට එය එතරම් වැදගත් වූයේ නැත. නදීකාට වශී වී සිටින ඔහුට ඇගේ පවුලේ විස්තර අවශ්‍ය නැත.
මවගේ මේ කතා සඳුන්ට එතරම් රසවත් නොවූ බව වටහා ගත් නදීකා ඔහුට පියා සමග කතා කිරිමට ඉඩදී මව සමග නිවස තුලට ගියාය.
” කෝ අම්මෙ මල්ලි….”
” දැන් එයා පොඩි රස්සාවක් කරනවා ෆාමසි එකක….. අද නම් වෙනින් කොහෙද ගියේ.. තව ටිකකින් එයි..”
” තාමත් අරක තියෙනවද?…..”
” කවුද….. සමාධි ද ?…..”
” ඔව්.. ඒක තමයි…”
” ඔව්… දැන් ඒ දෙන්නා වෙන් කරන්න බෑ…”
” මල්ලිට පිස්සු මේ කොහෙද යන කෙල්ලෙක් අල්ලගෙන… සඳුන්ගේ පවුල එක්ක පෑහෙන්න ඔය සමාධිට පුලුවන්ද ?….. අතේ සතේ නෑ උන්න…”
” අනේ මන් දන්නේ නෑ ඕව.. මේ නදීකා.. අද දවල්ට කෑම ටිකක් කාලම යන්න හරිද….”
” අපෝ බෑ අම්මෙ.. අපි අද හම්බන්තොට යන්න ඕන සඳුන්ගෙ වැඩකට.. අපි තංගල්ලෙ හොටෙල් එකක ලන්ඩ් ලෑස්ති කරගෙන ආවෙ..”
” ඉතින් හම්බන්තොට ගිහින් එනකොට හොඳටම රෑ වෙයි
” නෑ … අද අපි එහේ හෝටලේක නවතිනව…”
” මොනවා ආ ආ ආ ආ ආ?…. ඔය දෙන්නා එකට?… කලබලයට පත් වී ඇසුවාය.
” මෙ.. මෙ.. මෙ..මෙ..ඒ..ඒ කියන්නෙ ඔයා ඔයා දැන් කියන්න නදීකා කියන්න…. අහ් අහ්.. කියන්න..”
” ඔව්.. මම දැන් සඳුන්ගෙ වෙලා ඉවරයි……’
දස මසක් කුසේ තබාගෙන ලේ කිරි කර පොවා තමන් හැදූ වැඩූ මවගේ හැඟීම් වලට කිසිදු ගරු සරුවක් නොදක්වා නදීකා කීවාය.
” අයියෝ නදිකා ආ ආ ආ ආ ආ ආ ආ….මොනවද ඔයා මේ කර ගත්තේ?… දැන් අපි කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ?… ….” මව දෑතින් හිස අල්ලාගෙන අසල තිබූ පුටුවක වාඩි වූවාය.
” අනේ අම්මෙ මේ.. නිකන් බොරුවට කෑ ගහන්න එපා… මේව අපේ ප්‍රයිවට් දේවල්… කාටවත් කියන්න ඕන නෑ….මොකද…… උන් ඇවිල්ලා මාව පරීක්ෂා කරල බලනවද මම වජින් කෙනෙක්ද
කියලා…”
” අනේ දුව ඔයාට මේව තේරෙන්නෙ නෑ… දැන් ඔයාට හැම දේම සල්ලි… රට්ටු මේව දැන ගත්තොත් අපේ නම්බුව ඉවරයි…. තාත්තාට එහෙම කියන්න එපා.. මෙතන මිනී මරා ගනිවී..”
” හරි හරි අම්මේ…. කාටවත් කියන්න ඕන නෑ ……මම අම්මට විතරයි කිව්වේ….”
නදීකාගේ මව ඇතුලතින් ගිනි ගෙන දැවෙන්නට වූවාය. එහෙත් ඇය කෙසේ හෝ උඩින් ඒ බව නොපෙන්වා සිටීමට සෑම උත්සාහයක්ම ගත්තාය. මවකගේ දරු කැක්කුම ගැන නදිකා මායිම් කළේ නැත.
සමාධි තරමක් අසනීප ගතියෙන් සිටි නිසා ඇයට දිය යුතු සාත්තුව කොට තාරක ගෙදර පැමිණියේ සිය සොහොයුරිය එන බව දන්නා නිසාය. තාරක නිවසට පැමිණෙන විට මිදුලේ නවතා තිබූ නවීන බෙන්ස් රථය දැක තරමක් ව්‍යාකූල තත්ත්වයකට පත් විය.
” ආ.. මල්ලීඊඊ… ඔයා කොහෙද ගිහින් හිටියේ?…..අපි ඔයා එනකන් බලාගෙන හිටියා….”
තාරක දුටු නදීකා ඔහු වැළඳ ගෙන හාදුවක් දුන්නාය.
සිය සොහොයුරියගේ විලාසය දුටු තාරකට සියුම් කලකිරීමක් ඇති විය. ගමෙන් යාමට පෙර මනා සංයමයකින් සිටි නදීකා දැන් දුටුවන්ගේ කාමය අවුස්සන ඇඳුම් වලින් සැරසී සිටීම නිසා ඔහු ශෝකයට පත් විය. තාරක තම වැඩිමල් සොහොයුරියට මහත් ගරුත්වයක් දැක් වූ බාල සහෝදරයෙක් වේ.
” මල්ලි…. මේ ඉන්නෙ සඳුන් අයියා… ම්ම්.. ඔයාගෙ අනාගත මස්සිනා.. හි.හි.හි….”
“හලෝ සඳුන් අයියා….” තාරක ආචාර කලේය.
” හෙලෝ මල්ලි… අක්ක මට ඔයා ගැන කියල තියෙනවා…… ඔයා දොස්තර කෙනෙක් වෙන්න යනවලු නේද.. කොච්චර ෂෝක්ද මල්ලි… දොස්තර කෙනෙක්ට හොඳ පිළිගැනීමක් තියෙනව වගේම හොඳට හම්බ කරන්නත් පුලුවන්…….. ඔයාට තියෙන්නෙ කෙළින්ම ප්‍රයිවට් හොස් පිටල් එකක් දා ගන්න… සල්ලි නිකන් ගලාගෙන
සෑම දෙයම මුදල් වලින් මැනීමට පුරුදු වී සිටි සඳුන් කීවේය. මේ කතාව ඇසු තාරකගේ ලේ රත් වෙන්නට පටන් ගත්තේය.
” සඳුන් අයියා.. ඔක්කොමටම ඉස්සෙල්ල මම දොස්තර කෙනෙක් වේද දන්නෙ නෑ… තවම රිසල්ස් ඇවිත් නෑ…. මම දොස්තර කෙනෙක් වුනත් මම ඉගෙන ගන්නෙ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ සල්ලි වලින්… එහෙම නැතුව ටැක්ස් ගෙවන්නෙ නැති කළු කඩ කාරයින්ගේ සල්ලි වලින් නෙමෙයි… ඒ හින්ද මම දොස්තර කෙනෙක් වුනොත් මම සේවය කරන්නෙ ඒ අහිංසක.. අසරණ මිනිස්සුන්ට…. එහෙම කරල හම්බ වෙන සල්ලි මට හොඳටම ඇති….
තාරකගේ කතාව මදක් වේගවත් විය. මේ නිසා සඳුන් තත්ත්වය සමනය කිරීමට උත්සාහ කළේය.
” ආ..නෑ මල්ලි… මම මේ නිකමට කිව්ව… ඔයා එහෙම කරන්න…”
සඳුන් ගොඩින් බේරුම් කර ගත්තේය. තාරක අපහසුතාවයකට පත්ව ඇති බව නදීකාට වැටහුනි.
” මල්ලි.. ඔයත් එන්නකො අපිත් එක්ක අද හම්බන්තොට යන්න………මස්සිනාල දෙන්නට කතා කර කර යන්න පුලුවන් නේ….”
” බෑ අක්කෙ… සමාධිට සනීප නෑ… මම සමාධි ළඟ ඉන්න
“අයියෝ මල්ලි… එයා බලාගනී එයා ගැන… ඔයා ඔව්වර එයා ගැන කරදර වෙන්න එපා….”
නදීකාගේ මේ කතාව ඇසූ තාරකගේ ඉවසීම සීමාව ඉක්මවා ගියේය.
” අක්කේ… සමාධි කියන්නෙ මගේ ජීවිතය… මට මුලු ලෝකයටම වැඩිය සමාධි වටිනවා…..’
” ඔය කෙල්ලෙක් ගැන ඔව්වර හිතන්න එපා මල්ලි…. ඔයිට වැඩිය ලස්සන. පෝසත් කෙල්ලො තව කොව්වර රටේ ඉන්නවද…’
” අක්කෙ ප්ලීස්…….මම ආදරය කරන්නෙ සමාධිගෙ ලස්සන හදවතට… අනුන්ගෙ දුකේදි…. කරදර යෙදි…… වෙඬරු පිඬක් වගේ උණුවෙන… ඕන වෙලාවක අනුන්ට උදව් කරන ඒ අහිංසක සමාධිට මම ආදරය කරන්නෙ……මාව ශක්තිමත් කරන.. මට එළිය දෙන ඒ සුරංගනාවිට මම ආදරය කරන්නෙ…”
අධික කෝපයෙන් මෙසේ කියූ තාරක නිවසින් පිට වීමට සැරසුනි. දොර ළඟ මදක් නතර වූ තාරක ආපසු හැරුනේය.
” මම ආදරය කරන්නේ සල්ලි වලටවත් බෙන්ස් කාර් වලට වත් නෙමෙයි…”
සියලු දෙනාම තුෂ්ණිම්භූත කරමින් පැවසූ තාරක නිවසින් පිටත් වී ගියේය.
සියලු දෙනාම පුල පුලා බලා සිටි අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් විය.
තාරක සහ පසිඳු වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසු කම් ලැබුවෝය. සමාධි වාණිජ සහ මූල්‍ය කළමනාකරණයටත්, අනුත්තරා ජීව විද්‍යාව හැදෑරීමටත්, උෂාන් ව්‍යාපාර කළමනා කරණයටත් සුදුසු කම් ලබා තිබිනි.
තාරක දිස්ත්‍රික්කයේ දෙවනි ස්ථානයටත්, මුලු දිවයිනෙන්ම එකොලොස් වෙනි ස්ථානයටත් වෛද්‍ය විද්‍යා අංශයෙන් සමත් වීම ඔහුගේ පාසලට මෙන්ම මුලු දිස්ත්‍රික්කයටම ලොකු නම්බුවක් විය.
සමාධිට ඇති වූ ප්‍රමෝදය නිම්හිම් නැති විය. ප්‍රතිඵල දැන ගත් විගස තාරක හමුවීමට පැමිණි සමාධි ඔහු දැඩි ආලිංගනයකින් තුරුලු කර ගත්තේ හද උතුරා යන ප්‍රීතියෙන් සහ ආදරයෙන්ය.
” අනේ මගේ තාර පැටියා ආ ආ ආ…. ඔයා උඩින්ම පාස් වුනා මගෙ කොන්ලෝඕඕඕඕ… මට ඉවසගන්න බැරි තරමට සන්තෝසයි මගෙ වස්තු ……….. ප්‍රීති සංවේගය දරාගත නොහැකි වූ සමාධිගේ දෑසින් කඳුලු වැක්කෙරෙන්නට විනි.
” සමාධි මගෙ මැණික… මට මේ දේ ලැබුනෙ ඔයා හින්ද මගේ වස්තුවෙ…… මගේ හයිය ඔයා.. මට ශක්තිය දුන්නෙ ඔයා.. ඔයා මගේ වුන දවසෙ ඉඳල මට පුදුම ධෛර්යයක් ඇතිවුනා රත්තරන්… ඒ හින්ද තමයි අද මට මේ දිනුම ලබන්න පුලුවන් වුනේ ………..”
දරා ගත නොහැකි ආදර හැඟීමකින් මෙසේ කියූ තාරක
සමාධිගේ තොල් පෙති උණුසුම් ලෙස සිප ගත්තේය. අසල සිටි
කිසිවෙකු ගැන ඔහු තැකීමක් කලේ නැත.
” ස්ය. ළමයො මෙ… අහල පහල මිනිස්සු ඉන්නවා…. ඔයාට පිස්සුද.. නැහැ තාරක……… මේ දේ ලැබුනෙ ඔයාගෙ උනන්දුවයි.. උත්සාහ යයි හින්දා… නැත්නම් මේ වගේ දෙයක් ලබා ගන්න බෑ.. මම කරේ ඔයා ළඟින් ඉඳගෙන උදව් කරපු එක විතරයි… මටත්
විභාගෙ පාස් වෙන්න ඔයා ලොකු හයියක්.. පණ දීමක් වුනා තාරක….. ඒ අපි දෙන්නගෙ බැඳීම හින්ද… අපි දෙන්නගෙ ආදරය හින්ද……මට ඔයා නැති ජීවිතයක් නැහැ මගෙ තාරක……’
” ඔව් මගෙ සමාධි කෙල්ලෙ.. මේක අපේ ජීවිතවල පටන් ගැනීම.. අපිට දුර ගමනක් යන්න තියෙනවා.. ඒ ගමන මම යන්නෙ ඔයා එක්ක… ඔව්… ඔයා එක්ක විතරමයි… ඔයාගේ ආදරය තියෙනව නම් මට කළු ගලක් වුනත් දෙබෑ කරගෙන යන්න පුලුවන්
පැටියො………”
” ඔව් තාරක.. අපි දෙන්න ඒ ගමන එකට යමු.. ගහට පොත්ත වගේ… ඔරුවයි හබලයි වගේ අපි ඒ ගමන යමු වස්තුව …….”
දෙදෙනා නැවතත් සෙනෙහසින් පිරුනු හැඟීමෙන් එකට තුරුලු විය. එකිනෙකාගේ උණුසුම දෙදෙනා ටික වේලාවක් මෙසේ වින්දනය කළෝය.
” සමාධි… අද හවස අපි ඔක්කොම එකට එකතු වෙමු.. අපේ සන්තෝසෙ බෙදා ගන්න.. මම මධූටත් එන්න කියන්නම්.. එයත් එන පාර ඒ ලෙවල් කරනවනෙ… මධු අපිට ගොඩක් හිතවත් කෙල්ලෙක්…”
” ඔව් තාරක.. අපි ඔක්කොම පුරුදු කූල් ස්පොට් එකේදි හම්බ වෙමු… ම්ම්.. ඒ කූල් ස්පොට් එක නම් අපිට අමතක වෙන්නෙ නෑ නේද…. එතනදිනෙ අපේ කතාව පටන් ගත්තේ…. මගේ අතින් ඔයාගේ යුනිෆෝම් එකේ ඩ්‍රින්ක් එක හැලුනෙ නැත්නම් අද අපි දෙන්න මෙහෙම නෑ නේද පැටියෝ….ම්ම්.. අනේ. මගේ කොලු පැටියා ආආආ….” සමාධි නැවතත් සංවේදී වූවාය.
“දෛවය හරිම පුදුමයි නේද කෙල්ලේ… මේක අපේ සංසාරගත ගමන සමාධි…..” තාරක ගේ වචන වල ලොකු තිරසාර බවක් ගැබ්වී තිබිනි.
පසිඳු වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වරම් ලැබූ ආරංචිය ඇසූ අනුත්තරාට සමාධිට හා සමාන ප්‍රමෝදයක් ඇති විය. පසිඳු එදා ඇගේ නිවසට පැමිණි විට ඇය පසිඳුට උණුසුම් හාදු කිහිපයක්ම දී සුබ පැතුවාය.
” අනේ පසිඳු… මට තියෙන සන්තෝසෙ වචන වලින් කියන බෑ
පැටියෝ… ඔයත් තාරක වගේම හොඳ දොස්තර කෙනෙක් වෙනවා.. ඒක මට හොඳටම ෂුවර්… අන්න අම්මයි තාත්තයි නංගියි ඔයාට සුබ පතන්න බලා ගෙන ඉන්නව…”
” ඔයාගේ වාසනාව හින්ද තමයි මට මේ දේ ලැබුනෙ අනූ…ම්ම්ම්ය… ” පසිඳු ඇයට උණුසුම් හාදුවක් දෙමින් කීවේය.
” අනේ ළමයො.. එහෙම කියන්නෙ කොහොමද?… ඔයා විභාගෙට ලියන කොට මාව දන්නෙ නැහැනෙ…….
” එහෙම කියන්නෙ එපා අනූ… මේ ඔක්කොම ඔයාගෙ වාසනාව හින්ද… මට එළිය ගෙනාවේ ඔයා කෙල්ලේ ඒ ඒ ඒ……”
” මටත් එහෙමයි පසිඳු…. මටත් සන්තෝසෙ ගෙනාවෙ ඔයා… ම්ම්.. ඔව් ඔයා තමයි මගේ කොල්ලො … මේ… ඔයා සුධීර සර්ට කිව්වද ?…….සර් ගොඩාක් සන්තෝස වෙයි….”
” අනේ ඔව් අනු….. මම හෝම් එකෙන් ඊමේල් එකක් යැව්වා.. සර් පස්සෙ මට කෝල් කරයි… ඔව්.. සර් හුඟක් සන්තෝස වෙයි… සුදාරකත් ඉංජිනියරින් වලට සිලෙක්ට් වෙලා…..”
” අනේ ඇත්තද… කොව්වර ෂෝක්ද… සුධීර සර් මැඩම් එක්ක කරන්නෙ කොච්චර ලොකු සේවයක් …… එන්න ගෙට පසිඳු….”
අනුත්තරාගේ මව, පියා සහ නැගෙනිය හදවතින්ම මතු වන ප්‍රීතියෙන් පසිඳුට සුබ පැතූහ. විශේෂයෙන්ම පවිත්‍රාට සතුට දරා ගත නොහැකි විය.
” ඌඌඌඌ…. මගේ අයියා දොස්තර කෙනෙක් වෙන්නයි යන්නෙ…ෂ්… අපිට කොච්චර ආඩම්බරද …….ම්මා….
පසිඳුගේ බෙල්ලේ එල්ලුන පවිත්‍රා ඔහුට හාදු වැස්සක් දුන්නාය.
” ස්… වුටි දු … දැන් අයියගෙ බෙල්ලත් එක්ක උලුක්කු වෙනව ඔයා කිස් දෙන විදියට…” අනුත්තරාගේ මව විසුලු කලාය.
” එහෙම වෙන්නෙ නෑ නේද අයියෙ……මගෙ අයිය උඩින්ම විභාගේ පාස් වුනාට කොව්වර කිස් දුන්නත් මට මදි…….’ පවිත්‍රා උතුරා යන සහෝදර ප්‍රේමයෙන් පසිඳු දෙස බලා කීවාය.
” කිස් දුන්නට විතරක් මදි… ඔයත් අයියා වගේ දොස්තර කෙනෙක් වෙන්න පාඩම් කරන්න ඕන.. හොඳද ?….” මව කීවාය.
” අයියෝ.. මට මොන දොස්තර කම්ද?….. මට යන්තම් විභාගෙ ගොඩ දා ගතොත් ඇති…..”
” ඔය නැටිල්ල පොඩ්ඩක් අඩු කරල පාඩම් කරොත් කරන්න පුලුවන්…. කොහෙද…හුරතලේ වැඩිනෙ….” මව නෝක්කඩුවට මෙන් කීවාය.
” අනේ අම්මි මේ… තව කොච්චර කල් තියෙනවද මට ඒ ලෙවල්ස් කරන්න… ඒක එතකොට බලමු….”
” එතකොටත් ඉතින් ඔව්වර තමයි බලන්නෙ… මම දන්නෙ නැද්ද අපේ බඩ පිස්සිගෙ හැටි…..නේද ලොකු දු?….”
” ම්ම්. හරි නරකයි… අක්කල අම්මල ඔක්කොම එක පැත්තෙ… මගේ අයියා විතරයි මට ඉන්නෙ….. අයියේ මේ… දැන් ඔන්න හොඳ ට්‍රීට් එකක් දෙන්න ඕන හරිද?….” පවිත්‍රා පසිඳුගේ කර වටේ අත දමාගෙන කීවාය.
” හරි හරි… දැන් මෙච්චර වෙලා බටර් එක ගෑවේ ඕකට තමයි… හි.හි හි…” අනුත්තරා සිනා සුනාය.
“ම්… නිකන් ඉන්න අක්කි… ඔයා හරි නරකයි… මම ඉතින් එක පාරනෙ අයියගෙන් ට්‍රීට් එකක් ඉල්ලන්නෙ… අක්කට ඉතින් හැමදාම ට්‍රීට් හම්බ වෙනව නෙ.
” හැමදාම ?… ඔයාට පිස්සුද.. අපි හැමදාම රෙස්ටොරන්ට් වලට යන්නෙ නැහැ…… අනුත්තරා කීවාය.
“රෙස්ටොරන්ට් නෙමෙයි මම කිව්ව.. ඇයි.. හැමදාම හවසට බීච් ගියාම අයියා හොඳට අක්කිට ට්‍රීට් එක දෙන්නෙ..හි.හි…….” පවිත්‍රා දඟකාර ලෙස සිනාසෙමින් කිව්වාය.
” මෙ… ක්.. කට වහපන්. උඹ.. මේ.. මේ මොනව කියනවද මන්දා.. මේකි පැහිල නෙමෙයි මෝරල…..”
මව අසල සිටි නිසා මද ලැජ්ජාවට පත් අනුත්තරා සිය නැගෙනියගේ කණ මිරිකීමට සැරසුනාය. පවිත්‍රා ඉවතට පැන්නාය. මව යන්තම් සිනාසුනාය.
” හූහූහූ.. අක්කිට මගේ කණ මිරිකන්න බැරි වුනා…..” පවිත්‍රා ඔච්චම් කලාය.
” ආ හරි හරි මේ.. මම නංගිව එක්කගෙන යන්නම්කො….” අනුත්තරා මෙන් මද ලැජ්ජාවකට පත්ව සිටි පසිඳු කීවේය.
“ම්ම්… මගෙ ෂෝක් අයියා.. අපි යමු අයියෙ ඉන්ඩියා හට් එකට.. ෆෝට් එකේ තියෙන්නේ…..”
” හොඳයි වැඩේ.. අයියගෙ දත් ටික ඔක්කොම ගලවන්නයි නංගි පොඩ්ඩ ලෑස්ති වෙන්නෙ…” මව සිනාසෙමින් කීවාය.
” අම්මි නිකන් ඉන්න.. ඔන්න අයියයි මමයි විතරයි යන්නෙ හරිද.. අක්කි එහෙම එන්න එපා…….”
” එහෙම කොහොමද මාත් එනවා ඉන්ඩියා හට් යනව නම්…..“ ” බෑ බෑ…. මම විතරයි.
“නෑ මාත් එනවා… මම කවදාවත් ඉන්ඩියා හට් ගිහින් නෑ……..”
” හරි හරි.. දැන් ඕකට අක්කයි නංගියි රණ්ඩු කරන්න ඕන නෑ… අපි තුන් දෙනාම යමුකො….. හැබැයි අද නම් බැහැ.. අද හවස අපි කට්ටිය කූල් ස්පොට් එකෙදි මීට් වෙන්න ඕන කියල සමාධි කිව්වා.. අපි වීක් එන්ඩ් එකේ යමු….. පසිඳු අනුත්තරා සහ පවිත්‍රා තුරුලු කරගෙන කීවේය.
“මදැයි… අයියව බෙදා ගන්න බැරුව අක්කයි නංගියි රණ්ඩු.. ෂෝක් වැඩේ..හි.හි.හි…” මව පැවසුවාය.
“බෙදා ගන්න දෙයක් නෑ…අක්කා අයියගෙ ගල් ෆ්‍රෙන්ඩ්… මම අයියගෙ එකම නංගි…. ඉතින් මොනවද බෙදා ගන්න තියෙන්නේ…” පවිත්‍රා ර්තකයක් ඉදිරිපත් කලාය.
” ඔයා හොඳ මෙඩිසින් කරන්න නෙමෙයි… ලෝයර් කෙනෙක් වෙන්න…”
මව සියලු දෙනාම හිනස්සවමින් උපහාසයෙන් කීවාය.
මාත්සයයකින් තොරව එක පවුලක් සේ ආදර බැඳීමෙන් මෙලෙස ජීවත් වීමට හැකියාව තිබේ නම් එය ගතට සහ සිතට විශාල සැනසිල්ලක් ගෙන දෙන අතර ජීවිතය වඩාත් ලස්සන වීමට ඉවහල් වේ.
උෂාන් ව්‍යාපාර කළමනා කරණනය හැදෑරීමට සුදුසු කම් ලැබීම ඩිලානිට, මර්වින්ට සහ විමලාට මෙන්ම උෂාන්ගේ දෙමව්පියන්ට විශාල සතුටක් මෙන්ම එක්තරා ආකාරයක සහනයක්ද විය. උෂාන්ගේ පියා ඩිලානි සම්බන්ධයෙන් ඔහුට තරවටු කල නිසා මහත් ආතතියකට පත්වී තිබුනි. ඒ නිසා උෂාන්ගේ මෙම ජයග්‍රහණය ඔහුට විශාල සහනයක් විය.
” අපේ චූටි පැටිය වාසනාව ගෙනාවා නේද පුතා…”
උෂාන්ගේ ප්‍රතිඵල නිසා සතුටට පත් මර්වින් කීවේය.
” අනේ ඔව් තාත්තේ….. පැටිය විතරක් නෙමෙයි… ඩිලානිත් මට වාසනාව ගෙනාවා.. දෙන්නෙක් ආදරයෙන් ඉන්න කොට වාසනාව ලැබෙනව කියල මම හිතනවා….”
බිළිඳිය උකුලේ තබාගෙන සිටි ඩිලානි උෂාන්ට තුරුලු වූවාය.
” අපි මේ පැටියට හොඳ අනාගතයක් හදමු උෂාන්. අපේ එකම වස්තුව මේ පැටියනේ……..”
” ඔව් ඩිලානි… අපේ දූ පැටියා මට ලොකු හයියක්.. ලොකු තල්ලුවක් දෙනවා…… ඒකෙන් මම ඉස්සරහට යනවා…..’ උෂාන්
ස්ථිර ලෙස කීය.
” පුතා.. දැන් ඔයා මැනේජ්මන්ට් ඩිග්‍රි එක කරන්න යන හින්ද මම හිතුවා ඔයාව අපේ කොග්ගල ෆැක්ටරි එකේ ඇසිස්ටන්ට් ලයින් මැනේජර් කරන්න.. එතකොට ලොකු වගකීමක් නැතුව පළපුරුද්ද ගන්න පුලුවන්… ඔයාට කැම්පස් එකේ පාඩම් වැඩ තියෙන හින්ද මෙහෙම හොඳයි දැනට.. ඔයා ඩිග්‍රි එක පාස් වුනාට පස්සෙ මම ඔයාට මගේ බිස්නස් ටිකෙන් ටික බාර දෙනවා…. මට දැන් පොඩ්ඩක් විවේක ගන්න ඕන පුතා… ” මර්වින් ඔහුගේ සැලැස්ම ප්‍රකාශ කලේය.

” හොඳයි තාත්තෙ…. මම ඒ විදියට කරන්නම්… කොහොමත් කැම්පස් පටන් ගන්න තව ටිකක් කල් යනවනේ.. එතකන් මට ගොඩක් එක්ස්පීරියන්ස් ගන්න පුලුවන්… අපේ පැටියා වෙනුවෙන් මම පුලුවන් තරම් මහන්සි වෙලා වැඩ කරනව… ඒක තමයි මගේ උත්සාහය…..’
” බොහොම හරි පුතා… එහෙම තමයි දියුණු වෙන්න පුලුවන්… නිකන් ඉඳල දියුණු වෙන්න බැහැ… එහෙම වෙන්න නම් දේශපාලනය කරල හොරකම් කරන්න ඕන.. හි.හි.හි….”
“උෂාන්… මම බබා බලාගන්න ගමන් ඔයාට දෙන්න පුලුවන් හැම හෙල්ප් එකම දෙනවා… බබා ටිකක් ලොකු වුනාම සමාධි කිව්ව වගේ මම පොඩි කෝස් එකක් කරනවා…..” ඩිලානි ඇයගේ ස්ථාවරය පැවසුවාය.
ඩිලානිට සහ උෂාන්ට තවමත් විශාල ජීවිත අත්දැකීම් නොමැත. සංකීර්ණ ලෝකයට ඔවුන් තවමත් විවෘත වී නොමැත. එහෙත් දෙදෙනාට යෞවන ජවය, අධිෂ්ඨානය සහ දියණිය නිසා ඇති වූ පන්නරය තිබේ. ජීවිත අරමුණු සාර්ථක කර ගැනීමට මෙය ඔවුන්ට විශාල අත්වැලක් වනු ඇත.
එහෙත් ජීවිතය සිතන තරම් සුන්දර නැත. ජීවිත ගමනේදී මඩ වගුරු, වන සිව්පාවුන් හමු වීම වැළැක්විය නොහැකිය.
එදින සන්ධ්‍යා යාමයේ මිතුරු මිතුරියන් සියලු දෙනාම අවන් හලේදි හමු විය. සියලු දෙනාගේම මුහුණු වල තිබුනේ ප්‍රීතිය සහ සැහැල්ලුව පිරි පෙනුමකි.
” ඔක්කොමට කන් ග්‍රැජුලේෂන්ස් කිව්ව එහෙනම්… දැන් ඉතින් අපිට පණ යන්න ආවත් බේත් කරන්න දොස්තර මහත්තුරු දෙන්නෙක්ම ඉන්නවනෙ.. හි හි.හි…. නේද?…” මධූෂා කතාව පටන් ගනිමින් සියලු දෙනාටම සුබ පැතුවාය.
” මධූ…. ඔයත් හොඳට ඒ ලෙවල්ස් කරල මෙඩිසින් යන්න ට්‍රයි කරන්න ඕන තේරුනාද?. ” සමාධි කීවාය.
” අයියෝ අක්කි.. මම නම් ඉතින් වක බ්ලාස්
” එහෙම කියල හරියන්නෙ නෑ… උත්සාහ කරන්න ඕන…..”
” තාරක…. ඔයාගෙ අම්මල ගොඩක් සන්තෝස ඇති නේද?…..” ඩිලානි ඇසුවාය.
” ඔව් ඩිලානි…. දැන් අපේ අක්කගෙ මහ ලොකු බෝයි ෆ්‍රෙන්ඩ් හදන්නෙ මට ප්‍රයිවට් හොස් පිටල් දාන්න…….. මම කියන්නෙ නෑ ඉතින් …..’ තාරක තරහෙන් කිව්වා.
” තාරක… මොනව වුනත් ඒ ඔයාගේ එකම අක්කා….. ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා… අපි එන විදියට මූණ දෙමු……… ඉතින් පසිඳු…… සුධීර සර් කතා කරාද ?….” සමාධි කතාව වෙනතකට යොමු කළාය.
” අනේ ඔව් සමාධි….. සර්ට පුදුම විදියට සතුටුයි………මට ඉගෙන ගෙන ඉවර වෙනකම් ඔක්කොම වියදම් කරනව කිව්වා…….”
” අන්න නියම මහත්මාවරු….. අපේ ප්‍රයිවට් හොස් පිටල් කාරයින්ට වැඩිය …….’ තාරක පැවසීය.
” අනේ තාරක…. දැන් ඔය කතාව නවත්තන්න. සමාධි තාරකගේ හිස අතගාමින් කීවාය.
” මේ…. අපිට දැන් දොස්තරල දෙන්නයි…….. එකවුන්ටන්ට්ය දෙන්නයි….. සයන්ටිස්ට් කෙනෙකුයි ඉන්නවා.. හරි ෂෝක්…….” මධුෂා කීවාය.
” ඔව්… දැන් බලන් ගියාම අපිත් ජීවිතේ ඉස්සරහට ගිහින් නේද?. අපි දැන් නැන්දල මාමලනෙ මේ වුටි පැටියගෙ………’ ඩිලානිගේ දියණියගේ කම්මුල මිරිකමින් අනුත්තරා ආදරයෙන් කීවාය.
” ඔව්… ඒකත් හරි…….. මේ උෂාන්… මර්වින් මාමට ගොඩක් සන්තෝස ඇති නේද ?….. ” සමාධි ඇසුවාය.
” අම්මෝ ඔව් සමාධි… තාත්තට ඉහේ මලක් පිපුන වගේ…. මට ඇසිස්ටන්ට් මැනේජර් පෝස්ට් එකකුත් දුන්නා… “
” අනේ හරි ෂෝක් උෂාන්.. ඔයා ඒ විදියට ඉගෙන ගන්න ගමන් පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න… මේ ඔක්කොම මේ වුටි කුමාරිගෙ ලැබීම තමයි නේද?…” සමාධි පියුමිට තොත්තුවක් දී කීවාය.
” ඔහැ.. ඕ.. ඔහෑ. ඈ.. ඔහෑ .. ඊඊ…….”
සමාධි කී දෙය වැටහුනාක් මෙන් කිරි කැටියා සිහින් හඬක් නැගුවාය.
” අනේ මගේ රත්තරන් පැටියා ආ ආ……”
දරු සෙනෙහසින් ඔද වැඩී ගිය ඩිලානි බිළිඳිය සිප ගත්තාය.
සියලු දෙනාගේම දෑස් තෙත් වූයේ ආදරයෙන් සහ
ප්‍රමෝදයෙන් හදවත් පිරී ඉතිරි ගිය නිසාය.
” අපි ඔක්කොමටම දැන් හරිම සන්තෝසයි… ඒත් මට දුක හිතෙන දේකුත් කියන්න තියෙනව….” ඩිලානි කීවාය.
” ඒ මොකද්ද ඩිලානි ?…..’ සමාධි ඇසුවාය.
” හිමේෂි වැඩ තුනම ෆේල්… ඉංග්‍රීසි නම් යන්තම් පාස් වෙලා තියෙනව……’
”හොඳ වැඩේ එයාට… සමාධි අක්කිටයි… තාරකටයි මටයි කරපු දේ……”
මධූෂා වේගයෙන් කීවාය.
“මධූ…… ඔය විදියට කතා කරන්න එපා… කෙනෙක් අමාරුවෙ
වැටුනම හිනාවෙන එකයි.. සන්තෝස වෙන එකයි හරිම නරක දෙයක්… එහෙම කරන්න එපා….”
සමාධි තදින් කීවාය.
“අනේ සොරි සමාධි අක්කි…. මම ආයිත් එහෙම හිතන්නෙ
“මම හිමේෂිට වෙලාවක කතා කරන්නම්… අපි එයාට කරන්න පුලුවන් උදව්වක් කරමු….”
සමාධි හදවතින්ම පැවසුවාය. ” මගෙ සමාධි… ඔයා නම් දෙව් දුවක්….”
සමාධි ආදරයෙන් තුරුලු කරගත් තාරක කීය.
සමාධිගේ සංයමයත්, ආදරයත්, කරුණාවත් ඇගේ මිතුරු මිතුරියන්ට පමණක් නොව සියලු දෙනාටම ශක්තියක්, සිසිලක් ගෙන දීමට සමත් වේ.

සිය පෙම්වතා වූ සඳුන් ගැන දෙමාපියන්ට කීමෙන් පසු නදීකා නිතර තම නිවසට පැමිණියාය. මේ ගමන්වල මූලික අදහස වූයේ සඳුන්ගේ වත් පොහොසත් කම් ගැන සහ බල පුලුවන්කාර කම් ගැන නිවසට සහ ගමට පෙන්වීමට සහ පුරසාරම් දෙඩවීමටය. බෙන්ස් රථයෙන් ගමට පැමිණීම ඇයට මහත් ආඩම්බරයක් විය.
ඇය නිතරම තාරකට බලපෑම් කිරීමට උත්සාහ කලාය.
“මල්ලි… මම මේ ඔයාගෙ හොඳට කියන්නෙ…. ඔයා දැන් දොස්තර කෙනෙක් වෙන්නයි යන්නේ.. දොස්තර කෙනෙක් වුනාම තත්ත්වයක් තියාගෙන ඉන්න ඕන…..”
” මොකද්ද අක්කා ඔය කියන තත්ත්වය?……..”
” ඇයි මල්ලි ඔයාට තේරෙන්නෙ නැද්ද ?….. දොස්තර කෙනෙක් වුනාම හොඳ ලොකු කාර් එකක් තියෙන්න ඕන…….. ලොකු ගෙයක් තියෙන්න ඕන……… එතකොට තමයි පිළි ගැනීම තියෙන්නෙ… ඔයාව දැක්ක තැන මිනිස්සු ඔලුව පාත් කරන්නෙ එතකොට තමයි…”
” අක්කේ… මට කිසි කෙනෙක් ඔලුව පාත් කරන්න ඕන නෑ… මේ රටේ හැම මිනිහටම ආත්ම ගරුත්වයක් තියෙනවා.. මම පුලුවන් තරම් හොඳට අසරණ ලෙඩ්ඩින්ට බේත් කරනවා… ඔලුව පාත් නොකරට ඒ මිනිස්සු මට හදවතින් ආදරය කරයි…… මටත් එහෙම උදව් කරාම ඒ කෙන් ලොකු සන්තෝසයක් දැනෙනවා….”
“කවුද ඔයාට මේ බණ කියල දුන්නෙ?….. සමාධිද?. ආ…..”
” ඔව් මගෙ සමාධි තමයි…. මේව බණ නෙමෙයි… මිනිස්සු එක්ක මේ සමාජයේ සතුටින් ජීවත් වෙන විදිය…..”
“මේ මල්ලි.. නිකන් පිස්සු නටන්න එපා… මම ඔයා ගැන සඳුන් එක්කයි එයාගෙ තාත්තා එක්කයි කතා කරා…….”
” අක්කේ ප්ලීස්… අක්ක මොකටද එක එක්කෙනා එක්ක මම ගැන කතා කරේ?…..” තාරක තරහෙන් ඇසීය.
” එක එක්කෙනා නෙමෙයි… සඳුන් ඔයාගෙ අනාගත මස්සිනා…. සඳුන්ගෙ තාත්තා කිව්ව ඔයාටම කියල ප්‍රයිවට් හොස් පිටල් එකක් හදල දෙනව කියල…….”
” ඇයි?… එයා වෙස්සන්තර පාරමිතාවක් පුරනවද ?….. තාරක උපහාසයෙන් ඇසුවේය.
” විහිළු නෙමෙයි මල්ලි… තාත්තා හිතා ගෙන ඉන්නව සඳුන්ගෙ නංගි ඔයාට බන්දල දෙන්න…. හරිම ලස්සන කෙල්ලෙක් මල්ලි.. ඔයා දැක්කොත් පිස්සු හැදෙයි… මේ මල්ලි… දැන් ඔය සමාධිගෙන් ටික ටික අයින් වෙන්න… සමාධි එයාට හරියන කෙනෙක් හොයා ගනී…”
තාරකට උන් හිටි තැන් අමතක විය. ඔහුගේ රුධිරය ක කියන්නට පටන් ගත්තේය. මුලු ඇඟම ගිනි ගන්නා සේ ඔහුට දැනිනි. සමාධිගේ අහිංසක මුහුණ සහ ආදර සිනාව ඔහුට මැවී පෙනෙන්නට පටන් ගත්තේය. සෑම මිනිසෙකු තුලම සැඟවී ඇති ඒ රුදුරු යක්ෂයා එළියට පැමිණියේය.
¨ අක්කේ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ… මම අන්තිම පාරට මේ හොඳින් කියන්නෙ… මගේ සමාධි මැණිකට ආයිත් ඔය වගේ දෙයක් කියල තිබුනොත් මම මිනීමරුවෙක් වෙන්න පුලුවන්…අක්කගෙ ඔය මහ ලොකු මාමණ්ඩිට කියන්න බකින්හැම් මාලිගාවෙන් කුමාරයෙක් හොයා ගන්න කියල එයාගේ දූ පොඩ්ඩට… ඔය සල්ලිවලටවත්.. බෙන්ස් කාර් වලටවත්.. බලපුලුවන් කාර කම් වලටවත් යට වෙන මිනිහෙක් නෙමෙයි මම…… සමාධිවයි මාවයි වෙන් කරන්න හිතා ගෙන ඉන්නවනම් කරුණාකරල ඒ අදහස හිතෙන් අයින් කර ගන්න … එහෙම නැත්නම් මිනී දෙක තුනක් මැරෙන්න පුලුවන්… හොඳට මතක තියා ගන්න….”
තාරක හති දමමින් වේගයෙන් මෙසේ පැවසූ විට ඉන් බියට පත් නදීකා එතනින් යන්න ගියාය.
තමාටත් සමාධිටත් ඉදිරියේදි විශාල සීතල යුද්ධයකට මුහුණ දීමට සිදුවන බව තාරකට ඉවෙන් මෙන් දැනුනේය.

ඊලඟ කොටසින් හමුවෙමු

 


මේවත් කියෙව්වද?

සර්පයා – 02 කොටස (NEW)

සර්පයා – 02 කොටස (NEW)

මෙය මවක් පුනක් අතර සිදුවන ෆෙම්ඩම් කතාවක් වේ.එවැනි කතාවකට අකමැති අය කියවීමෙන් වලකින්න.මෙය අතීශයෙන් වැඩිහිටියන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *