Saturday , April 20 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

චලනි – Sinhala wal katha patta new 2022

සති දෙකක පමණ කාළයකට පසු ඉතා අමාරුවෙන් මට නැවතීම සඳහා නවාතැනක් සොයා ගැනීමට හැකිවිය. වයස අවුරුදු 50 කාන්තාවක් පමණක් ජීවත්වූ එහි ඉදිරිපස කාමරය මට වෙන්කොට තිබුනු අතර වෙනමම දොරක් එලියට යාම සඳහා සාද තිබුනි, පරණ ගෙයක් වූ එහි අවට වල්බිහිවී තිබුනි. කාමරය තුල මට නිදා ගැනීමට ඇඳක් සමග මේසයක් සහ පුටුවක් තබා තිබුනි. ගමන් මලු දෙක බිමින් තැබූ මම ඇඳේ වාඩිවී මගේ ජීවිතයේ අනාගත අවිනිෂ්විත බාවය ගැන කල්පනා කිරීමට පටන් ගතිමි, මගේ මවුපියන් මට ලබාදුන් නම යසිරු ය. මම කුඩා කාළයේදීම මගේ මව හදිසි අනතුරකින් මෙලොව හැරයාම මගේ අවාසනාවේ ආරම්භය විය. පසුව තාත්තා නැවත විවාහ වී කුඩම්මා කැන්දාගෙන ආවත් ඇය මට සැලකීමක් දැක්වූයේ නැත. කෙසේ වෙතත් තාත්තා සැමවිටම මා ගැන සොයා බැලීම නිසා ඇය මට වෙනස් කම් කිරීමට බය විය. තාත්තාට එම විවාහයෙන් දරුවන් දෙදෙනනෙකු ලැබුන නමුත් මා උසස් පෙළ කළ පසු ඔහුද මෙලොව හැර ගියේය. එම සිදුවීමෙන් පසු කුඩම්මා සහ ඇයගේ නෑදෑයින් මට දැඩිසේ වෙනස්කම් කිරීමට පටන් ගත්හ. අවසානයේ ගෙදර එපාවූ මා, ඇඳුම් කිහිපයක් සහ එකතුකළ කුඩා මුදලක් පමණක් ගෙන, නැවත නො එන අදහසද ඇතැතිව ගෙදරින් පිටවිය. ගෙදරින් පිටවූ පසු ජීවිතයේ කර්කෂ බව මට අවබෝද විය. මුලදී අත තිබු මුදල්, කෑම සහ නවාතැන සඳහා භාවිතා කළත් සිතූ පරිදි රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මුුුදල්ද හිඟවිය. එසේම මම ස්වභාවයෙන්ම කෙට්ටු අනෙක් පිරිමින්ට වඩා උසින් අඩු පුද්ගලයෙක් වූ නිසා ලබා ගතහැකි පහසුම රැකියාව වූ කුළී වැඩද දිගටම කරගත නොහැකි විය. කෙසේ වෙතත් මා කුලී වැඩ කල ස්ථානයක අයිති පුද්ගලයෙක් මගේ විස්තර දැනගෙන මට දුෂ්කර පෙදසක NGO එකකට සම්බන්දව තාවකළික රැකියාවක් ලබා ගැනීමට උදවු කළේය. රැකියාව සඳහා පැමිනියත් මට නැවතීම සඳහා තැනක් තිබුනේ නැත. පසුව රැකියා ස්ථානයේ අය මට උදවු කර මෙම පරන ගෙදර මට නැවතීම සඳහා සකස් කර දෙන ලදහ. එහි සිටි කාන්තාවද අවශ්‍යතාවයකට මිස මා සමග කතාවට පැමිනියේ නැත. කෙසේ වුවද කල් යත්ම අසල්වාසීන් ගෙන් ඇය ගැන සමහරක් තොරතුරු මට දැන ගැනීමට හැකි විය. ඔවුන්ගේ තොරතුරු අනුව ඇය මෙම පෙදෙසෙහි වාසය සඳහා පැමිණ ඇත්තේ අවුරුදු තුන හතරකට පෙරය. මුළදි ඇයගේ තරුණ දියනිය ඇය සමග සිට ඇති අතර අවුරුද්දකට පමණ පෙර දියනියද ඇය අතහැර දමා ගොස් ඇත. තවද මෙම කාන්තාව සැමවිටම අසල්වාසීන් සමග දුරස්තව සිට ඇති අතර ආයුර්වේද වෙදකම සහ ගුරුකම් පිළිබඳ හසල දැනුමක්ද ඇය සතුව තිබී ඇත. ගෙදර සිටියේ දෙදෙනකු වුවද වඳුරන්ගෙන් අඩුවක් නොවීය. වඳුරන් වහල උඩද ගමන් කිරීම නිසා උලු වලට වන හානිය අවම කර ගැනීමට ඒවා උඩට ලී පටි යොදා තිබුනි. මා සිටි ඉදිරිපස කාමරයේ වහලට එවැනි ආරක්ශක ක්‍රමයක් උපයෝගී කරගෙන තිබුනේ නැත. එක් වැසි දවසක සවස රැකියාවට ගොස් පැමිණ කාමරයට ඇතුලුවූවිට වහලේ සිදුරු තුලින් වැසි වතුර වැටී ඇඳ සමග මුලුු කාමරයම වතුරින් තෙත්වී තිබෙන බව මට පෙනුනි. කාමරයේ තිබූ කොස්ස අතට ගත් මා වතුර ඉවත් කිරීමට පටන් ගත්විට ශබ්දය ඇසී ඇයද එලියට ආවාය. මට කාමරයේ සිටීමට නොහැකි බව තේරුන් ගත් ඇය තාවකාලිකව මට ගෙදර ඇතුලත කාමරයක් දීමට කැමැත්ත පලකළාය. ඇය මට දුන් කාමරය තුල ඇඳක්, අල්මාරි දෙකක්, කණ්නාඩි මේසයක්, පුටුවක් සහ ඇඳුම් තබා තිබීමට රඳවනද විය. එම කාමරය මීට පෙර ඇයගේ දුව භාවිතා කළ එක බවට මට සැකයක් නොවීය. අල්මාරි ලොක්කර තිබූ අතර කණ්නාඩි මේසයේ ලාච්චු තුල මොනවත් නොවිය. කෙසේ වෙතත් ඇඳ සැප පහසු එකක් වූ නිසා මට වෙනදට වඩා පහසුවට නිදාගත හැකිවිය. පසුුදා උදයේත් වැස්ස දිගටම පැවතුනත් නිවාඩු දවසක් වුන නිසා මට එයින් කරදරයක් වූයේ නැත. කාමරය අඳුරුව තිබීම නිසා ජනේලය ඇරීමට උත්සාහ කළත් කණ්නාඩි මේසය එයට හරස් කර තිබීම නිසා මට එය කළ නොහැකිවිය. බර මේසයක් වූ එය තල්ලුකර ඉවත් කිරීමට උත්සාහ කළත් සාර්තක වූයේද නැත. බර අඩුකිරීම සඳහා මේසයෙහි ලාච්චු එකින් එක ඉවත් කරත් එක ලාච්චුවක් ඉවත් කිරීම අපහසු විය. පසුව හොඳින් පරීක්‍ෂා කළවිට ලාච්චුවේ පසුපසට වෙන්න ලෑල්ලක් ගසා වෙන්කර එය දෙකට බෙදා වෙන්කර ඇතිබව මට අවබෝද විය. එය ලාච්චුවේ සැඟවූ කොටසක් බවත් ලාච්චුව සම්පූර්ණයෙන්ම එළියට ගැනීමේදී මිස වෙන අයුරකින් සොයා ගැනීමට නොහැකි සේ සාදා තිබිණි, ලාච්චුව බෙදා වෙන් කිරීමට යොදාගන්නා ලද ලෑල්ල හිරවීම නිසා මට එය එලියට ගැනීමට නොහැකිවිය. හිතේ ඇතිවුන කුතුහලය නිසා ලෑල්ල ඉවත් කළවිට එය තුල පොත් වගයක් තබා තිබෙනු දක්නට ලැබිණි. එක් පොතක් ඉවතටගෙන බැලූවිට ඒව දිනපොත් බවත් දිනපොතේ ඇතුල බැලූවිට සෑම දවසකම යම්කිසි දෙයක් ලියා ඇතිබවත් දුටිමි. එහි තිබූ දිනපොත් දහයකට වැඩි ප්‍රමානයක් එලියට ගත් මම මේසය තල්ලු කර ජනේලය විවෟත කිරීමෙන් පසු නැවතත් ලාච්චු පෙර පරිදිම තබා ඇඳට ගොස් දින පොත්වල ලියා තැබූ දේ කියෙව්වෙමි. මුල් දිනපොත් දෙක තුනෙහි අඩුවෙන් ලියා තිබුනත් අනික් දිනපොත් වල දෛනික සිදුවීම් සවිස්තරව ලියා තිබුනි. දිනපොත් ගෙදර අයිතිකාරියගේ දුවගේ බවත් ඇය ඇයගේ අතිශ්‍ය පෟද්ගලික කරුණු එහි ලියා ඇතිබවත් පොත් සඟවා ඇත්තේ ඒනිසා බවත් මට අවබෝද විය. නවකතාවක් ලෙස උනන්දුවෙන් සියලු පොත් කියවූ මට අවසානයේදී ඇයගේ මුලු ජීවිත කතාවම දැනගත හැකිවිය. ඇය ගෙදරින් ඉවත්ව යාමේදි මේ පොත් රැගෙන නොගියේ ඇයිද යන්න මට ප්‍රෙහෙලිකාවක් විය. දින කීපයකට පසු වහල පිලිසකර මට නැවත ඉදිරි පස කාමරයට යාමට සිදුවූවත් සියලුම දිනපොත් මා ලඟ තබාගතිමි. කිවනොහැකි හේතුවක් නිසා මා නැවත නැවතත් පොත් සියල්ල කියවූ අතර අවසානයේ මූලික කරුණු ඇතුලු සියලු දේ මතකයෙන් කීමට මට හැකිවිය. දිනපොත් වල මුල් පිටුවේ චලනි යනුවෙන් ලියා තිබුන නිසා ඇයගේ නම චලනි බව මම අනුමාන කලෙමි. ඇය ලියා තිබුන පරිදි ඇයගේ පියා ඇය කුඩා කලම මියගොස් ඇත. පාරම්පරිකව දේපලවලින් ස්ථිර ආදායමක් ලැබුන නිසා ඔවුනට මිළ මුුදලින් අපහසුවක්වී නොමැත. චලනිගේ සීයා පලාතේ නමගිය අයුර්වේද වෙදමහතෙක් වූ අතර ගුරුකම්ද දැනසිට ඇත. චලනිගේ මව පවුලේ එකම දරුවා විය. මේ නිසා සීයා දත් සියලු දේ කාලයත් සමග ඇයගේ මවට උරුම විය. කෙසේ වෙතත් සීයාගේ මරණින් පසු ඇයගේ මව සීයා මෙන් වෙද සහ ගුරුකම් කිරීමට පෙලඹී නොමැත. සීයා සහ ඇයගේ පියා මිය යාමෙන් පසු නෑයන් කිහිප දෙනෙකු සමග ඉඩම් සම්බන්දව ඇතිවූ ආරවුල් නිසා ඇය මෙම ඉඩම සමග ගෙය මිළදී ගෙන චලනි සමග පදින්චියට පැමින ඇත. එසේම ඔවුන් අසල්වාසීන්ද ඇසුරු කරනැත. මේ නිසා අසල්වාසීන් මෙය ගුප්ත ගදරක් ලෙස හඳුන්වා ඇත. චලනි දිනපොතෙහි ලියා තිබූ ආකාරයට ඇය වැඩිවියට පත්වූ පසුව දැඩිව රූපලාවන්‍යයටත්, විලාසිතාවලටත් ඇලුම් කර ඇත. එසේම ඇය සැමවිටම ඇයගේ රුව ගැන අසතුටින් සිට ඇත. ස්වභාවයන්ම පියකරු සිත් ඇදගන්නා රුවක් ඇය සතු වූවත් එයින් ඇය තෘප්තිමත් වී නැත. මේ නිසා රුව වැඩිකර ගැනීමට ඇය ඇයගේ පරම්පරාවෙන් සතුවූ වෙද කමත් ගුරු කමත් යොදාගැනීමට උත්සාහ කර ඇත. මෙහිදී සීයාගෙන් අම්මාට වෙද සහ ගුරුකම් පිලිබඳ හසල දැනුම ලැබී තිබුනත් චලනිට එය අම්මාගෙන් ලැබීතිබුනේ කොටසක් පමණි. මේ නිසා ඇය අම්මාගෙන් උදවු ඉල්ලා ඇති අතර අම්මා එයට එකඟ වී නැත. පසුව ඇය තම මව දැනුවත් නොකර විවද අත්හදා බැලීම් කර ඇත. අවසාන පරිච්චේදයේ එම අත්හදා බැලීම් නිසා ඇයට විවිද ව්‍යාකූල සහ විකෲති තත්වයන් ඇතිකර ඇති බව සඳහන් කර තිබිණි. අවසානයේ ඇයට සිදුවූ දෙය පිළිබඳව අවබෝදයක් දිනපොත් තුලින් මට දැනගත නොහැකිවිය. දිනපොත කියවීමේදී user names සහ passwords වගයක් ලියා තිබෙනු දක්නට ලැබුනත් ඒවා ගැන අවබෝදයක් මට නොවීය. දිනපොත් පිළිබඳ විස්තර සඟවා තැබීමට මා තීරනය කර සිටි නිසා චලනිගේ අම්මාගෙන් චලනි ගැන කිසිවක් නොවිසීමට මම තීරනය කලේමි. මම ආර්ථික ප්‍රශ්න නිසා සෑහෙන කාළයකින් කොණ්ඩය කපා තිබුනේ නැත. කොණ්ඩය උරහිස් වලින් පහලට එනතෙක් දික්වී තිබූ අතර එය හොඳින් පීරා නොතිබීම නිසා කැරලි ගැසී තිබුනි. එසේම කාමර මාරු වීමත් සමග මම චලනිගේ අම්මාට ඇන්ටි කියා ඇමතීමට පුරුදුව සිටියෙමි. දවසක් සවස ඇය මා අමතා “යසිරු, මොකද ඔය කොන්ඩෙ හැටි, පීරන්නෙ නැද්ද” “මේක කරදරයක් ඇන්ටි, කපල දාන්න ඕන, මට පීරන්න අමාරුයි”, “අපරාදෙ කොණ්ඩෙ ඔයට ලස්සනයි, ඉන්න මම පීරන්නම්” කියා ඇය ගෙතුලට ගිියාය. මට චලනි දිනපොතෙහ ලියා තැබු දෙයක් මතක් විය. ඇන්ටි දිගු කොන්ඩයකට චලනිව උනන්දු කිරීමට උත්සාහ ගත්තත් ඇය එයට කැමැත්තක් දැක්වූයේ නැත. මේ නිසා ඔවුන් අතර ගැටුම් ඇතිවිය. එයට අමතරව ඇන්ටි චලනිගේ කොන්ඩය පීරා සකස් කරනවිට සැමවිටම ඇය සමග ගෙදර ඉදිරි පසවූ අඹ ගස යටට ගොස් එය කිරීමට පුරුදුව සිටියහ.

ඇන්ටි පනාවක් සහ තෙල් බෝතලයක් ගෙන එලියට ආ පසු ඇයට විහිලුවක් කිරීමට සිතා “අපි අඹ ගහ යටට යමුද” කියා පුටුවක්ද රැගෙන අඹ ගස යටට ගියෙමි. මගේ හිසෙහි තෙල් ආලේප කර හිස කෙස් කැරලි කඩා හිස කෙස් සකස කරන අතර “ඇයි ඔයාට අඹ ගස යටට එන්න හිතුනෙ” ඇන්ටි මගෙන් ඇසුවාය. “හේතුවක් නැහැ ඇන්ටි මට එහෙම හිතුන” මම කීවෙමි. හිස කෙස් පීරා අවසන්වූ විට “හැමඳාම හවසට මම කොණ්ඩය පීරන්නම් නැත්නම් වවන එකේ තේරුමක් නැහැ” ඇය කීවාය. ඉන්පසු සැමදා මා වැඩ අවසාන වී ගෙදර පැමිණි පසු මගේ කොණ්ඩය පීරීම ඇය පුරුද්දක් කර ගත්තාය. දිනෙන් දින ඇය මා සමග මිත්‍රශීලව කුළුපග වූ නිසා මට තිබු තවත් ගැටලුවක් නිරාකරනය කර ගැනීමට හැකිවිය. මුළදී ඇය මට ආහාරග සපයා දීමට එකඟ නොවූ නිසා මට එදිනෙදා කෑම පිටතින් ගත යුතුවිය. ටිකින් ටික ඇය සමග කුළුපග වූ පසු ඇය මටත් සමග ආහාර පිසීමට කැමැත්ත පල කළාය. ඇය පිළියෙල කිරීම සඳහා මා කැමති කෑම වර්ග විමසූවිට සැමවිටම දින පොතේ සඳහන්ව තිබූ චලනි කැමති ආහාර ද්‍රව්‍යය ඉල්ලා සිටිය අතර එයින් මම විනෝදයක් ලැබීය. කෙසේ වෙතත් එයට ඇයගේ ප්‍රතිචාරයක් නොමැති නිස මම දිගින් දිගටම දින පොතේ සඳහන් චලනි කැමති සහ කළ දේවල් කිරීමට පෙලබුනෙමි. දිනපතා ඇය මගේ කොණ්ඩය හොඳින් පීරුවත් එය මගේ කන්වල දැවටීමත් උරහිස්වල ගෑවීමත් මට කරදරයක් විය. කොණ්ඩය කපා දැමීමට සිතුවත් ඇන්ටි කණගාටුවෙයි යන සැකය නිසා එය කළේ නැත. අවසානයේ කොණ්ඩය කපා දැමීමේ අදහසින් මම ඇයට මගේ අපහසුතාව කීවෙමි. ඇන්ටි මට කොණ්ඩය කපා දමන්න කියාවි යයි සිතුවත් එය එසේ නොවීය. “කොණ්ඩෙ උර හිසේ ගෑවෙන්නේ දිග මදි නිසා, අනික කොණ්ඩෙ එකතු කරල හෙයාර් බෑන්ඩ් එකක් පාවිච්චි කරන්න ඕන, කොණ්ඩ කටු වලින් කන්වලට ගෑවෙන්නැතුව තියාගන්න පුලුවන්” ඇය කීවාය. “මා ගාව කොණ්ඩෙ ඉක්මනට වැවෙන්න තෙල් වගයක් තියනවා, ඒක දිගටම ගාමු” කියා ඈ ගෙය ඇතුලට ගියාය. ඇය මට කතා කරන්නට අවස්තාවක් දුන්නේ නැත. කරන්නේ කුමක්දැයි කල්පනාකරන විට නැන්දා බොතලයක් සහ පනාවක් රැගෙන ආවාය. නැවතත් මට අවස්තාවක් නොදී, පුටුවක්ද රැගෙන අඹ ගස යටට ගොස් මා එහි වාඩිකරවා, බොතලයේ තිබූ තෙල් මගේ හිසෙහි හොඳින් ආලේප කළාය. එයින් නොනැවතුන ඇය කොණ්ඩා කටු ගෙන කන දෙපස වූ කෙස් රොදවල් කන්වල නොගෑවෙනසේද හිස මදුනින් උස්වී තිබූ කෙස් හිසට තදවෙනසේද සකස්කලාය. කොණ්ඩා කටු නිස හිසට අමුතු හැඟීමක් සමග අපහසුතාවයක්ද ඇතිවිය. “රෑට කටු ගලවල නිදා ගන්න, දිගටම තෙල්ගාල කොණ්ඩ කටු පාවිච්චි කලාම අපහසු ගතිය නැතිව යයි” ඇය කීවාය. ඇන්ටිව අමනාප කරගැනීමට අවශ්‍ය නැති නිසා මම විරෝදයක් දැක්වූයේ නැත. කසේ වෙතත් සතියක් පමණ ගතවන විට පැහැදිලි වෙනසක් හිසකෙස් වලින් දිස්විය. හිසකෙස් ඉතා ඝනව සීග්‍රව වර්ධනය වන්නට විය. මාස කිහිපයක් වැඩකිරීම නිසා ලැබුන මුදළින් පරණ ස්මාර්ට් ෆෝන් එකක් මිළදී ගැනීමට මට හැකිවිිය.වැඩකරන ස්තානයේ ඉන්ටර්නෙට් තිබුන නිසා විවේක කාළවලදී එමගින් සමාජජාලා පිළිබඳව දැනුමක්ද ලබාගත හැකිවිය. මා දිනපොත් කියවීමේදී දුටු පාස්වර්ඩ්ස් චලනිගේ ගූගල් ඊමේල්, ෆේස්බුක් සහ අනිත් සමාජජාල වල ඒවා බව මට අවබෝද විය. එමගින් මට ඇයගේ ඊමේල්, ෆේස්බුක් ගිණුම් වලට ඇතුලු වීමට හැකිවිය. මට යහලුවන් සිටියේ නැත. නමුත් මට චලනිගේ ඊමේල්, ෆේස්බුක් වලට ඇතුලුවී ඇය පිලිබඳ විස්තර එනම් ඇයගේ ක්‍රියා කාරකම්, යහලුයෙහෙලියන් සහ ඇයගේ පින්තූර ගැන දැනගැනීමට හැකිවිය. මෙහිදී ඇයගේ සමාජජාලා ගිනුම් මෑතකාලයේදී අප්ඩේට් නොවී තිබීම මට ගැටලුවක් විය. ඇන්ටි දිනපතා හිසමත ආලේප කරන ලද තෙල නිසා හිසකෙස් ඉතා ඉක්මනින් දික්වන්නට විය. එසේම රැකියාවට ගොස් පැමිණි පසු ඇය විසින් හිසමත භාවිතා කරනලද කොන්ඩකටු නිසා හිසකෙස් පාලනය කර ගත හැකි වූ අතර කටු නිසා මුළදී තිබූ අපහසුතාවය එයට පුරුදුවීම නිසා නැතිවී ගයේය. මා මෙතෙක් කල් හෙයාර් බෑන්ඩ් භාවිතා කර තිබුනේ නැත. “යසිරුු, කොණ්ඩෙට හෙයාර් බෑන්ඩ් එකක් දාන්න කාලෙ හරි” දවසක් ඇය කීවය. මම එයට කැමැත්ත ප්‍රකාශ කර, “ඇන්ටි ගාන ඔය තෙල මොකක්ද” ඇසීමි. “මේක පරන වට්ටෝරුවකින් හදපු තෙලක්, අතුරු ආබාද මොනවත් නැහැ” “ඇන්ටිට මේකෙන් සමාජ සේවයක් කරන්න පුලුවන්නෙ” “එහෙම හැම කෙනාටම තෙල් දෙන්න ගියොත් බලය අඩුවවෙනව” ඇය කීවාය. ” ඔව් පරම්පරාවෙන් එන දේවල්නෙ, සීයද කිව්වෙ” මට කියවුනි. මා කට වරද්දගත් බව තේරුන නමුත් කළහැකි දෙයක් නොවීය. “ඔයා කොහොමද දන්නෙ?” ඇය නැවතත් ඇසුවාය. මට දීමට හරි පිලිතුරක් තිබුනේ නැත. කටට ආ පිළිතුර මම ඇයට කීවෙමි. “ඇන්ටි මට එහෙම මතකයක් තිබුන වගේ තේරුනා. ඒකයි ඇහුවෙ” “ඔයාට තව මොනවද මතක? කෑම ජාතිත් ඉල්ලන්නෙ මතකෙන්ද?” “එහෙම වෙන්න ඇති” මම කීවෙමි. “තව එක දෙකක් කියන්න බලන්න” ඇය ඉල්ලාසිටියාය. මට ඇයට බොරුවක් කර විහිලුවක් කිරීමට සිතුනි. මේ සෙල්ලම කොතනින් අවසානවේදැයි මම නොදැන සිටියෙමි. මා ඔවුන් මුලදි සිටි ප්‍රදේශය දන්න නිසා මා ඒ ප්‍රදේශයේ සිට දැන් සිටින ගෙදරට පැමිණි බවට මතකයක් ඇති බවත් එය මටද ගැටලුවක් බවත් මම කීවෙමි. පසුව ඇය මට රබර් බෑන්ඩෙකක් කොණ්ඩය එකතු කර දා ගන්නා අයුරු පෙන්වා දුන්නාය. සිදුවූ දෙය පිළිබඳව මට බය සිතුනි. ඇන්ටි මා ගැන සැක සිතා මා ගෙදර නොමැති වෙලාවක කාමරය පරීක්‍ෂා කරනු ඇතැයි මට සිතුනි. මේ නිසා අවශ්‍ය කරුනු සටහන් කර දිනපොත් සොයාගත නොහැකි ලෙස විනාසකර දැම්මෙමි. මා රැකියාවට යනවිට කොණ්ඩයට රබර් හෙයාර් බෑන්ඩ් බාවිතා කළ අතර කැප් තොප්පියක්ද පාවිච්චි කිරීමට පුරුදු විය. රැකියාව කරන තැනින් මට ප්‍රශ්නයක් ඇතිවූයේ නැත. සති දෙකකට පමන පසු ඇය මගේ කොණ්ඩය සකසා එය එකතු කර තදකර බැන්දාය. වෙනසක හැඟමක් ආ නිසා අල්ලා බැලූවිට එය රබර් බෑන්ඩ් එකක් නොව ගැහැණු ළමයින් බාවිතා කරන කලු පාට ස්කෘන්‍චියක් බව අවබෝදවිය. මට එවිට චලනි නිතරම පාවිච්චි කලේ දම්පාට ස්කෘන්‍චි බව සිතට ආවේය. “ඇන්ටි දම්පාට ස්කෘන්‍චි නැද්ද” මම ඇසීම. ඇය දම්පාට ස්කෘන්‍චියකින් මගේ කොණ්ඩය බැඳ “දම්පාටටද ආස?” ඇසුවාය. “ඉස්සරනම් කැමති නිල්පාටට හැබැයි දැන්නම් කැමති දම්” මට කියවුනි. පාට කෙසේ වෙතත් කාන්තාවන් කොණ්ඩය එකතු කොට බඳින ස්කෘන්‍චියට මම කැමති වූයේ ඇයි දැයි මටම සිතුනි. පසුව කණ්නාඩියෙන් බැලූවිට කොණ්ඩයට මට මීට පෙර නොවූ කැමැත්තක් ඇතිවිය. කොණ්ඩය ඉන ගාවට දික්කර ගැනීමට මට ආශාවක් ඇතිවිය. නිවාඩු දිනයක චලනිගේ කාමරය අස්පස් කිරීමට ඇන්ටි මගෙන් උදවු ඉල්ලා සිටියාය. එහිද පලමුු වරට චලනිගේ ඇඳුම් අල්මාරිි තුල තිබෙන්නේ මොනවාදයි මට බලා ගැනීමට හැකිවිය. මම උදවු කිරීමට කාමරයට ගියත් මට කරන්නට දෙයක් තිබුනේ නැත. ඇන්ටි මට කතා කලේ ඇයිදැයි යන්න මට ප්‍රහෙලිකාවක් විය. කාමරය හොඳින් පිරිසිදු කර තිබුන අතර කබඩ් දෙක විවෲත කර ඇය යමක් සොයමින් සිටියාය. ඇඳ උඩ තබා තිබු ඇඳුම් දෙස බැලුවිට ටී ෂර්ට් සහ ශොර්ට් කිහිපයක් දක්නට ලැබුනි. ඒවා යුනිසෙක්ස් ඇඳුම් බවද අවබෝදවිය. කබඩ් දෙස බැලුවිට විවිධ වර්ගයේ ඇඳුම් එහිවිය. ඇඳ උඩ තබා තිබුනේ ටී ෂර්ට් සහ ශොර්ට් නිසා මම ඒවා අතට ගෙන පරීක්‍ෂා කලේය. “මම ඔය ඇඳුම් කාට හරි දෙන්න කියල බැලුවෙ, ටී ෂර්ට් සහ ශොර්ට් නිසා යසිරුටත් අඳින්න පුලුවන් වෙයි ” ඇය කීවාය. “පාට තමයි අවුල” කියා මම ඇය අදහස්කළ දෙයින් ඉවත්වයාමට අදහස් කලේය. “පාටට කැමති නැති වුනට කමක් නෑ ගෙදරට හරි අඳින්න පුලුවන්නේ” ඇය මට නිදහසට කරුණක් කීමට ඉඩ නොතබා කීවාය. කබඩ් තුලින් පොඩි පෙට්ටි දෙකක් ඇය ඉවතට ගෙන ඒවා මා ඉදිරිපිට විවාත කලාය. ඒවායේ තිබු චලනි පලඳන ලද මාල, කරාබු, වලලු ආදී නොයෙක් දේවල් එලියට ගත් ඇය ඒවා මේසය මත තැබුවාය. චලනිගේ ප්‍රියතම කරාබුු යුවල මට අඳුනා ගැනීමට හැකිවිය. ඇය මෙම කරාබු යුවල ගැන දිනපොත්වල ලියා තිබුන අතර ඇයගේ ෆේස්බුක් ගිනුමේ පින්තූරද පලකර තිබුනි. රත්‍රන්වලින් සාදා නිල්පාට ගලක් අල්ලා තිබූ කරාබුු යුවල මා පරීක්‍ෂා කිරීම සඳහා අතට ගත්තේ නිරායාසයකිනි. එය දුටු ඇන්ටි “මොකද ඕකටම හිතගියෙ, කරාබුවකුත් දාගන්නද හිතන් ඉන්නේ” අසා කරාබු යුවල ඇය අතට ගෙන ඒවා මගේ කන්වලට තබා පරීක්‍ෂා කර “කරාබු දෙක ඔයාට හැඩයි” කීවාය.

ඇන්ටි එසේ කීවවිට ඇතිවුන ලැජ්ජාව නිසාත් කාමරයතුල මට ඇත්තටම කරන්නට දෙයක් නොමැති නිසාත් මම එතනින් ඉවතට ගියෙමි. නමුත් ඇන්ටි මාව හේතුවක් නැතිව චලනිගේ කාමරයට කැඳවීම මට ගැටලුවක් විය. පසුවදා වැඩ අවසන්වී කාමරයට පැමිණිවිට මේසය උඩ පාර්සල් කිහිපයක් තබා තිබෙනුු දුටුවෙමි. ඒවා පරීක්‍ෂා කිරීමේදී පෙරදින චලනිගේ ඇඳ උඩ තබා තිබූ යුනිසෙක්ස් ඇඳුම්, අසුරා තබා තිබුනි. එයට අමතරව නිල් ගල් සහිත කරාබු යුගලයද එහි විය. මුලදී ලැජ්ජාව නිසා ඇඳුම් එලියට ගෙන නොබැලුවත් සිත තුල පෙර නොවූ කුතුහලයක් විය. රාත්‍රී කෑමෙන් පසුව කාමරයේ දොර අගුලුදා පාර්සල්වල තිබූ ඇඳුම් ඉවතට ගත්තෙමි. මා සිතූ පරිදි එහි ටී ෂර්ට් සහ කොට කලිසම් කිහිපයක් තිබුනි. ඇඳුම්වල ආකර්‍ෂනීය සුවඳක් තිබුනු අතර ඒ සුවඳට මම ආශා කලෙමි. ටී ෂර්ට් ඇඳ බැලූවිට ඒවා මගේ ප්‍රමානයට තිබුනත් පාට සහ ඒවායේ තිබු ඩිසයින් තරුණ කෙල්ලන්ට වඩාත් ගැලපුනි. කොට කලිසම් පිරිමි ඒවාට වඩා සැහැල්ලු වූ අතර ඉදිරිපස වූ සිපරය සහ බොත්තම් භාවිතා කිරීමේදි නුහුරු ස්වභාවයක් දැනුනි. හේතුව පරීක්‍ෂා කිරීමේදි පැත්ත මාරු කර මසා ඇති බව දුටුවෙමි. ගෙදරට පිට අය නො එන නිසා ගෙදරට පමණක් ඇඳීමෙන් හානියක් නොවන බවද සිතිනි. කෙසේ වෙතත් නිදා ගැනීමට පෙර ඇඳුම් පෙරපරිදි මේසය උඩ තැබීමට මම අමතක නොකෙලමි. දවස් කිහිපයකට පසු නිවාඩු දිනයක උදයේ, “යසිරු, අර ඇඳුම් ඇඳල බැලුවද? ආසයි බලන්න” ඇන්ටි ඇසුවාය.” “නෑ ඇන්ටි වෙලාවක් තිබුනෙ නෑ” මම අකමැති ආකාරයට ඇයට කීවෙමි. “අද නිවාඩනේ අද වෙලාව තියනවා” ඇය කීවාය. මම මගේ කාමරය තුලට ගිය පසුව ටික වේලාවකින් එය තුලට පැමිණි ඇය, මේසය මත තබා තිබූ ඇඳුම් ගෙන, “යසිරු අඳින්න කැමති ඒවා මොනවද” ඇසුවාය. මම කිසිවක් නොකිය සිටිවිට ඇය ඒවායින් ටී ශර්ට් එකක් සහ ශෝටක් තෝරා, “මේවා ඇඳල බලන්න” ඉල්ලා ඇඳුම් මා අත තැබුවාය. කලයුත්තේ කුමක්දයි මා කල්පනා කරනවිට, “ඇඳල බලන්න, හරියන්නෙ නැත්නම් වෙනකාටහරි දෙමුු, නැත්නම් අපරාදෙනේ” පවසා ඇය කාමරයෙන් නික්ම ගියාය. ඇඳුම් ඇඳ එය ගැලපෙන්නේ නැතිබව කීමට මම තීරනය කලෙමි. මා ටී ශර්ටය සහ ශෝට ඇඳගත් පසු නැවත කාමරයට පැමිණි ඇය මා වටා ගොස් නරඹන විට, ” මේව මට ගලපෙන්නෙ නෑ” මම කීවෙමි. එවිට ඇය, “පොඩ්ඩක් ඉන්න” කියා මාව මිදුලට කැඳවා, කොණ්ඩය හොඳට පීරා දම්පාට ස්කෘන්‍චියකින් එය එකතුකර බැඳ, නැවත මාව හොඳින් නැරඹා, “අපරාදෙ කාටවත් දෙන්නෙ, ඇඳුම් ඔයාට ලස්සනයි, ගෙදරට අඳින්න පුලුවන්” කීවාය. කන්නාඩියක් ඉදිරි පසටගොස් බැලුවිට ඇන්ටි කියපු පරිදි ඇඳුම් මාගේ ප්‍රමානයට ගැලපුනත් ඒවායේ පැහැයත් දිගු කොන්ඩයත් නිසා මාව ඉදිරි පසින් නොව පැත්තට හෝ පසුපසින් බැලුවිට බටහිර පන්නයට ඇඳගත් කෙල්ලෙක් මෙන් දිස්විය. කෙසේ වෙතත් ඇඳුම්වල තිබූ සැහැල්ලුබවටත් සුවඳටත් මගේ හිත ඇදී ගියේය. ඇන්ටීද වෙනසක් නොදැක්වූ නිසා මුලු දවසම ඒ ඇඳුම් ඇඳ සිටිවිට පහසුව මෙන්ම කැමැත්තක්ද සිත තුල ඇතිවිය. ඉන්පසු සැමදාම නොවූවත් මාරුවෙන් මාරුවට මම ඇන්ටි දුන් ඇඳුම් ඇන්ඳමි. එය දුටු ඇන්ටි චලනි සතුව තිබූ සියලුම ටී සහ ශෝර්ට් මට දුන්නාය. ටික දවසක් යනවිට මම දිගටම චලනිගේ ඇඳුම් ගෙදරට ඇඳීමට පුරුදුවීමි. මා මේ පෙදෙසට පැමිනි පසු මට යහලුවන් සිටියේ නැත. වැඩ කරන තැන පිරිමි කිහිප දෙනෙකු සිටියත් ඔවුන් මැදිවියේ අය විය. මේ නිසා මම වැඩ ඉවරවී ගෙදර පැමිනි පසු මගේ ස්මාට් දුරකථනය භාවිතා කිරීමට පුරුදු වීමි. මට සමාජ ජාලා ගිනුම් තිබුනේ නැත. මා භාවිතා කලේ චලනිගේ ගිනුම් වූ අතර ඒවායේ යහලුවන් ලෙස ඇය එකතු කර තිබුනු බොහෝදෙනා ගැහැණු ළමයින් විය. මා චලනිගේ සමාජ ජාලා ගිනුම් සඳහා කිසිම දෙයක් ලියුවේ නැතත් අනිත් අයගේ අදහස් කියවීමට පුරුදු විය. ඔවුන් බොහෝවිට අදහස් හුවමාරුු කරගත්තේ කාන්තාවන්ගේ ඇඳුම්, අලුත් විලසිතා සහ රෑපලාවන්‍යයය. දිනපතා ඔවුන්ගේ අදහස් කියවීම මගින් ඒ පිලිබඳව පැහැදිලි අවබෝදයක් මට ලබාගත හැකී වූ අතර සමහර වේලාවට මට ඔවුන්ගේ අදහස් ප්‍රායෝගිකව අත්හදා බැලීමට නොහැකි නිසා දුකක්ද ඇතිවිය. මගේ කොන්ඩය දිගුවනවිට සිතෙහි ඇතිවූ කැමැත්තත්, චලනිගේ ටී ශර්ට් සහ ශෝර්ට් ඇඳිමට විරුද්දත්වයක් නොපෑමත් චලනිගේ සමාජ ජාල ගිනුම් වලින් මා ලද බලපෑමක් ලෙස මට සිතුනි. මාස 2-3 කාළයකදී ඇන්ටිගේ තෙල්වල බලයෙන් මගේ හිසකෙස් හොඳින් වැඩී පිටෙහි යට ප්‍රදේෂය දක්වා දික්විය. ඇන්ටිගෙන් කොන්ඩය පීරා පවත්වාගෙන යාමට ලැබුන සහයෝගය නිසා මට අපහසුවක් දැනුනේ නැත. එයට අමතරව මා මහත්වන බවක් දැනුනි. මා වැඩට අඳින ලද කලිසම් ඇඳීමේදී හිර ගතියක් දැනුන නිසා අලුත් කලිසම් මිළදී ගැනීමට සිදුවිය. කිසිදු ව්‍යායාමයක් නොමැතිව සිටීම මෙයට හේතුව ලෙස හැඟුනත් මම අඳින ෂර්ට් වෙනදාටත් වඩා ලිහිල්ව තිබීම මට ප්‍රෙහෙලිකාවක් විය. කොන්ඩය දික්වීම නිසා එය කරලක් ලෙස ගෙතීමට ඇය යෝජනා කලේ මේ අතරතුරදීය. එසේ නොකලහොත් හිසකෙස් එකින් එක ගැලවී යන බව ඇයගේ අදහස විය. වැසි දිනක ගේ තුලට වී කොන්ඩය පිරන්නට සිදුවිය. තනි කරලට කොන්ඩය ගෙතූ ඇය එය අගට කලුපාට කොන්ඩ පටියක් අමුනා එය පපුව පෙදෙස මත තබා මා කන්නාඩිය ඉදිරිපසට ගෙන ගියාය. චලනිගේ කොට කලිසමත් ටී ෂර්ටයත් ඇඳ සිටි මට ගෙතූ කොණ්ඩය නිසා කණ්නාඩියෙන් දුටුවිට මගේ කොලු පෙනුම අඩුවී තිබුනි. “මම නිකන් කෙල්ලෙක් වගේ” මට කියැවිනි. “ඒ මොකද එහෙම හිතන්නෙ? කොන්ඩෙ ගෙතුව නිසාද? ඔයා ඇඳන් ඉන්නෙ කොට කලිසමයි ටී ෂර්ට් එකයි නේ” ඇය කීවාය. මම කිසිවක් කීමට ගියේ නැත. “හැබැයි පුන්චි වෙනසක් කලොත්නම් කෙල්ලෙක් වගේ පෙනෙයි” ඇය නැවත කීවාය. “ඒ කොහොමද ඇන්ටි” මම ඇසූවිට, “කරලම බැලුව නම් තමයි හොඳ” ඇය කීවාය. මම එය ප්‍රතික්‍ෂේප නොකල හේතුව මට අදද ගැටලුවකි. එය ප්‍රතික්‍ෂේප කලා නම් මේ කතාව අද මෙසේ නොලියවනුද ඇත. මම කලේ නිෂ්ශබ්දව සිටීම පමණි. චලනිගේ දිනපොත කියවීමෙන් පසු ඇන්ටිව අපහසු තත්වයට පත් කිරීමට චලනිගේ රුචිකත්ව මතුකර පෙන්වීමත් චලනිගේ සමාජ ජාලා ගිනුම් පරිහරනය කිරීමත් දිගු කොන්ඩයත්, ඇයගේ සමහර ඇඳුම් ඇඳීමත් මෙයට හේතුවක් විය හැක. කෙසේ වෙතත් ඒවන විට කෙල්ලක් ලෙස ඇඳ පැලඳ හැඩ බැලීමට සිත තුල සැඟවුන සියුම් ආශාවක් මා තුල තිබූබව නම් පිළිගත යුතුය. ඇය මගෙන් පිලිතුරක් බළාපොරොත්තු වුනා විය හැක. අප අතර නිහඬ බවක් තිබීමත් මා පිලිතුර නොඳුන්නේ මා කැමති වුවත් එය විවෘතව කියන්නට ඇති ලැජ්ජාව නිසා බවත් බව ඇය සිතන්නට ඇත. ටික වේලාවකට පසු ඇය, “එහෙනම් පොඩ්ඩක් ඉන්න ” පවසා චලනිගේ කාමරය තුලට ගියාය. ඇය නැවත පැමිනියේ කුඩා බෑගයක්ද අතැතිවය. මට ඇයට විරුද්ද දෙස බලා සිට ගන්නා ලෙස ඉල්ලු ඇය මා ඇඳ සිටි චලනිගේ ටී ෂර්ට් එකද ගලවා දමන ලෙස ඉල්ලා සිටියාය. මා සිත තුලවු උද්‍යෝගය නිසා කිසිදු විරෝධයක් නොකර ටී ෂර්ටය ගලවා දැමුවෙමි. ඉන්පසු අත් දෙක උස්සන්න කී ඇය, කිසියම් දෙයක් අත් දෙක තුලින් දමා එය පපුව පෙදෙසට ගෙන ආවාය. එය දුටු සැනින්ම චලනිගේ රෝස පැහැති බ්‍රා එකක් බව මට අවබෝදවුවත් මා යමක් කීමට පෙර ඇය බ්‍රා එක පිටු පසින් අමුනා උර පටි සකස් කලාය. එයින් නොනැවතුන ඇය චලනිගේ පෑන්ටි කිහිපයක් ගුලිකර බ්‍රා කප් තුලට දමා දෙපසම ඒකාකාරව ඉදිරියට නෙරා එන ලෙස සකස් කලාය. ඉන්පසුව ටී ෂර්ටය මට නැවත ඇඳ ගැනීමට සලස්වා රතු පැහැ ලිප්ස්ටික් එකක් ගෙන මගේ තොල් පාට කර අත්වලටද වලලු කිහිපයක් පලඳා මාව චලනිගේ කාමරයට එක්කගෙන ගිය ඇය මා චලනිගේ කණ්නාඩි මේසය ඉදිරිපස සිටවා, ” දැන් මොකද හිතන්නේ?” ඇසුවාය. බ්‍රා එක ඇඳීමෙන් පසු පපුව ප්‍රදේශය වැඩුණ ගැහැණු ළමයකුගේ පියයුරැ මෙන් ඉදිරියට නෙරා ඒමත් ගොතන ලද කොණ්ඩය පපුව මැදින් දමා එහි අග කෙලවර අතින් අල්ලාගෙන සිටීමත් අතෙහි තිබූ වලලු සහ තොල්වල තිබූ රතු පැහැයත් නිසා මා කණ්නාඩිය තුලින් දුටුවේ තරුණියකි. මා ඒ තරුණිය දෙස වශීවී බලා සිටිනු දුටු ඇන්ටී, “පොඩි වෙනසින් වුන දේ දැක්කද?” ඇසුවාය. ඇය ඇසු පැනයට පිලිතුරු දීමක් අවශ්‍ය නොවීය. ඇය කීවේ ඇත්ත බව අප දෙදෙනාම දැන සිටියෙමු. මා දිගටම කණ්නාඩිය දෙස බලා සිටිය නිසා ඇය නැවතත් මගෙන් ප්‍රශ්නයක් ඇසීය. “යසිරු, අපි තව පුන්චි වෙනසක් කරමුද?”

එවර මා මගේ හැඟීම් සඟවා ගත්තේ නැත. හිස සලා මම එයට කැමැත්ත පළ කලෙමි. චලනිගේ අල්මාරිය විවෲත කළ ඇය එහි තිබූ දේ අවුස්සා ඇඳුම් කීපයක් ගෙන මා ඇඳ සිටි ටී ෂර්ට් එක ගලවා දමන ලෙස ඉල්ලා සිටියාය. මා ඉදිරියට පැමින, ඇය අත තිබූ චලනිගේ ගවුම් කිහිපයක් පෙන්වා, “කැමති එකක් තෝර ගන්න” ඉල්ලා සිටියාය. ඒ ගවුම් අතර චලනිගේ ප්‍රියතම ගවුමක්ද තිබුන නිසා මම එය තෝරාගතිමි. මීට පෙර ඇන්ටිව අපහසුතාවයට පත්කිරීමට චලනි කැමති දේ තෝරගත්තත් මෙවර මට එවැනි අදහසක් නොවීය. මෙවර මා ඒ ගවුම තෝරා ගත්තේ මගේම කැමැත්තෙනි. ටී ෂර්ටය ඉවතලු ඇය මට එම ගවුම ඇද ගැනීමට සැලැස්වීය. පලමුව ගවුමේ අත් හිඩැස් තුලින් අත් දමා දෙවනුව මගේ හිස එහි සාය කොටස තුලින් රින්ගා යාමට සලස්වා එය පහලට ඇද්දාය. ගවුමේ සාය කොටස ලිහිල්වත් උඩ කොටස ඇඟට තදවත් තිබිනි. ගැහැණු ළමයින් අඳින මල් මෝස්තර සහිත ගවුමේ ඉන දෙපස පටි දෙකක්ද තිබිනි. එම පටි දෙක පසු පසට ගෙන තදකර ගැටයක් ගැසූ ඇය නැවත මා කණ්නාඩය ඉදිරි පසට ගෙන ගියාය. ගවුමේ උඩ කොටස හිරව තිබීම නිසා පපුව ප්‍රදේය ඉදිරියට හොඳින් නෙරා තරුණියකගේ මෙන් පියයුරු යුගළය දිස්වූවත් කොට කලිසමට සාය ගැලපුනේ නැත. එය දුටු ඇන්ටි මට කලිසම ගලවා දමන ලෙස ඉල්ලා සිටියාය. මගේ අලුත් පෙනුමට වශීවී සිටි මට ඇයට විරුද්ද වීමට සිතුනේ නැත. කලිසම ගැලවූ පසු චලනිගේ සුදු යට සායක් මා අත තබා, “යට සායක් තමයි ඔය වගේ ගවුම් වලට ගැලපෙන්නෙ, ඕක ඇඳගන්න.” ඉල්ලා සිටියාය. මෙය මම බලාපොරොත්තු නොවූවත් එම අවස්තාවේදී ගවුමට යටින් යට සායක් ඇඳ හැඩබැලීමට ආශාවක් මට ඇතිවිය. මෝහණය වුණ ආකාරයෙන් සිටි මා යට සායේ ඉලාස්ටික් පටිය ඇද කකුලක් ඇතුලට දමා එය උඩට උස්සා ගැනීමට උත්සාහ කරණු දුටු ඇන්ටි, ” ඔය මොකද කරන්නේ, ඔහොම නෙවෙයි යට සාය අඳින්න ඕන ඔලුවෙන් දාලා” කීවාය. මා මෙයට පෙර එය දැනගෙන තිබුනේ නැත. රේන්ද අල්ලා මසණ ලද සායේ යට කොටස තුලින් හිස දැමූ මම එය පහලට ඇද්දෙමි. මගේ නාසයේ දැවටෙමින් එය පහලට යනවිට සෝදා අසුරා තිබු යට සායෙහි සුවද නාසය උරාගත්තේය. එය තොල්වල දැවටෙන විට මට හැඟුනේ මම එය සිපගන්නා ආකාරයකි. මම මීට පෙර කාන්තාවන්ගේ යට ඇඳුම්වලට මෙසේ ආකර්ශනය වී නැත. නමුත් එම මොහොතේ සිට එය සම්පූර්ණයෙන් වෙනස්වන බව මට වැටහින, යට සාය දණ තෙක් පහතට දැමූ මම එය ගවුමට යටින් දමා නැවත උස්සා ඇඳගත්තෙමි. ඉලාස්ටික් පටියක් තිබීම නිසා පලමුවරට වුවත් මට එය ඇඳගැනීමට අපහසූ නොවුවත් තව බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවිය. ගෙදර සිටිනිසා මම එවෙලේ යට ඇඳුම් කිසිවක් ඇඳ සිටියේ නැත. යට සාය ඇඳීමත් සමගම ඉදිරිපස සාය කොටස ඉදිරියට නෙරා එන්නට විය. මගේ අපහසුව දුටු ඇන්ටී, ” ඕකටත් වසඳුමක් තියනවා” කියා අල්මාරියෙන් චලිනිගේ සුදු පැහැති යට කලිසමක් ගෙන එය මා අත තබා, ” මේ යට කලිසම ඇඳගන්න” කීවාය. යට කලිසම කීවාට එය චලනිගේ පෑන්ටියක් බව මට අවබෝදවිය. නමුත් සිත තුල අලුතින් ඇතිව තිබූ කැමැත්ත නිසා මම එයද ඇඳ ගතිමි. මෙවර කන්නාඩිය තුලින් දුටු රුවට එය දුටු ක්‍ෂනයෙන්ම මා ඇලුම් කරන්නට විය. මෑත කාලයේදී , මගේ තට්ටම් ප්‍රදේෂය මහත් වීම නිසා මට මා වැඩට ඇඳි කලිසම් වෙනස් කිරීමට සිදුවිය. නමුත් ගවුමට මගේ තට්ටම් ප්‍රදේෂය හොඳට ගැලපුනි. ගවුමේ මිනුමට මගේ සිරුරේ හැඩය හොඳින් ගැලපීම මට ප්‍රෙහෙලිකාවක් විය. මා කණ්නාඩිය තුලින් මගේ අලුත් රුව නරඹමින් සිටිනු දුටු ඇය, “ඔක්කොම ඇඳගත්ත එකේ මේකත් දාගෙනම බලන්න” කියා සිහින් පටි සහිත ගැහැණු සෙරෙප්පු යුගලයක් මට පැලඳීමට සලස්වා කාමරයෙන් එලියට ගියාය. මම කොපමන වේලාවක් කණ්නාඩිය ඉදිරිපිට සිටියාදැයි නොදනිමි. වරෙක කරකැවෙමින්ද තවත් වරෙක ගවුමේ සාය යටින් දෙපැත්තට අදිමින්ද විවිද ඉරියව් මවා පාමින් මම එහි සිටියෙමි. මාගේ මෙම හැසිරීම මා පුදුමයට පත් කිරීමට හේතුවිය. ඇන්ටි සෑහෙන වේලාවකට පසු කාමරයට පැමිනියාය. මා ඇය කාමරයෙන් පිටවයන අවස්ථාවේ ආකාරයෙන්ම සිටිය නිසා, “මොකද ගවුමට ආස හිතුනද? චලනිගේ ඇඳුම් අල්මාරි දෙකක් පුුරවල තිබෙනවා” කීවාය. ඇන්ටි එසේ කීවිට මට ලැජ්ජා සිතී ගවුම ගැලවීමට උත්සාහ කරනු දුටු ඇය, ” ඇයි ගවුම ගලවන්නෙ දිගටම ඇඳන් ඉන්න, ඒක ඔයාට ලස්සනයි. අද නිවාඩු දවසක්නේ” කීවාය. ගවුම ඇඳන් ඉන්න මට සිත තුල ආසාවක් තිබුන නිසාත් ඇන්ටිගේ ඉල්ලීම නිසාත් මම ගවුම ගලවනනට දැරූ උත්සාහය අත් හලෙමි. ඉන්පසුව මගේ කාමරයට ගොස් දොර වසා නැවතත් මගේ කුඩා කණ්නාඩියෙන් මගේ හැඩ නැරඹුවෙමි. මගේ යට ඇඳුමට වඩා චලනිගේ පෑන්ටිය ඇඟට පහසු මෙන්ම සුවදායක විය. යට සාය කකුල්වල තැවරෙනවිට ඇතිවන හැඟීම මට කවදාවත් මෙයට පෙර ඇතිවී නැත. යට සාය දිගටම ඇඳීමට ඇත්නම්‍ යන සිතුවිල්ල මගේ සිතට ඇතුලුවී තිබිනි. බ්‍රා එක නිසා පපුව පෙදෙසේ තද ගතියක් තිබුනත් එය ඉදිරියට නෙරා තිබීම මගේ සතුටට හේතුවිය. ඇඳ සිටි ගවුමේ ඉන දෙසට අත් යොමුකල විට ගවුම ඇඳීම නිසා පලමු වරට මගේ ඉන සිහින් වී ඇති බව දුටිමි. මා මගේ පිරිමි ඇඳුම් ඇඳ සිටින විට මට මෙම වෙනස පෙනුනේ නැත. එසේම අත් තවත් පහලට යොමුකල විට ගවුමේ හැඩයට අනුකූලව මගේ උකුල් පෙදෙසද කිසියම් ප්‍රමානයකට වැඩී ඇතිබවද අවබෝද විය. මේ හේතූන් නිසා ගවුමේ හැඩය මගේ සිරුරට ගැලපී තිබිනි. පැය කිහිපයක් එසේ සිට ගවුම අකමැත්තෙන් වූවත් ගලවා පසුව යට ඇඳුම් සමග සෝදා දැමුවෙමි. ගවුම යට ඇඳුම් සමග වැලේ වේලෙන්නට තබා එය දෙස බලා සිට ඒවා ටික වේලවකට පෙර මා අඳින ලද ඇඳුම් බව සිතෙන විට කවදාවක් ඇතිනොවු හඳුනා ගත නොහැකි හැඟීමක් සිතතුල ඇතිවී තිබිනි. ඉන් පසුව දවස් කිහිපයක් ගත වූවත් ඇන්ටි මා සමග ගවුම් ගැන කතා කලේ නැත. නමුත් මගේ සිතතුල නැවතත් යට ඇඳුම් සමග ගවුමක් ඇඳීමට ඇති කැමැත්ත දිනෙන් දින වැඩි වන්නට විය. ඇන්ටීගෙන් ප්‍රතිචාරයක් නොමැති නිසාත් මා ඇඳි ගවුම සෝදාදැමීමෙන් පසු ඇය එය චලනි ගේ කාමරයේ තබා ඇති නිසාත් අවසානයේදී මම එය ගැන විමසීමට තීරනය කළෙමි. “ඇන්ටි අර ගවුමට මොකද වුනේ” මම ඇසීමි. “නවල කාමරේ තිබ්බ, මොකද ගවුම ගැන මතක් උනේ? ආපහු අඳින්න හිතුනද?” ඇසුවාය. මා කිසිවක් නොකීවත් මගේ සිත හඳුනාගත් නිසා ඇය, “කැමති නම් අඳින්න, චලනිගෙ තව ඇඳුම් තියනව. හෙට නිවඩු දවසක්නේ” කීවාය. එයින් නොනැවතුන ඇය, “අපි තව පොඩි වෙනසකුත් කරමු” කීවාය. ඇයට එය පොඩි වූවත් එය මට විශාල වෙනසක් බව දැන් මම දනිමි. ඇගේ පොඩි වෙනසට මගේ විරුද්දත්වයක් නොමැති නිසා කිසිවක් කීවේ නැත. පසුදා උදයේ තෙල් වැනි යමක් දමා ඇති බෝතලයක් මට දුන් ඇය, “ඇඟ පිරිසිදු වෙන්නත් එක්ක මේ තෙල් ඇඟේ හැම තැනම ගා ගන්න” කීවාය. එම තෙල් මූහුනේ නොතවරන ලෙසද ඇය උපදෙස් දුන්නාය. කාමරයට ගොස් තෙල් ඇඟ පුරා තවර ගත්තත් එයින් සුවඳක් ආවේ නැත. අයුර්වේද තෙල් ගඳක් පමණක් නහයට දැනිනි. මම කාමරයෙන් එලියට පැමිනිවිට ඇය මට තවත් තෙල් කුප්පියක් දී එය මුහුනේ තවරා නා ගෙන චලනිගේ කාමරයට එන ලෙස ඉල්ලා සිටියාය. ඇයගේ ඉල්ලීම පරිදි ගොස් නා ගත්විට ඇයගේ පොඩි වෙනස කුමක්දැයි මට අවබෝද විය. මගේ සිරුරේ බොඩි හෙයාර් තිබුනේ කුඩා ප්‍රමානයකි. තෙල්වල බලපෑම නිසා සියලුම බොඩි හෙයාර් නානවිට වතුර සමග සේදීගොස් තිබූනි. මුහුණට බලපෑමක් සිදුවී තිබුනේ නැත. මගේ ශරීරයේ තවරන ලද තෙල්ද වතුර සමග ඉවත්ව ගොස් තිබුනි. මා චලනිගේ කාමරයට ගිය විට ඇය මට ඇඳීම සඳහා තෝරාගත් ඇඳුම්ද සමග එහි සිටියාය. ඇය මට චලනිගේ පෑන්ටියක් දුන්විට මගේ මුහුනේ ඇතිවූයේ අකමැත්තකි. එය ඇන්ටි සිටිය නිසා ඇතීවූ ලැජ්ජාව නිසා සිදුවූ දෙයක් විය හැක, මගේ මුහුනේ ඇතිවූ වෙනස දුුටු ඇය, “මොකද ලැජ්ජද, එදා ඇඳන් හිටියෙ, බොරු නැතුව අඳින්න කීවාය.” ඇයගේ බලකිරීම නිසා මම පෑන්ටිය අතට ගත් විට ඒ සමග යට සායක්ද මට දී කාමරයෙන් එලියට ගියාය. නැන්දාදුන් පෑන්ටිය ඇඳ පසුව යට සාය ඇඳගත් විට එය සිල්ක් වැනි රෙදි වර්ගයකින් මසා තිබීමත් මගේ කකුල් හොඳින් ශේව් වී තිබීම නිසා ඇතිවූ හැඟීම විස්තර කළ නොහැකිය. ඇඳ උඩ තබා තිබූ ඇඳුම් පරීක්‍ෂා කළ විට එහි බ්‍රා එකක්, මල් සහිත සායක් සහ එයටම ගැලපෙන බ්ලවුසයක් තිබුනි. බ්‍රා එක ඇඳ ගත්විට ඇන්ටි කාමරයට පැමිණ බ්‍රා කප් තුලට යමක් දැමීය. එවෙලේ නොදැන සිටියත් එය චලනි භාවිතා කරන ලද බෙස්ට් ෆෝම් බව පසුව මට දැනගත හැකි විය. බ්‍රා එකට උඩින් බ්ලවුසය ඇන්දවිට පපුුව ඉදිරියට නෙරා එය ස්වාභාවික පියයුරු යුගලයක් මෙන් දිස්විය. අවසානයේ දිග සායද ඇන්ද විට ඇන්ටි මට පාවහන් යුගලක්ද දුන්නාය. පාවහන් යුගලයේ අඟල් එකහමාරක හීල්ස් තිබීම නිසා ඒවා පැලඳගත් විට මට ඇවිදීම අපහසු විය. මේ නිසා ඇන්ටි මගේ අතින් අල්ලා මාව කණ්නාඩි මේසය ඉදිරි පිට තබා තිබූ පුටුවේ වාඩිකරවා මගේ කොන්ඩය සකසන්නට විය. ස්කෘන්චියකින් කොන්ඩය එකතු කර බැඳ දැමූ ඇය මගේ තොල් පාට කිරීමටද අමතක නොකළාය. නෑමට පෙර මුහුනේ ආලේප කළ තෙල් නිසා එහි වියලි ගතිය නැතිවී ප්‍රසන්න පෙනුමක්ද ඇතිවිය. සියල්ල නිම වූ පසු ඇය මා සිටවා හැඩ බැලුවාය. මා කන්නාඩිය තුලින් දුටවේ නව යොවුන් තරුණියක් වූ අතර එම රුවෙහි පිරිමි ලක්‍ෂන කිසිවක නොවීය. කෙසේ වෙතත් යම් කිසිවක අඩුවක් මට පෙනුනි. තරුණියකට අත්‍යාවශ්‍ය ආභරනයක් වූ කරාබූ යුවලක් මා පැලඳ සිටියේ නැත. මා දෙස බලා සිටි ඇන්ටි “දැන් ඔයාට අඩු එක දෙයයි” කීවාය.

කරාබූ පැලඳීමට ආස වූ මා ඇන්ටී අදහස් කරන්නේ කරාබූයයි සිතා, “කරාබු ද ඇන්ටි” ඇසුවාය. “නෑ මට හිතුනෙ ඔයාට අලුත් නමක් ඕන කියල. කරාබුත් අඩුවක් තමයි, ඒක මට මතක් උනෙ නෑ” කීවාය. “ඔය විදියට ඉන්නකොට මට ඔයාට යසිරු කියන්න බැහැනෙ, මම චලනි කියල කතා කරන්නම්” ඇන්ටි කීවාය. චලනි යනුවෙන් ඇයගේ දුවගේ නම තේරීම මට ගැටලුවක් නිසා, මම ගැහැණු නමක් යෝජන කිරීම ගැන විරෝදය නොදක්වා, “ඇයි ඇන්ටිගෙ දුවගෙ නම තෝරගත්තෙ?” “ඔයා ඇඳන් ඉන්නෙ චලනිගෙ ඇඳුම් නේ, ඔයා කැමතිත් එයා කැමති දේවල් වලට නේ, අනික සමහර වේලාවට ඔයා හැසිරෙන්නෙත් එයා වගේනෙ. ඒ හින්ද චලනිගෙ නම තමයි ඔයාට හොඳ.” ඇන්ටි කීවාය මා චලනිගේ දිනපොත් කියවා ඇති බවත් ඇයගේ සමාජ ජාලා ගිනුම් කියවා ඇති බවත් ඇන්ටී දැන සිටියේ නැත. මා මුලදි මෙසේ හැසිරුනේ විහිලුවට වූවත් දැන් ඇය එය විස්වාස කිරීම නිසා මා ඇයට බරපතල වැරද්දක් කල ඇති බව හැඟුනි. එසේම ඇයට ඇත්ත පවසා ඇයව කනගාටුවට පත්කිරීමටද මට අවශ්‍ය වූයේ නැත. අනික ඇය මට චලනි ලෙස ඇමතූවිට මට ඇතිවූයේ සතුටකි. එයට හේතුව මම නොදනිමි. මම නමට විරෝදය නොදැක්වූ නිසා, “චලනි, මම ඔයට දුන්න කරාබු දමමු, ගිහිල්ල අරන් එන්න” ඇය සිනාසී කීවාය. මගේ කාමරයට යාමට මම උත්සාහ කලත් මා පැලඳ තිබූ පාවහන්වල තිබූ හීල්ස් නිසා මට ඇවිද යාමට අසීරු විය. එය දුටු ඇය, ” හෙමින් ඇවිද ගෙන යන්න, ඕක නිකම්ම පුරුදුවේවි” කීවාය. සෙමින් කාමරයට ගොස් කරාබු යුවල ගෙන මා නැවත පැමිනිවිට, කුප්පියකින් තෙල් ස්වල්පයක් ගත් ඇය ඒවා මගේ කන් පෙතිවල ගෑවාය. කරාබු පැලඳීම සඳහා මගේ කන් විදනැති බව මට අවබෝද වූූයේ එවිටය. “ඇන්ටි මගේ කන් විදල නැහැනේ” මම ඇසුවේය. ” තෙල් ගෑවෙ ඒකට, දැන් කන් විද්දම ඔයාට රිදෙන්නෙ නැහ” ඇය කීවාය. “මම කරාබු දාල වැඩට යන්නෙ කොහොමද?” “වැඩට යනකොට ගලවල දාන්න, ගෙදර ආවම ආපසු දා ගන්න, ඔයා වෙන කොහේවත් යන්නෙ නැහැනේ. කරාබු දිගටම දැම්මෙ නැත්නම් සිදුරු වැහිලයයි” ඇය පිළිතුරු දුන්නාය. අවසානයේ ඇය මගේ කන් සිදුරු කර එකම අඩුවවූ කරාබු යුවලද මට පැළඳුවාය. නිල් පැහැය ගත් එය චලනිගේ ප්‍රියතම එක වූ අතර මට කන්නාඩියෙන් මගේ ඇස් ඉවතට ගැනීමට දැඩි ආයාසයක් යෙදීමට සිදුවිය. තරුණියකමෙන් සම්පූර්ණයෙන්ම මා ඇඳ පැලඳගත පසු ඇය, “දැන් චලනිට මොකද හිතෙන්නේ” ඇසුවාය. ඇය මගේ සිත දන්නා නිසා මට ඇයගෙන් සැඟවීමට කිසිවක් නැත. “හැඩයි” මම කීවාය. “ඔයා ආසද මේ වගේ හැඩට අඳන්න?” පිළතුරු දීමට අපහසු දෙයක් ඇය මගෙන් ඇසුවාය. මම මගේ ඔලුව වනා ඇයගේ අදහසට කැමැත්ත පළකලෙමි. එදායින් පසුම මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය. සැමදාම මා වැඩ ඉවරවී ගෙදර පැමිනෙන විට ඇන්ටි මට චලනිගේ ඇඳුමක් සූදානම්කර තිබුනි. මම ඒවා ආසාවෙන් ඇන්ඳෙමි. සති කිහිපයක් ගතවන විට මා චලනිගේ චරිතයට යසිරුට වඩා ඇලුම් කරන්නට විය. ඇන්ටිට යසිරු අමතක වූ අතර ඇය මට සැලකුවේ චලනි ලෙසය. මේ නිසා මා සහ ඇය අතර වූ බැඳීම දිනෙන් දින වැඩිවිය. මමද ගෙදරදී සැමවිටම හැසිරුනේ චලනි ලෙසය. ඇය කී පරිදි දැන් මට අඩිය උස පාවහන් පැලඳ ඇවිදීමට අපහසු තාවයක් නැත. මා එසේ ඇවිදින විට නොවැටී සිටීමට මට මගේ නිතඹ පසු පසට යොමු කිරීමට සිදුවිය. එය කන්නාඩියෙන් දැකීමට මම සැමවිටම ආශා කලෙමි මෙසේ සති මාස බවට පෙරලෙද්දී මගේ ජීවිතයේද විවිදාකාර පෙරලි ඇතිවිය. දවසක් රාත්‍රියේ මා නිදාගැනීමට සැරසෙන විට ඇන්ටී පැමිණ, “චලනි, මේ ඇඳුම් ඇඳල නිදගන්න බලන්න, ඔයා කැමති වෙයි” කියා මා අත ඇඳුම් කීපයක් තබා ගියාය. ඇඳම් පරීක්‍ෂා කළවිට එහි තිබුනේ චලනි අඳින ලද නිදන ඇඳුමකි. ලා රෝසපාට නයිටියක් සහ එයට උඩින් අඳින උඩ ඇඳුමද එහි විය. ඉතා සිනිඳු ඇඳුමක් වූ එය දෙපාරක් නොසිතා මම ඇඳගත්තෙමි. ඇන්ටිගේ උපදෙස් අනුව මා සතියකට දෙවරක් ඇය දුන් තෙල් ඇඟේ තවරා නා ගැනීම නිසා බොඩි හෙයර් වැවීම සම්පූර්ණයෙන් නැවති සම සුමට වී තිබින. එයට අමතරව මුහුනේද ඇය දෙන ලද අනික් තෙල දිනපතා ආලේප කිරීම නිසා රැවුල වැවීම නැවතී මුහුණටද ප්‍රසන්න පෙනුමක් ලැබී තිබිණි. චලනි කාලයක් අදින ලද එකක් නිසාත් මෑතදී සම සුමට වීම නිසාත් නයිටිය ඉතා සැපදායක විය. එයට අමතරව එහි තිබූ සුවඳටද මම ප්‍රිය කලෙමි. චලනිගේ ඇඳුම් වලට කාවැදී තිබූූ ඒ සුවඳ මටද ලබා ගැන්නේ කෙසේදැයි බොහෝ විට මම කල්පනා කලෙමි. සුවදායක නින්දකින් පසුව පසුවදා මා නැගිට ඇය මුනගැසුනන විට, ” කොහොමද ඊයෙ හොඳට නින්ද ගියාද” ඇය අසන්නේ නිදන ඇඳුම බව මම දනිමි. “ඔව් මළා වගේ නින්ද ගියා” මම කීවෙමි. “තව ඇඳුම් වගයක් තිබුන මම කාමරයෙන් තියන්නම්” ඉන්පසුව මට චලනි අඳින ලද නිදන ඇඳම් ලැබුන අතර දිනපතා ඒවා ඇඳ නිදා ගැනීමට මම පුරුදු වීම. මුලදී පිටින් කෑම ලබා ගත්තත් පසුව ඇන්ටි විසින් පිසනු ලැබූ කෑම මට ලබා ගත හැකි විය. කිසි විටෙක කෑම පළියෙල කිරීම සඳහා ඇය මගේ උදවු ඉල්ලුවේ නැත. නමුත් ඇය මට චලනි ලෙස සලකන්නට වූ විට ඇයගේ ආකල්පය වෙනස් විය. කෑම පිසනවිට මා ගෙදර සිටියහොත් මටද කුස්සියට එන ලෙස ඇය ඉල්ලා සිටියාය. මුළදී එලවලු සුද්ද කිරීමත් හිරමනය භාවිතා කර පොල්ගෑමත් මට පවරන ලදී. විශේෂයෙන්ම පොල්ගෑමේදී මා වාඩිවනවිට ගවුමේ යට කොටස හෝ සාය පොඩි නොවන ලෙස අත් දෙකෙන් සාද වාඩිවීමත් කකුල් දෙකම දිගහැර එක පසට දමා හිරමනය උඩ වාඩිවීමත් ඇය මට අනිවාර්‍ය කලාය. පුටුවක වාඩිවීමේදීද සාය සාදා කකුල් ලන්කර වාඩිවී සිටීමට මට සිදුවිය. ගවුමක් හෝ සායක් ඇඳ කකුලක් උඩ කකුලක් තබා වාඩිවීමටද ඇය ඉඩදුන්නේ නැත. ඇය කීවේ සාරියක් ඇඳ සිටීනම් පමනක් එසේ වාඩිවීම උචිත බවය. මුළදී අපහසු වූවත් පසුව සැම විටම ඇය කී පරිද වාඩි වීමට මා පුරුදු විය. වැඩකරන තැනේදීද මෙසේ වාඩිවීම නිසා අනික් අය ඉදිරිපිට මා අපහසු තත්වයට පත්වූ අවස්තාද විය. මුලදී උනන්දුවක් නොතිබුනත් පසුව විවිද පාට සහ මෝස්තර උපයෝගී කර මසන ලද ගවුම් සහ සායවල්වලට මගේ රුචිකත්වය වැඩිවන්නටද විය. මට අල්මාරි විවෘත කර ඇඳුම් තෝරා ගන්නටද ඉඩ ලැබීම එයට පිටිවහලක් විය. එසේ තෝරන විට සාරි කිහිපයක් සහ චලනි පාසලට අඳින ලද සුදු ගවුම් දෙකක්ද මට සමුවිය. පාසල් ගවුම ඇඳ මට බාලිකා පාසලකට යන්න තිබුනානම් යන අදහස මගේ සිත තුලට පළමුවරට ඇතුලුවිය. අල්මාරිය විවෘත කර ඇඳුමක් එලියට ගන්නා සැමවිටම මගේ ඇස යොමුවූයේ මේ සුදු ගවුම් වෙතටය. මුලදී සුදු ගවුමක් එලියට ගෙන එය ඇඟට තබා හැඩ බැලුවත් පසුව එය ඇඳ බැලීමට සිත්විය. නමුත් ලැජ්ජාව නිසා ඇන්ටිට මෙය කීමට මට සිතුනේ නැත. ඇන්ටි සතියකට වරක් බැන්කු කටයුතු සහ අනෙක් අවශ්‍ය දේ මිළදී ගැනීම සඳහා ගෙදරින් පිටත පැය කිහිපයක් ගතකලාය. මා ගෙදර සිටි ඇය පිටතට ගිය දවසක පාසල් ගවුම පලමුවරට ඇඳ බැලීමට මට හැකිවිය. අල්මාරිය තුල හොඳින් අසුරා තිබූ පාසල් ගවුම සහ යට ඇඳම් ඉවතට ගත් මා පළමුව සුදු පෑන්ටියත් බ්‍රා එකත් ඇඳගත්තෙමි. ඉන්පසුව සුුදු යට සායත් ස්ලිප් යට ගවුමත් ඇඳ කණ්නාඩිය ඉදිරිපස පැය භැගයක් පමණ හැඩ බලමින් සිටියෙමි. පාසල් ගවුම ඇඳ එහි බඳ පටිය බැඳ ටයි එකද පැලඳ ගත්විට කොණ්ඩය කරල් දෙකකට ගෙතීමේ අවශ්‍යතාව මතුවිය. කණ්නාඩිය ඉදිරිපිට සිටගත් මා පනාව ගෙන කොණ්ඩය දෙකට බෙදා වෙන්කර කොණ්ඩයේ එක භාගයක් පපුවේ මැදට තිබෙන්නට හැර හිස පිටුපසින් පටන්ගෙන ගොතන්නට පටන් ගත්තේය. කොණ්ඩයේ කෙළවර කලුපාට රිබන් පටියකින් බැඳගත් මා කොණ්ඩ කටු භාවිතාකර හිසෙහි කොණ්ඩය හසුරවා කොණ්ඩයෙහි ඉතිරි භාගයද එලෙසම ගොතා තැබුවාය. අවසානයේ චලනි භාවිතා කරන ලද සුදු සපත්තු යුගලයද පළඳා ගොතන ලද කොණඩ කරල් දෙක ඉදිරි පසින් පපුව උඩින් තබා නැවතත් කණ්නාඩිය තුලින් නැරබූවිට දුටුවේ නවයොවුන් පාසල් යන තරුණියකි. මොබයිල් දුරකථනයෙන් සෙල්පියක්ද ගත් මා පැය දෙකකට පමණ පසු අකමැත්තෙන් වුවද ගවුම සහ යට ඇඳුම් ඉවත්කර පෙරපරිදි අල්මාරියේ අසුර තැබුවේය. සියල්ල මසේ සිදුවුවත් මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන දිනයද අවසානයේ උදාවිය.

ඔහ්…. ඒ දවස කියන්න පෙර මෙයත් කිව යුතුය. මා චලනිගේ යට ඇඳුම් ඇඳීමට පෙර මට පිළිතුරු හමුනොවූ ගැටලුවක් විය. තරුණියන් පිරිමිමෙන් නොව ඔවුන්ගේ ඇඳුුම් සඳහා විෂේශ සැලකිල්ලක් දක්වති. ඔවුන් ඒ සඳහා වැඩි මුදලක් වැය කරනු ලබයි. ඔවුන් ඔවුන්ගේ යට ඇඳුම් සඳහාද ඒහාසමන වියදමක් දරයි. ඔවුන්ට විවධ වර්ගයේ විවිධ හැඩයන්ගෙන්‍ යුත් යට ඇඳුම් ඇති අතර ඒවා කපු, ලිනන්, සිලක් වැනි රෙදි වර්ග වලින් මසා ඇත. මේ මොන වර්ගයේ යට ඇඳුම් ඇන්දත් ඒවා පිට අයට පෙනෙන්නෙත් නැත ඇන්ටි මට දුන් තෙල් නිසා මගේ සිරුරේ දැන් බොඩි හෙයාර් නැත, එයට අමතරව සම සන්වේදීව සුමුදු වී ඇත. සම සන්වේදී නිසා යට ඇඳුම් ඇඟෙහි තැවරෙන විට දැනෙන්නේ අමුතුම හැඟීමකි. චලනි සතුව තිබූ විවධ රෙදි වලින් මසන ලද යට ඇඳුම් ඇන්ද මට මෙම හැඟීම හොඳින් දැනුනි. මුලදී සමට දැනුන හැඟීම නැවත නැවතත් ලබා ගැනීමට උත්සාහ කිරීම නිස එයට ඇබ්බැහි වීමක් වැනි දෙයක් සිදු විය. එසේම යට ඇඳුම් විෂේශයෙන්ම යට සාය සහ බ්‍රා පමණක් ඇඳ කණ්නාඩිය තුලින් මගේ රුව බැලීමට මම ප්‍රියකරන්නට වීමි. එය එතනින් නතර වූයේ නැත, විවද වරගයේ විවිද හැඩ ඇති යට ඇඳුම් ඇඳීමට මා උනන්දු විය. චලනි සතුව තොන් සහ ජී ස්ට්‍රිඞ් පෑන්ටිද තිබුන නිසා මම ඇන්ටිට හොරෙන් ඒවා ඇන්දෙමි. ඒවා දිගටම ඇඳ සිටීමට ආශා සිතුනත් මගේ පුරුෂ ලින්ගය එයට ගැලපුනේ නැත. මා චලනිගේ ඇඳුම් ඇඳන් සිටිනවිට මට තවත් තරුණියන් සමග මගේ හැඩ සන්සන්දනය කිරීමට අවශ්‍ය විය. ඔවුනට මා ඇඳ සිටින යට ඇඳුම් පවා පෙන්වා මා ඔවුනට වඩා ලස්සන බව පෙන්වීමට සිතුවිලි මා සිත තුල ඇතිවිය. කෙසේ වෙතත් එය මට කල නොහැකි දෙයක් බව සිතෙන විට කලකිරීමක්ද ඇතිවිය. ලස්සන ගවුමක් හෝ සායක් ඇඳ හැඩ බලන විට සිතට එන්නේ කාමුක හැඟීමක් වුවද එයට සිනිදු විවිධ යට ඇඳුම්ද එක්කල විට ලැබෙන්නේ කිව නොහැකි තරමේ වින්දනයකි. චලනිගේ යට ඇඳුම් ඇන්දවිට මට ලැබෙන හැඟීම් නිසා අනෙක් තරුණියන් යට ඇඳුම් සඳහා දක්වන සැලකිල්ල ගැන මට තිබූ ගැටලුවට පිලිතුරු ලැබුනි. මට මේ ආකාරයෙන් හැඟීම් ඇතිවන විට මා තවත් එය ලබා ගැනීමට මිස ඉන් මිදීමට උත්සාහ නොකලෙමි. මා රැකියා කල ස්ථානයෙන් මට බෝනස් මුදලක් ලැබුන නිසා ඇන්ටීට යමක් මිළදී ගැනීමට මට සිත්විය. සවස රෙදි කඩයකට ගිය මා ඇය සඳහා සාරියක් මිළදී ගත්තෙමි. එහි තිබූ විවිද වර්ගයේ සාරි දුටු විට මට පිස්සු හැඳුනි. නමුත් මට සාරියක් මිළදී ගැනීමට මට බය සිතුනි. ඇන්ටීගේ සාරිය පාර්සල් කල සේවිකාව, ” සාරියට ජැකට් පීස් එකකුයි, යට සායට රෙදියි ගන්නේ නැද්ද”ඇසුවාය. මට එය ගැන අවබෝදයක නොමැතිබව දත් සේවිකාව එය මට පැහැදිලි කර දුන්නාය. මා එයට කැමතිවූ පසු ඇය, ” කැමතිනම් මහල උනත් දෙන්න පුලුවන් හැබැයි මෙශර්මන්ට් ඕන” කීවාය. ඇන්ටීගේ මෙශර්මන්ට් මා සතුව නොතිබු නමුත් අලුත් සිතුවිල්ලක් මට ඇතිවිය. චලනි සතුව සාරි දෙක තුනක් තිබුනත් ඒවාට හැට්ට සහ යට සායවල් මට සොයා ගත නොහැකි විය. ” මට අක්කටත් සාරියක් ගන්න ඕන” මම සේවිකාවට කීවෙමි. ඇය මට තරුණියන් අඳින සාරි පෙන්වූ අතර මගේ සිතට ගැලපෙන එකක් තෝරා ගැනීමට මට සෑහෙන වේලාවක් ගතවුනි. එයට හැට්ට සහ සාය රෙදිද තෝරාගත් මා, “මට මේවා මහගන්නට පුලුවන්ද” ඇයගෙන් ඇසුවාය. ඇය මෙශර්මන්ට් ඉල්ලූවිට. “අක්කටත් තියෙන්නෙ මගේ උස, එයත් මන් වගේම කෙට්ටුයි, මගේ මෙශර්මන්ට් එකට මහන්න, එයා පස්සෙ වෙනස්කම් හදා ගනියි” මම කීවෙමි. ඇය කිසිවක් නොකියා හැට්ටය සහ සාය සඳහා මගේ මිනුම් ගෙන, දවසකින් ඒවා රැගෙන යාමට එන ලෙස ඉල්ලා සිටියාය. සියලුදේටම මුදල් දුන් පසු පළමු වරට මා, මා සඳහාම සාරියක් සහ යට ඇඳුම් මිළදී ගැනීම ගැන ආඩම්බරයක් ඇතිවිය. ගෙදර ගොස් ඇන්ටිට සාරිය සහ අනිත් රෙදී දුන්නත් මා ගත් සාරිය ගැන ඇයට කිව්වේ නැත. මගේ සාරිය හන්ගා තැබුවෙමි. පසුදා මට මසන ලද හැට්ටය සහ සාය ලැබිනි. ඇය එය මට දෙන විට, “කැමතිනම් ඇඳල බලළ මිනුම හරිද බලන්න” සිනාසී කීවාය. මා එය ප්‍රතික්‍ෂේප කලවිට නැවත ඇය, “අක්කට තව ඇඳුම් ඕනනම් කියන්න ඔයාගෙ මෙශර්මන්ට් එකටම මහල දෙන්න පුලුවන්” කීවාය. එදා රෑ නිදාගන්නට ගිය විට ඇන්ටිට හොරෙන් පළමුවරට සාරියක් ඇඳ හැඩබැලීමට මම තීරනය කලෙමි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් දුරකතනයේ ඉන්ටර්නෙට් මගින් ලබාගතිමි. රාත්‍රී කෑම ගත් පසු කාමරයට ගිය මා දොර අගුලුදා පලමුවරට සාරියක් ඇඳ බැලීමට සූදානම් විය. පලමුව පෑන්ටියක් ඇඳගත් මා සාරියට මසන ලද දිග යට සාය ඔලුවෙන් ඇතුලු කර ඉන දක්වා රැගෙන ගොස් එහි නූලෙන් ඉනට තද කර ගත්තේය. ඉන්පසුව බ්‍රා එක ඇඳ එය තුලට ඇැන්ටි දුන් බ්‍රෙස්ට් ෆෝම් ඇතුලුකර එයට උඩින් හැට්ටය ඇඳ ගත්තේය. සාය සහ හැට්ටය මගේ මිනුමට මසා තිබුනිසා ඇඟට හොඳින් තදවී තිබිනි. මා සතුව තිබූ පොඩි කණ්නාඩියෙන් නැරඹූවිට මිම්මට මසා තිබූ යට සාය මෑතදී මගේ වැඩුණ නිතඹට හොඳින් ගැලපී තිබුනි. වැඩුණ තට්ටම් පෙදෙස යට සාය ඇන්ද විට ඉලිප්පී හැඩට පෙනුනි. හැට්ටයද ලස්සනට තිබුන නමුත් එය තට්ටම් පෙදෙස මෙන් විසාලව ඉදිරියට නෙරා නොතීබීම ගැන මට ඇතිවූයේ කනගාටුවකි. මගේ පොඩි කණ්නාඩිය සම්පුර්ණයෙන් මගේ රුව බැලීමට ප්‍රමානවත් නොවන නිසා මට ඇතිවුයේ තරහකි. කාන්තාවන්ට සැමවිටම විශාල කණ්නාඩි අවශ්‍යයවීමේ හේතුව මට තේරුන් ගැනීමට හැකිවිය. ඉන්ටර්නෙට් එකේ තිබුන පරිදි සාරියේ කෙලවරක් යටසායේ අමුණා දෙවරක් පමණ සිරුර වටා ගෙනගොස් සායෙන් යටකර රැලි දමන්නට උත්සාහ කළත් එය සාර්තක වූයේ නැත. කිහිප සැරයක් උත්සාහ කර අවසානයේ රැලි හදාගත්තත් සාරිය බිමට කඩා වැටුණි. පැය දෙකකට වඩා කාළයක් උත්සාහ කර සාර්තක නොවූ නිසා සාරිය ඇඳිල්ල නවත්වා නින්දට ගියෙමි. සාරියක් පලමුවරට තනියම ඇදීමේදී ඉවසීම තිබය යුතුය. එය පහසු නැත. පුරුදුවූවිට පහසුය. තරුණියක් පළමුවරට තනියම සාරියක් ඇඳීමේදී සිදුවන අපහසුතාවයට මම ද මුහුණ දුන්නමි. කෙසේ වෙතත් දවස් කිහිපයක් උත්සාහ කිරීමෙන් පසුව මට සාරිය ඇඳ රඳවා ගැනීමට හැකිවිය. මෙය මට හැඟනේ ජයග්‍රහනයක් ලෙසිනි. සෑහෙන්න කට්ටක් කා ඇඳ ගැනීමට පුලුවන්වූ විට මගේ ප්‍රිියතම ඇඳුම වූයේද සාරියයි. මෙසේ සතුටින් සිටිනා විට ඒ තීරනාත්මක දිනයද පැමිණියේය. මම රැකියාව කරන ස්ථානයෙහි අයිතිකරු මට කතාකර, “යසිරු, මේ ප්‍රොජෙක්ට් එක දැන් ඉවර වෙන්න කිට්ටුයි. අපට මෙහෙන් යන්න ලඟයි. බය වෙන්න ඕන නෑ තව ප්‍රොජෙක්ට් පටන්ගන්න තියනව, හැබැයි ටිකක් දුර. නවතින්න තැනක් හොයා ගන්න වෙයි” කීවේය. මා කාළයක් වැඩ කල ස්ථානය අතහැර යාමට මට සිතුනේ නැත. එයට මූලික හේතුව වූයේ මා දිනපතා වැඩ අවසාන වී ගෙදර ආපසු චලනි ලෙස හැසිරීමය. තරුණියක ලෙස සැරසී සිටීමට තිබූ කැමැත්ත මට සිතා ගැනීමටත් නොහැකි ලෙස වැඩි වූවා මිස අඩුවූයේ නැත. ඇන්ටිගේ ගෙදරින් ගියහොත් මට කාලයකට තරුණියක ලෙස ඇඳ පැලඳ සිටීමට ඉඩ ලැබෙන්නේ නැත. රැකියාවක් නොමැතිව ජීවිතය ඉදිරියට ගෙන යාමටද නොහැක. කෙසේ වෙතත් සෑහෙන වේලාවක් කල්පනා කර අවසානයේ රැකියාව රැකගතයුතු බවට තීරනය කලෙමි. එදා සවස නවාතැනට ගොස් රැකියාව නිසා වෙනත් පෙදෙසකට යාමට තීරනය කළබව ඇන්ටිට කීවෙමි. මගේ අදහසට ඇයගේ ඇති අකමැත්ත ඇයගේ මුහුනේ සිදුවූ වෙනසින් මට අවබෝද වුවත් ඇය කිසිවක් කීවේනැත. පසුව ගෙදර පැවතුනේ දැඩි නිහඬතාවයකි. ඇය මා සමග වෙනදා මෙන් කතාවට නොආ අතර කල්පනා කරන බවක් වැටහුනි. මම ද කාමරයටවී කාලය ගත කලෙමි. රෑ නිදා ගැනීමට පෙර කාමරයට ආ ඇය, “චලනි මට ඔයත් එක්ක වැඳගත් දෙයක් කතා කරන්න තියෙනවා” කීවාය. ඇයගේ ඉල්ලීමට මම එකඟ බව දැනගත් ඇය. “චලනිගේ ඇඳුම් ඇඳගෙන ඉන්නකොට මොකද ඔයාට හිතෙන්නේ” ඇසුවාය. මෙවරද මට ඇන්ටිට විහිලුවක් කිරීමට සිතා “මට, මාව චලනි කියලම තමයි සිතෙන්න” මම කීවෙමි. “මෙහෙන් ගියාම ඔයාට චලනිවගේ ඉන්න බැහැනේ” “ඔව් ඒ ගැන මට හරි දුකයි” මම කීවෙමි. ටික වේලාවක් මා දෙස බලා සිටි ඇය, “ඔයා කැමති නැත්ද දිගටම චලනිවෙල ඉන්න?” “කැමතියි, ඒ උනාට ජීවත් වෙන්න අතේ සල්ලි තියෙන්න ඕනනේ , ඒකට ජොබ් එකක් කරන්න ඕන. මම චලනිවගේ හිටියට මට චලනි වෙන්න බැහැනේ, චලනිවගේ හිටියොත් මට අනගතයක් නැහැනේ” මම ඇයට මගේ අදහස පැහැදිලි කලෙමි. “හරි, මම අහන්නෙ ඔයාට චලනි වෙන්න පුලුවන්නම්, කැමතිද දිගටම ඉන්න” ඇය නැවත ඇසුවාය. “එහෙම වෙන්න පුලුවන්නම් මම හරි කැමතියි, ඒත් කොහොමද එහෙම වෙන්නේ? ඇත්තටම එයාට මොකද උනේ?” මට මේතාක් විසඳ ගැනීමට නොහැකිවූ කරුන මම ඇයගෙන් ඇසුවෙමි. “ඒක රහසක්” කී ඇය ” ඇයි ඔයාට මතක නැද්ද” ඇසුවාය. මම චලනි මෙන් මවා පෑමක් කල නිසා ඇය ඇත්තටම රැවටී ඇති බව මට වැටහී තිබිනි. නමුත් මම ඇත්ත කියුවහොත් ඇයට බලාපොරොත්තු කඩ වීමක් සිදුවීමට හැකි නිසා එසේ කිරීමට බියවීමි. ඒ නිසා මම ඇය ඇසූ පැනයට, “මට ඒ ගැන මතකයක් නෑ. මොකද උනේ?” අසල තිබූ පුටුවක වාඩිවූ ඇය, දින පොතෙහි නොලියා තිබූ චලනිගේ අවසාන සැඟවුන තොරතුරු මට කියන්නට පටන් ගත්තාය

ඇන්ටීගේ කතාවට අනුව වයස අවුරුද දහ නමය වනවිට චලනි සමාජ ජාලා භාවිතය සඳහ ඇබ්බැහි වී තිබිනි. සාමාන්‍යයෙන් සිත් ඇද ගන්නා රූපයක් ඇයට උප්පත්තියන්ම ලැබුනත් සමාජ ජාලා භාවිතයෙන් පසුව ඇය එයින් තෘප්තිමත් වූයේ නැත. ඇයගේ අම්මා සහ සීයා වෙදකම් සහ ගුරුකම් හොඳින් හදාරා සිටිබව ඇය දැන සිටියාය. නමුත් ඇයගේ සීයාමෙන් ඇයගේ අම්මා එම දැනුම භාවිතා කලේ නැත. මේ නිසා වයස අවුරුද දහ නමය වන විට ඇයට එම දැනුම අම්මාගෙන් ලැබුනේ ස්වල්ප වශයෙනි. මේනිසා ඇයගේ හැඩරුව වෙද සහ ගුරු කම් වලින් වැඩිකර දෙන ලෙස ඇය නිතරම ඇන්ටිට කරදර කරන්නට වූවාය. නමුත් ඇන්ටීගේ තීරනය වූයේ ඇය ඇයගේ උපතින්ම ලද රූ සුපුව තබා ගත යුතු බවයය. මේ නිසා චලනි ඇයගේ මවටද හොරා තනිවම ගෙදර තිබූ පොත් සහ පුස්කොල පොත් කියවා එවායේ තිබු ප්‍රතිකාර අත්හදා බලන්නට පටන් ගෙන තිබිනි. නමුත් එම ප්‍රතිකාර හරියට නොකලහොත් ඇතිවන ප්‍රතිවිපාක ගැන ඇය සැලකිල්ලක් දක්වා නැත. විශේෂයෙන්ම ගුරුකම් කිරීමේදී ඇය සැලකිලිමත් වී නැත. කෙසේ වෙතත් අවසානයේදී ඇයගේ උත්සාහය සාර්තකවී නොමැති අතර ඇයට ප්‍රති විපකවලට මුහුන පාන්නට වී ඇත. ඇය කෙට්ටු වෙමින් විකෘති තත්වයකට පත්ව ඇත. මුළදී ඇන්ටී එය චලනිගේ ස්වාභාවික ලෙඩක් සේ සැලකූවත් පසුව චලනි සම්පූර්න විස්තරය පැවසූවිට බයවී ඇයට ප්‍රතිකාර කර ඇත. නමුත් චලනි කිසිම පළපුරුද්ක් නැතිව කරන ලද ගුරුකම් වල පලවිකාපවලට ප්‍රතිකාර ඇන්ටිටද කලනොහැකිවී ඇත. අවසානයේදි චලනි මරණයට පත්වී ඇති අතර මැරෙන විට ඇය අඳුනා ගත නොහැකි ලෙස විරූපවී දර කොටයක ස්වභාවයක් ගෙන ඇත. චලනි මළ ස්වභාවය නිසා ඇන්ටීට මෙය කිසිවකුට කිව නොහැක වී ඇත. අවසානයේ ඇය සිරුර පුලුස්සා අලු මිහිදන් කර ඇත. එයට අමතරව චලනි ඇය සමග අමනාපවී ගෙදරින් පිටව ගොස් ඇති බවට ප්‍රචාරය කරද ඇත. චලනිගේ මා නොදත් කතාව මට පැවසූ ඇය ඉන් නොනැවතී කතාව දිගටම කරගෙන ගියාය. චලනිගේ අකල් වියෝවෙන් පසු ඇන්ටී ඉතා අසරනව ජීවත්වී ඇති අතර චලනිට සිදුවු අකරතැබ්බය කිසිවෙකුටත් කිව නොහැකි තත්වයකට ඇය පත්ව ඇත. ඇන්ටිට හිතවත් මා රැකියාව කරන පුද්ගලයකුගේ ඉල්ලීම අහක දැමීමට නොහැකි නිසා මට නවාතැන් දීමට එකඟවී ඇත. මා ගෙදර නැවතී සිටීම ගැන මුලදී ඇයට කැමැත්තක් තිබී නැති අතර මා කොණ්ඩය වැවීමත් සමහර වේලාවට මම චලනි කැමතිදේට ආශා කිරීමත් නිසා පසුව ඇය මට ප්‍රියකිරීමට පටන් ගෙන ඇත. මා චලනිගේ දින පොත් කියවූ බවත් සමාජ ජාලවල ගිනුම් හරහා චලනිගේ පුද්ගලික දේවල් දැන ගත් බවත් ඇය දැන සිටියේ නැත. මා සමහර වේලාවට චලනි ලෙස හැසිරීම නිසා මට චලනිගේ ආත්මයට සම්බන්ද වීමට හැකියාව ඇතිබවට ඇයට සැක සිති ඇත. විශේෂයෙන්ම චලනිගේ මරණය ස්වාභාවික නොවීමත් ගුරුකම එයට සම්බන්දවීමත් හේතුවිය. චලනිගේ ආත්මය මගේ සිරුර හරහා ඇය හා සම්භන්ද වීමට උත්සාහදරන බවට ඇය අවසානයේ තීරණය කර ඇත. මා චලනි ලෙස හැසිරීමේදී ඇය මා තුලින් චලනි දැක ඇත. මේ නිසා මට චලනිගේ ඇඳුම් ඇන්දවීමට ඇයට සිතී ඇත. එයට මා පොලඹවීම සඳහ ඇය මගේ කෑමට අයුර්වේද බෙහත්ද එකතු කර ඇති අතර. බෙහෙත්වල බලපෑම නිසා මට කාන්තා ඇඳුම් වලට ඇති කැමැත්ත වැඩිවී තරුණියක් ලෙස හැසිරීමට තිබෙන ආශාවද වැඩිවී ඇත. බෙහෙත්වල අතුරු ආබාධ ලෙස මගේ තට්ටම් පෙදෙස වැඩී පුලුල් වීමත් ඉඟ පෙදෙස පොඩිවීමත් වී ඇත. මේ නිසා මා චලනිගේ ඇඳුම් ඇඳීමේදී ඒවා මට හොඳින් ගැලපීද ඇත.මා වෙන පෙදෙසක රැකියාවකට යනබව කී විට ඇයට එය දරා ගත නොහැකිව මගෙන් චලනි වීමට කැමතිදැයි අසා ඇත. ඇය කතාව අවසන් කලපසු මා, “මාව චලනි බවට පත් කරන්නේ ගුරුකම් සහ බෙහෙත්වලින් නිසා මටත් චලනිට වුනදේ වෙන්න පුලුවන්නේ” “නැහැ ඒක හරි විදියට කලොත් එහෙම වෙන්නෙ නැහැ” ඇය කීවාය. “ඒ කියන්නෙ ඇන්ටි වැරදුනොත් මටත් වෙන්නෙ චලනිට වුනුදේ?” “ඔයා මන්කියන විදියට වැඩ කලොත් කිසිම කරදරයක් වෙන්නෙ නැහ, කල්පනා කරල කියන්න” කියා කාමරයෙන් ඇය පිටව ගියාය. ඊයේද මට ප්‍රෂ්නයකට පිලිතුරු සෙවීමට තිබිනි. එනම් රැකියාව සඳහා වෙනත් පෙදෙසකට යනවාද නැද්ද කියා තීරනය කිරීමය. අද ඇත්තේ ඊටත් වඩා සන්කීර්න ප්‍රෂ්නයකි. එනම් චලනි ලෙස මගේ ජීවිතය වෙනස් කරගන්නවද නැද්ද යන්න තීරනය කිරීමය. හෙට නිවාඩු දිනයක් නිස කල්පනා කිරීමට කාළය තිබීම මගේ සතුටට හේතුවිය. පලමුව මම යසිරු ගැන සිතා කල්පනා කලෙමි. කුඩා කාලයේ සිට මට සතුට කියන දෙය තිබුනේ නැත. අම්මාගේ මරණය, තාත්තාගේ මරණය, කුඩම්මාගේ කැනහිලිකන්, නෑයන්ගේ නොසැලකීම, ගෙදරින් පිටවූ පසු රැකියාවක් සොයගැනීමේ කරදර, දැනට තිබෙන රැකියාවේ ස්ථිර නැතිවීම සහ කුඩා පඩියකට වැඩකිරීම ආදී නොයෙක්දේ මගේ සිතට ආවේය. ඉන්පසු මම චලනි ගැන සිතීමි. ඇයගේ දින පොත සොයාගැනීමත් සමග එය ආසවෙන් කියවීම, ඇයගේ සමාජජාලා ගිනුම්වලට නිතරම පිවිසීම, ඇය ආසකල දේට ආසකිරීම සහ ඇයමෙන් හැසිරීම, පසුව ඇයගේ ඇඳුම් ඇඳීම, මගේ සිතට ආවේය. මේ සියල්ල මම ආසාවෙන් කලෙමි. ඇන්ටි මගේ කෑමට බෙහෙත් එකතු කළබව කීවිට මට ඇය ගැන තරහක් ඇතිවූයේ නැත. ඇය ඒ කල දෙයින් මා ලැබුවේ සතුටකි. තරුණියක් ලෙස ඇඳුුම් ඇඳගත් පසු මට තිබූ කලකිරීම නැතිවිය. එයට අමතරව මා චලනි වුවහොත් මගේ අම්මා වන්නේ ඇන්ටිය. ඇන්ටිගේ පවුලේ අය මගේ නෑයන් වෙයි. මගේ ආර්ථික ගැටලු විසඳෙන අතර මට උසස් අධ‍්‍යාපනයද ලබා ගත හැකිවෙයි. මේ සියල්ලම සිතට එනවිට මම ඇන්ටිට කරන්නේ බොරුවක්ද යන්න යන වරදකාරී හැඟීමක් ඇතිවිය. ඇන්ටි සහ මම දෙදෙනාම සතුටෙන් සිටීනම් එහි ඇති වරද කුමක්දැයි තවත් වේලාවක සිතිනි. අවසානයේදී චලනි ලෙස සිටීමටත් දසුන් සම්පූර්නයෙන් සිතින් ඉවත් කිරීමටත් මම තීරනය කලෙමි. පසුදා මම මගේ තීරණය ඇයට කීවිට, ඇය “මම දැනගෙන හිටිය, ඒකයි මම බය නැතිව ඇහුවේ. චලනිගේ ආත්මය ඔයාට දැන් ලැබිල තියෙන්නේ, ඔයාට එයාව ප්‍රතික්‍ෂේප කරන්න බැහැ.” මම ඇය කීදෙය පිලිනොගත්තත් එයට කිසිවක් කීවේ නැත. ඇයට ඇගේ විස්වාසය තබාගැනීමට ඉඩ දුන්නෙමි. මට තිබූ අවසාන පැනයද මම ඇයගෙන් ඇසුවෙමි. ” ඇන්ටි මම චලනි වුනාම පිරිමියෙක්ව සිටි මගේ මොනවද ඉතිරිවෙන්නෙ” “මොනවත් නැහැ” ඇය සිනාසෙමින් කීවාය. පසුදා වැඩට ගිය මම රැකියාවෙන් ඉවත් වී අයිතිකරුට මා නැවතත් මගේ ගමට යන බව කීවෙමි. එයට අමතරව මා නැවතීසිටි ස්ථානය අවට විසූ මා අඳුනන අයටද සමුදුන්නේය. සවස ගෙදර ගිය විට ඇන්ටි මගෙන් රැකියාව පිලිබඳව විස්තර විමසා, “ඔයාට මම කියන තුරු ගෙදරින් එලියට යන්න බැහැ. යසිරු තවත් මෙහෙ නැවතිල ඉන්නෙ නැතිබහ අනික් අය දැනගන්න ඕන.” “අනික යසුරුගෙ සියලුම දේවල් බෑග්වල දාලා වෙන තැනක තියන්න ඕන. යසුරු තවත් මේ ගෙදර නැතිනිසා ඒ කාමරයේ කිසි දෙයක් තියන්න බැහැ.” ඇන්ටීගේ ඉල්ලීම පරිදි මම මා සතු සියලුදේ ගමන් මලුවල අසුරා ගෙදර වෙනත් ස්ථානයක තැබුවෙමි. නැවත මා ඇමතූ ඇය, “අද ඉඳල ඔයා ඉන්නෙ චලනිගෙ කාමරයෙ, අනික ඔයාට මට අම්ම කියල කියන්න පුරුදු වෙන්න වෙනවා” ගෙදරින් පිටතට ගිය මම ඇඳසිටියේ මගේ පිරිමි ඇඳුම්‍ ය. චලනිගේ (මගේ) කාමරයට ගොස් අල්මාරි විවෟත කල මා ඒවා පරීක්‍ෂාකර යට ඇඳුම් සමග මා මීට පෙර අඳින නොලද දිග සායක් සමග බ්ලව්ස් එකක් ඉවතට ගත්තාය. පෑන්ටිය ඇඳ යට සාය ඇඳගැනීමට සූදානම් වන විට කාමරයට පැමිණි ඇන්ටි, “චලනි දැන් ඔය හරියට පිලිවෙලකට අඳින්න ඕන” පවසා මට පිලිවෙල කියා දුන්නාය. යට සාය හිස තුලින් දමා එය පපුව පෙදෙසේ රඳවා තබා බ්‍රා එක අන්දවා යට සාය පහලට ගෙන ගියාය. ඉන්පසුව බ්ලව්සය අන්දවා අවසානයේ දිග සාය ඇඳ ගැනීමට සැලස්වූවාය. මා ගලවා දමන ලද ඇඳුම් අසුරා කාමරයෙන් ඉවත් කිරීමට අතට ගත්විට නැවත මට පිරිමි ඇඳුම් ඇඳීමට නොහැකිවන බව සිතට ආ නිසා දුකක්ද ඇතිවිය. මගේ ඉන දක්වා දික්වු කොන්ඩය තනි කරලට ගොතා එහි කෙලවර රබර් පටියකින් බැඳ සිහින් පටි සහිත සෙරෙප්පු යුවලක්ද පැලඳ චලනිව නැරඹීමට මම කණ්නාඩිය ඉදිරිපසසට ගියෙමි. ඇන්ටි කී පරිදි මේ මොහොතේ සිට යසිරු කියා කෙනෙක් මේ ගෙදර නැත. ඉන්නේ චලනිය. මා සිටිනා කාමරය සහ එහි තිබෙනා සියල්ල මගේය. එයට අමතරව චලනිගේ සමාජ ජාලා ගිනුම්ද මා සතුවෙයි. ඉදිරියේදී එම ගිනුම් මට පරිහරනය කිරීමටද ලැබෙනු ඇත. ඇන්ටී සිතා ඇත්තේ චලනිගේ ආත්මය මගේ සිරුරට පැමිණ ඇත කියා වූවත් එය එසේ නොවන බව දන්නේ මා පමණි. මේ නිසා මමද අද සිට යසිරු සම්පූර්ණයෙන්ම මගේ සිතෙන් ඉවතලා චලනි ලෙස සිතා සැමවිටම කටයුතු කිරීමට තීරනය කලෙමි. රෑ කැමෙන් පසුව ඇන්ටි මට කතාකර මා දිනපතා ගතයුතු බෙහෙත් වර්ග සහ ඒවා ගතයුතු වේලවන් මට පැහැදිලි කර දුන්නාය. එයට අමතරව ඇය මට දිනපතා කලයුතු වැඩ ගැන කාළසටහනක්ද දුන්නාය. “චලනි, වැඩට යන්නෙ නැතිව ගේ ඇතුලටම වෙල ඉන්න නිසා ඔයාට එපාවෙයි, ඒකනිසා කාළසටහනට අනුව වැඩකරන්න පුරුදු වෙන්න. එතකොට කාළය යනඑක තේරෙන එකක් නැහැ” “ඔයාට ඉස්සරහට ඒක ප්‍රයෝජන වේවි.” ඇය කීවාය. මම කාළසටහන අතට ගෙන එහි ලියා තිබූ දෑ කියෙව්වෙමි. උදය පාන්දර නැගිටීම, ඇන්ටිට කෑම පිලියෙල කිරීම සඳහා උදවු කිරීම, ගෙය අතුගා පිලිවෙලකට තබා ගැනීම, රෙදි සේදීම, ඇඳුම් මැසීමට පුහුණු වීම සහ තවත් දේ එහිවිය.

එහි තිබූ සියලුදේ මට ඉදිරියට අවශ්‍ය දේ නිසා මමද එයට කැමති වුනෙමි. මගේ කාමරයේ චලනිගේ පින්තූර තබා තිබුනි. එක පින්තූරයක් ඇඳට සමීපවද තබා තිබිනි. රාත්‍රී මම නයිටියක් ඇඳ නිදාගන්න ගියවිට ඇන්ටි ඇඳ සමීපයට පැමින, ඒ අසල තිබූ පුටුවක වාඩිවී චලනිගේ ඇඳ අසල තිබූ පින්තූරය අතට ගෙන මා දෙස බලා මතුරන්නට විය. මට නින්දගොස් තිබුන අතර ඇන්ටි කලකී දෙය ගැන මතකයක් නොවීය. දිනපතා මම කාළසටහන අනුව වැඩකිරීමට පටන් ගත්තෙමි. මුළදී එය අමාරුවූවත පසුව එය දිනපතා කරන වැඩ කොටසක් බවට පත්විය. අල්මාරි දෙකේම තබා තිබූ සියලු දේ ඉවතට ගත් මා ඒවා පරීක්‍ෂාකර නැවත අසුරා තැබුවාය. එහි තිබු ඇඳුම් සහ අනිකුත් දේ ගැන මනා අවබෝදයක්ද ලබා ගත්තාය. මා ආස කල යට ඇඳුම් සහ අනිකුත් ඇඳුම් මම ඉවතට ගත් අතර චලනි ආසකල ඇඳුම් වලට මම විශේෂ තැනක් දුන්නාය. සති දෙකක් පමණ ගතවූවත් මගේ සිරුරෙහි සැලකිය යුතු වෙනසක් සිදුවූයේ නැත. කෙසේවෙතත් මේ කාළය තුල මා චලනි ලෙස සම්පූර්ණ කාලය ගෙවීම නිසා ඇය ගැන මා නොදත් කරුනු මට දැන ගත හැකි විය. අල්මාරි තුලතිබූ පින්තූරත් ඇය ඉගෙනගන්නා විට ලබාගත් සහතිකත් මේ අතර විය. ඇන්ටී මට ඇඳීමට දුන්නේ චලනි අඳින ලද සම්ප්‍රදායික ඇඳුම් පමණි. නමුත් මට ඇය අඳින ලද විවිද නවීන වර්ගයේ යට ඇඳුම් සහ ඇඳුම් හමුවිය. ඒවා අතර තොන් සහ ජී ස්ට්‍රිඞ් පෑන්ටි, කපු සිල්ක් ලිනන් වලින් මසන ලද දිග සහ කොට යට සායවල්, විවිද වර්ගයේ කැමි එහි විය. එයට අමතරව කොට ගවුම් සහ කොට සායවල්ද එහිවිය. චලනි ඇයගේ හැඩ වැඩි කිරීමට උත්සාහ දරා ඇති බවත් ඇන්ටි එයට කැමැත්තක් දක්වා නැති බවත් මම දැන සිටියෙමි. නමුත් ඇය සතු ඇඳුම් පරීක්‍ෂා කලවිට ඇය නිරූපිකාවක් වීමට උත්සාහ කලාද යන සැකය මට ඇතිවිය. ඇන්ටි කියපු ආකාරයට මම දැන් චලනිය. ඒ නිසා ඇයගේ ඇඳුම් ඇඳීමට මට ඇන්ටි ගෙන් අවසර ගැනීමට අවශ්‍ය නැත. චලනිගේ නවීන යට ඇඳුම් වලට මටද ආශා ඇතිවුන නිසා මම ඒවා යටට ඇඳ උඩට සම්ප්‍රදායික ගවුම්, සාය සහ බ්ලවුස් ඇන්ඳෙමි. මම නොකඩවා ඇන්ටි මට දුන් දේශීය බෙහෙත් පාවිච්චි කල අතර ඇන්ටිද සැමදාම මා නින්දට යාමට පෙර ඇයගේ මැතිරිල්ල කලාය. සති තුනක් පමන වන විට මගේ සම සිනිඳු වී කට හඬ වෙනස් වෙමින් පවතින බව තේරුනි. මේ වන විට මගේ ඇඟෙහි බොඩි හෙයාර් හෝ මුහුනේ රැවුල තිබුනේ නැත. ඒ අතර මගේ ශරීරයේ ව්‍යුහයහිද වෙනස්කම් සිදුවනබව මට පෙනිනි. මුහුනේ විශේෂයෙන්ම මගේ හක්ක සහ තල්ල පෙදෙසෙහි හැඩය වෙනස්වන්නට විය. මුලදි එය හතරැස් පෙනුමක් ගත්තත් දැන් එය ක්‍රමයෙන් රවුම් හැඩයකෙට වෙනස් වෙමින් තිබිනි. මගේ කම්මුල පෙර ඇතුලට ගොස් තිබුනත් දැන් එය පිරුණු ස්වභාවයක් ගත්තේය. ඇහිබැම කවා කාර වූ අතර පෙරමෙන් කෙලින්ව තිබුනේ නැත. එයට අමතරව අත් කෙටිවී කකුල් සිහින්වී, අතේ ඇඟිලි දික්වී මට පෙර තිබූ ශක්තියද අඩුවී තිබුනි. දිනපතාම වෙනස්කම් සිදුවූ අතර පළමුවෙන්ම මට සම්පූර්න ගැහැණු ගැහැණු කට හඩක් ලැබී දෙවනුව අත් කකුල් ඇඟිලි සහ අනිත් ශරීර අවයව තරුණියකගේ ආකාරයට වෙනස්විය. තෙවනුව මට ගැහැණු මුහුනක් ලැබී එය පින්තූරයේ තිබූ චලනිගේ මුහුණට සමාන වනසේ හැඩවිය. එයට අමතරව තට්ටම් පෙදෙස තවත් මහත් වී ඊට උඩින් වූ ඉඟටිය ප්‍රදේෂය කුඩාවන්නට විය. අවසානයේ මගේ තනපුඩු විශාලවී පපුව ප්‍රදේශය ඉදිරියට නෙරා එන්නටද විය. මට චලනිගේ රුව ලැබෙමින් පවතින බව මා දැන් දනිමි. එය කරදරයක් නොමැතිව වෙනස් වෙමින් තිබීම මගේත් ඇන්ටීගේත් සතුටට හේතුවිය. මෙම වෙනස්වීම් මෙසේ සිදුවන විට මම ඇන්ටීට අම්මා කියා ඇමතීමට පුරුදු විය. එය ඇයගේ සතුටට හේතුවිය. ගෙදර ආහාර පිසීම සහ පිරිසිදු කිරීම මට බාරවූ අතර අම්මා මට උදවුවිය. මීට පෙර චලනි ගෙදරදී අම්මාට උදවු කර තිබුනේ නැත. මාස දෙක හමාරක් පමණ මම ගෙදරින් එලියට ගියේ නැත. මේ කාළය තුල මගේ පිරිමි සිරුර ගැහැණු සිරුරක් බවට වෙනස් විය. මට පිරුණු පියයයුරු යුගලයක් ලැබුන අතර ඒවා බ්‍රා කප් තුල සිරවී සිටින ආකරය දුටුවිට මට ඇතිවූයේ ආඩම්බරයකි. මට ලැබුන ගැහැනු කකුල් සහ පිරුණ තට්ටම් යුගලය නිසා මට ඇවිදින විලාසය වෙනස්කර ගැනීමට අවශ්‍ය වූයේ නැත. මට තරුණියකගේ ගමන් විලාසය ආයාසයකින් තොරව ලැබුණි. මා ඇවිදින විට තට්ටම් ප්‍රදේශය පෙරමෙන් නොව දෙපසට පැද්දෙන බව මට තේරුනි. කාන්තා අත් සහ මුහුණ නිසා තරුණියකගේ අන්ග චලනයද ලැබිනි. මටද සිතාගත නොහැකි ලෙස මම හැසිරුනේ තරුණියක සලෙය. මුලදී ඇන්ටි මට චලනි වීමට යෝජනා කල විට මට තිබූ මූලිකම ගැටලුවක් වූයේ මා තරුනියක ලෙස කිසිවෙකුගේ සැකයකට භාජනය නොවී හැසිරෙන්නේ කෙලෙසද යන්නය. මෙසේ මා බලාපොරොත්තු නොවූ ආකාරයට ඒ ගැටලුව විසඳීමෙන් මා තුල චලනි ලෙස සිටීමේ විස්වාසය වැඩිවිය . මගේ ශරීරයේ ස්වභාවය වෙනස්වන විට එයට අනුරූපව මගේ සිතුම් පැතුම්ද වෙනස්විය. විවේකයක් තිබූ සැමවිට මා වැඩි වේලාවක් ගතකලේ කණ්නාඩිය ඉදිරි පසය. මා මීට පෙර මගේ නියපොතු පාට කර තිබුනේ නැත. නමුත් දැන් ඒ සඳහා ඇත්තේ දැඩි ආශාවකි. ඇහි බැම සිහින් කිරීමටද විටෙක සිතෙයි. නැන්දා ගේ ගතානුගතික බව ඇති එකම බාදාව ලෙස හැඟෙයි. මේ සියල්ලටම අමතරව ඉන්ටර්නෙට් තුලින් විවිද රූපලාවන්‍ය ක්‍රමද හදාරන්නට පටන් ගත්තෙමි. අවසානයේ මට ඉතිරිවූ අවසාන පිරිමි අවයවය වූයේ මගේ පුරුෂ ලින්ගය පමණි. එයද පෙරමෙන් ප්‍රානවත් නොවූ අතර දිනපතාම ප්මාණයෙන් කුඩාවෙමින් පැවතින. “දැන්නම් ඔයා චලනිම තමයි කිසිවෙනසක් නැහැ” අම්මා කීවාය. “ඔයා දන්නවද? ඔයාගෙ ආත්මය යසිරුගෙ සිරුරට ආවට මදි, යසිරුගෙ කැමැත්තත් ඕන ශරීරය වෙනස් කරන්න. යසිරු කැමති උන නිසා තමයි ගැහැණු ශරීරයක් ලැබුනෙ. දැන් දෙන්නගෙම ආත්ම තියෙන්නෙ එකම සිරුරෙ” ඇය නැවතත් කීවාය. ඇය කිව්වදේ මට ප්‍රෙහෙලිකාවක් විය. මට වෙනත් කෙනෙක් ඇඟ තුල සිටිනවා දැනුනේ නැත. නමුත් මට හැඟුනේ නැතුවට ඇය කිව්වේ ඇත්තද විය හැක. දිනපතාම මගේ පුරුෂ ලින්ගය කුඩා වෙමින් පැවතින. දවස් කිහිපයකින් වෘෂණ කෝෂ යුගලය මගේ ඇඟ තුලටම අවශෝෂණය (ඇබ්සොර්බ්) විය. තවත් දවස් කිහිපයකින් පුරුෂ ලින්ගයද වෘෂණ කෝෂ යුගලය මෙන් ඇඟ තුලට අවශෝෂණය වී සිදුරක් පමණක් ඉතිරි විය. මට මුත්‍රා කිරීමට වුයේ සිදුර තුලින් විය. අවසානයේ සිදුර දෙපසට පැලී ස්ත්‍රී ලින්ගයක් ලැබිනි. මගේ මේ වෙනස් වීම් අම්මද දිනපතා නිරීක්‍ෂණය කලාය, අවසානයේ ස්ත්‍රී ලින්ගයක් ලැබුනු බව දත් ඇය “දැන් ගෙදර ඇතුලට වෙල හිටිය ඇති. ඔයාට එලියට යන්න දැන් පුලුවන්” කීවාය. එලියට ගොස් ඇවිදින්නට මට තිබුනේ දැඩි ආශාවකි. නමුත් මගේ තිබුන සබකෝලය නිසා අම්මාද මා සමග යාමට කැමති විය. දිග ස්කර්ට් සහ බ්ළවුස් එකක් ඇන්ද මම ඇය සමග එලියට ඇවිදින්න ගිය විට චලනි සතුව තිබූ මා සිත්ගත් කුඩා අත් බෑගයක් ද කුඩයක්ද මා අතට දුන් අම්මා. “අමතක වෙලාවගේ, එලියට යන කොට අත් බෑග් එකයි කුඩයයි අපට අනිවාර්‍යයි” කීවාය. ගෙදරදී මට ඇවිදින්න අවස්ථාවක් නොවීය. නමුත් මා දැන් ඇවිදිනවිට මගේ උකුල දෙපැත්තට පැද්දෙන බවත් ගොතන ලද කොණ්ඩයේ කෙළවර මගේ තට්ටමේ තැවරෙන බවත් අවබෝද විය. අප පාර දිගේ ඇවිද යන විට මා දන්නා සමහර අසල්වාසීන් අපව නිරීක්‍ෂනය කරමින් සිටියහ. දුව අම්මා සමග ජීවත්වීමට නැවත පැමිණ ඇතැයි ඔවුන් සිතන්නට ඇත. නැවත අප පැමිනෙන විට අම්මා කඩයකට ගොස් යම්දෙයක් මිළදී ගෙන මාවෙතට පැමිණ එය මා අතට දී “මේවා ඔයාට ලඟදීම ඕනවෙයි” කීවාය. පාර්සලය විවෲත කර බැලුවිට එහි තිබුනේ කාන්තාවන් පාවිච්චි කරන සනීප ආරක්‍ෂක තුවාය.

මා යසිරුව සිටි කාළයේ ඇන්ටි මට මෙලෙස පෑඩ් දුන්නේනම් එය මට ගෙන දෙන්නේ ලැජ්ජාවකි. නමුත් දැන් මට එවැනි ලැජ්ජාවක් සිතට ආවේ නැත. මට ඇතිවූයේ ආඩම්බරයක් සහ ආත්ම විස්වායකි. ගෙදර පැමිණි පසු, අම්මා, “මේකත් තියාගන්න” කියා මා අත චලනිගේ ජාතික හැදුනුම් පත තැබීය. අම්මා මට පෑඩ් සහ චලනිගේ ජාතික හැඳුනුම් පත දීමෙන් මට හැඟුනේ මා දැන් සම්පූර්ණයෙන්ම චලනි බවට පත්වී ඇති බවය. කෙසේ වෙතත් මාසික ක්‍රියාවලිය වී මා සම්පූර්ණ තරුණියක බවට පත්වූ බව තහවුරු වන තෙක් මට තිබුනේ නොඉවසිල්ලකි. පසුදා අම්මාගේද ඉල්ලීම පරිදි ගමන් මලුවල තබා තිබූ මා යසිරු ලෙස සිටි කාළයේ මා සතු සියලුදේ ගිනිතබා විනාස කලාය. ඇය කියා සිටියේ අනාගතයේදී එම දේවල් තුන්වන පුද්ගලයකුගේ අතට පත් වුවහොත් අනවශ්‍ය ප්‍රෂ්න වලට අපට මුහුණ පාන්නට සිදුවේ යන්නය. සති තුනකින් පමණ අම්මා කිව්ව ලෙස මගේ ඔසප් චක්‍රයද ආරම්භවිය. ඔසප් චක්‍රය සිදුවීමට පලමුව මට වේදනාව දැනුනත් මට එය ගැන තේරුමක් නොවිය. මා අම්මා දැනුවත් කල පසු ඇය එය අනුමාන කලාය. වේදනාවට පසු දා මා ඇඳ සිටි යට ඇඳුම්වල ලේ තැවරී තිබෙන බව දුටු මම අම්මා දැනුවත් කල පසු ඇය, “බය වෙන්න එපා ඕක සාමාන්‍ය දෙයක්” කියා, “ඒ දවස්වල අපි ඔයාට උත්සවයක් ගත්තා, ඒ වුනාට යසිරුගෙ ඇඟ නිසා මේක විශේෂ අවස්ථාවක්, ඒ නිසා උත්සව නැතිව, චාරිත්‍ර විතරක් කරමු” ඇය කීවාය. ඇය වේලාව බලා නැකතක් සැදුවාය. අපේ ගෙදර සිටියේ අම්මාත් මාත් පමණක් නිසා මට අනිත් තරුණියන් මෙන් කාමරයක සිරවී සිටින්නටත් අනෙක් වැඩිහිටි කාන්තාවන් ගෙන් අවවාද අනුසාසනා ලබන්නටත් සිදුවූයේ නැත. අම්මා මට සියලු අවවාද දුන්නාය. පාරම්පරික චාරිත්‍රවලට මුල්තැන දෙන කාන්තාවක් වූ අම්මා මා අඳින සියලු ඇඳුම් සමග යට සායක් ඇඳිය යුතු බව කීවාය. තරුණියන් අඳින පෑන්ට්ස් සමග කෙසේ යට සායවල් අඳින්නේදැයි යන පැනය මට ඇතිවූවත් මම ඒ ගැන අම්මාගෙන් ප්‍රෂ්න කිරීමට ගියේ නැත. දවස් පහකට පමණ පසු නැකත අනුව අම්මා මාව පිච්ච මල් සහිත වතුරෙන් නාවා මට අලුත් ඇඳුමක් අන්දා ආභරන වගයක් තෑගි දුන්නාය. එම කටයුතු එසේ අවසන් වූ අතර අම්මා මට තරුණියක් ලෙස ගෙදර දී දත යුතු සියලු දේද පුහුණු කරමින් සිටියාය. පසුව ටිකෙන් ටික මම චලනිගේ(දැන් මගේ) සමාජ ජාලාවලට ලියන්නට පටන් ගත්තාය. එහිදී කාළයක් නිෂ්ශබ්දව සිටීම ගැන ඔවුන් ඇසූවිට මට ඒවාට පිලිගත හැකි පිලිතුරු දීමට සිදුවිය. අම්මට මා සමග ඇයගේ නෑයන් සමුවීමට අවශ්‍ය වූවාය. චලනිගේ මියයාම ඇය රහසිගතව තබාගැනීම නිසා ඇය කාළයකට ඔවුන් හමුවී තිබුනේ නැත. මෙය මට බියජනක දෙයක් වූූවත් මා දැන් චලනි නිසා අම්මා සිතා සිටියේ මට සියල්ල මතකයේ ඇති බවය. නෑයන් ගැන හොඳ අවබෝදයක් තිබුනත් ඔවුුන් සමග හැසිරෙන ආකාරය පිළිබඳ මට අවබෝදයක් තිබුනේ නැත. අවසානයේ නෑයන් හමුවූවත් මම ඔවුන් සමග කතාවට නොගොස් පාඩුවේ සිටියෙමි. මේ නිසා ඔවුනට මා ආඩම්බර කෙල්ලක් සේ හැඟෙන්නට ඇත. කෙසේ වෙතත් විශේෂයෙන්ම කාන්තාවන් ආශ්‍රය කිරීමේදී මට වැඩිපුර පුහුණුවක් අවශ්‍ය බව මට වැටහින. මට ගෙදරදී අම්මාගෙන් ඇඳුම් මැසීමටත් ඉවුම් පිහුම් වලටත් පුහුණුව ලැබෙන නිසා රූපලාවන්‍යය පිලිබඳ හැදෑරීම සඳහා පන්තියකට යාමට මම අදහස් කලෙමි. එහිදි මට මගේ වයසේ තරණියන් ආශ්‍රය කිරීමට ලැබීම අමතර වාසියක් වූවත් අම්මා කැමති කරවා ගැනීමට මට දැඩි ආයාසයක් කිරීමට සිදුවිය. මුලින්ම මට තණියම තරුණියක ලෙස පොදු ප්‍රවාහන පද්ධතිය භාවිතා කිරීමට සිදුවිය. අනිත් කාන්තාවන් හැසිරෙන ආකාරය නිරීක්‍ෂනය කළ මා ඔවුන් අනුගමනය කලාය. රූපලාවන්‍යය පාඨමාලාව හදාරද්දී මට තරුණියන් කිහිප දෙනෙක් සමීප යෙහෙලියන් බවට පත්කර ගැනීමට හැකිවීම නිසා මට ගැහැනුන් ආශ්‍රය කිරීමේදී තිබූ බය සහ සබකෝලය නැතිකර ගැනීමටද හැකිවිය. යෙහෙලියන් නිසා ටික කාලයකින් මගේද ඇහිබැම කවාකාරව සිහින් විය. ගෙදරින් පිටතට යාමේදී සැම විටම මගේතොල් ලිප්ස්ටික් නිසා වර්ණවත් විය. බොඩි වැක්ස් සහ මේකප් මට නැතිවම බැරි දෙයක් විය. සම පැහැපත් කිරීමට ගන්නා විවිධ ක්‍රීම්, ලිප්ස්ටික්, කියටෙක්ස් වර්ග මගේ කණ්ණාඩි මේසය මත ගොඩ ගැසිනි. යෙහෙලියන් සමග සාප්පු සවාරි යාමට මා ප්‍රියකල අතර විවද ඇඳුම් යට ඇඳුම් සහ පාවහන් මිලදී ගැනීම මටද පුරුද්දක් විය. මා යසිරු ලෙස සිටියදී සිතා සිටියේ කෙල්ලන් ලස්සනට හැඩවෙන්නේ කොල්ලන්ගේ අවධානය ගැනීමට බවය. නමුත් ඒ අදහස වැරදි බව මම අද දනිමි. මම අනික් කෙල්ලන්ට වඩා හැඩට සිටීමට සැම විටම ආශා කලෙමි. මගේ මිල අධික විවිධ යට ඇඳුම් පවා යෙහෙලියන්ට පෙන්වා ඔවුන්ට මා කෙරෙහ ඊර්‍ෂ්‍යාවක් ඇතිකර ඉන් වින්දනයක් ලැබීමට මම උත්සාහ කලෙමි. එසේම යෙහෙලියක් හැඩට සිටිනු දුටුවොත් මගේ සිතටද ඇය ගැන ඊර්‍ර්‍ෂ්‍යා ඇතිවන අවස්තා ඇත. මටද ගැහැණු සිතක් ඇති නිසා මෙසේ ඇතිවන බව මම දැන් දනිමි. සාමාන්‍ය තරුණියක මෙන් මාද හැඩට ඇඳ පැලඳ අවසානයේ කණ්නාඩියට සිනාවකින් සංග්‍රහ කිරීමට පුරුදුවිය. සමහර වේලාවට මා අඳින ලද ඇඳුම් සහ යට ඇඳුම් නිසා මගේ පෑන්ටිය තෙත්වුන වෙලාවල්ද විය. මෙවැනි හැඟීම් මා යසිරු ලෙස සිටියදී මට තිබුනේ නැත. අම්මා කිව් පරිදි මට දැන් පිරිමි අවයව කිසිවක් ඉතිරිව නැත. මා සම්පූර්ණයෙන් චලනි බවට පත්ව ඇත. යසිරු ලෙස ගෙවූ ජීවිතයද සෙමෙන් මගේ මතකයෙන් ගිලිහී යනු ඇත. මුලදී අම්මාට මා විලාසිතා කිරීම ගැන කැමැත්තක් තිබුනේ නැත. නමුත් අනිත් තරුණියන් මෙන් මටද ආශාවන් ඇතිබව ඇය පසුව තේරුන් ගත්තාය. මේ නිසා යට සාය නොමැතිව මම පෑන්ට්ස් ඇන්ද විට ඇය එය දෙස උපේක්‍ෂාවෙන් බැලුවාය. එසේම ඇය දුන් නිදහස වැරදි විදියට මම බාවිතා කළේ නැත. මම චලනි ලෙස ජීවිතය ගෙන ගියාය. මට වැඩිදුර අධ්‍යාපනය අවශ්‍ය බව අම්මට කී විට නගරයේ පදින්චියට යාමට අපට සිදුවිය. යසිරු ලෙස ජීවත් වීමේදී මට සැමවිටම තිබුනේ ප්‍රශ්නය. මේ නිසා ජීවිතයේ සතුටක් තිබුනේම නැත. මා චලනිවූ පසුව මට නොලැබුනු අම්මාගේ සෙනෙහස ලැබුනි. එයට අමතරව උසස් අධ්‍යාපනය, මිල මුදල්, යෙහෙලියන්, ඉන්නට තැනක් ආදියද ලැබුනි. ඒ නිසා මම අද සතුටින් සිටිමී. කෙසේවෙතත් චලනිගේ ආත්මයද මට බලපෑම් කරන බව මම දනිමි. මෑතක සිට අලුත් විලාසිතාවලටත් ඒවා අත්හදා බැලීමටත් මට ඇත්තේ දැඩි කැමැත්තකි. මෙහි අවසානය මෝස්තර නිරූපිකාවක්ද යන සැකය දැන් මගේ සිත තුලට පැමිණ ඇත.

මේවත් කියෙව්වද?

සර්පයා – 03 කොටස (NEW)

ඉරිදා උදණේ අම්මගේ කිසි කතාවක් නෑ. මාත් කතා කළේ නෑ මම පුතාව දහම් පාසල් යන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *